සම්බුදු පියාණන්ගේ පාද ස්පර්ශයෙන් අතිශය පාරිශුද්ධත්වයට පත්වූ මුතියංගන වෙහෙරේ ගන්ඨාර හඬ පැතිරෙන සීමාවේ නමුනුකුල කඳු ශිඛරය පෙනෙන ඉසව්වේ, කණුපැල්ල ගමේ වෙලේ, ගාලේ මාස හයක් වයසැති -හදී” හඬමින් සිටියා.
මහ වැස්සට අම්මාට තුරුල්වෙලා හිටිය මේ වහුපැටියා තනි වුණේ ඇයිද කියන්න පැටියාවත් දැනගෙන හිටියේ නැහැ.
ඇයි අම්මේ මේ ශීතලේ මහ රෑම මාව තනිකර දාල ගියේ කියලා අහනව වගේ වහුපැටියා නොනවත්වාම උම්බෑ කිව්වා.
ඒ කෙඳිරියවත් අහන්න අහළ පහළ කවුරුවත් හිටියේ නැහැ. දිසානායක මුදියන්සේලාගේ ප්‍රේමරත්න බණ්ඩාර තමයි මේ අයගේ හිමිකරුවා.
ගොවිතැන හා ගව පාලනය රැකියාව කරමින් දැහැමින් ජීවත් වෙන ප්‍රේමරත්න තමාගේ ගවයන්ට දක්වන්නේ පුදුම ආදරයක්.
කලින්දා සවස පැටියා කිරි බොන තෙක්ම ඇඟ අතගා ආශාවෙන් බලා සිටි ප්‍රේමරත්න රෑ බෝවන තෙක්ම හිටියේ ගව ගාලේ.
උන්ට කන්න දීලා වතුර දීලා ගෙදර යනකොට හොඳටම හවස් වෙලා.
පසුදා අරුමැක්කේ නින්දෙන් නැගිට්ට ගමන් කහට කෝප්පයක් වත් බොන්නේ නැතිව ශීතල පවා නොතකා ඔහු වෙලට ආවේ පැටියාගේ සුවදුක් බලන්න.
ඒ වන විටත් පැටියා හඬමින් තප්පු ලමින් සිටියා.
හැබැයි වැස්සි පේනතෙක් මානයවත් හිටියේ නැහැ.
දෙයියනේ වැස්සිට මොකද උනේ? ප්‍රේමරත්න හොයන්න පටන් ගත්තා.
මඬේ එරි එරි කුඹුරට බැහැලා සොයා ගෙන සොයා ගෙන යනකොට ගාලට පහළින් ගලාගෙන යන මැදඔයේ එගොඩ පස්වේල්ලකින් පහළට වැටී සිටි වැස්සි දැකගන්න ලැබුණා. ඒත් ඌට පණ තිබුණේ නැහැ.
දෙයියනේ උගේ ඝාතයක් කපාගෙන ගිහින්. ප්‍රේමරත්න ඔලුවේ දෑත තබමින් හඬාවැටෙමින් වැස්සි ළඟටම ගිහින් බලනකොට එක ගාතයක් නෙවෙයි ඝාත දෙකම කපාගෙන ගිහින් තිබූ බව දැක්කා.
ප්‍රේමරත්නගේ ඇඳෝනාව ඇසී අසල්වැසියන් දුවගෙන ආවත් කිරි වැස්සිට මොකක්ද උනේ කියලා කාටවත් අදහාගන්න බැරි වුණා.
-මේ වැස්සි පැටව් තුන්දෙනෙක් බිහිකළා. මේ අන්තිමට බිහිකළ පැටියා. මීට කලින් බිහිකළ පැටියෙකුත් මේ විදියට ඔයෙන් එගොඩ ගෙනිහින් මරලා මස් අරන් තිබුණා. හැබැයි මේ දක්වාම කවුද මේ අපරාධය කළේ කියලා හොයා ගන්න බැරි උනා. දෙයියනේ කියමින් ඔහු හඬා වැටෙමින් දුක කිව්වා.
-යන්න යන්න පොලිසියට යන්න” හිතවතුන්ගේ උපදෙස් මත ප්‍රේමරත්න පොලිසියට ගියෙත් කඳුළු බොමින්.
-සර් මගේ රත්ති මරලා ඝාත කපාගෙන ගිහින්” ඔහු හඬා වැටෙමින් කියද්දී බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.යූ.පී. මානියන්ගම මහතාට ඇති වුණේ හරිම දුකක්.
-දැන් හඬල වැඩක් නැහැනේ. අපි පව්කාරය ඇල්ලුවා” මානියන්ගම මහත්තයා එහෙම කියද්දී ප්‍රේමරත්න කඳුළු පිරුණ දෑසින් බලාගෙන හිටියා.
මේ පව්කාරයා එදා අලුයම 4ට විතර පොලිසියට කොටුවෙලා. තිබුණේ බදුල්ල නගරයේදී.
රාත්‍රී මුර සංචාරයේ යෙදුන උපපොලිස් පරීක්ෂක අධිකාරී මහතාට මහ බරක් කරමත තබාගෙන එන පව්කාරයා පිළිබඳව සැක පහළවී පරීක්ෂා කිරීමේදී කපාගෙන යමින් තිබූ ගව ඝාත සැකකරුගේ මල්ලේ තිබී හමුවී තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් කූඩුවේ සිටිනු ප්‍රේමරත්නට දැකගන්නට ලැබුණා.
පන්සලට ගිහින් කියන ගාථා ප්‍රේමරත්නට මතක් වුණා.
පාපකර්මයක් සිදුකර ඒ විපාකවලින් බෙරී සිටීමට තැනක් මහ සයුරේද නැත. පර්වත කුහරයේද නැත. එවන් තැනක් තුන්ලොව කිසිම තැනක නැත.
එම බුදුදහම මෙනෙහි කරමින් සියලු සත්වයන්ගේ අනියත බව පසක් කරමින් ප්‍රේමරත්න රත්තිගේ මළකඳ තිබූ තැනට එන විටත් ගමේ අය මිහිදන් කටයුතු සඳහා වළ කපා තිබුණා.
රත්ති මිහිදන් උනේ ඒ හැමටම මහා වේදනාවක් දෙමින්.
වහු පැටියා තාමත් මඟ බලමින් උම්බෑ කියමින් හඬා වැටෙනවා. එයා දන්නේ නැහැ අම්මා ආයේ එන්නේ නැහැ කියලා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්මා එනතුරු හඬා වැටෙන හදී
සෙනරත් Wednesday, 08 February 2017 04:01 PM
මේ වගේ දේවල් දකින්න අපිත් පවුකරලා (නි)
තෙන්නකෝන් Tuesday, 07 February 2017 10:22 AM
මේ වගේ අදමයන්ට මොන උසාවිද මොන නඩු තීන්දුද මේ අදමයාගේ දෙපා වෙන්කර හිගකන්න සලස් වන්න. මේ රටේ හැමකෙනෙකුටම කරන උදුවක්. (ර)
චතුරි Thursday, 09 February 2017 03:10 PM
මට මේ තිරිසන් මිනිසුන් ගැන ඇතිවෙන්නේ පුදුම තරහක් (නි)
ඉසුරන්දි Wednesday, 08 February 2017 08:25 AM
හිතට දැනෙන වේදනාව වචනයෙන් කියන්න අමාරුයි මෙවැනි පාපකර්ම ගැන ඇහෙද්දී (ම)
ද සිල්වා බෙර්ලින් Tuesday, 07 February 2017 07:45 PM
මට කියන්න වචන නැත (නි)