IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


’’IMF ගියත්, ණය ලැබුණත්, ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අපි පරාදයි’’

"මේ අර්බුදයේදී මහ බැංකුවට තිබෙන කාර්යභාරය බොහොම පුංචි එකක්"

- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න

 

රටේ දේශපාලන ආර්ථික පරිසරයේ විශ්වසනීයත්වය සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දැන්වත් සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනයම් පාර්ශ්වයකින් ණය මුදලක් ලබාගැනීම තුළ තවත් මාස කිහිපයකට ආර්ථිකය ගැට ගසා ගැනීමක් විනා, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ස්ථිරසාර විසඳුමක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අවධාරණය කරයි.

රට තුළ උද්ධමනය තවත් මාස කිහිපයක් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කරද්දී, ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම තාවකාලිකව නවතා දමමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මෙන්ම, ඉන්දියාව ඇතුළු තවත් රටවල් සහ ජාත්‍යන්තර ආයතනවලින් ණය බලාපොරොත්තුවෙන් සිටින පසුබිමක, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි මාස කිහිපය තුළ නිවැරදි මාවතක් වෙත එලැඹෙනු ඇති දැයි කියා අප කළ විමසීමකදී මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා,

"දැන් අද අපි වැටී සිටින මේ අර්බුදය වෙත, පහුගිය අවුරුදු 10ක කාලය තුළ ශ්‍රී ලංකාව රැගෙන ආ තත්ත්වයක් තමයි, තියෙන්නෙ. යුද්ධය අවසන් වූ දා සිටම අපිව මේ අර්බුදය කරා රැගෙන ගියා. අපි නිකම්ම මේ අර්බුදය කරා පැමිණියා නොවෙයි. ශ්‍රී ලංකාව, රටේ ජනතාව, ජාතියක් ලෙස, මේ සියල්ල මේ අර්බුදයට අරගෙන ගියා. එතැනදි, මේ අර්බුදය කරා රැගෙන ආ එක් ක්‍රමයක් වුණේ, වංචාව හා දූෂණයයි. අනෙක් කාරණය අපට ගෙවා ගන්න බැරි ණය ගැනීමයි. ඒ වගේම, ප්‍රධාන දේ අවශ්‍යම කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු නොකිරීමයි. ඒක අපි සියලු දෙනා දැකපු දෙයක්. රටේ ආණ්ඩුවේ මූල්‍ය කටයුතු, අයවැය සහ විදේශ මූල්‍ය කටයුතු, ඒ කියන්නෙ, ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් එදා සිටම අපට මූලික ගැටලු තිබුණා. ඒවා විසඳන්න කිසිදු උත්සාහයක් අරගෙන නැහැ. එවැනි උත්සාහයක් නොගෙන, ණය ලබාගැනීම සහ වංචා දූෂණ තුළින් මේ රට මෙතැනට රැගෙන ආවා. එසේ ගෙනැවිත්, පහුගිය අවුරුදු දෙක තුළ, එනම්, 2020 මාර්තු - අප්‍රේල් මාසවල ඉඳලා අපි කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දුන්නා. එතැනදි අපට තිබුණු,  සංචාරක කර්මාන්තයත්, විදේශ ප්‍රේෂණත් කඩා වැටීමෙන් අප තවත් අමාරුවේ වැටුණු ආකාරයක් දකින්න ලැබුණා."

ඉන්නවාටත් වඩා අමාරුවක වැටෙයිද?

"දැන් අපි ඒ අවුරුදු දෙක තුළත් කළ කිසිම දෙයක් නැහැ. පහුගිය අවුරුදු දෙකේදි රටේ තිබුණු මූලිකම, ඒ කිව්වෙ, රාජ්‍ය මූල්‍ය සහ විදේශ මූල්‍ය කියන කාරණා දෙක සම්බන්ධයෙන් ගත්තු කිසිම වැදගත් ක්‍රියාමාර්ගයක් නැහැ. හැබැයි අපි ණය ගත්තා. ණය අරගෙන සල්ලි අච්චු ගහලා අපි මේ ප්‍රශ්නය තවත් උග්‍රව මෙතැනට අරගෙන ආවා. දැන් අපි IMF එකෙන් සහ ඉන්දියාව ඇතුළුව තවත් අයගෙන් තවත් ණය බලාපොරොත්තු වෙනවා. ඉතිං මේ විදියට ණය අරගෙන තෙල් ටිකක්, ගෑස් ටිකක්, කෑම බීම ටිකක් ගෙනල්ලා, වංචා දූෂණවලටත් ඒකෙන් කොටසක් වෙන් කරගෙන අපට තවත් ටික කාලයකට ඉන්න පුළුවන් වෙයි. හැබැයි අපි ඒ මාර්ගයේම ගමන් කළොත්, තව මාස කිහිපයකින්, එහෙම නැත්නම් තව අවුරුද්දකින් මේ ඉන්නවාටත් වඩා අමාරුවක තමයි, අපිව වැටෙන්නේ."

හේනක් කොටාගෙන ඉන්න වෙයිද?

"එතකොට දැන් තියෙන මූලික දේ IMF එකට යෑමවත්, ඉන්දියාවට හෝ වෙනත් රටකට යෑමවත් නොවෙයි. අපේ රටේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතුයි. ඒ කිව්වෙ, 2009 යුද්ධයෙන් පසුව කළ යුතුව තිබුණු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදුකළා නම්, අප අද මෙතැනට එන්නේ නැහැ. අඩුම තරමින්, කොවිඩ් ප්‍රශ්නයෙන් වැටුණු වෙලාවෙදිවත් ඒ ප්‍රතිසංස්කරණ අප ආරම්භ කළා නම්, ඒ හොඳම අවස්ථාවත් මගනොහැර සිටියා නම්, ඒත් අද මේ වැටුණු තැනට අපි එන්නේ නැහැ. ඒ අනුව, බෙල්ල ළඟටම ගිලී ඇති මේ අවස්ථාවේදීත් අපි ඒ මාර්ගයේම ගමන් කළොත්, මේ කඩා වැටීම නවතින්නෙත් නැහැ. මොකද දැනටමත් අපි බංකොලොත් වෙලා ඉන්නේ. ඒ බංකොලොත් වීමෙත් එක එක මට්ටම් තියෙනවා. ඊළඟට එන මට්ටම තමයි, නාගරික ව්‍යාපාර කියන ඒවා කිසිවක් ගෙනියන්න බැරි මට්ටමට වැටෙනවා. තෙල් නැහැ, ගෑස් නැහැ, කෑම බීම නැහැ. මුකුත්ම විදේශ ආදායමක් එන්නෙත් නැහැ. අපනයන කරන්න බැහැ. අපනයන නිෂ්පාදනයට යෙදවුම් නැහැ. ඒවා දැනටමත් ටික ටික තියෙන දේවල්. ඒ විදියට මේ ප්‍රශ්නය තව තවත් උග්‍ර වෙලා, ඊට පස්සේ අපි බොහොම ප්‍රාථමික විදියට හේනක් ගොවිතැනක් කරගෙන ඉන්න මට්ටමට යනවා. ඒක තමයි, ඒකෙ පහළම මට්ටම. එතනදි හැකියාවක් තියෙන අය රට හැරලා යයි. අනිත් අය එතැනට වැටෙනවා."

IMF වෙත දෙන සහතිකය කුමක්ද?

"පාලකයන් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට අත නොතබන තාක්කල් දිනුමක් නැහැ. අපි පරාදයි. අපි තව තවත් හිරවෙන එක තමයි, වෙන්නේ. ඒ වගේම IMF එකත් අපි ඉල්ලන පරක්කුවට සාක්කුවෙන් අරගෙන ණය ලබාදෙන එකක් නැහැ. ඒ සඳහා කොන්දේසි පණවයි. ඒ කොන්දේසිවලට එකඟ වෙන්න වෙයි. ඒ වගේම මේ ණය ලබාදෙන්නේ කොටස් වශයෙන්. කොටස් වශයෙන් දෙන්නේ ප්‍රගතිය බලලා. හැබැයි පහුගිය 16 වතාවක්ම කිසිම ප්‍රගතියක් නැතිව ඒ සල්ලි ලබාගත් බව අපි දන්නවා. ඉතින්, 'මේ පහුගිය 16 වතාවේම ඔයගොල්ලො හරියට කළේ නැහැ, මේ 17 වැනි වතාවේ ඔයගොල්ලො හරියට කරනවා කියලා, මොකක්ද අපිට දෙන සහතිකේ?' කියලා IMF එකත් නොඅසා ඉන්න විදියකුත් නැහැ."

මහ බැංකුවට විජ්ජාවක් කළ හැකිද?

"මේ අර්බුදයේදී මහ බැංකුවට තිබෙන කාර්යභාරය බොහොම පුංචි එකක්. මහ බැංකුවට තියෙන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හදාගැනීමයි. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නෙ මොකක්ද, පොලී අනුපාත සකස්කර ගැනීම සහ රටේ මුදල් අච්චු ගැසීම වගේ දේවල්වලට නොයා මුදල් තොගය පාලනය කර ගැනීමයි. ඔය දෙකෙන් පිට මේ අවස්ථාවේ මහ බැංකුවට කරන්න තියෙන්නෙ බොහොම අල්ප කටයුත්තක්. ඒ නිසා මහ බැංකුවේ කාර්යභාරය නොවෙයි, මෙතනදි වඩාත් වැදගත් වෙන්නේ. මහ බැංකුවට කරන්න දෙයක් නැහැ, ඇත්තටම කිව්වොත්. රටේ සමස්ත ප්‍රතිපත්ති සංශෝධනයට තමයි, වැඩි බරක් දිය යුත්තේ."

ප්‍රතිපත්ති සංශෝධනයට ගියොත් ගොඩ ආ හැකිද?

"ප්‍රතිපත්ති සංශෝධනයට ගියොත්, අපි බලාපොරොත්තු වූ ණය ලැබීමේදී දැනට තියෙන අමාරුකම් ටිකක් අඩුවෙන්න පටන් ගනීවි. ඒ සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හරහා අපේ තෙල්, ගෑස්, විදුලිය ආදී දේවල් යථාතත්ත්වයට පත්වෙමින්, නිෂ්පාදන කටයුතු සඳහා ආනයන සීමාවන් සහ විදේශ විනිමය සීමාවන් ඉවත් කරද්දී රටේ ආර්ථික ප්‍රගතිය නැවත ඇතිවෙන්න පටන් ගන්නවා. එතකොට එය තවත් මාස කිහිපයක් තුළ, අවුරුද්දක් තුළ යථාතත්ත්වයට පත්වෙන්න පුළුවන්. හැබැයි එතනදිත් එක ප්‍රශ්නයක් අපට පැන නගිනවා. මොකද අපේ රටේ මිනිස්සු, ඒ කියන්නේ පාරිභෝගිකයන් සහ ආයෝජකයන් කියන අයත්, විදේශ ආයෝජකයන් කියන අයත්, මේ රට සහ මේ රටේ පාලකයන්ව කොයිතරම් දුරට විශ්වාස කරනවාද කියන දේ, මූලිකම ප්‍රශ්නය වෙනවා. ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පවා එතැනදි එන්නේ, දෙවැනි තැනටයි. පළමු වැනි තැනට එන්නේ, කොයිතරම් අපේ රටේ දේශපාලන ආර්ථික පරිසරය, විශ්වාස කරන්න පුළුවන්ද කියන කාරණයයි. ඒ ප්‍රශ්නය විසඳා ගන්නේ නැතිව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වෙනස් වුණත් වැඩක් නැහැ. මොකද මේ කාරණය දේවදත්ත සිල්ගන්න ගියා වගේ වැඩක් නොවිය යුතුයි."

පාලකයන් පෙන්විය යුතු වෙනස කුමක්ද?

"මම හිතන්නේ, මේ ආණ්ඩුව හෝ කුමක් හෝ ආණ්ඩුවක් බලයේ සිටිනවා නම්, මීට වඩා යහපත් වූ රාජ්‍ය පාලනයක්, වංචා දූෂණවලින් තොර යහපත් පාලනයක් ක්‍රියාවෙන්ම ඔවුන්ට පෙන්වන්න සිදුවෙනවා. පහුගිය කාලය පුරාවට මේ දේවල් හැමතැනම කතාවෙන් නම් කිව්වා. නමුත් අද පාලකයන්ට මෙය ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න සිදුවෙනවා. එතකොට අපි කතා කරපු, රාජ්‍ය මූල්‍ය සහ විදේශ මූල්‍ය කියන කාරණා දේකේදි, විශේෂයෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන තැනින්ම වියදම් කැපීම කියන දේ ආරම්භ කළ යුතුයි. එහෙම තමයි, අපි මේවා පෙන්වන්න ඕනේ. ඒ වගේම නීතිය හා සාමය අමුතුවෙන්, අලුතින්ම පිහිටුවාගත යුතුයි. මොකද එහෙම එකක් අද රටේ නැහැ. දැන් ගත්තොත්, නීතිය කියන දේ දේශපාලන තීරණයක්. කාවද හිරේ යවන්නෙ, කාවද හිරෙන් එළියට ගන්නෙ කියන දේ, කාටද නඩු අහන්නෙ, කාටද නඩු අහන්නෙ නැත්තෙ කියන දේ දේශපාලන තීන්දුවක් බවට පත්වෙලා තියෙන්නේ. අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය, දැන් ඒ අයව අංශභාගයට ලක් කරලයි, තියෙන්නේ. ඒ නිසා ඔය කියන කාරණා ඉෂ්ඨ කරගෙන, ජනතාවගේ කර උඩින් යන නායකයන් නැතිව, ජනතාවට සේවය කරන, සේවක නායකයන් බවට ඔප්පු කරලා පෙන්වන්න පටන් ගත්තොත්, සමහර විට ඒ විශ්වාසය ටිකෙන් ටික ගොඩනැගෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ, ඒක ලෙහෙසි වැඩක් නොවෙයි. ප්‍රතිපත්ති හදනවාටත් වඩා, අද මේ විශ්වාසය ගොඩනගා ගැනීම අසීරුයි. නමුත් අපි ඒ දේ අමාරුවෙන් හෝ කළොත්, මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලැබේවි."

(සී.එස්. පෙරේරා)



අදහස් (2)

’’IMF ගියත්, ණය ලැබුණත්, ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අපි පරාදයි’’

NM Saturday, 16 April 2022 07:57 AM

ප්‍රධාන විපක්ෂය අවස්ථාවාදී බලලෝභී මුහුණුවරකින් හැසිරීම නිසා මේ වනවිට විදේශ රටවල් සහ ගෝලීය ආයතන අර්බුදයක් තුළදී රටේ ජනතාව පීඩාවට පත්වූ අවස්ථාවක ප්‍රධාන විපක්ෂයේ හැසිරීම දැඩිලෙස හෙලා දකිනු ඇත. සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව ගැන සලකා ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය එක්ව සැලසුමක් සකස් කොට IMF වෙත ඉදිරිපත් කිරීම මගින්ම එම ආයතනය ලංකාව දෙස සුබවාදීව ආකල්පයකින් කටයුතු කරනු ඇත. වර්තමාන පාර්ලිමේන්තුව තුළ අර්බුද මතුව තිබෙන්නා වූ අවස්ථාවක IMF වෙත යාමට පෙර ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කළ යුතුවේ.

:       4       13

Kasturi Thursday, 21 April 2022 12:59 PM

ඇත්තෙන්ම ජනතාව කළ යුත්තේ.., සෑම ක්ෂේත්‍රයකටම (ආර්ථික, ආරක්ෂක, ඉඩම් ... etc) ජාතික ප්‍රතිපත්ති ගෙනඒමට රජයට සහ විපක්ෂයට බලකර සිටීමයි. මෙය මසක් වැනි කෙටි කලක් තුළදී කිරීමට බලකළ යුතුයි. එසේ නොවුණහොත් ඊළඟට කවුරු බලයට ආවත්, නැවත මේ සිදුවීම සිදුවේවි සහ කිසිම කාලෙක අපේ රටට ගොඩඒමට නොහැකි වේවි...!.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2848 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12025 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 550 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 930 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 491 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site