අවස්ථා ගණනාවක දී විවිධ අඩම්තේට්ටම් ගැටලූ රැුසකට මුහුණ පෑ විල්පත්තු ජාතික වනෝද්‍යානය මෙවර මුහුණ දී ඇත්තේ ඉතිහාසයේ බරපතළම ඉරණමකටය. ඒ මෙම සුවිශේෂ වන අරණට ආසන්නව පිහිටි රක්ෂිත රැුසක භූමි මුස්ලිම් අවතැන්වූවන්ගේ වාසභූමි බවට පත්වීමේ අවාසනාවන්ත ඛේදවාචකයත් සමගය.
විල්පත්තු ජාතික වනෝද්‍යානය 1938 වසරේ පෙබරවාරි මස 23 වැනි දින අභය භූමියක් ලෙසට ඉංග‍්‍රීසි ආණ්ඩුව නම් කිරීම සිදුවූයේ ඔවුන්ද මෙහි වටිනාකම ගැන පැහැදීම නිසාවෙනි. ශ‍්‍රි ලංකාවේ පැරණිතම වන උයනක් වන විල්පත්තුව හෙක්ටයාර් 131,667ක භූමි ප‍්‍රමාණයකින් සමන්විත වන අතර, ත‍්‍රිකෝණමිතිකව පුත්තලම, අනුරාධපුර, මන්නාරම යන දිස්ත‍්‍රික්කවලින් ආවරණය වී තිබීම තවත් සුවිශේෂත්වයකි. තවද ස්වභාව ධර්මයෙන් සපිරි වන සතුන්ගේ මියුරු පාරාදීසයක තෝතැන්නක් වී තිබීම මෙම වනෝද්‍යානයේ අපූර්වතම වැදගත්කමකි.
මෙවැනි සුන්දර වූ අතිරමණීය වනපෙත අන්තර්ජාතික තෙත්බිම් සමූහයෙන් එකක් වීමත් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව එය 2095 වැනි ස්ථානය හිමිකර ගෙන තිබීමත් තවත් ආඩම්බරයකි. මෙම වනෝද්‍යානයේ ජීවත්ව සිටින වන සතුන් අතුරින් දැනට රතු දත්ත පොතෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශ‍්‍රී ලංකා කොටියා ඇතුළු පෘශ්ඨවංශි ආවේණික සත්ව විශේෂ 21ක් මෙම වනෝද්‍යානයේ ජීවත්වන බවට කරුණු අනාවරණය වී තිබේ.
විල්පත්තු පරිසරයට ඇලූම්කරන්නන් අතර දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ප‍්‍රමුඛස්ථානයක් බවට පත්ව තිබිය දී මෙවන් සුවිශේෂ වූ භූමිය ආසන්නයේ පිහිටි වන රක්ෂිත වන මරිච්චිකට්ටු, කරඩිකුලි හා මාවිල්ලූ මේ වනවිට මුස්ලිම් අවතැන් වූවන්ගේ ග‍්‍රහණයට හසුව විනාශයේ හිනිපෙත්තට ළඟාවෙමින් තිබීම කණගාටුදායක කරුණකි.
පසුගිය 2014 වසරේ මාර්තු මාසයේ විල්පත්තුවට කණකොකා හැඬීම ආරම්භ විය. ඒ විල්පත්තුව ආසන්නයේ පිහිටි උතුරු අභය භූමිය සරණාගතයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිද්ධියක් හේතුවෙනි. එය ඉරිදා ලංකාදීපය නොබියව මේ සියල්ල නොසගවා හෙළිදරව් කිරීම සුවිශේෂ කරුණක් විය.
උතුරු අභය භූමිය ආක‍්‍රමණය කළ පිරිස වෙන කව්රුවත් නොව එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් උතුරේ ගම් බිම් අතහැර 1980 දශකයේ පුත්තලමට පැමිණි පිරිස් වීම සඳහන් කළ යුතුව තිබේ. එදා එල්.ටී.ටී.ඊ යෙන් බැටකා පුත්තලමට පැමිණි මොවුන් මෙදා විල්පත්තුවට විනකැටීමේ දැවැන්ත මෙහෙවරක නිරතව සිටින්නේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානය මෙම භූමියට සිදුකළ හානියට වඩා හාත්පසින්ම විශාල හානි සිදුවීමකි.
2014 වසරේ මෙම මුස්ලිම්වරුන් උතුරු අභය භූමිය ආක‍්‍රමණය කරද්දි මාධ්‍ය දිගින් දිගටම එම කරුණු වාර්තා කරන්නට විය. එහිදී මෙම හානිය පසුපස රැුඳී සිටි එවකට රජයේ ප‍්‍රබල දේශපාලකයෙක් ඔහුගේ පිරිස් යොදමින් උතුරු අභය භූමිය අත්පත් කර ගැනීමට දැඩි වෙහෙසක නිරත වන්නට විය. එය ව්‍යර්ථ වූයේ බොදු බල සේනාව මෙම ප‍්‍රදේශයට කඩා වැදී මෙම මුස්ලිම්වරුන් සිදුකරන හානියට දැඩි විරෝධයක් මතුකිරීම නිසාවෙනි.
එයින් අනතුරුව සිදුවූයේ මෙම මුස්ලිම් ආක‍්‍රමණිකයින්ට විරුද්ධව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මන්නාරම් අධිකරණයට මේ සිදුකරන විනාශය සම්බන්ධව බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කිරීමය. එය සැලකිල්ලට ගත් මන්නාරම දිසා විනිසුරු කේ. ආනන්දි කනගරත්නම් මහත්මිය විසින් නියෝග කර තිබුණේ මෙම පිරිසට මෙම භූමියෙන් ඉවත් වන ලෙසටය. එසේම මෙම පිරිසට අදාළ නඩු පැවරීම සිදුව තිබුණි. එම නඩු විභාගය මේ වනවිටත් මන්නාරම අධිකරණයේ විභාග වෙමින් තිබේ.
එසේ තිබියදී මෙම සියල්ල පසු පස සිටි පසුගිය රජයේ සේම මෙම රජයේ ද ප‍්‍රබල අමාත්‍ය ධුරයක් හොබවන ඇමැතිවරයෙක් තමා පරාජය නොවූ බව පෙන්වීමට උතුරු අභය භූමියට නොදුරින් පිහිටි රජයේ රක්ෂිතවල හෙක්ටයාර් 2000ට ආසන්න ප‍්‍රමාණයක් ගම්මාන ඉදිකිරීමේ අරමුණින් එවකට රජයේ ප‍්‍රබල අමාත්‍ය ධුරයක් හෙබවූ තැනැත්තකුගේ ආධාර අනුදැනුම මත රාජ්‍ය නිලධාරින් බියවද්දා පරිසර අණපනත් උල්ලංඝණය කරමින් අත්පත් කර ගැනීමය.
මෙහිදී රජයේ රක්ෂිත නිදහස් කිරීමේ දී භාවිත කරන රක්ෂිත වලින් බැහැර කිරීමේ නියෝග පවා ක‍්‍රියාත්මක කර නැති අතර, එයට අමතරව ගැසට් නිවේදනයකින් තොරව මෙම භූමි මෙසේ වෙන් කර ගැනීම පුදුමය දනවන කරුණක්ව තිබේ.
1980 දශකයේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් ගම් බිම් අහිමි වූ මුස්ලිම්වරුන් වෙත ඉඩම් ලබාදීම කළයුතු නමුත් රජයේ රක්ෂිත මේ වෙනුවෙන් වන්දි ගෙවීමට ඉඩ නොතැබිය යුතුබව බලධාරින් අවධාරණය කළ යුතුව තිබේ. මෙහිදී තවත් එක් කරුණක් නම් අමාත්‍යවරයා ඔහුගේ අරමුණු වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවුණු රාජ්‍ය නිලධාරින්ට එල්.ටී.ටී.ඊ ලේබලය ඇලවීම සිදු කළේ කිසිදු හිරිකිතකින් තොරවය.
මෙහිදී ඇමැතිවරයා ඔහුගේ අරමුණ ජය ගත්තද විල්පත්තුවේ සිට එළිබසිනා වන සතුන් රක්ෂිතවලට පැමිණ දිවි ගෙවීමේ නිදහස අහිමි කර තිබේ. ඒ සමගම මෙතෙක් මේ ප‍්‍රදේශවලින් වාර්තා නොවූ අලි මිනිස් ගැටුම මේ වනවිට නිර්මාණය වෙමින් තිබේ. මෙහිදී වන සතුන් සේම ජනතාවගේ නිදහසද අහිමිකර තිබෙන්නේ අලි මිනිස් ගැටුමකට මුලපුරා ඇත්තේ මන්නාරම සිලාවතුර ප‍්‍රදේශය එක් කරමිනි.
මෙසේ වෙන් කළ මරිච්චිකට්ටි, රඩිකුලි හා මාවිල්ලූ යන වන රක්ෂිතවල ගැවසෙන වන සතුන්ට දැඩි අර්බුදකාරි තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබේ. 2014 වසරේ මෙකී ඇමැතිවරයා මැදපෙරදිග රටවල් කිහිපයක ආධාර රැුගෙන මුස්ලිම් ජනපද ආරම්භ කිරීම සදහා අඩිතාලම් යොදා තිබුණේ රජයේ රක්ෂිතයක් විනාශයේ මුඛයට යවමිනි.
මෙහිදී විල්පත්තුව හා අදාළ රක්ෂිත තුළ කාර්යක්ෂම ඩෝසර් යන්ත‍්‍ර යොදා ගනිමින් කැලෑ එළිපෙහෙලි කිරීමේ යෝධ සංවර්ධනයේ නියමුවා වූයේ අමාත්‍යවරයා විසිනි. මෙවැනි ස්වභාවික රක්ෂිතයන් අක්කර දහස් ගණනක් මෙසේ එළිපෙහෙලි කරමින් අවතැන්වූවන්ට නිවාස යෝජනා ක‍්‍රමයක් ලබා දී තිබුණේද කිහිප දෙනෙකුගේ සාක්කුව පුරවා ගනිමින් බව අවතැන්වරු පවා දන්නා ප‍්‍රසිද්ධ රහසකි.
මෙම ප‍්‍රදේශවල අලි මිනිස් ගැටුම ක‍්‍රමයෙන් නිර්මාණය වී ඇති බවට ප‍්‍රබල සාක්ෂිය වන්නේ මෙම ජනපද ආරම්භ කිරීමේ දී වල් අලින්ට එහා මෙහා ගමන් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත වනරක්ෂණ දෙපාර්තමේන්තුව කල්ආරු සිට උතුරු හා දකුණු දෙසින් කිලෝ මීටර් 2ක දිශානුගත ප‍්‍රදේශයක් වෙන් කළද එම භූමිද මේ වනවිට නිවාස ව්‍යාපෘතියට යොදා ගෙන තිබීම බරපතළ අලි මිනිස් ගැටුමකට අඩිතාලමක් වී තිබීම ජීවිත අවදානමකට අතවනමින් තිබෙන නිසාවෙනි.
එසේම මෙම භූමියේ වල් අලින්ගේ පහසුව සඳහා වෙන් කර තිබූ අලි මංකඩවල් ආශ‍්‍රිතව වනජීවි සංරක්ෂණ දෙපාර්ත්තමේන්තුව විසින් සවිකර තිබෙන ප‍්‍රදර්ශන පුවරුවල සඳහන් වන්නේ දඩයම් කිරීම, සතුන් මැරීම, කැලෑ එළිපෙහෙලි කිරීම, ගිනි තැබීම, අනවසර ඉදිකිරිම්, වැලි ගොඩදැමීම සම්පූර්ණයෙන් තහනම් බවය. නමුත් ඒ සියල්ලම පසෙකලමින් මෙම පුවරුවල සිට මීටර් 10ක් පමණ දුරින් නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම පුදුමය දනවන කරුණකි.
එපමණක් නොව ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නීති පසෙක ලමින් මෙම රජයේ රක්ෂිතය වග නිවෙසක් පවා ඉදි නොකළ කැලෑබද ප‍්‍රදේශ වෙත විදුලි රැුහැන් ඇද තිබීම සිදු කර ඇත්තේ කුමන නීතියක් අනුව දැයි විදුලි බල අමාත්‍යවරයාගෙන් විමසිය යුතුව තිබේ. මන්ද ගම්මාන වල මේ වනවිට විදුලිය නැති ගෙවල් ගණනය කිරීමට නොහැකි අවධියක ඔවුන්ට විදුලි සැපයුම ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය දහසකුත් නීති හදන යුගයක රක්ෂිතයට විදුලි රැුහැන් ඇද ඇත්තේ කාගේ අනුමැතියක් මතද යන්න විදුලි බල අමාත්‍යවරයා දැඩි අවධානය යොමු කළ යුතුව තිබේ.
මේ සම්බන්ධව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් එම්.වයි.එස්. දේශප‍්‍රිය මහතාගෙන් කළ විමසීමේ දී පවසා සිටියේ.
මේ කැලෑ එළිපෙහෙලි කිරීම අලූතින් සිදුවන්නෙ නෑ. මේ වෙද්දි පවුල් 7456ක් නැවත පදිංචි කිරීම සඳහා අදාළ ප‍්‍රදේශ නිදහස් කරලා තියෙනවා. එක් පවුලක් සඳහා ඉදිවෙන නිවෙසකට ලක්ෂ පහමාරක මුදල් ලබා දෙනවා. මේවා ඉන්දියානු ආධාරයැයි පැවසීය.
මේ සම්බන්ධව තොරතුරු දැනගැනීම සදහා වනජීවි අධ්‍යක්ෂක ජනරාල් එච්.ඞී. රත්නායක මහතාව දුරකථනයෙන් සම්බන්ධ කිරීමේ දී ඔහු පවසා සිටියේ.
මේ නැවත පදිංචි කිරීම සිදුවන භූමි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නෑ. එය අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. අපිට අයිති භූමියක් නම් අපි කිසිම කෙනෙකුට ඒවට ඇතුළු වෙන්න ඉඩ තියන්නෑ. පසුගිය අවුරුද්දෙ විල්පත්තුව උතුරු අභය භූමියට ඇතුළු වන මුස්ලිම්වරුන්ට නඩු පැවරුවා ඒනිසා විල්පත්තුවට හෝ වෙනත් ප‍්‍රදේශයකට හානියක් කරන්න මම ඉඩ තියන්නෙ නෑ. අපි නීතිමය කටයුතු කරනවා යයි පැවසීය.
මේ සම්බන්ධව තොරතුරු දැනගැනීම සඳහා වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ. අනුර හතුරුසිංහ මහතාගෙන් වනරක්ෂිත ප‍්‍රදේශවල සිදුවන මෙම අනවසර ක‍්‍රියාවන් පිළිබඳව දුරකථනයෙන් කළ විමසීමේදී පවසා සිටියේ.
”මේ ප‍්‍රදේශ මම එන්නත් කලින් තමා ලබා දීලා තිබුණෙ. හැබැයි මම දැනගෙන හිටියෙ නෑ. මේ ප‍්‍රදේශවල නැවත නැවතත් කැලෑ එළිකරනවා කියලා. ඒ එක්කම අලි මංකඩවල් වෙනුවෙන් අයින් කරලා තියෙන ප‍්‍රදේශවල ඉදිකිරීම් වෙනවා කියලා මම දැනගෙන හිටියෙ නෑ එහෙම වෙනවා කියලා. මම මේ පිළිබඳ සොයා බලන්න අපේ කණ්ඩායම් දෙකක් අදාළ ප‍්‍රදේශවලට යවනවා. බොහොම ස්තූතියි ඔබතුමාට මේ පිළිබඳ දැනුම් දුන්නාට” ඒ මහතා පැවැසීය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනාරක්ෂිතවන විල්පත්තුවේ රක්ෂිතය
කසුන් ධර්මවංශ Sunday, 03 May 2015 07:13 AM
තමන්ගේ රටට ජාතියට උපද්‍රවයක් වෙනකොට ඒවෙනුවෙන් කතාකරන කෙනා ජාතිවාදියෙක් වෙන්නේ කොහොමද කියලා කියන්න (නි)
ගමගේ Monday, 04 May 2015 09:19 AM
සමගියේ නාමයෙන් රට වනසන්න දෙන්න බැහැ (නි)
ඒඩ්‍රියන් Saturday, 02 May 2015 10:04 AM
සීතකළ කාමර වලට වෙලා ඉන්නවා අපේ අය? මාධ්‍යයද රට මුර කරන්නේ? මේවා ජාතික අපරාධ (නි)
ජීවන් Wednesday, 29 April 2015 11:26 AM
රටේ නීතිය සැමට පොදු විය යුතුයි. රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම විෂය බාර ඇමැති ලෙස ජනාධිපතිතුමා මේකට මැදිහත් විය යුතුයි. (බ)
හසුන් Thursday, 30 April 2015 05:54 AM
කවුරු වුනත් මෙවැනි පෙදෙසක් විනාශ කිරීමට ඉඩදෙන්න බැහැ.(හේ)
දිමුත් Thursday, 30 April 2015 06:02 AM
කෝ යහපාලනේ?(හේ)
හසිත Thursday, 30 April 2015 07:03 AM
මෙවගේ දේවල් නොදක්කාසේ ඉන්න එපා. සිංහල කමටටත් ලැජ්ජාවක් (බ)