IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


අද දැයෙන් සමුගන්නා ශිල්ප දුන් ශිල්පාධිපති

විසිවෙනි සියවස මුල් භාගය වනතෙක් ම දේශීය නර්තන කලාව ශාන්තිකර්මවලට පමණක් සීමා වී තිබුණි. එහි මූලික අරමුණුවලින් බැහැරව නිර්මාණාත්මක හා කලාත්මක චින්තනවලට අනුකූලව ප්‍රේක්ෂක හමුවට ගෙන ආවේ රවින්ද්‍රනාත් තාගෝර් 1934 දී ලංකාවට පැමිණීමෙන් පසුවය. එතුමාගේ මෙම චාරිකාවෙන් පසු නර්තන ක්ෂේත්‍රය තුළ ඇති වූ පුනර්ජීවනය අනෙකුත් කලා ක්ෂේත්‍ර උදෙසා ද ප්‍රබල ලෙස බලපෑමක් ඇති කිරීමට සමත් විය.  පණීභාරත. චිත්‍රෙස්න, මකුලොලු‍ව, ප්‍රේමකුමාර, වෙල්ගම වැනි දේශීය නර්තන ක්ෂේත්‍රයට අමිල සේවාවක් ඉටු කළ කලාකරුවෝ පාරම්පරිකව මෙරටෙහි පවත්වා ගෙන ආ නැටුම කලාත්මක අයුරින් කලා මාධ්‍යක් ලෙස වෙනස් මගකට යොමු කරලීමට පසු කාලයේ සමත් වූහ. මෙම වෙනස් වීමට ඇතැම් පාරම්පරික ශිල්පීන් අකැමැත්තක් දැක්වූ අතර ඇතැමෙක් ප්‍රසිද්ධියේ ම විරුද්ධව කටයුතු කළහ.

පාරම්පරික කලා පරපුරට අයත් පියසාර ශිල්පාධිපති ජන්ම ලාභය ලැබුවේ වර්ෂ 1945 මාර්තු මස 19 දිනදී පොල්ගහවෙලදීය. පාර්ම්පරික ශිල්පීය ගුණය නිර්මාණාත්මක චින්තනයට අනුව කුඩා කාලයේ සිට මෙහෙය වූ හෙතෙම ඉහත දැක්වූ කලාකරුවන් ගමන් ගත් මග ඔස්සේ පිය මං කළ අතර පසු කාලයේ චිත්‍රසේන වජිරා යුවල විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන්නේය.

ඔහු නර්තන ක්ෂේත්‍රයට පිවිසියේ තම කිරි අත්තා වූ සෙව්රංගා ගුරුතුමාගෙන් දණ්ඩියමේ සරඹ නැකතට අනුව ඉගෙන ගැනීමෙන් පසුවය. බෙර වාදනය පිළිබඳ තම මූලික අත්පොත තැබුවේ එවකට වාදනය පිළිබඳ ප්‍රසිද්ධියක් ඉසුලූ ශිල්පාධිපති ගුරුතුමාගෙන් ය. සුභවාදී බෙර පදයක් සේ සැලකෙන එහෙත් වාදනය කිරීමට අපහසු අංගුලියා පදය වාදනය කරමින් වාදන ක්ෂේත්‍රයට පිවිසීමට මුල පිරුවේය. වාදනය මෙන් ම නර්තනය තම ගුරු ගෙදර ඇසුරෙන් ලැබූ අතර 1957 වසරේ දී පොල්ගහවෙල වැලිගොඩපිටිය පන්සලේ කලඑළි මංගල්‍යය තම ඥාතීන් ඇතුලු‍ හිතවතුන් විශාල පිරිසක් ඉදිරියේ පැවැත්විය. තත්, ජිත්, තොං, නං යන බීජාක්ෂර හතර නිවැරදි ලෙස වාදනය කිරීමට අත හුරුකරගත් පියාසර පෙරලු‍ම් අත් හරඹ ද මනාලෙස වාදනය කරමින් තම වාදන හැකියාව ඉතා දක්ෂ ලෙස වර්ධනය කර ගත්තේය. ඇතැම් අවස්ථාවල බෙරය උපයෝගි කර ගනිමින් තබ්ලා පද ද වාදනය කළේය. මෙය දුටු ඔහුගේ පියා සතුටට පත් වූ අතර එම හැකියාව දියුණු කර ගැනීමට ඔහුට තබ්ලාවක් මිලදී ගෙන දුන්නේය.

පියසාර අධ්‍යාපනය ලැබූ ශාන්ත බර්නාඩිදෙත් විද්‍යාලයේ එවකට ඔහු ජනප්‍රිය ශිෂ්‍යයකු බවට පත්ව සිටියේ පාසල් ප්‍රසංගවල දී පිණුම් ගසා වෙස් නැටුම ඉදිරිපත් කරන නිසාම නොවේ. පාසැල් ක්‍රකිට් කණ්ඩායමේ හය හතරේ පහරවල් ගැසූ දක්ෂ ක්‍රීඩකයකු වූ නිසාය. දැනුදු ඔහුගේ ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. 1965 වසර ඔහුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. පොදුරාජ්‍ය මණ්ඩලීය උත්සවයකට යැවීම සඳහා නර්තන ශිල්පීන් තෝරා පත් කර ගැනීමට ලු‍ම්බිණි රගහලේ දී තරගයක් පැවැත්විය. පියසාරයන් ද  ඊට සහභාගී වූ අතර ඔහුගේ දක්ෂතාව හැඳිනගත් ප්‍රවීන කලාකරුවෙකු ද ඒ අතර විය. ඒ කලාශූරී ජී. රංගනාථය. තම නිර්මාණ සඳහා සහභාගී වන ලෙස එහි දී ඔහුට ආරාධනයක් ලැබුණ අතර එය සතුටට මෙන් ම තම නිර්මාණ හැකියාව වර්ධනය කර ගැනීමට ඔහු ලැබූ ආශිර්වාදයක් ද විය.  1967 වර්ෂයේ දී කේමදාස සූරීන් සමගින් මහජන චීනයේ සංචාරය කිරීමට ඔහුට හැකි විය. තත් හා සුසිර භාණ්ඩවලින් නැගෙන ස්වර සංයෝජනයට උචිත අයුරින් බෙරයෙහි ධ්වනිය පවත්වාගෙන යාමේ අවබෝධය ඔහු ලබාගත් ඊට ඔහුගේ දායකත්වය ඉතා පුබල ලෙස ලබා දුන්නේය. පියසාරගේ හැකියාව පිළිබඳ කේමදාස බෙහෙවින් බෙහෙවින් පැහැදුණු අතර ඔහුගේ ප්‍රසාදය දිනා ගැනීමට මෙම කලාකරුවා සමත් විය. 1968 දී චිත්‍රසේන කලායතනයේ ගුරුවරයෙක් ලෙස බැදුණු පියසාර ප්‍රවීන නර්තන ශිල්පීනී වජිරා විසින් ඉදිරිපත් කරන ලද “නවරසය” නැමැති රංග නිර්මාණය සඳහා පසුබිම් වාදනය බාර කටයුතු කළේ පියසාර ශිල්පාධිපතිය. එහිදී රස නවය ඉදිරිපත් කිරීමට ඔහු වාද්‍ය භාණ්ඩ ගණනාවක් භාවිත කර ගත්තේ ඉතා සාර්ථක අයුරිනි. 1971 වසරේ දී රංගනාථ විසින් ඉදිරිපත් කළ “රන්දහර” නැමැති ප්‍රසංගයට අයත් උකුසා වන්නමේ නිර්මාණයට පියසාර ශිල්පාධිපතිගේ දායකත්වය වාදනයෙන් ලබා දුනි. රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ ඩිප්ලෝමා සහතිකධාරියෙක් වූ පියසාර එවකට එම විද්‍යාලයේ කථිකාචාරයවරයකු වූ විල්සන් ඔලබොඩුව නැමැති ප්‍රවීන නර්තන ශිල්පියාගේ ගුරුහරුකම් ද ලබාගත්තේය.

1979 දී පියසාර කාන්ති නමින් ශිල්පාධියාතනයක් ආරම්භ කළ අතර එදා මෙදා තුර දස දහස් ගණනක් සිසුන් බිහි කරමින් නර්තනයේ ප්‍රගමනය උදෙසා විශ්ෂට සේවාවාක් ඉටු කර ඇත. කාන්ති හා ඔහුගේ දියණිය මාධවීගේ මියුරු හඩ උපයෝගී කරගනිමින් විවිධ නිර්මාණ ප්‍රේක්ෂක හඳ බැද ගන්නා අයුරින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇති අතර වන්නම් හා ජන ගී පිළිබඳ කර ඇති පර්යේෂණාත්මක කැසට් පටය වර්තමානයේ පාසල් ගුරුවරුන් හා සිසුන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත.

බටහිර බෙර වාදනය පිළිබඳ හසල දැනුමක් ඇති මහාචාර්ය KeyinHetchway සමග පර්යේෂණාත්මක අයුරින් ඉදිරිපත් කළ වාද්‍ය වෘන්දය කාගේත් පැසසුමට ලක්විය. දක්ෂ චෙලෝ වාදකයෙක් වූ රොහාන් ද සේරම් පියසාරගෙන් වාදන ශිල්පය ඉගෙන ගත් අයෙකි. “රෝයල් කොලේජ්” ආයතනයේ ඔහු සමගින් ඉදිරිපත් කළ වාදනය ද කාගේත් ප්‍රසංශාවට ලක් වූ අතර දේශීය නාද මාලාවන්ගේ අන්තර්ගත විචිත්‍රත්වය එහි දී ප්‍රකට කිරීමට හැකිවීම පිළිබඳ ඔහු සතුටට පත්විය. නර්තනය මෙන් ම වාදනය යන කලා මාධ්‍යය ඔස්සේ දේශීය අනන්‍යතාවය විදේශීය රටවල ප්‍රකට කළ පියසාර ශිල්පාධිපති දේශකයකු ලෙස ද ලොව ප්‍රමුඛ පෙලේ ආයතන ගණනාවක සේවය කිරීමට අවස්ථාව ලද කලාශිල්පියෙකි, වියතෙකි.

දේශීය හා විදේශීය වශයෙන් තත් කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරන ලද විශිෂ්ට සේවාව අගයමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් 2012.12.21 දින පවත්වන ලද උපාධි ප්‍රදානෝත්සවයේදී ආචාර්ය උපාධිය ඔහු වෙත පිරිනමන ලදී.

මහාචාර්ය ආරියරත්න කලු‍ආරච්චි
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති



අදහස් (3)

අද දැයෙන් සමුගන්නා ශිල්ප දුන් ශිල්පාධිපති

Priyantha Wednesday, 04 September 2019 07:58 AM

මහා සේවයක් කළ අයෙක්.., නමුත් වැඩිය ජනප්‍රිය කෙනෙක් නෙවෙයි වගේ..

:       35       154

Uditha - London Thursday, 05 September 2019 04:49 AM

මම සිර ගේ ගෝලයෙක්.. මරදානේ සරසවිපයේ sir ගෙන් උඩරට බෙර ඉගෙන ගත්තේ... ඒ තරන් නිහතමානී කලා රස කාමිත්වයක් තියන පුංචි මිනිසෙක් මම මගේ ජීවිතේට දැකල තිබ්බේ නැහැ.. මම එවකට කුලසිරි බුදවත්ත sir ලග වුර්තිය රංගන ශිල්පියෙක් විදිහට වේද කලේ... නමුත් මම sir ලගට ගියා කියල මට කවදාවත් කුඩඅම්මගේ සැලකිලි තිබ්බේ නැහැ..ශිල්පාධිපති sir කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම සොදුරු මිනිසෙක්... ඔහු කලා මුදලාලි කෙනෙක් නොවේ... sir ට නිවන් සුව ලැබේව!!!

:       31       195

Ananda Thursday, 05 September 2019 05:05 AM

මහාචාර්ය ආරියරත්න කලු‍ආරච්චි මහතාණනි, මෙම ලිපිය ලියු ඔබතුමාට මගේ ස්තුතිය පුද කරමි. පියසාර ශිල්පාදී මහතාත්, චන්ද්‍රකාන්ති මහත්මියත් , ඔවුනගේ එවකට කුඩා දියණියත්, එතුමාගේ වාදක සහ නාට්‍ය කණ්ඩායම මට හමුවුනේ 1990 මැද භාගයේදී ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වූ වෙස්මුහුණු කව්තුකාගාරය (Museum of Masks ) විසින් සංවිධානය කල ලෝකයේ වෙස්මුහුණු නැටුම් වලට අදාල එළිමහන් උත්සවයකදී . එතුමා සහ එතුමාගේ පිරිස ඉදිරි පත්කළ වැඩ සටහනට නොයෙක් රටවලින් පැමිණි ජනයාගේ ආදරය සහ ප්‍රණාමය ලැබුනේ ඉතාම උසස් ලෙසය . මේ අපුරු මිනිසා සමග මා හට ලඟින්ම ඇසුරු කිරීමට ලැබීමේදී ඔහු ඉතාම සරල බුද්දිමත් කලා කරුවෙක් බව මා හට වැටහු ලොස් ඇන්ජලිස් නගරයෙහි California Institute of Arts ආයතනයෙහි ජෝන් බොර්ගමෝර් නම් කථිකාචාර්ය වරයා සමග වැඩසටහන් මාලාවක් පවත්වා එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකික පාරම්පරික නාට්‍ය කලාව, බෙර වාදනය පිලිම්බන්දව විශාල අවබෝදයක් ලබා දුන්නේය. පරම පාරික රටාවෙන් බැහැර නොවී ඔහුගේ ආදරණීය බිරිඳ සමග භක්ති ගීත වැඩ සටහනක් කිරීම අපහට ලැබුණු ඉතාම සතුටකි. මෙතුමා අපහට කිසිම දිනෙක අපට අමතක නොවනු ඇත. ඔබතුමා නැවතත් අප සමග ඉපදේවා.

:       31       125

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 433 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 99 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 95 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 413 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 94 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 332 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site