IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අදත් පවතින්නේ බළංගොඩ මානව පරපුරමයි

  3  

කැණීම් බිමක්

 

 

 

ගෙවුණු සතියේ ලක් ඉතිහාසයේ සුවිශේතම සංධිස්ථානයක් සටහන් විය. ඒ අනාදිමත් කලක සිට පැවැතගෙන ආ ලාංකීය ඉතිහාසයට නව මංපෙතක් තබමින් අප ඉතිහාසයේ නොදන්නා කමට හෝ ඕනෑ කමින් වළලා දැමූ යක්ෂයන්ගෙන් නාගයන්ගෙන් දෙවිවරුන්ගෙන් රාවණාගෙන් පුරවා තිබූ හිඩැසක සැබෑ තතු ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි. එහි ගරුත්වය හිමිවන්නේ කැලණිය සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආචාර්ය රාජ් සෝමදේව ශූරින්ටයි. 
1997 වසරේ ඔහු විසින් ආරම්භ කළ “දඩයක්කාරයාගේ සංග්‍රාමය” නම් ගවේශනයේ 2006 වසරේ සිට එහි ප්‍රායෝගික කැණීම් තුළින් වරින් වර නිර්නායකයන් ලෝකයාට පැවැසීය. එහි සුවිශේෂිතම ඵලය ලෙසින්  2014 සිට 2016 වසර දක්වා වූ කැණීම්වල කාබන් නිරීක්ෂණ වාර්තා, විද්‍යාව හා තාක්ෂණික අමාත්‍යංශයේදී පසුගිය 25 වැනිදා ලෝකයා හමුවේ තැබීය.

1
ඒ අනුව රංචාමඩමෙන් පුරාවස්තු ක්‍රි.පූ. 1300, උඩරංචාමඩම ක්‍රි.පූ. 1125, හල්දුම්මුල්ල 1750, බෙරගල ක්‍රි.පූ. 2400, ඉලුක්කුඹුර හුණුගල්ගේ ක්‍රි.පූ. 4330 ලෙස කාල නිර්ණය වී තිබිණි. කල්තොට උඩුපියන් ලෙන ඉලුක්කුඹුර අලුගල් ගේ ආශ්‍රිත ප්‍රදේශවල කාබන් පරීක්ෂණ වාර්තා ඉදිරියේ දී පැමිණීමට නියමිතයි. මේ සුවිශේෂිත හෙළිදරව්ව හා බැඳුණු ලාංකීය යටගියාව ඉතා ප්‍රබලයි.


මෙවර ඉරිදා ලංකාදීප ඒ පිළිබඳව තැබූ සටහනකි මේ.


ඉතා සංකිර්ණ වූත් පුළුල් වූත් පරාසයක් තුළ දිවෙන මෙකී කතාන්තරයේ ආරම්භය මෙසේය. ලංකාවේ මුල්ම මානවයා වූ බළංගොඩ මානවයා පිළිබඳව මුලින්ම සාක්ෂි මතුකළේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචර්ය  සී.ඊ.පී. දැරණියගල ශූරීනුයි. ඒ 1957 වසරේ බලංගොඩ වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බෙල්ලන්බැඳිපෑලැස්ස කලාපයේ කළ කැණීම් වලිනි. බෙල්ලන්බැඳිපෑලැස්සේ මතු වූ වසර දොළොස්දාහකට එපිට පැරැණි වූ මානව සැකිලි ඔස්සේ පරීක්ෂණ තව දුරටත් දියත් කළ ශිරාන් දැරණියගල ශූරීන්  හෝමෝසේපියන් නම් අපේ මුල්ම මානවයාගේ ඉතිහාසය වසර එක්ලක්ෂ විසිපන්දහස දක්වා එපිටට දිව යන බව සනාථ කළේය. හම්බන්තොට අවට ප්‍රදේශවලින් ප්‍රාග් ඓතිහාසික මානවයන් මෙරටට පැමිණි ජනාවාස කිරීම ආරම්භ කළ වග එකී ඉතිහාස සාධකවල දැක්වෙයි. එකී බළංගොඩ මානව පරපුර දඩයක්කාරයින් ලෙස මෙරට ජීවත් වෙමින් විකාශය වුවද විදේශයකින් පැමිණි යකඩ වැඩ කරන, වලං සාදන, ගොවිතැන් කරන, අශ්වයාගේ පිටේ යන ජනතාවට බිය වී නිල්ගල, රතුගල ආදී කඳුකර පළාත්වල සැඟවී ඔවුන් වැදි ජනතාව බවට පරිවර්තනය වූ  බව දැරණියගල ශූරින්ගේ මතය වී තිබිණි. ඒ අනුව බළංගොඩ මානව පරපුර අවසන් වන්නේ ක්‍රි.පූ. 1800 යෙනි. ඉන් ඉක්බිති විජයගේ ආක්‍රමණයත් සමඟ මහා වංශයෙන් අප සාම්ප්‍රදායික ඉතිහාසය ගොඩ නැඟෙයි. ලංකාවේ එවකට සිටි බළංගොඩ මානව පරපුර හෙවත් අප ආදිතමයන් පසුබැස ගියේ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණික නිසා බවද ඉතිහාසධරයෝ කියති.


ඉතිහාසය එලෙස ලියවෙද්දි කැලණිය සරසවියේ පශ්චාත් පුරා විද්‍යා ආයතනයේ මහාචාර්ය ආචාර්ය රාජ් සෝමදේව ශූරීන් ට ඇතිවූවේ දැඩි කුතුහලයකි. ක්‍රි.පූ. 1800න් පසුව දඩයක්කාර මානව යුගය අවසන් වෙයි. ඉන් පසුව ක්‍රි.පූ. 6 වන සියවසේදී විජයගේ ආක්‍රමණයත් සමඟ මහා වංශයෙන් අප ඉතිහාස කතාව ආර්ථික සමාජ සංස්කෘතිය සියල්ල විකාශය වන බව කියවේ. එනමුදු දැරනියගල ශූරින්ගේ මානව පරිනාම ගවේශනයේ 1800ත් මහා වංශයෙන් ඇරඹෙන ක්‍රි.පූ. 6 වන සියවසත් අතර අතරමැදි හිඩැසට කුමක්ද සිදුවූවේ? විජය ලංකාවට පැමිණි යුගයේ සිටි කුවේණි කවුද? කුවේණිගේ පරපුර කවුද? යක්ෂයෝ කවුද? බළංගොඩ මානව පරපුර විදේශයකින් පැමිණි යකඩ වැඩ කරන්නන් ගොවියන් ඉදිරියේ පසු බැස්සාද? එසේ නොමැතිනම් එකී බළංගොඩ මානව පරපුරම එකී ගොවියා බවට යකඩ වැඩ කරන්නන් බවට පරිවර්තනය වූවාද? රාජ් සෝමදේව ශූරීන්ගේ පරීක්ෂණ මානය යොමු වූවේ එකී දිසාවෙනි.
මීට වසර 9000 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ දේශගුණය වෙනස් වීමත් සමඟ එම යුගයේ සිටි ලාංකික ජන සමාජයට කුමක් සිදුවූවේද යන කාරණාව පදනම් කරගනිමින් රාජ් සෝමදේව ශූරීන් “දඩයක්කාරයාගේ සංග්‍රාමය” නමින් මෙකී පරීක්ෂණය ආරම්භ කළේ 1997  වසරේදීය. එකී වසරේ සිට 2016 වසර දක්වාම මේ පරීක්ෂණය දියත් විය. බළංගොඩ මානව පරපුර ලාංකීය ඉතිහාසය විකාශය වීමට සෘජු දායකත්වයක් ගෙන තිබුණද සාම්ප්‍රදායික ඉතිහාසය මහා වංශය හා එල්බ ගනිමින් ගොඩ නැගීමේදී ඒ පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැති බව සෝමදේව ශූරීන්ගේ අදහස වෙයි.


2“පවතින ඉතිහාසය වෙනස් කරල යන රැඩිකල් ගමනක් නොවේ. දැරණියගල මහාතාගේ නිගමනය අනුව ක්‍රි.පූ. 1800 දී බලංගොඩ මානව පරපුර අවසන් වෙනවා. ඉන් පසුව ක්‍රි.පූ. 6 වන සියවසෙන් මහාවංශය විජයගේ ආක්‍රමණයත් සමඟ පටන් ගන්නවා. මේ අතර  තිබෙන හිඩැස පිරවීමට කුවේනිගේ පරපුර සොයා යන ගමනේදී ප්‍රදේශ ගණනාවකම කැණීම් කළා. ඒ හිඩැස පිරවීමට කරුණු ගණනාවක්ම ඒ ප්‍රදේශ තුළදී අපට හමු වුණා. අපිට ගොවිතැන, යකඩ කර්මාන්තය ආවේ විදේශයෙන් ද? අපි මේක හෙව්වා. නැහැ අපේ අයගෙන්මයි අපි පැවැතගෙන එන්නේ. ඊනියා විජය ආක්‍රමණයත් සමඟ ගොඩනැඟුන ඉතිහාසයට වඩා වැඩි දෙයක් අපි හිතන්න ඕනි. විජයගේ 700 කගේ පිරිසගෙන් අපි වෙනස් වූවානම් පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි මේ රට ආක්‍රමණය කරද්දී අපි ඒ ජාතීන් බවට පරිවර්තනය වෙන්නත් ඕනිනේ. නමුත් අපි වෙනස් වුණේ නැනේ. අපේ විද්‍යාත්මක දත්ත අනුව කෘෂිකර්මාන්තය, යකඩ කර්මාන්තය සියල්ලම මේ රටේ විජයගේ මුත්ත ඉපදෙන්නත් කලින් තිබිල තියනවා. අපේ ප්‍රාග් ඓතිහාසික මානව පරපුර වරින් වර පැමිණි කාලගුණික දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ජීවත් ව සිටිය බව හොඳින් පැහැදිලි වනවා. ප්‍රේමතිලක මහත්මා හෝර්ටන්තැන්න ආශ්‍රිතව කළ කැනීම්වලදී අපේ මානව පරපුර වසර දොළොස්දාහකට පමණ එපිටදී බාර්ලි වැනි ධාන්‍ය වගා කරගෙන තියෙනවා කියන දේ සනාථ කරගෙන තිබුණ.”


දැරණියගල ශූරින්ගේ බලංගොඩ මානව පරපුරේ විකාශය ක්‍රි.පූ. 1800න් අවසන් කිරීමත් ක්‍රි.පූ. 6 වන සියවසේ විජයගේ ආක්‍රමණයෙන් ලාංකීය ලිඛිත ඉතිහාසය ඇරැඹීමත් අතර සාංක්‍රාන්ති කාලය පිළිබඳව තිබූ ඉතිහාස හිඩැස වැසීමට පෙර කී පදනමක් නොමැති යක්ෂ දේව රාවනා කතාවලින් පුරවා තිබිණි. ගොවිතැන යකඩ වැඩ වෙනත් කර්මාන්ත ආදී සියල්ල ලංකාවට ලැබුණේ මහා වංශයත් සමඟ බැඳුන විජයගේ ආක්‍රමණයෙන් පසුවයි කියන කාරණාව 2006 වසර දක්වාම ලාංකීය ජනසමාජයේ තදින්ම බැඳී පැවැතිනි. උගතුන් පවා එකී ඉතිහාසය වෙනස් කිරීමට මනාපයක් නොවීය. “ශිරාන් දැරණියගල ශූරීන් ක්‍රි.පූ. එක් ලක්ෂ විසි පන්දාහෙන් පටන් ගෙන 1800 වසරෙන් අවසන් කළ බලංගොඩ මානවයා හා බැඳුණ ප්‍රාග් ඓතිහාසික කතාව වෙනස් කිරීමටවත් 6 වන සියවසෙන් පටන් ගත් මහා වංශය වෙනස් කිරීමටවත් මගේ පරීක්ෂණයේ තේමාව වුණේ නැහැ. මගේ අරමුණ වූවේ මේ කාල පරාස දෙකට අතර කාලයට මොකද වුණේ කියන කාරණාවයි. මොකද රටක ඉතිහාසය ගොඩනැගීමට මේ සීමාව මේ යුගය ඉතාම වැදගත් වෙනවා. බළංගොඩ මානවයාගෙන්ම ආරම්භ වුණ අපේම මානව පරපුර ගොවියා බවට යකඩ වැඩ කරන්නා බවට දඩයක්කාරයා බවට පරිවර්තනය වුණේ මේන්න මේ කාලය තුළයි. ඒක දවසකින් දෙකකින් සිදු වූ දෙයක් නොවෙයි. මේ පිළිබඳව තමයි අපි දඩයක්කාරයාගේ සංග්‍රාමය නමින් අපගේ පරීක්ෂණය ආරම්භ කළේ” මහාචාර්යවරයා පැවැසීය.
එකී පරාවර්තනය සිදුවුණ කලාපය ලෙස මහාචාර්යවරයා සැළකුවේ වියළි කලාපයත් තෙත් කලාපයත් අතර වූ බළංගොඩ කලාපයයයි. ඒ අනුව 2007 වසරේදී රංචාමඩම ආශ්‍රිත කලාපයේ කළ කැණීම් මෙකී හැරවුම් ලක්ෂයේ සුවිශේෂිත මංපෙතක් විය. ඒ පිළිබඳව රාජ් සෝමදේවයන් පවසන්නේ මෙබඳු අදහසකි.

 

29-Page-4-BA

කැණීම් කණ්ඩායම

 

 


“රංචාමඩමේ විදුහල් භුමියේ කළ කැණීම් තුළදී හමුවුණ සාධකවලින් අපේ ඉතිහාසයේ බොහෝ දේ කියවෙනවා. පිළිස්සූ මැටි වලං, ඒ මැටි වලං ඇතුළේ තිබෙන ගල් ආයුධ, එසේම සුවිශේෂී සොහොන් ගෙවල්, ඒ සොහොන් ගෙවල් ආශ්‍රිතව යාතු කර්ම කළ සාධක. එදා සිටි මානවයන්ට ඇදහීමට ආගමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් මළවුන් පිදුවායැයි විශ්වාස කරන්න පුළුවන්. සියලුම සොහොන් ගෙවල් බැඳල තියෙන්නේ පොළවට ලඹ කරල. ඒ වගේම සිරුරු සොහොන් ගෙවල් තුළ දැවීමේදී මැටි ස්ථරයකින් සිරුර ආවරණය කර තිබූ බව මේ කැණීම්වලදී ඔප්පු වෙනවා. වාතය නොමැතිව සිරුර නොදැවෙන බව මේ මානවයන් හොඳින් අවබෝධකරගෙන හිටිය පිරිසක්. මේ සෑම සොහොන් ගෙයකම ඇතුළට වාතය යාම සඳහා කවුළු තියල තියෙන්නේ ඒ නිසයි. අප වංශ කතාවල සඳහන් වන ආකාරයට සිරුරු දැවීම පිළිබඳව සඳහන් වන්නේ මහින්දාගමනයෙන් පසුව නමුත් රංචාමඩම ප්‍රදේශවල සොහොන් ගෙවල් නිරීක්ෂණය කිරීමේදී මිහිඳු හිමියන් පැමිණීමට වසර 2000 කට එපිට සිටම අපේ ජනතාව මෘත දේහ දවා තියනවා. අපේ ජනතාව අත්තිවාරම් දාල කපරාරු කර ලඹ කර ගෙවල් බැඳීමටත් අපේ ආදිතමයන්ට පුලුවන් වී තියනවා. රංචාමඩම උඩ රංචාමඩම ප්‍රදේශයේ සොහොන් ගෙවල් තුළින් මතුවුණ කතා සුවිසාලයි. ඒ වගේම ඔවුන් ජීවත් වූ ජනාවාස මේ කලාපය තුළින් මතු වුණා.”


විවිධ දේශගුණික පරිනාමයන්ගෙන් මානව වංශ කතාවට එක් වූ බළංගොඩ මානව පරපුරේ එදා කාන්තාවන් සිය රූමත් බව රැක ගැනීම සඳහා රුපලාවන්‍ය පිළිබඳව දැනීමක් තිබී ඇති බව හමුවූ සාධක කීපයකින් ම පැහැදිලි වෙයි. රංචාමඩම කලාපයෙන් හමුවූ ඇස් පිහාටු සකසන උපකරණයද එවැන්නකි.
“අපේම දඩයක්කාරයාමයි යකඩ වැඩ කරන්නන් ගොවියන් බවට පරිවර්තනය වුණේ. අපේ අය ආක්‍රමණ හමුවේ දාල ගිහින් නැහැ. ඒ  පරිවර්තනය එක පාරටම සිදුවුණ දෙයක් නොවෙයි. කඳුකරයේ හිටිය දඩයක්කාරයන් කාලගුන විපර්යාසත් සමග ක්‍රමයෙන් එයාලගේ දඩයම අතඇරල විකල්පවලට යොමු වුණා. ඒ අනුව තමයි කෘෂිකර්මාන්තයට යොමු වුණේ. ඒ පරිවර්තනයට ලක්වුණේ වියළි කලාපයත් තෙත් කලාපයත් අතර බළංගොඩ අවට ප්‍රදේශයයි. මේ කොරිඩෝවේ තමයි ඒ සාංස්කෘතික පරිනාමයේ කේන්ද්‍රස්ථානය. 2014 වසරේ සිට අපේ කැණීම්වලදී මේ කලාප අපේ අවධානයට ලක් වුණා. කටාරම් කෙටූ නොකෙටූ ගල් ලෙන්, සෙල් ලිපි ගණනාවක් ම හමු වුනා.”


රංචාමඩම, උඩරංචාමඩම, හල්දුම්මුල්ල, කල්තොට, ගල්පාය, ඉලුක්කුඹුර ඇතුළු ප්‍රදේශ ණනාවකම මේ හා බැඳුණු කැණීම් ගණනාවක්ම රාජ් සෝමදේව ශූරීන්ගෙන් සිදුවිණි. ඒ තුළින් මතුකරගත් සාධක ඔස්සේ ඉතිහාසයේ තිබූ හිඩැස වැසීමට ඇවැසි කාරණා මනාවට පසක් විය. එදා යක්ෂ නාග සුරයන් ලෙස හිඩැසේදී හැඳින්වූ අපේම ජනතාව යකඩ වැඩ කළ නාවික කටයුතු කළ ජනතාව පිළිබඳව යැයි පරීක්ෂණවලදී පසක් විය. දියවින්න කිරිමකුලුගොල්ල කලාපයේ කළ කැණීමකදී රාජ් සෝමදේව ශූරීන් සොයාගත් සෙල් ලිපියේ යක්ක නමින් තිබෙන කෙටි සටහන එකී යුගයේ සුවිශේෂී ලකුණකි. 


මහාවංශයෙන් එපිට ප්‍රාග් ඓතිහාසික මානවයාගෙන්ම පැවත එන අපේ ඉතිහාස කතාවේ තිබූ බරපතළ හිඩැස නිවැරැදි කර අනාගතයට දායද කිරීමට රාජ් සෝමදේව ශූරීන් 1997 වසරේ සිට ගත් මාහැඟි වෙහෙසේ තිරය පසුපස කතාව පිළිබඳවද වදනක් එක් නොකළහොත් එය අනාගතයට කරණා හානියකි.
මහාචාර්යවරයා සිය පුද්ගලික ජීවිතයේ බිඳක් සඳහන් කරමින් සිය විෂය පරාසය පිළිබඳව මෙතෙක් සමාජය නොදන්නා පැතිකඩක දුෂ්කරතාවයද එක්වරක් මෙම ලියුම්කරුට පැවැසූ අයුරින්ම සදහන් කරමු.


“පුරාවිද්‍යා ගවේශනය ගැන කතා කරද්දී මා හිතුවේ අපට ඉගෙන ගැනීමට වියදම් කළේ_මේ රටේ මහජනතාවගේ බදු මුදල්. ඒ නිසා අපේ යුතුකමක් තියනවා මේ සමාජයට යමක් කිරීමට. මම ආචාර්ය උපාධිය කළේ ස්වීඩනයේ ඔප්සලා විශ්ව විද්‍යාලයේ. ඉන් පසු ජර්මනියේ ලන්ඩනයේ සරසවිවලත් කටයුතු කළා.  මට බොහෝ අවස්ථාව තිබුණා විදෙස්ගතව කටයුතු කිරීමට. එනමුත් ඒ ගැන නොසිතා මේ ලංකාවේ මහජනයා වෙනුවෙන්ම ඉතා පිරිසිදු චේතනාවෙන්ම මේ ක්ෂේත්‍රය තෝරා ගත්තා.  පුරා විද්‍යා කැණීම් සොයා යන ගමනත් හිතන තරම්  ලේසි පහසු නැහැ. මා සමඟ මගේ සහයකයන් ලෙස පශ්චාත් උපාධි ආයතනයේ අනුෂා සමන්මලී, දිනේශ් දේවගේ වගේම කැලණිය සරසවියේ මාගෙන් පශ්චාත් උපාධිය පාඨමාලා හදාරන කුංචන මාතොට ආරච්චි, සංකරත්න කුමාර, කුසල් ගුණසේකර,  ඉන්ද්‍රජිත් ගුණතිලක, අකිල විලේවත්ත, රංජනී බාලසූරිය, ලක්මාල් වතුයාය, පංචමි විතාරණ, ඉඳුනිල් ආදී සිසු සිසුවියන් එක්වී ඉන්නවා.  මේ ශිෂ්‍යයෝ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වගේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉන්න රාජ්‍ය නිලධාරින්. ඒ අතර තමා පුරාවිද්‍යා විෂය හදාරමින් මේ ගමනට එක්වී ඉන්නේ. එම විෂයේ ප්‍රායෝගික දැනුමක් ලැබීමට”_

4
පුරාවිද්‍යා ස්ථානයක් නිවැරැදිව හඳුනා ගැනුම,  කිසිඳු මනුෂ්‍යකුටවත් සාමාන්‍යයෙන් යාමට නොහැකි වන අති දුෂ්කර ගල් ගුහාවක පවා හරියටම මේ ස්ථානයේම කැණීම සිදුකළහොත් අප බලාපොරොත්තු වන සාධක හමුවීමට පුළුවනියි කියන අදහසින් කැණීම නිවැරැදිවම කිරීම කළ හැක්කේ මහා ප්‍රාඥයෙකුටම පමණි. ලංකාවේ පුරා විද්‍යා පනත අනුව රජයේ පුද්ගලික ඕනෑම ස්ථානයක කෑණීම් කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හරහා අදාළ බලපත් ලබාගෙන අදාළ කලාපයේ පොලිසියට, ප්‍රාදේශීය ලේකම්වරයාට දැණුම් දී කැණීමක් කිරීම සාමාන්‍ය පිළිවෙතයි. එම කැණීම් පොළව යට, ගල්ගුහා සේම අවදානම් මහා ගල්පරුවත මතද කළ යුතු වෙනවා. කැලෑ මැද ලීවලින් පලංචි ගසමින් ගල් පරුවත මත නැගී සෙල්ලිපි පිටපත් කිරීම් ආදියට මහාචාර්යවරයා සමග සිටින කාන්තා සිසුවියන් පවා ඉදිරිපත් වන්නේ ජීවිත අවදානම නොසිතා ජාතියේ අභිමානය ගැන සිතමිනි.


“මේ කාර්යයේදී ජීවිත අවදානමත් තියනව.  සීගිරියේ කැණීම් කරන විට අපේ සිසුවියක්ගේ ජිවිතයත් හානි වුණා. ඊයේ දිනයේ මේ ගල්ගුහාවේ ගලක් ඇවිත් අපේ දිනේශ් ගේ ඔළුවත් පැලුණා. ඒ වගේම සතා සිව්පාවන්ගෙන් වන අනතුරුත් තියනව. දින සති මාස ගණන් කැණීම් කරන වෙලාවට කලාතුරකින් ප්‍රතිඵල නොලබා පරාජය වුණ තැන් ද නැතුවා නොවෙයි. අපේ සියලුම කැණීම් මහ ජනතාවට මාධ්‍යට නිරතුරු විවෘතයි. මේ වගේ කැණීමකට ආයතන මට්ටමෙන් වෙන් වන්නේ පොඩි මුදලක්. ඒ තුළින් සියල්ල දරා ගන්න ඕනි. කෑම බීම නවාතැන් සේවක පඩිනඩි. බොහෝ වෙලාවට ගම්වාසීන් වගේම අවට මහජනතාවගෙන් සහය ලැබෙනව. එහෙම සහය නොලැබෙන වෙලාවල් එයාලගෙන් බාධාවන වෙලාවලුත් තියනවා. අපේ කණ්ඩායම ඒ සියල්ලම උපේක්ෂා සහගතව විඳදරා ගන්නවා. පොළව යට කරන කැනීමක් කරන්නෙත් බොහොම ඉවසීමකින්. පුංචි පිංසල්වලින් වගේ ඉතා සියුම්ව අප සමඟ එක්වී ඉන්න ළමයි බොහොම විනයානුකූලව ඉවසීමකින් කටයුතු කරන අය. අපි මෙහෙම ගල් ගුහාවක නතරවී අතීත අත්දැකීම් විඳගන්නවා. කැනීම් බිමකදී අපේ රාත්‍රී නවාතැන සඳහා අනිවාර්යෙන්ම කිට්ටුව පාත නිවසක් නවාතැනට තෝරා ගන්නවා. ඒ නවාතැන මේ ස්ථානයේ වගේම සමහර විට වැඩ බිමෙන් ඈත්වෙන වෙලාවල් වෙනවා. දහවල් වැඩ කරන විට අව්වැසි සුළඟ වැනි පරිසර බාධා ද එනවා. ඒ සියලුම බාධා මැද්දේ වැඩකටයුතු කරල හවස නවාතැනට ඇවිල්ලත් දවල් සොයාගත් දේවල් පිළිබඳව අධ්‍යයන කටයුතු කරනවා. සොයා ගත් දේවල්වල කාල නිර්නයන් විදේශ රටවල පරීක්ෂණාගාරවලට යවල තහවුරු කර ගන්නවා. පරිසර සාධක පිළිබඳව භූ විශේෂඥයන්ගේ පරිසර විශේෂඥයන්ගේ සහයෝගයත් අප ලබා ගන්නවා. මෙහෙම තමයි මේ ක්ෂේත්‍රයේ ජීවිතයේ හැටි”.


දකුණු ආසියාවේම මානව වංශ කතාව ඓතිහාසික මාවතකට රැගෙන යන මහා ප්‍රාඥයා ඇතුළු කණ්ඩායමට ජාතියේම ප්‍රනාමය හිමිවිය යුතුයි.

m



අදහස් (0)

අදත් පවතින්නේ බළංගොඩ මානව පරපුරමයි

තුසිත Tuesday, 01 November 2016 09:25 AM

හොඳ ලිපියක්. සැමට ස්තුතියි. ඉතිහාසය ගැන හොයන නිසා මම නම් දැනගෙන හිටියා විජයගෙන් අප පැවතෙන්නේ නැති බව. කපු ඇඳුම් අඳින්න ගොතන්න පුළුවන් ජාතියක් කියන්නේ ගොඩක් දියුණු මිනිස් කොට්ඨාශයක්. අපට හොඳ ඉතිහාසයක් තියනවා. අපේ මුතුන්මිත්තෝ ලෝකයම මවිත කළ අය. (නි)

:       0       0

සමන් Wednesday, 02 November 2016 03:44 AM

මේ පර්යේෂණ වලට ඩීඑන්ඒ සාධකයත් ඇතුළත් කර ගත්තොත් මීට වඩා නිවැරදි නිගමන වලට එළබෙන්න පුළුවන්. ඒ වගේම යපස් වලින් යකඩ ලබා ගත් යමන්නු ගැනත් පර්යේෂණ කරන්න. එවිට නියම යක්ෂ ගෝත්‍රිකයන් කවුද කියලත් හොයා ගන්න පුළුවන්. (ම)

:       0       0

නීල් පෙරේරා වික්‍රමසුරිය Friday, 04 November 2016 05:56 AM

සියලුම කාරණා පරීක්ෂණාත්මකව තහවුරු කරගත් පසු මහාවංසයේ සාවද්‍ය මතවාදී තොරතුරු නිරවද්‍ය කර ලිව්වොත් හොඳයි නේද ?(අ)

:       0       0

සුවිනීතා හෙට්ටිආරච්චිගේ Thursday, 03 November 2016 02:19 PM

බොහොම හොඳයි අරුත්බර බොහොම හොඳ ලිපියක් සැමගේම අවධානය ලැබේවා මගේ නමස්කාර වේවා ලංකාවේ පුරවැසියකු වීම ආඩම්බරයක් ජයවේවා ඔබ සැමට (හේ)

:       0       0

සුවිනීතා Thursday, 03 November 2016 10:52 AM

පළමුව මගේ නමස්කාරය වේවා! ඇත්තටම හරිම අගෙයි. අපේ රට ආදි කාලයෙන් දියුණු බව ආඩම්බරයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 33 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 384 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 992 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1485 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 239 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 452 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site