IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අන්තරේ සිසුන් දෙන්නා රිය අනතුරකින් මැරුණාද? මරා දැමුවාද?

  27_SLT_P_7

 

“කඳුළු ගෑස්.... ජල ප්‍රහාර.....
බැටන් පොලු_ පහරට.... වෙඩි උණ්ඩයට....
බිය වූවා නම්,
මේ සටන් නැවතී
නිදහස් අධ්‍යාපනය
මියැ දී හුඟක් කල්....”

 


මේ නිසඳැස ලියා තිබුණේ රුහුණු විශ්වවිද්‍යාලයයේ පළමු වසර සිසුවකුව සිටි මෝදර පදිංචි සිසිත ප්‍රියංකර සිල්වාගේ නිවසේ බිත්තියකය. සිසිත සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ජනක බණ්ඩාර ඒකනායක ගම්පහ ඉඹුල්ගොඩ දී මිය ගියේ මීට වසර තුනකට පෙරය.
ලංකාවේ මෑතක දී රිය අනතුරකට ලඝු කැරුණු ආන්දෝලනාත්මක සිද්ධි දෙකක් වාර්තා විය. එකක් රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණයයි. අනික නම් අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණයයි. තාජුදීන්ගේ මරණය රිය අනතුරක් නොව සැලසුම් සහගත මිනී මැරුමක් බවට සාක්කි රැසක් හමු විය.  අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණය ද ඝාතනයක් බවට අන්තරය දිගින් දිගටම කියද්දී මුනිවත රැකගෙන සිටි පොලිසිය පසුගිය සතියේ එහි විමර්ශන රහස් පොලිසියට බාර දුන්නේය.

1
2012 සැප්තැම්බරයේ ය.  ඒ දිනවල සමාජයේ වැඩි කතා බහකට ලක් වූ සහ ප්‍රවෘත්ති මැවූ මාතෘකාව වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයයි.  වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැති වර්ජනයට සෙසු සමාජ සංවිධානවල සහය ද ලැබුණු අතර ඔවුහු ගාල්ලේ සිට කොළඹට පා ගමනක් ඇරැඹූහ. සැප්තැම්බර 24 වැනි දා ඇරැඹූ පා ගමන 28 වැනි දා දහවල් වන විට කොළඹට ළඟා වීමට සැලැසුම් කර තිබිණි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුනට සහය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් ද පා ගමනක් සංවිධානය කළේ පේරාදෙණියේ සිට කොළඹටය. සැප්තැම්බර 24 දින ඇරැඹි පා ගමන අදියර කිහිපයක් ඔස්සේ ගමන් කළේ 28 වැනි දා කොළඹට පැමිණ ආචාර්යවරුන්ගේ රැළියට එක් වීමටය.


සැප්තැම්බර 26 වැනි දා  එම පෙළපාලිය නිට්ටඹුව දක්වා ගමන් කර තිබූ අතර 27 වැනි දාට නියමිතව තිබුණේ කැලණිය දක්වා ගමන් කිරීමය.
කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා ද එම පෙළපාලියේ මුල් පෙළේ සංවිධායකයෝ වූහ.


මාතලේ කඹරව පදිංචි ජානක බණ්ඩාර ඒකනායක කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර තිබූ අතර කා අතරත් ඔහු ප්‍රසිද්ධව සිටියේ “මාතලං” යන නමිනි. 

2
විශ්වවිද්‍යාලයට පැමිණ කෙටි කලක් වුවත් මෝදර පදිංචි සිසිත ප්‍රියංකර සිල්වා ද කැපීපෙනන චරිතයක් වූයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සටන්වල දී පෙරමුණ ගෙන ක්‍රියා කිරීම නිසාය. රුහුණු සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිටි ඔහු “ටොක්කා” යන නමින් මිතුරන් අතර ප්‍රසිද්ධව සිටියේය.
ආචාර්යවරුනට සහය පළ කරන පෙළපාලියේ සංවිධාකයන් වූ ඒ දෙදෙනා ද ප්‍රධාන සංවිධායකයන් සමග සැප්තැම්බර 27 වැනි දා අලුයම ගම්පහ බණ්ඩාරවත්තේ නවාතැම්පොළක නැවති සිටියහ. ඔවුන් අලුයම දෙකට තුනට පමණ පිටව ගියේ  මුද්‍රණයට දී තිබූ අත්පත්‍රිකා වගයක් ගෙන ඒමට දෙල්කඳට යාම සඳහාය.


දෙල්කඳට ගිය මිතුරන්ගෙන් තොරතුරක් නැති තැන සෙසු සගයෝ පාන්දර පහට පමණ දුරකථන ඇමතුම් දුන්නත් ඉන් ප්‍රතිචාරයක් නොලැබිණි. තම සගයන් දෙදෙනා අනතුරකින් මිය ගිය බව ඔවුනට ආරංචි වූයේ උදෑසන හතට අටට පමණය.


අනතුර සිදු වූ දින සවස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිහු මාධ්‍ය හමුවක් කැඳවූ අතර මෙය සාමාන්‍ය රිය අනතුරක් නොව හිතා මතා සැලසුම් සහගතව කළ අනතුරක් බවට චෝදනා කළහ.


පසුදින උදෑසන 9.30 සිට 2.00 දක්වා ගම්පහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැති අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ මහතා නිගමනය කළේ අනතුරක් නිසා හිසට සිදුවූ තුවාල හේතුවෙන් දෙදෙනාගේ මරණය සිදුව ඇති බවයි.


ඩී.එම්. නීල් කුමාර ඒකනායක සහ ධම්මික බණ්ඩාර ඒකනායක මහත්වරුන් රෝහලට පැමිණ ජානකගේ දේහය භාර ගත් අතර ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සිසිතගේ දේහය භාර ගත්තාය.


අනතුර සැක සහිත බවට පොලිසියට පැමිණිලි ලැබුණු අතර, ගම්පහ හිටපු මහේස්ත්‍රාත් (මේ වන විට අනුරාධපුර ළමා හා ත්‍රස්ත ක්‍රියා පිළිබඳ විශේෂ අධිකරණයේ මහාධිකරණ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇරැඹිණි. එම මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී අට දෙනෙක් සාක්කි ඉදිරිපත් කළහ.


මියගිය සිසිත ප්‍රියංකර සිල්වාගේ නැන්දා බව කියන ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් සිද්ධිය වූ දින හිටපු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්කි ලබා දී තිබුණු අතර ඔක්තෝබර තුන් වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දෙදෙනෙක් විවෘත අධිකරණයේ සාක්කි ලබා දුන්හ.


කැලණිය විශ්වවිද්‍යාලයයේ සේවකයකු වන නිට්ටඹුවේ පදිංචි නෝමන් ජයතිස්ස (54) මහතා සාක්කි දෙමින් පැවසුවේ සිද්ධිය වූ දින ඉඹුල්ගොඩ හන්දියේ මල් ශාලාවක හර්ස් එකක් නතර කර තිබෙනු දුටු බවයි.


 කැලණිය සරසවියේ අධ්‍යාපන ලැබූ කොළඹ කොච්චිකඬේ පදිංචි නිලාන් ප්‍රියදර්ශන ප්‍රනාන්දු (31) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුර සිදුවූ ස්ථානයට ආ පුද්ගලයකු තමා සිද්ධිය දුටු බව පැවසූ බවයි. යතුරුපැදිය හරස් කර වාහනයක් දමනු දුටු බව ඒ පුද්ගලයා කීවේ යැයි නිලාන් කීවේය.


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩබලන කැඳවුම්කරු චින්තක රාජපක්ෂ (25) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුරට පත් යතුරු පැදියෙන් ඊට පැය ගණනට පෙර යක්කල හන්දියට ගිය තමාව යතුරු පැදිකරුවකු විසින් ලුහුබඳිනු ලැබූ බවයි.


මියගිය දෙදෙනා අන්තරයේ ඉදිරියෙන්ම වැඩ කළ සාමාජිකයන් බවත්, තම සාමාජිකයන්ට දිගටම තර්ජන ආ බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ එවකට කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සාක්කි දෙමින් පැවසීය.


රිය අනතුරකින් මිය ගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය ගැන සැකයක් පවතින්නේ යැයි ද, යතුරුපැදිය හැප්පුනැයි කියන විදුලි කණුවේ හානි සිදුවී ඇති ස්ථානයත්, යතුරුපැදියේ හානි සිදුවූ ස්ථානයත් අතර ගැටලු සහගත බවක් ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු යැයි ද, මියගිය තරුණයකු භාවිත කළ ජංගම දුරකථනය මෙතෙක් හමුවී නැතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිකා සිල්වා මහත්මිය අධිකරණයට දැන්වූ අතර එම ඉල්ලීම පිළිගත් හිටපු මහේස්ත්‍රාත්වරිය අනතුර සිදුවූ බව කියන ආකාරය ප්‍රතිනිරූපණය (රිකන්ස්ට්‍රක්ෂන්) කර රස පරීක්ෂණ වාර්තා කැඳවන ලෙස නියෝග කළාය.


මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව ඔක්තෝබර අටවැනි දා ඉඹුල්ගොඩට ගිය රජයේ රස පරීක්ෂක පැය එකහමාරක පමණ කාලයක් එම ස්ථානය පරීක්ෂා කළේය. යතුරුපැදිය ඉඹුල්ගොඩට නොගෙන ඒම ගැන හා මහේස්ත්‍රාත් නියෝගය අනුව “රීකන්ස්ට්‍රක්ෂන්” එකකට නොයෑම ගැන නීතිඥවරුන් විරෝධය පළ කළ අතර රස පරීක්ෂක පැවසුවේ තමා වැරැල්ලවත්ත පොලිස් මුරපොළේ දී යතුරුපැදිය පරීක්ෂා කළ බවයි.


ඒ ගැන නීතිඥ රාජිකා සිල්වා මහත්මිය අධිකරණයේ දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර අනතුර ගැන සැකයක් පැන නැගී ඇති අවස්ථාවක එලෙස කටයුතු කිරීම මගින් සැකය තවත් වැඩි වන බව ඇය පැවසුවාය.


“මම රිකන්ස්ට්‍රක්ෂන් එකකට යන්නයිනේ කිව්වේ. ඇයි බයිසිකලය එතනට නොගෙනාවේ?” යනුවෙන් හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පොලිසියෙන් විමසූ අතර එම අවස්ථාවේ ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතා පැවසුවේ බයිසිකලය එම ස්ථානයට ගෙන ඒම අවශ්‍ය නොවන බව රස පරීක්ෂක පැවසූ බවයි.


මිය ගිය ජානක ඒකනායක සිසුවා භාවිත කළ බව කියන මෙතෙක් හමු නොවූ දුරකථනයේ අංක සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.


 දුරකථන සේවා සමාගමක් වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ එම අංකයට ඇමතුම් ලැබී හෝ එයින් ඇමතුම් ගෙන හෝ නැති බවයි.  ඊට පසු නඩු දිනයේ අන්තරේ කිහිප දෙනෙකු පෞද්ගලිකව තමන්ගේ දුරකතන වාර්තා ගෙන අධිකරණයට පෙන් වූයේ තමන්ගේ අංකවලින් ඇමතුම් ගත් බව තමන්ගේ වාර්තාවල සටහන් වෙද්දී මිය ගිය සිසුවාගේ දුරකථන වාර්තාවල එසේ නැතැයි කීම ගැටලුසහගත බවයි.බොරු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත් පොලිසියට දැනුම් දුන්නේය.


මේ අතර ආණ්ඩු මාරුවත් සමග ජනක හා සිසිතගේ මරණය සම්බන්ධයෙන් නැවත කරළියට ආවේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේ රහස් පොලිසියට පැමිණිලි කරමින් කීවේ රහස් පොලිසිය මගින් විමර්ශන සිදු කරන ලෙසයි.


එම ඉල්ලීම කර මාස ගණනකට පසු පොලිස්පති පසුගිය සතියේ එහි විමර්ශන රහස් පොලිසියට බාර දුන්නේය.


ඉදිරි විමර්ශනවලදී වැළලී යන්නට තිබූ තවත් අපරාධයක තොරුතුරු හෙළි වනු ඇත.

m



අදහස් (0)

අන්තරේ සිසුන් දෙන්නා රිය අනතුරකින් මැරුණාද? මරා දැමුවාද?

අමල් Tuesday, 01 March 2016 09:45 AM

පව් අහිංසක දරුවන්. (ර)

:       0       0

පෙරේරා Sunday, 06 March 2016 10:16 AM

මේක කියවද්දි තෙරේනවා මේක මිනීමරුමක් කියා.(හේ)

:       0       0

සරණපාල Saturday, 05 March 2016 10:58 AM

පොලිස් ලොක්කත් නිදාගෙන වගේ හිටියේ. වැඩේ වරදින බව දැනගෙන තමයි දැන් හොයන්න කියන්නේ. ඔය ලොක්කත් වග කියන්න ඕන තමන්ගේ දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා ගැන. මේ ළමයින්ගේ පවුලට ඇතුළු හැමෝටම සාධාරණය ඉෂ්ඨ කරන්න (බ)

:       0       0

අජිත් Tuesday, 01 March 2016 12:13 PM

මෙහෙමයි, ඇත්තටම මේවා හොයන්න ඕනේ තමයි, එතකොට අජිත් කුමරලට වෙච්ච් දේ ගැන මොකද සොයන්නේ නැත්තේ. ඒවා ගැනත් සොයන්න. දේශපාලන වශයෙන් නොබලා සැමටම දඩුවම් කල යුතුයි. (ර)

:       0       0

ප්‍රනීත් Tuesday, 01 March 2016 04:16 PM

සිසිත කියන්නේ මගේ පාසලේ මගේ පන්තියේ එහා බංකුවේ ඉගෙනගත්ත මගේ හොඳ යාලුවෙක්. හරි හොඳ හදවතක් තිබෙන සුන්දර පුද්ගලයෙක්. මෙම මරණය සම්බන්ධ අපරාධකරුවන්ට දඬුවම් ලැබෙන්න ඕනෑ (නි)

:       0       0

මොරවක Wednesday, 02 March 2016 05:26 AM

අනේ මන්දා මේවා (නි)

:       0       0

ඉන්දික Wednesday, 02 March 2016 05:41 AM

එතකොට අර 88/89 කාලේ සරසවි සිසුන් බල්ලෝ බළල්ලු වගේ මරලා දාලා තිබුණ ඒවාට මොකද වුණේ? සරසවි එතකොට කෙලින්ම වධකාගාර බවට පත්කරලා තිබුනා. ඒ දක්ෂ මනුස්ස ජීවිත නෙමෙයිද? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 02 March 2016 10:38 PM

මෙම අපරාද කරුවන්ට දඩුවම් විදින්න වෙන්නේ නැහැ ඔවුන්ට විසිකරන්න සල්ලි තිබෙනවා ඉදිරිපත් වෙන්න හොඳ පෙරකදෝරුවෝ ඉන්නවා , දැන් යහපාලන ආණ්ඩුවේ ඉන්නෙත් ඔවුන් හොඳින් දන්නා අදුන්නන දේශපාලකයෝ , පොලිසියේ ඉන්නෙත් ඔවුන් විසින් පොලිසියට බඳවා ගනු ලැබූ පාක්ෂිකයෝ එම නිසා මේක යට යාවි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 319 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 939 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1428 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site