මේක කොන්ද පණ නැති ආණ්ඩුවක්, ශ්‍රී ලාංකිකයන් සිතනු ඇත්තේ එලෙසය.
නමුත් මෙම වදන් ජන රැලියකදී, උද්වේගකර විපක්ෂ දේශපාලඥයකුගේ මුවින් නික්මුනක් නොවේ. ඒවා වාතලයට මුසුවූයේ සභාග රජයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයකු වන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මුවිනි.
පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු කළ මෙම ප්‍රකාශය, බලයට පත්ව වසර තුනහමාරක අවෑමෙන් රජයේ අමාත්‍යවරුන් තමතමන් බැදී සිටින සාමූහික වගකීම නොසළකා හරිමින්, ඔවුනොවුන්ම රජයක් ලෙස පෙනී සිටින බවට වන යථාර්ථය පැහැදිලි කළේ ය.
දින කිහිපයකට පෙර රජයේ ගැටළු විසදීමේ බර කරට ගෙන සිටියේ විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම සහ සෞඛ්‍ය අමාත්‍ය හා රජයේ නිල කැබිනට් ප්‍රකාශක වන රාජිත සේනාරත්න අමාත්‍යවරුන්ය. දින දෙකක වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කිරීමට දුම්රිය රියදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් සහ පාලකයින් සූදානමින් සිටි අතර, දුන් පොරොන්දු ප්‍රකාරව මාස 3 කට ආසන්න කාලයක් ප්‍රමාදව තිබෙන තම වැටුප් විෂමතා නිවැරදි කරන්නැයි ඔවුන්ගේ ඉල්ලීම විය.
වැඩ වර්ජනය සදුදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ වීමට නියමිත විය. එය එසේ ක්‍රියාත්මක වූයේ නම් දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම අඩාළ වීමටත්, තම ගමන් පහසුව සළසා ගැනීමට දුම්රියේ සේවය ලබාගන්නා බහුතරයක් වන රාජ්‍ය සේවකයින්ගේ කටයුතුවලට බාධා පැමිණීමටත ඉඩ තිබිණ.
මේ නිසා අමාත්‍යවරු දෙපළ දුම්රිය සේවයේ ක්‍රියාත්මක වෘත්තිය සමිති 4 හි නියෝජිතයන් හමුවූහ. වැඩවර්ජනයක් වළක්වා ගැනීමට තිබූ වුවමනාවෙන් මෙහෙයවුනු දෙපළ, දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් එළැඹෙන දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව සහතික කළහ. පැය 48ක දුම්රිය වර්ජනය අහෝසි කෙරිණ.
වැටුප් විෂමතා නිවැරදි කිරීමේ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අමාත්‍ය අමුණුගම කටයුතු කළේය. කෙටියෙන් කියතොත්, එම පත්‍රිකාවේ යෝජනා ප්‍රකාරව කටයුතු කිරීම යනු රජයේ වැයට තවත් අමතර බරක් එකතු වීමය. මේ යෝජනාව හමුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතිශයින් කෝපයට පත්විය.
මෙවන් ඉල්ලීම් වසංගතයක් මෙන් පැතිරෙමින් තිබෙන බව කියා සිටි ඔහු, වර්ජනයක් කරන බවට වෘත්තිය සමිති තර්ජනය කරන සෑම අවස්ථාවකම රජය ඔවුන් හමුවේ දණ නැමීමට යන්නේදැයි විමසුවේය.
රටේ අනෙක් වෘත්තිය සමිතිද ඉල්ලා සිටින පරිදි සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තරම් මුල්‍ය ශක්තියක් රජය සතුවේ ද?, එය කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
සෘජු තීරණයක් ගැනීමට හැකියාවක් නැතැයි, නැතිනම් ඔහුගේම වචනවලින් - “රජයට කොන්දක් නැතැයි” අමාත්‍යවරයා කියා සිටියේ ඒ නිසාය. ඔහුගේ ප්‍රකාශයේ ගැබ් වී තිබෙන අරුත බලවත්ය. විපක්ෂ දේශපාලන පක්ෂ සහ රටේ බහුතර ජනතාවද වර්තමානයේ රජය අරබයා දරමින් සිටින්නේ එම මතයමය.
නිවැරදි දෙය කිරීමට පවා බලධරයින් අදිමදි කරන බව නොරහසකි. සිරගතව සිටිය දී පවා මත්කුඩු ජාවාරම මෙහෙයවන ඇතැමුන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නිල වශයෙන්ම තීරණයක් ගෙන තිබෙතත්, එය කෙසේ ක්‍රියාත්මක කිරීමට හැකිදැයි යන්න සම්බන්ධයෙන් කිසිවෙකුගේවත් අවධානය යොමුව නොමැත.
ප්‍රධාන බාධකය වන්නේ සිරගෙදරවල සිදුවන මහා පරිමාන දූෂණ හා වංචා කටයුතු නොවේද?,
සිරකරුවකු නිදහස් කිරීම හැරෙන්නට, මුදල් තිබේනම් කෙනෙකුට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගැනීමට සිරගෙදර දොරටු විවෘතව තිබෙන බව රහසක් නොවේ.
මත්කුඩු බෙදා හැරෙන අතරේ නිදහසේ ජංගම දුරකතන භාවිතයද සිදුවේ. සිරකරුවන් වෙනුවෙන් විශේෂයෙන් පිසින ලද ආහාර හොර රහසේම ඔවුන් වෙත ගෙන එන අතරේ මත්පැන්ද බෙදා හැරේ. මත්කුඩු ජාවාරමට එහි අඩුපඩු මෙසේ නිදහසේ දිගහැරීමට අවකාශය සැළසී තිබෙන්නේ පොලිසියේ සහ වෙනත් ආයතනවල පවතින ඉවවහා ගිය දූෂණය සහ වංචාව නිසාය.
මරණ දණ්ඩනයට නියමව සිටින සිරකරුවකුට එරෙහිව එම දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් ඵලක් නොවනු ඇත. පසමිතුරු දේශපාලන පක්ෂයක සබඳතාවක් හෝ ගැවීමක් නොමැති නම් වංචා හා දූෂණවලට එරෙහිව පියවර ගැනීම රජයට ආසාත්මිකතාවක් ඇති බවක් බදු බව පෙනෙන්නට ඇත. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ මැතිවරණ ළග ළගම එමින් තිබෙන බැවිනි.
රජයේ මෙම උකටලී ප්‍රතිපත්තිය සෑම සතියකම පාහේ කොළඹ පැවැත්වෙන වෘත්තිය සමිත් සහ ශිෂ්‍ය විරෝධතාවන්ගෙන් හමුවේද වඩවඩාත් පිළිබිඹු වේ.
නිහඩව සිටීමෙන් රජය ලබාදීමට උත්සාහ කරන පණිවුඩය වන්නේ විරෝධතා යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අත්‍යාවශ්‍ය කොටසක් බවය. නමුත් රජයට ඉතාම වැදගත් කාරණයක් අමතකව ඇත.
සමස්ථ ජනතාවම ආවරණය වන පරිදි, සමස්ථ ජනතාව වෙනුවෙන්, සමස්ථ ජනතාවම ස්වයංවම සිදුකරන ආණ්ඩුකිරීම ප්‍රජාතන්ත්‍රවාදය යැයි හිටපු ඇමරිකා ජනපති ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ ගෙටිස්බර්ග් දේශනයේ දී සදහන් කළේය. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ වෙනකකි.
බහුතරයක් ජනතාව ඉතාම බරපතල ලෙස අපහසුතාවට පත් කැරෙන අතර, මාර්ග අවහිරවීමෙන් ඉතාම දරුණු රථවාහන තදබදයන් ඇතිවේ. බස් සේවාවලට ක්‍රියාත්මක වීමට නොහැකි වේ. හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා, ජනතාව පත්වන අපහසුතාවයන් සැළකිල්ලට ගෙන විරෝධතා පැවැත්වීම වෙනුවෙන් වෙනම ස්ථානයක් වෙන්කරදීමට තීරණය කර තිබෙන බව එදා ආඩම්බරයෙන් කියා සිටියද, එවැනි සරල දෙයක් පවා ඉටුකරදීමට රජයට නොහැකිව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය නම් මේ යැයි පෙන්වාදීමේ මුලාවෙන් අන්ධව සිටින රජය, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වන බහුතර ජනතාවගේ සුභසිද්ධිය නොසළකා හැර තිබේ. එය එසේ සිදුව තිබෙන්නේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා පැමිණවෙන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීමේ සමත් අයකු නොමැති නිසා ද?
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් රජයේ නායකයින් සුරපුරයක් මවා පෙන්වූව ද, තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. මුල්‍ය යෙදවීමක් සම්බන්ධයෙන් ගැනෙන සැළැස්මකින් බැහැර තීරණවලට මුදල් අමාත්‍යවරයා දැඩිවම විරෝධය දක්වා සිටියේ ඒ නිසාය. එසේවුවද, ඉදිරියේ එන අයවැය, ජනතාවට උදාහිරු රැස් දහරක් පෙන්වන පරිදි සකස් කරන ලෙස ඔහු මහා භාණ්ඩාගාරයේ නිලධරයින්ට උපදෙස් දී ඇත. මෙතැනදීද, රජයේ අවධානය ජනතාව වෙත නොව, ඉදිරියේ එන මැතිවරණවලටය.
පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සමරවීර මහතා දැඩි පිළිවෙතක පිහිටා අදහස් දක්වනු දැකගත හැකිවිය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා චෝදනාවක් කරමින්, අනුමැතිය ලබාගැනීම සදහා 2015 - 2016 අතර කාලයේ තමා යෝජනා 48 ක් ඉදිරිපත් කර තිබෙන බවත්, එම යෝජනා බාහිර සම්පත් අංශයේ සහ භාණ්ඩාගාරයේ සිටින නිලධරයින් ප්‍රමාද කරමින් සිටින බවත් කීවේය.
වසර 3ක් ගතව ඇතත් එම යෝජනා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවසූ ඔහු, භාණ්ඩාගාරයේ නිලධරයින්ව ඉතාම දැඩිව විවේචනය කළේ ය.
මෙහිදී මුදල් අමාත්‍යවරයාද බරපතල අනාවරණයක් කළේය.
එම සියල්ල ජනතාවගේ දැනගැනීම සදහා ප්‍රසිද්ධියට පත්කර නොමැති යෝජනා බව කියා සිටි ඔහු, එවන් යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නොහැකි බව අවධාරණය කළේය. ප්‍රසිද්ධියට පත්කර නොමැති යෝජනාවලට අනුමැතිය ලබාගැනීමට සේනාරත්න අමාත්‍යවරයා උත්සාහ කිරීම අනපේක්ෂිත දෙයක් වන අතර, ප්‍රසිද්ධියට පත්කර නොමැති කැබිනට් යෝජනා යනු බොහෝ අවස්ථාවන්වල දී රජයෙන් නොව පිටස්තර පාර්ශවයන්ගෙන් ඉදිරිපත් වන යෝජනා නිසාම එය වඩාත් විශේෂය.
අති විශාල කොමිස් මුදල් එවැනි යෝජනා සමග ඈඳී තිබෙන බවද රහසක් නොවේ. ප්‍රසිද්ධියට පත් කිරීමකින් තොරව යෝජනා ක්‍රියාත්මක කර ඇතැයි පසුගිය රාජපක්ෂ රජය දැඩිව විවේචනය කළ පුද්ගලයකු වූයේද සේනාරත්නය. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, එසේ ප්‍රසිද්ධියට පත් නොකෙරුනු යෝජනායැයි ඔහු චෝදනා කළේ ය.
තම අදහස නම්, ප්‍රසිද්ධියට පත්කර නොමැති යෝජනා කිසිවකටවත් අනුමැතිය නොදීම බව යැයි මුදල් අමාත්‍යවරයා තරයේම අවධාරණය කළේය. එවන් යෝජනා කොපමණ ප්‍රමාණයකට මේ වන විට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව තිබෙන්නේදැයි සේනාරත්න මහතා විමසූ විට, ඒ කිසිවකටවත් අනුමැතිය දී නොමැති බව සමරවීර පැවසුවේය.
මුදල් අමාත්‍යංශයේ නිලධරයින් අරබයා සිදුකළ විවේචනයට කෝපාන්විතව පිළිතුරු දුන් අමාත්‍යවරයා,
“මගේ වසර 30ක දේශපාලන දිවියේ මා කටයුතු කළ හොදම රාජ්‍ය නිලධරයින් වන්නේ ඔවුන්,“ යැයි කීවේය.
මෙම අවස්ථාවේ දී කැබිනට් අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවූයේ ප්‍රසිද්ධියට නොකෙරනු කැබිනට් යෝජනා විමසුමට ලක්කිරීම සදහා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමක දී පත්කරන ලද පංච පුද්ගල සාමාජික කමිටුව වෙතටය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුවේ ප්‍රධානියා විය.
ප්‍රසිද්ධියට පත්කර නොමැති යෝජනා විමසුමට ලක්කිරීම අරබයා එම කමිටුව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව මෙහිදී අනාවරණය වූ නමුත් එම වාර්තාව අත්සන් තබා තිබුනේ අගමැතිවරයා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පමණකි. මෙය දැන අතිශය කෝපයට පත්වූ අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා, කමිටුව හමුවූ අවස්ථා සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් තමාට සිදුනොකෙරනු බව පැවසුවේය.
අගමැතිවරයාගේ ප්‍රධානත්වය යටතේ ක්‍රියාත්මකව, දැනට විසුරුවා හැර තිබෙන ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ දී, ප්‍රසිද්ධියට පත් නොකෙරනු යෝජනා බොහෝමයකට අනුමැතිය ලබාගැනීමට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කටයුතු කර තිබෙන බව මේ වන විට පැහැදිලිවම අනාවරණයව තිබේ. එවන් යෝජනාවලට අනුමැතිය නොදෙන බවට මුදල් අමාත්‍යවරයා දැරූ ස්ථාවරය කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන්ගේද ප්‍රශ්න කිරීමට ලක්විය.
“අඩුම තරමින් ඒ වගේ යෝජනා දෙකක් ගැන මට කියන්න පුලුවන්. එකක් තමයි බම්බලපිටිය නිවාස සංකීර්ණය පිහිටලා තිබෙන අක්කර 10ක බිම් කොටස, මහා පරිමාන නිවාස සහ වෙළද සංකීර්ණයක ව්‍යාපෘතියක් සදහා යොදාගැනීමට මීට වසර 2කට පමණ පෙර එක්තරා සමාගමක් ඉදිරිපත් කළ යෝජනාව. තවත් එකක් වෙන්නේ බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ සුවිසල් ඉඩමක් තායි සමාගමක ව්‍යාපෘතියක් සදහා ලබාදීමට ඉදිරිපත් වුනු යෝජනාව” යයි අනුමැතිය හිමිවූ ප්‍රසිද්ධ නොකළ යෝජනා සම්බන්ධයෙන් තතු දත් අයෙක් නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.
මතු සම්බන්ධයි
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අප්‍රසිද්ධ යෝජනා වලටත් කැබිනට් අනුමැතිය
Bamunuarachchi Friday, 10 August 2018 12:17 AM
කොන්ද පණනැති ආණ්ඩුවක් නොවෙයි කොන්දක් නැති ආණ්ඩුවක්