කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ”ටැම්පිට රජමහා විහාරය’’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ. පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ. කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක පිහිටි මෙම ඉපැරැණි පුදබිම හමුවෙයි. විහාරයේ ඇති ඉපැරැණි ටැම්පිට විහාරය අදටද ඉතා සුරක්ෂිතව පවතී. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාර පවතින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරය සංරක්ෂණය කර ඇත. ඉපැරැණි බුද්ධ ප්‍රතිමාව සමග විෂ්ණු සහ කතරගම දෙව්වරුන්ගේ පිළිමවලට අමතරව සපුමල් බණ්ඩාර දෙවියන්ගේ පිළිමය මෙම විහාරගෙයි පිහිටුවා තිබේ. සාමාන්‍යයෙන් කතරගම දෙවිදුන්ට අත් හයක් පිහිටිය ද මෙහි ඇතුළත පිළිමයේ කතරගම දෙවිඳුන්ට අත් දෙකක් පමණක් තිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විජය සුන්දරාම විහාරාධිපති අරඹේපොල සීවලි හිමියන් පැවසුවේ දෑතත් සහිත කතරගම දෙවිඳුන්ගේ මෙම පිළිමය ඉතා දුර්ලභ එකක් බවය. මීට අමතරව මෙම විහාරයේ වැලිවිට අසරණ සරණ සංඟරාජ නාහිමියන්ගේ සිතුවමක්ද පවතී. සංඟරාජ හිමියන්ගේ විස්තර කොපමණ සඳහන් වුවද උන්වහන්සේගේ රූපයක් දැකීමට නොතිබීම මත මෙහි ඇති සංඝරාජ නාහිමියන්ගේ ඉපැරැුණි සිතුවම ඉතා දුර්ලභ සිතුවමක් ලෙස සැලකේ. සංඝරාජ නාහිමියන් වැඩිවිසු බව සඳහන් වන්නේ විහාරස්ථ අල්ප සංඛ්‍යාවකි. ඒ අනුව මෙම විහාරයේද සංඝරාජ නාහිමියන් වැඩ වසන්නට ඇති බවට මෙම සිතුවම කදිම සාධකයක් වනු ඇත. සංඝරාජ නාහිමියන් මෙම විහාරයෙත්, අවට වූ තවත් විහාරයක වැඩ සිටි බව ඉතිහාසගත තොරතුරුවලින් කියැවේ. මෙම ප්‍රදේශයට අධිපතිව වැඩ වෙසෙන බව විශ්වාස කෙරෙන සපුමල් බණ්ඩාර කුමරුගේ සිතුවමක්ද ටැම්පිට විහාරයේ ඉපැරැුණි සිතුවම් අතර වෙයි. සපුමල් කුමරුගේ සිතුවමක් සහිත වයඹ ප්‍රදේශයේ එකම විහාරය මෙය ලෙස ද සැලකේ. මෙම විහාරයේ අභ්‍යන්තරයේ අගය දැක්වෙන සිතුවම් රැසක් පැවතිය ද ඒවා මේ වන විට බොහෝ දුර්වර්ණ වී පවතී, මහනුවර යුගයේදී කලින් කලට විනාශ වී ගිය ගොඩනැගෙමින් තිබෙන විහාරයේ සංඝාවාසය ද වසර 150 කටත් වඩා ඉපැරැණිය. විහාර භූමියේ ඇති ඓතිහාසික බෝධීන් වහන්සේද වසර පන්සීයකටත් වඩා ඉපැරැණි බොහෝ හාස්කම් සහිතය. මෙම බෝධියට බාරහාර වීමෙන් දරුඵල නොමැති කතුන්ට දරුඵල ලබා දෙන බවට අතීතයේ සිටම විශ්වාසයක් පැවතීම හේතුවෙන් පිට පළාත්වල ජනතාවද මෙහි පිහිට පතා විශාල වශයෙන් පැමිණෙන බව සීවලී හිමියෝ පැවසූහ. මෙම විහාරස්ථානයේ ඉපැරැණි විෂ්ණු දේව ප්‍රතිමා දෙකක්ද පිහිටුවා තිබේ. ටැම්පිට විහාරයේද මහනුවර යුගයේ ඉදිකෙරුණු විෂ්ණු දේවප‍්‍රතිමාවත් තිබෙන බැවින් අතීතයේ සිටම මෙම විහාරස්ථානයෙන් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයද ජනතාවට ලැබෙන බවට ජනතාවගේ විශ්වාසයක් පවතී. අවට හාත්පස දර්ශනීයව පෙනෙන කඳුවැටි කීපයකට මැදිව උස්බිමක පිහිටි විජයසුන්දරාරාම විහාරස්ථානයට අවට පිහිටි තවත් විහාරස්ථාන කීපයක්ද දර්ශනය වේ. ඉතා උස්බිමක පිහිටා තිබෙන බැවින් මෙම පුදබිමේ අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව ද සඳහන් වේ. රහතන් වහන්සේලා වැඩ සිටි බවට සාධක සහිත ජලයෙන් පිරුණු ඉපැරැණි ගල්වලවල් ද මෙහි පිහිටා තිබේ. මෙම ගල් වලවල් ප්‍රමාණයෙන් කුඩා වුවද ඉතා ගැඹුරින් යුක්ත වේ. අතීතයේදී මෙම විහාර භූමියේ පිහිටි එක් ස්ථානයක සිට බැලූ විට ඉතා ඈතින් ශ්‍රී පාදය දර්ශනය වූ බව ප්‍රදේශයේ වෙසෙන ජනතාව පවසන සුවිශේෂී කරුණකි. අද එවැනි දසුන් නොපෙනුන ද එම ස්ථානයේ සිට බැලූවිට ඉතාම දුරට කඳු වළලූ ගණනාවක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. මෙම විශේෂත්වය කියා පෑමට එම ස්ථානයේ ඉදිකර තිබෙන ශ්‍රී පාදයේ ආකෘතිය ද සාමාන්‍යයෙන් විහාරස්ථානයක නොදැකිය හැකි සුවිශේෂී දසුනකි. දුර දක්නයකින් නිරීක්ෂණය කළහොත් ගම්පොළ පිහිටි අම්බුළුවාව කන්ද ඉතා හොඳින් මෙම ස්ථානයේ සිට දැක බලාගත හැකි බව විහාරාධිපති සීවලී හිමියන් පැවසූහ. වත්මන් විහාරාධිපති සීවලී හිමියන්ගේ කැපවීම මත අතීත වස්තුවක් ලෙස සැලකෙන මෙම විහාරය අදට ද ඉතා සුරක්ෂිතව පවතී. කලකට පෙර ගරාවැටී විනාශ වෙමින් තිබු ටැම්පිට විහාරය උන්වහන්සේගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා සංරක්ෂණය කර තිබේ. මල්වතු විහාරයීය මහානායක හිමියන්ගේ අනුශාසනා පරිදි මැලේසියාවේ සෙන්තුල් ශ්‍රී ලංකා මහා බෞද්ධ විහාරාධිපති බුටාවත්තේ සරණංකර නායක හිමියන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද කිරිගරුඩ ප්‍රතිමා කීපයෙන් එකක් මෙම ඓතිහාසික විහාරස්ථානයේ වැඩ හිඳුවීම පසුගිිය ජනවාරි මාසයේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් සිදු කෙරුණි. සමාජ ඉරියව්වෙන් යුත් කිලෝග්‍රෑම් දෙදහසක් බරැුති අඩි හතරක් උසැති මෙම ප්‍රතිමාව වයඹ පළාතටම ලැබුණු එකම ප්‍රතිමාව වීමද විශේෂ කරුණකි. දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑළ මහතාගේ දායකත්වයෙන් කිරිගරුඩ ප්‍රතිමාව ලබා දී තිබේ.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය
මාලා Monday, 19 November 2012 04:09 PM
අනේ වාසනාවන්. (නි)
නිත්‍යා Saturday, 05 January 2013 01:07 PM
මේ බුදුකුටිය හරිම ලස්සනයි (ස)
නිරූ Wednesday, 19 September 2012 03:19 PM
මේ කණු මත ඉදිකල බුදු කුටියනම් හරිම ලස්සනයි..සාදු සාදු සාදු !! .(ස)
බණ්ඩාර Sunday, 25 November 2012 01:20 AM
වටිනා ලිපියක්
අනුරාධ Wednesday, 19 September 2012 11:42 PM
හිතට දැනෙන සුවය කියලා නිමකරන්න බැහැ (නි)
සමන් Monday, 17 September 2012 05:47 AM
මේ වගේ දේවල් මිනිසුන්ට දැනගන්න දෙන්න හොද නැහැ. (නි)