තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු යුගයේදී රත්නමාලී චෛත්‍යයේ ධාතු නිධානෝත්සවයෙදී තූර්යවාදනය පිළිබදව සඳහන් වෙයි. දෙවනපෑතිස් රජ සමයේදී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ජම්බුද්වීපයේ සිට වැඩමකරවන අවස්ථාවේදී විවිධ කුලවර්ග 18 ක පිරිස් මෙහි පැමිණියහ. බෝධි පූජා පැවැත්විම සඳහා ගන්ධබ්බ කුලයේ වාදක පිරිස් පැමිණිබවත් ශී‍්‍ර මහා බෝධිය වැඩමවීමෙදී පංචතූර්ය වාදනය කළ බවත් සඳහන්්වෙයි. එකල පංචතූර්ය වාදනය නොතිබෙන්නට හැකි ද ?
තගළිම් රැළ බෙර තම්මැට පං තත්තිරි | ඹමුරූ |
තඹමේ ඩැක බෙර බොම්බලි වීණා මිණ | සුසිරූ |
බෙර මද්දළ කහළම් රසු කිගළම් බඳ | සොදුරූ |
මෙසියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිදු | අයුරූ |
ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත්රජ ගමනට | නික්මෙන්නේ |
පවන් සලනවිට කන්පෙති සලමින් දෑලේ මිණි නද | විහිදෙන්නෙ |
පංචතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට | පිවිසෙන්නේ |
පෙරසිට පැවතෙන ගජගා වන්නම මේලෙසමයි ලොව | පැවතෙන්නේ |
රන්සිවිගේ ඇතු පිටින් වඩින කල දෙපයේ චාමර | දිලිසෙන්නේ |
පෙම්බර දෙපසේ ඉර හඳ කොඩියද රැලි මල්දම් වට | දිලිසෙන්නේ |
පංච එතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට | නික්මෙන්නේ |
පෙර සිට පැවතෙන ගජගා වන්නම මේ ලෙසමයි ලොව | පැවතෙන්නේ |
තිලොවට උතු-ම් | වන |
මුනි දහම් මහ සඟ | ගණ |
වැඳ අත් බැඳ | මුදුන |
කියම් භේරිය උපත | කවියෙන |
රත් හඳුන් කඳ | ගෙන |
එරන් වරපටි | සමගින |
ගෝසත් මුව | සමින |
මෙසේ සාදා බෙරය | ගසමින |
එදා බුදු | මඟුලට |
රැස්වූ සුරන් | එතනට |
ගදඹ දෙවි එම | විට |
දැකුම් වැඳුමක් ගසා | මෙලෙසට |
මා මුනි | ඉසිවරා |
නෙර්ත කරනට | සපුරා |
බෙරයක් උර | දරා |
ගාන්ධර්වය තාල | ඇදුරා |
දෙකක් බෙර බැඳ | ගෙන |
දෙන්නෙක් දෙපස සිට | ගෙන |
ගී තාලන් | ලෙසින |
ගසන් දෙසවන් බිහිරි | කරමින |
එදා මරු බුදුව වැඩහිඳ බෝමුලේ විදුරාසනේ | සිට |
සදාගත් ඩඹරු තෙගව් පමණින් ගදඹ ජය ගොස පතුර | වන්නට |
පුදා මුනිඳට මිණිපහන් දිව මල්ද නානා පසඟ තුරු | කොට |
එදා එතැනදි දෙවැනි ගැසුවේ භේරි තාලම් ගදඹ | මෙලෙසට |
දන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා හා වාද | වෙන්නට |
ඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද | වන්නට |
දුන්න බැට පෙර එමූසිලයට දන්නවානම් එපා | එන්නට |
මෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට | යන්නට |
වාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැත | දැනෙන්නේ |
නාද සතරක් ඇතේ පළමුව දන්නේ නැතිවද ඔහොම | ඉන්නේ |
මූද පීනා එතර වෙන්නට මොටද ඔය වීරිය | කරන්නේ |
යෝදයා මම තමයි දෙවනුව දිත් කියා සවුදම් | ගසන්නේ |
මෙහෙම සව්දම් ගසනවා නම් දේය පණවන් සතුටු පඬු | රට |
තියනවා නම් ලොවේ විමසා ඉගෙනගන් ඔබ ගුරුන් ළඟ | සිට |
ගහනවා නම් ගසාපන් අද දෙන්න මෙතැනදි වාද | වෙන්නට |
දුවනවා නම් හෙඳයි තුන්වෙනු තොන් කියා සව්දම | ගැසූවිට |
දන්නවා නම් සු සැට සව්දම් සිංහයා සේ වෙය | සබාවට |
දෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් බලා සිටියොත් තෑග | මා හට |
සම්බුදුන් හට එදා ගදඹය ගැසුව සව්දම් මෙමා | සිහිකොට |
නන් කියන සව්දම ගසන් නෙමි නුඹේ කන් යුග බිහිරි | වන්නට |
ඇසල මස බුද | දින |
පසළොස්වකට | පැමිණෙන |
පුවසල නැකත | යෙන |
දනුව බුද හෝරාව ලත් | හෙන |
මෙලෙස හෙන | යෝගෙට |
යොදමින් නැකත් | නිසිකොට |
බෙරය ගෙන | සුරතට |
තබා මළහම් එලා | වටකොට |
අජමහස වා | වැද |
එයින් නැගුණේ සිව් | නද |
නයනු සහ දි | යනුද |
තො යනු නයනුත් මෙ සිව් | අකුරුද |
මේ ශබ්ද | සතරා |
මුලට ගෙන පෙර | ඇදුරා |
ගැසු බෙර උර | දරා |
එපද මේ සැටි දනුව | ඉඳුරා |
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේ යක් බෙරය සහ බෙර
ලලනි සජීවනී Saturday, 01 June 2013 10:49 PM
අගේ කළ යුතුයි.. තව විස්තර ලබා දෙන්න.. (නි)
ශකී Wednesday, 16 September 2020 11:10 AM
හොඳයි, ඉතින් වරදක් නැත..
Shanu Wednesday, 23 September 2020 02:15 AM
හොඳයි, තව තොරතුරු ලබාදෙන්න
manjula kumara Wednesday, 14 September 2022 03:07 PM
ඉතා අගය කළ යුතුයි. මේ ලිපිය සඳහා උපදෙස් ලබාදුන් ගුරුතුමා මේ සම්බන්ධයෙන් මනා දැනීමක් තියෙන කෙනෙක් බවයි පෙනෙන්නේ. අපිත් කැමැතියි එතුමා හඳුනාගන්න. එතුමගේ නම මොකක්ද? පුළුවන් නම් දුරකථන අංකයක් ලබාදීමට පුළුවන්ද? අපි මේ සම්බන්ධයෙන් හදාරමින් ඉන්නේ. ඉතා වටිනා ලිපියක්...