‘‘ආණ්ඩුව ගෙදර යනු’’ ‘‘ජේ.ආර්. මරමු’’ යනුවෙන් පෝස්ටර් වැදුණු කාලයක් තිබුණි. මේවා බිත්තිවල ඇලවුණේ ජේ.ආර්. ජයවර්ධන පාලනයේ දෙවැනි සමයේය. එහෙත් එදා පෝස්ටර් වැදුණු සැණින් එම ආණ්ඩුව ගෙදර ගියේවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට අතුරු ආන්තරාවක් සිදු වූයේවත් නැත. එම ආණ්ඩුව ගෙදර ගියේ පාර්ලිමේන්තු මැතිවරණ දෙකකට පසුවය. ඉන් එක් මැතිවරණයකින් නිවැරදි ලෙස ජනමතය පිළිබිඹු නොවුණි. ඒ භීෂණය නිසාය. එම භීෂණයත් සමඟ ජේ.ආර්. ගෙදර ගියේ විශ‍්‍රාමිකයකු ලෙසයි. ඔහුගේ තෙවැනි ඉනිමේ සිහිනය පමණක් බොඳ වී තිබුණි. එහෙත් ඉහත සඳහන් ආකාරයේ වදන් ලියැවුණු හැඩි දැඩි පෝස්ටර්වලින් එදා ජනමතය යම් දුරකට පිළිබිඹු විය. සත්‍ය වශයෙන්ම 17 අවුරුදු යූ.ඇන්.පී. පාලනය දෙදරා ගියේ 1987 සමයේ එම පෝස්ටර් හා සමගාමීව ඇරඹි භීෂණය නිසාය. 1988, 1989 වර්ෂවල පැවැති ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් වාතාවරණයක පැවැතියා නම් ප‍්‍රතිඵලය වෙනස් වී විපක්ෂය බලයට පත්වීමටද ඉඩ තිබුණි. මේ ආණ්ඩුවට තවමත් ඒ ආකාරයේ උද්ඝෝෂණයක් හෝ ප‍්‍රහාරයක් එල්ල වී නැත. එහෙත් හෙට දවසේ එසේ වේ දැයි කියන්න දන්නේ නැත. එවන් තැනකට මෙවන් රජයක් පත්විය යුතු නැත. පසුගිය සමයේ පැවැති උද්ඝෝෂණවලදී කිසිවෙක් ”ආණ්ඩුව ගෙදර පල....” කියා කීවේ නැත. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරයක් එල්ල වූයේ ද නැත. ඔහුගේ ජනපි‍්‍රයත්වයේ අඩුවීමක්ද නොපෙනේ. ඊට හේතුව ඔහු රට බේරාගත් සාධකය ප‍්‍රබලව ජනතාවගේ සිත් සතන් තුළ පැලපදියම් වී තිබෙන නිසාය. එහෙත් එය හොරකම් කරන අයට හොරකම් කිරීමටත්, පිස්සු නටන අයට නොකඩවා පිස්සු නැටීමටත්, ආර්ථිකය හසුරුවන සමහරුන්ගේ ලණු දිගට හරහට ගිල දැමීමටත්, රටේ යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පළුදු කර ගැනීමටත් දුන් විවෘත බලපත‍්‍රයක් නොවේ. වැඬේ වරද්දාගන්නේ නම් දේශපේ‍්‍රමය වුවද තාවකාලිකව පැත්තකින් තැබීමේ දිනය උදාවිය හැකිය. එහෙත් පසුගියදා පැවැති සෑම උද්ඝෝෂණයකදීම කියවුණේ තෙල් මිල වැඩියි අඩුකරන්න කියලාය. මෙසේ උද්ඝෝෂණවල යෙදුණු සමහර අයට ඉදිරියට කරගසාගෙන යෑමට මිනියක් ඕනෑවෙලා තිබුණා විය හැකිය. විශ‍්‍රාම වැටුප් ප‍්‍රශ්නයේ දී මෙන්ම එම මිනිස් බිල්ල මෙවරද ලැබුණි. මෙවර එය ලැබුණේ හලාවත පළාතේ ධීවර ප‍්‍රජාව තුළිනි. එම බිල්ල වුවද රාජ්‍ය අනුග‍්‍රහයෙන්ම ලැබුණා වාගේය. තෙල් මිල වැඩිවීම ධීවර ප‍්‍රජාවට බලපාන බව සත්‍යයකි. විශේෂයෙන්ම එය අඩු ආදායම් ලාභීන්ගේද මිලට එකතු වී අවසානයේ සමස්ත ජනතාවටම බලපාන්නේය. තෙල් මිල වැඩිවීමට පෙර සිට වුවද මාළු මිලේ වෙනසක් දක්නට ලැබුණි. ධීවර සංස්ථාවේ වෙළෙඳ සැල්වල මාළු අනෙක් තැන්වලට වඩා ලාභය. මේ නිසා එම වෙළෙඳසල්වල මාළු කඩිනමින් අලෙවි වේ. සමහර තැනක මාළු මිල සමබර වීමට ධීවර සංස්ථාවේ කඩිනම් ව්‍යාප්තිය බලපා තිබේ. එසේම රටේ මාළු වෙළඳාමේ මිල සමබර කිරීමට ධීවර සංස්ථාවේ මැදිහත්වීම පසුගිය වසර දෙක ඇතුළත සකී‍්‍රය දායකත්වයක් සපයා ඇත. මේ නිසා හිතූ හිතූ පරිදි මිල තීරණය කිරීමටද මාළු ව්‍යාපාරිකයනට නොහැකි විය. වත්මන් තෙල් මිලත් සමඟම ධීවර ප‍්‍රජාව නොසන්සුන් වූයේ මෙවන් පසුබිමකය. එහෙත් රජය මැදිහත් වී ධීවර සහනාධාරය ප‍්‍රදානය කිරීමත් සමඟම හලාවත හා මීගමුව ප‍්‍රදේශවල හැරෙන්න අනෙක් ප‍්‍රදේශවල ධීවරයෝ සන්සුන් වූහ. එහෙත් හලාවත මීගමුව ආදී ප‍්‍රදේශවල ධීවර නොසන්සුන්තාව වැඩි දියුණු වී ජීවිතයක් බිලිගැනීමට තරම් ප‍්‍රශ්නය දුරදිග යෑමට අනියමින් රාජ්‍ය අනුග‍්‍රහය ද ලැබුණා වාගේය. එක්තරා ඇමතිවරයකු කෙළින්ම මාධ්‍යයට ප‍්‍රකාශ කළේ ධීවර උද්ඝෝෂණය සාධාරණ බවය. ධීවර තරුණයා මිය ගියේ ඊට දින තුනකට පසුවය. පසුව එම උද්ඝෝෂණය කඩු, පොලූ, පැට්රල් පිරවූ බෝතල් දක්වා සන්නද්ධ ස්වරූපයක් ගෙන තිබුණි. උද්ඝෝෂණවලට අනියමින් රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමත්, එය මර්දනය කිරීමට හමුදාව මැදිහත් වීමත් කෙසේ සිදු වුණා දැයි කියන්න දන්නේ නැත. කුමන පදනමකින් හෝ හමුදාව මැදිහත් වීමෙන් රටට දෙන පණිවිඩය හොඳ නැත. එක් ප‍්‍රදේශයක ධීවරයින් පමණක් මෙසේ නොසන්සුන් වීම ප‍්‍රශ්නයකි. පසුව ජීවිතයක් ද බිලි ගැනීමෙන් පසු සන්සුන් වීම ගැන සොයාබැලීම වැදගත්ය. සංසුන්වීම යහපත්ය. අනිත් අය සන්සුන්ව සිටියදී නොසන්සුන් වීම සොයාබැලීමට තරම්ම වැදගත්ය. නැතිනම් හෙට දවසේ විපක්ෂයේ මැදිහත්වීමකින් තොරව තමන්ගේ අයම කපාදෙන වළක මියැදීමට මේ ආණ්ඩුවට සිදු වනු ඇත. ජීවන වියදමේ ප‍්‍රශ්නය අළලා උද්ඝෝෂණය කිරීම විපක්ෂයේ සාමාන්‍ය කාර්යයකි. එය ඔවුන්ගේ සම්ප‍්‍රදායානුකූල අයිතියකි. බඩු මිල උද්ඝෝෂණ හැමදාමත් විපක්ෂයට අයිති විෂයකි. මේ ආණ්ඩුව විපක්ෂයේ සිටියදීද සාමාන්‍යයෙන් හැසිරුණේ මෙහෙමය. එහෙත් එදා ආණ්ඩුවේ අයගෙන් විපක්ෂයේ උද්ඝෝෂණවලට යටින් තල්ලූ ලැබුණේ නැත. දැන් සිදුවන්නේ අමුතුතාලේ වැඩය. ”කූඩ ප‍්‍රශ්නය” අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේය. බාල පැට්රල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තගේ ය. එතකොට ධීවර ප‍්‍රශ්නය ආ... ඒක දොස්තර රාජිත සේනාරත්නගේ ය. විදුලි බිලට නම් චම්පික ඇමැතිවරයා වගකිව යුතුය. බෙහෙත් හිඟය අමාත්‍ය මෛතී‍්‍රපාලගේ ය. මේ විදියට ප‍්‍රශ්නය විෂයභාර ඇමතිවරුන්ගේ පිට දමා සමහරු ඇඟ බේරාගන්නා දේශපාලනය මීට පෙර මේ තරම් කිසිම ආණ්ඩුවක් තුළින් අපට හමුවන්නේ නැත. මේ ආණ්ඩුවට ඡන්දය දුන්න අරටු ශී‍්‍ර ලංකා කාරයෝ ”අනේ මෙහෙම ආණ්ඩුවක්” යැයි කියන්නේ ඒ නිසා දැයි දන්නේ නැත. අඩුම ගානේ තම තමන්ගේ ආසනවල සිටින පාක්ෂිකයනටවත් කරුණු කියා දීමේ වැඩ සටහනක් මේ ආණ්ඩු මේ අයට නැති ගානය. තෙල් මිලේ ඇත්ත ප‍්‍රශ්නය මතු කර ගැනීමට වුවද ආණ්ඩුවක් විදියට ඉදිරිපත් වූයේද අශ්වයා ගියාට පසු ඉස්තාලය වසාදමන ක‍්‍රමයටය. ඒකට විපක්ෂයට කළ හැකි දෙයක් නැත. ඇත්ත ප‍්‍රශ්නය පසුගිය අවුරුදුවල ඛනිජ තෙල් හා විදුලිය සහන මිලට සැපයීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වී තිබෙන සමස්ත පාඩුව 2011 දෙසැම්බර් වන විට රු. බිලියන 238කි. (රුපියල් මිලියන 238,000කි.) එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රු. බිලියන 178ක් හා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 60 සේ බෙදී යයි. මේ බිලියන 238ක පාඩුව සැදී තිබෙන්නේ අදාළ ආයතන දෙකේ දූෂණ හා අක‍්‍රමිකතා නිසා නොවේ. ඒ දෙකම සහසුද්දයෙන්ම පිරිසිදු නැත. විවිධ අක‍්‍රමිකතා හා දූෂණ නැතුවා නොවේ. එහෙත් මෙතරම් මුදලක් හොරකම් කරලා නම් නැත. මේ මුදල දෙස බලන විට අක‍්‍රමිකතාවන්ට යටත් වන ප‍්‍රමාණයක් වේ නම් නොවැදගත් ගණනකි. මෙතරම් මුදලක් විදුලිය හා ඛනිජ තෙල් වෙනුවෙන් සහනාධාර වශයෙන් පාඩුවට අතහැර තිබියදීත් රු. බිලියන 132 මේ වර්ෂය තුළ ද පොහොර, සමෘද්ධි, පාසල් නිල ඇඳුම් ආදිය සඳහා සහනාධාර වශයෙන් රජය වෙන්කර තිබේ. මේ දෙකේම එකතුව ගතහොත් රු. බිලියන 470කි. මින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පමණක් මොරගහකන්ද ජලාශයට වැයවන මුළු වියදමට සමානය. එම මුදල වුවද මොරගහකන්දට වැය කරන්නේ වසර 6ක් තුළයි. නොමිළේ අධ්‍යාපනයට හා සෞඛ්‍ය වෙනුවෙන් දරන රු. බිලියන 235ක (රු.ද.ල. 235000) වියදම මීට අයත් නැත. බොහෝ විට පොදුවේ රටටම සමානව බෙදීයන සේ සැකසී ඇති මේ සහනාධාර ක‍්‍රමයේ නම් ප‍්‍රශ්නයක් තිබේ. පොදුවේ ජනතාව දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ගැට ගසා ගැනීමක් ද එහි දක්නට ලැබේ. හොඳම උදාහරණය එදා ”ජන සවිය” හා මෙදා සමෘද්ධියයි. මේ රටේ සම්ප‍්‍රදායික දේශපාලනයේ හැටි මෙසේ ය. මේ ආණ්ඩුවත් ඉන් මිදී නැත. බිලියන 240ක තෙල් හා විදුලිය සහනය වුවද මිලියනපතියන්, කෝටිපතියන් ඇතුළුව කුප්පි ලාම්පුවෙන් රැය පහන් කරන අයට ද පොදුවීම පට්ට අසාධාරණයකි. සමහර සල්ලි කාරයෝ බදු හොරුය. සමහරු බදු හොරකමේ යෙදෙන්නේ දේශපාලන සම්බන්ධකම් හරහාය. විපක්ෂයේ නම් ලෙඩ වැටේ. ආණ්ඩුවේ නම් ගොඩය. බදු වංචා සම්බන්ධයෙන් රටේ ඇත්තේ මෙවන් මතයකි. මේ හොරුන්ට ආණ්ඩුවේ සහනාධාර ක‍්‍රමයෙන් සහනාධාර ද අයවැයෙන් බදු සහන ද ලැබෙන නමුත් රටේ අපනයන ආදායම වර්ධනය කර ගැනීමට ඔවුන් දක්වා තිබෙන සහාය රටේ ආර්ථිකය ගැන සොයා බලන කිසිම තැනක අධීක්‍ෂණයකට ලක් වී නැත. මේ වන විට අපනයන ආදායමේ ද ප‍්‍රශ්නයක් මතු වී තිබේ. ආනයන වැඩි වී අපනයන අඩුවෙලාය. මේ නිසා වෙළෙඳ ගිණුමේ පරතරයකි. එම පරතරය පියවීමට සිදු වී තිබෙන්නේ රැස්කරගත් සංචිත හරහාය. එම නිසා විදේශ සංචිත අඩුවෙමින් පවතී. එම පරතරය අඩුකර සංචිත ශක්තිමත් කර ගන්නැයි මූල්‍ය අරමුදල දෙන උපදේශය කුමන්ත‍්‍රණයක් නොවේ. එමගින් ඔවුන් අධිරාජ්‍යවාදීගේ වුවමනාව මත රටේ ස්වෛරීත්වයට හානියක් සිදු කරන්නේ නැත. ණය දෙන ඕනෑම බැංකුවක් හැසිරෙන්නේ එහෙමය. මේ නිසා තවදුරටත් මේ තරම් දැවැන්ත සහනාධාර ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළ නොහැක. හෙට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව ගත්තත් මේ යථාර්ථයට මුහුණ දීමට සිදුවේ. එදා රනිල්ගේ රජය තෙල් මිල තීරණය කළේ මිල සූත‍්‍රයක් හරහාය. එමගින් සහන තිබුණේ නැත. කළමනාකරණය පැත්තෙන් ඒ ක‍්‍රමය නිවැරදි විය හැකිය. එහෙත් ආණ්ඩුවක් පවතින මිලටම අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන්නේ නම් එය ආණ්ඩුවකට වඩා කොම්පැණියකට සමානය. රටක ආණ්ඩුවක් කියන්නේ කොම්පැනියකට නොවේ. ආණ්ඩුවක් ලාභ අලාභ ගිණුම අනුවම කටයුතු කරන ආයතනයක් නොවේ. මේ නිසා ජනතාවගේ පැත්ත බලා සහනාධාර ද දිය යුතුය. ඒ අනුව ජනතාවට සහන සැලසීම මේ ආණ්ඩුවේ ද පිළිවෙතයි. එහෙත් එම හැම සහනයක් ම ආණ්ඩුවලට ලබා දෙන්නේ නායකයන්ගේ සාක්කුවෙන් නොවේ. මහජන මුදලිනි. මේ හැම කාරණයක් ගැනම කල්පනා කිරීමට රජයකට සිදුවෙයි. මේ නිසා රු. බිලියන 238ක හිඟ ඛනිජ තෙල් හා විදුලිය බිල දෙස හෙට දවසේ ආණ්ඩුවකට අහක බලාගෙන සිටිය නොහැක. මෙතැන් සිට හෝ රජයට තෙල් හා විදුලිය පාඩුවට අලෙවි කළ නොහැකිය. එහෙත් ආණ්ඩුවක් විදියට ප‍්‍රථම වතාවට මේ මිල ක‍්‍රමය නිසා පීඩාවට පත්වන ජන කොටස් ඉලක්ක කර ගනිමින් සහානාධාර ක‍්‍රමයක් යෝජනාකර තිබීම පැසසිය යුතුය. එහි අඩුපාඩුකම් තිබිය හැකිය. ප‍්‍රායෝගික නොවිය හැකිය. එහෙත් ඒ ප‍්‍රතිපත්තිය තෙත බරිතය. අනුකම්පා සහගතය. එසේම මෙතරම් හිරවෙන තුරු මේ ප‍්‍රශ්නය එළියට නොදමා හිරකර ගෙන සිටි ආර්ථිකය හසුරුවන බලධාරීන්ට නම් සමාවක් දිය නොහැක. එසේම හාල් මැස්සාගේ සිට තෝරු මෝරු දක්වාම සමසේ සහනාධාර බෙදන දේශපාලනයට ද සමාවක් දිය නොහැකිය. උදාහරණයක් ලෙස ”එක් පසකින් සියයට 8ක ආර්ථික වර්ධනයක් ගැන කතා කරයි. ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 2830ක් බව කියැවේ. එසේ ම ණය පොලී අනුපාතය තනි ඉලක්කමකට සීමා වී දුප්පත් කම සියයට 7.5 දක්වා අඩු වී ඇතැයි කියන ගමන්ම අන්ත දුගී දුප්පතුන් සියයට 35 -සියයට 40 සමෘද්ධි සහනාධාර ලබනවා යැයි පැවසීම පරස්පරය. එක්කෝ මුලින් කියන දේ වැරදිය. නැතිනම් සමෘද්ධි සහනාධාර ගණන් හිලව් වැරදිය. මේ දෙකම නිවැරදි නම් මේ ආණ්ඩුව යටතේ ඇති නැති පරතරය වැඩි වී ඇත. ඇති නැති පරතරය වැඩි වෙලා නම් තෙල් මිලේ ප‍්‍රශ්නය ඇති අයට කෙසේ වෙතත් බහුතරයක් වන නැති අයට කරනු ලබන බලපෑම් වැඩිය. මේ නිසා දේශපාලනය සමඟ ගැටගැසී තිබෙන වත්මන් සහනාධාර ක‍්‍රමය වෙනස්කර රටේ සැබෑ දුප්පතුන් හා පීඩිත කොටස් සොයාගෙන ඔවුන් ඉලක්ක කර ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කිරීමට මීට වඩා සහන සපයන ක‍්‍රමයකට යෑම වැඩදායකය. එසේ තෙල් මිල පමණක් නොව ජීවන වියදමේ ඕනෑම ප‍්‍රශ්නයකට මුහුණ දිය හැකි පරිදි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම රටේ සිදුවන ආර්ථික සංවර්ධනයේ දීර්ඝකාලීන ප‍්‍රතිපලය විය යුතු බවට විවාදයක් නැත.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනේ මෙහෙම ආණ්ඩුවක්