සියවසකට අධික ඉතිහාසයක අපූරු මතක කැටි කරගත්, කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල වැජඹෙන ඉපැරණි ඔරලෝසු කුලුන වැදගත් ඓතිහාසික ස්මාරකයකි. මෙම ඔරලෝසු කුලුන එංගලන්තයේ අනන්‍යතාව ලෙස ද සැලකෙන, බිග් බෙන් ඔරලෝසු කුලුනට වඩා පැරැණිය.
බිග්බෙන් ඔරලෝසු කුලුනට වඩා පරණ, ඊට අවුරුදු දෙකක් වැඩිමල් ලංකාවේ පළමු මෙන්ම ලෝකයේ එකම ප‍්‍රදිපාගාර ඔරලෝසු කුලුන එසේත් නැතිනම් ඔරලෝසු කණුව වන්නේ ද මෙයයි. මෙය කොළොම්පුරේ අභිමානය වැඩි කරමින් අතීත රහස් රැසක් හංගාගෙන අදටත් නිවැරදිව වේලාව දක්වයි.
කොළඹ කොටුවේ සිට, ප්‍රධාන මාර්ග පද්ධති සඳහා සැතපුම් සංඛ්‍යාව ගණනය කර ඇත්තේ ද මෙම ඔරලෝසු කුලුන පාමුල සිට වීම ද විශේෂත්වයකි. කොළඹ සිට යාපනයට දුර, කොළඹ සිට ගාල්ලට දුර සැතපුම්වලින් ගණනය කිරීම සිදු කෙරුණේ මෙතැන සිටය.
බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මෙම ඔරලෝසු කුලුන ඉදිකිරීම, එදා කොළඹ වැසියන්ට විස්මය දනවන්නක් විය. හේතුව, මීට පෙර මෙවැනි ඔරලෝසු කුලුනක් කොළඹ නගර වැසියන් පමණක් නොව, ලාංකිකයන් ද දැක නොතිබීමය. එවකට පැවැති බ්‍රිතාන්‍ය රජය විසින්, ලංකාවේ ඉදි කළ පළමු ඔරලෝසු කුලුන එසේත් නැතිනම් හෝරා ස්ථම්භය වන්නේ ද මෙයයි. මෙය සැලැසුම් කරන ලද්දේ එවකට මෙරට ආණ්ඩුකාර ධුරය හෙබවූ හෙන්රි වෝඩ් ය. කුලුනේ සැලැසුම් ඇඳීම සිදු කළේ හෙන්රි වෝඩ්ගේ බිරිඳ එමලී එලිසබෙත් වෝඩ් ය. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිණියක වූවාය.
කුලුනේ ඔරලෝසුව සඳහා, විශේෂ ඔරලෝසුවක්, 1814 දී එංගලන්තයේ සිට මෙරටට ගෙන්වීම සිදුවිය. එම ඔරලෝසුව එංගලන්තයේ ඩෙන්ට් සමාගමේ නිෂ්පාදනයකි. එදා එහි වටිනාකම පවුම් 1,200 කි. පසුකාලයක බිග්බෙන් ඔරලෝසුව නිර්මාණයට කළේ ද මෙම ඩෙන්ට් සමාගමය.
ඔරලෝසු කුලුන ඉදි කිරීම කඩිනමින් සිදු නොවුණු බව පැවැසෙයි. 1857 වසර දක්වා එය දිග්ගැස්සුණි. එහෙයින් එංගලන්තයෙන් ගෙන්වූ එම ඔරලෝසුව, අවුරුදු 43ක් රාජ්‍ය බඩු ගබඩාවේ සුරක්ෂිතව තැන්පත් කර තිබුණි. එම කාලය පුරාවට ඔරලෝසුව ඉතා හොඳින් නඩත්තු කෙරුණි. එහෙයින්, ඔරලෝසුව, කුලුනට සවි කරන අවස්ථාව වෙද්දී පවා එය ඉතාමත් හොඳ තත්වයෙන් පැවැතිණි. ඔරලෝසු කුලුන ඉදි කිරීම බාර දුන්නේ රජයේ වැඩ දෙපාර්තුමේන්තුවටය. එම කටයුතු අධීක්ෂණය කළේ වැඩ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී ජෝන් ෆ්ලේමින් චර්චිල්ය. එදා අඩි 96 ක් උස මේ ඔරලෝසු කුලුන, එවකට මුළු කොළොම්පුරේ ම තිබූ උස ම ගොඩනැගිල්ල විය.
හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා අතින් ඔරලෝසු කුලුන විවෘත කෙරුණේ 1857 මාර්තු 25 දාය. කොළඹ නගරයට යන එන කාටත් නිවැරදිව වෙලාව දැක්වීම කළේ මෙම ඔරලෝසු කුලුනය. එහෙයින් මෙම ඔරලෝසු කුලුන වසර 167ක් තිස්සේ අගනා මෙහෙයක් ඉටු කළ බව පැහැදිලිය.
ඔරලෝසු කුලුන නිර්මාණ කර තිබුණේ වෙලාව පෙන්වීමට පමණක් නොව, ප්‍රදීපාගාරයක් ලෙස ද ක්‍රියා කිරීමටය. කුලුන විවෘත කර වසර 10 ක් යන තෙක්, කුලුන මුදුනේ වූයේ භුමිතෙල් යොදා දැල්විය හැකි පහනකි. පහනේ ආලෝකය සැතපුම් 16 ක් පමණ දුරට විහිදී යන ආකාරයට වීදුරු ආවරණයක් විය. මේ විශේෂ වීදුරු ආවරණය නිර්මාණය කර තිබුණේ එංගලන්තයේ චාන්ස් සහෝදරයෝ සමාගමය.
මුහුදු ගමන්වල යෙදෙන යාත්‍රාවලට මෙන්ම කොළඹ වරායට පැමිණෙන නැව්වලට ද මඟ පෙන්වීම මෙම කුලුනේ අරමුණ විය. ඔරලෝසු කුලුන ප්‍රදීපාගාර ඔරලෝසු කුලුන බවට පත් වූයේ මෙලෙසිනි.
1907 වසරේ දී, එනම්, කුලුනට ඔරලෝසුව සවි කර වසර 50 ක් ගත වෙද්දී, එහි දෝෂ පෙන්නුම් කෙරුණි. ඔරලෝසුවේ කාලය අවසන් බව පෙනී ගියේය. ඒ අනුව, එංගලන්තයෙන් නව ඔරලෝසුවක් ගෙන්වීමට කටයුතු යෙදුණි. ගැටලුවක් මතු විය. මෙම නව ඔරලෝසුව, පැරණි ඔරලෝසුවට වඩා තරමක් විශාල එකක් විය. එහෙයින්, කුලුනේ ඉහළ ඔරලෝසුව සවි කෙරෙන කොටස කඩා විශාල කිරීමට සිදුවිය. ඒ අනුව, කුලුනේ ප්‍රතිසංස්කරණ ඇරැඹිණි. ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් කර, ඔරලෝසු කුලුන යළි වවෘත කෙරුණේ පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට මාස කිපයකට පෙර, 1914 වසරේ අප්‍රේල් 4 වැනිදාය. පළමු ලෝක යුද්ධය ආරම්භ වූයේ එම වසරේ ජූලි මාසයේය.
යළි විවෘත කෙරුණු ඔරලෝසු කුලුන සැබැවින්ම අලංකාර එකක් විය. ඔරලෝසුවේ මුහුණතට අඩි හයක් දිගැති දිළිසෙන පලිඟු විදුරුවක් සවි කරන ලදී. පැය කාලෙන් කාලටත්, පැයෙන් පැයටත් එය නාද වීම විශේෂත්වයකි. පැයෙන් පැයට නාද වීමට කිලෝ 250ක් බර ප‍්‍රධාන සීනුවක් හා පැය කාලෙන් කාලට නාද වීමට කිලෝ 152ක් බර කුඩා සීනු දෙකක්ද එහි සවිකර කෙරුණි.
1907 වසර වෙද්දී, ගෑස් භාවිතය ආරම්භ වී තිබුණු බැවින්, භූමිතෙල් යෙදූ පහන වෙනුවට, ගෑස් පහනක් භාවිත කෙරුණි. 1933 වසර වන විට විදුලි බලයෙන් මේ ප‍්‍රදිපාගාර පහන ආලෝකවත් විය. ඉටිපන්දම් 1500 ක විදුලි එළියක් එයින් නිකුත් වුණු බව ද පැවැසෙයි.
1952 අවුරුද්දේ ජුලි මාසේ සිට ඔරලෝසු කුලුනේ ප්‍රදීපාගාර ක්‍රියාකාරීත්වය නවතා දැමීමට සිදුවිය. එක් හේතුවක් වූයේ 1932 වසරේ දී කොළඹ වරායට වෙනම ප්‍රදීපාගාරයක් ඉදි කර තිබීමය. ඒ අනුව, ඔරලෝසු කුලුන තවදුරටත් ප්‍රදීපාගාරයක් ලෙස ක්‍රියාත්මක වීම අවශ්‍ය නොවිණි. තවත් කරුණක් ද විය. පසුකාලෙක ගොඩනැඟුණු අවට ගොඩනැගිලි වලින් මේ ඔරලෝසු කුලුන ආවරණය වීම අනෙක් හේතුවය.
(*** ලුසිත ජයමාන්න)
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අතීත රහස් රැසක් හංගාගත් ඔරලෝසු කණුව
Daniel Fernando Wednesday, 30 October 2024 04:01 AM
මේක ඉතිහාසයේ වැදගත්ම වටිනාම දෙයක්...