IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අධ්‍යාපනයට නොමැකෙන සේවයක් කළ ඇමැති ඊරියගොල්ල

හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ 48 වැනි ගුණ සැමරුම අදට (7) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පළ හත්පත්තුවේ ඉපැරණි ඊරියගොල්ල ග්‍රාමයේ ඉමියා මුදියන්සේලාගේ සිඤ්ඤප්පු බණ්ඩාර නිලමේතුමා හෙවත් ඊරියගොල්ලේ ලොකු රාළහාමිගේ සහ අලුත්කුරු කෝරළේ දූනගහ පත්තුවේ පල්ලියපිටියේ දූනගහ වලව්වේ සුභසිංහ මංචනායක මැතිනියගේ හය වන දරුවා වශයෙන් ඉමියා මුදියන්සේලාගේ රසායල් අභයවංශ ඊරියගොල්ල 1907 ජනවාරි 03 උපත ලැබීය.

ඊරියගොල්ලේ දරුවා පළමුව ගම ආසන්නයේ පිහිටි කංකානියමුල්ල රජයේ විදුහලින් අධ්‍යාපනය ලැබීය. උඩුගම්පොළ විදුහලේ (විදුහල්පති වූවේ සෙනරත් පරණවිතාන මහතාය.) කොළඹ ආනන්ද හා නාලන්ද යන විදුහල්වලින් උසස් අධ්‍යාපනය ලැබූ ඊරියගොල්ල සිසුවාට එම වකවානුවේ මෙත්තානන්ද, කුලරත්න, මලලසේකර යන අධ්‍යාපනඥයින්ගේ ඇසුර ලැබීමට වාසනාව ලැබිණ. එහි අධ්‍යාපනය ලබන විට 18 වැනි වියේ පසු වූ ඊරියගොල්ල තරුණයා පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රජයේ සේවයට ඇතුළත් විය. එවකට පොලිස්පති වූ හර්බට් ඩයිබිගින්ගේ කටයුතු නොරිස්සූ ඊරියගොල්ල තරුණයා සේවයෙන් ඉවත් විය. ඉතා සුළු කලක් සුරා බදු නිලධාරියකු ලෙසද සේවය කළේය.

එයින් ද සමුගත් ඊරියගොල්ල මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය. ඉන් පසුව ස්වාධීන මිනිසෙකු ලෙස ලේක් හවුස් ආයතනයට බැඳුණි. අසාමාන්‍ය නිර්භීතභාවයකින් හා අචල අධිෂ්ඨාන ශක්තියකින් යුත් ඔහු පුවත්පත් කලාව හා නිර්මාණශීලී සාහිත්‍යකරුවකු ලෙස ඔහුගේ හැකියාවන් ඔපවත් කළේය. අනගාරික ධර්මපාලතුමාගේ හා සර් ඩී.බී. ජයතිලක මහතාගේ ඇසුර ලබමින් සිංහල බෞද්ධයා පත්‍රය ජනතා හඬක් නඟන පුවත් පතක් බවට පත් කළේය.

එමෙන්ම ඊරියගොල්ල මහතා 1934 සිට සෑහෙන කාලයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භාෂා පරිවර්තකයෙකු ලෙස කටයු කළ අතර සෝල්බරි කොමිෂන් සභා වාර්තාව සිංහලට පරිවර්තනය කරන ලද්දේ එතුමා විසින් බවත්, දෙවන ලෝක සංග්‍රාම සමයේ යුධපුවත් බලධරයා ලෙස කටයුතු කළ බවත් බොහෝ දෙනෙක් නොදනිති.

1948 දී නිදහස ලබා ගැනීමට පෙර ආසන මට්ටමින් මන්ත්‍රීන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇති වූ විට සත්කෝරළ සාහිත්‍ය සංගමයේ ඒකමතික තීරණය වූයේ ඒ සඳහා අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සුදුසු බවය.

ඒ අනුව ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස දණ්ඩගමුව අසුනට ඉදිරිපත්ව එජාප අපේකෂකයන් දෙදෙනෙකු පරදවා වැඩි ඡන්ද 1516 කින් ඊරියගොල්ල මහතාට දණ්ඩගමුව ආසනය දිනා ගැනීමට හැකි විය. එසේම 1952 මැතිවරණයේදී ද ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව පහසුවෙන් වැඩි ඡන්ද 11742 කින් ජයගෙන ඊරියගොල්ල මහතා කුලියාපිටිය ආසනයේ නියෝජිතයා ලෙස තේරී පත් වූයේය. මේ වන විට දණ්ඩගමුව ආසනේ නම කුලියාපිටිය ලෙස වෙනස් වී තිබුණි. ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා හා සර් ජෝන් කොතලාවල මහතා අතර ඇතිවූ අසහනකාරී තත්වයේදී ඩඩ්ලි සේනානායක මහතාගේ පිල ගනිමින් කටයුතු කිරීම නිසා ඊරියගොල්ල මහතා පක්ෂයෙන් වෙන් වූයේය.

1965 ඊරියගොල්ල මහතාට අධ්‍යාපනය හා සංස්කෘතික අමාත්‍යධුරය ලැබිණි.

1970 දක්වා ඒ මහතා එම ඇමති ධුරයේ කාර්යය භාරය ඉටු කළ අාකාරය හා එම කාර්යය භාරය මෙසේ දැක්විය හැකිය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලනය පළාත් මට්ටමට විමධ්‍යගත කිරීම, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය පේරාදෙණිය හා කොළඹ යනුවෙන් විශ්ව විද්‍යාල දෙකක් බවට පත් කිරීම, විශ්ව විද්‍යාලයට නොතේරෙන සිසුන් සඳහා කනිෂ්ඨ විශ්ව විද්‍යාල 06 ක් මුළු දිවයිනම ආවරණය වන පරිදි දෙහිවල, කෑගල්ල, කුලියාපිටිය, පොල්ගොල්ල, ගාල්ල සහ පලාලි යන ස්ථානවල පිහිටුවීම, අම්පාරේ හාඩි කාර්මික විද්‍යාලයත් රත්මලානේ මූලික කාර්මික විද්‍යාලයත් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගෙන උසස් කිරීම, කටුබැද්ද කාර්මික විද්‍යායතන භූමියේ ලංකා උසස් කාර්මික විද්‍යායතනය යන නමින් නව ආයතනයක් පිහිටුවීම, දිවයින පුරා නව පාසල් පුස්තකාල 100 ක් ඇති කිරීම හා ජාතික පුස්තකාල මණ්ඩලයක් ස්ථාපිත කිරීම, සහන මිලට දරුවන්ට පොත් ලබා ගැනීම සඳහා අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවක් ඇති කිරීම, කොළඹ රාජකීය විද්‍යාලය හා තරග කිරීමට සමත් ඩී.එස්. සේනානායක නමැති විදුහල පිහිටුවීම, (මෙය අද බොහෝ දෙනෙකුගේ මතකයෙන් ඈත් වූ කරුණකි.) ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අනිවාර්ය කිරීම, ඉංග්‍රීසි ගුරුවරුන් සඳහා උසස් පුහුණුවක් ලබාදීම සහ පේරාදෙණිය පැවැති ඉංග්‍රීසි ගුරු අභ්‍යාස විද්‍යාලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ මට්ටමට උසස් කොට ලංකාවේ ප්‍රථම භාෂා පර්ෙෂණාගාරය එහි පිහිටුවීම, මෙතෙක් රාජ්‍ය සේවකයන් ලෙස නොසැලකූ ගුරුවරුන් රාජ්‍ය සේවකයන් ලෙස අන්තර්ග්‍රහණය කිරීමට පනතක් ගෙන ඒම, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම, පුරාවස්තු කොල්ලය වැළැක්වීම සඳහා පියවර රැසක් ගැනීම, සීගිරි බිතුසිතුවම් සාහසිකයෙකු විසින් විනාශ කරන ලද අවස්ථාවේදී ලෝක ප්‍රකට ලුසියානු මරන්සේ නමැති විශේෂඥයා ලවා එම සිතුවම් ප්‍රතිසංස්කරණය කරවීම, බුදු දහම ඉගැන්වීමටත් එය ලොව පුරා ප්‍රචාරය කිරීමටත් සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කිරීමේ අභිප්‍රායෙන් අනුරාධපුරයේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ස්ථාපනය කිරීම, දේශීය කලාකරුවන් සඳහා කොළඹ නව රඟහල පිහිටුවීම, මුළු අධ්‍යාපන පද්ධතියම ප්‍රතිසංස්කරණය කිරීමේ අභිප්‍රායෙන් ජනතාවගේ අදහස් විමසීම සඳහා අධ්‍යාපන ධවල පත්‍රිකාවක් එළි දැක්වීම, අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටුවා ශත සංවත්සරයක් සපිරුණු 1969 දී ඒ වෙනුවෙන් සුවිශාල අධ්‍යාපන උත්සවයක් ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වීම, මෙයට දෙගුරු සම්මන්ත්‍රණ, සිසුන්ගේ අධ්‍යාපන ප්‍රදර්ශන සහ විද්වතුන්ගේ සුවිශේෂ දේශන ආදී දෑ අයත් විය. මෙම කටයුතු සඳහා මුදල් සපයා ගැනීමට පාසල් ලොතරැයියක් පළමු වරට පැවැත්වීම, අධ්‍යාපන සියවස සඳහා ලංකාවේ අධ්‍යාපනය යනුවෙන් කාණ්ඩ තුනකින් යුත් සුවිශාල පර්ෙෂණාත්මක ග්‍රන්ථයක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සහ භාෂාත්‍රයෙන්ම එළි දැක්වීම ආදිය විශේෂය.

දේශපාලනයෙන් කිසිවක් හරි හම්බ කර නොගත් එතුමා තම පියාගෙන් ලද අක්කර 15 ක් පමණ වූ ගොඩ ඉඩම් ද අක්කර 5 ක් පමණ වූ කුඹුරු කොටසද, තිඹිරිගස්යාය දෙමහල් නිවස ද, විකුණා දමා කුලියාපිටියේ දර්ශන නිවස අලුත්වැඩියා කොට පදිංචිය සඳහා තෝරා ගන්නා ලදී. 1972 දී  කුලියාපිටිය ආසනය අහිමි විමෙන් පසු එතුමා නිතර නිතර අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් කොළඹ කුලී නිවෙස්වල පදිංචිවීමට සිදුවිය. මනුතාපය පොතෙන් පමණක් එවකට මුදලින් රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් ගුණසේන සමාගමෙන් ලබා ගත් බව වාර්තා විය. එම මුදල් ද දේශපාලන සඳහා වැය කර තිබිණි. අවුරුදු දෙකක ඇවෑමෙන් පසු නැවතත් කුලියාපිටිය ආසනය සංවිධාන කිරීමේ බලාපොරොත්තුවෙන් 1973 ජනවාරි මස 07 දින කුලියාපිටියට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු උපන් ගම වූ ඊරියගොල්ලට ගිය අතර තම සහෝදරිය හමුවීමෙන් පසු එහිදී ඇති වූ හෘදයාබාධයකින් පසු කුලියාපිටිය රෝහලට ඇතුළත් වීමට පෙර අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු 1973 ජනවාරි මස 10 දින කුලියාපිටිය පල්ලපිටිය පොදු සුසාන භූමියේදී සිදු විය.


(***)
වයඹ විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ලේඛකාධිකාරී
ජී.ඩබ්ලිව්. කාරියවසම්

 



අදහස් (4)

අධ්‍යාපනයට නොමැකෙන සේවයක් කළ ඇමැති ඊරියගොල්ල

Kamal Thursday, 07 January 2021 10:12 AM

වසර 5ක් තුළ මෙවැනි සේවයක් සිදුකළ වෙනත් දේශපාලනඥයෙකු සිටී නම් කරුණාකර නම් කරන්න.

:       1       12

Lalith Friday, 08 January 2021 01:50 AM

1965 ඩඩ්ලිගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති වූ ඊරියගොල්ල එම මැතිවරණයේදී ශ්‍රීලනිපය වෙනුවෙන් ගුරුවරුන්ගෙන් පළිගනිමින් හතර අතේ දුෂ්කර පළාත්වලට මාරුකළා. එයින් සමහරුන්ට ඒ නිසාම ජීවිත පවා අහිමි වුණා. මගේ පියාත් ඉන් කෙනෙක්..ඊරියගොල්ල එක්ක තරගකළ පසුව කුලියා පිටියෙන් පාර්ලිමේන්තුවට ගිය සමරසිංහ මැතිතුමන්ගේ ආධාර කරුවන්ට එළව එළවා පළිගත්තා.

:       3       2

ලලිතාSaturday, 09 January 2021 01:30 AM

මෙතුමාගේ කාලය වනතුරු ගුරුවරුන් වෙනුවෙන් තිබුනේ ගුරු වැන්දඹු අනත්දරු හා ගුරු විශ්‍රාම වැටුප් කියලා අවිධිමත් ක්‍රමයක්. එම ක්‍රමය ගුරුවරුන්ටත් ඇතිකරලා ගුරුවරුන්ටත් සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය ඇතිකලේ එතුමාය. සාමාන්‍යයෙන් 1970 වනවිට රටේ බොහෝ ප්‍රදේශ තිබුනේ ඉතාම දුෂ්කර තත්වයෙනි. ඉතින් රජයේ සේවයේ සිටින අයවලුන්ට ලැබෙන ස්ථාන මාරුවීම් අනුව අල්ලපු ගමට වුවත් පාගමනින් යාමට සිදුවූ නිසා ඉතාම දුෂ්කර වුණා. තමාගේ බඩගෝස්තරය පමණක් සිතන අය සිටින මෙම රටට කොපමණ සේවයක් කළ කෙනෙකුට වුවත් හොඳක් අහන්න ‍නොලැබීම කණගාටුවට කරුණකි.

:       3       3

dhamneth Friday, 08 January 2021 03:04 AM

එතුමා විසින් ආරම්භ කළ කණිෂ්ඨ විශ්ව විද්‍යාලය 8 අහෝසි නොකර දිගටම පවත්වාගෙන ආවානම් අද මෙරට රැකියා විරහිත බවක් නැහැ. පුහුණු කාර්මික ශිල්පීන් විශාල වශයෙන් බිහිවෙලා විදෙස් රටවල රැකියාවලට ගිහින් අපේ රටට විශාල ලෙස විදේශ විනිමය ලබාගන්නත් තිබුණා.

:       2       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 35 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1244 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 586 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4553 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12914 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site