පසුගිය 3 වැනිදා නැගෙනහිර පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකාරවරයකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අතිශයින් අමානුෂික අයුරින් පහරදී මරා ඔහුගේ සිරුර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හා එරට අනෙකුත් බලධාරීන් දී ඇති සහතිකය ඒ අයුරින්ම ඉටුවනු ඇත්ද?
මෙම පහත් කෲර ඝාතනය සම්බන්ධයෙන් එරට අගමැතිවරයා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීයය. අප මෙතෙක් යැයි සඳහන් කළේ මේ වන විට පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා මැද පෙරදිග රටවල් කිහිපයක පැතිර ඇති දැඩි අන්තවාදී මතවාදය සැලකිල්ලට ගනිමිනි. වත්මන් සිද්ධියේදී සිදුවීමට ඇති ඉඩකඩ ඉතා මද වුවද මෙම සිද්ධිය හා සම්බන්ධ වෙනත් කරුණු සලකා බලන විට රැල්ල අනෙක් පැත්තට පෙරැළීමට ඉඩකඩ නැතුවාම නොවේ.
පාකිස්තානයේ ජනජීවිතයට හා ආණ්ඩුවේ පැවැත්මට පවා බලපෑම් කළ හැකි දේව අපහාසය පිළිබඳ චෝදනාවක්ද මෙම සිද්ධිය හා සමග ඇසේ. එනම් ප්‍රියන්ත කුමාර මහතා ඉස්ලාම් ආගමික වැකි අඩංගු පත්‍රිකාවක් ඉරා දැමූ නිසා කෝපයට පත් පිරිසක් ඔහුට පහරදී ඇතැයි මුලින්ම ලැබුණු ප්‍රවෘත්තිවලින් කියැවිණි. එහෙත් පසුව ලැබුණු ප්‍රවෘත්තිවලින් කියැවුණේ මෙය ප්‍රියන්ත කුමාර සේවය කළ කම්හලේ හටගත් කාර්මික ආරවුලක ප්‍රතිඵලයක් බවය. එහෙත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සාධාරණීකරණය කිරීම සඳහා ඔහුට පහර දුන්නවුන් ඔහුට විරුද්ධව මෙම චෝදනාව කරන බවත් එවැනි පත්‍රිකා ඉරා දැමීමේ සිද්ධියක් සිදු නොවූ බවද කියවේ.
එසේ සිදුවීමක් සිදුවුවද ආයතනයක අභ්‍යන්තර නීති රීති හා සේවක විනයට පටහැනි වන අයුරින් ආගමික වැකි අඩංගු පත්‍රිකා ආයතන භූමියේ ඇලවීම හෝ ප්‍රදර්ශනය කිරීමක් මෙහි සිදුවී ඇති බවක්ද පෙනේ.
දේව අපහාසය නොහොත් ආගමට ආපහාස කිරීම පාකිස්තාන් දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවකි. තම ප්‍රතිවාදීන්ට එරෙහිව දේශපාලනඥයන් යොදා ගන්නා ප්‍රධාන පෙළේ අවියකි. එරට ක්‍රියාත්මක දේව අපහාස නීතිය මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති නීතිය මෙන් අසාධාරණ ලෙස විටෙක යම් යම් පුද්ගලයන්ට එරෙහිව යොදා ගනු ලබන නීතියකි. ඒ නිසාම පාකිස්තානය ජාත්‍යන්තර වශයෙන් දැඩි දෝෂ දර්ශනයටද ලක්වී තිබේ.
ඒ රටේ තහනම් කරනු ලැබ ඇති තෙහ්රික් ඊ ලබ්බයික් පාකිස්තාන් (ටී.එල්.පී.) නම්වූ දේශපාලන පක්ෂයේ කටයුතු ප්‍රධාන වශයෙන්ම මෙම ප්‍රශ්නය හා පාකිස්තානයේ ක්‍රියාත්මක දේව අපහාස නීතිය කේන්ද්‍ර කොටගෙන සිදුවේ. ඒ නිසාම එම පක්ෂයට විශාල ජනතා සහයෝගයක් ද ලැබේ. පසුගියදා ඔවුන් පැවැත්වූ අති විශාල උද්ඝෝෂණයක් නිසා අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට ඔවුන්ගේ ඉල්ලීම් ගණනාවක් ඉටු කරන්නට සිදුවිය. තම පක්ෂයේ තහනම ඉවත් කිරීම, තහනම් කොට ඇති තම බැංකු ගිණුම් නිදහස් කිරීම, අත්අඩංගුවේ සිටින තම නායකයා හා සාමාජිකයන් නිදහස් කිරීම යන ඉල්ලීම්වලට එකඟවීමට ආණ්ඩුවට සිදුවිය.
කෙසේ වෙතත් සියල්කොට් ඝාතනය සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් ඛාන් දැඩි ස්ථාවරයක සිට ක්‍රියා කරන බව පෙනේ. ඒ අනුව සිද්ධිය සිදුවී පැය 24ක් ඇතුළත ප්‍රහාරයට සම්බන්ධ වූ බවට සැක කරන සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ සඳහා ආරක්ෂක කැමරාවල සහාය ලබාගනු ලැබූ නිසා අත්අඩංගුවට ගනු ලැබූවන් සැබැවින්ම සිද්ධියට සම්බන්ධ වූවන් යැයි සිතිය හැකිය. අත්අඩංගුවට ගනු ලැබූවන්ගේ පිරිසක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
පසුගිය අඟහරුවාදා අගමැතිවරයා සිය කාර්යාලයේදී ප්‍රියන්ත කුමාරට ශෝකය පළ කිරීම සඳහා රැස්වීමක් පැවැත්වීය. එහිදී වියරු වී සිටි සිය ගණනක් මැරවරයන් ප්‍රියන්ත කුමාරට පහර දෙද්දී ඔහු ආරක්ෂා කර ගැනීමට තම ජීවිතයද පරදුවට තබමින් උත්සාහ කළ ප්‍රියන්ත කුමාර සේවය කළ කම්හලේ නිලධාරියකු වූ මාලික් ආද්නාන් හට සිවිල් වැසියන් හට දෙනු ලබන පාකිස්තානයේ දෙවැනි උසස්තම සම්මානය වනව‘‘තම්ගා ඊ ෂුජාත්’’ සම්මානය පිරිනමන බවද එහිදී ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය. අද්නාන්ගේ නිර්භීතභාවය අගයමින් සහතිකයක්ද එහිදී ප්‍රදානය කෙරිණි.
සියල්කොට් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසිද්ධිය සඳහා ඩොලර් ලක්ෂයක් රැස් කොට ඇති බවත් ඔහුගේ වැටුප දිගටම ගෙවීමටද තීරණය කළ බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය. ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නටත් ප්‍රචණ්ඩත්වය වසා ගැනීම සඳහා ආගම යොදා ගැනීමටත් මින් පසු ඉඩ නොදෙන බව එහිදී ඔහු ප්‍රකාශ කළේය. පාකිස්තානු කාන්තාවෝ මෙම ඝාතනය හෙළාදකිමින් පෙළපාළි පැවැත්වූහ. මේවායේ බලපෑම නිසාදෝ මෙම සිද්ධිය උපයෝගී කර ගනිමින්ද ආගමික දැඩි මතධාරීන්ගෙන් තමන්ට ලකුණු දමා ගැනීමට හැකියාව තිබියදීත් ටී.එල්.පී. පක්ෂයද මෙම ඝාතනය හෙළා දැක තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට එය අගමැතිවරයාට පහසුවක් වන්නට ඇත.
මෙම ඝාතනයට එරෙහිව නීතිය මගින් උපරිම දඬුවම් දෙන්නට පියවර ගන්නා බව ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා තිබිණි. දේව අපහාස සංකල්පය හා නීතිය පදනම් කරගෙන බොහෝ සිදුවීම් සිදුවන පාකිස්තානයේ මෙම සිද්ධි සම්බන්ධයෙන් කටයුතු සිදුවූයේ වෙනස් ආකාරයකිනි.
සිද්ධිය සිදුවූ දිනයේම එය පාකිස්තානයේ ලජ්ජාවේ දිනය යැයි අගමැතිවරයා ප්‍රකාශ කොට තිබිණි. එහෙත් කිරි කළයට ගොම බිඳුවක් නොව ගොම භාජනයක්ම දමන්නට ඔහුගේ ආරක්ෂක ඇමැති පෙර්වයිස් කතාක්ට හැකිවිය. මෙම සිද්ධියේදී දක්නට ලැබුණු කෲරත්වය හා ම්ලේච්ඡත්වය සුළුකොට තකමින් ‘‘තරුණයන් ඔහොම තමයි’’ යන අර්ථයෙන් ඔහු අදහස් දක්වා තිබිණි. එසේම ඔහු මෙය ආගමික ආවේගයක් යැයිද තමන් වුවද ඒ තත්ත්වයට පත්විය හැකි යැයිද කියමින් ලජ්ජා විරහිත ලෙස මෙම ඝාතනය සාධාරණය කළේය. මෙවැනි සිද්ධීන් නිසා පාකිස්තානය විනාශය කරා ගමන් කරන බවක් අදහස් නොවේ යැයිද කියමින් තවදුරටත් සිද්ධියේ බරපතළ බව හෑල්ලු කරන්නට ඔහු උත්සාහ කළේය.
ඔහු එසේ පැවසුවද ශෝකය පළකිරීමේ රැස්වීමේදී ඉම්රාන් ඛාන් පැවසුවේ ‘‘අප කොහේදෝ වෙනස් මාර්ගයක ගමන් කරන’’ බවයි. ඔහු මෙසේ ආගම සම්බන්ධ කර ගනිමින් මනුෂ්‍යත්වයට නින්දා ගෙන දෙන ආකාරයේ ඝාතනයක් සාධාරණීකරණය කළේ ඔහුගේ අගමැති මින් ඉදිරියට ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන්නට ආගම යොදා ගන්නට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ දිනයේදීමය. ඔහුගේ ප්‍රකාශයෙන් ආගමේ නාමයෙන් අපරාධ කරන්නට ඉඩ නොදෙන බවට ඔහුගේ අගමැතිවරයා කළ ප්‍රකාශය ගැන කෙනකු තුළ සැක පහළ කරන්නකි.
2019 අප්‍රේල් 21 වැනිදා, එනම් එම වසරේ පාස්කු ඉරිදා මෙරට ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට මුස්ලිම් ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කොට 270 දෙනකු පමණ ඝාතනය කළ විට මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය පත්වූයේ ලජ්ජාව මුසු දැඩි මානසික වියවුල් භාවයකටය. ඔවුහු සියල්කොට් සිද්ධියෙන් පසුද යළිත් එවැනිම මානසිකත්වයකට පත්වී සිටිති.
විදේශගත පාකිස්තානුවන්ට ඒ ඒ රටවල ජනතාවට මුහුණ දී ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි පාකිස්තාන් අගමැතිවරයා අඟහරුවාදා පැවැති ශෝකය පළ කිරීමේ රැස්වීමේදී පවසා තිබිණි. ඒ සිද්ධියේදී දක්නට ලැබුණු අමානුෂිකත්වය නිසා පමණක් නොවේ. රූපවාහිනිය මගින් ලෝකයම දුටු ඒ අමානුෂිකත්වය කිසිදු හරිකිතක් නැතිව ආගමක් යොදා ගනිමින් සාධාරණීකරණය කිරීමට දරන ලද උත්සාහයද නිසාය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ තත්ත්වය ඊට වඩා සංකීර්ණය. ඒ මුස්ලිම් රටකදී මෙසේ අතිශය අමානුෂික ආකාරයට ඝාතනය වූ තැනැත්තා ශ්‍රී ලාංකික සිංහල අයකු වීමත් මෙම ඝාතනය කළවුන් මෙම සිද්ධිය ආගමට සම්බන්ධ කොට සාධාරණීකරණය කරන්නට උත්සාහ කිරීමක් නිසාය. සිද්ධිය හුදෙක් කාර්මික ආරවුලක් පමණක්ම වූයේ වුවද ශ්‍රී ලාංකික සිංහල අයකු මුස්ලිම් රටකදී ඝාතනය වීම මෙරට තුළ නොමනාපකම් ඇති වීමට හේතු විය හැකිය. අනෙක් අතට පාස්කු ඉරිදා ඝාතන නිසා රට තුළ ඇතිවූ මුස්ලිම් විරෝධය යන්තම් තුනී වෙමින් පවතිද්දී මෙම අපරාධය සිදුවී තිබේ.
මේ තත්ත්වය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ මෙරට මුස්ලිම් ජනතාවගේ ප්‍රතිචාරයද සලකා බැලීමට සිදුව තිබේ. මෙම සිද්ධියේ අමානුෂිකත්වය ඉතා පැහැදිලිය. එය ඔවුහුද පිළිගනිති. එහෙත් එය තමන්ට කෙසේ බලපානු ඇත්දැයි යන කනස්සල්ල ආරම්භයේ සිටම ඔවුන් තුළ තිබෙනු දක්නට ලැබිණි.
එය එක්තරා ආකාරයක බිය හා ලජ්ජාව මුසු වරදකාරී හැඟීමකින් යුතු ප්‍රතිචාරයකි. අනෙක් අතට තම ආගමට එල්ල වන චෝදනාව ඔවුන්ගේ අනෙක් කනස්සල්ලයි. ඒ නිසා ඉතා සුළු පිරිසක් ආරම්භයේදී මෙරට ජාතිවාදී කෝලාහලවලදී තමන් මුහුණ දුන් තත්ත්වය සිහිපත් කරමින් සමාජ මාධ්‍යවල ඇතැම් සටහන් හා වීඩියෝ පට පළ කොට තිබිණි.
එහෙත් පාකිස්තාන් ජනතාව හා ආණ්ඩුව මෙම අපරාධය සම්බන්ධයෙන් දැක්වූ අතිශය සංවේදී ප්‍රතිචාරයත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ ඉතා බුද්ධිමත් ප්‍රතිචාරයත් සමඟ ඔවුන්ගේ බිය තුනී වී ගියා සේය. එය සාධාරණය. පාකිස්තාන් අගමැතිවරයාගේ ක්‍රියා කලාපයත් ප්‍රියන්ත කුමාර මහතාගේ සහෝදරයාගේ ප්‍රකාශයත් මෙරට තුළ ඇතිවිය හැකිව තිබූ උණුසුම් තත්ත්වය වළකාලීය. වෙනදා මෙන් ඇවිස්සීම් දක්නට නොවීය.
කෙසේ වෙතත් ඇවිස්සීම් අතිවනු ඇතැයි සිතා ඊට පිළිතුරු දීමට මුලදී ඇතැමුන් තුළ ඇති වූ පෙළඹවීම් සාධාරණ යැයි කෙනකු තර්ක කළ හැකි වුවද එවැන්නකින් සිදුවන්නේ දැන් අප ඉදිරියේ ඇති මිලේච්ඡත්වය සාධාරණීකරණය කිරීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාද 1958 ජාතිවාදී කෝලාහලයේදී හා 1983 ජාතිවාදී කෝලාහලයේදී සිදුවූ ඇතැම් බිහිසුණු සිදුවීම් සිහිපත් කරමින් ෆේස්බුක් සටහනක් පළකොට තිබිණි. මේවායින් වත්මන් අපරාධය සාධාරණීකරණය කෙරෙනවා පමණක් නොව එහි ඇති අමානුෂිකත්වයද යටපත් කෙරේ. මෙම අපරාධයේ අමානුෂිකත්වය තේරුම් නොගන්නේ නම් කිසිදු ප්‍රජාවකට ආත්ම පරීක්ෂාවක් සඳහා හෝ තම ක්‍රියා කලාපයක් නිවැරැදි කර ගන්නට හෝ පෙළඹවීමක් ඇතිවන්නේ නැත.
සියල්කොට් සිද්ධිය ආගමට අදාළ කරුණක් නොව කාර්මික ආරවුලක් බවත් එහිදී අපරාධය සාධාරණීකරණය කිරීමට ආගම උපයෝගී කරගනු ලැබූ බවත් කියැවේ. මෙය පිළිගන්නට මුස්ලිම් සමාජය තුළ ඇති පෙළඹවීම වැඩිය. ඒ ආගම මීට හේතුවක් නොවේ යැයි ඉන් කියවෙන හෙයිනි. එහෙත් ආගම මෙවැනි අපරාධ සාධාරණීකරණය කරන්නට යොදා ගැනීමේ තත්ත්වයක් තිබේ නම් එයද ගැටලුවකි. පාකිස්තානයේ ඇතැමුන් දේව අපහාස නීතිය යොදාගෙන අසාධාරණ ලෙස සිරගත කරනු ලැබ ඇති බවත් නීතිඥයන්, විනිශ්චයකාරවරුන් ඔවුන්ගේ සහයට නොඑන බවත් ඉම්රාන් ඛාන්ද ඉහත කී ශෝකය පළ කිරීමේ රැස්වීමේදී ප්‍රකාශ කොට තිබිණි.
මෙයින් අදහස් කෙරෙන්නේ ආගම්වලට අපහාස කරන්නන් ලෝකයේ නොසිටින බව නොවේ. කෝටි සිය ගණනක් දෙනා ගරු කරන ආගමික ශාස්ත්‍රෲවරයෙකැයි කියමින් විකාර රූපී හාස්‍යජනක හා නිරුවත් මිනිස් රූප කාටුන් ලෙස පළ කිරීම ශිෂ්‍ට ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බුක්ති විඳීමක් විය නොහැකිය. එහෙත් එවැනි ප්‍රශ්න විසඳීමට කිසිදු ආගමකින් වියරු වැටුණු මිනිස් කණ්ඩායම්වලට භාර දෙනු ලැබද නැත.
අන්තවාදය, කෲරත්වය සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට ඕනෑම අයකුට එරෙහිව චෝදනා කළ හැකිය. ඕනෑම සමාජයක මෙම ගුණාංග තිබේ. එහෙත් ඉතිහාසයේ වත්මන් අදියරේ ප්‍රධානතම අන්තවාදය පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිග හා අප්‍රිකාවේ රටවල් කිහිපයක මුස්ලිම් ජනතාව අතර ඇති අන්තවාදයයි යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහි බිහිසුණු බවද කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඉන් එක්තරා කොටසක් ශ්‍රී ලංකාව තුළටද කාන්දුවීම පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පෙන්නුම් කෙරේ.
මෙය සැබෑ ආගම නොවේය යන්න බහුතර මුස්ලිම් ජනතාවගේ ස්ථාවරයයි. එය සත්‍යයකි. එසේ නම් ඒ අන්තවාදය පරාජය කිරීම සඳහා ඔවුන් වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුය. ඒ සඳහා අවංක, සැලසුම්ගත දීර්ඝකාලීන ආත්ම පරීක්ෂාවක් සඳහා මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයන් ඉදිරිපත් විය යුතුය. පිටස්තරයන් හට එය කළ නොහැකිවා මෙන්ම එය බොහෝ විට අගතිගාමී වී නොසන්සුන්තාවට හේතු විය හැකිය.
(*** එම්.එස්.එම්. අයුබ්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තවාදයේ උමතුවෙන් මිනිස් සංහාර
Prasheen Tuesday, 14 December 2021 11:31 AM
ඉස්සර කොවිඩ් මරණ පුච්චන්න හොද නෑ කියපු අයගෙන් මම අහන්නේ පණ පිටින් පිච්චුවට අවුලක් නැද්ද ඔයාලගේ ආගමේ හැටියට?