IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අඟුරු කකා - වතුර බි බී කොළඹ දුවන යකඩ යකා ගමන් ඇරැඹූ හැටි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට අද 3 වැනිදා සියවසක් සපිරීම අරමුණු කරගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද 3 වැනි දා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින දානමය පින්කමක්ද සිදු කෙරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කාර්මික පුනරුදයත් සමඟම යුරෝපයේ නව සොයා ගැනීම් අතර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය ගමනා ගමනයට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. ලොව දුම්රිය ගමනාගමනය දියුණු තත්ත්වයට පත්ව ඇත්තේ කලක් තිස්සේ සිදුවූ ක‍්‍රමික විකාශනය තුළිනි.

ගල් අඟුරු ආකර අතර ගල් අඟුරු එහා මෙහා ගෙනයාම සඳහා දැවයෙන් තැනූ රේල් පීලි මත ලී පෙට්ටි ඇදගෙන යාමත් එම ගල් අඟුරු නැව් තොටුපළවල්  වෙත අසුන් යෙදු ගැල් මගින් ගෙනයාමත් 15 වැනි සියවසේදී දක්නට ලැබුණි.

එහෙත් 18 වැනි සියවස වන විට එනම් 1767 වන විට එංගලන්තයේ ගල් අඟුරු ආකර අතර ගල් අඟුරු ප‍්‍රවාහනය සඳහා දැව ලී පීලි වෙනුවට ලෝහයෙන් කැපූ පීලි යොදාගන්නා ලදී.

1769 දී ප්‍රංශ කාලතුවක්කු හමුදාවේ නිලධාරියකු වූ නිකලස් කැන්ගෝ (Nicholas Cugnot) විසින් වාෂ්ප බලයෙන් ක‍්‍රියාකරන රෝද තුනේ වාහනයක් නිපදවීමත් ඉතාම අවම තාක්ෂණයෙන් යුතුව නිපදවූ එම වාහන පසුකාලීන වෙනත් වාහන හා එන්ජින් නිපදවීමේ මූලික අඩිතාලම විය.

යාන්ත‍්‍රික ශක්තිය මුල් කරගනිමින් රේල් පීලි මත ධාවනය කළ හැකි යන්ත‍්‍රයක් මුලින්ම හඳුන්වා දුන්නේ රිචර්ඞ් ටෙ‍්‍රමිතික් නැමැත්තාය. මෙය සැලකිය යුතු ඉදිරි පියවරක් විය. මෙම ආකෘතිය උපයෝගී කරගනිමින් ජෝර්ච් ස්ටීවන් විසින් (My Lord) වාෂ්ප බලයෙන් ක‍්‍රියා කරන දුම්රිය එන්ජිම හඳුන්වා දෙන ලදී.

ඔහුගේ මුල්ම එන්ජිම එතරම් තාක්ෂණික අංගයන්ගෙන් පරිපූර්ණ නොවුණද පසුකාලීන ඔහුගේ එන්ජින් නිෂ්පාදනය වැඩි දියුණු වන්නට විය. දුම්රිය එන්ජින් නිෂ්පාදනයේ ජොර්ජ් ස්ටීවන්සන්ගේ නාමයද ඉතිහාසගත වන්නට විය.

දුම්රිය එන්ජින් නිෂ්පාදනයත් සමඟම 19 වැනි සියවස වන විට ගල් අඟුරු පතල් හිමියන් ඇතුළු ආයෝජකයෝ දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කරන්නට වූහ. ඒ සඳහා ඔවුහු තම ප‍්‍රාග්ධනයද ආයෝජනය කරන්න පටන් ගත්හ. ඒ වන විටත් එංගලන්තයේ ප‍්‍රධාන ප‍්‍රවාහන මාධ්‍ය වූයේ ඇළ මාර්ගයයි. එහෙත් ඒ සඳහා අධික බදු මුදලක් ගෙවීමට පතල්කරුවන්ට සිදු විය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට ස්ටොක්ටන් - ඩාර්ලිංටන් අතර දුම්රිය මාර්ගයක ආරම්භය සිදු විය. එහෙත් එම දෙනගර යා කරමින් ඉදිවූ මාර්ගය දුම්රිය සේවාවක ආරම්භ නොවුණද පසුකාලීනව දුම්රිය මාර්ග ඉදිකිරීමෙහිලා අඩිතාලම බවට පත්විය.

ලොව ප‍්‍රථම දුම්රිය සේවාව ලෙස ගණන් ගැණෙනුයේ 1824 වසරේ පිහිටුවාගත් ලිවර්පූල් - මැන්චෙස්ටර් නගර ද්විත්වය යා කරමින් ඉදිකළ දුම්රිය මාර්ගය හා සම්බන්ධ දුම්රිය සේවයයි. මේ වන විට ජෝර්ජ් හා රොබට් ස්ටීවන්සන් වරුන්ගේ රොකට් (Rocket) නමැති දුම්රිය එන්ජිමද ගැල් සමඟ පැයට සැතපුම් 30ක වේගයෙන් ධාවනය කිරීමේ හැකියාවද සමඟ ප‍්‍රමුඛස්ථානයක් ගෙන තිබුණි.

1830 සැප්තැබ්බර් 15 වැනිදා මැන්චෙස්ටර් හා ලිවර්පූල් නගර අතර ඓතිහාසික දුම්රිය සේවාව ආරම්භ විය. එවකට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාව සිටි වෙලින්ටන් සාමිවරයා අතින් එම දුම්රිය සේවාව ආරම්භ විය. කර්මාන්ත පුරවරයක් වන මැන්චෙස්ටර් නගරයත් වරාය නගරය වූ ලිවර්පූල් නගරයත් දුම්රිය සේවාවකින් සම්බන්ධවීම ආර්ථික සමාජයීය සංවර්ධනයේ විපර්යාසයක් විය.

මෙම මාර්ගයේ දුම්රිය ධාවනය අඛණ්ඩව සිදුවූ අතර ඒ සඳහා ආයෝජනය කළ මුදල පවුම් 865,000ක් විය. මේ හා සමගාමීව ලන්ඩන් - සදර්ටන් මාර්ගය (London - Southerton) මාර්ගය හා ලන්ඩන් - බි‍්‍රස්ටල් මාර්ගය (London - Bristol) මාර්ගය මෙලෙස නිමාවට පත්විය.

1840 පමණ වන විට බි‍්‍රතාන්‍ය දුම්රිය සේවාව දියුණු මට්ටමකට පත්වන්නට විය. මෙය බි‍්‍රතාන්‍ය යටත් විජිත දක්වාම ව්‍යාප්ත වන්නට විය. 1815 වන විට ශ්‍රී ලංකාවම බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්වී හමාරය. වැඩි ලාභයක් ලැබිය හැකි ආර්ථික වගාවක් ලෙස කෝපි වගාව කිරීම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත විය.

1840 අංක 12 දරණ රාජ්‍ය ඉඩම් පනතින් හා එහි සංශෝධිත 1841 අංක 09 දරණ පනත් මගින් උඩරට ගැමියන් භුක්ති විඳි ඉඩම්වල අයිතියද පවරාගත් ඉංග‍්‍රීසි ජාතිකයෝ මුළු මධ්‍යම කඳුකරයම කෝපි වැව්ලිකරුවන් අතර බෙදා දුන්හ.

මධ්‍යම කඳුකරයේ කෝපි වගාව ව්‍යාප්ත වීමත් සමඟම වතු හිමියන්ට ගැටලූ කිහිපයකට මුහුණ දීමට සිදු විය. ඒ වන විට කොළඹ - නුවර මර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහනය සිදුවූයේ ගැල් මගිනි. කුලී කම්කරු හිඟය හා භාණ්ඩ ප‍්‍රවාහනයට ප‍්‍රමාණවත් ගැල් සංඛ්‍යාවක් නොමැතිවීමත් ප‍්‍රවාහනය සඳහා ගතවූ කාලය අධිකවීමත් කෝපි වතු පාලකයන් මුහුණදුන් ගැටලූය. එමෙන්ම කෝපි ප‍්‍රවාහනයේදී ගැල් සඳහා අයකළ ගාස්තුව පවුම් 2ක් හා සිලිං 10ක් විය. සිලිං 05කට අක්කරයක් මිලදීගත් වතු හිමියන්ට එක් ගැල් ගමන් වාරයක් සඳහා ගෙවූ ප‍්‍රවාහන ගාස්තුවෙන් අක්කර 10ක් මිලදීගත හැකිවිය.

මේ කාලවකවානුව වන විට කෝපි නිෂ්පාදනය ද ඉතා ඉහළ මට්ටමක පැවතුණි. 1806-1813 කාලය අතර රාත්තල් 26,500 වූ කෝපි නිෂ්පාදනය 1826-1833 කාලය වන විට රාත්තල් 2,061,400 දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙලෙස කෝපි නිෂ්පාදනයේ වර්ධනයට බලපෑවේ 1835 පමණ වන විට බෙල්ජියම හා ප‍්‍රංශය වැනි බටහිර යුරෝපීය රටවල කෝපි පානය ජනප‍්‍රිය වීමයි. එතෙක් ජැමෙයිකාව ඇතුළු රටවල් කිහිපයක පැවති කෝපි නිෂ්පාදනය පහළ යාමද මෙලෙස ශ්‍රී ලංකාවේ කෝපි කෙරෙහි පැවති ඉල්ලූම ඉහළ යන්නට විය. මේ හේතූන් මත ශ්‍රී ලංකාවේ කෝපි නිෂ්පාදනය ඉහළයාමත්, මේ නිෂ්පාදන ප‍්‍රවාහනයත් අතිශයින් වැදගත් විය.

කෝපි නිෂ්පාදනය හා ප‍්‍රවාහනය පිළිබඳව මුහුණදුන් ගැටලූවලට විසදුම් සෙවූ වතුහිමියෝ තම මව් රටේ ප‍්‍රවාහන මාධ්‍යයක් බව පත්වෙමින් තිබූ දුම්රිය සේවය කෙරෙහි අවධානය යොමු කරන්නට වූහ. ඒ අනුව වතු හිමියෝ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයක් ආරම්භ කරන ලෙසට යටත් විජිත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙහි ප‍්‍රතිපලයක් ලෙස 1845 ඔක්තෝබර් මාසයේදී ලංකා දුම්රිය සමාගම (The Ceylon railway company) ලියාපදිංචි විය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ඉතා වැදගත් යටත් විජිතයක් වූ ද කඩිනම් ආර්ථික ප‍්‍රගතියක් දක්වන ලංකාවට දුම්රිය ප‍්‍රවාහන ක‍්‍රමය හඳුන්වාදීම මෙම සමාගමේ අරමුණ විය.

කොළඹ -  මහනුවර අතර දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ප‍්‍රධානතම කරුණ විය. එම දුම්රිය මාර්ගය ගොඩ නැගීම සඳහා වැයවන මුදල ලෙස ඇස්තමේන්තු කර තිබුණේ පවුම් දස ලක්ෂයකි. (1,000,000). ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිබඳව විමර්ශන කටයුතු සඳහා 1846 දී පළපුරුදු ඉංජිනේරුවරයකු වූ ඩිරේන් (Drain) ශ්‍රී ලංකාවට පත්කර එවනු ලැබූ අතර ඔහු විසින් මූලික සැලසුම් කටයුතු ආරම්භ කරන ලදී.

1855 මැයි මාසයේදී ලංකා ආණ්ඩුකාර ධූරයට පත් සර් හෙන්රි වෝඩ් ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ නොමැකෙන නාමය ලෙස සටහන් වී ඇත. ශ්‍රී ලංකා ගමනාගමන ක්ෂේත‍්‍රයේ දැවැන්ත පෙරළියක ආරම්භය වූයේ 1858 අගෝස්තු මස 3 වැනි දින පස්වරු 5.30 උදාව සුභ මොහොතින් එවකට ආණ්ඩුකාර ධූරය හෙබවූ සර් හෙන්රි වෝඩ් විසින් මංගල  පස් පිඩැල්ල කැපීමෙන් ශ්‍රී ලංකා දුම්රිය මාර්ග තැනීම ආරම්භ කිරීමයි.

මෙම අවස්ථාවට මහ රැජින නියෝජනය කරමින් යටත් විජිත බාර ලේකම්වරයකු වූ ජේ. සී. මැකාති නාවුක හා පාබල හමුදාව නියෝජනය කරමින් එච්.පී තොම්සන් බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත සී. ජේ. ලෙනාඩ් යන මහත්වරුන් ද සහභාගී වූහ. තවද විදේශීය හා දේශීය වශයෙන් හයදහසකට ආසන්න පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වූ බව සඳහන්ය.

මෙලෙසින් ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ මූලාරම්භය සනිටුහන් කරමින් දුම්රිය මාර්ග ඉදි කිරීම ආරම්භ කරන ලදී. ප‍්‍රථම අදියරේ වැඩ කටයුතු (කොළඹ - අඹේපුස්ස) 1846 වර්ෂයේදී අවසන් කරන ලදී. බෙල්ජියමේ ඔටුන්න හිමි බ‍්‍රබැන්ට් ආදිපාදවරයා වෙනුවෙන් 1864 දෙසැම්බර් 27 වැනිදා ප‍්‍රථම දුම්රිය ගමන කොළඹ සිට අඹේපුස්ස දක්වා සංවිධානය කෙරුණි.

මගී ප‍්‍රවාහනය සඳහා ප‍්‍රථම දුම්රිය ගමන සිදුවූයේ 1865 ඔක්තෝබර් 2 වැනිදා පෙරවරු 7.00ටය. එම දුම්රිය මැදිරි 10කින් සමන්විත වූ අතර සහභාගී වූ මගී පිරිස 84කි. ආදායම පවුම් 31 සිලිං 01 පැන්ස 11කි. එවකට කොළඹ දුම්රිය ස්ථානාධිපතිවරයා වූයේ G .H.Twynam. අඹේපුස්ස ස්ථානාධිපතිවරයා වූයේ J. Hoffman ය.

මෙලෙස සනිටුහන් වන දුම්රිය ගමනාගමනයේ ආරම්භක ස්ථානය ලෙස වර්තමාන මරදාන කාර්මික විද්‍යාල ඉදිරිපිට ඇති බඩු ගබඩා සංකීර්ණය ඇති ස්ථානය කොළඹ දුම්රිය ස්ථානය ලෙස යොදා ගනු ලැබුවේ 1867 දෙසැම්බර් මස 24 වැනිදා සිටය. කොළඹ ඉදිවූ පළමු දුම්රිය ස්ථානය කළම්බු ටර්මිනල් නම් විය. ඉන්පසුව 1908 වසරේ මරදාන දුම්රිය ස්ථානයත් 1917 වර්ෂයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් බිහිවිය.

2017 ඔක්තෝබර් මස සියවස් පූර්ණය සමරන කොළඹ කොටුව දුම්රිය ස්ථානය අනෙකුත් දුම්රිය ස්ථාන අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගනී. භාණ්ඩ ප‍්‍රවාහනය උදෙසා ආරම්භ කෙරුණ දුම්රිය ගමනාගමනය මේ වන විට මගී ප‍්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයද වේ.

මුහුදුබඩ ගමනාරම්භය හැර දිවයිනේ අනෙකුත් සියලූම දුම්රිය මාර්ගවල දුම්රිය ගමනාරම්භය සිදුකරන ස්ථානය කොළඹ කොටුව ස්ථානයයි. මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දෛනිකව දුම්රිය ගමන්වාර 320ක් ක‍්‍රියාත්මකවන අතර මගීහු ලක්ෂ 2ක් පමණ ගමන් බිමන් සිදු කරති. මාසික ආදායම මිලියන 100කි.

තවදුරටත් දුම්රිය ස්ථාන සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානය ලෙස නවීකරණය කිරීමත් දුම්රිය මගීන් සඳහා ගුණාත්මක දුම්රිය සේවාවක් ලබාදීමත් ඉන්ධන, ගල් අඟුරු, ප‍්‍රීමා පිටි ඇතුළු භාණ්ඩ ප‍්‍රවාහනය පුළුල් කිරීමත් නව දුම්රිය මාර්ග ඉදිකිරීම තුළින් දුම්රියේ ආදායම් වැඩි කිරීම දුම්රියේ ඉලක්ක ගත අරමුණ අතර වේ.

මේ සඳහා නව එන්ජින්, නව මැදිරි, බහාලූම් ප‍්‍රවාහන දුම්රිය ගැල් ආදිය කඩිනමින් ආනයනය කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශයද අදාළ කටයුතු සිදු කරමින් සිටී. විශේෂයෙන් මහාමාර්ගවල පවතින තදබදය හේතුවෙන් කොළඹට පැමිණෙන කාර්යාල සේවකයන් සඳහා කලට වෙලාවට කාර්යාල වෙත ඒමටත් නිවෙස් බලා යාමටත් පහසුවන පරිදි මගී ප‍්‍රවාහන මැදිරි, එන්ජින් ආනයනය මෙහි ප‍්‍රමුඛස්ථානයක් ගනී.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ස්ථාපිත කර වසර 100ක් සපුරන 2017 ඔක්තෝබර් 3 හෙවත් අද දින පරිත‍්‍රාණ ධර්ම දේශනයක් පසුදින දානමය පින්කමක් සිදු කරන්නේද ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාරයකින් මියගිය පාසල් සිසුන්, දුම්රිය සේවකයන් සහ වෙනත් අවස්ථාවල මියගිය මගීන් හා දුම්රිය සේවකයන්ට පිංපෙත් පැමිණවීමේ සද්කාර්ය සඳහායි. මෙම කටයුත්ත සංවිධානය කරනු ලබන දුම්රිය බලධාරීන්ට ප‍්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ගේ සුභාසිංශනයද හිමිවේ.

(ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ඩබ්. එම්. ටී. බී. වාසල)



අදහස් (9)

අඟුරු කකා - වතුර බි බී කොළඹ දුවන යකඩ යකා ගමන් ඇරැඹූ හැටි

Janaka Tuesday, 03 October 2017 06:43 AM

ශ්‍රී ලංකා ගමනාගමන ක්ෂේත‍්‍රයේ දැවැන්ත පෙරළියක ආරම්භය වූයේ 1858 අගෝස්තු මස 3 වැනි දින පස්වරු 5.30 උදාව සුභ මොහොතින් එවකට ආණ්ඩුකාර ධූරය හෙබවූ සර් හෙන්රි වෝඩ් විසින් මංගල පස් පිඩැල්ල කැපීමෙන් ශ්‍රී ලංකා දුම්රිය මාර්ග තැනීම ආරම්භ කිරීමයි. මූලාරම්භය සනිටුහන් කරමින් දුම්රිය මාර්ග ඉදි කිරීම ආරම්භ කරන ලදී. ප‍්‍රථම අදියරේ වැඩ කටයුතු (කොළඹ - අඹේපුස්ස) 1846 වර්ෂයේදී අවසන් කරන ලදී. මගී ප‍්‍රවාහනය සඳහා ප‍්‍රථම දුම්රිය ගමන සිදුවූයේ 1865 ඔක්තෝබර් 2 වැනිදා පෙරවරු 7.00ටය. එම දුම්රිය මැදිරි 10කින් සමන්විත වූ අතර සහභාගී වූ මගී පිරිස 84කි. ආදායම පවුම් 31 සිලිං 01 පැන්ස 11කි. එවකට කොළඹ දුම්රිය ස්ථානාධිපතිවරයා වූයේ G .H.Twynam. අඹේපුස්ස ස්ථානාධිපතිවරයා වූයේ J. Hoffman ය.

:       0       11

පිටිගල මිලානෝ Tuesday, 03 October 2017 08:41 AM

අනේ බොරු වපුරන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගන්න.

:       31       0

CHANDRA WEERASINGHE Monday, 09 October 2017 05:54 AM

1964 වර්ෂයේදී දුම්රිය ශත සංවත්සරය පැවැත්වූ වේ කොටුවේ සිට අඹේපුස්සට පැරණිතම දුම්රියක් සහ එකල නවීනතම දුම්රියක් ගමන් කිරීමෙන්.. එම උත්සවයට පාසල් සිසුවෙක් ලෙස මමද සහභාගී වුනා.

:       0       1

arschfikaaTuesday, 03 October 2017 10:05 AM

සිංහලයන්ට දුම්රියේ දියුණුවීම හෝ ලෝකේ කොරපු තාක්ෂණ දියුණුව ගැන කීමට කිසිම අයිතියක් නැත...මොකද උඹල එදා සුද්ධා දාපු රේල් පාර හැරෙන්ට,තව අඟලකවත් එය දීර්ඝ කරල නැත... කොටුව දුම්රිය ස්ථානය හරියට ඉන්දියාවේ ගමක තියෙන හරක් මඩුවක් වගෙයි.....තාමත් විදුලි දුම්රියක් ධාවනය කරන්නට හැකියාවක් නැත..... උඹල තාමත් අවුරුදු 100ක් පිරුණා කියල වැඩකට නැති උත්සව තියන්න....මට නම් මේ 2017 අවුරුද්ද වටින්නේ, දුම්රියේ ශත වර්ශයට ලෙස නොව

:       3       31

PrabathTuesday, 03 October 2017 02:21 PM

මෙතන තියෙන්නේ සිංහලයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලකයන්ට උවමනාවක් තියෙන්න ඕන දුම්රිය සේවය දියුණු කරන්න. එක එක අය ප්‍රවාහන ඇමති වෙලා හිටියා. සැලකිය යුතු සංවර්ධනයක් නම් කලේ නැ. මොනවා උනත්, දුම්රිය සේවක මණ්ඩලයට ස්තුති වන්ත වෙන්න ඕන අවුරුදු 50 විතර පැරණි දුම්රිය එන්ජින් පවා තවම ධාවනය කරන්න දරන උත්සාහයට.

:       0       20

Nandalal DE SILVA - FranceSaturday, 07 October 2017 01:30 PM

මොකොද මේ ප්‍රතිචාරය ලිවීමට "මෙතරම්" මහන්සි වුණේ? ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ඩබ්.එම්.ටී.බී. වාසල මහතාගේ නමින් පළවූ රසවත් ලිපියේ කොටස් එහෙන් මෙහෙන් අහුලාගෙන ප්‍රතිචාරයක් දැක්වීමෙන් ඔබගේ ලේඛන කලාවේ දක්ෂතාවය පෙන්නුම් කර නැත. ලංකාදීප කතෘ මහතාට මල් පුදලා පින් දෙන්න මෙවැනි "කොපියක්" පලකළාට !!

:       0       11

vipula Tuesday, 03 October 2017 11:08 AM

අපේ දේශපාලකයන්ගේ හා ලංකාවේ මිනිසුන්ගේ තියෙන ඇවතුම් පැවතුම් අනුව මෙම දුම්රිය සේවය තව සතවර්ශයක් ගියත් ඔහොම්මම තමයි. අබේපුස්සට මාර්ගය හදල දුම්රියක් යවන්න අවුරුදු හතයි ගිහිල්ල තියෙන්නේ. අද තිබෙන නවීන තාක්ෂනය අනුව කොතරම් ඉක්මනින් මාර්ග හදන්න පුලුවන්ද ? ලංකාවේ අපේ පුරුදු තමයි හැම තැනටම හෙන වැදිලා තියෙන්නේ .

:       0       5

nimal Tuesday, 03 October 2017 10:57 PM

ඒ කොහොම වුනත් වැදගත් ලිපියක්

:       0       12

Renold Sweden Sunday, 08 October 2017 04:25 AM

ඉංග්‍රීසි පාලකයන්ගෙන් ලැබුණු වටිනා දුම්රිය සේවය තවදුරටත් දියුණු කර ගැනීම වෙනුවට ඕපනායක දුම්රිය මාර්ගය වැනි වටිනා මාර්ග වසා දැමීම වසර 100ක් තුල අපේ පාලකයන් කල අපූරු ක්‍රියාවන් වේ. ස්වීඩනය වැනි රටවල් මෙට්‍රෝ දුම්රිය මාර්ග සේවයේ සියවස් සමරද්දී අපි සුද්දගෙන් ලැබුණු දුම්රිය මේ තරමට හෝ පවත්වා ගැනීම පිලිබඳ එහි සේවය කල අයට ස්තුතිවන්ත විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 153 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 152 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1083 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 472 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1121 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site