අදෘෂ්‍යමාන බලවේග වලින් මනුෂ්‍ය ජීවිතයට බලපෑමක් වේද? එසේ ඇත්නම් ඒ බලපෑම් වලින් මග හැරෙන්නේ කෙසේද? අදෘ්‍යමාන බලවේග පිළිබඳ ජනයා මුලා කරන කූඨ විද්‍යාචාරීන්, යකැදුරන් හඳුනාගන්නේ කෙසේද? අදෘෂ්‍යමාන බලවේගවලින් සැබෑ පිහිටක් ගන්නේ කෙසේද? අපි මධ්‍යස්ථව සාකච්ඡුා කරමු. මේ ලිපි පෙළ ඔබට මැදිහත්ව සිතීම පිණිසය. මහනුවර ජලාශය පාරේ නගරාධිපති නිල නිවස අසළ ආචාර්ය සුජිත් නිශාන්ත යෝගීතුමා අප සමග එක්වෙයි.
ජ්‍යොතිෂය පිළිබඳ පසුගිය කාලය පුරා රටේ ප‍්‍රබල මතවාදයක් නිර්මාණය විය. දේශපාලන ක්ෂේත‍්‍රයේ සිදුවන දේ ගැන ඇතැම් ජ්‍යොතිෂඥයන් කළ ප‍්‍රකාශ හා ඒවා සිදුනොවුණොත් ජීවිතය පවා පරදුවට තබමින් ඇතැම්හු අනාවැකි කීහ. අවසානයේ ඔවුන් කී අනාවැකිත් ඉදිරිපත් කළ අභියෝගත් ගඟට කැපූ ඉනි ගානට වැටිණි. ඒ බලා සිටි සමහරුන්ට ජ්‍යෙතිෂයත් එපා විය. ඉපැරණි ශාස්ත‍්‍රයක් මෙසේ හෑල්ලූ වුණේ ඇයි...? එය ජ්‍යොතිෂයේ වරදද? නැත්නම් එය වැරැුදියට අල්ලා ගත්තන්ගේ වරදද? අලියකුගේ වල්ගයෙන් අල්ලාගෙන ඊට අලියා යැයි කියනවා නම්, ගැටළුවක් ඇත. අප හිතන හැටියට ජ්‍යොතිෂඥයන් බොහෝ දෙනෙක් අද මෙතැනය. එබැවින් නොපෙනෙන ලොවක ලිපි පෙළින් ජ්‍යොතිෂය ගැන පළමුව කතා කරමු.
ජ්‍යොතිෂය දුරාතීතයේ පටන් මානව සමාජය හා බැඳී පවතින්නකි. නක්ෂත‍්‍රයට අනුව පලාපල කීමේ ක‍්‍රමවේදය පුරාණ සෘෂිවරු හා පැරණි දෛවඥයන් අනුගමනය කර ඇත. මේ බැව් වේද ග‍්‍රන්ථවල හා භාරත ග‍්‍රන්ථවල සඳහන් වේ.
ජ්‍යොතිෂ්‍ය විෂය එක් පුද්ගලයකුට, එක් ජාතියකට හෝ එක් ආගමකට අයත් විෂයක් නොවේ. මෙය සොබා දහම හා බැඳී පවතින විෂයකි. බුදුන්වහන්සේ ලොව පහළවීමට ප‍්‍රථමද තාරකා විද්‍යාව හා විවිධ ක‍්‍රමවේද අනුව යමින් අනාවැකි හා පලාපල කීම සිදුව ඇත. හින්දු ආගම විසින් ජ්‍යොතිෂය දැඩි විශ්වාසයක තබා ඇත. ජේසුස් වහන්සේගේ උපත පිළිබඳවද ජ්‍යොතිෂයට අනුව අනාවැකි පළවී තිබුණු බව සඳහන් වේ.
මේ වන විට ලාංකීය බෞද්ධ ජන සමාජය තුළ ජ්‍යොතිෂය කෙරේ ප‍්‍රබල විශ්වාසයක් පවතී. ඔවුන්ගේ සමාජ රටාව තුළ උපතේ සිට මරණය දක්වා විවිධ ආකාරයට ජ්‍යොතිෂ හා සම්බන්ධ නැකැත් ශාස්ත‍්‍රය සමීප වේ. අලූතින් ගෙයක් සෑදීමේදී, විවාහ අවස්ථාවකදී, මල්වර මංගල්‍යයකදී ව්‍යපාර ආරම්භයේදී ආදී වශයෙන් එදිනෙදා ජන සමාජය තුළ බොහෝ කටයුතු වලට ජ්‍යොතිෂය මහත් ප‍්‍රයෝජනයක් වී ඇත. යමක් කරන විට සුබ නැකතකින් අරම්භ කිරීමෙන් ‘කිරි ගහට ඇන්නා සේ’ යහපත උදාවේවා යන්න කාගෙත් ප‍්‍රාර්ථනාවයි.
මීට අවුරුදු 5000කට එහා ලංකාවේ රජකම් කළැයි කියන රාවණා රජ සමයේද ඉහළින් ජ්‍යොතිෂය හා නැකැත් ශාස්ත‍්‍රය තිබී ඇත. රාවණගේ මල්ලී වන විභීෂණ විසින් සූර්ය මංගල්‍යයක් සිදු කළ බවට තොරතුරු හමුවේ. එවක පටන් සූර්ය මංගල්‍යය හා බැඳුණු නැකැත් කෙළිය, අවුරුදු නැකැත් ජ්‍යොතිෂය හා බද්ධ විය.
ජ්‍යොතිෂය යනු කුමක්ද? ජෝති යනු බැබළීමයි. පුරාණයේ සිට මිනිස්සු ‘උමා’ ජ්‍යොතිෂ හා බැඳී සිටී.
මෙහි ‘උ’ යනු පෘථිවියයි. ‘මා’ යනු හඳයි. ‘ආ’ යන නැත යන්නයි. මෙයින් සඳ නැති දිනට අමාවකය යන්න අර්ථවත් වේ. එසේ විට පොහොයක් තීන්දු කළ නොහැකිය. එනම් පොහොය තීන්දු කිරීමට ජ්‍යොතිෂය අත්‍යාවශ්‍ය වේ. එබැවින් බෞද්ධ ජන සමාජයට ජ්‍යොතිෂය ඉතා වැදගත් වේ.
ජ්‍යොතිෂය ප‍්‍රධාන ක‍්‍රම කීපයකි. උමා ජ්‍යොතිෂය, කි‍්‍රෂ්ණ මූර්ති ජ්‍යොතිෂය, පරාසර ක‍්‍රමය, වරාමීර ක‍්‍රමය, ෂඞ්වර්ණ ක‍්‍රමය, භාව කේන්ද්‍ර ක‍්‍රමය, සනාථ ක‍්‍රමය, දුර් ගණිත ක‍්‍රමය වේ. මීට අමතරව බුලත් කොළයෙන් නිමිති බැලීම, තත්ත්කාල ක‍්‍රමයට අනාවැකි කීමද ප‍්‍රාථමික ජන සමාජය තුළ දුරාතීතයේ පටන් සිදු වී ඇත.
මෑත යුගයේ කස්තුරිරත්න හා හෙන්ද්‍රික් හෙට්ටිගොඩ වැනි ජ්‍යොතිෂ වියතුන් බිහිවිය. තවත් එහාට යාමේදී ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැනි ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ මනා කොට පිහිටි අයවලූ හැටියට ගත හැකිය.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ජ්‍යොතිෂයෙන් කළ එක් වික‍්‍රමයක් සඳහන් කරමි. රට එක්සේසත් කොටගෙන කෝට්ටේ පාලනය කළ 6 වැනි පැරකුම් රජුට පුතකු නොසිටියේය. තමන්ගෙන් පසු රාජ්‍ය පවරන්නට පුතකු නොමැතිකමින් එතුමා බොහෝ කනස්සල්ලට පත්විය. රජුට සිටියේ ¥වරු දෙදෙනෙක් පමණි. එම දියනියන්ගෙන් කෙනෙක් තරුණ වියේදී මිය ගියාය. අනෙක් දියණිය උලකුඩය දේවියයි. උලකුඩය දේවියට රජකමට යෝග්‍ය පුතකු ලබාදෙන ලෙස ඉල්ලා කැලණියේ විභීෂණ දෙවියන්ට සැළලිහිණියකු අත සංදේශයක් යැවීමට ශ්‍රී රහල් හිමියන් කටයුතු කළහ. එදා මේ සුබනිමිත්ත රැුගෙන සැලලිහිණියා පිටත් කෙරුණේ රාහුල හිමියන් සදූ බලගතු විජය යෝගයකින් බව කියැවේ. එම දවස සුබ නැකැත් දිනක් බවද සඳහන් වේ.
නළ මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹගෙඩි
පුලහෙළ කුසුම ලිය පිය තෙපළ රන් කෙඩි
සද සුඳු සෙමර සේසත් ගිජිඳු නොද වැඩි
බල සුබ නිමිති කර මඟ නැකතටත් වැඩි
මේ උදාහරණ කාරණා අනුව ජ්‍යොතිෂය කෙනෙකුගේ ජීවිතයේ දුෂ්කරතා මගහරවා ගෙන සහනය ලබාදීමටත්, අනාගතයේ සිදුවිය හැකි හානි පීඩාවන්ගෙන් බේරී කල් විසීමටත් මහත් උපකාරයක් වී ඇත.
එදා පටන් රජ ගෙදර සිට දුගී පැල්පත දක්වාම පිහිට වූ, නිවැරැුදි අනාවැකි දුන්, සුබ නැකැත් දුන් ජ්‍යොතිෂය අද ඇතැම්හු විශ්වාස නොකරන මට්ටමට පත් වූයේ ඇයි...? හෑල්ලූවට ලක්වූයේ ඇයි...?
නොයෙක් ප‍්‍රශ්න හමුවේත්, එසේත් නැත්නම් තම දියුණුව, සැපත උදෙසාත් කේන්දරය රැගෙන දෛවඥයකු හමුවට යන ඔබ කොයිතරම් සැලකිලිමත්ද?
වර්තමානයේ බොහෝ ජනයා ජ්‍යොතිෂය නිසා පීඩාවට පත් වූ තැන මෙතැනය. සමහරු ජ්‍යොතිෂවේදියාගේ ප‍්‍රසිද්ධ නමට ඇදෙති. නිතර මාධ්‍යයේ කියැවෙන නිසා ඇදෙති. ජ්‍යොතිෂඥයාගේ මිල අධික විවිධ උපක‍්‍රම නිසා ඇදෙති. දැන් ඔබ ලැබුයේ කුමක්ද? ඇතැම්විට දස දහස් ගාණක් නොව ලක්ෂ ගාණක් වියදම් කළත් ඔබට සහනයක්, දියුණුවක්, සතුටක් නැත.
පළමුව ඔබ යන ෙඳෙවඥයාගේ ස්වභාවය අවබෝධ කර ගත යුතුය. එසේ නොවුණොත් ප‍්‍රශ්න වලින් හෙම්බත් වූ ඔබට තවත් ප‍්‍රශ්න මිස සහනයක් නොවනු ඇත. දෛවඥයාගේ ස්වභාවය පැරණි ශ්ලෝකයක මෙසේ සඳහන් වේ.
‘අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වම්
දයාඃ ක්මාඃ සර්ව ජනප‍්‍රියත්වම්
නිර්ලෝභි දාසා බය ශෝක මුක්තීර්
ඥානඃ ප‍්‍රබේදා දශ ලක්ෂනානි’
ඔහු ක්‍රෝධ රහිත විය යුතුය. නීරෝගි විය යුතුය. ඉඳුරන් දමනය කළකු විය යුතුය. දයාව, කරුණාව සහ ජනප‍්‍රියභාවය පැවතිය යුතුය. දෛවඥයා නිර්ලෝභී විය යුතුය. භයක් හෝ ශෝකයක් නොවිය යුතුය. හෙතෙම නැණවතකු විය යුතුය.
ඔබ දෛවඥයකු සොයා යාමේදී ඉහත ලක්ෂණ දහය කෙරේ අවධානයට ලක්වීම වටී. එවැනි ලක්ෂණ අහිමි දෛවඥයකු වෙත යාමෙන් බොහෝ දෙනා තවත් අසරණ වෙනවා හැර සරණක් වන්නේ නැත. වාණිජ ලෝකය තුළ ජ්‍යොතිෂය වාණිජ ප‍්‍රවාහයට හසුව ඇත. මේ බැව් වත්මන් ප‍්‍රකට ජ්‍යොතිෂවේදීන්ගේ ජීවන චරිත දෙස බැලීමේදී වඩාත් හඳුනාගත හැකිය.
ඇතැම් ජ්‍යොතිෂඥයන් තමා වෙත එන අසරණ ජනයාට විශාල වශයෙන් මුදල් වැයවන ක‍්‍රමවේද ඉදිරිපත් කරති. එහිදී කේන්ද්‍ර බලා මාරක අනතුරු තිබේය, මරණය ස්ථිරය, ආදී වශයෙන් ජනයා බිය වද්දා මුදල් ලබා ගැනීමට ක‍්‍රමවේද නිර්මාණය කර ගනිති. එහිදී මැණික් ඔබ්බවූ මුදු පැළඳීම, රන් පළඳනාා දේවාලයට පූජා කිරීම, පිත්තල, රන් රිදී පූජා කිරීම, ආදී දේ මගින් අසරණයාගේ කණකර පවා සුද්ධ කර ගන්නට ඇතැම් දෛවඥයෝ කටයුතු කරති. හුදෙක් මෙවැනි තැන්හි ක‍්‍රියාත්මක වන්නේ ජ්‍යොතිෂ මතය පරයා සිය දහස් ගුණයකින් ඉහළ නැගුණු පුද්ගලික මත බව ඔබ සිහිතබා ගන්න.
ඔබට යම් විමසුමක් කළ යුතු නම් 081 - 2205758 අංකයෙන් යෝගීතුමා අමතන්න.
මග පෙන්වීම : මහනුවර, ජලාශය පාරේ නගරාධිපති නිල නිවස අසල චන්ද්‍රා මහ උල්පත මාවතේ ආචාර්ය සුජිත් නිශාන්ත යෝගිතුමා.
නියම ජ්‍යොතිෂඥා හඳුනාගැනීම හා මාරක අපල වලට ජ්‍යොතිෂයේ විසඳුම් ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අදෘෂ්‍යමාන බලවේග වලින් මනුෂ්‍ය ජීවිතයට බලපෑමක් වේද?
කිරන් Tuesday, 26 May 2015 03:06 AM
ආලෝක වර්ෂ ගණනක් දුර ඈත ඇති තරු කොහොමද මිනිස්සුන්ට බලපෑමක් ඇති කරන්නේ. ජ්‍යොතිෂවේදීන් යනු දුර්වල මිනිසුන්ගේ හිතට වදින්න කතා කළහැකි පිරිසකි. ඔවුන් කියන දේ හරිගියොත් ඔවුන්ගේ හැකියාව, වැරදුනොත් වත්පිළිවෙත් හරියට කරලා නැහැ කියලා බේරෙනවා.
ට්‍රිෂාන් Monday, 25 May 2015 01:14 PM
පන්සිය පනස් ජාතකයේ මට මතක හැටියට 49 වන ජාතකයේ තිබෙනවා ජ්‍යොතිෂය පිළිබඳව (නි)
මාලි Monday, 25 May 2015 07:55 AM
සජිත් කියන දේ හරියටම හරි. බුදු දහම හරියට දන්නවා නම් ඕවා ප්‍රශ්න නෙමේ (නදී)
සුජිත් Monday, 25 May 2015 01:20 AM
බුදුදහම හරියට අවබෝධ කරගත්තා නම් ඔය ප්‍රශ්න මොනවත් නැහැ (නි)
ජනක Sunday, 24 May 2015 12:59 AM
මේවට අදහස් දක්වන්න මට හිතෙන්නේ නැහැ (නි)