IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


අප ඉන්නේ අරාජිකත්ව දොරකඩද?

මීට සති 04 පෙර ආරම්භ වූ අස්ථාවර දේශපාලන තත්ත්වය තවමත් තිබෙන්නේ ඒ ආකාරයෙන්මය. ආර්ථික ගැටලුකාරිත්වය සමග රටේ මතුවූ ආණ්ඩු විරෝධය බරපතළ ආකාරයෙන් එළියට ආවේ මිරිහානේ විරෝධයත් සමගය. එතැන් සිට රට පුරා විවිධ ආකාරයේ විරෝධතා මතු වෙන්නට පටන් ගත්තේය. දැන් ගෝල්ෆේස් භූමියේ අඛණ්‍ඩව පැවැත්වෙන විරෝධතා මගින් පෙන්නුම් කරන්නේ ඒ ගැටලුකාරිත්වයේ සංකීර්ණ ස්වභාවය ය.

මේ අර්බුදජනක තත්ත්වයෙන් එළියට යන්නේ නැතිව රටේ ස්ථාවරභාවයක් ගොඩ නගා ගත නොහැකිය. ආර්ථිකයෙන් ආරම්භවූ මේ ගැටලුකාරිත්වය මේ වන විට සම්පූර්ණ දේශපාලන සමාජයටම ව්‍යාප්ත වී ඇත. රටේ පරිපාලනය සහ රාජ්‍ය සේවය පුරා මේ අස්ථාවරත්වය වර්ධනය වෙමින් පවතී. රට පුරා පැවැත්වූ එක් දින වැඩ වර්ජනය මගින් මේ තත්ත්වය ඉතාමත් හොඳින් පැහැදිලි කෙරිණි. හර්තාල් ආකාරයේ මේ විරෝධතාවත් ඉදිරියේ දී තවත් වැඩිවීමේ ඉඩක් පවතී. මේවායින් රටේ අරාජිකත්වයක් වර්ධනය වීම රටේ ආර්ථිකයටත් රටේ ආරක්ෂාවටත් බරපතළ ආකාරයෙන් බලපාන බව විශේෂයෙන් කිවයුතු නොවේ. දැනටමත් පොලිසියේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන්නේ යම් ආකාරයක අවිනිශ්චිත බවක් යැයි බැලු බැල්මටම පෙනී යන කාරණයක්ය.

ජනාධිපතිතුමාගේ කාර්යාලය වසා දමා ඇති කාලය මාසයකට ආසන්නය. රජයේ කාර්යාලවල තත්ත්වයද තිබෙන්නේ එතරම් හොඳ තැනක නොවේ. පැරණි කැබිනට් මණ්ඩලය ඉවත් කෙරුණු අතර අලුත් කැබිනට් මණ්ඩලයක් පත්වී තිබෙන නිසා අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වයද තිබෙන්නේ මලානික ස්වභාවයකය.

කෙටියෙන් කිවහොත් මගේ නිරීක්ෂණය වන්නේ පසුගිය මාසයේ සිට රට තුළ මතුවෙමින් තිබෙන අස්ථාවරත්වය මේ වන විට අරාජිකත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බවය.

මේ අවුලෙන් එළියට යන්නේ කෙසේද යන ගැටලුව අප ඉදිරියේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ය. මේ ගැටලුකාරිත්වය විසඳා ගැනීමට විවිධ සිවිල් හා වෘත්තීය සංවිධාන විවිධ ආකාරයේ යෝජනා ඉදිරිපත් කර තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. මේ අවුල් සහගත තත්ත්වයෙන් මිදීමට නම් මුලින්ම කළ යුත්තේ මේ ගැටලුකාරිත්වයේ ස්වභාවය තේරුම් ගැනීමය. එහෙත් කනගාටුවට කාරණයක් වන්නේ ගැටලුවේ තරම ගැටලුවේ ස්වභාවය පිළිබඳව හරිහමන් තේරුම් ගැනීමක් දේශපාලනයේ සිටින බොහෝ නායකයන්ට නොමැති බවය.  රටේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් මතුවෙන විවේචනයද ඒකමය. ‘පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා සේ’ කියා පැරණි සිංහල කියමනක් තිබේ. ප්‍රශ්නය ඇති තැන නොව වෙන තැනකට බෙහෙත් කිරීමෙන් රෝගය සුව වෙන්නේ නැති බව ඒ කියමනේ තේරුමය. ඒ නිසා මේ ගැටලුකාරිත්වයෙන් එළියට යාමට නම් මේ අර්බුදයේ ස්වභාවය පිළිබඳව අලුත් තේරුම් ගැනීමක් අවශ්‍යය.

මගේ අදහස වන්නේ මේ තත්ත්වයෙන් එළියට යන්නට නම් ප්‍රධාන කරුණු 03 ක් පිළිබඳව අවධානයට ගත යුතු බවය. මේ සතියේ කිවිඳා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ ඒ කරුණු 03 පිළිබඳවය. ඒවා මා නම් කරන්නේ ආර්ථික ගැටලුව ආණ්‍ඩුවේ ගැටලුව සහ ගෝල්ෆේස් ගැටලුව කියාය.

 

ආර්ථික ගැටලුව

අද තිබෙන මේ ගැටලුව ආරම්භ වූයේම රටේ ආර්ථිකයේ ඇතිවූ අර්බුදජනක තත්ත්වයක් නිසාය. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව නව මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ මේ සතියේය. ඔහු එහිදී කියා සිටියේ රටේ ආර්ථිකය 2008 වර්ෂයේ සිටම අර්බුදයක තිබූ බවත් 2019 පසු කාලයේ මේ අර්බුදය තවත් වර්ධනය වූ බවත්ය. ඔහුගේ අදහස වූයේ 2008 සිට 2015 දක්වා රජයත් 2015 සිට 2019 දක්වා ආණ්‍ඩු කළේ විදේශ ණය ගෙවන්නට තවත් ණය ගත් බවය. ඒ නිසා ණය වාරික නිසි පරිදි ගෙව්වා වගේ පෙණුනාට ඒ සඳහා අලුත් ණය ලබා ගෙන ඇති බවය. ඒ කථාව ඇත්තය. විදේශ මූල්‍ය වෙළෙඳපොළෙන් වැඩි පොලියට ඩොලර් බිලියන 15 පමණ මේ කාලය පුරාවට (2008 - 2019) ණය ගෙන තිබෙන බව ඇත්තය.

එහෙත් මුදල් අැමැතිවරයාගේ ප්‍රකාශනයේ ඊළඟ කොටස තවත් අර්බුදජනක කතාවක්ය. ඔහු කියන්නේ 2019 පසුව අලුතින් ණය ගත්තේ නැතිව අලුත් විදේශ ආදායම් මාර්ග සොයන්නේ නැතිව තියෙන ඩොලර් සංචිතයෙන් ණය ගෙවාගෙන ගිය බවය. මෙය පරණ කථාවටත් වඩා භයානක වැරැද්දක් බව මගේ අදහසය. ණය ගෙවන්නට ණය ගැනීම වැරදිය. ණයක් ගන්නේ වත් නැතිව අතේ තියෙන ඩොලර් ටිකෙන් ණය ගෙවා තෙල් ගෑස් වැනි දේවල් ගන්නට ඩොලර් නැති කිරීම ඊටත් වඩා වැරදිය. භයානකය. මේ තීරණ ගන්නේ කවුරුන් විසින්ද යන කාරණය ඉදිරියේදී රටේ සාකච්ඡාවට ගතයුතු කරුණක් බව පැහැදිලිය. ජනතාවගේ පැත්තෙන් මතුවී ඇති එක් බරපතළ විවේචනයක් වන්නේ රටේ ආර්ථිකය වැනි වැදගත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තීරණ ගන්නා අය ඒ වගකීම් දරන්නට නුසුදුසු අය බවය. එවැනි නුසුදුසු අය ගන්නා තීරණ නිසා පීඩාවට පත් වන්නේ මුළු රටේම ජනතාව බවය.

දේශපාලනයේ හැමෝටම එරෙහිව අද සමාජයෙන් මතුවී තිබෙන විරෝධයේ එක හේතුවක් වන්නේ නූතන අභියෝග තේරුම් ගන්නට හෝ විසඳුම් දෙන්නට හෝ නුසුදුසු අය රටේ බරපතළ වගකීම් සඳහා පත් කිරීම් වැරදි බවය. මෙතැන බරපතළ වගකීම් ලෙසින් මා කියන්නේ දේශපාලන ක්ෂේත්‍රයටත් වඩා මහ බැංකු අධිපති ධුරය මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය වැනි තනතුරුයි.

ආර්ථිකයේ අද තිබෙන ගැටලුව සුනාමිය වැනි ස්වාභාවික හේතුවක් නිසා පැමිණි එකක් නොවේ. කොවිඩ් වසංගතය එයට බලපෑමක් සිදු කළ බව සැබෑවක්ය. එහෙත් ඒ ගැටලුවේ වැඩි හරියක් නිර්මාණය වූයේ වැරදි ප්‍රතිපත්ති නිසා බව මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන යටි අදහසය. මේ තත්ත්වය යළි ඇති නොවන්නට වැඩ කිරීම අද තිබෙන අංක එකේ අවශ්‍යතාවය යි.

මේ අවුලෙන් එළියට යන්නට නම් ආර්ථික ක්ෂේත්‍රයේ නිවැරදි උපදේශවලින් යුක්ත විය යුතුය. ආර්ථිකය මෙහෙයවන්නට උපදේශක කමිටු පත් කිරීමෙන් රටේ විහිලුවක් බවට පසුගිය කාලයේ පෙන්වූ නිසා ඒ පිළිබඳවත් නිවැරදිව සිතීම මුදල් ඇමැතිවරයාගේ වගකීමක්ය. ආර්ථිකය වැනි තාක්ෂණික ක්ෂේත්‍රවල තීරණ ගැනීමේ යාන්ත්‍රණයේදී කරුණු මත (Facts) සහ විශ්ලේෂණය මත (analysis) මිස හුදු හිතේ සෝදිසියට තීරණ ගැනීමට කිසිදු ඉඩක් මින් මතු තැබිය යුතු නැත.

 

ආණ්ඩුවේ ගැටලුව

මේ අවුලෙන් එළියට යාමටනම් තේරුම් ගත යුතු දෙවන වැදගත් කාරණය වන්නේ රටේ ආණ්ඩුකරණය පිළිබඳව බරපතළ ගැටලුවක් පැන නැගී ඇති බවය. වත්මන් ආණ්‍ඩුවට තුනෙන් දෙකක බහුතරයක් පාර්ලිමේන්තුවේ තිබූ බවත් වත්මන් ජනාධිපතිතුමාට 69 ලක්ෂයක ජන වරමක් ලැබූ බවත් සත්‍යයක්ය. දැනට ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක සිතන විට අවසාන මැතිවරණ දෙක ඒ දෙකය. එහෙත් රටේ අදෘශ්‍යමානයේ පෙනෙන තෙක් මානයේ බැලූ විට පෙනී යන්නේ ඒ ජනමතයේ පදනම බරපතළ ආකාරයෙන් අර්බුදයට ගොස් ඇති බවය. මේ පිළිබඳව සිතීම ඉතාමත් වැදගත් වෙන්නේ රටේ ජනතාව රටේ ආණ්‍ඩුව නොපිළිගන්නා තරමටම මේ තත්ත්වය වර්ධනය වීමේ ඉඩක් ඇති නිසාය.

රටේ ජනමතය යළිත් විමසා බලන්නට තරම් හොඳ තත්ත්වයක රට පවතී නම් කළ යුත්තේ කුමක් හෝ මැතිවරණයක් සඳහා යාමය. එහෙත් ආර්ථික තත්ත්වයේ අවුල් සහගතභාවය නිසා එවැන්නක් සඳහා යාමට තවත් මාස 6 ක් හෝ වසරක් පමණ ගත විය හැකිය. ඒ දක්වා රටේ ආණ්ඩුකරණය ජනතාව පිළිගන්නා තත්ත්වයකට ගෙන යාම අවශ්‍ය බව කවුරුත් පිළිගන්නා කාරණයකි. හිටපු ඇමැති මණ්ඩලයේ බොහෝ අය එයින් ඉවත් වූයේ රටේ ජනතාව ඒ ආණ්‍ඩුව නොපිළිගන්නා බව නිසා විය යුතුය. එහෙත් ඒ වෙනස හේතුවෙන් නව කැබිනට් මණ්‍ඩලය රටේ පිළිගැනීමකට ලක් වී තිබෙන බවක් පෙනෙන්නේ නැත. ජනාධිපතිතුමා විසින් යෝජනා කර ඇති බහු පක්ෂ ආණ්‍ඩුවක් (සර්ව පාක්ෂික ආණ්‍ඩු යනු ප්‍රායෝගික එකක් නොවේ) ගොඩනැගීම මේ සඳහා කළ හැකි එක් වැදගත් උත්සාහයකි. එහෙත් ඒ උත්සාහය වුවත් සාමාජයේ පිළිගැනීමකට ලක් කිරීම විශාල අභියෝගයක් බව පැහැදිලිය. එහෙත් ඒ උත්සාහය පමා වීමෙන් ඒ අභියෝගය තවත් බරපතල වෙන බව මගේ අදහසය.

අද සිදුවී තිබෙන්නේ තිබෙන ආණ්‍ඩුව වැරදියට පත්වූවා වැනි දෙයක් නොවේ. රටේ උද්ගතවූ ආර්ථික ගැටලුව හේතුවෙන් ජනතාවගෙන් විශාල පිරිසක් ආණ්ඩුවේ හැකියාව ගැන සැක කරන තැනකට රට පැමිණ ඇති බව පෙනී යන කාරණාය. බලය තිබුණාට පිළිගැනීමක් නැති තැනකට පත්වීම ආණ්ඩුකරණයේ ඉතාමත් බරපතළ ගැටලුවක්ය. 1990 දශකයේ ප්‍රේමදාස මහතාට අත් වූයේ එවැනි තත්ත්වයක්ය. ඔහුට බලය තිබුණාට ගෞරවයක් ලබාගන්නට නොහැකියාවක් උද්ගතවී තිබූ බව මගේ නිරීක්ෂණයයි. එය එසේ වූයේ 1988 ජනාධිපතිවරණය පැවැත්වූ ආකාරය 1989 තරුණ කැරැල්ලට එරෙහි ක්‍රියාකාරිත්වය සහ 1990 ලලිත්-ගාමිණී කැඩීයාම වැනි හේතු ගණනාවක්ම නිසාය. ඒ නිසාම ඔහු පත් වූයේ power without dignity තත්ත්වයකටය. ඒ කියන්නේ ගෞරවයක් නැති බලයක් හිමි තත්ත්වයකටය. ප්‍රේමදාස මහතාට අගමැතිවරයා ලෙසින් සමාජයේ විශාල පිළිගැනීමක් තිබූ බව සැබෑවක්ය. එතුමා පිළිබඳව මා තුළත් ඇත්තේ ඉතාමත් මධ්‍යස්ථ අගය කිරීමකි. එහෙත් එතුමන්ට ජනාධිපති ධුරයේ මුහුණ දෙන්නට සිදුවූ තත්ත්වය පෙන්නුම් කරන්නේ ‘පිළිගැනීමක් සහිතව බලය ඇරීම යනු ලෙහෙසි දෙයක් නොවන බවය’.

ඒ නිසාම ආණ්ඩු බලය සහ සමාජ පිළිගැනීම යන දෙකම එකට පවත්වා ගැනීමට නොහැකි වන අවස්ථාවල ඒ තත්ත්වය කළමනාකරණය කර ගැනීම ඉතාමත් අවශ්‍ය කාරණයක් බව මාගේ මතය ය. අද ආණ්ඩුව මුහුණ දෙන මේ අභියෝගය ජය ගැනීම ඉතාමත් අවශ්‍ය ය.

 

ගෝල්ෆේස් ගැටලුව

මා ඉහතින් සඳහන් කළ කරුණු දෙකටම වඩා වෙනස් කාරණයක් වන්නේ ගෝල්ෆේස් හි සිටින ජනතාවගේ දේශපාලන මතු කිරීම තේරුම් ගැනීම සහ එයට විසඳුම් සෙවීමයි. මා මෙහි ගෝල්ෆේස් ලෙසින් සංකේතකරණය කර පෙන්වන්නේ පළල් සමාජ කණ්ඩායමක්ය. එසේම මේ සමාජ කණ්‍ඩායමේ අභිලාසයන් එක සමාන යැයි මෙහිදී අදහස් කරන්නේද නැත. එහෙත් මේ සමාජ කණ්ඩායමේ තත්ත්වය තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය.

ගෝල්ෆේස් මුල් කරගනිමින් විරෝධය දක්වන කණ්ඩායම්වල එක් මහා පොදු සාධකයක් වන්නේ සම්මත දේශපාලන ධාරාවේ සිටින බොහෝ අය යල් පැන ගිය ආකාරයෙන් සිතීම බව මගේ අදහසය. විශේෂයෙන්ම හුදු ආර්ථික අපහසුතා පිළිබඳ ගැටලුවෙන් එහාට ගිය දේශපාලනයේ අලුත්වීම පිළිබඳ කාරණය මේ අයගේ දේශපාලනයට සම්බන්ධය. මේ බොහෝ තරුණයන් සිතන බව පෙනෙන්නේ දේශපාලන ලෝකයේ සිටින අය තමන් අයිති පරපුරේ චින්තනය නියෝජනය නොකරන බවයි.

ගෝල්ෆේස් හි සිටින තරුණයෙක් මා සමග කීවේ ඔවුන් නියෝජනය කරන්නේ Democrasy 2.0 පරම්පරාව බවයි. එහි අදහස වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පළමු කාර්තුව (Democrasy 1.0) 1948 සිට පැමිණ දැන් එය නිමා වී ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවන කාර්තුව ආරම්භ වී ඇති බවයි. මෙය ඉතාමත් වැදගත් බෙදා දැක්වීමක් බව මගේත් අදහසයි.

මගේ තේරුම් ගැනීම වන්නේ 2015 ජනාධිපතිවරණයේ සිට මේ රටේ දේශපාලනය වෙනස් වී ඇති බවයි. එය 2015 ජනාධිපතිවරණයේදිත් 2019 ජනාධිපතිවරණයේදිත් විවිධ ස්වරූප හරහා (යහපාලන වියත්මග) මතුවී මේ වන විට ප්‍රධාන දේශපාලන ධාරාවෙන් එළියට ගමන් කර ඇති බව මගේ නිරීක්ෂණයයි. මේ කාරණය පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.

 

(*** මහාචාර්ය - චරිත හේරත්)



අදහස් (0)

අප ඉන්නේ අරාජිකත්ව දොරකඩද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 700 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 972 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 210 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 151 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 714 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 148 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 317 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 863 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 806 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site