2012 සැප්තැම්බර් 09 | ප.ව. 01:58
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
එල්ලූම් ගස කි‍්‍රයාත්මක කිරීමට තිබූ ප‍්‍රධානම බාධකය වූයේ, අලූගෝසු තනතුර පුරප්පාඩු වීමයි. දැන් ඒ බාධකය මග හරවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ. වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර දෙකේ මෙතෙක් පැවැති අලූගෝසු තනතුරු දෙක සඳහා පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට සියල්ල සූදානම්ය. එල්ලා මැරීම සඳහා භාවිත කරන අඩි 30ක් දිග අඟලක ඝනකම ඇති විශේෂිත වර්ගයේ කඹ දෙකක් පාකිස්ථානයෙන් ආනයනය කර ඇත.
මීට අමතරව එල්ලූම් ගසද පිළිසකර කර ඇත. දැන් එල්ලූම්ගස සූදානම්ය. එල්ලා මැරීම කි‍්‍රයාත්මක කිරීමට බාධා නැත.
දැන් මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම යළි අත්හිටුවා ඇත. එහෙත් රටේ අපරාධ ප‍්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතී. මිනීමැරුම්, මත්කුඩු ආදී වශයෙන් රටේ ජනතාවට හානිකර ලෙස හැසිරී අධිකරණයෙන් මරණ දඬුවම නියම වූවන්ට, එම දඬුවම කි‍්‍රයාත්මක නොවීම නිසා රටේ අපරාධ එන්න එන්නම වැඩිවෙන තත්ත්වයක් පවතී.
මේ වනවිට මරණ දඬුවම නියමවී සිටින 357 දෙනෙක් බන්ධනාගාරවල සිටිති. මොවුන්ට මරණ දඬුවම හෝ පොදු සමාව ලබාදීම සඳහා ද යෝජනා ඉදිරිපත්වී ඇතත්, මෙතෙක් පැහැදිලි තීන්දුවකට එළඹී නැති තත්ත්වයක් පවතී.
මරණ දඬුවම හිමිවූ පුද්ගලයාගේ යහපත් කල් කි‍්‍රයාව මත ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම බවට පත් වෙයි. වසර 20ක කාලයේ ඔහුගේ කල්කි‍්‍රයාව හා එවැනි අයට නීතිය ලිහිල් වීමත් සමග දඬුවම ඉවත් වන අවස්ථාවන් ඇති බවද වාර්තා වේ.
මෙහිදී පුද්ගලයකුගේ ජීවිතය බේරීම පිළිබඳව කිසිදු විරෝධයක් නොදක්වමු. එහෙත් වැරැද්දට දඬුවම නොමැති කමින්, තව තවත් පුද්ගලයන් වැරදි කිරීමට පෙළඹීම බරපතල සමාජ ප‍්‍රශ්නයකි. එබැවින් මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතු බව අද පොදු සමාජ මතයක් වී ඇත.
මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතුද. අප ඒ පිළිබඳව කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මියගෙන් විමසුවෙමි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය වසන්තා සුබසිංහ
|
නීති විරෝධි හා සමාජ විරෝධි හැසිරීම පාලනය කිරීම සඳහා දඬුවම කි‍්‍රයාත්මක කරනු ලබයි. රටේ බලවත් අපරාධ ප‍්‍රධාන වශයෙන් දෙකකට වෙන් කළ හැකිය. එනම් සංවිධානාත්මක අපරාධ හා ක්‍ෂණික අපරාධ වශයෙනි. වෘත්තීය අපරාධ, මහා පරිමාණ ව්‍යාපාරිකයන් කරන අපරාධ, පාතාල කල්ලිවලින් සිදුවන අපරාධ, සංවිධානාත්මක අපරාධ ඝනයට අයත් වේ. සුදු කරපටි අපරාධ වශයෙන්ද මේවායේ ඇතැම් අපරාධ හඳුන්වයි.
දෙවැන්න ක්ෂණික අපරාධයි. ක්ෂණිකව, ආවේගශීලීව සිදුවන අපරාධ මේ වර්ගයට අයත් වෙයි. අද අපේ රටේ සිදු කෙරෙන වරදේ බරපතලකම පිළිබඳව දැනීමක් ඇති නොවන තත්ත්වයක් ඇත. වරද එක් පුද්ගලයකුට මුදා හැරියත් එහි පිරිහීම සමස්ත සමාජයටම මුදා හැරේ. දඬුවමේ ස්වභාවය පුද්ගල වැරදි පාලනයට ප‍්‍රමාණවත් නොමැති තත්ත්වයක් පවතී. දඬුවම ජනතාවට නිසි පරිදි නොදැනෙන නිසා වැරදි කිරීමට පෙළඹීමත්, වැරදි සිදු කිරීමත් වෙයි.
ඇපදීම, සිරගත කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම අපරාධ මැඩලීමට ප‍්‍රමාණවත් නොවෙන තත්ත්වයක් පවතී. මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව කතිකාවතක් තිබුණත් එය කි‍්‍රයාත්මක වී නැත. දඬුවම කි‍්‍රයාත්මක විය යුත්තේ වැරදිකරුවන්ට දඬුවමක් වශයෙන් හා වැරැද්දට ජනතාව තුළ බිය ඇති කිරීමයි.
විශ‍්‍රාමික පොලිස් අධිකාරි නිමල් රත්නායක
|
ඉන්දියාවේ මුම්බායි නගරයේ ස්ත‍්‍රී දුෂණ ඉහළ ගිය කාලයක් පැවැතිණි. පොලිසියටත් එය නතර කළ නොහැකි විය. එවිට ජනාධිපති අබ්දුල් කලාම් ස්ත‍්‍රී දුෂකයන්ට මරණ දඬුවම පැමිණවීමේ දැඩි තීරණයට එළඹී සිටියේය. ඒ අනුව ස්ත‍්‍රී දුෂණය පිළිබඳව වරදකරුවන් දෙදෙනකුට මරණ දඬුවම ලබා දුනි. ඒ කාලයේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම සඳහා අලූගෝසුවකු නොසිටි නිසා විශ‍්‍රාම ලබා සිටි මුස්ලිම් ජාතික අලූගෝසුවකු කැඳවා මරණ දඬුවම කි‍්‍රයාත්මක කළා. එම සිදුවීමෙන් පසු මුම්බායි නගරයේ ස්ත‍්‍රී දුෂණ අඩුවී තිබුණා.
අපේ රටේ සිදුවන මිනීමැරුම් හා අපරාධ ප‍්‍රමාණයෙන් ඉහළ යමින් පවතින්නේ දඬුවම පිළිබඳ බියක් නොමැති නිසයි. මරණ දඬුවම ලබාදීම පිළිබඳව ආගමික විරෝධයක් ඇතිවිය නොහැකියි. මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් උත්සව කාලයේ දී ගියවර පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරුණා. මෙවර පියා තම පුතා ඝාතනය කර තිබුණා. ඝාතන සිදුවීමට ආගමික වශයෙන් විශේෂ වැදගත්කමක් ඇති කාලවල බලපෑමක් නැහැ. එබැවින් මේ රටේ අපරාධ මර්දනය කිරීමට නම් මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතුයි.
2009/2010 වර්ෂවලදී ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ 40 දෙනකුගේ පාපෝච්ඡුාරණ සටහන් කළා. එයින් 16 දෙනෙක්ම දේශපාලන ඝාතන හා මිනීමැරුම් කළ අය. ඔවුන්ට මිනීමැරුම් චෝදනා කළේ නැහැ. ත‍්‍රස්තවාදී පනත යටතේ ඔවුන්ට චෝදනා ඉදිරිපත් කළා පමණයි.
ඝාතකයන්ට, දරුවන් අපයෝජනය කරන්නන්ට, ස්ත‍්‍රී දුෂකයන්ට, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට මරණ දඬුවම ලබාදීම අවශ්‍යවෙයි. මේ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් අපරාධ අඩුවනු නොඅනුමානයි.
ව්‍යාපාරික නිහාල් එදිරිසූරිය
|
රටේ සිදුවන අපරාධ රැල්ල අනුව මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතුමයි. නමුත් ඒ සැබෑ අපරාධකරුවන් සඳහා විය යුතුයි. අද බොහෝ විට සිදුවන්නේ සැබෑ වැරදිකරුවන් නීතියට හසු නොවීමයි. බලපුළුවන්කාරයන් බොහෝ විට අසරණයන් බිල්ලට දෙන අවස්ථා ඇති බව නොරහසක්. එබැවින් සැබෑ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතුයි.
අද දිනපතා පුවත්පතක් කියවීමේදී මිනිස් ඝාතන අඩුම වශයෙන් තුන හතරක් සිදුවන වාර්තා දක්නට ලැබෙයි. මරණ දඬුවම කි‍්‍රයාත්මක වන්නේ නම් පුද්ගලයන් වැරදි කිරීමට බියක් ඇති කර ගනී. අපරාධ අඩුවීමට එය හේතුවක් වනු ඇත.
මැද පෙරදිග යන අපේ ජනතාව ඒ රටේදී වැරදිකරුවන් වන්නේ ඉතාම අඩුවෙනි. එයට හේතුව ඒ රටේ වැරදිවලට දෙන දඬුවම් බොහොම බරපතලයි. මේ රටේදි අධික ලෙස මත්පැන් පාවිච්චි කරන අය මැදපෙරදිග ගිය විට, ඒ රටේ නීතියෙන්ම මත්පැන් පාවිච්චිය නතර කරනවා. ඒ දඬුවමට ඇති බිය නිසයි.
නමුත් මේ රටේ නීතිය පිළිබඳව ජනතාව තුළ බියක් සැකයක් නැහැ. හොඳම උදාහරණය රේගු අධිකාරිවරයකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ චූදිතයන් උසාවියෙන් පිටතට ආවේ සිනාසෙමින්. එයට හේතුව ඔවුන් තුළ දඬුවම පිළිබඳව බියක් නොවීමයි. දඬුවමට බිය නම් වැරදිකරනවා අඩුයි. අපේ රටේ අද අපරාධ වැඩියි. දරුණු අපරාධකරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් දරුණු අපරාධ කිරීමේ පාලනයක් ඇතිවෙනවා.
දයාසීලි ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙයිද. මම නම් හිතන්නේ නැහැ (දී)
කළ යුතුම දෙයක් වගේම කවදාවත්ම සිද්ධ වෙන දෙයකුත් නෙමෙයි. (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා නම් පඩි නැතුව අළුගෝසු වැඩේ කරන්න මම සූදානම්. (නි)
ඵල්ලුම් ගහ ඉක්මනින් පටන්ගන්න. මම පඩි නැතිව ඵනවා. මුන්ටික ඵල්ලන්න. (නි)
පළමුවෙන්ම උසාවියෙන් මරණීය දඩුවමකට නියම කරන නෙකෙකුට සමාවදීමට රජ්‍ය නායකයාට තියෙන බලය අහෝසි කළ යුතුයි.. සමාව දීමට බලය දිය යුත්තේ අගතියට පත්වූ අයගේ ළගම ඥාතියෙකුට පමණයි. සෞදි අරාබියේ දි මරණ දඩුවමට නියමවූ රිසානාට නිදහස දීමට සෞදි රජතුමාටවත් බලයක් නොමැත. ඒ අයුරින් මේ රටේද මරණීය දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි..!!(නු)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවෙකු නැති බව කීම අමූලික බොරුවක්. ඔතන ප්‍රශ්නය තියෙන්නෙ උසාවියේදී නඩුකාර උන්නාන්සෙ තීන්දු කරන මරණ දඬුවම අවසානයට යන්නෙ ඉන්න ජනාධිපති ගාවට. අපේ ජනධිපතිවරු කිසි කෙනෙක් කැමතිවෙන්නෙ නැහැ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ඕක කවදාවත් සිද්දවෙන්නෙ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නෙ මරණ දඬුවම නියම කරන නඩුකාර උන්නාන්සෙම ඒ මොහොතෙම අවසන් තීන්දුවට අත්සන් කිරීමට හැකිවන ලෙස ව්‍යස්ථාව වෙනස් කිරීමයි. (නි)
අජිත් මහතාණෙනි, මමත් ඔබ සමග එක්වීමට කැමැත්තෙමි. (නි)
ජීවා, ඔයාගේ අදහස හරියටම හරි වුණත්, එහෙම වුණත් ගොඩක් කට්ටියට වැඩ වරදිනවා. (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කලයුතුයි,දැනට එල්ලන්න ඉන්න අපරදකාරයෝ එක එක්කෙනා එල්ලෙනකොට රටේ අනිත් වැරදි කරන අය ඉබේම අඩුවේ..ජීවා,ඔයාගේ අදහස හරි.නැතිනම් ප්‍රධාන අපරාදකාරයෝ නීතියෙන් සැහැල්ලුවට පැනයනවා.......(ස)
සිද්ධ වෙන අපරාධ දිහා බලන් ඉන්න දුකයි. ඉක්මනට අපරාධකරුවන් එල්ලන්න..පවක් වෙන්නේ නෑ පිනක් මිසක්.. (ස)
එල්ලුම් ගහ ක්‍රියාක්මක කල යුතුමයි iiiiiiii (දී)
මමත් මේ බඩුමිල දැකලා එල්ලෙන්න තමයි හිතාගෙන ඉන්නෙ..!!(නු)
මමත් කැමතියි අලුගෝසු තනතුර භාරගන්න..!(නු)
ගෙන්න කියන කට්ටියම ඉස්සෙල්ල එල්ලිලා බලන්න (දී)
ඉන්නවා එල්ලන්න ඕන කිප දෙනෙක්ම. සැප විද විද ගෙවල්වල තවම..!!(නු)
නඩුකාරයා තීන්දුව දෙන මොහොතෙම දිනෙත් දෙනවා නම් ප්‍රශ්නෙ ඉවරයි. සුමනාගෙ කතාව ඇත්ත. (නි)
ළමා අපයෝජකයන් හා ස්ත්‍රී දූෂකයන් එල්ලා මැරිය යුත්තේ කාන්තා අලුගෝසුවකු විසිනුයි. (නි)
මමනම් කැමතියි. ඔයගොල්ලෝ මොකද හිතන්නේ (දී)
මොකෙක් හරි කමක් නෑ එල්ලලා බලන්න.රටේ අපරාධ අඩුවෙනවා සිකුරුයි. (ස)
ජනාධිපතිතුමනි, මෙය ක්‍රියාත්මක කරන්න. ඔබට පවක් නැත. රටට හොදක් වනු ඇත. (නි)
රටේ සාමය ඇති කිරීමට නම් මෙවැනි දෑ කළයුතුයි (නි)
මෙය ඒකමතිකව ක්‍රියාත්මක කළ යුතුයි (අ)
තව කල්දාන්න එපා. වැඩේ පටන්ගමු .සුභ අනාගතයක්...(ස)
මම නම් කියන්නේ හා කියන අය ඉස්සෙල්ල එල්ලන්න ඕනේ (දී)
යන්නේ කොහේද මල්ලේ පොල් වගෙයිනේ. (නි)
අනේ හර්ෂණ මහත්තයෝ මෝඩ කතා කියන්න එපා. එල්ලුම් ගහට යවන්නේ බරපතල අපරාද කාරයෝනේ..(ස)
අන්න හොද වැඩක්
එල්ලුම් ගහනන් ක්‍රියාත්මක කරන්න ඕනෙ. අපරාද ටිකක්හරි අඩුවෙනව ස්ථිරයි (දී)
හොද තීරණයක් (දී)
මමනම් එකගයි වැඩේට (දී)
ඕකෙන් පුළුවන් වෙයිද (දී)
රට එක්සේසත් කළ ලෙසම මේ වැඩේටත් බලධාරියෙක් පත් කරලා එය ක්‍රියාත්මක කරන්න. ඔබට චිරං ජයතු! (නි)
මම හිතන්නේ හර්ෂණගේ කවුරු හරි මරණ දඩුවමට නියම වෙලා ඇති. නැත්නම් එයා මොකද එහෙම කියන්නේ.. (ස)
එල්ලුම් ගහ ගෙනාවා කියලා අපරාධ අඩු වෙන්නේ නැහැ. මිනිසුන් මානසිකව තැන්පත් වීමයි විය යුත්තේ. (නි)