IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අගෝ 11 දිනය උදාවන තුරු


ජනපතිවරණයට තවත් මාස 4ක් තිබෙන තැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රූපාන්තරණය තවමත් අවසන්ව නොමැත.

මෑත සමයේ ඔහුගේ දේශපාලන අපේක්ෂා ලැයිස්තුවේ ඉහළින්ම සදහන් වුනු කරුණු කිහිපයක් පහත පරිදිය.

1.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකිනෙකා හා අත්වැල් බැඳගෙන තනන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණ වේදිකාවට පිවිසීම. නමුත් මේ අරභයා ඇතිව තිබෙන විරෝධය නිසාවෙන්ම ජනපති සිරිසේන මහතාගේ එම අපේක්ෂාව මිරිඟුවකට සමව තිබෙන අතර, දෙපාර්ශවය අතර වෙනත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇතත් ජනපති සිරිසේන මහතා යෝජිත පොදු සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ ඉඩකඩ මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී ගොස් තිබේ.

2.  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හමුවේ අදහස් දැක්වූ ජනපතිවරයා, ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට තමා සහාය දක්වන බව පැවසුවේය. මෙම පුවත සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, එක්සත් ජාතික පක්ෂයෙන් වෙනත් ජනපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මුල් කරගත් එකඟතාවයක් ඔහු ඇතිකරගෙන ඇතැයි මතයක් ද පළවිය. එවැන්නක් තිබිය හැකි වුවත්, එයට සිදුවූ දෙයක් නැත.

3. - කැබිනට් මණ්ඩලයේදී ජනපතිවරයා දැක්වූ මෙම අදහස් හමුවේ අතිශය කෝපයට පත්වූ ඔහුට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් වහා ඔහුව හමුවිය. ජනපතිවරයා සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් තීරණ ගන්නා ආකාරයෙන්ම තමන්ට ද තමතමන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකියාව තිබිය යුතු බව ඔවුහු පැවසූහ. කැබිනට් මණ්ඩලය හමුවේ ඉහත සදහන් කළ ආකාරයේ ප්‍රකාශයක් කළ බව ජනපති සිරිසේන මහතා තරයේම ප්‍රතික්ෂේප කළේ ය. මේ හමුවේ ඔහු හමුවට පැමිණි ගණනින් 23ක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස, පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නැයි ඔවුන්ගේ අත්සනින් යුතු නිල ඉල්ලීමක් ජනපතිවරයා වෙත ඉදිරිපත් කළේ ය. තනි පාර්ශවයක් ලෙස පෙනී සිටිමින් ජනපතිවරණයට ඉදිරිපත්වීම ඔවුන්ගේ අදහස විය. ජනපති සිරිසේන මහතා ඔවුන්ගේ ඉල්ලීම පිළිගත් අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට නිල ප්‍රකාශයක් සිදුකිරීමට ද එකඟ විය. නමුත් එය සිදුවූයේ නැත. ඉල්ලීම ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස දැන් සිටින්නේ කෝපයෙන් දැවෙමිනි.

4. - පළමුව පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක්දැයි විමසා ජනමත විචාරණයක් පැවැත්වීමට ජනපති සිරිසේන මහතාට වුවමනා විය. පැවැත්වීමට නියමිතව තිබෙන ජනපතිවරණය එනු ඇත්තේ ඉන් පසුවය. පසුගිය ඉරිදා, සිය ටජිකිස්ථාන සංචාරයෙන් පෙරළා දිවයිනට පැමිණි පසු ජනපතිවරයාගේ අවධානය ජනමත විචාරණයක් පැවැත්වීමට ඔහුට තිබූ අභිලාශය අරබයා මෙම තීරුවෙන් කර තිබූ අනාවරණයට යොමුවිය. මුල් අවස්ථාවේ ඔහු මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දේශපාලඥයින් කිහිපදෙනෙකුගෙන්ම අදහස් විමසා තිබිණ. පසුගිය සතියේ අනාවරණය කළ පරිද්දෙන් නීතිපතිවරයා ද ඔහුට දන්වා තිබුණේ ජනමත විචාරණයක් පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවය. නමුත් ජනපතිවරයාගේ පෞද්ගලික නීති උපදේශකයන් ඔහුට දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කිසිදු ව්‍යවස්ථාමය අවසරයක් ජනපතිවරයාට නොමැති බවයි. මෙය පසුගිය වසරේ ඔක්තෝබරයේ දී ජනපති සිරිසේන මහතාටම උගැන්මට සිදුවූ අමිහිරි පාඩමකි. එදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඔහු කටයුතු කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එකම වරද නැවත කිරීමේ වුවමනාවක් ඔහුට නොතිබිණ.

ඔහු අදහස වෙනස් කරගෙන තිබිණ. යෝජිත ජනමත විචාරණය නොපවත්වන බවට ප්‍රකාශ කරන ලෙස ඔහු සිය පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට උපදෙස් දුන්නේ ය.

“ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වුනා. නමුත් ඒ සදහා ජනපතිවරයාට බලය තිබුණත්, පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට බලයක් ඔහුට නැහැ” යයි ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ජයසේකර මහතා පැවසුවේ ය.

“අපත් ඇතුලුව විපක්ෂයේ සිටින සියලුදෙනාම පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ල සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව මේ ගැන ඉල්ලීමක් ද ඉදිරිපත් කර තිබෙනවා” යයි ඔහු කීවේ ය. එම තුරුම්පුව ද අතේ පත්තු විය.

5.  - පසුගිය බදාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ රැස්වීමකට සහභාගීව සිටි ජනපති සිරිසේන මහතා, එළැඹෙන ජනපතිවරණයේ දී පක්ෂයට හෝ පක්ෂයේ ආධාකරුවන්ට අසාධාරණයක් හෝ අපකීර්තියක් සිදුනොවන ගෞරවාන්විත තීරණයක් තමා ගන්නා බව පැවසුවේය. මෙවර ජනපතිවරණය තුන්කොන් සටනක් වනු ඇති බවට පළව තිබෙන මතයන් බැහැර කළ ඔහු එය ප්‍රධාන තරගකරුවන් දෙදෙනෙකු අතර ගැටුමක් වනු ඇති බව කීවේය. 

සැළකිල්ලට ගතයුතු කාරණය වන්නේ ජනපතිවරයාගේ කතාව ඇතුළත් මාධ්‍ය නිවේදනයක් එදින නිකුත් නොකිරීමය. සම්පූර්ණ කතාව මාධ්‍යයට නිදහස් නොකරන ලෙසට උපදෙස් ලැබුණු බව ජනපති මාධ්‍ය අංශයට සම්බන්ධ ආරංචි මාර්ගයක් පැවසුවේය. 

නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙක්, ජනපතිවරයා එවැනි ක්‍රියාමාර්ගයක් අනුමනය කළේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත වතාවක් අමනාප කරගැනීමේ වුවමනාවක් නොතිබුණු නිසාවෙන් බව පැහැදිලි කළේ ය. එනම් කැබිනට් මණ්ඩලයේ එක් කතාවක්ද, කාන්තා පෙරමුණ හමුවේ තවත් කතාවක් ද පැවසීමය. එය පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් නැවත වතාවක් කෝපයට පත්කරනු ඇතැයි ජනපතිවරයා සිතූ බව එම සාමාජිකයා වැඩිදුරටත් කීවේය. 

ජනපතිවරයා මෙවැනි අදහස් දැක්වීමක යෙදුනේ පක්ෂයේ කාන්තා පෙරමුණ නියෝජනය කරමින් රැස්වීමට සහභාගීව සිටි කණ්ඩායම්, ජනපතිවරයා ලෙස ඔහු තවදුරටත් රටට නායකත්වය දිය යුතුව තිබෙන බව පවසා සිටීම හමුවේය.

කෙසේවුවත්, තමා කළ දේශනයක් ප්‍රසිද්ධ මාධ්‍යයට නිකුත් කිරීම ගැන ඔහු දෙවරක් සිතූයේ ඇයි? ඔහු එසේ කළේ දෙවරක් නොසිතා එසේ කිරීමෙන් අත්විදීමට සිදුවූ විපාකයන් නිසා ද? එයට පිළිතුර කුමක් වුවත්, සාර්ථක කරගත නුහුණු පළමු කාරණා 4 සැළකීමේ දී, පස්වැන්න ගැන වැඩි අවධානයක් යොමුකළ මනාය. 

පළමුව, තර්කානුකූලව නිගමනය කළහොත් ඔහු මෙම වසර අග පැවැත්වීමට නියමිත ජනපතිවරණයට සහභාගී නොවීම කෙරේ අවධානය යොමුකර ඇත. එය, මෙවර ජනපතිවරණය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා සහ විපක්ෂයේ සහාය ලබන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා අතර ඇවිලෙන සටනක් බවට පත්කරවන්නකි.

එක්සත් ජාතික පක්ෂයට ජනපතිවරයාගේ සහාය හිමිවීම අරබයා පවතින්නේ ඉතාම අඩු අවස්ථාවකි. 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර පවතින සබදතාවය මේ වන විට ඉතාම අමිහිරි සහ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කළ නොහැකි මට්ටමකට පත්ව තිබේ. මේ නිසාම රජයේ ක්‍රියාකාරීත්වය කෙරේ එල්ලව තිබෙන අහිතකර බලපෑම සහ එකිනෙකා පරස්පරවිරෝධී ස්ථාවරයන් අනුගමනය කරමින් සිටීම නිසා ඇතිව තිබෙන විනාශකාරී තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක වන සජිත් ප්‍රේමදාස මහතාට ජනපති සිරිසේන මහතා සහාය දක්වමින් සිටින බව දැන් ප්‍රසිද්ධ රහසකි. ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ කොටසක සහාය ද හිමිය. නමුත් එම කොටස දැන් බියපත්ව සිටින්නේ තමා ප්‍රේමදාසට සහාය දක්වන බවට ජනපතිවරයා ප්‍රසිද්ධියේම කියා සිටියහොත්, එය තම නායකයාට අහිතකර ලෙස බලපානු ඇතැයි, බිම් මට්ටමේ සහාය අහිමිවීමට හේතුවක් වනු ඇතැයි, සිතාය. අනෙක් අතට, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වාම පියවරක් හෝ පසුපසට තබා නොමැති අතර තරගයේ එල්බගෙන සිටීම ඔහුගේ ද වුවමනාවය.

පක්ෂයේ ජනපති අපේක්ෂකයා පිළිබදව තීරණය ගැනීමට සිදුවනු ඇති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පාලනය තවමත් පක්ෂ නායකයා ලෙස වික්‍රමසිංහ මහතා සතුය. කතානායක කරූ ජයසූරිය මහතා ද එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ ලකුණු පළකර තිබෙන නමුත් ඔහු කොන්දේසියක් පනවමින්, තමා එසේ තරග වදින්නේ පක්ෂයට එවැනි වුවමනාවක් තිබේනම් පමණක් බව සදහන් කර තිබේ. ඇතැම් සිවිල් සමාජ කණ්ඩායම්වල සහ බටහිර තානාපති කාර්යාලවල සහාය ඔහුට ලැබෙමින් තිබේ. 

එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා සිය පක්ෂ සගයා වන මලික් සමරවික්‍රම මහතාගේ උපදෙස් නොසළකා හැර, පක්ෂ නායක වික්‍රමසිංහ මහතාට නොදන්වා නැවත අමාත්‍යවරයකු ලෙස දිව්රුම්දීම සැළකිල්ලට ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂයේ බෙදීම පුලුල් වෙමින් තිබෙන බව පැහැදිලිවම කිව හැකිය. ගතවූ වසර ගණනාවක් පුරාවට වික්‍රමසිංහ මහතාගේ හිතවාදිනියක් ලෙස පෙනී සිටි අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය, ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට තමා සහාය දක්වන බව පසුගිය සතියේ ප්‍රසිද්ධියේම පැවසුවාය.

පක්ෂ නායකයාගේ සහාය මේ අරබයා දිනා ගැනීමට කටයුතු කරන බවද ඇය කීවාය. 

විටෙක ඉතාම නිවුණු පිළිවෙතින් සහ තවත් විටෙක අතිශය උද්වේගකර පිළිවෙතින් කටයුතු කරන ප්‍රේමදාස මහතාට, එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දොරටු විවර කරදීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි සිතීම උගහටය. මෙම කාරණා ඇතුලු තවත් බොහෝමයක් හේතු නිසාම ජනපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර සාමයේ පාලමක් තැනීම ඉතාම දුෂ්කර, එසේත් නැතිනම් කිසිසේත්ම නොකළ හැකි කාර්යයක් බවට අද වන විට පත්ව ඇත.

ඒ අනුව ජනපතිවරයාට තෝරාගැනීමට ඉතිරි වන්නේ එක් අවස්ථාවකි. එය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සන්ධානයක් ගොඩනගා එයට සහාය දැක්වීමය. නොයෙක් මතිමතාන්තර සහ කටකතා පළව ඇතත්, විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාමය. 

සිංගප්පූරුවේ දී විවෘත හදවත් සැත්කමකට මුහුණදීමෙන් පසු ඔහු මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටී. ජනපතිවරණයට මුහුණදෙන්නේ නම් ඒ සදහා අවම වෙහෙසක් දරන ලෙස වෛද්‍යවරුන් ඔහුට නිර්දේශ කර තිබේ. 
ගෝඨාභය මහතා තවමත් බලා සිටින්නේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීම සදහා ඉදිරිපත් කළ ඉල්ලීමට එරටින් ප්‍රතිචාරයක් ලැබෙන තෙක්ය. කෙසේවුවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායකතැන වන මහින්ද රාජපපක්ෂ මහතා නැවත නැවතත් සදහන් කර තිබෙන්නේ පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් කර නොමැති බවය. 

පසුගිය සමයේ විදෙස් පුවත් ආයතනයන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවලදී ද රාජපක්ෂ මහතා කියා සිටියේත් එයමය.

ලබන අගෝස්තු මස 11 වැනිදා පස්වරු 2 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වාර්ෂික සමුලුවේ දී පක්ෂයේ ජනපති අපේක්ෂකයා කවුරුන්දැයි යන්න ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මෙම අවස්ථාවේදීම මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස පත්වීමට ද නියමිතය. පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්යතැන වන බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති එකිනෙකට වෙනස් රැස්වීම් 3කට සහභාගී විය. පළමුවැන්න පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ද, දෙවැන්න දැනට පත්ව සිටින සහ හිටපු පළාත් සභා සාමාජිකයන් සමග ද, තෙවැන්න පළාත් පාලන ආයතන සාමාජිකයන් සමග ද, පැවැත්විණ.

පක්ෂයේ කාන්තා පෙරමුණ හමුවේ ජනපති සිරිසේන මහතා දක්වා තිබෙන අදහස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළම තලයේ අවධානයට ද යොමුව ඇත. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සමග පමණක් නොව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාකරුවන් සමග ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් හුවමාරු කරගැනීමේ යෙදී තිබෙන අතර, ඒවායේ දී එළැඹි එකඟතාවය පිළිබදව එම සාකච්ඡාවලට එක්ව සිටි අයෙක් සන්ඬේ ටයිම්ස් හා පවසා සිටියේ මෙසේය.

“එහෙන් මෙහෙන් ඡන්ද එකක් දෙකක් නැතිවුනත්, ජනපති සිරිසේන මහතාගේ සහාය පිළිගන්නයි අපි තීරණය කළේ. ඒත් ඊට කලින් ගොඩක් දේවල්වල තිබෙන අවුල් ලිහාගත යුතුව තිබෙනවා” යයි ඔහු කීවේය. 

- ද සන්ඬේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (0)

අගෝ 11 දිනය උදාවන තුරු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 521 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1028 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 960 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 174 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 115 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1003 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18433 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site