IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


IS ත්‍රස්තයන්ගෙන් ආසියාවට එල්ලවූ තර්ජනය

09-Page-9--(1)     

 

 

ප්‍රහාර මාලාවක්


පසුගිය 28 දා රාත්‍රියේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තිදෙනකු විසින් තුර්කියේ ඉස්තාන්බුල්හි අටාටර්ක් ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයේ උණුසුම මැකී යන්නටත් පෙර බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේය.


එහිදී අවන්හලේ සිටි විදේශිකයන් ඇතුළු 40 දෙනකු පමණ ප්‍රාණ ඇපයට ගත් ත්‍රස්තයන් තමන්ට එල්ල වූ පොලිස් ප්‍රතිප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රාණ ඇපයේ සිටි පුද්ගලයන් තියුණු ආයුධවලින් පහර දී මරා දැමීමෙනි. මෙම ප්‍රහාරය ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියේ ක්‍රියාවක් නොව කලකට ඉහත තහනම් කරන ලද ජමයිතුල්ලා මුජහිදීන් සංවිධානයේ ප්‍රහාරයක් යැයි බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුසාමන් ඛාන් ප්‍රකාශ කොට තිබිණි. බංග්ලාදේශයේ ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් මෙන්ම අල් කයිඩා සංවිධානයේ සාමාජිකයන්ද සිටින බැව් ජාත්‍යන්තර බුද්ධි අංශවලට රහසක් නොවේ. පසුගිය සමයේ බංග්ලාදේශයේ බොහෝ බුද්ධිමතුන් ඉස්ලාමීය අන්තවාදීන්ගේ මතයට විරෝධය දැක්වීම හේතුවෙන් ඝාතනයට ලක්විය.


තම ඝාතන සංස්කෘතිය තවදුරටත් ව්‍යාප්ත කරමින් අයි.එස්. ත්‍රස්තවාදීන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවර කාර් බෝම්බයක් පුපුරුවා හැරිය අතර ඉන් පුද්ගලයන් 125කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වී, 150කට අධික පිරිසක් තුවාල ලැබූහ. බෝම්බය පුපුරා ගිය බැග්ඩෑඞ් නගරය ෂියා මුස්ලිම්වරුන් වැඩි පිරිසක් වාසය කරන ප්‍රදේශයක් වන අතර ඝාතනයට ලක්වූ පිරිස රාමදාන් උත්සවය සඳහා සාප්පු සවාරියේ යෙදුණු පුද්ගලයන් බවට වාර්තා වේ. මිය ගිය පිරිස අතර ළමයි පස් දෙනෙක් සහ පොලිස් නිලධාරීහු සය දෙනෙක්ද වූහ. එදිනම උතුරු බැග්ඩෑඩයේ තවත් කාර් බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

 

09-Page-9--(2)

 


සදාම්ගේ මිනිස්සු


ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නවතම ඉලක්කය වූයේ සවුදි අරාබියයි. ජුනි 4 වැනි දින අලුයම සවුදි ආරාබියේ ජෙඩා නගරයේ ඇමෙරිකානු කොන්සල් කාර්යාලය ඉදිරිපිට පකිස්තානු ජාතික අබ්දුල්ලා කාන් නමැති 34 හැවිරිදි පුද්ගලයෙකු තම සිරුරේ බැඳ තිබූ බෝම්බයක් පුපුරුවාගෙන මිය ගිය අතර, ඉන් බෝම්බකරුට හැර වෙනත් කිසිවකුට අනතුරක් සිදු නොවීය. එදිනම තවත් බෝම්බ දෙකක් පුපුරා ගොස් තිබිණි.


ඉන් එකක් ෂියා මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් වාසය කරන කාටිෆ් නගරයේ පුපුරා ගිය අතර අනෙක් බෝම්බය සවුදි ආරාබියේ ඉස්ලාම් ආගමට සම්බන්ධ ප්‍රධානතම නගරයක් වන මෙදිනාවේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් අසල පුපුරා ගියේය. මහමත් තුමාගේ සොහොන පිහිටා ඇත්තේ මෙම දේවස්ථානයේය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සවුදි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, බෝම්බකරු විසින් මහමත් තුමාගේ සොහොන පිහිටි දේවස්ථානයට ඇතුළු වීමට දරන ලද ප්‍රයත්නය වැළැක්වීමට යෑමේදී ඔහු බෝම්බය පුපුරුවා ගෙන ඇති බැව් සඳහන් කළේය. 


මෙම ප්‍රහාරවලින් ආරක්ෂක අංශ සාමාජිකයන් සිව් දෙනෙක් මරණයට පත්ව තිබේ. එහි වගකීම කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් බාර ගෙන නැති අතර, එය ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ක්‍රියාවක් බවට සැක කෙරේ. මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ මාසය ලේ විලක් කරන බවට අයි.එස්. සංවිධානය පසුගිය මැයි මාසයේ නිවේදනය කර තිබිණි. “දෙවියන්ගේ අනුමැතිය මත ලොව පුරා සිටින සියලු මිථ්‍යාදෘෂ්ටිකයන්ට වේදනාවේ මාසයක් බවට රාමදාන් මාසය පත් කරන බවට” ඔවුන් පොරොන්දුවක් දී තිබිණි. ඒ අනුව රාමදාන් මාසයේ ඉරාකය, කුවේටය, බංග්ලාදේශය, තුර්කිය සහ සවුදි ආරාබිය වැනි රටවල් ගණනාවක ප්‍රහාර සිදු කරමින් පුද්ගලයන් සිය ගණනක් මරා දැමීමට ඔවුහු කටයුතු කළහ.


ඉස්ලාමික් ස්ටේට් සංවිධානය බිහි වීදු මුල් වූයේ ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලියත් සමඟිනි. ඉරාක යුද සමයේ ඇමෙරිකාවේ ප්‍රධානතම සතුරා වූයේ අල් කයිඩා සංවිධානයයි. සදාම් හුසේන්ගේ ඝාතනයෙන් පසු ඔහුගේ බාත් පක්ෂ සාමාජිකයන්ගෙන් පිරිසක් ඇමෙරිකානු විරෝධී සටනට එක් වූහ. ඔවුන් පසුව ජිහාඞ් අන්තවාදියකු වූ අබු මුසාබ් අල් සර්කාවිගේ ‘අල් කයිඩා ඉන් ඉරාක්’ නමින් වූ කල්ලිය සමඟ එක් වූ අතර පසු කාලයේ ‘ඉස්ලාමික් ස්ටේට් සංවිධානය’ ලෙසින් ප්‍රචලිත වූයේ මෙම කණ්ඩායමය. ඔසාමා බින් ලාඩන්ගේ ‘අල් කයිඩා’ සංවිධානය මෙන්ම අයි.එස්. සංවිධානයද බටහිර විරෝධී, ජාතිවාදී කණ්ඩායමක් වූ අතර කලාපය තුළ නිදහස් ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කරගත් පිරිසක් වූහ. සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සැදි කණ්ඩායමක් වන ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ක්‍රියාකාරකම් අල් කයිඩා සංවිධානය වඩා දරුණු, ම්ලේච්ඡ ඒවා විය. වර්තමානයේ ලොව රටවල් ගණනාවකට දැවැන්ත තර්ජනයක් එල්ල වී ඇත්තේ ඉහත කී ඉස්ලාමික් ස්ටේට් සංවිධානයෙනි.

 

09-Page-9--(5)

 


ඉන්දුනීසියාව මැලේසියාව හා සිංගප්පූරුවට තර්ජන


ගිනිකොනදිග ආසියාවටද අයි.එස්. තර්ජනයක් පවතින බවට ඉඟි කෙරුණේ කලකට පෙර සිටය. 2015දී ඉන්දුනීසියාව, මලයාසියාව සහ සිංගප්පූරුව ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් තමන්ට එල්ල විය හැකි තර්ජනය පිළිබඳව තම රටවල ජනතාව දැනුම්වත් කළ අතර එය සනාථ කරමින් පසුගිය ජනවාරියේ ජකර්තා නගරයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේය. 


මේ වන විට ගිනිකොනදිග ආසියානු කලාපය තුළ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් උත්සන්න වෙමින් පවතී. මලයාසියාවේ, ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ අන්තවාදීන් 1000කට වැඩි පිරිසක් අයි.එස්. ත්‍රස්තයන් සමඟ එක් වී ඇති බවට විශ්වාස කෙරේ. ඉන්දුනීසියානු සහ මැලේ බස කථා කරන පිරිසක් ‘කටිබා නුසන්තරා දවුලා ඉස්ලාමියා’ නමින් සංවිධානය වී ඇතැයි ආරක්ෂක අංශ විසින් හඳුනාගනු ලැබ තිබේ. එම කණ්ඩායමේ නායකයෝ අරමුදල් රැස් කරමින් කලාපය පුරා ප්‍රහාර සිදු කිරීමට තම කණ්ඩායම් දිරිමත් කරති. 


මින් වසරකට පමණ පෙර අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඉන්දුනීසියානුවන්ට හා මැලේවරුන්ට ආයාචනා කර සිටියේ තම කණ්ඩායම හා එක්වන ලෙසට හා තමන් ජීවත් වන ප්‍රදේශවල ප්‍රහාර ක්‍රියාත්මක කරන ලෙසටය. ජනවාරි මාසයේ ක්‍රියාත්මක වූ ජකර්තා ප්‍රහාරය සිදු කරන ලද්දේ ‘ජමාහ් අන්සාර් කිලිෆා’ නම් කණ්ඩායමක් බවට හඳුනා ගැනිණි. එම කණ්ඩායම දැනට සිරගතව සිටින ජිහාඩියකු වන අමාන් අබ්දුර්රහමන්ගේ අනුගාමිකයන් පිරිසකි. 


තම රටවලට ඇතුළුවන ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයන් කොටු කර ගැනීම සඳහා ගිනිකොනදිග ආසියානු බලධාරීහු විමසිල්ලෙන් සිටිති. කලාපයේ සිටින ත්‍රස්ත කල්ලි සාමාජිකයෝ රහසිගතව සංවිධානය වෙමින් කටයුතු කිරීමට දක්ෂයෝය. තමන් අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා රටින් රටට ගමන් කිරීමට ඔවුහු උත්සාහ කරති. ගිනිකොනදිග ආසියාව විශාල සමුද්‍ර තීරයකින් හා පහසුවෙන් ගමන් කළ හැකි කපොලු සහිත භූමියක් වන හෙයින් මෙවැනි ගමන්බිමන් අධීක්ෂණය කිරීම හෝ පාලනය කිරීම අසීරු වී තිබේ.


පසුගිය මාසයේ අබු සෙයියාෆ් කණ්ඩායම සමඟ එක්ව සටන් කළ මැලේසියානු ත්‍රස්තවාදීන් දෙදෙනකු ඝාතනය කිරීමට පිලිපීන හමුදාව සමත් විය. ‘මුජහදීන් ඉන්දුනීසියානු තිමූර්’ සංවිධානයට අයත් චීනයේ සිට පැමිණි උයිගර් ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියානු බලධාරීන් සමත් වූ අතර එම සංවිධානයට අයත් තවත් දෙදෙනෙක් ඝාතනය කරනු ලැබූහ. ප්‍රහාර කීපයක් සැලසුම් කරන ලද පුද්ගලයන් කිහිප දෙනකුද අත්අඩංගුවට ගැනීමට ඔවුහු සමත් වූහ.


ජෝසෆ් චින්යොන්ග් ලියු, තුලනාත්මක හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයකු වන අතර සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ සහකාර පීඨාධිපතිවරයාය. සිංගප්පූරුවේ ත්‍රස්ත මර්දන සහ බුද්ධි අංශ උපකමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ගිනිකොනදිග ආසියානු රටවල අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ව්‍යාප්තිය සහ එම කණ්ඩායමෙන් තම රටට එල්ල වී ඇති තර්ජන පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කර තිබේ. පහත පළවනුයේ එම විග්‍රහයෙන් උපුටා ගත් කොටස්ය.


මහාචාර්ය ලියුට අනුව ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ජෙමාහ් ඉස්ලාමියා සංවිධානය සහ එයට සම්බන්ධ කුඩා කණ්ඩායම් විසින් ගිනිකොනදිග ආසියානු රටවල ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් මෙහෙයවනු ලැබ තිබේ. 2002 ඔක්තෝබරයේ බාලි බෝම්බ ප්‍රහාරය, 2003 අගෝස්තුවේ ජකර්තාවේ මැරියට් හෝටලයට එල්ල කෙරුණු ප්‍රහාරය, 2004 පෙබරවාරියේ පිලිපීන සුපිරි නෞකාවට එල්ල කෙරුණු ප්‍රහාරය, 2004 සැප්තැම්බරයේ ජකර්තාවේ ඔස්ටේ්‍රලියානු තානාපති කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය, 2005 ඔක්තෝබරයේ මැරියට් හෝටලයට දෙවැනි වරටත් එල්ල කෙරුණු ප්‍රහාරය සහ 2009 ජකර්තාවේ රිට්ස් කාල්ටන් හෝටලයට එල්ල කෙරුණු ප්‍රහාරය මේ අතරින් ප්‍රධාන වේ.

 

09-Page-9--(3)

 


2010දී ඉන්දුනීසියානු ආරක්ෂක අංශ ‘අකේ’ ප්‍රදේශයේ ජිහාඞ් කණ්ඩායම් විසින් පවත්වාගෙන යන ලද ත්‍රස්ත කඳවුරක් සොයා ගැනීමට සමත් වූහ. කලාපීය ආරක්ෂක අංශ ත්‍රස්ත මර්දන කටයුතු පු`ඵල් කිරීම මත මුස්ලිම්වරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජිහාඞ් කණ්ඩායම් අතර මතභේද ඇති වන්නට විය. කල්ලිවාදී සහ විරුද්ධවාදී ජිහාඞ් කණ්ඩායම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අවම කළ අතර, ප්‍රහාර සීමා කළහ. 2016 ජනවාරි 14 වැනි දින ජකර්තා ප්‍රහාරයත්, අප්‍රේල් 9 වැනි දින පිලිපීන ආරක්ෂක අංශවලට එල්ල කෙරුණු ප්‍රහාරයත් සිදු වූයේ එවැනි පසුබිමක් පැවැති වකවානුවකය. එම ප්‍රහාර  අයි.එස්. සංවිධානයේ පෙළඹවීම මත සිදු කරන්නට ඇතැයි සැලකේ.  


2014 ජුනි 28 වැනි දින අයි.එස්. සංවිධානය මගින් තමන් ‘කාලිෆ් රාජ්‍යයක්’ බිහි කරන බවට අබුබකර් අල් බග්ඩාඩි ප්‍රකාශ කිරීමත් සමඟ රැඩිකල් සටන්කාමීහු ඒ පිළිබඳව සිහින මවන්නට වූහ. මෙය දෙවියන් විසින් අනුමත කරන ලද්දක් බවට ඔවුහු ප්‍රචාරයක් ගෙන ගියහ. ජුලි සහ අගෝස්තු අතර කාලයේ අයි.එස්. සංවිධානය තමන්ට පක්ෂපාතිත්වය දැක්වූ ඉන්දුනීසියානු සහ පිලිපීන පූජකයන් හා රැඩිකල් කණ්ඩායම් තම සංවිධානයට බඳවා ගත්හ. එම වසරේ සැප්තැම්බරයේ අයි.එස්. සංවිධානය ‘කටිබා නුසන්තාරා’ නමින් තම සංවිධානයේ ගිනිකොනදිග ආසියා පාර්ශ්වය නිර්මාණය කළේය. එය මැලේ සහ ඉන්දුනීසියානු බස කථා කළ සිරියානු සටන්කාමීන්ගෙන් සමන්විත වූවකි. කටිබා කණ්ඩායම අයි.එස්. සංවිධානය වෙනුවෙන් විවිධ කාර්යයන්හි නිරත වූහ. කලාපය තුළ සංවිධානයට පුද්ගලයන් බඳවා ගැනීම, පුහුණුව ලබා දීම, අවි ආයුධ සැපයීම මෙන්ම සිරියාවේ සිටින ජාලය සමඟ සන්නිවේදන කටයුතු සිදු කිරීමද සිදු වූයේ මෙම කණ්ඩායම වෙතිනි. මෙම ක්‍රියාවන් සමඟ ගිනිකොනදිග ආසියාවට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තර්ජනය ආරම්භ වූයේය.


ගිනිකොනදිග ආසියානුවන් කොපමණ පිරිසක් අයි.එස්. සංවිධානය සමඟ සම්බන්ධ වී සිටීද යන්න පිළිබඳ නිවැරැදි සංඛ්‍යාලේඛන නොමැති වුවද 700ක් 800ක් පමණ සිටින බවට අනුමාන කළ හැකිය. මෙයින් වැඩි පිරිස ඉන්දුනීසියානුවන්ය. 100කට ආසන්න මලයාසියානුවන්ද, සිංගප්පූරු හා පිලිපීන ජාතිකයන් සුළු පිරිසක්ද එයට සම්බන්ධ වී සිටිති. යුරෝපයෙන් හා ඕස්ටේ්‍රලියාවෙන්ද  විවිධ පුද්ගලයන් සංවිධානයට එක් වන අතර මේ සියලු දෙනා අවි දරන්නෝ නොවෙති. සංවිධානයට සම්බන්ධ පිරිසෙන් 40%ක් පමණ කාන්තාවන් සහ වයස අවුරුදු 15ට අඩු දරුවන් වීම විශේෂත්වයකි. මොවුහු පිරිමින් අනුව යමින් ‘ශුද්ධ වූ යුද්ධය’ නමින් ඔවුන් හඳුන්වන ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන සටනට සහය දක්වති. අවි දැරූ ගිනිකොනදිග ආසියානුවන්ගෙන් ඇතැමකු කුර්දි හමුදා සමඟ පැවැති සටන්වලදී ජීවිතක්ෂයට පත්ව තිබේ. සටන් බිමේ සිටින සියලු කණ්ඩායම් අයි.එස්. ත්‍රස්තවාදීන් වෙනුවෙන් සටන් වදින්නන් නොවේ. ඇතැමෙක් සටන් වදිනුයේ ‘අල් නුස්රා’ පෙරමුණ වෙනුවෙනි.

 

09-Page-9--(4)

 


ගිනිකොනදිග ආසියාවේ සිටින ඉස්ලාමීය රැඩිකල් පුද්ගලයන් හා කණ්ඩායම් අයි.එස්. සංවිධානයට තම පක්ෂපාතීත්වය පළ කරමින් දිවුරුම් දී සිටිති. අයි.එස්. ප්‍රපංචය නිර්මාණය වී ඇත්තේ ස්වදේශීය ජිහාඞ් ව්‍යාපාර හා ඔවුන්ගේ න්‍යායපත්‍රවලට අනුකූලවන අයුරිනි. ගිනිකොනදිග ආසියානු රටවලට අයි.එස්. සංවිධානය විසින් ඉල්ලීම් කරනු ලබන්නේ වෙනස් ආකාරයකටය. මලයාසියාව සහ සිංගප්පූරුවේදී මරණය හා උපත සම්බන්ධ කල්පිත දෘෂ්ටිවාදයක් හා ආගම්වාදයක් ඉස්මතු වන ආකාරයෙන් එය සිදු කිරීමට ඔවුහු වගබලා ගනිති. ඉන්දුනීසියාවේදී එය ආගමික ඉල්ලීමක් වශයෙන් සිදු කරති. 
ගිනිකොනදිග ආසියාවට ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ විදේශ සටන්කාමීන් යළි එහි පැමිණීමත් සමඟිනි. සෝවියට් හමුදා සමඟ සටන් කරන ලද ඇෆ්ගනිස්ථානු ජිහාඩින්ද, ඉස්ලාමීය රාජ්‍යයක් යන සංකල්පය යටතේ සිරියාවේ සිට පැමිණි සටන්කාමීහුද ගිනිකොනදිග ආසියාවේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට මුල් වූ අතර කලාපය තුළ තම දෘෂ්ටිවාදය ව්‍යාප්ත කිරීමටත්,  ප්‍රහාර සංවිධානය කිරීමටත් කටයුතු කළහ. 

 


ඉන්දුනීසියාවේ ප්‍රහාර


පළමුවරට ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ගොදුරක් බවට පත් ගිනිකොනදිග ආසියානු රට වූයේ ඉන්දුනීසියාවය. 2016 ජනවාරි 14 වැනි දින ‘සරිනා වෙළෙඳ සංකීර්ණයේ’ ඔවුහු බෝම්බ පුපුරුවා හැරියහ. ඉන්පසුව ජකර්තාවේ ‘ජලාන් තම්රින්’ වීදියේ වෙඩි ප්‍රහාරයක් සිදු කළහ. ඉන්දුනීසියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ අනෙක් කණ්ඩායම වූයේ  ජෙමාහ් ඉස්ලාමියා සංවිධානයයි. 2000 වසරේ සිට ඔවුහු ඉන්දුනීසියාවේ විවිධ ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළහ. 
ලෝකයට එතරම් අනාවරණ නොවුණද නැගෙනහිර ඉන්දුනීසියානු දූපත් වන සුලවෙසි, මලුකු සහ උතුරු මලුකු දූපත්වල ජෙමාහ් ඉස්ලාමියා කණ්ඩායම සහ තවත් කුඩා ජිහාඞ් ත්‍රස්ත කණ්ඩායම් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතව සිටියහ. විදේශිකයන් එල්ල කර ගනිමින් ප්‍රහාර සිදු කළ ජෙමාහ් ඉස්ලාමියා කණ්ඩායම පසුව ඉන්දුනීසියානු පොලිස් නිලධාරින්ට ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්හ. මෙය ආදර්ශයට ගත් අයි.එස්. සංවිධානය 2016 ජනවාරියේ කරන ලද ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයන් රැසක්ද මරණයට පත් වූයේය.

සිරියානු සහ ඉරාක සටන්කාමීන්ට එක්ව සිටින මලයාසියානු සටන්කාමීන් 100කට ආසන්න සංඛ්‍යාවෙන් 10කට වැඩි පිරිසක් කාන්තාවෝය. මෙම මලයාසියානුවන්ගෙන් 10කට ආසන්න පිරිසක් සටන් බිමේදී මරණයට පත්ව තිබේ. පොලිසියේ දැඩි මෙහෙයුම් හේතුවෙන් මලයාසියාවේ විශාල ප්‍රහාරයක් සිදු කිරීමට ත්‍රස්තවාදීන්ට මෙතෙක් නොහැකි වී තිබේ. ඔවුන් විසින් දේශපාලනඥයකු පැහැර ගැනීමට දරන ලද තැතක්ද පොලිසිය විසින් ව්‍යර්ථ කරනු ලැබූ අතර අයි.එස්. සංවිධානයට සහය පළ කළ සිය ගණනක් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය සමත් විය.


මේ වන විට ගිනිකොනදිග ආසියානු රටවල ආරක්ෂක අංශ කලාපීය ආරක්ෂාව දැඩි කොට තිබේ. 9/11 සිදුවීමෙන් පසු ත්‍රස්ත මර්දනය බොහෝ රටවල ප්‍රධානතම ප්‍රතිපත්තියක් බවට පත් වී ඇත. 2002 බාලි බෝම්බ ප්‍රහාරයත්, 2014 ඉස්ලාමීය කාලිෆ් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමත් ගිනිකොනදිග ආසියානුවන් අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවටත් අනාවරණ වීමෙන් පසු ඉන්දුනීසියාව, මලයාසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් තම ත්‍රස්ත මර්දන කටයුතු තව තවත් ව්‍යාප්ත කොට තිබේ.

m



අදහස් (0)

IS ත්‍රස්තයන්ගෙන් ආසියාවට එල්ලවූ තර්ජනය

දුමින්ද Thursday, 14 July 2016 07:49 AM

බුදුබණ නැති කලක් ඉදිරියට (බ)

:       0       0

සුපුන් Monday, 11 July 2016 08:43 AM

මේවට හරියටම කමෙන්ටු දැම්මොත් සහජීවනේ බිඳේවී කියල බය හිතෙනවා ඒ නිසා දාන්නේ නැහැ! (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Wednesday, 20 July 2016 04:50 AM

ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලු දෙනා එකතු වී මේ විනාශකරීන්ට ලංකා භූමියට ඇතුල් වීමට ඉඩ නොදිය යුතුයි. (ම)

:       0       0

ධම්ම Tuesday, 19 July 2016 02:52 PM

අල් කයිඩා මෙන්ම අයිඑස් ද අසාර්ථක ඇමෙරිකානු නිෂ්පාදනයකි. (අ)

:       0       0

සුරංග Friday, 15 July 2016 03:37 AM

ඇත්තටම මේ ත්‍රස්තයන්ගෙන් පුදුම කරදරයක් සාමාන්‍ය මිනිසුන්ට තියෙන්නේ. (ර)

:       0       0

නුවන් Wednesday, 13 July 2016 12:28 PM

ටිකිරි ඔබ හරියටම හරි.(හේ)

:       0       0

කුමාර Sunday, 17 July 2016 07:02 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ටිකිරි Tuesday, 12 July 2016 07:57 AM

ඖරුදු දහස් ගණනක් තිස්සේ මිනිසා පුදුම විදියට පීඩාවට පත් කරන මේ ආගම සහ පොත මෙතෙක් කර ඇති හානිය නම් කියා නිම කළ නොහැක,,බුදුන් වහන්සේ දේශනා කළේ අවිහින්සා වාදයයි..එය කෙතරම් සුන්දරද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1792 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 932 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 176 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site