විදුලි අර්බුදයක් ක්‍රම දෙකකට පැමිණිය හැකියි. එක පැත්තකින් එය බලශක්ති අර්බුදයක් විය හැකිය. අනෙක් පැත්තෙන් එය ධාරිතාව (Capacity) පිළිබඳ ප්‍රශ්නයක් ද විය හැකිය. දැනට ලංකාවේ විවිධ මූලාශ්‍රවලින් විදුලිය නිපදවයි. ජලයෙන් හිරු එළියෙන් සුළඟින් දැවවලින් දැවි තෙල් ඩීසල්, ගල් අගුරු යනාදී ලෙස ඒ ක්‍රම කීපයකි. මේ වන විට රටේ පවතින ඩොලර් අර්බුදය නිසා අපට තෙල් ලබාගත නොහැකිය.
එසේම පවතින වියළි කාලගුණයත් සමග අපේ ජල විදුලි නිෂ්පාදනය ද බොහෝ අඩුවී තිබේ. ඒ හේතු දෙකටත් පවතින ඉල්ලුම සැපයීමට තරම් ධාරිතාවක් නොපවතී. වියළි කාලගුණය මීට වඩා දරුණුව පැවැති අවස්ථා ද තිබිණි. එහෙත් එය අර්බුදයක් කරා නොගියේ ජලයෙන් නිෂ්පාදනය කරගත නොහැකිවූ ප්‍රමාණය තාප විදුලියෙන් ආවරණය කරගත් නිසාය. එහෙත් දැන් තාප විදුලිය නිපදවීම සඳහා ඛනිජ තෙල් මිලදී ගත නොහැකි නිසා පවතින විදුලි අර්බුදය නිර්මාණය වී තිබේ.
2016 සිට බලයට පත් සෑම ආණ්‍ඩුවක්ම අපේ රටේ තියෙන සම්පත්වලින්ම බලශක්තිය නිපදවීමට කල්පනා කරයි. හේතුව තෙල් නැති වන විට අර්බුදය යළි යළිත් මතුවන නිසාය. මීට පෙර එක් යුගයක තෙල් නැවක් පැමිණීම ප්‍රමාදවීම නිසාද බලශක්ති අර්බුදයක් ඇතිවිය.
තෙල් රට ඇතුළේ නිෂ්පාදනය නොකරයි. ඒවා රටින් ගෙන්විය යුතුය. එය ඩොලර් මත නිර්මාණය වෙයි. ඒ අයුරින් සැපයුම් දාමයේ ප්‍රශ්නයක් ඇතිවූ විට විදුලි අර්බුදයක් ඇතිවෙයි. ඒ නිසා අපේ රටේ තිබෙන සම්පත්වලින්ම විදුලිය නිපදවා ගත යුතුය යන සංකල්පයට සෑම ආණ්‍ඩුවක්ම යොමු වෙයි. ඇත්තෙන්ම අපට තියෙන විසඳුම් ද එයයි. ආනයනය කරන තෙල් මතම බලශක්ති නිෂ්පාදනයට යොමු නොවුණොත් බලශක්ති ආරක්ෂණය පැත්තෙන් අපට මුහුණ දීමට සිදු වන්නේ අර්බුදයකටය. සරලව කිවහොත් අපේ බලශක්ති සුරක්ෂිතතාව නැති වෙයි. එවිට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙයි. එය විසම චක්‍රයකි. ඒ නිසා දේශීය සම්පත් මත බලශක්ති නිෂ්පාදනයට යොමු වීම සහේතුකයක තාර්කිකය.
එහෙත් දේශීය සම්පත් වලින් බලශක්ති නිෂ්පාදනය කෙසේ කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ප්‍රශ්න මාලාවකි. වසර 2030 වන විට අපේ සමස්ත විදුලියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිවලින් නිපදවිය යුතු බව ජනාධිපතිවරයාගේ ආකල්පයයි. විශ්වාසයයි. 2021 අප්‍රේල් 04 වැනිදා බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රසිද්ධියට පත් කළ ප්‍රතිපත්තියෙහි ද සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ දර්ශනයයි. දැනට රට පිළිගත් ප්‍රතිපත්තිය එයයි.
ඒ අනුව ඒ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරගැනීමට කටයුතු නොකළහොත් දැනට පවතින ප්‍රශ්න යළි යළිත් මතුවෙයි. 2030 වන විට සමස්ත විදුලියෙන් සියයට 70 ක් පුනර්ජනනීය ක්‍රම මගින් නිෂ්පාදනය කළ යුතුය, කියන ප්‍රතිපත්තියට පැමිණ සිටින්නේ ඒ පිළිබඳව නිවැරදි තක්සේරුවක් ද යන්න මට ප්‍රශ්නයකි. පුනර්ජනනීය මූලාශ්‍රවලින් අපට නිපදවා ගත හැකි උපරිම විදුලිය ධාරිතාව සියයට 70 ක් පමණ ද යන්න ප්‍රශ්නයකි. එය සියයට සියයක් කළ නොහැකි ද යන්න ගැන ප්‍රතිපත්ති විශ්ලේෂණයක් කර නොමැති බව මගේ වැටහීමයි.
ලංකාවේ අලුත්ම බලශක්ති ප්‍රතිපත්තිය ගැසට් කළේ 2019 දීය. 2050 වන විට කාබන්වලින් මුක්ත මිදුනු තත්ත්වයක් ගැන ඒ බලශක්ති ප්‍රතිපත්තියේ සඳහන් වෙයි. එය හොඳින් අධ්‍යයනය කර සැකසූ ප්‍රතිපත්තියකි. එය 2030 ඉලක්කය ඉක්මවා ගිය තත්ත්වයකි. දැනට තියෙන තත්ත්වය එනම් 2020 දී පමණ අපේ තාප විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි නිෂ්‍පාදනයෙන් සියයට 50 ක් පමණ වෙයි. 2020 පමණ වන විට අපේ පුනර්ජනනීය මූලාශ්‍රවලින් විදුලි නිෂ්‍පාදනය සියයට 40 ක් පමණ වෙයි.
එය 2030 වෙද්දී සියයට70 ක් කර ගත යුතු බව දැන් රාජ්‍ය ප්‍රතිපත්තියයි. එහෙත් ඒ සඳහා අප සුදානම් ද? මට ඇති ප්‍රශ්නය එයයි. විදුලි බල මණ්ඩලය අවුරුදු දෙකකට වරක් තම දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ප්‍රකාශයට පත් කළ යුතුය. රටක් ලෙස ලංකාව කෙසේ කටයුතු කළ යුතු දැයි ඒ සැලැස්මේ සඳහන් වෙයි. ගතවූ දිගු කාලයේ දී ඒ සැලැස්ම ප්‍රකාශයට පත්වී තිබුණත් ඒ සැලැස්ම ක්‍රියාත්මක වී නැත. ඒ සැලැස්මේ තිබූ ඇතැම් බලාගාර එක රැයකින් ගත් දේශපාලන තීන්දු මත අත්හිටුවා තිබේ.
2022 සිට 2041 දක්වා වූ දිගුකාලීන සැලැස්ම දැන් ප්‍රසිද්ධියට පත්කර තිබේ. ඒ සැලැස්මේ හැටියට මේ 2022 අවුරුද්දේ දී හිරු එළියෙන් පමණක් මෙගාවොට් 340 ක විදුලියක් පද්ධතියට එකතුවීමට නියමිතය.
ඇත්තෙන්ම එය එලෙස වෙයිද?. එය යථාර්ථයක් වෙයිද?. නැතිනම් එය සැලැස්මට පමණක් සීමා වෙයිද? අපේ රටේ විදුලි අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව සැලසුම්වල තිබෙන යෝජනා ක්‍රියාත්මක නොවීමය.
සැලසුම්වල තිබෙන යෝජනා ක්‍රියාත්මක නොවීමට පවතින හේතු ද විවිධය. 2009 දැනට ක්‍රියාත්මක විදුලිබල පනත සම්මත විය. 2013 දී එය සංශෝධනය කෙරිණි. විදුලි බල ක්ෂේත්‍රය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ දැයි සඳහන් වෙන්නේ ඒ පනතේය. 2009 පෙර පුනර්ජනනීය බලශක්ති මගින් නිෂ්පාදනය කළ විදුලිය මණ්‍ඩලයට මිල දී ගත්තේ ජල පෝෂක ගාස්තු ක්‍රමය යටතේය. ඒ යුගයේ පුනර්ජනනීය බලශක්ති වැඩි වැඩියෙන් දියුණු වූයේ ඒ ජාල පෝෂක ගාස්තු ක්‍රමය නිසාය. එහෙත් 2009 දී විදුලිබල පනතේ කළ සංශෝධන නිසා ඒ ජාල පෝෂක ගාස්තු ක්‍රමය යටතේ විදුලිය මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.
තරඟකාරී මිල ක්‍රමයක් යටතේ විදුලිය මිල දී ගත යුතු බවට නව ක්‍රමයක් ඒ පනතින් හඳුන්වා දුන්නේය. 2013 දී පනත යළි සංශෝධනය කළේ ඒ වාක්‍ය ඉවත් කිරීමෙනි. එහෙත් 2013 කළ සංශෝධනයෙන් රටට වුවමනා දෙය සිදු නොවීය. 2009 පෙර පැවැති ජාල පෝෂක ගාස්තු ක්‍රමය යළි ඇති නොවිණි. ඒ නිසා 2013 සිට මේ වන තෙක් කුඩා ජල සුළං සූර්ය දැව යනාදී පුනර්ජනනීය බලශක්ති මගින් විදුලිය නිපදවීමට කළ යෝජනා හා ව්‍යාපෘති සියල්ල විදුලි බල මණ්ඩලයේ හමස් පෙට්ටියට වැටී තිබේ. ඒ ව්‍යාපෘති එකක්වත් ක්‍රියාත්මක නොවීය. එදා සිට ක්‍රියාත්මක වූයේ ටෙන්ඩර් පටිපාටියෙන් අනුමත වූ ව්‍යපෘති පමණකි.
ඒ කියන ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වන්නේ 2017 සිටය. එදා සිට ඒ ටෙන්ඩර් පටිපාටියට අනුව පද්ධතියට හේතු වී තිබෙන්නේ සූර්ය බලයෙන් නිපදවන විදුලිය මෙගාවොට් 54 ක් පමණය. ඊට අමතරව වෙනත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුයේ නැත. පවතින විදුලි අර්බුදයට මෙය ද එනම් ටෙන්ඩර් පටිපාටි මත පුනර්ජනනීය බලශක්ති මිල දී ගැනීමට යාම ද හේතුවකි. 2009 දී කළ වරද අදටත් නිවැරැදි කර නැත.
2019 සිට මේ වන තුරුත් ටෙන්ඩර් පටිපාටිය මත කිසිම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අනුමැතිය හිමිවී නැත. ඉදිරියටවත් එවැනි සැලැස්මකට යාමේ වැඩ පිළිවෙළක් මට නොපෙනයි. පනතෙන් කියන්නේ විදුලිය මිලදී ගත යුත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් පමණක් බවයි. පනතේ තියෙන මේ බාධකය හා තහංචිය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධාවක් හිරිහැරයකි. අවහිරයකි.
ජල, සුළං සූර්ය දැව වැනි පුනර්ජනනීය බලශක්තිවලින් නිපදවන විදුලිය මිලදී ගැනීමට ඒ කියන ටෙන්ඩර් පටිපාටිය නොගැළපෙයි. එවැනි ව්‍යාපෘති කරන බොහෝ දෙනා එසේ කරන්නේ විවිධ හිරිහැර බාධක මැදය. ඒ හිරිහැර බාධක ජය ගනිමින් විදුලි ව්‍යාපෘතිය අනුමත කරගත් පසු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඔවුන්ගේ විදුලිය මිලදී ගත යුතුය. ක්‍රියාවලියට තිත තැබීම ද විදුලි අර්බුදයට හේතුවකි.
විදුලි අර්බුදයක් එසේ නිර්මාණය කිරීමෙන් පසුව වැඩි මිලට ඩීසල් විදුලිය මිලදී ගනියි. එසේ මිලදී ගන්නේද වැඩි මිලකටය. 2019 අනුමත වූ සූර්ය බල විදුලිය මිලදී ගත්තේ ඒකකයක් රුපියල් දහයකටත් අඩු මිලකටය. එවැනි මුදලකට ගත හැකිව තිබූ විදුලි ඒකකයක් දැන් රුපියල් 36 සිට 40 අතර මිලකට මිලදී ගනියි. ඒ ඩීසල් බලාගාරවලින් නිපදවන විදුලියයි. එය එසේ වී තිබෙන්නේ අඩු මිලකට මිලදී ගැනීමට හැකියාව තිබු පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට වැට බැඳීම නිසාය. පවතින මේ අර්බුදය විසඳා ගැනීමට සුදුසු ක්‍රමය දැනටත් ක්‍රියාත්මක නොවෙයි.
2030 වෙද්දී අපේ සමස්ත විදුලියෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මගින් නිපදවීමට කිසිදු සැලැස්මක් තිබෙන බවක් බව නොපෙනෙයි. මේ 2022 වසරේ දී පුනර්ජනනීය බලශක්ති කොපමණ ගන්නවාද ලබන 2023 වසරේදී කොපමණ ගන්නවාදැයි කිසිදු සැලැස්මක් අදටත් නැත. සුර්ය බල විදුලි ව්‍යාපෘතියකින් විදුලිය ලබා ගැනීමට අවුරුදු දෙක තුනකුත් සුළං බලාගාරයකින් විදුලිය ලබා ගැනීමට අවුරුදු හතරහමාරක් පමණක් ගත වෙයි. ඒ කාලය ගතවන්නේ ව්‍යාපෘතිය පටන් ගත් දින සිට නිම කිරීම් දක්වාය. ඒ විදුලි ව්‍යාපෘති කිසිවක් එක රැයකින් කළ හැකි දේවල් නොවේ.
යථාර්ථය එය නම් අද අනුමත කරන සූර්ය බලාගාරයකින් විදුලිය ලැබෙන්නේ අවුරුදු තුනකින් පසුවය. එසේම අද අනුමත කරන සුළං බලාගාරයකින් විදුලිය නිපදවිය හැක්කේ. තවත් අවුරුදු හතරකින් පසුවය. ඇත්ත එය නම් පවතින විදුලි අර්බුදයට මේ අවුරුද්දේ දී නොව ඉදිරි අවුරුදු දෙකේදීවත් විසඳුමක් නොලැබෙයි.
පුනර්ජනනීය විදුලි වැඩි වැඩියෙන් නිපදවීම රජයේ ප්‍රතිපත්තිය වුවාට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට නිසි සැලසුම් නැති බව මගේ සැකයයි. මේ යන විධියටම තවත් ඉදිරියට ගමන් කළොත් කිසිම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බව සිකුරුය. මගේ අවබෝධය හා තක්සේරුව විදුලි අර්බුදය තවත් වැඩි වෙනවා මිස අඩු නොවන බවය. අර්බුදය වහා විසඳීමට නම් විදුලි බල පනත වහා සංශෝධනය කළ යුතුය. එය කළ යුත්තේ ජාල පෝෂක ගාස්තු ක්‍රමය (Feed in Tariff) යළි හඳුන්වාදීම සඳහාය. ඒ ප්‍රතිපත්තිය යළි පනතින් හඳුන්වා නොදී රාජ්‍ය සේවකයන්ට හෝ නිලධාරීන්ට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ නොහැකිය. 2013 සිටම පුනර්ජනනීය බලශක්ති පද්ධතියට එකතු නොවූයේ විදුලි පනතේ තිබෙන මේ ප්‍රශ්නය නිසාය.
පළමුව කළ යුත්තේ එලෙස විදුලි පනත සංශෝධනය කිරීමය. එය කළ නොහැකි දෙයක් නොවේ. රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හිමිය. ඒ සංශෝධනය නොකර 2030 වෙද්දී සමස්ත විදුලියෙන් සියයට 70% ක් පුනර්ජනනීය බලශක්ති මගින් නිපදවා ගත නොහැකිය. සරලව කිවහොත් රජයේ හා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සහ සිහින සැබෑ කර ගත නොහැකිය. පුනර්ජනනීය බලශක්ති විදුලි ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ඕනෑ තරම් ආයෝජකයෝ සිටිති. ඒ ආයෝජකයන්ට තිබෙන ප්‍රශ්නය රජයට ප්‍රතිපත්තියක් නැතිකමය. අනෙක් කාරණය අපේ දියුණු කළ හැකි පුර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඕනෑ තරම් පවතී. රජය කළ යුත්තේ නීත්‍යනුකූල ප්‍රතිපත්තිය සමග නිසි ක්‍රමවේදයක් සැකසීමය.
රජයේ ප්‍රතිපත්තියට ගැළපෙන ලෙස විදුලි පනත සංශෝධනය කළ යුතුය. එය එසේ නොවුණහොත් තවදුරටත් වන්නේ කතා කර කර සිටීම පමණකි. විදුලි අර්බුදය තව තවත් උග්‍රවීම පමණකි. වර්තමාන ආණ්‍ඩුවටත් අවුරුදු දෙකක් පමණ ගතවී තිබේ. එහෙත් දැනටත් පවතින්නේ පනත සංශෝධනය කරන කතා පමණකි. විදුලි බල මණ්ඩලයට වැඩ කිරීමට සිදු වන්නේ පනත අනුවය. රජයේ ප්‍රතිපත්තිය හා නීතිමය රාමුව එකිනෙක නොගැළපෙන්නේ නම් ඉදිරියට ගමන් කළ නොහැකිය. නීතිමය රාමුව සකසන්නේ නැතිව ප්‍රතිපත්ති තීරණ ගැනීමෙන් වැඩක් නොවේ. එහි අවසාන ප්‍රතිඵලය අර්බුදය තව තවත් උත්සන්න වීමය.
තවදුරටත් විය හැක්කේ හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ මිල අධික විදුලිය මිලදී ගනිමින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් සිදුවන ඔවුනොවුන්ගේ ව්‍යාපාර යහමින් සිදුවීම පමණකි. රුපියල් දහයකට මිල දී ගත හැකි විදුලි ඒකකයක් රුපියල් 36 සිට 40 අතර මිලකට මිලදී ගන්නේ ඒ ව්‍යාපාර යහමින් පවත්වා ගෙන යාම සඳහාය. විදුලිබල මණ්‍ඩලය ඒ විදුලිය විකුණන්නේ ඊට අඩු මිලකටය. ඒ නිසා මණ්ඩලය තව තවත් වළේ වැටෙයි. මණ්‍ඩලයේ ණය නිසා රාජ්‍ය බැංකුත් තෙල් සංස්ථාවත් තවත් බංකොලොත් වෙයි.
සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්
මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසංක රුද්‍රිගු
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනාගත විදුලි සැලසුම හමස් මල්ලේ