IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අභියෝග තේරුම්ගෙන ඊට අනුගතව මුහුණදෙමු

බස්නාහිර පළාතේ හා දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රජයේ පාසල් තුන්වැනි වාරය සඳහා ඊයේ විවෘත විය. හය ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් විවෘත වූ අතර දුරස්ථභාවය හා වෙනත් සෞඛ්‍ය නීති පිළිපදිමින් සිසුන්ට උගන්වන ආකාරය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ප්‍රමුඛ කමිටුවකින් තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන ඇමති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබිණි. අවදානම එයට හිමි නිසි බරින් ගෙන පාසල් විවෘත කිරීමේ ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමට සියලුදෙනා කටයුතු කරනු ඇතැයි යන්න අපි විශ්වාස කරමු.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමානයන්ට අනුව කොරෝනා මාරක වසංගතයේ බලපෑම ඉදිරි දෙවසරටත් පවතිනු ඇත. එහෙත් එය ස්ථිර නැත. ඇතැම්විට එම කාලය තවදුරටත් දිග්ගැස්සීමට ඉඩ ඇත. කොරෝනා මාරක වසංගතය පිටුදැකීමට තවමත් ඖෂධයක් හෝ එන්නතක් සොයාගෙන නැත. ඒ අනුව කොරෝනා නමින් නිර්මාණය වී තිබෙන්නේ ඉතා භයංකර චිත්‍රයකි.

කරුණු කාරණා එපරිදි වුවද කොරෝනා අනතුර සහ මුලින්ම පහව යනතුරු යැයි කියා රට වසා දැමිය නොහැකිය. පාසල් විශ්වවිද්‍යාල වසා දැමිය නොහැකිය. සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් නිරෝධායන නීතියට යටත්ව පාසල් හා විශ්වවිද්‍යාල විවෘතව තබාගත යුතුය. නොඑසේනම් එහි ප්‍රතිඵලය කොරෝනා මාරක වසංගතයටත් වඩා භයංකර විය හැකිය.

වෙනත් රටවල මෙන්ම අප රට තුළද ක්‍රියාත්මක වන්නේ විධිමත් අධ්‍යාපන ක්‍රමයකි. එම විධිමත් අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් විවෘතව තැබිය යුතු නිශ්චිත කාලවකවානුවක් තිබේ. විභාග පැවැත්වෙන ක්‍රමවේදයක් තිබේ. අනාගතය සැලසුම් වන්නේ ඒ අනුවය. යම් යම් හේතුමත මෙම ක්‍රියාපටිපාටිය ක්‍රමවත්ව පවත්වගෙන යාමට නොහැකි වුවත් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට ගෙන ඒම මෙතෙක් ක්‍රියාත්මක වූ පිළිවෙත වේ. කොරෝනා වසංගතය හමුවේ සිදු වී තිබෙන්නේ එම පැරැණි පිළිවෙත් අභියෝගයට ලක්වීමය. එහෙත් එම අභියෝග ජය ගැනීම සඳහා  උත්සාහ කිරීම වෙනුවට අභියෝග හමුවේ සැළුම් වෙවුළුම් කා පසුපසට වීම අපට තරම් නොවේ.

වසර සියයකට පසුව ලොව ආක්‍රමණය කළ මාරක වසංගතය සම්බන්ධයෙන් පෙර අත්දැකීම් කිසිවකුට නැත. එය සත්‍යයකි. එහෙත් එසේ යැයි කියා අප රට පසුපසට නොගියේය. නුහුරු නුපුරුදු මාරාන්තික වසංගතයක් වුව ද මෙරට සෞඛ්‍ය අංශ නිර්භයව එම අභියෝගය බාරගත්හ. අභියෝගය බාරගත්තා පමණක් නොව සාර්ථක ප්‍රතිඵල ද පෙන්නුම් කළහ. එහෙයින් ම ඔවුහු සුව විරුවෝ යන ගෞරව පූර්වක සම්මානයෙන් පිදුම් ලැබ සිටිති. ආරක්ෂක අංශ ද එසේමය. කොරෝනා මාරක වසංගතය හමුවේ පසු නොබා නැගී සිටි ආරක්ෂක අංශ යුද ජයග්‍රහණයෙන් නිර්මාණය කරගත් රණවිරුවා යන්නට අලුත් වටිනාකමක් රැගෙන ආහ.

එළැඹ ඇත්තේ රටේ අනෙකුත් අංශ ද අභියෝගය හමුවේ තම නිර්මාණශීලීත්වය විදහාපාමින් ජයටැඹ කරා ගමන් කිරීමේ මොහොතය. මෙහි දී අවධාරණය විය යුතු ප්‍රධානම කාරණය නම් අප කිසිවකුට පැරැණි ජීවිතයට එම ජීවන විලාසිතාවට යා නොහැකි බවය. එසේ යා හැකි යැයි සිතීම ද මේ මොහොතට අදාළව විහිළුවකි. පවතින තත්ත්වයට අදාළව හැඩගැසීමට වෙනස්වීමට අප සියලුදෙනාටම සිදුවේ. මෙය අලුත් තත්ත්වයක් නොවේ. වවුලාගේ ගෙදර ගියාම සිටිය යුත්තේ ඒ ආකාරයට යැයි අප සමාජයෙ කියමනක් තිබේ. ශ්‍රී ලාංකේය ජාතිය හැදුණේත් වැඩුණේත්, පෝෂණය වූයේත් අනාගත ව්‍යසනවලට මුහුණදීමේ ශක්තිය ජවය හා ප්‍රඥාව සමගිනි. ඒ ඉගෙනගත් දෑ ප්‍රයෝජනයට, භාවිතයට ගතයුතු ඉතිහාසය විසින් නිර්මාණය කළ එක් තීරණාත්මක පැයක් වෙත රට පැමිණ තිබේ.

පාසල් විවෘත කිරීමට ගත් තීරණය අප වටහා ගත යුතුවන්නේ ඉහත ආකාරයටය. ගුරුවර ගුරුවරියන්ට ගුරු විරුවන් ලෙස තම මෙහෙවර රටේ අනාගතය වෙනුවෙන් කැප කිරීමට අවස්ථාවක් එළැඹ ඇත. මූලික වටයේ දී පාසල් විවෘත වන්නේ 6 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා පමණක් වන හෙයින් දැන උගත්කමින් පිරිපුන් එම ශිෂ්‍ය ප්‍රජාවට වඩාත් අනතුරුදායක තලයක බුද්ධිමත්ව කටයුතු කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනය කිරීමට මෙය අවස්ථාවකි. එම පන්නරය ජීවිතයේ අනාගතයේ මතුවන කවර පන්නයේ හෝ අභියෝගයක් ජය ගැනීමට දිරිය බලය හා ප්‍රඥාව රැගෙන එන බව ඒකාන්තය.

(***)



අදහස් (1)

අභියෝග තේරුම්ගෙන ඊට අනුගතව මුහුණදෙමු

Raveendra Wednesday, 25 November 2020 01:54 AM

කතුවැකියෙහි සඳහන් කරුණු කාරණා කෙසේවෙතත් ඡායාරූපයේ සිටින දරු පැටවුන්ගේ අව්‍යාජ්‍ය සුන්දර සිනහව දැකීමේදී මුළු දවසම යහපත් මෙන්ම පහන් හැඟීමක් දැනෙන්නේය. ඡායාරූපයකින් රටක් විනාශ කිරීමටත් රටක් සන්සුන් කිරීමටත් හැකි බව මෙයත් හොඳ නිදසුනකි..

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 51 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1303 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 612 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 193 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4588 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12951 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site