කඨිනස්ස අත්ථාර මාසෝ
ජානි තබ්බෝති
වස්සානස්ස පච්ඡිමෝ මාසෝ
ජානි තබ්බෝ
වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතුය.
(පරිවාර පාලිය)
ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදුකොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළැඹි සියලු භික්ෂූන් වහන්සේ අදට යෙදෙන වප්පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමයයි. එය මහා පවාරණය නමින් ද හැඳින්වේ. මෙතැන් සිට ඉල්පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හැඳින්වේ.
උපසම්පදා භික්ෂූන්වහන්සේ වස් විසූ සියලු විහාරස්ථානවල කඨින චීවර පූජා කෙරේ. මෙම උතුම් චීවර පූජාව සිවුරු ඇතිරීම වසර 2600 කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. ලක් වැසි ජනතාව වසර 2300 ඉක්ම වූ කාල පරාසයක සිට මෙම උතුම් පින්කම සඳහා යොමුව, මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරන අයුරු දැක ගත හැකිය.
අතීතයේ විසූ රජවරුන් අතර මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහාශ්‍රාවක පූජාවක් ලෙස එක්දිනක ස්ථාන අසූවකදී අසූනමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳව සඳහන් වේ. එමෙන්ම සවෙනි පැරකුම්බා නිරිඳුන්ද ත්‍රී සිංහලයෙහිම වස් විසූ භික්ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන්ය. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ ආදී බොහෝ රාජ රාජ මහාමාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මඟින් අනාවරණය වේ.
මහ පින්කමෙහි ආරම්භය සිදුවන්නේ අදින් තෙමසකට පෙරදීය. එනම් ඇසළ පුර පොහෝ දිනයෙහි ආරම්භව එතැන් සිට ගෙවී ගිය මාස කිහිපය ඇතුළත ඒ ඒ විහාරස්ථානවල වස් වැසවීම සඳහා මූලික දායකත්වය ලබාගත් දායක දායිකාවන් ඇතුළු සෙසු දායකවරුන් ද දිනපතා තම විහාරස්ථානවල විවිධ පූජා පින්කම් සිදුකරන ලද ආකාරය ප්‍රකට වූවකි. බුද්ධ පූජා, බෝධි පූජා ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සංවිධානය කරන ලද්දේ, ඒවායෙහි නියැළුණේ මෙම මහා පින්කමෙහි පරිවාර පින්කම් වශයෙනි. කඨිනත්ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදු කළ යුතු මෙම මහා පින්කම ජනවහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නොබිඳෙන බව, ස්ථාවර බව, “කඨින”යන වචනයෙහි ගැබ්ව ඇති අතර මහා ගරු පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එපමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේද මේ සඳහා සහභාගිව ඇතිවා සේම, උන්වහන්සේගේ මහත් වර්ණනාවටද ලක්ව ඇති මහා පින්කමකි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මිල මුදල් තිබූ පමණින් හෝ තමා කැමැති දිනයක හෝ මාසයක දී කළ හැකි පින්කමක් නොවීමය. විහාරස්ථානයක කළ හැකි වන්නේ වසරකට එක් කඨින දානමය පින්කමක් පමණි. අට මහා පින්කම් ලෙස අපේ ධර්මයෙහි හඳුන්වා දෙන ප්‍රධාන පුණ්‍යකර්ම නම් කිරීමේ දී “කඨින ට්ඨපරික්ඛාරං....” යනාදී වශයෙන් කඨින පූජා පින්කම එහි ප්‍රමුඛතම පින්කම ලෙස හඳුන්වා දී ඇති අතර අටපිරිකර පූජාව, සංඝාවාස පූජාව, බුදුපාමොක් මහා සඟනට දන්දීම, ධර්ම පුස්තක ලියවීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි කරවා පූජා කිරීම යනාදිය සෙසු පින්කම් ලෙස දක්වා ඇත.
කඨින චීවර මහා පින්කම පිළිබඳ ජනවහරෙහි එන ප්‍රකට උපමාවක් ද ඇත. චෛත්‍යයක් සාදවා එහි කොත පැළඳවීමට මෙම මහා පින්කම සමාන කිරීම එම උපමාවය. තෙමසක් මුළුල්ලේ සිදු කරන ලද ඉහත සඳහන් පරිවාර පින්කම් චෛත්‍යයේ ඉදිකිරීම්වලට සමාන වන අතර වැඩ නිම වූ සෑ රදුන්ගේ කේතු පිලන්දනය, එහි නිමාව සනිටුහන් කරන අසිරිමත් අවස්ථාව වේ. කඨින චීවර පූජා පින්කම් ද එයට සමාන කර ඇත්තේ එය එක් දිනකින් කළ නොහැකි, ජන සමූහයකගේ ඒක රාශීවීමෙන් සිදුකළ යුතු දුර්ලභ ගණයේ අසිරිමත් පින්කමක් වීම නිසාය.
එක් විහාරස්ථානයක, එක් වසරක සිදුකළ හැක්කේ එක් කඨින පින්කමක් පමණක් සේම, එම විහාරස්ථානයේම වස් විසූ, වස් ශික්ෂා පදය ආරක්ෂා කළ භික්ෂුවක් හැර වෙනත් භික්ෂුවකට කඨින චීවරයක් පිළිගැනීමට හිමිකම් නොලැබේ.
භික්ෂු සංඝයා විෂයෙහි පූජා කරන කඨින වස්ත්‍රයෙන් සකස් කරන ලද චීවරය සීමා මාලකයක දී අදාළ ඉහත සුදුසුකම් සපුරා ඇති භික්ෂුවකට බහුතර භික්ෂු සංඝයාගේ අනුමැතියෙන් පැවරීම සිදුකරනු ලැබේ. ඒ අනුව කඨින චීවරලාභී භික්ෂුවකට විනය ප්‍රඥප්තීන් කීපයක් සීමිත කාලයක් තුළ ලිහිල්ව භාවිත කිරීමේ පඤ්ච විධ ආනිසංසයක් ලැබෙන බවද විනය ග්‍රන්ථවල සඳහන් වේ. කඨින චීවර දානමය මහා පින්කම සිදුකරන දායක දායිකාවන්ට ද සාමාන්‍ය චීවර දහසක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ පූජා කිරීමෙන් ලද නොහැකි මහා කුසල ස්කන්දයක් මෙම එකම කඨින චීවර පූජාවකින් ලැබිය හැකිවීම මෙහි ඇති අසිරිමත් බවට සාධකයකි. තුන් සිවුරෙන් එක් සිවුරක් සඳහා අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හෝ මසා නිමකොට ඇති චීවරයක් කඨින චීවර දානය වශයෙන් පූජා කළ හැකි බව සඳහන්ය. විහාරස්ථානයකට අවශ්‍ය විවිධගරු, ලඝු භාණ්ඩ කඨින චීවර පූජාව සමඟ පූජා කිරීම සඳහා ද බොදුනුවන් පුරුදුව ඇත. මෙම මහා කඨින පූජාවට සම්බන්ධව කෙරෙන එම පිරිකර පූජාවන් අතර එදින පූජා කරන ඉතා සුළු පරිත්‍යාගයකින් පවා කඨින ආනිසංස ලැබෙන බව සඳහන් වන අතර ආනන්තරිය පාපකර්මය වැනි මහා පාපකර්ම හැර සාමාන්‍ය පව් කම්වල බරපතළ බව අඩු කිරීමටද මෙම මහා පින්කම සමත්වන බව ධර්මයෙන් ප්‍රකාශිතය.
අප දැක ඇති ලාඕසය, කාම්බෝජ, තායිලන්ත බුරුම සහ වියට්නාම ජාතික බෞද්ධයන් සිදුකරන මෙම මහා පින්කම තමන්ට ආවේණික පිළිවෙළකට අනුව ඊට අදාළ පාලි වාක්‍ය ආදිය ද ඔවුන් විසින්ම ප්‍රකාශ කරමින් සිදුකරන අයුරු ඉතා විචිත්‍ර බව සඳහන් කළ යුතුව ඇත. නගරයෙහි මහා මන්දිරයෙහි සිට ඈත එපිට ගම්මානවල කුඩා පැල්පත දක්වා බොදුනුවන් එකසේ උනන්දුවෙන් සිදු කෙරෙන මෙම මහා පින්කම එදවස අප විසින් දැක ඇත්තේ වෙනස් වූ ආකාරයකටය. පූජා කිරීමට නියමිතව වස්ත්‍රය අලුතින්ම සකස් කළා මතු නොව සකස් කරන ලද නියමිත වූ වස්ත්‍රය ගම් පියස පුරා රැගෙන ගොස් බොහෝ දෙනාගේ පූජාවට ලක් කොට හිමිදිරියේ හේවිසි හඬින් හා මහා සාදු නාදයෙන් යුතුව විහාරස්ථානයට ගෙන විත් පූජා කරන සාමූහික පින්කමක් ලෙස ප්‍රකටය.
වප්පුර පොහෝ දිනය වූ අදින් කඨිනත්ථාර සමය ඇරැඹෙනවා පමණක් නොව බුද්ධ චරිතයෙහි මෙන්ම ශාසන ඉතිහාසයෙහි ද වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇති බව අනාවරණය වේ. තථාගතයන් වහන්සේ සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුනෙහි වස් වසා වැඩ හිඳ වස් පවාරණය කොට සංකස්ස නගරද්වාරයට වැඩමවා තීර්ථක මං බිඳීම සඳහා යමා මහපෙළහර දැක්වීම සහ එම අසිරියෙන් ප්‍රමුදිත මෙතේ බෝ සත් තුමා නියත විවරණ ලැබ පැවිදි වූයේ ද අදවන් දිනයක දීය.
එමෙන්ම සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුරු ලැබීම ද මෙදින සිදුවූ අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සඟමිත් තෙරණිය වැඩමවා ගැනීම සඳහා මහා අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස ධර්මාශෝක රජුට සංදේශයක් රැගෙන පිටත්ව ගොස් ඇත්තේ ද වප්පුර පොහෝයක දීය. පසු කාලීනව පැවිද්දට පත් මහා අරිට්ඨ මහා රහතන් වහන්සේ සිදුකරන ලද විනය සංගායනාව වප් පුර පොහො දිනෙක සිදු කොට ඇත. මහා අසිරිමත් සිද්ධීන් ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේ සිදුවන කඨින මහා පින්කම්වලටද සහභාගීවෙමින් සසරින් එතෙරවීම සඳහා තව තවත් උත්සාහවත් විය යුතු බව අවධාරණය කළ යුතුව ඇත.
(***)
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අදින් ඇරැඹෙන්නේ කඨින පිංකම් සමයයි
siriwardhana Wednesday, 23 October 2024 12:32 PM
අදින් පටන් ගන්නා කඨින පින්කම් සමය ඉවර වෙන්නේ නොවැම්බර් මාසයේ ඉල් පෝයදා. මේ පාර පෝය එන්නේ නොවැම්බර්15. ඒ නිසා පන්සල් ගානක කඨින පිංකම් තියෙන්නේ 14 රෑ කඨින පෙරහැර ගිහින් 15 කඨින සිවුරු පූජා කරලා බණ කියලා. ඒ නිසා නොවැම්බර් 14 සහ 15 කියන්නේ ඒ පන්සල්වල සහ ඒ ගම්වල බරටම වැඩ දවස්. නමුත් මේ පාර මොනවා වේවිද දන්නේ නැහැ. අපේ සමාජය සහ සංස්තිකෘතිය වගේම ආගමික සිරිත් විරිත් නොසලකා 14 වනදාට මැතිවරණයක් දාලා. මැතිවරන වැඩට යන අයට ඒ පලාතේ කඨින පින්කම් තිබුනොත් ඒවා මග හැරෙනවා. ඒ වගේම 14 රෑ සහ 15 ඇඳිරි නීති දැම්මොත් මොකද වෙන්නේ. 15 රූපවාහිනී සහ රේඩියෝ නාලිකාවල මැතිවරණ නිවේදන වැඩසටහන් නිසා පෝය වැඩසටහන් වලට මොකද වෙන්නේ. පොදු සමාජයේ සිරිත් නොසිතන රජයක් ගැන අපිට මොකද හිතෙන්නේ. ඒ වගේම මාලිමාව මේ වරත් නොවැම්බර් 13 ඔවුන්ගේ ඉල් මහා සමරුව තියෙනවාද. ඒ මගින් ඔවුන්ට 14 වනදා දේශපාලන වාසි ලැබේවි කියලා ද 14 මැතිවරණය තියන්නේ. කලකිරුනු ඡන්දදායකයෙක්.