වැරැද්දට රජකාලේ ලබාදී තිබූ අපූරු දඬුවම් පිළිබඳව ඉතිහාස කතාවල සඳහන් වෙයි. උලේ හිටුවීම, ඇසේ සිට පට්ට ගැසීම මෙවැනි දඬුවම් ඒ අතරය. එහෙත් කාලයත් සමඟ මේ දඬුවම් ඉතිහාසයටම එක්වී තිබිණි. මෙම ලිපියේ ආරම්භයේ දඬුවම් ගැන සඳහන් කිරීමට හේතුවූ කරුණක් ඇත. එනම් මේ රටේ සිදුවූ මහා පරිමාණයේ වංචාවකට කිසිදු දඬුවමක් නොවීම පිළිබඳව සඳහන් කිරීම සඳහාය. විවිධ අංශවල, විවිධ තරාතිරම්වල නිලධාරීන් අතර රාජ්‍ය දේපළ පිළිබඳව වංචනික ක‍්‍රියා සිදුවීම රටට විවෘත රහසකි. බොහෝ විට හොරා කවුදැයි හොඳාකාරවම දැන සිටියත් ඔප්පු කිරීමට අවස්ථාවක් නොමැත. ඒ තරමටම සූක්‍ෂමව වංචාව, හොරකම කරනු ලබන අවස්ථා බොහෝය. ඉඳහිට එක් අයෙක් දෙන්නෙක් දඬුවම් ලැබූ අවස්ථා පිළිබඳව අසන්නට ලැබෙයි. කවුරු දුෂණ, වංචාවලට සම්බන්ධ වුවත් දඬුවම රටේ ජනතාවට විඳීමට අද සිදුවී ඇත. මේ රටේ විශාලම වංචනික ගනුදෙනුවටත් ලැබී ඇත්තේ එම ප‍්‍රතිඵලමය. ගනුදෙනුව නිසා සිදුවූ පාඩුව අති විශාලය. පාඩුව සම්බන්ධයෙන් නිල වශයෙන් සංඛ්‍යාලේඛන කිසිදු ස්ථානයක සටහන්වී නැතත්, ”ඉරිදා ලංකාදීප”යට දැන ගන්නට ඇති පරිදි එම පාඩුව දැනට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1668 කි. මේ මුදල තිබුණේ නම් රුපියල් 500/= බැගින් පුද්ගලයන් 3,33,60000 කට මහජන ආධාර ලෙස ලබාදිය හැකිය. අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන සිසුන්ගේ දීමනාව වැඩි කිරීමට හැකිවනු ඇත. පාසල්වලට ලැප්ටොප් පරිගණක 166800 ක් ලබාදීමට හැකිවනු ඇත. තවත් කළ හැකි දෑ බොහෝය. මේ සම්බන්ධයෙන් ගනුදෙනුවට අදාළ එක් පාර්ශ්වයක් ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේදී නඩු පැවරූ අතර විශාල වන්දියක් ගෙවීමට රජයට නියම විය. නඩු තීන්දුවට රජය අභියාචනා කරන බව පැවසීමෙන් අනතුරුව ලන්ඩන් නුවර වාණිජ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත. අභියාචනාධිකරණයේදී ශ්‍රී ලංකාවට වාසිදායක තීන්දුවක් ලබා දුන්නොත් ගැටලූවක් නොවේ. ලංකාවට අවාසිදායක තීන්දුවක් ලැබුණොත් ඒ ගෙවීම් කරන්නේ කවුද? හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් කතා බහට ලක්වීම පිළිබඳව සඳහන් වන්නේ 2006 සැප්තැම්බර් 14 වැනි දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත‍්‍රිකාවකිනි. එය මෙසේය. ”න්‍යාය පත‍්‍රයේ විෂයයන් සාකච්ඡුාවට ගැනීමට පෙරාතුව, ජනාධිපතිතුමාගේ ආරාධනය මත, සිය නිලධාරීන් දෙදෙනකුගේ සහාය ඇතිව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් ”ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ ස්ථායිතාවය පවත්වා ගැනීම” පිළිබඳව දෘෂ්‍ය ආධාරක සහිතව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. ඒ පිළිබඳව පත‍්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් වෙත පිළිගන්වන ලදී. ඉන් අනතුරුව සාකච්ඡුාවක් පැවැත්වුණු අතර, මහ බැංකුවේ අධිපති කළ ඉදිරිපත් කිරීමේදී යෝජනා කළ විකල්පයන් පිිළිබඳව තීරණයක් ගත හැකිවනු පිණිස, මෙම කරුණ, මහ බැංකුව, මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය, ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ අදාළ අන් කවර හෝ ආයතනවලින් සැදුම්ලත් නිලධාරි කණ්ඩායමක් විසින් තවදුරටත් අධ්‍යයනය කර, අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළයුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය මගින් විශේෂ කමිටුවක් පත් කර තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර මහ බැංකු අධිපතිවරුවන වයි.එම්.ඩබ්ලිව්.බී. වීරසේකර සහ ආචාර්ය එච්.එන්. තේනුවර, ලංකා බැංකුවේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි සාලිය රාජකරුණා සහ මහජන බැංකුවේ ආයතනික ප‍්‍රධානී කපිල ආරියරත්න, ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කාන්ති විජේතුංග, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලලිත් කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙම කමිටුව සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් පත් කරනු ලැබ තිබිණි. එම කමිටුව මගින් හෙජින් හඳුන්වාදීම පිළිබඳව විරෝධය නොදක්වන බව සඳහන් කැබිනට් පත‍්‍රිකාව 2007.1.31 වැනි දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. හෙජින් ගිවිසුම ආරම්භ කිරීමේ ඉතිහාසය සිදුවී ඇත්තේ ඒ ආකාරයටය. දැන් මේ හෙජින් ගිවිසුම රටට විශාල බරක් වී ඇත. ගිවිසුම වටා විවිධාකාරවූ කටකතා පැතිරී තිබිණි. රටට අති විශාල පාඩුවක් දැරීමට සිදුවනු ඇත. ලන්ඩනයේ වාණිජ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අභියාචනය ශ්‍රී ලංකාවට වාසි සහගත විනිශ්චයක් ලබා නොදුන්නොත්, රටට වාසියක් ලබා ගැනීමට ඉදිරිපත් කළ හෙජින් ගිවිසුම, රටට ශාපයක් වනු ඇත. ඒ ශාපයට වන්දි ගෙවිය යුතු වන්නේ හෙජින් ගිවිසුම ආරම්භ කිරීමට මූලික වූ සියලූම දෙනා බව තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරයි. තෙල් සංස්ථාවේ කිසිදු සේවකයකු පුවත්පත්වලට අදහස් නොදැක්විය යුතු බවට එහි පාලනාධිකාරිය විසින් කරන ලද නියමය නිසා, මෙම වෘත්තීය සමිති නියෝජිතයාගේ නම සඳහන් කළ නොහැකිවී ඇත. ඒ ඔහුගේ වෘත්තීය ආරක්‍ෂාව සඳහාය. එම නියෝජිතයා සඳහන් කළ ආකාරයට හෙජින් ගිවිසුමේ ගෙවීම්වලට සම්බන්ධ පුද්ගලයන් සංඛ්‍යාව 50 ක් පමණ වේ. දළ වශයෙන් ගණන් බලද්දී එක් අයකු රුපියල් 33,3600000/= ක පමණ මුදලක් රට වෙනුවෙන් ගෙවිය යුතුය. හෙජින් ගිවිසුමට එළැඹෙන ලෙස ජනතාව ඉල්ලීමක් කළේද නැත. ජනතාවට සහන මිලට ඉන්ධන සැපයීම රජයක් සතු වගකීමකි. එහිදී යම් පිිරිසක් කෝටි ගණනින් මුදල් උපයා ගත හැකි උපාය මාර්ගවල යෙදිය යුතු නැත. අප රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. අපට යාමට තවත් බොහෝ දුරක් ඇත. හෙජින් ගිවිසුම නිසා සිදුවූ අලාභයේ වන්දි ගෙවිය යුත්තේ කවුද යනුවෙන් කළ විමසීමේදී එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා මෙසේ කීවේය. ගිවිසුමට මූලික වූ අය මෙම අලාභය හා වන්දිය ගෙවිය යුතු වෙනවා. එක පුද්ගලයකුට පමණක් වගකීම පැවරීම සුදුසු නැහැ. වගකීම එයට සම්බන්ධ සමූහයම බාර ගත යුතුයි. හෙජින් මේ රටේ දුෂිතම ගනුදෙනුවක්. රටේ ජනතාව මේවාට වන්දි ගෙවිය යුතු නැහැ.
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අදටත් වැරදිකාරයින් නැති මහා හෙජින් වංචාව
නාමල් Wednesday, 21 September 2011 12:46 PM
මේ ශ්‍රී ලංකාවේ නීතියනේ