හම්බන්තොට වරාය, රුහුණු සංවර්ධන කලාපය, සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත වැනි මහත් ආන්දෝලනයට තුඩු දී ඇති දේශපාලන හා ආර්ථික කරුණු කාරණ රැසක් පිළිබඳව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග ‘ඉරිදා ලංකාදීප’ කළ සාකච්ඡාවක් මෙසේය.
ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුවේ ගෙවුණු අවුරුදු දෙක දිහා ආපහු හැරිලා බලද්දී ආණ්ඩුවේ වැඩ ගැන සතුටු වෙන්න පුළුවන්ද ඇමැතිතුමා?
පිළිතුර:- ඔව්. මේ රට බාර ගන්න කොට අතිවිශාල ආර්ථික ප්‍රශ්න රැසකට මූහුණ දෙන්න අපිට සිද්ධ වුණා. මේ ගෙවුණු අවුරුදු දෙකේ දී ඒ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය සැලසුම් හදන එක අපි කළා. විශේෂයෙන්ම මහ ණය කන්දරාවක් අපිට ගෙවන්න තියෙනවා. ඒ කියන්නෙ රුපියල් බිලියන 9500 ක් විතර. ඊට අමතරව රජයේ ශේෂ පත්‍රයේ සඳහන් වෙලා නැති තවත් රුපියල් බිලියන 1200ක විතර ණය මුදලකුත් අපිට ගෙවන්න වෙලා තියෙනවා. ණයත් ගෙවාගෙන ආර්ථික ගොඩදාන සැලැස්ම අපි හදලා ඉවරයි. අනිත් පැත්තෙන් අපි ඇතිකරලා තියෙන යහපාලනය හැමෝටම පේනවා
ප්‍රශ්නය:- මේ මහා ණය කන්දරාව ගෙවන්න රාජ්‍ය සම්පත් විකුණන ගමනක ආණ්ඩුව නිරත වෙලා ඉන්නව කියලා ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරනවා. ඒ ගැන මොකද කියන්නෙ?
පිළිතුර:- අපි කිසිම රාජ්‍ය සම්පතක් විකුණන්නෙ නෑ. අලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත් කරන එකයි අපි කරන්නෙ. විපක්‍ෂය කියනවානම් ඒක දේශද්‍රෝහී වැඩක් කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. හරිනම් ඒ අය තමයි දේශද්‍රෝහීයෝ. මොකද ගිය ආණ්ඩුවේ ඉඳලා රටේ ආර්ථිකය විනාශ කරපු නිසා. රටට සල්ලි නැතිනම් වෙන රටවලින් අයෝජකයෝ ගෙන්නලා මේ රාජ්‍ය ආයතන ගොඩගන්නෙ කොහොම ද කියන එක ගැනයි අපි සිතිය යුත්තෙ.
ප්‍රශ්නය:- කිව්ව තරමට ආයෝජකයෝ රටට ගෙන්න ගන්න පුළුවන් වුණාද?
පිළිතුර:- සැලැස්ම හදාගෙන යන නිසා මේ අවුරුද්දෙ ඉඳන් රටට ආයෝජකයෝ එනවා. හම්බන්තොට වරාය ගත්තොත් බිලියන පහක් අටක් අතර ප්‍රමාණයක ආයෝජන ඊළඟ අවුරුදු දෙක තුන ඇතුළත එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා, යූඇන්පි පක්‍ෂ දෙකේ මැති ඇමැතිවරු තරගෙට වගේ එකිනෙකාව විවේචනය කරගන්නවා. තව සමහරු ඇමැතිධුර දාලා යනව කියලා කියනවා. මේ විදියට කොහොමද ඉතිරි අවුරුදු තුනේදී ආණ්ඩුව ගෙනියන්නෙ?
පිළිතුර:- අපි බලන්නෙ ඊළඟ ඡන්දෙ දී දිනන්නෙ කවුද කියන එක නෙවෙයි. අපේ ප්‍රමුඛ අරමුණ රට සංවර්ධනය කරන එක.
ප්‍රශ්නය:- එහෙම කරන්න නම් ආණ්ඩුව ඇතුළෙ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්නෙ ඕනෑ නේද?
පිළිතුර:- අපේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වයක් කොහොමත් තියෙනවනෙ. ප්‍රධාන පක්‍ෂ දෙක වගේම පොඩි පක්ෂත් එකමුතුව වැඩ කරගෙන යනවා. ඉස්සරහටත් ඒක පවත්වාගෙන යන්න අපි කටයුතු කරනවා.
ප්‍රශ්නය:- ජනාධිපතිතුමා තවදුරටත් ඔබලත් එක්ක ඉන්නවා කියලා විශ්වාස ද?
පිළිතුර:- සම්පූර්ණයෙන්ම ඉන්නවා. ඒ මට්ටමේ කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් සමහර මැති ඇමැතිවරු තමන්ගෙ ආසනවලට ගියහම එක එක කතා කියනවා. මොකද ඒ අය ඊළඟ ඡන්දෙන් දිනන්නත් එපැයි.
ප්‍රශ්නය:- ඇමැති ඩිලාන් පෙරේරා බස්නාහිර මහ ඇමැති ඉසුර දේශප්‍රිය වැනි අය කරන ප්‍රකාශ ගැන ඔබතුමාලා ජනාධිපතිතුමාව දැනුවත් කරන්නෙ නැද්ද?
පිළිතුර:- ඒ අය කරන ප්‍රකාශ එච්චර ගණන් ගන්න ඕනෑ නෑ. මොකද අපේ අරමුණ වෙනස් නිසා. අපේ අරමුණ රට සංවර්ධනය කරන එක.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා 2015 දී පොදු අපේක්ෂකයා වෙන කොට ආපහු වතාවක් ජනාධිපතිවරණයකට තරග කරන්නෙ නෑ කියලා කිව්වා. ඒත් 2020 ජනාධිපතිවරණයට එතුමා ඉදිරිපත් වෙන බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කරලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා පළ වෙලා තියෙනවා. මේ ගැන මොකද හිතෙන්නෙ.
පිළිතුර:- මම දන්න විදියට එතුමා එහෙම කියලා නෑ. ශ්‍රී ලනිපය එහෙම තීන්දුවක් අරගෙන නෑ කියලා චන්ද්‍රිකා මැතිනිය පුවත්පත්වලට කියලා තියෙනවත් මම දැක්කා.
ප්‍රශ්නය:- මේ අවුරුද්දෙ දී ආණ්ඩුව පෙරළනවා කියලා හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒක සැලකිය යුතු කතාවක් කියලා ආණ්ඩුව කල්පනා කරනවද?
පිළිතුර:- ඕනෑ කෙනෙක්ට සිහින මවන්න අයිතියක් තියෙනවනෙ.
ප්‍රශ්නය:- හම්බන්තොට එදා ඇති වෙච්ච සිද්ධියේ දී ආණ්ඩුව කොළඹින් මැරයො ගෙනිහින් විරෝධතාකරුවන්ට පහර දුන්නා කියලා ඒකාබද්ධ විපක්‍ෂය කරන චෝදනාව ගැන ඔබ මොකක්ද කියන්නෙ?
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. අපි කොහෙන්වත් මැරයෝ ගෙනිච්චෙ නෑ. එදා වැඩ පිළිවෙළ බලන්න රටේ හැම තැනින්ම මිනිස්සු ආවා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය තමයි එතනට කඩා පැනලා මේ ප්‍රශ්නෙ ඇති කළේ.
ප්‍රශ්නය:- හම්බන්තොට වරාය චීන ලංකා හවුල් ව්‍යාපාරයක් විදියට සංවර්ධනය කරන්න මේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු කොහොම ද ඉදිරියට සිද්ධ වෙන්නෙ?
පිළිතුර:- හිටපු ජනාධිපතිතුමාම කියලා තියෙනවා මේ වරාය හදන්න ඩොලර් බිලියන 1.3 ක මුදලක් වියදම් වුණා කියලා. වරාය හැදුවෙ චයිනා හාබර් කියන සමාගම. වරායට මුළු වටිනාකමක් කියන්න කියලා අපි මේ සමාගමට කිව්වම එයාලා කිව්වෙ ඩොලර් බිලියන 1.1 යි කියලා. වරාය හදන්න ඩොලර් බිලියන 1.3 ක් ඒගොල්ලන්ට හම්බ වුණාට දැන් ඒගොල්ලො කියන විදියට වරාය වටින්නෙ ඩොලර් බිලියන 1.1 යි.
ප්‍රශ්නය:- නමුත් චයිනා හාබර් සමාගම වරායේ අයිතියෙන් සීයයට අසුවක් ඉල්ලුවෙ නෑ නේද?
පිළිතුර:- ඒක වෙනම ප්‍රශ්නයක්නෙ. ඉස්සෙල්ලා බලන්න වටිනාකම. වරාය හදන්න ලැබුණු මුදලට වඩා අඩු වටිනාකමක් තමයි මේ සමාගම දැන් හම්බන්තොට වරායට ලබා දීලා තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීතුමා කියන්නෙත් මේ සමාගමටම වරාය දෙන්න කියලා. අනිත් එක තමයි මේ චයිනා හාබර් කියන සමාගම ලෝකෙ එක වරායක්වත් මෙහෙයුම් කටයුතු කරලා නෑ. ඒත් චයිනා මර්චන්ට් කියන අනිත් කොම්පැනිය හම්බන්තොට වරායට ඩොලර් බිලියන 1.4 ක වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඒගොල්ලන්ට වරායේ කටයුතු දුන්නෙ. ඒගොල්ලො (චයිනා මර්චන්ට්) ලොව පුරා වරාය විසි අටක මෙහෙයුම් කටයුතු සිදු කරනවා.
ප්‍රශ්නය:- එහෙමයි කියලා වරායේ මෙහෙයුම් කටයුතුවලින් සියයට අසුවක කොටස් ඒ සමාගමට ලබාදීම සාධාරණ ද කියන ප්‍රශ්නය සමහරු මතු කරනවා.
පිළිතුර:- වරායට ඩොලර් බිලියන 1.4 ක මුදලක් ආයෝජනය කරනවාට අමතරව තවත් මිලියන පන්සීයයක් විතර ආයෝජනය කරන්න ඒ ගොල්ලන්ට සිද්ධ වෙනවා. ඒ වගේ වියදමත් එක්ක ලාභයක් ලබා ගන්න නම් සීයයට අසුවක කොටස් අයිතියක් තමන්ට ඕනෑ කියලා ඒ සමාගම ඉල්ලා තියෙනවා.
ප්‍රශ්නය:- එතකොට අනෙක් ලන්සුකරුවා ඒ කියන්නෙ චයිනාහාබර් සමාගම වරායේ කොටස් අයිතියෙන් කොච්චරක් ද ඉල්ලා හිටියෙ?
පිළිතුර:- ඒගොල්ලො ඉල්ලලා තියෙනවා සීයට හැටපහක්.
ප්‍රශ්නය:- ඒකට එකඟ නොවුණෙ ඇයි?
පිළිතුර:- සීයට තිස්පහකට අපි කොහොමද සල්ලි ගෙවන්නෙ. මොකද අපි දැවැන්ත ණය ප්‍රශ්නයකට මූහුණ දීලා ඉන්න රටක්. වරාය ලාභ ලබනවා නම් කාටවත් දෙන්න වුවමනාවක් නෑනෙ. වරායක් හදන කොට ඒ සඳහා ගිය වියදම ලබාගන්නත් කටයුතු කරන්න ඕනෑ.
ප්‍රශ්නය:- චයිනා මර්චන්ට් සමාගමට වරායෙ මෙහෙයුම් කටයුතු දෙන එකට වරාය ඇමැතිතුමයි වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයයි විරුද්ධ වුණා කියන්නෙ ඇත්තද?
පිළිතුර:- අර්ජුන ඇමැතිතුමා ඒකට විරුද්ධ වුණේ නෑ. එතුමා මේ ගැන අපිත් එක්ක කැබිනට් මණ්ඩලේදීත් සාකච්ඡා කළා. එතුමා බලන්නෙත් අපි මීට වඩා ලාභ ගන්නෙ කොහොමද කියලා.
ප්‍රශ්නය:- වරායේ ප්‍රශ්නෙ මෙච්චර සංකීර්ණ වුණේ ඒ ගැන ආණ්ඩුවේ ඇමැතිවරු එකිනෙකට වෙනස් ප්‍රකාශ සැරින් සැරේට කරපු නිසා කියල ද ඔබත් හිතන්නෙ?
පිළිතුර:- සමහර අයට මේ ගැන හරිහැටි කරුණු නොදන්න නිසා ප්‍රශ්නයක් වෙන්න ඇති.
ප්‍රශ්නය:- ඒ කියන්නෙ ආණ්ඩුවේ වැඩ ගැන ආණ්ඩුවේම මැතිඇමැතිවරු නොදන්න තත්ත්වයක් ද මේක?
පිළිතුර:- එහෙම වෙන්නත් පුළුවන්. මේ දේවල් ගැන හරිහැටි සන්නිවේදනයක් නොවුණු එක අපේ පැත්තෙන් වුණු වරදක්.
ප්‍රශ්නය:- වරාය බදු දෙන කාල සීමාව ගැනත් විවිධ කතා ඇසෙනවා. චයිනා හාබර් සමාගම අවුරුදු පනහක කාලයකට වරාය ඉල්ලුවා කියන්නෙ ඇත්තද?
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ සමාගම කිසිවිටෙක බදු ගන්න කාලය ගැන සඳහනක් කරලා නෑ.
ප්‍රශ්නය:- මේ ආණ්ඩුවත් එක්ක කරපු සාකච්ඡාවලදීවත් ඒ සමාගම බදු ගන්න කැමැති කාලයක් ගැන කොන්දේසි පැනවීමක් සිද්ධ කළේ නැද්ද?
පිළිතුර:- නෑ. දැම්මෙ නෑ.
ප්‍රශ්නය:- එතකොට චයිනා මර්චන්ට් සමාගමට අනූනව අවුරුදු බද්දකට වරාය දෙන්න තීන්දු වුණේ කොහොමද?
පිළිතුර:- අපි මේ සමාගමට වරායේ මෙහෙයුම් කටයුතු දෙන්න තීරණය කළේ වරායට වැඩි වටිනාකමක් ගෙවන්න එකඟ වුණු නිසා සහ වරාය මෙහෙයුම් කටයුතු පිළිබඳ ඒ සමාගමට අත්දැකීම් තියෙන නිසා. අපි ඒ අයත් එක්ක සාකච්ඡා කළහම ඒගොල්ලො කිව්වා අපි මේකට කැමතියි අනූනම අවුරුද්දකට අපිට වරාය බද්දට ඕනෑ කියලා.
ප්‍රශ්නය:- ඒ සමාගමත් එක්ක ආණ්ඩුවට අස්සන් කරපු රාමුගත ගිවිසුම අනුව තවත් අවුරුදු 99 කට මේ බදු කාලසීමාව දීර්ඝ කළ හැකි කොන්දේසියක් ඇතුළත් වෙලා තිබෙන බවත් කියවෙනවා. ඒක ඇත්තද?
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒකාබද්ධ විපක්ෂය වරාය ගැන මේ විදියෙ බොරු ප්‍රචාර හුඟක් පළ කරනවා. අවසන් ගිවිසුම අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා.
ප්‍රශ්නය:- ඔය හදාගෙන යන ගිවිසුමෙන් අපිට මොන විදියේ වාසිසහගත කොන්දේසිද ඇතිකරන්න යන්නෙ?
පිළිතුර:- එකපැත්තකින් බදු මුදල් හම්බවෙනවා. අනිත් පැත්තෙන් වරායේ කරගෙන යන සේවාවලින් ලැබෙන ආදායම තියෙනවා. ඒ වගේම වරායෙ ලාභවලින් සීයට විස්සක් ලබාගන්න අපිට පුළුවන්. ඊට අමතරව ඒ පැත්තෙ අලුත් කර්මාන්තශාලා ඇතිවෙනවා. ඒ හරහා තරුණ තරුණියන්ට රැකියා හම්බවෙනවා. විදේශ විනිමය ලැබෙනවා. ඇත්තම කිව්වොත් ඒ පළාත තව අවුරුදු දහයක් පහළොවක් ඇතුළත කොළඹ තරම්ම දියුණු වෙයි.
ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ මහත්තයා නිවේදනයක් නිකුත් කරලා චෝදනා කරනවා වරාය ආශ්‍රිත අක්කර දෙදහක නිදහස් වෙළෙඳ කලාපය පාවිච්චි නොකර අලුතින් අක්කර පහළොස්දාහක් සෙවීම තේරුමක් නැති වැඩක් කියලා.
පිළිතුර:- එයා එහෙම කලාපයක් හැදුවට එක ආයෝජකයෙක්වත් ආවද? කොළඹට වඩා විශාල පාරවල් ඒ පැත්තෙ හදලා තියෙනවා. තව පහසුකම් ඇති කරලා තියෙනවා. ඒත් එක ආයෝජකයෙක්වත් ආවෙ නෑ. එහෙම නම් මේ වරාය දවසින් දවස පාඩු ලබන කොට අපිට තවත් බලා ඉන්න බෑ. ඒ නිසයි අපි මේ තීරණය ගත්තෙ.
ප්‍රශ්නය:- අලුතින් හදන වෙළෙඳ කලාපෙට අලුත් ආයෝජකයෝ සහ කර්මාන්ත එන බවට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?
පිළිතුර:- දැනටමත් අපි ඒ ගැන සාකච්ඡා කරනවා. තෙල් පිරිපහදුවක් සිමෙන්ති කම්හල් දෙකක්, නැව් අලුත්වැඩියා කිරීමේ කර්මාන්තශාලා මේ වගේ දේවල් ගැන සාකච්ඡා කරගෙන යනවා.
ප්‍රශ්නය:- ඔය කර්මාන්ත කලාපෙට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වෙනකොට ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙන බවක් පේනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නෙට මූණ දෙන්නෙ කොහොමද?
පිළිතුර:- මුල ඉඳලම අපි කිව්වෙ අක්කර පහළොස්දාහට ගන්නෙ හම්බන්තොටින් නෙවෙයි කියලා. හම්බන්තොටින් රජයේ ඉඩම් අක්කර හාර පන්දාහක් ගන්න පුළුවන් වෙයි. මේකට ගත්ත පෞද්ගලික ඉඩම් ප්‍රමාණය සීයට පහකටත් අඩුවෙයි. සාකච්ඡා කරලා එකඟත්වයෙන් තමයි ඒ ඉඩම් ගන්නෙත්.
ප්‍රශ්නය:- ඇතැම් පිරිස් අක්කර පහළොස්දාහක් වගේ විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන්කරන එක ගැනත් ප්‍රශ්න මතු කරනවා.
පිළිතුර:- ඒක අපේ ආණ්ඩුවේ දක්ෂකම. මොකද එච්චර ආයෝජකයෝ මේ රටට ගෙන්නගන්න පුළුවන් වෙන නිසා. එහෙම අවස්ථාවක් තියෙන කොට ඇයි එපැයි කියන්නෙ. මොනරාගල, මාතර දිස්ත්‍රික්කවල ඉඩමුත් මේ වෙළෙඳ කලාපයට ගන්න පුළුවන්. අනික තමයි මේ ඉඩම් එකපාර පවර ගන්නෙත් නෑ. අදියර තුනහතරකින් තමයි මේ දේවල් කරන්නෙ. පන්සල් පුරාවිද්‍යා ස්ථාන තියෙන ඉඩම් පවරගන්න යනවා කියන කතාව අමූලික බොරු. ඒ වගේ කතා කියන තරමට ඒකාබද්ධ විපක්ෂය පහළට වැටිලා. පසුගිය ආණ්ඩුව කාලේ ගෙවල් තුන්දාහක් විතර අයින් කරලා ඉඩම් අරගෙන තියෙනවා. ඒත් ඒ මිනිස්සුන්ට වන්දි ගෙවලා තිබුණෙත් නෑ. ඒ වන්දි මුදල් ලබා දුන්නෙත් අපේ ආණ්ඩුවෙන්. රුපියල් බිලියන දෙකක් ඒ සඳහා වෙන් කළා. අපිට සමහරවිට වරාය අවටින් ගෙවල් දෙතුන් සීයක් ඉවත් කරලා ඉඩම් ගන්න අවශ්‍ය වෙයි. අපි ඒ කරන්නෙත් ඒ මිනිස්සුත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය වන්දි මුදල් හරි ගෙවල් හදලා දෙන එක හරි කළාට පස්සෙ.
ප්‍රශ්නය:- හම්බන්තොට වරාය චීන සමාගමක් එක්ක හවුල් ව්‍යවසායක් විදියට කරගෙන යනකොට කොළඹ වරායෙ එක පර්යන්තයක් ඉන්දියාවට දෙන්න යන සූදානමක් තියෙනවා කියලත් විපක්ෂය චෝදනා කරනවා. ඒක ඇත්තද?
පිළිතුර:- එහෙම ඉල්ලන්නෙ නෑනෙ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කරන්න පුළුවන්ද කියන එක ගැන අහලා තියෙනවා.
ප්‍රශ්නය:- පසුගිය දවස්වල වරාය තරමටම දැඩි කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත. ඒකෙන් ඔබත් සුපිරි ඇමැතිවරයෙකුගෙ තත්ත්වයට පත්කරලා තියෙන බවට මත පළවුණා. ඒක ඇත්තද?
පිළිතුර:- එහෙම සුපිරි ඇමැතිලා බිහිවෙන්නෙ නෑ. ඒ ගැන මගේ නම කියවිලත් නෑ. මට සුපිරි ඇමැති කෙනෙක් වෙන්න අවශ්‍යත් නෑ.
ප්‍රශ්නය:- ඔබේ අමාත්‍යාංශය යටතේ හැදෙන ආයතනයට ඒ විදියෙ බලයක් ලැබෙන්නෙ නැද්ද?
පිළිතුර:- අපේ රටට ආයෝජකයො ආවම ඒ අය තැනින් තැනට ගිහින් රස්තියාදු වෙනවනෙ. නමුත් සිංගප්පූරුව, තායිලන්තය වගේ රටවල එක තැනින් ඒ දේවල් වෙනවා. අපිත් උත්සාහ කරන්නෙ ඒ වගේ තත්ත්වයක් ලංකාවෙ ඇතිකරන්න.
ප්‍රශ්නය:- නමුත් මේ පනත් කෙටුම්පත පළාත් සභාවලදී පරාජයට පත්වුණා. පළාත් සභා බලතලවලට මේකෙන් වෙන බලපෑම් ගැනත් ඒ අතරෙ මත පළවුණා.
පිළිතුර:- පළාත් සභාවලට ඒවා අදාළත් නෑ. පළාත් සභාවල ඉඩම් ගන්නවා නම් ඒ අයත් එක්ක සාකච්ඡා කරලා පළාත් සභාවල අනුමැතිය අරගෙන තමයි ඒ දේවල් කරන්නෙ. පළාත් සභා සමග සාකච්ඡා කරලා අවශ්‍ය සංශෝධන එක්කයි අපි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ.
ප්‍රශ්නය:- පාස්කරලිංගම්, චරිත රත්වත්තෙ, මලික් සමරවික්‍රම, අගමැති රනිල් වික්‍රමසිංහ මේ කියන රෝයල් කොලේජ් කණ්ඩායමේ වුවමනා එපාකම් අනුව සියලු ආර්ථික කටයුතු සිද්ධ කෙරෙන බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා. ඔබට ඒ ගැන මොනවද කියන්න පුළුවන්?
පිළිතුර:- මම හිතන විදියට පාස්කරලිංගම් රෝයල් එකේ ඉගෙන ගත්තෙ නෑ. එයා යාපනේ ඉගෙන ගත්තෙ. චරිත රත්වත්තෙ මේ වැඩවලට කිසිසේත්ම සම්බන්ධ නෑ. අගමැතිතුමා යටතේ තියෙන ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යංශය යටතේ තමයි මේ සියලු කටයුතු වෙන්නෙ. ඒක කරන්නෙ අගමැතිතුමාගේ තනි කැමැත්තට නොවෙයි. ආර්ථික කළමනාකරණ කමිටුවෙ දී මේ හැමදෙයක් ගැනම සාකච්ඡා කළාට පස්සෙ තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නෙ. වෙනසක් කරන්න නම් අපි අලුතින් හිතන්න ඕනෑ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපි නෙවෙයි, දේශද්‍රෝහියො ඒ අයයි
යෝනක Thursday, 19 January 2017 05:18 PM
අනේ මොකටද මගේ කට! (නි)