එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත වූ බවට පළවූ ප‍්‍රවෘත්තිය කනවැකුණු සැණින් අපට දැනුණේ ළෙංගතු සහෘදයකු අප හැර ගිය මොහොතක හදවතේ ගැඹුරටම දැනෙන ගැඹුරු වේදනාවය. ඔහු එපමණටම පත්තරයටත්, පත්තර කාර්යාලයටත් බොහෝ ළෙංගතු මිතුරකුව සිටියේය.
දේශපාලනඥයකු මියගිය විට ඔහු පිළිබඳව ගුණකථන ලිපියක් පළවීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙම සටහන එයින් වෙනස්වන්නකි. එයට හේතුව, මේ සටහන දේශපාලනඥයකු සම්බන්ධයෙන් නොව, පත්තරයටත් පත්තර කාර්යාලයටත් බොහෝ ළෙංගතු සහෘදයකු සම්බන්ධයෙන් ලියැවෙන හෙයිනි.
දේශපාලනඥයෝ බොහෝවිට මාධ්‍යයත් සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කරති. එහෙත් ඒ උත්සාහය ඔහු බලයට පැමිණි පසු නතර වේ. එබඳු ඇතැම් දේශපාලනඥයන් ප‍්‍රවෘත්තියකට අදාළ තොරතුරක් දැනගැනීමට හෝ දුරකථනයෙන්වත් සම්බන්ධ කරගත නොහැකිය. දොස්තර ජයලත් ජයවර්ධන වෙනස් වන්නේ එතැනදීය. ඔහු විපක්ෂයේ මන්ත‍්‍රීවරයකුව සිටියදීත් පත්තර කාර්යාලයට ආවේය. ඒ බොහෝවිට අප රෑ වැඩකරන දිනයන්හිදීය. එසේ පැමිණෙන ඔහු කර්තෘ මාණ්ඩලිකයන් සමග පමණක් නොව අපගේ කාර්යාල කාර්ය සහායකයන් සමග ද සුහද කතාබහක යෙදේ. පිටට තට්ටුවක් දමයි. අසනීපයකට ගැනීමට බෙහෙතක් ලියා දෙයි. ඔහු අපට ”දොස්තර මහත්තයාම” වූයේ එසේය.
2001-2004 ආණ්ඩු කාලයේ ඔහු ඇමතිවරයෙකි. ඇමතිවරයකු වූයේ යැයි කියා ඔහුගේ සිරිත් වෙනස් වූයේ නැත. රෑ දෙගොඩහරි ජාමයේ හෝ ඔහු දුවගෙන එන්නේය. ඒ ආරක්ෂකයන් හෝ නොමැතිවය. ඇමතිකමේ මහන්තත්වය පෙන්නුම් කිරීමේ වුවමනාවක් ඔහුට නොතිබිණි. ඇතැම් විට පෙර සතියේ ඔහු විවේචනයට ලක්කළ පුවතක් හෝ ලිපියක් පළවී තිබුණ ද ඒ පිළිබඳව වචනයක් හෝ ඔහු කතා නොකරයි. ඔහුගේ ඇසුර අපට අපේ රස්සාවට බාධාවක් නුවූයේ එහෙයිනි. ඔහු අපට අපූර්ව මිනිසකු වන්නේ ද එහෙයිනි.
මැදියම් රැයේ වුවද ඔහුව සම්බන්ධකර ගත හැකිය. මාධ්‍යවේදියකුට වෛද්‍ය ප‍්‍රතිකාරයක් අවශ්‍ය වුවහොත් තරාතිරම් හෝ පක්ෂ පාට භේදයක් නොතකා ඔහු එය තමන්ගේ වැඩක් බවට පෙරළාගෙන ක‍්‍රියාත්මක වෙයි. අදාළ ස්ථානවලට කතා කර ”අනේ අපේ පත්තර මිත‍්‍රයෙක් එනවා. අවශ්‍ය දේවල් කරන්න” ඔහු ක‍්‍රියාත්මක වන්නේ එහෙයිනි.
හදිසියේ දිවි ගමනෙන් සමුගෙන තිබෙන්නේ ඔහුය. බලයේ සිටියදීත් විපක්ෂයේ සිටියදීත් නොවෙනස්ව කටයුතු කිරීම වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් වෙතින් පළ නොවන දුර්ලභ ගුණයකි. ඇමති ධුරය දරන සමයේදීත් පත්තර කන්තෝරුවලට ගොඩවැදී දුක සැප විමසා ගිය එකම ඇමැතිවරයා ඔහු විය හැකිය. පත්තර ජීවිතයේ මට ඔහු කිසිදා අමතකව නොයන දේශපාලන චරිතයක් බවට පත්වන්නේ එම පසුබිම තුළය.
ඔහු උපතින් කතෝලික බැතිමතෙකි. එහෙත් ඔහු කිසි විටෙකත් පටු ආගම්වාදී ගොහොරුවේ නොගිලූනේය. ඔහු භික්ෂූන් වහන්සේලා සමග ඉතා සමීප සබඳතාවක් පැවැත්වීය. ඇතැම්විට ඔහු බෞද්ධයකු යැයි වරදවා වටහා ගැනීමට පෙළඹෙන තරමට ඔහු පන්සල ළඟින් ඇසුරු කළේය. එමෙන්ම ඔහු නිර්දය විවේචනවලට ලක්වූ අවස්ථා ද විය. එහෙත් කිසිවිටෙකත් ඔහු සැලූනේ නැත. ”දේශපාලනය කරනවා නම් ඕවා දරාගන්න වෙනවා” ඔහු නිතරම කීවේය. එබඳු දේශපාලනඥයන් ද අද හිඟය.
ජයලත් ජයවර්ධන නමැති දේශපාලනඥයා අකල්හි දිවි ගමනින් සමුගැනීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය තුළ මහා හිඩැසක් නිර්මාණය වන්නේ එහෙයිනි. එහෙත් මරණය වෙනස් කළ නොහැකිය. ඇරැයුම ලැබුණු කල්හි ඒ ගමන යා යුතුය. ඔහු අද ගියේ ඒ ගමනය.
ඔබට සුවබර රාත‍්‍රියක්!
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපෙන් සමුගන්නා පත්තර මිතුරා
සදුනි Monday, 03 June 2013 04:50 PM
කෙනෙකු මිය ගියපසු වැරදි සෙවීම ශ්‍රී ලාංකීය අපට තරම් නොවේ. ඔබට මොක්සුව....! (නි)
චූලා Monday, 03 June 2013 01:42 PM
කට්ටිය කියන විදිහට ඔබ හොද මනුස්සයෙක් වෙන්න ඇති. කොටි ගැනත් ඔබ ශ්‍රද්දවෙන්ම හිතන්න ඇති ඒ කලේ.නමුත් කොටි නම් එහෙම අපි ගැන හිතුවේ නැහැ. (ස)
ශීලා Monday, 03 June 2013 01:40 PM
ඒ කාලේ ඔබතුමාට කට්ටිය කිවුවේ කොහොමද? දැන් කොහොමද කට්ටියගේ කතාව.... (නි)
සේන Monday, 03 June 2013 01:40 PM
මට තියන ප්‍රශ්නේ ඇයි ඔබ කොටින්ට ආවඩා නම සවුත්තු කර ගත්තේ කියා.(නදී)
ලසන්ත Monday, 03 June 2013 01:44 PM
ඔබට නිවන් සුව ! (ස)
රාජිත Tuesday, 04 June 2013 09:41 AM
සදුනි මෙහෙමයි.... මනුස්සයෙක් මැරුණාට පස්සේ වැරදි සෙවීම නවත්වන්න (දී)
පද්මිණි Monday, 03 June 2013 01:54 PM
මාධ්‍යට ගොඩාක් සම්භාන්ධයි මෙතුමා (දී)
නලින් Thursday, 06 June 2013 07:45 PM
දේශපාලනය කියන්නේ ජාතිභේදය ආගම්භේදය නැති කෙනෙක් වෙන්න ඕනේ යහපත් දේ යහපත්.(නදී)
සාගර Tuesday, 04 June 2013 10:45 AM
ඔබට නිවන් සුව ලැබේවා
සිංහ Tuesday, 04 June 2013 10:45 AM
ලංකාවේ දේශපාලනයට වුන ලොකු පාඩුවක් (දී)
උමේෂ් Thursday, 06 June 2013 08:27 PM
ඔබ සැමදා අමරණීයයි. ඔබ මිනිසත්කමින් පොහොසත් පුද්ගලයකි. (නි)
චන්දික Tuesday, 04 June 2013 02:21 AM
කනගාටුයි . ඔබට නිවන් සුව