IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


2015 ජනපතිවරණය රැවටෙමුද? වැනසෙමුද?

20_SLT_P_22

 

 

දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් හිමිකරගත් නිදහස් රටවල් ලෙස බිහිවූ ඉන්දියාව, පකිස්තානය හා ශ්‍රී ලංකාව අතුරින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඛණ්ඩව සුරැකුණු රටවල් දෙක වූයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවයි. එහෙත් ඉන්දියානු හා ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස් මගක් ගත්තේ 1978 ව්‍යවස්ථාව තුළින් පාර්ලිමේන්තුව අභිභවා ගිය විධායක බලය සහිත ජනාධිපතිවරයකු බිහිවීම නිසයි.

 

අද පවත්නේ එදාට වඩා වෙනස්වූ ජාතික අවශ්‍යතාවයකි. අද පවත්නේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ හෝ ඩයස්පෝරා කුමන්ත‍්‍රණ හෝ බෙදුම්වාදීන්ගේ කුමන්ත‍්‍රණ නොවේ. අද පවත්නේ රාජ්‍ය බලවේග විසින්ම දියත් කරනු ලැබ ඇති කුමන්ත‍්‍රණයක් විනා අන් කිසිවක් නොවේ. මෙම කුමන්ත‍්‍රණය තේරුම් ගිය හෙයින්දෝ මෙරටේ සියලූම දේශපාලන පක්‍ෂ පෙර කවරදාත් නොවූ අයුරින් රාජ්‍ය කුමන්ත‍්‍රණයකට එරෙහිව පෙළ ගැසෙමින් සිටින බවක් දක්නට ලැබේ.


එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය ක‍්‍රියාත්මක වන අතර මෙතෙක් බලයට පත්වූ සෑම රජයක්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රමයක් (මනාප ක‍්‍රමය සහිතවූ) බලයට පත්වූහ. 1996 න් පසුව පැවැත්වූ සෑම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රතිඥාවක් මත බලය ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය මෙන්ම මහින්ද රාජපක්‍ෂයන්ගේ රජයද තම තමන්ගේ ධුර කාලයන්හිදී (දෙක බැගින් වූ ධුර කාල) ජනතාවට දුන් පොරොන්දු අමතක කරමින් එකී විධායක ජනාධිපති ධුරයේ බලය අතිශයින් වැඩිකර ගත්හ. එහි කූඨ ප‍්‍රාප්තිය 2014 වනවිට සිදුවී අවසන්ය.


එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් වෙත ඒකරාශී වී ඇති බලතල අද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂාවන් යටපත් කරමින් වෙනත් දිශානතියකට යොමු වෙමින් පවත්නා බවත් දේශපාලන තිරය මත ඉතා පුළුල් ආකාරයෙන් දිස්වන්ව වීමයි. නැතහොත් ඉස්මතු වීමයි.


2012 න් පසුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලදී මෙන්ම ජාත්‍යන්තර කටයුතුවලදීත් දක්නට වූ ඇතැම් අමනෝඥ නැතහොත් අත්තනෝමතික බවක් ප‍්‍රදර්ශනය වූ දේශපාලන ක‍්‍රියාමාර්ග හේතුවෙන් යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රාවාදී අයිතිවාසිකම් පිළිබඳ ජනතාව තැබූ බොහෝ බලාපොරොත්තු හා සිතුම් පැතුම් ක‍්‍රම ක‍්‍රමයෙන් බොඳවී යන බවත් දක්නට ලැබුණි.


ව්‍යවස්ථා, විධායක හා අධිකරණ ක්‍ෂේත‍්‍ර තුළ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම අතිශය වශයෙන්ම දේශපාලනීකරණයට ලක්වීම හේතුවෙන් යහපාලනය බිඳවැටී, දූෂණය, නාස්තිය, මැර බලය හිස එසවීමත්, ”පවුල්වාදය” අන් කවරදාකටත් වඩා ඉස්මතුවීමත් පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා දේශපාලනයෙන් පැහැදිලිව කැපී පෙණුන ප‍්‍රකට ලක්‍ෂණයක් විය.


මෙවන් දේශපාලන පසුබිමක් තුළ ජනපති මහින්ද රාජපක්‍ෂ තම ජනාධිපති ධුර කාලය තවත් වසර දෙකක් ශේෂව තිබියදී (2010-2016) ජනාධිපතිවරණයක් යළි කැඳවීමට තීරණය කිරීම වූ කලී දෛවෝපගත ආශ්චර්යමත් සිද්ධියක්ම වන්නේය.


මන්ද? ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් කරා රට ගෙන යෑමට ප‍්‍රතිඥා දුන් මහින්ද රාජපක්ෂයන් රටේ ජනතාවගේ කැමැත්තකින් හෝ බලපෑමකින් තොරව, 2016 පැවැත්වීමට නියමිත වූ ජනපතිවරණය 2014 දී පැවැත්වීමට තීරණය කිරීමයි. මෙවන් තීරණයක් ගැනීමට මහින්ද රාජපක්ෂයන් පෙළඹවූයේ සුවිශේෂී හේතුවක් නිසාවෙන් බව මෙරටේ ප‍්‍රබුද්ධයන්ගේ මතයයි.


එකී සුවිශේෂී හේතුව කුමක්ද යන්න ජනතාවට පැහැදිලි කරදීම ශාස්ත‍්‍රවන්තයන්ගේ යුතුකමයි. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පූර්වගාමී මහාචාර්යවරයකු හා ප‍්‍රකට නීතිවේදියකුවන මා ඒ සඳහා විශේෂ සුදුසුකමක් ඇත්තෙකැයි සිතේ. පාඨක ප‍්‍රජාව වඩාත් හොඳින් දන්නා මා 1975 වසරේ සිට ජාතික දේශපාලනයේ අර්බුදකාරී අවස්ථාවන්හිදී නිදහස් මතවාද  පළ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල පාක්‍ෂිකයකු වශයෙනි. එහෙත් 2005 ජනපතිවරණයෙන් පසුව එතෙක් එක්සත් ජාතික පක්‍ෂයේ මා දරා තිබූ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකත්වය. ජාතික විධායක කමිටුවේ සභිකත්වය හා 1996 ජාතික ලැයිස්තුවේ නාම යෝජනා ලැබීමෙන් ලත් ගෞරවය යනාදිය මදකට අමතක කර ජාතියේ නාමයෙන් ප‍්‍රබල දේශපාලන කැපකිරීමක් කරමින් මහින්ද රාජපක්‍ෂයන්ගේ රජයට සහාය දැක්වූයේ එදා ජාතික අවශ්‍යතාවයක්ව පැවැති බෙදුම්වාදයට එරෙහිව රට ජාතිය බේරා ගැනීමට ගෙනගිය සන්නද්ධ අරගලයට මගේ පන්හිඳ මෙහෙයවීමෙනි.


අද පවත්නේ එදාට වඩා වෙනස්වූ ජාතික අවශ්‍යතාවයකි. අද පවත්නේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ හෝ ඩයස්පෝරා කුමන්ත‍්‍රණ හෝ බෙදුම්ාදීන්ගේ කුමන්ත‍්‍රණ නොවේ. අද පවත්නේ රාජ්‍ය බලවේග විසින්ම දියත් කරනු ලැබ ඇති කුමන්ත‍්‍රණයක් විනා අන් කිසිවක් නොවේ. මෙම කුමන්ත‍්‍රණය තේරුම් ගිය හෙයින්දෝ මෙරටේ සියලූම දේශපාලන පක්‍ෂ පෙර කවරදාත් නොවූ අයුරින් රාජ්‍ය කුමන්ත‍්‍රණයකට එරෙහිව පෙළ ගැසෙමින් සිටින බවක් දක්නට ලැබේ.


මෙහිලා මා පළ කරනු ලබන අදහස් මෙරටේ දේශපාලන ප‍්‍රවණතාවන් වඩාත් සියුම්ව විවරණය කිරීමෙන් මා වටහාගත් දත්තයන්ය. එකී දත්තයන් මෙහිලා සඳහන් කරනුයේ හුදී ජන පහන් සංවේගය පිණිසත් ජාතික අවදානමක් කෙරෙහි අපේ රට ඇදී යන බවට ඉඟි කරනු පිණිසත් වේ. එහි ඇත්තේ වෛරී දේශපාලන සිතුවිලි නොව මෛත‍්‍රිය පෙරදැරි කරගත් සිතුවිලි පමණි.


මෙවර ජනපතිවරණය නිල ධුරකාලයට වසර දෙකක් පෙරාතුව පැවැත්වීමට තුඩුදුන් ඉහත සඳහන් කළ සුවිශේෂී හේතුව කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම කෙරෙහි මෙහිලා අවධානය යොමු කරමු. එය වටහා ගැනීමට උපස්ථම්භක විය හැකි ප‍්‍රශ්න දෙකක් කෙරෙහි හා විකල්ප පිළිතුරු හතරක් මෙහි පහත දැක්වේ. තම තම නැණ පමණින් එකී ප‍්‍රශ්න වටහාගෙන ඊට පිළිතුරු සොයන  ඕනෑම පුද්ගලයකුට මෙවර මැතිවරණයේදී තම හෘදය සාක්‍ෂියට අනුව ගත හැකි නිශ්චිත තීරණය ගැනීම දුෂ්කර නොවේ.

 


පළමුවන ප‍්‍රශ්නය: තවත් වසර දෙකක ධුර නිල කාලයක් ඉතිරිව පැවැතියදී හදිසියේ ජනපතිවරණයක් පවත්වන්නේ කාගේ අවශ්‍යතාවයක් සඳහාද?
පිළිතුරු:x
(අ) ජනතාවගේ අවශ්‍යතාවයක්
(ආ) පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවයක්
(ඇ) ප‍්‍රතිවිරුද්ධ පක්‍ෂයන්හි අවශ්‍යතාවයක්
(ඈ) ජනපතිගේ හා පවුලේ අවශ්‍යතාවයක්

 


දෙවැනි ප‍්‍රශ්නය: තවත් වසර දෙකක නිල ධුර කාලයක් ඉතිරිව පැවැතියදී හදිසියේ ජනපතිවරණයක් පවත්වන්නේ කුමන ජාතික අරමුණක් ඉටුකර ගැනීමටද?
පිළිතුරු:
(අ) සංවර්ධන ක‍්‍රියාවලිය වේගවත් කිරීම
(ආ) විජාතික බලවේග හා ඩයස්පෝරාදී ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලින් (ගෝනි බිල්ලකුගෙන්* රට ආරක්‍ෂා කිරීමට
(ඇ) රටේ දිළිඳුතම ජනතාව ශක්තිමත් කර ජීවන වියදම පහත හෙළීමට
(ඈ) ජනපතිගේ හා පවුලේ බලය තව තවත් තහවුරු කර ගැනීමට

 


මෙහි දෙවැනි ප‍්‍රශ්නයට ලැබෙන පිිළිතුර අ, ආ හෝ ඈ වන්නේ නම්, බුද්ධිමත් පාඨක ඔබට පැන නගින අනිත් ප‍්‍රශ්නය විය යුත්තේ ඉතිරි වසර දෙකේ නිල කාලය තුළ එකී අරමුණු ඉටුකර ගැනීමට රජය අපොහොසත්වීම නිසා වන්නේද යන්නයි.


මෙහිලා උක්ත ප‍්‍රශ්නයන්ට පිළිතුර සැපයීම මගේ කාර්ය නොවේ. ජනතාව දැනුවත් කිරීම මගේ යුතුකමකි. එකී දැනුවත් කිරීම මවිසින් එදත් කරනු ලැබිණි. අදත් හෙටත් කරනු ලබන්නකි. වැදගත් වන්නේ බලයේ සිටින පාඨකයා කව්ද යන්න නොව රටේ ජනතාවගේ ශුභ සිද්ධියයි.


එහෙයින්ම රටේ පවත්නා වත්මන් අභ්‍යන්තර හා බාහිර (ජාත්‍යන්තර) දේශපාලන තත්ත්වය පිළිබඳව අගති විරහිතව යමක් පාඨක ප‍්‍රජාව වෙත තැබීම සඳහා මෙහිලා ප‍්‍රවේශයන් ලබාගත යුත්තේ පහත කරුණු ස්වල්පයද ඔබ හමුවේ තැබීමෙන්.


පසුගිය වසර හතරක කාලය අපට දැනුණු නිදහස් හැඟීම වචනයෙන් කියා නිම කළ නොහැක. එහිලා ජනපතිතුමාගේ දේශපාලන නායකත්වයත් සරත් ෆොන්සේකා නම්වූ යුද හමුදාපතිවරයාගේ යුද නායකත්වයත් බෙහෙවින් උපස්ථම්භක විය. 2010 පැවැත්වූ ජනපතිවරණයේදී මෙරටේ ජනතාව ජනපතිතුමාට මොනවට කෘතවේදීතාවය පළ කළේද යත් එතුමා විශාල ජනවරමක් රැගෙන බලයට පත්විය. ජනපතිවරණයේදී තමාගේ ප‍්‍රතිවාදී අපේක්‍ෂකයාවූ සරත් ෆොන්සේකා මැතිවරණ පරාජයෙන් පසුව ජනපතිතුමාම විසින් එතුමාට පළ කරනු ලැබූ කෘතවේදීතාවය මුළු රටම දන්නා කරුණකි. ඔහුට තම විශ‍්‍රාම වැටුප අහිමි විය. ප‍්‍රජා අයිතිවාසිකම් අහිමිවිය. සිපිරි ගෙදර හිමි විය. ඔහුට පමණක් නොව ඔහුගේ පවුලත් විවිධ රාජ්‍ය බලපෑම්වලට යටත් විය.


ඔහුට පමණක් නොව ජනපතිතුමාගේ සැලූන් දොරින් පිටතට එන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර වැනි අහිංසකාවන් පසුපස වෛරී දේශපාලනයේ සෙවණැලි හඹා එයි. එහෙත් සැලූන් දොරින් ඇතුළට යන තිස්ස අත්තනායක වැන්නන්ට සියලූම වරප‍්‍රසාද සහිත මැති ඇමැතිකම් යාන වාහන මිල මුදල් ගලා එයි. මේ තමයි අපේ දේශපාලන කැටපත් පවුරේ ලියැවී ඇති සත්‍යය. එය වෛරී දේශපාලනය විනා අන් කුමක්ද?


සෑම ක‍්‍රියාවකටම ප‍්‍රතික‍්‍රියාවක් ඇතිවක් මෙන්ම වෛරී දේශපාලනයට එරෙහිව මෛත‍්‍රී දේශපාලනයක් ආරම්භ වී ඇති වගක් දක්නට ලැබේ. මෙරටේ ජාතියේ, ආගමේ ඉෂ්ඨ දේවතාවුන් වැනි මාදුළුවාවේ සෝභිත, අතුරලියේ රතන,  ඕමල්පේ සෝභිත වැනි බුද්ධ පුත‍්‍රයන් රට ජාතිය බේරා ගැනීමේ අරමුණින් මෛත‍්‍රී දේශපාලනයක් දියත් කිරීම ජාතියට අස්වැසිල්ලකි. එකී මෛත‍්‍රී දේශපාලනය වටා අද ප‍්‍රජාතනත්‍්‍රවාදයට ලැදි සියලූම දේශපාලන බලවේග සිංහල, දෙමළ, මුස්ලිම් හෝ ආගම් භේදයකින් තොරව ඒකරාශී වෙමින් සිටින අතර ඒ වටා සිදුවන ජනතා පෙළ ගැස්ම ලැව් ගින්නක් මෙන් රට පුරා ව්‍යාප්තවෙමින් පවතී. ඒ පෙළ ගැස්ම ඒකාධිපති වියරුවට එරෙහිවය. දූෂණයට, නාස්තියට හා මහා පරිමාණ හොරකම්වලට එරෙහිවය. පාලනයේ වෙනසක් කිරීමටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ස්ථාවර කිරීමටය. ඒ සත්‍යය විපක්‍ෂ වේදිකාවලින් නැගෙන හඬයි.


මෛත‍්‍රී දේශපාලන බලවේගයන්ගේ නියමුවා වන්නේ වලව්කාර පෙලැනිත්යකින් නොව රජරටින් පහළ වූ ගොවි පුත්වූ නමින් මෙන්ම ක‍්‍රියාවෙන්ද මෛත‍්‍රී නමින් ප‍්‍රකට වූ මෛත‍්‍රීපාල සිරිසේන. හෙතෙම ඉතා සිහින් සිරුරකින් යුත් දේශපාලන මඩ ඇඟ නොතවරා ගත් පාරිශුද්ධ වූ දෑතක් සහිත 47 වසරක දේශපලානයේ නියැලි තවමත් ගැමි සුවඳ වහනය වන පොලොන්නරුවේ උපන් ගැමියෙකි. මෙම ගැමියා පිළිබඳව මගේ මතකයට නැගෙන්නේ ඊශ‍්‍රායලය වෘතාන්තයක එන ”ඬේවිඞ් හා ගොලායන්ය.” ඬේවිඞ් යනු ඊශ‍්‍රායලය බේරාගත් ඉතා සිහින් සිරුරක් ඇති දේවාශිර්වාදය ලත් මනුෂ්‍ය පුත‍්‍රයෙකි. ගොලායන් යනු ඉතා දැවැන්ත බලපරාක‍්‍රමයන් සහිතවූ අති ප‍්‍රතාපවත් (මනුෂ්‍ය නොවන?) ප‍්‍රපංචයෙකි. මේ දෙදෙනා අතර වූ ද්වන්ධ සටනේ ජයග‍්‍රාහකයා වූයේ කෙසඟ සිරුරක් සහිතවූ ඬේවිඞ් නම් මනුෂ්‍යාය. මේ පිළිබඳව අටුවා ටීකා ලිවීමක් අවශ්‍ය නැත. මන්ද බුදු දහමේ ආශිර්වාදය ලත් අනුරපුර-පොලොන්නරු ප‍්‍රදේශයෙන් බිහිවූ ගැමියා ඬේවිඞ් මෙන්ම දේවාශීර්වාදයන් ලැබූ පුද්ගලයකු යැයි සිතෙන හෙයිනි. නැතහොත් මහින්ද රාජපක්‍ෂ වැනි අති දැවැන්ත ප‍්‍රබලයකු හා සටනට එන්නට මෛතී‍්‍රිට සිතක් පහළ වන්නේම නැත.


ඉහත අයුරින් විෂය මාතෘකාවට ප‍්‍රවේශය ලබාගත් අපි දැන් රටේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර දේශපාලනයේ විද්‍යාමාන ප‍්‍රකට ලක්‍ෂණ ස්වල්පයක් කෙරෙහි ඉතා සංක්‍ෂිප්තව අවධානය යොමු කරමු. ඊට පෙරාතුව සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ උක්ත සුවිශේෂී හේතුවට පාදකවූ ආසන්නතම හේතුව වූයේ ඌව පළාත් සභා මැතිවරණයේදී රාජපක්‍ෂ පාලනයේ ජනප‍්‍රියත්වය පහත වැටීමයි. ජනප‍්‍රියතාවය හීනවත්ම පෙර, කල දුටු කල වළ ඉහගැන්මට කල්පනා කිරීම නිසා හෝ බුද්ධාගමේ එන ක්‍ෂත‍්‍රිය මායමට (ඛන්තිය විජ්ජා) අනුව රාජපක්‍ෂයන් මැතිවරණයකට යොමු කළෝ ජ්‍යෝතිෂවේදීන්ද නැතහොත් රාජපක්‍ෂයන්මද යනුවෙන් ප‍්‍රශ්නාර්ථයකි.


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය විමසන කල්හි කැපී පෙණෙන ලක්‍ෂණයක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මාධ්‍ය නිදහස බිඳ වැටෙමින් පවත්නා බවයි. වඩාත් වේගවත් අයුරින් රාජ්‍ය යාන්ත‍්‍රණය දැඩි ලෙසින්ම දේශපාලනීකරණය වන බවයි. යහපාලනය බිඳ වැටෙන බවයි. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ හා සමස්ත රටේම පරිපාලන බලතල ජනාධිපතිවරයා ඇතුළු පවුල් ගස වටා ඒකරාශී වන බවයි. නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති අතර ස්වාධීන කොමිෂන් සභා සියල්ල අකර්මණ්‍ය වී ඇති බවයි. දුප්පතුන් අන්ත දුගීන් බවට පත්වී ඇති බවයි. එදා රුපියල් 50 ට තිබූ හාල් සේරුව අද රුපියල් 100 දක්වා වැඩිවී ඇති බවයි. බදුබර හේතුවෙන් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවයි. අනුරපුර පොලොන්නරු සංස්කෘතියේ හදවතවූ වාරි කර්මාන්තය හා රටේ ආර්ථිකයේ පදනම වූ කෘෂිකර්මාන්තය විනාශ වී ඇති බවයි. අනවසර නීති විරෝධී කැලෑ එළි කිරීම නිසා වනයේ ජීවත්වූ සතා සිව්පාවට පවා ජලය ආහාර පාන හිඟවීම නිසා ගම්දනව් මිනිස් ජීවිත විනාශ කරමින් සාගත නියං කාල අනපේක්‍ෂිත අයුරින් උදාවීමයි.


මේ සියල්ලටම වඩා සුපිරි මහාමාර්ග, අනවශ්‍ය ගුවන් තොටුපල වරායවල් ඉදිකිරීම හේතුවෙන් රටේ ණය බර අධික වී ඇත. පාලකයෝ අසාධාරණ මුදල් ඉපයීමෙන් පොහොසත්වී ඇති අතර 95% ක් වූ රටේ බහුතරය දුප්පත්වී ඇත. මේ සියල්ලටම හේතුව රාජපක්‍ෂ පාලනය තුළ රටේ අභ්‍යන්තර පාලනය බිඳවැටීම බව අමුතුවෙන් කිවයුතු නොවේ.


රටේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව වැඩි යමක් ලිවිය යුතු නැත. ලිවිය යුතු එකම කරුණ වන්නේ ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය නිසාම  ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තරයේ කොන්වී ඇති රාජ්‍යයක් බවයි. අප කොන්වී ඇත්තේ මේ රටේ ප‍්‍රධාන ආර්ථීක ගනුුදෙනුකරුවන්වූ ඇමරිකාව ඇතුළු බටහිර යුරෝපා රටවලිනි. විදේශ ප‍්‍රතිපත්තියේ දරදඬු ස්වභාවයත්, රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරු සඳහා රාජපක්‍ෂ පවුලට සම්බන්ධ නුසුදුසු පුද්ගලයන් පත්කිරීමත් නිසා විදේශ ප‍්‍රතිපත්තියක් අපට නැත. එහෙයින්ම රජය විලාප දෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ඇති බව අගවමින් ජනතාව තුළ බිය සැක ජනනය කොට ජාතිය බේරා ගැනීමට පුළුවන් එකම තැනැත්තා තමා මිස අන් කිසිවකු නොවන බව ව්‍යාජ ලෙසින් (බොරුවෙන්) ජනතාව රැුවටීමයි. දෙතුන් වරක් රැවටෙන පුද්ගලයෝ සැමදා නොරැවටෙන බව රජය මෙනෙහි කළ යුතුය. වරක් පුදන ලද කෘතවේදී බව තව වරක් හිමිවේද යනු ප‍්‍රශ්නාර්ථයකි. අපේ රටේ ජනතාව යුද්ධයෙන් දිනූ පුද්ගලයාට කෘතවේදී වුවත් දෙවැනි ලෝක යුද්ධයෙන් ජයගත් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාට එරට ජනතාව කෘතවේදී නොවූ බවත් ඊට හේතුව එරටේ ජනතාව කෘතවේදීත්වය පිදීමට වඩා ජාතික සෞභාග්‍ය අගය කිරීම බවත් සටහන් කළ යුතුය.


ඉහත කරුණු සමස්ථයක් වශයෙන් ගත් කළ ප‍්‍රධාන ප‍්‍රතිමල්ලවයන් දෙදෙනා වන්නේ මැදමුලනින් පැවත එන දැනට දස වසරක් රට පාලනය කළ තවත් වසර 8 ක් (ඉතිරි 2+6) සඳහා බලය ඉල්ලන මහින්ද රාජපක්‍ෂය. ඔහුගේ ප‍්‍රධාන සටන් පාඨය විජාතික බලවේග හා කුමන්ත‍්‍රණවලින් රට ආරක්‍ෂා කිරීමයි. අනිත් තැනැත්තා වන්නේ රජරට හද්ද පිටිසර ගොවි පවුලකින් පැවත එන ගොවියා පුත් මෛත‍්‍රිපාල සිරිසේනයි. ඔහුගේ ප‍්‍රධාන සටන් පාඨය මෙරට යන ඒකාධිපති ගමනේ ප‍්‍රවාහය මෙතැනින් කෙළවර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථිර කොට දුගී දුප්පත් ජනතාවගේ ශුභසිද්ධියට කටයුතු කිරීමයි.


එනයින් බලනකල අද ජනතාව හමුවේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ තමන් යළි යළිත් රැුවටීමට භාජනය විය යුතුද? එසේ නැත්නම් තමන් වැනසිය යුතුද? නොඑසේ වන්නට ඔබ කළ යුත්තේ කුමක්දැයි වෛරයෙන් තොරව මෛත‍්‍රියෙන් යුතුව සිතා බලත්වා යන වගක් මෙසේ සටහන් කරම්හ.

 

X කතිරයේ බලය

 

චන්දදාසලා සහ චන්දසීලිලා මේ ගැන අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ ඇත. ඡුන්දපොළේ දී ඔබට ලැබෙන පත‍්‍රිකාව රැගෙන කූඩුවට යන ඔබ පළමුව කරන්නේ. යම් සලකුණක් ඉදිරියෙන් ඞ ලකුණු කිරීම නේද? ඒ සලකුණ යම් පක්ෂයක් නියෝජනය කරයි. එවිට අප පළමුව X දුන් අය එම පක්ෂය නියෝජනය කරනවාද? පුද්ගලයාට කතිරය ගසන්නේ දෙවැනිවයි. ඔබේ කතිරයෙන් පාර්ලිමේන්තුවට රිංග වූ අය, තේරී පත්වූ පක්ෂයේ සිටිය යුතු නේද? අද එය සිදුවේ ද නීතිය බූරුවකු වී නැතිද?


X නිසා මහජන නියෝජිතයකු වූ පුද්ගලයා (කලින් සංවිධායක) පළමුවෙන්ම ”ගරු” වේ. මේ ගරුට විශාල මාසික වේතනයක්, කාර්යාලයක් පවත්වාගෙන යෑමට, මහජන මුදලින් වැටුප් ලබන සේවක පිරිසක්, විකුණා ගැනීම පිණිසම තීරු බදු රහිතව වාහනයක් ගෙන්වා ගැනීමට බලපත‍්‍රයක්, සහන මිලට ඉන්ධන සහ දුරකථන ද විශ‍්‍රාම වැටුපකට ද හිමිකම් ලබයි. (කාර්ය මණ්ඩලය පවුලේම සාමාජිකයන්ම වේ) මේ ගරු/අතිගරු ඇත්තෝ නම මුලට එය භාවිත කිරීමට කෙතරම් සුදුස්සෝ ද? මැරයන්ට, තක්කඩින්ට, කුඩු ව්‍යාපාරිකයන්ට, හරක් හොරුන්ට, ගණිකා ව්‍යාපාරිකයන්ට සියලූ පහසුකම් සපයන, සල්ලාල ජීවිත ගත කරන ගරු ඇත්තෝ කිසිම විනය පරීක්ෂණයකට ද යටත් නොවේ. විනය පරීක්ෂණ පැවැත්වූවත් වාර්තා ඉදිරිපත් නොකෙරේ. ඒවායේ ප‍්‍රතිඵල නැත. ගෙදරක වුවද විනයක් තිබිය යුතුය.  ඕනෑම සංවිධානයක ද ජීවය විනයයි.


බුලත් කොළයේ විනයක් නැති බව සක්සුදක්සේ ජනතාවට ඔප්පු කර තිබේ. විනයක් නැතිවීම, හෙණයක් වී ඇති බව ද පැහැදිලිය. විනයක් තිබේ නම්, තමා විසින්ම ගස් බැඳගන්නා ලද සමෘද්ධි නිලධාරියා පිළිබඳ පර්යේෂණයේ ප‍්‍රතිඵල/තංගල්ල, දම්මුල්ලේ ”ගරු” පිළිබඳව පැවැත්වූ විනය පරීක්ෂණ ප‍්‍රතිඵල කෝ?


සුපිරි ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යෑම විදේශ තානාපති කෙනෙකු වීමට ඉහළම කදිම සුදුසුකමකි. ”ගරු/අතිගරු” නම ලැබීමට මම සුදුසුසෙක් වෙමියි හදවතට එකඟව කියා ගත හැකි කීදෙනෙක් නම් පාර්ලිමේන්තුවේ සිටිනවාද? අඳින සුදු ඇඳුම තරමට මේ ගරු ඇත්තෝ පිරිසිදු ද? බුලතේ සංවිධානය තුළ සහ පාර්ලිමේන්තුව තුළ එවැනි අය ඇත්නම්, අතේ ඇඟිලි ගණනටත් අඩුය.


රට තුළ වැඩිදෙනෙක් කථාකරන මාතෘකාවකි කුඩු. නමුත් රාජ්‍ය නායකත්වය ඒ ගැන මුනිවතම රකී. හෙලිකොප්ටරයෙන් ගොස් මීගමුවේ කුඩු රජා වැළඳ ගනී. මතට තිත නමට පමණක් බව පැහැදිලිය. මේ ”ගරු” ඇත්තන්ගෙන් දයාසිරි ජයසේකර මහතා පමණක් ”ගරු” ලැබීමට සුදුසු බව තහවුරු කළේ ඉල්ලා අස්වී නැවත ජනතාව අතරට යෑමෙනි. කතිරය ලබාගත් ඇත්තන්ගේ තත්ත්වය එයයි. කතිරය දුන් ඔබට ලැබුණේ පාසල් පොත් ටික සහ නිල ඇඳුම පමණි. අඩුම වශයෙන් ත‍්‍රීවිලයකවත් සාධාරණව යෑමට නැත. තිහට, තිස් දෙකට, තිස් පහට, හතළිහට දුවන ත‍්‍රීවීල් නගරයේ එමටය. කිසිම පාලනයක් නැත. බස් ගාස්තුව ද එසේම නොවේද?


පැරණි පාර්ලිමේන්තුවේ නියෝජනය මෙන් දෙගුණයක් ”ගරු” කණ්ඩායම වැඩිකරන විට රටේ ජාතික ආදායම ගැන සහ ජාතික වියදම ගැන අවධානය යොමු කළේ නැත. වැටුප් ද අසීමිතව කීපවරක් වැඩි කර ගත්තේය. මේ ළඟදී ද පළාත් සහ ප‍්‍රාදේශීය සභා ”ගරු” ඇත්තන්ගේ වැටුප් වැඩිවිය. ජාතික ආදායමක් ගැන නොසලකා මෙසේ ජාතික වියදම වැඩිකිරීම කෙතරම් උචිතද? ඒ බර දරන්නේ ”ගරු” ලාගේ මුදල්වලින්ද? මීළඟ වැඩිකිරීම පාර්ලිමේන්තු ”ගරු”ලාටය. රටේ ජනතාවගේ වැටුප් ද ඒ අනුව වැඩිවන්නේ නැත.


පාර්ලිමේන්තුව තුළ ධර්ම රාජ්‍යයට යන පිරිසක් ද සිටී. ඒ ඇත්තෝ ද     ”ගරු” වේ. ඒ ඇත්තන්ට ”පූජ්‍ය/අතිපූජ්‍ය” ලෙස ඇමතීමට සුදුසු කාලයකි. මේ ගැන කථානායකතුමා අවධානය යොමු කරත්වා!


සැම්සන් කරුණාරත්න

 

 



අදහස් (0)

2015 ජනපතිවරණය රැවටෙමුද? වැනසෙමුද?

නිරාන් Tuesday, 23 December 2014 04:10 PM

09 වැනිදා වෙනකොට මේ බොහෝ අදහස් වෙනස් වේවි (නි)

:       0       0

උපාලි Tuesday, 23 December 2014 04:59 PM

දේශපාලනයට එන්න ඉගෙනුම ඕනෑ නැහැ. එහෙත් වෘත්තියට, නිලතලයට එය අවශ්‍යයි (නි)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 24 December 2014 04:57 AM

මම දකින හැටියට ලංකාවේ මැතිවරණ හැමදාමත් යුද්ධයක්. මහ ජනතාව එයට සහභාගිවීමෙන් වැළකියයුතුයි. (නි)

:       0       0

කේ. සිරි Thursday, 25 December 2014 04:45 AM

මැදහත්ව ලියනවා කීවට ලිපියේ ඇති සියලුම කරුණු සත්‍යය නොවේ. තරමක ද්වේශයෙන් ලියා ඇති බව පෙනේ. (ස)

:       0       0

විමුක්ති Wednesday, 24 December 2014 05:23 AM

එඩ්වර්ඩ්, මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 December 2014 04:55 PM

කලින්ම අගමැති පට්ටම දුන්නනම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙයා තාමත් ඒ දුෂිත රජයේ අගමැති. එහෙම නැත්නම් ජනාධිපතිවරණය නියමිත කාලයට තිබ්බනම් එත් මෙයා ඒ අවුරුදු දෙකත් ඇමති සහ මහා ලේකම්. එහෙනම් එ්ත් මේ ගැටළු නැහැ. අනේ අපි නොදන්නා ලයිව්. අවශ්‍ය උත්තරේ දෙන්නම් 9 වෙනිදට අපි උතුර දකුණ මාරු වෙන්නම ඔය පැනපු ඔක්කොම ගස් ගෙම්බන්ට. (නදී)

:       0       0

ශ්‍රියානි Saturday, 27 December 2014 06:25 PM

කලින් කලට එන නායකයන් විසින් කුමක් හෝ රටට යහපතක් හා අයහපත් දේ කර ඇති මුත් වර්තමානයේ පවතින රජය රට ගිලගත් දරුණු ත්‍රස්තවාදයෙන් සිවිල් ජනතාවට නිදහස අත්කර දුන් බව කාහටත් අමතකව ඇත. (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 24 December 2014 08:49 AM

ජනතාව රැවැට්ටුවේ. රට වැනසුවේ කවුද කියල ජනතාව හොදට දන්නවා. කුහක කමින් සමහර අය අදහස් දැම්මට විනාශ වෙච්ච රට හදා ගෙන යන වෙලාවේ සහදොරවරුනේ, එතුමන්ව විවේචනය කරන්න නමුත් අපහාස නොකරන්න. කවුරු කෙසේ කිවත් අප අද නිදහසේ හුස්ම ගන්නේ ඒ අබිත නායකයා නිසාවෙනි (නදී)

:       0       0

සාමා Thursday, 25 December 2014 08:44 AM

2005 දී ජනතාව බලය දුන්නේ යහ පාලනයක් ඇති කිරීම සහ ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට. නමුත් දැන් බලය ඉල්ලන්නේ එ්කාදිපති පාලනයක් ඇති කිරීමට. ප්‍රජාත්‍රන්තවාදය, සාමය බොහෝ දුරක් ගොස් ඇත. දේශපාලකයන් යනු දෙවියන් යයි සිතන රටක ජනතාවට දෙවි පිහිටයි (නදී)

:       0       0

සුනිල් Wednesday, 24 December 2014 04:08 AM

හොඳ ජනපතිවරයෙක් වීමට හැමවිටම මහජනයාට කිට්ටු වන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4690 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 615 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1199 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 106 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 255 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site