කෙළිකවට කතා බස්, මුවග පිරුණු සිනහව, දඟකාරකම්වලින් පිරුණු ළමා ලෝකය මේ ගඩොල් බිත්තිවලට හිර වෙලා. එළිය, ලෝකය දකින්න මොනතරම් වෑයම් කරනවාද? මේ දරුවො ආයාචනාවක් කරනවා. කාටද? රත්තරං මාපියන්ට. හය හතර නොතේරෙන මේ පුංචි සිත් දඟකාරකම්වලින් පිරිලා. හරි වැරුද්ද තේරුමක් නැහැ. කිසිම නෑකමක්, මිතුරුකමක්, ලේ නෑකමක් අහලකවත් ගෑවිලා නැති මේ දරුවො ළමා නිවාසවල ජීවත් වෙන්නේ අසරණ වෙච්ච දරුවො විදිහට. ඇත්තම දේ මේ සමහර දරුවන්ට මේ ලෝකේ තමන්ගේ කියලා කවුරුවත්ම නැහැ. ඒ කවුරු නැති වුණත් මේ සෙවණ මේ දරුවන්ට ජීවය දෙනවා. ඒත් දරුවො මේ තත්ත්වයට පත් වෙන්න හේතුවට මේ සමාජයේ කිසිම කෙනෙක් ළඟ උත්තර නැහැ. මේ දරුවො මේ තත්ත්වයට පත්වෙන්න විවිධ වූ හේතු කාරණා තියෙන්න පුළුවන්. ඒත් අනාථයෝ විදිහට සමාජය මේ දරුවො හංවඩු ගහන එක සාධාරණද කියලා හැම කෙනාම හිතලා බලන්න ඕනෑ නේද?
මම පසුගිය දිනකදී එක්තරා පාසලක චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් නැරඹීමට ගියා. ඒ තරමක් ජනප‍්‍රිය පාසලක්. විවිධ ඉහළ වෘත්තින්හි නියැළෙන මාපියන්ගෙ දරුවොත් ඒ අතර ටිකක් කැපී පෙනුණා. ඒ හැම දරුවෙක්ම මාපියන්ගෙ අතේ එල්ලිලා ඉඳිද්දී තනියම පැත්තකට වෙලා තමන් ඇඳපු චිත‍්‍රය දිහා බලාගෙන ඒ දරුවො අමුතුම ලෝකෙක තනි වෙලා. ඒ දරුවො විශේෂයෙන් කැපී පෙනෙන්නට යම් හේතුවක් තිබුණා. මොකද ඒ දරුවො අනෙක් දරුවන්ගෙන් වෙන් කරලා තිබුණ නිසා. එතැන ඉඳපු දරුවෙකුගේ අම්මා කෙනෙක් කියනවා එතන ඉන්නේ අහවල් අනාථ නිවාසයේ ළමයි කියලා. ටිකෙන් ටික ඒ දරුවන්ගේ චිත‍්‍ර කරා ළඟා වෙද්දී ඇත්තටම මම දැනන් හිටියෙ නැහැ මේ දරුවො ළමා නිවාසයක දරුවො කියලා. අනෙක් දරුවො අම්මලා තාත්තලා අතේ එල්ලිලා හුරතල් වෙද්දී කොයිතරම් නම් වේදනාවක් මේ දරුවන්ගේ හිත් තුළ ඇති වෙන්න ඇතිද කියන හැඟීම මට ඒ වෙලාවේ දැනුණා. ඒ අම්මා තමන්ගෙ දරුවා ළඟ තියාගෙන අර දරුවන්ට අනාථ දරුවො කියන්න තරම් මේ සමාජය පහත් සමාජයක් වෙලා. ඒ දරුවො ගැනත් තමන්ගේ දරුවෙකු වගේ හිතන්න බැරි ඇයි?
මේ ලෝකේ කාටවත්ම පුරවන්න බැරි හිස් තැන් ගොඩක් එක්ක මේ දරුවො මේ සමාජයේ ජීවත් වෙන්නෙ සඳහටම හිතේ තද කරගත්ත වෛරයක් එක්්ක. මොහොතකට මාපියන්ගෙ හිතට තට්ටු කරලා බලන්න මේ සමහර දරුවො දුක් විඳින්නේ සමාජයෙන් කොන් වෙලා තියෙන්නේ කාගේ වරදින්ද කියලා.
දයාබර මව්පියන්ගෙන් ගිලිහුණු ළමා රැුකවරණය ඒ දරුවන්ගේ ජීවිත රැුකවණයේදී ඔබෙන් ගිලිහුණු ඒ සියුම් අවස්ථා මතක් කර දෙමින් තවත් කඳුළු කතාවක් අකුරු කරමි. තවත් මෙවැනි කඳුළු කතාවන් නොඇසීමට ඔබේ දරුවාගේ රැකවරණය පිළිබඳව ඔබේ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂාවෙන් මූල්‍යම කියන කාරණාව පසෙකලා ඇගේ කථාවට ඉඩ හසර වෙන් කළා.
නෙත්මි කියන්නේ වයස අවුරුදු පහළොවක් තරම් දැරියක්. අපට මේ කතාව ඇහෙන්නේ ගාල්ල ප‍්‍රදේශයෙන්. මල්ලියි නංගියි අම්මයි තාත්තයි ඉන්න පවුලේ නෙත්මි වැඩිමහල් දරුවා. නෙත්මිගේ අම්මාගේ ඇති වුණ අනියම් සබඳතාවක් මත වෙනත් අයකු සමඟ හොර රහසේ පැන ගියා. නෙත්මිගේ අම්මා තහනම් පේ‍්‍රමයේ පෙම් සුව විඳින්න මේ දරුවො දාලා යද්දී නෙන්මිගෙ නංගිට අවුරුදු පහයි. පෙදරේරුවෙක් වෙච්ච නෙත්මිගෙ තාත්තා සුපුරුදු විදහට සවසට ගෙදර ආවේ කටගොන්නක් බීගෙන. මිත්තණියගේ නිවස නෙත්මිගේ නිවස අසල වුවත් මහ ගෙදර ජීවත් වුණු මාමා නෙත්මිලාව භාරගන්න එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. එත් මහ එවුන්ගේ කොයි තරම් වැරදි තිබුණත් මේ දරුවන්ගේ මූණ නොබලා ඉන්න නෙත්මිගේ ආච්චිට පුළුවන් කමක් තිබුණෙ නැහැ.
මහ ගෙදර ජීවත් වෙච්ච මාමා තමන්ගේ සහෝදරී වෙච්ච නෙත්මිගෙ අම්මාගේ මෙම කි‍්‍රයාවන් පිළිබඳ දොස් නැඟුවේ මේ අහිංසක දරුවො තුන්දෙනාට.
‘‘උඹලගෙ අම්මා අපේ මුළු පවුලෙම දැලි ගෑවා.’’
‘‘මහ එකා දන්නෙ බොන්න විතරයි.’’
ඌට ගෑනියෙක්, පවුලක් ඉන්නවා කියලා වගක්වත් තිබුණෙ නෑනේ.’’
‘‘ගහේ කටු ඉතින් ආයේ අමුතුවෙන් උල් කරන්න ඕනේ නෑනේ. මුනුත් ලොකු වෙන කොට මහ ගෑනි වගේ ආරලා ඒවි.’’
‘‘උඔලගේ තාත්තා හවසට සිංහයා වගේ මුළු පළාතටම ඇහෙන්න අපට බණිද්දී උඹලාගේ වගකීමක් භාර ගන්නේ කොහොමද?’’
‘‘බාප්පා අපි තුන්දෙනාව භාර ගන්න කැමති වුණේ නැහැ. නිතරම අම්මගෙ, තාත්තාගෙ වැරදි කිය කිය අපට බණින්න ගත්තා. ඒත් ආච්චි නිතරම වගේ අපේ දුක සැප සෙව්වා, කන්න බොන්න දුන්නා.
ඒ දවස්වල තාත්තා හම්බ කරන සතයක්වත් තාත්තා අම්මට දුන්නෙ නැහැ. ඒ හැම සතේම තාත්තා වියදම් කළේ මත්වතුරවලට. අම්මා අන්තිමට දලූ කඩන්න ගියා. චූටි නංගි දාලා අම්මට දලූ කඩන්න යන්න සමහර දවසට මම ඉස්කෝලේ නොගිහින් ගෙදර නතර වුණා. ඔය අතරේ චූටි නංගිව හදා ගන්න ගොඩක් අය අම්මාගෙන් ඉල්ලූවත් අම්මා දුන්නේ නැහැ.
දවසින් දවස සතියෙන් සතිය කාලය ගෙවුණත් ගෙදර ප‍්‍රශ්න වැඩිවීමක් මිසක් අඩුවක් වුණේ නැහැ. ඒ දවස්වල ඉස්කෝලේ යන්න අඩුපාඩු ඉල්ලූවහම අම්මා කියනවා, සල්ලි ඕන නම් දලූ කඩන්න යමං කියලා. සමහර දවස්වල ඉස්කෝලේ අඩුපාඩු ගන්න අම්මා එක්ක දලූ කැඩුවා.
ඔය අතරතුර ගෙදර ගොඩක් ආර්ථික ප‍්‍රශ්න තිබුණ නිසා මල්ලිව අම්මා පන්සලකට දුන්නා. එයා කැමැත්තෙන් හිටියෙ මහණ වෙන්න.
එත් මල්ලිව පන්සලට දුන්නට පස්සේ තාත්තා අම්මා එක්ක තවත් වෛර බැන්දා. තාත්තා කොහොමත් අකමැත්තෙන් හිටියේ මල්ලිව පන්සලට දෙනවට.
ඔය අතරතුරදී මම වැඩිවියට පත්වුණා. ගෙදර ප‍්‍රශ්න තිබුණත් සුළුවට පුංචි උත්සවයක් ගත්තා. මම වැඩිවියට පත් වුණාට පස්සේ ගෙදර පරිසරය ටිකෙන් ටික වෙනස් වුණා. ඒත් ඒ හැමදේම තිබුණේ බොහොම ටික කාලයයි. අම්මට ආයෙම නංගියෙක් ලැබුණා. ගෙදර ගොඩක් ප‍්‍රශ්න තිබුණ නිසා අම්මා නංගියව ඉස්පිරිතාලෙදිම හදා ගන්න වෙන නෝනා කෙනෙකුට දුන්නා. අම්මා නංගිව දීලා සල්ලි ගත්තා කියලා තාත්තා අම්මා එක්ක පුදුම විදිහට රණ්ඩු වුණා.
ඔහොම ඉන්නකොට එක පාරටම අම්මා රට යන්න හැදුවා. අම්මා රට යනවා කිව්වම තාත්තා කොහෙත්ම කැමති වුණේ නැහැ. කොහොම හරි නංගි පොඩි වැඩියි කියලා ඒ වෙලාවේ අම්මට රට යන්න ලැබුණේ නැහැ. පස්සේ අම්මා සුපුරුදු විදිහට දලූ කඩලා අපිට කන්න බොන්න දුන්නා. ඔය අතරතුරේදී ඇති වුණ සම්බන්ධතාවක් එක්ක අම්මා අපිව දාලා වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න ගත්තා. මේ දේවල් එක්ක තාත්තාගේ බීමත්කම එන්න එන්නම වැඩිවුණා. ඒත් එක්කම නංගිගේ බර පැටවුණේ මගේ කරට. ටික දවසකට පස්සේ කැඩි කැඩි පාසල් ගිය මගේ පාසල් ගමනත් සඳහටම නතර වුණා.
රෑට බීලා ඇවිල්ලා අම්මා එක්ක තියෙන තරහා තාත්තා පිට කළේ මගේ පිටින්. ගෙදර හැම දේම කරන්න සිද්ධ වුණේ මට. ගොඩක් වෙලාවට ආච්චි අපේ දුක සැප සොයලා බැලූවා. තාත්තාගේ බීමත්කම නිසා මාමලා, නංගිවයි, මාවයි ළමා නිවාසයකට භාර දෙන්න හැදුවා. ඒ වෙලාවෙත් තාත්තා කැමති වුණේ නැහැ.
ඔහොම ඉන්නකොට දවසක් චූටි නංගි හොඳටම නිදි. එදා මහ මූසල රාත‍්‍රියක්. මගේ අහිංසක චූටි නංගි වෙනුවෙන් තාත්තාගේ දරදඬු අතපයවලට මට සිරවෙන්න සිද්ධ වුණා. එදා මම බයට කාටවත් කිව්වේ නැහැ.
තමන්ගේ බිරිඳගෙන් ඉටු විය යුතු ඕනෑ එපාකම් සියල්ලම ඉෂ්ට කරන්න සිද්ධ වුණේ ඒ ලෙයින්ම ජාතක වුණ පුංචි නෙත්මිට. ඒ හැම දේම නෙත්මිගේ හිත විඳ දරා ගෙන සිටියේ තාත්තාගෙන් අනතුරක් වේවි කියලා හිතලා.
එක හුස්මට කියාගෙන ආපු නෙත්මිගේ දෙනෙතින් වැටුන කඳුළු බිංදු රෝස පාට කම්මුල් දෙක තෙත් කළේ ඇයටත් නොදැනිම. මේ කඳුළුවලට වගකිවයුත්තේ කවුරුන්දෝ යන ප‍්‍රශ්නයට පිළිතුරක් නැහැ.
බිත්ති හතරෙන් වට වුණු මේ විසල් පුරවරේ දෙස ජනෙල් කවුළුවෙන් ඈත බලාගෙන සිටි නෙත්මිගේ හඬ ආයෙමත් ඒ අමිහිරි අතීතයට අරන් ගියා.
දිගින් දිගටම මට තාත්තාගෙ ඕනෑ එපාකම් ඉටු කරන්න සිද්ධ වුණා. කාටවත්ම කියන්න බය වුණේ නංගිට කරදරයක් වේවි කියලා. නංගිට තාත්තා කරදරයක් කරාවි කියලා මම මගේ ජීවිතේ කැප කළා. මාමා අපි දෙන්නව ළමා නිවාසයට දාන්න හදපු වෙලාවේ පරුෂ වචන කියලා මාමලාව පන්න ගත්තට පස්සේ මාමා ආච්චිටවත් වැඩිය අපේ ගෙදර එන්න දුන්නේ නැහැ. බිත්ති හතරට මැදි වෙලා අඬනවා මිස මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
මේ දේවල් එක්ක මගේ මුළු ජීවිතේම එපා වෙලා හිටියේ. තනියම ඉන්න හැම වෙලාවකම ජීවිතේ නැති කරගන්න හිතුණු වාර අනන්තයි. ඒත් මම මොනවාහරි කරගත්තොත් චූටි නංගිට මොනවා වේවිද කියලා මට නිතර හිතුණා.
දවසක් තාත්තා බීලා ඇවිත් ගෙදර බඩු පොළවේ ගහලා මහා රණ්ඩුවක් ඇති කළා. එදා අපිව බේරගත්තේ ආච්චි ඇවිල්ලා. ආච්චි අපිව මාමලාගේ ගෙදර එක්ක යන්න හදන කොට ආච්චිට පරුෂ වචනවලින් බැණලා පන්න ගත්තා. එදා මට මොනවා වුණාද කියලා මමවත් දන්නේ නැහැ.’’
නෙත්මි උපන්දා ඉඳලා රැකපු ආත්මය ගෞරවය එක මොහොතකදී කෙලෙසලා දාන්න තරම් මේ තිරිසන් පියාගේ හිත ගලක් වුණේ කොහොමද? ලෙයින් ජාතක කළ දරුවා මේ තරම් තිරිසන් විදිහට තලා පෙලා දාන්න තරම් පිය සෙනෙහස කියන දේ පෑල දොරෙන් පැනලා ගියේ කොහොමද?
‘‘එයින් පස්සේ මේ අපායෙන් ගැලවිලා ඔළුව හැරුණු අතේ යන්න හිතුණා. ඉවසගෙන ඉන්න බැරිම තැන හැමදේම ආච්චිට කිව්වා. ආච්චි මාවයි නංගිවයි එක්ක ගෙන පොලීසියට ගියා. එතනදී මාවයි නංගිවයි පරිවාස භාරයට භාර කළා.
ජාතක කළ තාත්තාගෙ තිරිසන්කම මේ පුංචි ඇස්වලට උනන කඳුළු සාප කරනවා. නෙත්මි කියපු හැම වචනයක් ගානෙම ජීවිතේ දෝංකාර දුන්නා.
තමන්ගේ ලෙයින් උපන් දරුවන් අඹුව කරගන්න තරම් මේ මිනිස් සමාජය අමානුෂික තත්ත්වයට පත් වෙලා. කාටවත් වරදක් කරලා නැති නෙත්මි, අහිංසක චූටි නංගියි අද දෙලොවක් අතර තනිවෙලා සෝ සුසුම් හෙළනවා. නෙත්මිගෙ අම්මා තහනම් පේ‍්‍රමයේ පෙම් සුව විඳිද්දී ජීවිතය බිලිිදෙන්න සිද්ද වුණේ අහිංසක නෙත්මිට. දරුවගේ ආරක්ෂාව, ආදරය, තියෙන්නේ මාපියන් ළඟ මිස පිට සමාජයේ නොවෙයි.
තමන්ගේ අම්මා තාත්තව විශ්වාස කරන්න බැරි සමාජයේ මේ පුංචි මල් කැකුළුවල හෙට දවස භාර කරන්නේ කාටද?
මෙහි එන නම් ගම් මන:කල්පිතයි.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්මා අප දාල ගියා ඊට පස්සෙ...
ධම්ම Saturday, 05 September 2015 08:12 AM
මේවා දකින, අහන, කියවන මිනිස්සු ඇයි තවත් සුරා පානය කරන්නේ? ඇයි මොහොතකට හෝ සිහිවිකල් කරගන්නේ? (නි)
සමන්තිකා Thursday, 03 September 2015 08:31 PM
බුදුන් වැඩිය රටේ වෙන දේවල්? (නි)