මෙරට දේශපාලනය ගිනියම් වූ තැටියක් බවට පත් කරමින් 2012 වසර ගෙවී යමින් තිබේ. දේශපාලන සුළි කුණාටු දිනපතාම පාහේ දක්නට ලැබුණු තරම්ය. ඒ සුළි කුණාටුවලට ප‍්‍රතිචාර නොදක්වා සිටීමේ හැකියාව කිසිදු දේශපාලන පක්ෂයකට නොවීය. ඒ සුළි කුණාටු හමුවේ ලාභ මෙන්ම අලාභද ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමිවිය.
2012 වසර ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට කිසිසේත්ම යහපත් වූයේ නැත. වසර පුරාම ආණ්ඩුවට එරෙහිව වීදි සටන් ඇවිළී ගියේය. පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් දීමට යාමේදී පෙන්නුම් කළ නා ගැනීම මෙම වසර පුරාම විටින් විට කරළියට ආවේය. වසරේ පළමු සටන ආරම්භ වූයේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමගය.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනයක් ඉල්ලා ධීවරයෝ විදී බැස සටන් කළහ. පිළිතුරු ලැබුණේ වෙඩි උණ්ඩවලිනි. ළය විනිවිද ගිය වෙඩි උණ්ඩයක් හමුවේ හලාවත තරුණ ධීවරයෙක් අකාලයේ මරු වැළඳ ගත්තේය. ඉන්පසු ඉන්ධන සහනය ලැබිණි.
කූඩ ප‍්‍රශ්නයද වීදි සටන්වලට හේතුවිය. ගොවියෝ සහ ව්‍යාපාරිකයෝ අත්වැල් බැඳ ගනිමින් ”අනිවාර්ය කූඩ නීතියට” එරෙහිව සටන් කළහ. රටම ගිනියම් කළ වීදි සටන් හැකිලී ගියේ අනිවාර්ය කූඩ නීතිය ඉවත් කර ගැනීමත් සමගය. රජයට පක්ෂපාතී බලවේග මත ධීවර ප‍්‍රජාවත් ගොවි ප‍්‍රජාවත් රජය සමග ගැටුමකට එසේ ඇද දැමීමෙන් පසු රජය සමග සටන් වදින ඊළඟ සටන් බිම ඉදිවූයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේය. විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල සමාජගත වූයේ මේ ආණ්ඩුවට විභාගයක්වත් හරියට තියාගන්න බැරි ආණ්ඩුවක් යන අපවාදය සමගිනි. උසස් පෙළ විභාගයෙන් සමත්වුවද විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ වරම අහිමිවූයේ ‘ ස්කෝර් අවුල ලෙහා දැමීමට බලධාරින් අසමත්වීමත් සමගය. එයට එරෙහිවද දෙමාපිය ශිෂ්‍ය සටන් වීදි පුරා දිග හැරෙන්නට පටන් ගත්තේය.
මාර්තු මාසයෙදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වූ අතර අපේ රටට එරෙහි යෝජනාවක් සම්මතවීම රජය මුහුණ දුන් බරපතළ අසීරු අභියෝගයක් විය. ඇමැති බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඇමරිකාව වැඩි එක ඡන්දයකින් දිනුවේ ඉන්දියාවේ අත මිරිකළයි යනුවෙන්. ඔහු එසේ ප‍්‍රකාශ කළේ ඉන්දියාවද අපේ රටට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කිරීමත් සමගය.
රටේ උගත්ම බුද්ධිමත්ම පරපුර වන විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ රජයට එරෙහිව තීරණාත්මකව ප‍්‍රහාරයක් එල්ල කළහ. විරුද්ධ පක්ෂවල සහායද ඇතිව සරසවි ආචාර්යවරුන් සටන් බිමට පිවිසියේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් හා අධ්‍යාපනයට රාජ්‍ය ආදායමෙන් සියයට හයක් වැඩි කරන ලෙස ඉල්ලමිනි. පුරා තෙමසක් සටන් කළ ආචාර්යවරු ඇමැති බැසිල්ගේ පොරොන්දුවකට යටත්ව සටන් නතර කළහ. එයට පෙර ඔවුහු ගාල්ලේ සිට පා ගමන් ආහ. කොළඹ යෝධ විරෝධතා රැුළි පැවැත්වූහ.
එහෙත් වීදි සටන් කොතෙක් ඇවිළී ගියද උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා වෙනුවෙන් පැවැත්වූ ඡුන්දයෙන් විශිෂ්ට ජයග‍්‍රහණ හිමිකර ගැනීමට ආණ්ඩුව සමත්විය. උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායකට අහිමි වීම හා නැගෙනහිර පළාත් සභාව වෙනුවෙන් ඇමැති විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණෙන් ඉදිරිපත් කළ ජයන්ත විජේසේකර ජයග‍්‍රහණය කිරීමත් පළාත් සභා සටනේ අපූරු සිදුවීම් විය.
වසර අවසාන වනවිට රජය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වූ අතර එහි උණුසුම් අවස්ථා එළැඹෙන නව වසරට ඉතිරි කරමින් වසර ගෙවී යමින් තිබේ.
එජාපයේ අභ්‍යන්තර අර්බුදය සන්සුන් සංහිඳියාවටම ලක් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමත්වීම වසරේ ඔහු ලැබූ ජයග‍්‍රහණය වෙයි. නායකත්වයට එරෙහිව නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු කණ්ඩායම ගෙන ගිය සටනට මෙලෙස උත්තර දුන් රනිල් වික‍්‍රමසිංහ පක්ෂ ව්‍යවස්ථාවද සංශෝධනය කර ගනිමින් සිය නායකත්වය වසර හයකට දිගු කර ගත්තේය. ”හෘදය සාක්ෂියට අනුව මෙම තීරණයට මා විරුද්ධ වෙනවා” යැයි සජිත් කීවද එයින් බලපෑමක් ඇතිවූයේ නැත. නායකත්ව සටනින් ජයගත් රනිල් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව රැඩිකල් වෙනසක් මගින් උත්තර දෙන බවය. රජය හා අධිකරණය අතර මතුවූ හබයේදී රනිල් පාර්ලිමේන්තුව වෙනුවෙන් පෙනී සිටීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එයද වෙසෙසින් කැපී පෙනුණි.
ජවිපෙට අදාළව විශේෂ වූ යමක් මේ වසරේදී වාර්තා නොවිණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනට ජවිපෙ සහාය දැක්වූ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෙළපාලියටද ජවිපෙ එක්විය. ජවිපෙ පෙළපාලියේ ගියේ අන්තිමටය. මුලින් ගිය ආචාර්යවරුන්ගේ සම්මේලනය කියා සිටියේ ”ඇමැති බැසිල් විශ්වාස කරන නිසා සටන නතර කරන” බවය. ජවිපෙට යම් ආශ්වාදයක් හිමි වූවානම් ඒ ජවිපෙට එරෙහි පෙරටුගාමින්ගේ පක්ෂය තුළ වූ සිදුවීම්ය.
2011 සැප්තැම්බරයේ ජවිපෙ අභ්‍යන්තරයේ වූ පිපිරුමෙන් පසු ජවිපෙන් වෙන්වී ගිය කණ්ඩායමේ නායකයා වශයෙන් හැඳින්වුණේ කුමාර් මහත්තයාය. එහෙම කුමාර් මහත්තයෙක්ව අපි දන්නේ නැහැයි ජවිපෙ ප‍්‍රකාශ කළද වෙන්ව ගිය කණ්ඩායම ප‍්‍රකාශ කළේ ඔහු තමන් සමග දේශපාලනය කරන බවය. මේ අතර එම පාර්ශ්වය පෙරටුගාමි සමාජවාදි පක්ෂය ලෙස වෙනම දේශපාලන පක්ෂයක් දොරට වැඩමවීමට කටයුතු සූදානම් කරමින් තිබියදී වාර්තා වූයේ කුමාර් මහත්තයා හා දිමුතු ආටිගල පැහැර ගෙන ගොස් ඇති බවය. දිනකට පසුව ඔවුන් දෙදෙනා මුදා හැර තිබූ අතර කුමාර් මහත්තයා කෙළින්ම ඕස්ටේ‍්‍රලියාවට ගියේය.
රටේ දේශපාලනය පෙළ ගැසුණේ එබඳු සිදුවීම් මාලාවක් තුළය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2012 දේශපාලන මතක සටහන්