උසස් පෙළ නව හා පැරණි නිර්දේශ දෙකටම අදාළව ගණනය කළ z අගය නිවැරැදි බව ආණ්ඩුව කීවද එය ඉතා දෝෂ සහිත හා සිසුන්ට අසාධාරණයක් සිදු වූ බවට විද්වතුන්ගේ මත පළ විය. ආණ්ඩුව ඒවා ප‍්‍රතික්ෂේප කළද මෙහි විශාල ව්‍යාකූලතාවක් තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන දැන් ආණ්ඩුව කියන්නේ කුමක්ද? කාලීන දේශපාලනය හා z අගයේ ගැටලූව ගැන අධ්‍යාපන අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයාගේ මතවාදයයි මේ. ප‍්‍රශ්නය:- ඔබ එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට යාම අපරාධයක් බවයි ඡුන්දය දුන් බොහෝ අය කියන්නේ. ආණ්ඩුවෙන් විපක්‍ෂට එන යුගයක ඔබ ආණ්ඩුවට යාම පිළිබඳව දැනට අතෘප්තිමත් බවක් නැද්ද? පිළිතුර:- මම දේශපාලනයට ආපු දවසේ ඉඳන් කීවේ මම දේශපාලනය වෙනුවෙන් අධ්‍යාපනය කරනවා නෙවෙයි, මේ රටේ ශිෂ්‍ය පරම්පරාවක අධ්‍යාපනය වෙනුවෙන් දේශපාලනය කරන බවයි. මගේ දැක්ම පිළිබඳව තේරුම් ගත් ජනාධිපතිතුමා මා වෙත යම් අධිකාරී බලයක් පැවරුවා. ඒ තුළ අධ්‍යාපනයේ සංවර්ධනය උදෙසා විශේෂ වැඩ සටහන් කිහිපයක් කරගෙන යාමට අවස්ථාව මට ලැබිලා තිබෙනවා. ඇත්තටම මගේ ජීවිත කාලය පුරා අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගුණු අදහස්, ආකල්ප රට වෙනුවෙන් ක‍්‍රියාත්මක කරවන්නේ ආත්ම තෘප්තියකින්. ප‍්‍රශ්නය:- ඔබ අධ්‍යාපන ඇමැතිකම බලාපොරොත්තුවෙන් ගියා යැයි සමහරු කියනවා. ඒත් නියෝජ්‍ය ඇමැතිකමවත් නොලැබී අධීක්‍ෂණ තනතුර පමණක් ලැබීම ගැන සමහරු මතු කරන තර්කය ගැන ඔබේ ප‍්‍රතිචාරය? පිළිතුර:- මට තනතුරුවල අවශ්‍යතාවක් නැහැ. සේවයක් කිරීමයි අවශ්‍ය. මට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තුව වුණේ මෙරට දරුවන් වෙනුවෙන් මගේ දර්ශනය කි‍්‍රයාත්මක කරාවි යන්නයි. මට දුන් හැම මනාපයක්ම මේ රටේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් දුන් බවයි මම හිතන්නේ. කිහිප දෙනෙක් බලය හා තනතුරු මට්ටමින් මාව මැනපු එක තමයි එහෙම කියන්නේ. ආණ්ඩුවට එක්වීමෙන් පසුව කළ කී දේ විශේෂයෙන් තිබෙනවාද ඇඟට දැනෙන දෙයක් නම් තවම පෙනෙන්නට නැහැ. මේ මාස කිහිපය තුළ මා කළ කී දේවල් ප‍්‍රතිඵල තව වසරකින් හමාරකින් විතර පෙන්නුම් කරාවි. ජනාධිපතිතුමා ද්විතීයික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ කටයුතුවල වගකීම් මා වෙත පැවරීමෙන් පසු එම පාසල්වල ගොඩනගන තාක්‍ෂණික විද්‍යාගාර සඳහා නව නිර්මාණයක් කළ හැකි වුණා. රුපියල් ලක්‍ෂ 150ක් පමණ වැය වීමට තිබූ මෙම විද්‍යාගාරයක් රුපියල් ලක්‍ෂ 60ක් ඇතුළත නිම කර තිබෙනවා. එයින් රුපියල් බිලියන ගණනක් රටට ඉතිරි කරන්නත් ලැබෙනවා. රත්මලාන, කොතලාවලපුර විද්‍යාලයට ගියොත් සාක්‍ෂි සහිතව ඔබට එහි වැඩ නිම වී ඇති අයුරු දැක ගන්නට පුළුවන්. ඒ වගේම රටට ගැළපෙන, අනාගත අවශ්‍යතාවලට මුහුණ දිය හැකි ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සකස් කරන්න පසුගිය කාලය පුරාම අපි දැඩි වෙහෙසක් දරනවා. තවත් දෙයක් තමයි මේ රටේ ළමයින් 50ට අඩු පාසල් 1,552ක් තිබෙනවා. මේවායේ තිබෙන භෞතික සම්පත් විශාලයි. මේ කුඩා පාසල් සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගේ දැක්ම අනුව මම පෞද්ගලිකවම මැදිහත්ව වැඩ සටනක් ආරම්භ කළා. 1 වන වසරට ජනපි‍්‍රය පාසල් පසුපස හඹා යාමේ තරගය වළක්වන්නත් එයින් අවස්ථාව ලැබෙනවා. දෙහිවල සුමග විද්‍යාලය එහි ආදර්ශ ව්‍යාපෘතිය ලෙස මේ වන විට සංවර්ධනය කරමින් පවතිනවා. මෙවැනි කුඩා පාසල් 300කට ආසන්න ප‍්‍රමාණයක දැනට සංවර්ධන කටයුතු පටන් අරගෙන. මං හිතන්නේ ඒ ප‍්‍රදේශවාසීන් නොහිතපු ආකාර්ෂණයක් හා දියුණුවක් මේ පාසලට ලැබෙනමින් පවතිනවා. මේ රටේ පාසල් පද්ධතිය ඉහළට ගෙන ඒමට නම් එහි කොඳුනාරටිය වන විදුහල්පතිවරුන් සංවර්ධනය කළ යුතු යුතුයි. විදුහල්පති පුහුණු වැඩසටහන් ආරම්භ කළා. මා හිතන්නේ මාධ්‍ය සංදර්ශන වලට වඩා වැඩ කරන්නට කාලය යෙදවීම වැදගත් කියලයි. ප‍්‍රසිද්ධිය ලබා ගැනීමට වඩා මගේ යුතුකම් හා වගකීම් ඉටු කිරීමයි වැදගත් වන්නේ. ඉංග‍්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීම සඳහා විෂයමාලා වෙනස් කිරීම් හා විභාග ඇගයීම් ප‍්‍රතිසංවිධානය පිළිබඳ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපනයට පමණක් වෙන්වූ රූපවාහිනී නාලිකාවකට ජාතික අධ්‍යාපන ආයතනය හරහා අවශ්‍ය අඩිතාලම දමා තිබෙනවා. මේ වැඩ වලින් කීපයක් පමණයි. ප‍්‍රශ්නය:- සිසු පරපුරට නිසි අධ්‍යාපනයක් දුන්නොත් ඔක්කොම හරි බව ඔබ කීවත් අද මේ ආණ්ඩුව වෙලාගෙන සිටින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා ජනතාද්‍රෝහී ඇතැම් කටයුතු ගැන ඔබ එළිපිට හෝ වචනයක් කථා නොකිරීම ඔබ වැන්නෙකුට ගැළපේද? පිළිතුරු:- සෑම රජයකටම මෙවැනි චෝදනා එල්ල කරනු ලැබුවා. මට පෙනෙන්නේ එවැනි චෝදනා එල්ල කිරීම මෝස්තරයක් බවට පත් වෙලා බවයි. වැදගත් වන්නේ අධ්‍යාපනය දියුණු කිරීම හරහා දරුවන්ට නිවැරැදි දේ කියා දීමෙන් අනාගත පරපුර හා අනාගත පාලකයින් සියලූ දෙනා වැරැදි නොකරන්නන් බවට පත් කරන්නට අපට පුළුවන් හැමදේම කිරීමයි. සිසු පරපුර තුළ අද ගොඩනැගෙන අධ්‍යාපනයේ ප‍්‍රතිඵල අනාගතයේදීයි අත්විඳින්න ලැබෙන්නේ. මම හැමදාම කිව්වා මෙරට අධ්‍යාපන ක‍්‍රමයේ තිබූ යම් අඩුපාඩු එදා නිවැරැදි කළා නම් අද තිබෙන සමහර ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියා. ඒ නිසා අපි අනාගතය විනිවිද දකින ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් ගොඩනගන්න කැපවෙලයි ඉන්නේ. ප‍්‍රශ්නය:- ජනතාවගේ ජීවන බර, විරැකියාව උග‍්‍රයි. ඒ අතරේ ආණ්ඩුවේ නාස්තියත් උග‍්‍රයි. මේ ගැන ජනතාවාදී පිළිතුරක් දෙන්න ඔබ සූදානම් ද? පිළිතුර:- මාධ්‍ය හෝ පුද්ගලයන් විසින් මෙවැනි දේවල් ප‍්‍රචාරය කරගෙන ගියත්, ඒවා සියල්ල ඔප්පු කිරීමට ඔවුනට හැකියාවක් ලැබී නැහැ. රජය ජනතාවාදීව කරන හැම දෙයක්ම විපක්‍ෂය හා විරුද්ධවාදීන් දකින්නේ වැරැුදි විදිහට. මේක ඉතිහාසය පුරා වුණු දෙයක්. කවදාවත් හොඳ දෙයක් හොඳයි කියන්නේ නැහැ. මං හිතන්නේ මේ ක‍්‍රමයෙන් වෙනස් වෙලා රටක් විදිහට අපි හිතන්නට අවශ්‍යයි. පාරවල්, ගුවන්තොටුපළවල්, වරායවල්, විදුලි බලාගාර, ක‍්‍රීඩා ගම්මාන, රඟහල්, සන්නිවේදන පද්ධති, රෝහල් හා පාසල් ඉදිකිරීම්, කෘෂි ව්‍යාපෘති, සමෘද්ධි වැඩ සටහන් ඇති කිරීම් ඇතුළු රටේ සංවර්ධන වැඩ සටහන් ජනතාවාදී නොවේද? එහෙම වරදක් දූෂණයක් සිදුවන බව නිසි ආකාරයෙන් පැමිණිලි ඉදිරිපත් වූ අවස්ථාවල තරාතිරම නොබලා දඬුවම් ලබාදීමක් සිදුවිය යුතුයි. ප‍්‍රශ්නය:- නීතියේ ස්වාධීනත්වය වල් වැදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනයට ඉඩක් නැති බවත් බලය රැක ගැනීම ආණ්ඩුවේ එකම අරමුණ බවට ඇති ජනතා මතයි. මේ තත්ත්වය නිවැරැදි විය යුතු නැති ද? පිළිතුර:- හැම රජයක්ම උත්සාහ කරන්නේ ජනතාව තමුන්ට ලබා දුන් බලය පවත්වා ගැනීමයි. එහෙම නැති දේශපාලනයක් තියෙනවද? ඒ සඳහා රජයකට කළ හැකි හොඳම දේ රට සංවර්ධනය කිරීම හා ඒ සඳහා ආයෝජනය කිරීමයි. ඒ සඳහා රජය යම් ප‍්‍රතිපත්ති මාලාවක හිඳ කරන කටයුතු නොපෙනෙන එකයි මට තියෙන ප‍්‍රශ්නය වන්නේ. හැම හොඳ දේම වැරැුදියට දැකීම නැවතුන දවසට මේ චෝදනා ජනතාව ප‍්‍රතික්ෂේප කරාවි. ප‍්‍රශ්නය:- මේ රටට එන ජාත්‍යන්තර බලපෑම් බහුලයි. ඔවුන් මේ කියන්නේ ආණ්ඩුවේම ඛඛඍක් නිර්දේශ කි‍්‍රයාත්මක කරලා සියලූ ජාතීන්ට යුක්තිය ඉටු කරන ලෙස නේද? ව්‍යාජ තේරීම් කාරක සභා දාලා තවත් කල් මැරීම සාධාරණ ද? පිළිතුර:- අවුරුදු 30ක යුද්ධයෙන් පසු මේ දේවල් මොහොතකින් කරවන්න හදන එකයි මේකේ තියෙන වරද. රටේ බහුතරයගේ හිත් නොරිදෙන විදිහටත් සුළු පිරිසගේ අයිතිවාසිකම් ඉෂ්ට වන විදිහට නිවැරැුදි හා සුමටව කාලයත් සමග මේ ප‍්‍රශ්න විසඳන්න අවශ්‍යයි. එසේ විසඳන්නට රජය දැඩි උත්සාහයකින් හා උනන්දුවකින් ඉන්න බව පේනවා. ක්ෂණික කි‍්‍රයාත්මක කිරීමකින් වඩාත් අවුල්සහගත අර්බුද අනාගතයේ රටේ නිර්මාණය වෙන්න පුළුවන්. එවැනි ඉතිහාසයේ වූ වැරැදි නිසා 30 වසරක් තිස්සේ රට යුද්ධයෙන් විනාශ වුණා. සංවර්ධනය ආපස්සට ගියා. රට අභ්‍යන්තරය තුළ තිබෙන අර්බුදය විසඳීම දේශීය පරිසරය ඇතුළේ පවතින සමාජ රාමුව තුළ කි‍්‍රයාත්මක වෙන්න ඕනෑ. ඒ හැර ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස එය කළ නොහැකි බව කවුරුත් අවබෝධ කර ගත යුතුයි. එහෙම ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස කටයුතු කර රට යළිත් යුද්ධයකට ඇද දමන්නට අපි කොටස්කරුවන් වෙනවාද කියා ජනතාව තීන්දු කළ යුතුයි. මෙසේ කලබල කොට වැරැදි තීරණවලට රජය යොමු කර එහි දේශපාලන වාසිය ලබා ගැනීමට විරුද්ධවාදීන් බලාගෙන ඉන්නවා. ප‍්‍රශ්නය:- පළාත් සභා කාලය අවසන් වන්නට වසර 1 1/2 කලින් පළාත් සභා ඡුන්දයකට යාමේ අරමුණ ජනතාවට සේවය කිරීමට වඩා ආණ්ඩුවේ බලය තර කර ගැනීමට නේද? පිළිතුර:- ජනතාව තමුන් සමගයි කියන අයටත් මේක හොඳ අවස්ථාවක්. බලය ලබා ගැනීමටත් එසේ බලය ලබාගෙන මේ ප‍්‍රශ්න විසඳීමටත් ඔවුන්ට කරන අභියෝගයක් මේක. ප‍්‍රශ්නය:- ජනතාව ආර්ථික සහන, වැඩි පඩි, රැකියා, නීතියේ ස්වාධීනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලද්දී ඒ වෙනුවට ඡුන්දය කාපල්ලා යැයි කියා ඡුන්දය බලයෙන් පැටවීම කෙතරම් සදාචාරාත්මකද? පිළිතුර:- එහෙම කියන අය කියන්නේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලානේ. බහුතරයේ කැමැත්තෙන් අවුරුදු 5කට පත් කළ ආණ්ඩුවක් බහුතරය කැමති නැතුව ගෙදර යන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බහුතරය මනින්නේ මහජන ඡුන්දයෙන් මිස මාධ්‍ය ප‍්‍රකාශ වලින් නෙවෙයි. ඒ නිසා රජය තීරණය කරන්න ඇති, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මහජන කැමැත්ත උරගා බලන්න. ඒකයි මම කීවේ මේක රජයට විරුද්ධ අයටත් අවස්ථාවක්. මැතිවරණයට බයේ මෙවැනි කතා නොකියා එයට මුහුණ දී තමන්ව තක්සේරු කර ගන්න එක හොඳ බවයි මම හිතන්නේ. ප‍්‍රශ්නය:- මීට මාස 6 කට කලින් .'Z Score'ක‍්‍රමය අලූත් සහ පැරණි උසස් පෙළ විභාග 2ටම එකට ගණනය කළ එම නිවැරැදි ගණනය කළ බව හා සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවූ බව අධ්‍යාපන ඇමැති ඇතුළු මුළු ආණ්ඩුව කීවා. ඔබත් එය අනුමත කළ නමුත් විද්වතුන් එය ප‍්‍රතික්ෂේප කළත් ආණ්ඩුව එය ඇහුවේ නෑ. කවුරු හරි කියා දැන්වත් අවංකව පැහැදිලි කළ හැකිද? පිළිතුර:- සංඛ්‍යානය පිළිබඳ මෙවැනි තීරණයක් ගැනීමේ දී බොහෝ දේවල් කල්පනා කළ යුතුයි. මේ තීරණය ආණ්ඩුවේවත් ඇමැතිතුමාගේ තීරණයක්වත් නෙවෙයි කියන එක වගකීමෙන් මේ රටට කියන්න ඕනේ. පස් දෙනෙකුගෙන් සමන්විත උගතුන්ගේ කමිටුවකින් ගත් තීරණයක්. ඔවුන් තමයි තීරණය කර උපදෙස් දුන්නේ. අලූත් හා පැරණි නිර්දේශ දෙකට මුහුණ දුන් අයගේ ප‍්‍රතිඵල එකතු කර තීරණයක් ගන්න කියා ඒ ක‍්‍රමය ඉදිරිපත් කළේ මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය වරු ගණනාවක්. ඒ වගේ දෙයක් ඇමැතිවරයෙක්, නිලධාරියෙක් අත්තනෝමතිකව ගත් තීරණයක් නෙවෙයි. ඒක කමිටුවකින් ගත් තීරණයක්. සංඛ්‍යානය පිළිබඳව දන්නා අය දන්නවා. මෙවැනි අවස්ථාවක 'Z Score' සකස් කරන්න, දත්ත අනුව ක‍්‍රම කිහිපයක් තිබෙන්න පුළුවන් කියා. එයින් එක් ක‍්‍රමයක් විසඳුමක් ලෙස යොදා ගෙන තිබෙනවා. මේ දත්ත දීර්ඝ ලෙස විශ්ලේෂණ කරන්නෙකුට මේ හැම ක‍්‍රමවේදයක වාසි හා අවාසි තිබෙන බව තේරුම් ගත හැකි යි.යම් අවස්ථාවකට හොඳම ක‍්‍රමය තෝරා ගැනීමයි අවශ්‍ය. ප‍්‍රශ්නය:- z- අගය තීන්දු කරන්නේ ඔබ අමාත්‍යාංශය යටතේ ඇති විභාග දෙපාර්තමේන්තුව බව පැහැදිලියි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම එය පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව z- අගය එළි දැක්වීමේ වගකීම කාට අයිතිද යන්න මඳක් ව්‍යාකුලයි. ඔබේ කරුණු පැහැදිලි කිරීම. පිළිතුර:- z-අගය ගණනය කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාන කොමිෂන් සභාව. ඒකට හේතුව z-ලකුණු අදාළ වන්නේ විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා. ඒ නිසා ඒක එකතු කරන ලද අඩු කරන ලද නැත්නම් වෙන වෙනම ගන්නවාද යන්න පිළිබඳ තීරණය ගත යුත්තේ කොමිෂන් සභාවයි. සියලූ පරිගණක පහසුකම් හා ප‍්‍රතිඵල දත්ත ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව එවන තීන්දුව අනුව මෙම ගණනය කිරීම විභාග දෙපාර්තමේන්තුවෙන් කර දෙනවා. ඒ අනුව ඉතාම පැහැදිලියි මේ ගණනය කිරීමේ ක‍්‍රමවේදය ලබා දෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවයි. මේ z- අගය ගණනය කරන ක‍්‍රමවේදය තීරණය කරන කමිටුව පත් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය නොවෙයි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවයි. ඔවුන්ගේ නිර්දේශය අනුව ගණනය කිරීම කෙරුණේ හා ප‍්‍රතිඵල ප‍්‍රකාශ කෙරුණේ විභාග දෙපාර්තමේන්තුවෙනි. ප‍්‍රශ්නය:- මේ නිසා ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ විශාල අතපසුවීම් නිසා අගතියට පත් වූ තුන් ලක්‍ෂයකට ආසන්න සිසු සිසුවියන් ව්‍යාකූලත්වයට පත් වීම පිළිබඳ දැන් වග කියන්නේ කවුද? පිළිතුර:- මෙතැනදි සිදුව තිබෙන්නේ අහඹු සිදුවීමක් මොකද ඒක සංඛ්‍යානය ගැන දන්නා එක් විද්වත් කණ්ඩායමක් හරිය කියා විශ්වාස කරන දේ තවත් කණ්ඩාමයක් වැරැදියි කියා අර්ථනිරූපනය කිරීමයි. මෙහිදී වෙලා තිබෙන්නේ. එහෙනම් මේකට වගකිව යුත්තේ කළින් තීරණය දුන් විද්වතුන්ගේ කමිටුවද? ඊට විරුද්ධව උසාවි ගිය අය ද? එම කමිටුව පත් කළ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවද? උගත් විද්වත් කමිටුවක් විසින් z-අගය ගණනය කළ යුතු ආකාරය ගැන ඔවුන්ගේ නිගමනය දුන්නා, තව විද්වතෙක් ඒක වැරදියි කීවා. මේ හැම කෙනෙක්ම තමුන්ගේ හෘද සාක්‍ෂියට එකඟව නිවැරැුදි දේ කරන්න හදලා තියෙනවා. නමුත් එකිනෙකා දැක්ක නිවැරැුදි දේ පරස්පර වීමක් වෙලා තියෙන්නේ ඒවගේම z-අගය මනින මේ කිසි ක‍්‍රමවේදයක් 100%ක් වැරදිත් නැහැ. 100% හරිත් නැහැ. ඒවගේම ළමුන් තෝරා ගැනීමට z- අගය යොදා ගැනීමේ අඩුපාඩු පෙන්වන්න පුළුවන්. හැබැයි ඒ අඩුපාඩුවලට වඩා වාසි වැඩියි. ප‍්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව අධ්‍යාපනයට අදාළ ඇමැතිවරු ඉල්ලා අස්විය යුතු බවට රට තුළ ඇති මතය සම්බන්ධව ඔබේ ප‍්‍රතිචාරය? පිළිතුර:- z- අගය සූත‍්‍රය පිළිබඳ අධ්‍යයනය කර තීන්දු කළේ ස්වාධීන විද්වත් කමිටුවක් මිස ඇමැතිවරුන් නොවෙයි. ඔබ කියන පරිදි රට තුළ එවැනි මතයක් ගොඩනගන්නට උත්සාහ දරන අය ඒ පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන බවයි පෙනෙන්නේ.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
Z-අගය ප‍්‍රශ්නය අහඹු සිදුවීමක්
සලා Thursday, 05 July 2012 12:44 PM
මේවට කියන්න ඕන ඒවා තියෙනවා ලියන්න බෑ....
ප්‍රනාන්දු Friday, 06 July 2012 07:19 PM
ඔබ හිතන්නේ ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලද?
දිලාන් Thursday, 05 July 2012 12:45 PM
ලැජ්ජා නැද්ද අනේ
කිරිගෝරිස් Thursday, 05 July 2012 01:25 PM
"නැණස පෑදූ මිනිසා" අනේ මගේ කට
විශ්ව Friday, 06 July 2012 02:57 PM
ඇත්ත. ඔය මොන විදියෙන් Z-අගය හැදුවත් වැරදියි කියලා ඔප්පු කරන්න පුලුවන්
විශ්ව Thursday, 05 July 2012 01:34 PM
කලින් Z-අගය හදපු කෙනාට ඒක තමයි නිවැරදි කියලා උසාවියේදී ඔප්පු කර ගන්න බැරිවුණේ ඒ ගැන උවමනාවක් තිබුණේ නැති නිසාද මන්දා
ජගත් Friday, 06 July 2012 08:07 AM
විලිලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩිය ලොකුයිනේ
සමිත් Friday, 06 July 2012 07:36 AM
කනගාටු නොවන්න.සතුටින් ඉන්න.
අචිනි Tuesday, 03 July 2012 01:39 PM
මහත්තයෝ.. ඔයාට ඒක තවත් සුළු දෙයක් තමයි..ඒත් විභාගය කරපු දරැවොයි දන්නේ වෙච්ච විනාශය.. ලැජ්ජයි..
මහජනයා Tuesday, 03 July 2012 01:59 PM
මට ලැජ්ජ නැතෝ...
සදුන් සසංක Wednesday, 04 July 2012 11:27 AM
දියකිරිට බළලුත් සාක්කි කිවලු
චන්න Wednesday, 04 July 2012 11:50 AM
බලය ලැබෙනකොට මොලය වැඩකරන්නේ නැ.. මොලය තියෙන අයට බලය ලැබෙන්නේ නැ
වසන්ත රත්නායක Thursday, 05 July 2012 02:49 PM
ඒකාලේ නම් මෙයාට නමක් දාල තිබුණා...දැන් තමයි ඒක නියමෙටම ගැලපෙන්නේ.
වාසල Tuesday, 03 July 2012 11:28 PM
යකඩෝ, මෙහෙමත් කඩේ යාමක් මම ජීවිතේට දැකලා නෑනේ
චතුර Wednesday, 04 July 2012 12:11 PM
අනේ මන්ද බත් කන ගවයින් මොනව කරනවද මන්දා ,,,,,,,,,,,,,,
චතුර Wednesday, 04 July 2012 12:50 PM
බත් කන...........?
සිරිමල් Sunday, 08 July 2012 01:51 AM
ආණ්ඩුවෙන් පත් කරපු කොමිසම කියන්නෙත් නැ හරියට මොකද ඒ අය විෂය නිර්දේශ දෙකම එකක් විදිහට සලකලා z ලකුණු හැදුවේ කියල. z ලකුණු ගැන කතා කරන විවේචනය කරන අය ගොඩක් වෙලාවට තමන්ගේ දේශපාලනය එකට ගව ගන්න්න බව පේනවා. මම දන්නා විදිහට පැහැදිලි කරන්ඩ බලන්නම්.අපි සරලව හිතමු විෂය නිර්දේශ තියෙන්නේ 1 යි කියල. ගණිත අංශෙයන් විභාගෙට ඉන්න ළමයි ගැන හිතමු. ඒ ළමයි විෂයන් 3 කට ඉන්නවා ( රසායන විද්‍යාව , භෞතික විද්‍යාව , සයුක්ත ගණිතය ). මේ විෂයන් වලට වෙන වෙනම ළමයි ගන්න ලකුණු ( උදාහරණයක් විදිහට රසායන විද්‍යාවට 100 කීයද) කියන එක බැලුවොත් ( පිලිවෙලකට හැදුවොත් ) පේනවා ලකුණු 0 ගත්ත ළමයි අඩු බව සහ ලකුණු 100 ගත්ත ළමයිත් අඩු බව..නමුත් ලකුණු 50 ගත්ත අය වැඩි ප්‍රතිශතයක් ඉන්න බව. නමුත් එක එහෙම වෙන්නේ ඒ අවුරුද්දේ රසායන විද්‍යාව ළමයින්ට කොච්චර ලේසි අමාරු උනා ද කියන එක මත.විෂය ගොඩක් යට අමාරු උන නම් ලකුණු 50 ට වඩා ගත්ත අය අඩු වෙන්ඩ ඕනි. එතකොට සංක්‍යන විද්‍යාවෙන් පුළුවන් රසායන විද්‍යාව විෂය ට වැඩිම ලකුණු ගත්ත ළමයින්ට 1 ට ආසන්න Z ලකුනකුත් අඩුම ලකුණු ගත්ත ළමයින්ට -1 ට ආසන්න Z ලකුනකුත් ලැබෙනවා.දැන් ලකුණු 50 ගත්ත ළමයිට 0 ට ආසන්න Z ලකුණක් ලැබෙනවා කියල හිතුවොත් වැරදි. එක තීරණය වෙන්නේ ළමයි කීදෙනෙක් ඒ ඒ ලකුණ වල ඉන්නවා ද කියන එක මත.උදාහරණයක් විදිහට අපි දන්නවා ගොඩක් ළමයින්ට සංයුක්ත ගණිතය අමාරු බව. ඒ නිසා සංයුක්ත ගණිතය විෂයට ලකුණු 90 ගන්න ළමයි ඉතාමත් ටික දෙනාට අනෙත් ළමයිට සාපේක්ෂව ඉතාමත් ඉහල Z අගයක් ලැබෙනවා. මේකෙන් සිද්ද වෙන්නේ මේකයි.කමල් : ( රසායන විද්‍යාව=60 , භෞතික විද්‍යාව=70 , සයුක්ත ගණිතය=40) = මුළු ලකුණු = 170 ප්‍රදීප් : ( රසායන විද්‍යාව=60, භෞතික විද්‍යාව=40 , සයුක්ත ගණිතය=70)= මුළු ලකුණු = 170 ඉතින් Z ලකුණට පෙර ක්‍රමය තිබුන නම් මේ ඇමයි දෙන්නටම කැම්පස් යන්ද තියෙන්නේ සමාන අවස්ථාවක්.නමුත් අපි හිතමු මේ ළමයි දෙන්න විභාගේ ලියපු අවුරුද්දේ සයුක්ත ගණිතය ප්‍රතිඵල ඉතාමත් දුර්වලයි කියල. ඒ කියන්නේ ලකුණු 50 වැඩියෙන් ඒ විෂයට ගත්ත ළමයි හරිනම අඩුයි.එතකොට සංක්‍යන විද්‍යාවෙන් ප්‍රදීප් ගේ සයුක්ත ගණිතය ලකුණු 70 ට විශාල වටිනාකමක් ලැබෙනවා. (එකේ තේරුම ළමයි ගොඩකට අමාරු උන විෂයක් හොදට පාස් උන ළමයෙකුට වැඩි අවස්ථාවක් හිමි වීමයි. ඓක සාධාරණයි නේද ?)ඉතින් Z ලකුණු ගත්තොත් මෙහෙම වෙන්ඩ පුළුවන්. කමල් : ( රසායන විද්‍යාව=60 Z =0.2 , භෞතික විද්‍යාව=70 Z=0.3. , සයුක්ත ගණිතය=40 Z=0.1) = මුළු ලකුණු = 170 Z ස්කොර මුළු ලකුණු = 0.6 ප්‍රදීප් : ( රසායන විද්‍යාව=60, Z=0.2 ,භෞතික විද්‍යාව=40 Z=0.2, සයුක්ත ගණිතය=70 Z=0.8)= මුළු ලකුණු = 170 Z ස්කොර මුළු ලකුණු = 1.2 දැන් ප්‍රදීප් කැම්පස් යන්ඩ වැඩි අවතාවක් තියනවා . ප්‍රදීප් ගේ අනෙත් යට සාපේක්ෂව තියන ටැලන්ට් එක Z අගයෙන් මනෙනවා. මටනම් හිතෙන්නේ මේක ඉතාමත් නිවැරදියි.දැන් මේ පර ප්‍රශ්නය ටිකක් සංකීරංයි .හේතුව විෂය නිර්දේශ ක් නිසා. දන්නා විදිහට කමිටුව කරලා තියෙන්නේ පරණ නිර්දේශ අලුත් නිර්දේශ කියල නොහිත , එක එක විෂයන් වලට Z ලකුණු බලපු එක. ඉතින් නිර්දේශ දෙකම එකම අමාරු ලේසි මට්ටමක් කවදාවත් හිටින්නේ නැති නිසා ඒ ක වැරදි කියල තම මට හිතෙන්නේ.නමුත් කමිටුව කියල තියෙනෙව එහෙම කලේ අලුත් හෝ පරණ නිර්දේශ වලින් පළමුවෙනි පාර ලියල වැඩි ලකුණු ගන්න ළමයින්ට වැඩි අවස්ථාවක් Z ලකුණ හරහා ලබා දෙන්ඩ කියල. මටනම් තේරෙන්නේ නැ එක කොහොමද පැහැදීලි කරන්නේ කියල.කොහොම උනත් , පාවිච්චි කරපු ක්‍රමය හරියට පැහැදිලි කර නම් ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැ කියන එක තම මට හිතෙන්නේ. දේශපාලකයෝ මොන කිව්වත් අපි බුද්ධිමත් මිනිස්සු විදිහට අදහස් ප්‍රකාශ කර නම් තම හොද. ගොඩක් කොමෙන්ටු දාල තියන අය දේශපාලකයන්ටත් වඩා අන්තවාදේ වගේ.
ජගත් Tuesday, 03 July 2012 04:35 PM
ඔයාට හැමදේම අහඹු සිදුවීම්නෙ.. තන්හාවක තරම..
ජගත් Wednesday, 04 July 2012 01:53 PM
ටැක්ස් වලින් බේරෙන්න ගත් උපායක් නේ...
මහරාජා Wednesday, 04 July 2012 02:07 PM
කොහොමද මගේ කට්ටියගේ වැඩ...!
අර්ජුන Wednesday, 04 July 2012 08:59 AM
මී..............යෝ..................
අර්ජුන Wednesday, 04 July 2012 08:20 AM
අනේ මීයෝ..................
චතු Tuesday, 03 July 2012 07:13 PM
මෙයාලට මොකෝ අපිනේ දන්නේ දුක මේවා ගැන කනා කරල වැඩක් නැ අපිට කවද කැම්පස් යන්න වේවිද මන්දා
අමිල Wednesday, 04 July 2012 09:36 AM
මේකත් අහගන්න. විභාග ලිව්වේ අපි ඔයාල නෙමෙයිනේ...ඒකෙන් දුක්විදින්නේ අපි. මෙහෙම අය ඉන්නවට වඩා හොඳයි...........................
කේ.කේ. Thursday, 05 July 2012 04:56 PM
phycis ඇණගත්ත හේතුව දැනුයි දැනෙන්නෙ!
සදා Thursday, 05 July 2012 04:18 PM
මේ ප්‍රශ්ණය නම් විසදපු එක ලොකු දෙයක්.නැත්නම් 50% විතර පිස්සු තමයි හැදෙන්නේ .සාදාරණ පිළිතුරක් ලබා දෙන්න..
ව්කුම් Tuesday, 17 December 2019 01:08 AM
මේ z අගය නැවත පෙර පරිදි සිදු කල යුතුයි...