IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


අපේ උරුමය ලොවට ගෙනයන සෙංකඩගල ඇසළ මහ පෙරහර

දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් මෙවර පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහර, අද (19) රාත්‍රී 06.00 පසුවි විනාඩි 57 ට දකණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය(වෝඩ් වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් විදිය), ඩී.එස් සේනානායක වීදිය, (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි. 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් විසිතුන් වන ලක්ෂණය වනුයේ “චත්තාලීස දන්ත” නම් වූ ලක්ෂණයයි. එය මහේශාක්‍ය බව මෙන්ම මහානුභාව සම්පන්න බව සනාථ කරන්නකි. මහනුවර දළදා මාලිගාවේ වැඩ වාසය කරන එම චත්තාලීස දන්ත නම් වූ ලක්ෂණයෙන් යුත් වාම දන්ත ධාතුන් වහන්සේ ක්‍රි.ව 4 වන සියවසේදී පමණ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කිත්සිරිමෙවන් රජ දවස ලංකාවට රැගෙන එන ලදී.

වසර 2500 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන හෙළ සංස්කෘතිය තුළ දක්නට ලැබෙන අති උත්කර්ෂවත් සංස්කෘතිකාංග අතර මහනුවර ඇසළ පෙරහරට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. එපමණක් නොව මෙම පෙරහර මංගල්‍යය තුළින් ශ්‍රී ලාංකීක හෙළ ජන පුනර්ජීවයක් ඇති කරවනු ලබයි. එමෙන්ම ලාංකික හා ලාංකික නොවන බොහෝ අයගේ සිත් තුළ බෞද්ධ චින්තනය තුළින් සිය පැවැත්ම ඔප් නංවා ගැනීමට මංපෙත් සැළසේ.

පෙරහරේ වටිනාකම පිළිබිඹු කරන උත්කර්ෂවත් සංකේතය වන්නේ අලි ඇතුන්ය. පෙරහර සැණකෙළි අසිරියක් විත්‍රණය කරන කසකරුවන්, නර්තන ශිල්පීන්, බෙර වාදක ශිල්පීන්, පන්දම්කරුවන් ආදි විවිධ කණ්ඩායම් සිටිය ද පෙරහරේ අභිමානය, ප්‍රෞඪත්වය ඉස්මතු කිරීම සඳහා අලි ඇතුන්ගෙන් ඉටු වන්නේ විශාල සේවයකි. දළදා කරඬුව පවා වැඩම වීමට ඇතුන් යොදා ගැනීමෙන් එය මනාව වටහා ගත හැකිය.

ශ්‍රී දළදා පෙරහර පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සංවිධාන කටයුතු භාර වන්නේ ශ්‍රී දළදා මාලිගාවටය. ඒ සඳහා දියවඩන නිලමේ ප්‍රධාන වගකීම් දරන්නාය. වර්තමානයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා එම වගකීම මැනවින් ඉටුකරමින් සිටියි.

දළදා පෙරහරේ සියලු කටයුතුවල ආරම්භය සිදු වන්නේ ජ්‍යොතිෂමය නැකැත් චාරිත්‍රානුකූලව වන අතර සුබ නැකැත් සෑදීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයකි. ඒ සඳහාම වෙන් වූ දෛවඥයකු මාලිගාවේ සිටියි. ඔහු නැකත් මොහොට්ටාල වශයෙන් හඳුන්වයි. ඔහුට අයිති රාජකාරිය වන්නේ දළදා වහන්සේගේ පුද පූජා හා උත්සව කටයුතුවලදී සුබ නැකැත් වේලාවන් සකස් කරදීමය. එම නැකැත් වේලාවන් සඳහන් වන ලිඛිත ලේඛන නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතරවරම් දේවාලවලට බෙදා දීම දියවඩන නිලමේතුමා විසින් සිදු කරනු ලබයි. මෙම ලේඛන අනුව කටයුතු කිරීමට සිව් දේවාල බැඳී සිටී.

 

පෙරහර මංගල්‍යයේ ඉතිහාසය

පස්වැනි සියවසේ ලක්දිවට පැමිණි ෆාහියන් චීන භික්ෂුවකගේ දේශාටන සටහන්වලට අනුව අනුරාධපුර දළදා මැදුරේ සිට දළදා වහන්සේ පෙරහැරින් අභයගිරි විහාරය වෙත වැඩමවා ඇත. අනතුරුව පුරා දින අසූවක කාලයක් ඉමහත් ගෞරව පුර්වකව දළදා ප්‍රදර්ශනය පවත්වා තිබේ. පසුව පොළොන්නරුවට වැඩම වූ දළදා වහන්සේට පළමුවන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව 1153 - 1186) මහත් හරසර දක්වා ඇත. නගරය හා මංමාවත් අලංකරණය කොට උත්කර්ෂවත් පෙරහැරක් පවත්වා ඇති බව චූලවංශයේ සඳහන් වේ.

පසුව ආරක්ෂිත ක්‍රමෝපාය පිණිස දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවා ඇත. එහිදී දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව 1236-1270) පුද සත්කාර හා ගරු බුහුමන්වලට දළදා වහන්සේ පාත්‍ර විණි. දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් සිය මාලිගාව අසළ තෙමහල් මන්දිරයක දළදාව තැන්පත් කළ බවද, පියාණන් වූ විජයබාහු ඉදිකළ විජයසුන්දරාරාමයට ද දළදාව වැඩමවා මහත් පූජාවක් සිදු කළ බවට ද දඹදෙණි කතිකාවේ සඳහන් අයුරු විස්තර කර තිබේ.

තවද දඹදෙණි දළදා මැදුරේ සිට සිරිවර්ධනපුරය දක්වා ඇති ප්‍රවේශ මාර්ග සකසා අලංකාර කොට දළදා වහන්සේ මෙන්ම පාත්‍ර ධාතුව පෙරහරින් වැඩම කරවීමටත් එයට පූජා පැවැත්වීමත් සම්බන්ධව විස්තර චූල වංශයේ සඳහන් වෙයි. මේ ආකාරයේ දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා, වතාවත් හා වාර්ෂික පෙරහර මංගල්‍යයපැවැත්වීම පිළිබඳ තොරතුරු නොයෙක් මූලාශ්‍ර හා පොත්වල සඳහන් වේ. කෙසේ වෙතත් මහනුවර යුගය ආරම්භයෙන් පසුව මෙම පෙරහර මංගල්‍යයේ වෙනසක් දැකගත හැකි විය. මේ කාලයේදී දළදා වහන්සේ වෙනුවෙන් පැවැත් වූ පෙරහර අහෝසි වී දේවාල පෙරහර පමණක් ඉතිරිවීම හඳුනා ගත හැකිය. දෙවැනි රාජසිංහ (ක්‍රි.ව 1635-1687) රජුගේ පාලන සමයේ මහනුවර රාජධානියේ සිරකරුවකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් (ක්‍රි.ව 1660 අප්‍රේල් 04 දින සිට 1679 ඔක්තෝම්බර් මස 18 දක්වා) ඇසළ පෙරහර දෙවියන් උදෙසා පැවැත් වූ දේව පෙරහරක් ලෙස පෙන්වා දී තිබේ.

මේ අනුව මහනුවර යුගයේ දී ශ්‍රී දළදා පෙරහරට දේව වන්දනය සහිත නව කොටස් එකතු වී තිබෙන බව හඳුනා ගත හැකිය. මහනුවර යුගයට පෙර දළදා වහන්සේ උදෙසාත් දෙවිවරුන් උදෙසාත් වෙන වෙනම පෙරහැර පවත්වා තිබුණි. මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස උදාවු සංස්කෘතික හා ආගමික පුනර්ජිවය හේතු කොට ගෙන එම පෙරහර දෙකම ඒකාබද්ධ කිරීමෙන් ඇසළ පෙරහරේ වර්තමාන ස්වරූපය සකස් වී ඇත.

 

ඇසළ පෙරහරේ ආරම්භය

විවිධ මුලාශ්‍රවලින් හෙළි වන ආකාරයට මහනුවර යුගයෙන් පසුව ඇසළ පෙරහර ආරම්භයේදී දේව පෙරහරක් වශයෙන් පැවතිණ. එනම් විෂ්ණු දෙවියන්ගේ උප්පත්තිය සැමරීම උදෙසා ඉපැරණි කාලයේ සිටම පැවත එන උත්සවයකි. එය ආරම්භ කෙරෙන්නේ දෙවියන් උපත ලද දිනයේය. මෙම උත්සවය පවත්වන්නේ විෂ්ණු දෙවියන් විසින් දෙවියන්ගේ පස මිතුරන් වූ අසුරයන් ජය ගැනීම සිහිකිරීමට බව ඇතැම් පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. මෙයට හොඳම සාක්ෂිය වන්නේ “කප” කපා ගැනීම, කප වැඩමවාගෙන ඒම, කප බෙදාහැරීම, කප සිටුවීම, දේවාල ඇතුළේ පෙරහර ආදි මේවා සියල්ලම දෙවියන් මුල් කර ගෙන සිදුවන්නක් වීම නිසාය.

“කප” යනුවෙන් හඳුන්වන්නේ විශේෂයෙන් පිළියෙළ කර ගත් දැව කණුවකි. මෙම කණු කපා ගැනීමට තෝරා ගන්නා ලද්දේ ඇහැළ ගසක් යනුවෙන් ප්‍රකාශිත වුවද, ක්‍රි.ව 1817 වෙල්ලස්සේ දිසාව විසින් පෙරහර ගැන කරන ලද විස්තරයේ හා වර්තමාන තෝරා ගැනීම අනුවද පෙනී යන්නේ ඒ සඳහා තෝරා ගනු ලබන්නේ පලහට නොගන්නා නෑඹුල් කොස් පැළයක් බවකි.

ඒ අනුව පල දැරීමට පටන් නොගත් කඳ වටෙහි ප්‍රමාණය වියත් තුනක් පමණැති ළපටි කොස් ගසක් වෙත සතර මහා දේවාලයට අයත් ජනයා යති. ගස අවට බිම පිරිසුදු කරන ඔවුහු දුම්මල අනුවාසනය කිරීමෙන් හා විශේෂයෙන් පිළියෙළ කරන ලද සඳුන් දිය ආලේප කිරීමෙන් ගස කැප කරති. තවද මැටි නවයකින් යුත් දල්වන ලද පහන් ගස පාමුල පුදති. බුලත් කොළ නවයක් හා මල් ජාති නවයක් අසුනක් මත පිළියෙළ කර එයද පූජා කරති. මේ සියල්ල නිම වූ ඉක්බිතිව දෙහි තවරා ස්නානය කිරීමෙන් පසු පිරිසුදු වස්ත්‍රයකින් සැරසී පෙහෙවූ මහා දේවාලයේ පොරෝකාරයා පොරවකින් ගස මුලින් මැ කපා දමයි. කඳ හරස් අතට සම කොටස් හතරකට කපා දේවාල හතරට බෙදා දෙනු ලැබේ. කඳෙහි මුල් කොටස නාථ දේවාලයටද, දෙවැනි කොටස, විෂ්ණු දේවාලයට ද, තෙවැනි කොටස කතරගම දේවාලයට ද, අග්ගිස්ස පත්තිනි දේවාලයට ද අයත් වේ. පංච තූර්ය නාදය මධ්‍යයේ ඒ ලී කොට නියමිත දේවාලය වෙත මහත් හරසරින් රැගෙන යයි. ඇසළ සඳ උදාවන දිනයේ දී දේවාල බිමෙහි නියමිත ස්ථානයක එකී කොටස සිටවනු ලැබේ. උඩින් පියස්සකින් ද හාත්පසින් රෙදි වලින් ද අසුරනු ලබන ඒ ස්ථානය (ඇසළ ගෙය) අවට ගොක්කොළ ඇද මල් පලතුරු ආදිය එල්ලා අලංකාර ලෙස සරසයි. මෙම වැඩ කොටස්වල මූලිකව කටයුතු කරනු ලබන පුද්ගලයා “වන්නකුරාළ” නමින් හඳුන්වයි.

 

ඇතුළත පෙරහර

කප් සිටුවීමෙන් පසුව ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භයට පෙර දවස් පහක කාලයක් සතරමහා දේවාල ඇතුළත කුඩා පෙරහරක් පැවැත්වේ. මෙය “දේවාල ඇතුළත” පෙරහර නමින් හැඳින්වේ. මෙම පෙරහර දේවාල වටේ පමණක් වාර තුනක් ගමනේ යෙදෙයි. මෙහිදි දේවාලයට සම්බන්ධ සේවාවන් හා නිරතව සිටින අය සහභාගී වේ. බෙර, දවුල්, හොරණෑ වාදනය ආදී සේවා බාරව සිටින පුද්ගලයෝ අනිවාර්යයෙන්ම මෙයට සහභාගී වෙති.

 

කුඹල් පෙරහර

මහ පෙරහරේ පළමු අදියර පටන් ගන්නේ කුඹල් පෙරහරෙනි. ඉසේ සිට පිළියක් වසාගත් බඩහැල බද්දා කළස් දෙකක් අතින් ගෙන වළං කඳක් ගෙන්වාගත් අතවැස්සකු සමග මේ පෙරහර ඉදිරියෙන් පැමිණ ඒ කළස් දෙක හඳුන් කූඩමේ තබා යයි. මෙයට “කුඹල් පෙරහර” කියන්නේ ඒ නිසා බව පොත්පත්වල සඳහන් වේ. වර්තමානයේ මෙවැනි අංගයක් පෙරහරේ දක්නට නොලැබේ. තවද මහජන සන්නිපාතය යන අරුත් දෙන කම්බල් යන වචනයක් දාවිඩ භාෂාවේ එයි. ඇතුළේ පෙරහර නිමවා මහජනයා මුණ ගැසීමට ලැබෙන්නේ කුඹල් පෙරහැරෙන් නිසා මෙවැනි භාවිතයක් එකතු වුවා කියා සිතීමට පෙළඹෙන බව මුලාශ්‍රවල වැඩිදුරටත් සඳහන් වේ. කුඹල් පෙරහර දින පහක් පුරාවට පැවැත්වේ.

 

රන්දෝලි පෙරහර

කුඹල් පෙරහරෙන් පසු ආරම්භ වන්නේ රන්දෝලි පෙරහරයි. ඇසළ පෙරහරේ අති උත්කර්ෂවත් දින පහ ලෙස මෙය හැඳින්වේ. සතර දේවාලවලට අයත් රන්දෝලි සතර පෙරහරේ වැඩමවීම නිසා මේ නම ලැබී තිබේ.

අද රාත්‍රී 06.57 ආරම්භ වන ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර ගෙවදීමෙන් පසු, ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලවල පෙරහැරත් සමග පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) ඩී.එස් සේනානායක වීදිය (ත්‍රිකුණාමල විදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මඵවට) ගොස් සිරිත් ප්‍රකාරව දළදා කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලවල පෙරහර ආපසු දේවාලයට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දියකැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේවා පුජා ඉටු කරනු ලැබේ.

අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලැබූ පෙරහැර කරඬුව හෙට (20) දහවල් පෙරහර වශයෙන්, ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් වැඩම කර ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවීමට නියමිතය. පසුව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසු පෙරහර නිමාවට පත්වේ.

මෙවර පෙරහර සඳහා අලි ඇතුන් 60 ක පමණ සංඛ්‍යාවක් සහභාගි වන බව දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසීය.

 

(*** සටහන සහ ජායාරූප - සිසිර කුමාර බණ්ඩාර)



අදහස් (0)

අපේ උරුමය ලොවට ගෙනයන සෙංකඩගල ඇසළ මහ පෙරහර

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 331 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 72 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 196 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 376 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 84 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 64 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 307 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 441 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 947 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site