මගේ ගම රත්නපුර. අම්මා, තාත්තා, අක්කා, නංගී, මල්ලි ඉන්න පවුලේ මම මද්දුමයා. මගේ අම්මා නම් රස්සාවක් කළේ නෑ. තාත්තා නම් කළේ මැණික් බිස්නස්. කොළඹ තියෙන සුපිරිම පාසලක තමයි මම ඉගෙනගත්තේ. මහා ලොකුවට ඉගෙන ගන්න නම් මට හැකියාවක් තිබුණේ නෑ. නමුත් ඉස්කෝලේ රගර් ටීම් එකේ මම කැපී පෙනෙන චරිතයක් වුණා. මගේ ඉස්කෝලේට ඇතුළත් වෙන්න සමහර මව්පියෝ නම් ගම් පවා වෙනස් කරනවා. නමුත් සල්ලි තියෙනවා නම් ඒක ඒ හැටි දෙයක් නෙවේ.
මොකද සල්ලි විසිකලාම උප්පැන්න සහතිකේ පවා වෙනස් කරන එක ඒ හැටි දෙයක් නොවේ. කොහොම වුණත් මං එක්ක ඉගෙන ගත්තේ පාතාල කල්ලිවල නායකයෝ වුණ මව්පියන්ගේ දරුවෝ. එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ගේ දරුවෝ. අද රටේ නමගිය දේශපාලනඥයන්ගේ දරුවෝ. මේ අය අතරේ මැණික් කාරයෙකුගේ පුතෙක් වුණ මමත් කැපී පෙනෙන චරිතයක් වුණා.
රත්නපුරේ ගෙදරින් අපි කොළඹ ගෙදරකට පදිංචියට ආවා. එහෙම ආවේ මගේ නංගිගේ, මල්ලිගේ ඉස්කෝලේ ගමනට පහසුවෙන්න.
තාත්තා හිටියේ මැණික් ගල් එක්ක. අම්මා අපි වෙනුවෙන් මහන්සි වුණා. හුඟවෙලාවට අම්මා තාත්තාව බලන්න රත්නපුරේ ගෙදරට ගියා.
ඒ යනකොට ගෙදර කව්රු ගියත් මම යන්න කැමති වුණේ නෑ.
කොහොම වුණත් අතට පයට වැඩකාරයෝ, සල්ලි පනම්, යාන වාහන හිතේ හැටියට සුපිරි ජීවිතයක් මට තිබුණා.
අයන්න ආයන්න වගේම සිගරට් අරක්කු ගංජා ගහන පාඩම මම ඉගෙන ගත්තෙත් ඉස්කෝලෙන්. මම රගර් ටීම් එකේ වගේම කැඩෙටින්වලත් හිටියා. කැඩෙට්වලදි සර් අපට කිව්වේ තරුණයෝ වුණාම ඇල්කොහොල් යම් ප‍්‍රසන්ටේජ් එකක් ලේ වල තිබිම වැදගත් කියලා. ඒ නිසා බියර් එකෙන් අරක්කුවලට මම පුරුදු වුණා. ගංජා ගැහුවේ නම් ඇඹිලිපිටි ගිය ගමනකදී. ඒ කාලේ ඇඹිලිපිටිය ඉස්කෝලෙකින් අපේ ඉස්කෝලෙට ආවා පුහුණුවකට එහෙම යාළුවුණ යාලූවෝ එක්ක එයාලගේ ගමට ගියා. ගමනේදී ඒ කියන්නේ ඇඹිලිපිටි ගිය ගමනේදී ගංජා ගැහුවා.
මැගසින් රෝඞ් එකේ සුපිරි පාතාල නායකයන්ගේ පුතාල එක්ක සෙට්වුන මම මුලින්ම බිස්නස් කළේ වෙපන්. වෙපන් එකක් මුලින්ම ඞීල් කරනකොට මගේ වයස අවුරුදු පහළවයි. ඇත්තටම මගේ හිතේ ළමා ගතිගුණ එදා ඉඳලාම තිබුණේ නෑ. මට හිතුණේ මම සුපිරි වැඩකරුවෙක් කියලා විතරයි.
සමහර වෙපන් මම විකිණුවේ එක්ලක්ෂ විසි දහක් වගේ මුදලකට සල්ලි තියෙන උන්ට කව්රුත් බයයි මිස්. මට කව්රුත් කිට්ටු කළේ නෑ. ඉගෙන ගන්න වැඩ වලට දක්ෂ නොවුණට අවි ආයුධ බෝම්බ වගේ දේවල් ගනුදෙනු කරන්න මට හොඳ මීටර් මොලයක් තිබුණා.
ඔයාට මේ දේවල් කරන්න ඔයාගේ යාළුවො ද අනුබල දුන්නේ මල්ලි.
මා ඇසූ ප‍්‍රශ්නය හමුවේ ඔහු සිනාසෙයි.
පිස්සු ද මිස් එයාලා එයාලගේ මැර බලය පෙන්නුවේ ඉවසල ඉවසල බැරිම අවස්ථාවලට විතරයි. එහෙම නැත්නම් මොන දේ මොන විදියට වුණත් අපි අපේ අනවශ්‍ය දේවල් අපි ළඟම තියාගත්තා.
කොහොමින් කොහොම හරි මම ඉගෙන ගත්තේ ඕ ලෙවල් වෙනකන් විතරයි. ඕ ලෙවල් පාස් වුණත් ඒ ලෙවල් කරන්න මට පුළුවන් වුණේ නෑ.
මම රිපිට් ගන්, අත් බෝම්බ එහෙමත් විකුණල තියෙනවා. දවසින් දවස මම ගෙදරින් ඈත් වුණා. ඒ දවස්වල අම්මා මං ගැන සෑහෙන්න හොයන්න බලන්න ගත්තා. අම්මා කොයි තරම් හොයන්න බලන්න ගත්තත් මගේ කිසිම දෙයක් අම්මාට හොයා ගන්න ලැබුණේ නෑ.
මොකද හැමදේම සිද්ධ වුණේ සැලසුමකට අනුව. අම්මට තේරුණ එකම දේ තමයි මම පාතාල නායකයන්ගේ දරුවෝ එක්ක මැගසින් රෝඞ් එකේ කරක් ගහනවා කියන එක.
සමහරදාට මට අම්මා වධයක් වගේ දැනුණා. එයා මං ගැන හොයලා බලන එක මගේ පස්සෙන් එන එක මට වධයක් වුණා. මම පුළුවන් තරම් යාළුවන්ගේ ගෙවල්වල ජීවත් වුණා. ඇත්තටම මට නැතිවුණේ වටින ජීවිතයක්. එදා රගර් ක‍්‍රීඩකයෙක් විදිහට මම හිටියේ සමාජය පිළිගන්නා තැනක. පොලිස් කණ්ඩායමට පවා මම රගර් ක‍්‍රීඩකයෙක් විදිහට ක‍්‍රීඩාකරලා තියෙනවා. ඇත්තටම ඒ හැම දේම මගේම මෝඩකම් නිසා නැති වුණා.
එදා මට මගේ අම්මා කිව්ව දේ අහන්න පුළුවන් වුණා නම් අද මට මෙහෙම වෙන්නේ නෑ. මොකද එදා මගේ අම්මා මට කිව්වා මේ වගේ ජීවිතේ වරදින්න පුළුවන් කියලා. ඒ වගේ වෙලාවට අම්මාට මම පුළුවන් තරම් බැන්නා. අම්මා එක්ක රණ්ඩුකළා ඒ විතරක් නෙවේ තරහා ඉවසගන්න බැරි වෙලාවට මම අම්මාගේ බෙල්ලට පිහිය පවා තියපු අවස්ථා තියෙනවා.
එදා ඒ විදියට හැසිරුණ එක ගැන මට අද තියෙන්නේ දුකක්. සමහරදාට මගේ අම්මා බෙල්ලට පිහිය තිබ්බම සිහි නැතිවෙලා වැටෙනවා. එහෙම සිහිනැති වුණාම නංගි මල්ලි කෑ ගහල අඬනවා. අම්මාගේ මූණට වතුර ගහලා සිහිය ගන්නෙත් මම. ඇත්තටම මම මොනතරම් කරුමක්කාරයෙක්ද? සිහිය ගත්තම අම්මා මාව බදාගෙන අඬනවා. ඒත් අම්මාගේ මූණවත් නොබලා මම ගෙදරින් පිටවෙනවා. එහෙම ගියාම දවස් ගාණකට මම ආයේ ගෙදර එන්නේ නෑ. දවස් ගානෙම ඉන්නේ යාළුවෝ එක්ක. ඔය කාලෙදි අපේ අක්කා කසාඳ බැඳලා ගිහිල්ලා. ඒ නිසා ගෙදර හිටියේ මමයි අම්මයි නංගී, මල්ලී විතරයි.
තාත්තා නම් මට තරවටු කරන්න ආවේ නෑ. එයා බොහොම නිවිච්ච කෙනෙක්. තාත්තා හිටියෙත් බිස්නස්වලට හිරවෙලා. අපේ පතල් තිබුණා. එක එක තැන්වල. ඉතින් ඒවා පවා බලා ගත්තේ තාත්තා තනියම.
ඒ විදියට අයාලේ ගිය ජීවිතේදී මම කුඩු ගැහුවෙ කව්රුවත් කියලා නෙවෙයි. ආසාවට ගත්තේ. මුලදි පොඩි ගතියක් දැනුණා. ඒ ගතියට මගේ හිත ආසකළා. දවසින් දවස කුඩු නැතුව බැරිතැනට මම පත්වුණා. මොනදේ මොන විදියට වුණත් මගේ අම්මා මගේ පස්සෙන්ම හිටියා. ඒ නිසා මම කුඩු ගහන බව අම්මා දැනගත්තා. ඒ දවස්වල මම ගෑනු ළමයෙක් එක්ක සෙට් වෙලා හිටියේ.
දවසක් මම ගෙදර නිදාගෙන හිටියා එදා මගේ ගෑනු ළමයාගේ උපන්දිනේ. උදේම නැගිටලා එයාව බලන්න යන්න මම ආසාවෙන් හිටියේ ඔය දවසෙදි මට ඇඳෙන් නැගිටින්න ලැබුණේ නෑ. හතර දෙනෙක් ඇවිත් මාව උස්සගෙන ගියා. ම කෑ ගැහුවා. කලබල කළා. මම වැරැද්දක් කළේ නෑ කිව්වා. ඒත් උන් කිව්වේ උන් පොලීසියෙන් කියලා.
අන්තිමේදී උදේම නැගිටලා ගෑනු ළමයාගේ උපන් දිනේට යන්න හිටපු මට යන්න වුණේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට. ඒක තිබුණේ දෙල්කඳ. මාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට දාපු එක පිටිපස්සෙ අම්මා හිටිය බව මම දැනගත්තා.
ඒ මධ්‍යස්ථානේ එකම හිර ගෙයක්. එළියට යන්නවත් නිදහසක් නෑ. කලබල කළොත් ගුටි කන්න වෙනවා. දවසින් දවස ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මම සිරගත වෙනකොට මට හිතුණා පැනලා යන්න. ඒත් පැනල යන්න හැදුවොත් වෙන්නේ ගුටිකන්න. අවුරුද්දක් විතර එතැන මම හිටියා. ඒත් හිතෙන් කුඩු ආසාව ගියේ නෑ. අම්මාගෙන් පළිගන්න හිතුණා.
එයා ගන්න උත්සහය වැඩක් නෑ කියලා පෙන්නන්න මට ඕන වුණා. ඒ නිසා මම එළියට ආව ගමන් කුඩු ගැහුවා. ඇත්තටම ඉස්කෝලේ රගර් ටීම් එකේ කැපී පෙනෙන ක‍්‍රීඩකයෙක් විදියට මං වෙනුවෙන් කෙල්ලෝ මැරෙන්න වුණත් සූදානමින් සිටියා.
උදේට එක කෙල්ලෙක් එක්ක ෆන් ගන්න මම දවාලට තව කෙල්ලෙක් එක්ක හිටියා. හවසට තවත් කෙල්ලෙක් එක්ක. කොහොම වුණත් දවසට හය හත්දෙනා හමුවුුණා. එකවර ආදර සම්බන්ධතා හය හතක් පවත්වාගෙන ගිය කාලයක් තිබුණා.
සෙක්ස් ලයිෆ් එකේ උපරිම ෆන් ගත්තු කොල්ලෙක් තමයි මම. මං එක්ක කෙල්ලෝ සීයකට වැඩි ප‍්‍රමාණයක් සෙට්වෙලා හිටියා. එයාල මට එයාලගේ ගෑනු කම දුන්නේ කිසිම ප‍්‍රශ්නයක් නැතිව. ඇත්තටම දල වශයෙන් කිව්වොත් මිස් විශ්වාස කරයිද මන්දා කෙල්ලො සීයක් එකසිය දහයක් විතර මං එක්ක සෙට් වෙලා තියෙනවා. ඒ හැම කෙල්ලම කෙල්ලෙක් විදිහට මා ගාවට ආවට උන් ගියේ ගෑනු බවට පත්වෙලා. මම කියන්නේ මොකක්ද කියලා මිස්ට තේරෙනවා ඇතිනේ. ඒ හැම එකීම මං එක්ක නිදා ගත්තා.
ඔය අතරේ ඔයා ආදරේ කළ කෙල්ලෙක් හිටියෙ නැද්ද මල්ලී.
ගෑනු කියන්නේ මහ අමුතු ජාතියක් මිස්. උන් එකාට එකා දැනගෙන හිටියා මම එක එක්කෙනා එක්ක සෙට්වෙලා කියලා ඒත් උන් මගෙන් ඇහුවෙ නෑ, ඒත් ඔය අතරේ මට ආදරේ කරන බව දැනුණ මට ආදරේ හිතුණු කෙල්ලෙක් හිටියා. එයාගේ නම දිනූෂා එයා ඉගෙන ගත්තේ නුගේගොඩ ජනප‍්‍රිය පාසලක. එයාට මම ගොඩක් ආදරේ කළා. එයා මගේ ෆස්ට් ලව් එක මිස්. එයාව මට අතාරින්න බැරි වුණා. එයාගෙන් පස්සෙ කෙල්ලො පනහක් විතර මගේ ජීවිතේට ආවා තමයි. ඒත් මම මුලින්ම ලව් කළේ දිනූට. දිනූ ගොඩක් ලස්සනයි. අහිංසකයි. එයා මං එක්ක හෝටල් ගානේ යන්න ආවා.
ඉස්කෝලේ යුනිෆෝම් එක මගදී මාරු කරලා අපි දෙන්නා හුඟක් තැන්වටල ගියා. එයා ගෑනියෙක් වුණේ මගේ අතින්.
ඒත් මම කුඩු ගහන බව දැනගත්තහම එයා වෙනස් වුණා. මාව මගඇරියා. හම්බවෙන්න බෑ කිව්වා. මාව මුණගැහෙයි කියලා, හිතෙන තැන්වලට නෑවිත් හිටියා.
මම එයාට ඇත්තටම ආදරේ කළ බව, අතාරින්න බැරි තරම් හිත හදාගන්න බැරි තරම් එයාට ආදරේ කළ බව මට තේරෙන්න ගත්තා. මම තීරණයක් ගත්තා, හැම ජෝගියක්ම නවත්තලා එයාව කසාද බඳින්න. එහෙම තීරණය කරලා මාව මග අරින දිනූව කොහොම හරි මුණ ගැහෙන්න මම නුගේගොඩට ගියා.
ඒත් එයා හිටියේ මං එක්ක කතා කරන්න පුළුවන් තත්ත්වෙක නෙවෙයි. එයාට මං කියන කිසිම දෙයක් අහන්න ඕන වුණේ නෑ. මම කසාද බඳිමු කිව්වම එයා බෑ කිව්වා. ගෙදරට විරුද්ධවෙලා එන්නේ නෑ කිව්වා. කුඩු ගහන කොල්ලෙක් කසාද බඳින්න කොහෙත්ම කැමති නෑ කිව්වා.
මට තේරුණා මගේ හැම බලාපොරොත්තුවක්ම ලොකු කුණාටුවකට අහුවෙලා ගහගෙන යන්නා වගේ මට දැනුණා. මම කුණාටුවට ගහගෙන යන්න හදන මගේ බලාපොරොත්තු ඉටු කරගන්න සැලසුමක් ගැහුවා.
මම තීරණය කළා කෙල්ලව කිඞ්නැප් කරන්න. වෑන් එකක් යාළුවෙකුගෙන් ඉල්ල ගත්තු මම කෙල්ල පුංචි අම්මලාගේ ගෙදර එන දවසක් බලලා කෙල්ලව ඉස්සුවා. තවත් යාලූවෝ දෙන්නෙක් මට ඒ වැඬේට උදව් කළා. කෙල්ලව කිඞ්නැප් කළ මම එයාව අරගෙන දෙහිවල පැත්තට වෑන් එකෙන් අරගෙන ආවා. එයා හොඳටම ඇඬුවා. මොකද බලහත්කාරයෙන් එයාව අරගෙන යන එකට එයා හිටියේ ගොඩක් බය වෙලා. ඒ වගේම ඒ දිනම එයාව උස්සයි කියලා දිනූ කවදාවත් හිතන්න නැතුව ඇති. මම දිනූව අරගෙන කෙළින්ම ගියේ විවාහ රෙජිස්ටාර් ළඟට දිනූට මම වෑන් එකේ යන ගමන් කිව්වා කසාද බඳින බව. එයා කිව්වෙම බඳින්න බෑ කියලා.
රෙජිස්ටාර් ළඟට ගිහිල්ලත් එයා කළේ මට කසාද බඳින්න බෑ කියලා අඬන එක. එයා කසාද බඳින්න බෑ කිය කියා අඬන කොට විවාහ රෙජිස්ටාර් කසාදෙ ලියාපදිංචි කරන්න බෑ කිව්වා. ඒ වෙනකොට මගේ ඔළුව යකාගේ කම්මල වගේ මොනවද කරන්නේ කියලා තේරුමක් නෑ. මම විවාහ රෙජිස්ටාර්ට ගැහුවා. කසාදෙ ලියාපදිංචි කරන්න බෑ කියපු නිසා ගැහුවා.
එහෙම ගහලා දිනූව ආයෙත් වෑන් එකට දාගෙන එයාගෙ ගෙදරට ගිහින් දැම්මා. ඒ වෙනකොට දිනූගේ ගෙදර හොඳටම කලබල වෙලා ඒ අය පොලීසි ගිහිල්ලා. දිනූගේ අම්මා මට හොඳටම බැන්නා. මමත් එයා එක්ක රණ්ඩුකළා. කොහොම වුණත් හැමදේම ඒ විදිහට ඉවරවෙනකොට මම වැඩි වැඩියෙන් කුඩු ගැහුවා. දිනූ නැති වුණාට පස්සෙ මම හිතූ හිතූ කෙල්ලත් එක්ක නිදාගත්තා. උදේට කෙල්ලෙකුට කතා කරලා ඒ කෙල්ල කිව්වොත් අම්මා ඉන්නවා එන්න බෑ කියලා. මම වෙන කෙල්ලෙක්ට කෝල් කරලා ගෙන්න ගන්නවා.
ඒ වගේ හිතූ හිතූ වෙලාවට කෙල්ලො මං ළඟට ආවා. ඒ වගේ අයාලේ ගිය ජීවිතේදී තවත් හිත ගිය කෙල්ලෙක් මට සෙට් වුණා. එයාගේ නම උදාරි.
උදාරිත් දිනූ වගේමයි. ගොඩක් අහිංසකයි. මට ඕන වුණා මගේ හිත හදාගන්න කාට හරි ආදරේ කරන්න. ඒ නිසා මගේ සිත නතර වුණේ උදාරි ළඟ.
උදාරිගේ ගෙදර තිබුණෙත් මට වඩා පොඞ්ඩක්වත් වෙනස් නැති පසුබිමක් උදාරිගේ මාමා කුඩු ගංජා කේරළ ගංජා ඔක්කොම විකිණුවා. ඒ විතරක් නෙවෙයි එයා පාතාලෙත් හොඳට රජවෙලා හිටියා. මමයි උදාරියි ආදරේ කරන්න පටන් ගත්තා. ඒකත් අනිත් කෙල්ලො වගේම මට පණ දෙන්න හිටියා. ඒත් ඒ සම්බන්ධෙට මුල ඉඳලාම එයාගේ මාමා හරස් වුණා. කුඩු විකුණන, කරන්න පුළුවන් මගෝඩිකම් කරන මිනිහෙක් වුණත් මාමා උදාරිගේ ගෙදරට කිව්වේ මං එක්ක සම්බන්ධයක් තියෙනවා ඒකට ඉඩදෙන්න එපා උදාරිව මගෙන් ඈත් කරන්න කියලා. එයාට කුඩු විකුණන්න හොඳයි මට කුඩු බොන්න හොඳ නෑ. කුඩු විකුණන එක හොඳ වැඩක් කියලා වෙන්න ඇති මිනිහා හිතාගෙන හිටියෙ.
දවසින් දවස අපේ ආදරේට කරදර ආවා. උදාරිගේ මාමා අපි දෙන්නට ලොකු බාධාවක් වුණා. ඒත් දෙවැනි වතාවට උදාරිවත් දිනූවගේ නැති කරගන්න මට බෑ. ඒ නිසා මම මාමව මරලා දාන්න සැලසුම් කළා. එයා ත‍්‍රීවිල් එකේ තමයි කුඩු විකිණුවේ. ඊට අමතරව ත‍්‍රීවිල් එක හයර් කළා. දවසක් මම යාලූවෙකුට කිව්වා ත‍්‍රීවිල් එකේ හයර් එකට වගේ කතා කරගෙන පාලම ළඟට අරගෙන එන්න කියලා. මම කියපු විදිහටම යාළුවා මාමව අරං ආවා. ඒ වේලාවේ උදාරි හිටියෙත් මං එක්ක. මාවයි උදාරිවත් එකට ඉන්නවා දැක්ක මාමා මම හිතාපු විදිහටම ත‍්‍රීවිල් එක නවත්තලා මම ඉන්න තැනට ආවා.
ඒ ඇවිත් උදාරිට යන්න කතා කළා. ඒ වෙලාවෙ මට ඉවසගන්න බැරි තරහක් ආවා. මම කුඩුත් ගහලයි හිටියේ. ඇත්තටම කුඩුගහලා ඉන්න මිනිහෙකුට තිරිසනෙක් වෙන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑ මිස්.
මාමයි මමයි රණ්ඩු වුණා. ඒ වෙලාවේ මගේ අතේ තිබුණ පිස්තෝලෙන් මාමගේ ඔළු කට්ට පුපුරන්න මම වෙඩි තිබ්බා.
ඇත්තටම මම එතැනට එනකන් උදාරි දැනගෙන හිටියේ නෑ. මාමව මරන්න හිතාගෙන මම හිටිය බව. වෙඩි කාපු මාමා බිම වැටෙනවා දැකලා උදාරි කෑ ගහුවා. හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නෑ. මම උදාරිවත් ආව ත‍්‍රීවිල් එකේම දාගෙන එතැනින් ඉගිලූණා.
එදා උදාරි මොනතරම් මානසික මට්ටමකට ඇද වැටෙන්න ඇතිද කියලා මට අද තේරෙනවා. තමන් ආදරේ කරන කොල්ලා ගැන කෙල්ලෙක් හිතාගෙන ඉන්නේ බොහොම සංවේදී විදිහට ඒත් මම හිතක් පපුවක් නැති සතෙක්වගේ හැසිරෙනකොට උදාරිට මොනවා හිතෙන්න ඇතිද?
ඔහු මොහොතක් නිහඬව පසුවෙයි. වරද වරදක් ලෙස පිළිගත් සිත පශ්චත්තාපයෙන් යුතුව පසුවෙනවා විය යුතුය.
ඇත්තටම ඒ වේලාවේ මම හිටියේ ගිනි අරගෙන වෙනදා ඇරලවන තැනට උදාරිව ඇරලවලා මම ගෙදර ආවා. උදාරි මට පොරොන්දු වුණා මාමා මගේ අතින් වෙඩි කාපු බව කාටවත්ම නොකියන්න.
ඒත් කළකම් පල දෙනවා මිස්. අපි කොයි තරම් හංගන්න හැදුවත් වළදාන්න හැදුවත්, කළකම් පලදෙනවා. පොලිසියේ උකුසු ඇස්වලින් ගැලවෙන්න මට පුළුවන් වුණේ නෑ.
මරණය ගැන සැක සහිත තැන් ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ වුණා. ඒ දවස්වල මේ මිනීමැරුම ගැන පත්තරවල පළ වුණා. අන්තිමට මට සිද්ධ වුණේ හිරබත් කන්න. හිරගෙදර ජීවිතේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. සල්ලි තියෙනවා නම් හිර ගෙදර කියන්නේ සුර විමනක්. අතට පයට වැඩකාරයෝ තියාගෙන ජීවිතේ ගෙනියන්න පුළුවන්.
එදා හිරගෙදරදි මට ලැබුණු සමහර දේවල් මට දැනුණේ සැපක් විදිහට. ඒත් අද මට තේරෙනවා ඒ ජීවිතේ මොනතරම් නරකාදියක්ද කියලා.
මම නරකාදියක් සුරවිමනක් විදිහට හිතාගෙන වැඩ කරනකොට මගේ අම්මා මොනතරම් ගින්දරක ඉන්නවද කියලා මට තේරුණේ නෑ. ඒ ගැන එදා හිතන්නවත් මට උවමනාවක් තිබුණෙ නෑ.
කුඩුවලට ආසකරලා අපරාධ පස්සේ දුවපු මගේ ජීවිතේට අද හති වැටිලා. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ මෙහෙම ජීවිතයක් නෙවෙයි. මට ඕන වුණේ වාහනයක් තියාගෙන ගෙයක් දොරක් හදාගෙන කසාදයක් කරගෙන කාටත් ආඩම්බර හිතෙන විදිහට ජීවත් වෙන්න. ඒත් ඒ හීන සැබෑ කරගන්න හිතේ තිබුණට මම ගමන් කළේ වැරදි පාරක. ඇස් පියාගෙන අපරාධ රැුල්ලට මම ආස කළා. මේ මිතුරු මිතුරෝ හෙවනට මාව මේ වතාවේ ගෙනත් දැම්මෙත් අම්මා.
මෙහෙ ආව දවස්වල මම අම්මාට වෛරකළා. ඒත් මේ තැන ගැන අද මම සතුටු වෙනවා. අපේ හාමුදුරුවන්ගේ බණ පදයක් අහලා නිවන් යන්න බැරි වුණත් මේ නරාකාදියෙක් එතෙරයන්න මට පුළුවන් වුණා.
භාවනා කරලා මෛත‍්‍රී කරන මගේ හිත දවසින් දවස නිදහස් වෙනවා තේරෙනවා. එදා අංගුලිමාල වගේ පාර වරද්දගෙන අම්මාගේ බෙල්ලට පිහිය තියලා කෑගහලා බැනපු සිද්ධිය මම කළා කියන්නවත් ඒ ගැන හිතන්නවත් මම කැමති නෑ.
මොකද ඒ සිදු වුණු හැම දේ ගැනම මට අද ලැජ්ජයි.
ඔව් පාතාලයන්ගේ ලෝකෙට ඇතුල් වෙන්න ලෙහෙසි එන්න අමාරුයි.
ඔබ හොඳින් කියෙව්වානම් මේ කතාව බලන්න මේ තරුණයා හොඳ මගට ගැනීමෙන් මොනතරම් අපරාධ රැුල්ලක් මැඩපවත්වන්න පුළුවන් වෙලාද කියලා.
වයස අවුරුදු පහළොවෙදී රිපීටර් ගන් විකුණපු බෝම්බ විකුණපු කොල්ලෙක්.
කෙල්ලන් සිය දෙනෙක් පමණ ගැහැනුන් බවට පත්කල කොල්ලෙක් අද මොනතරම් දැහැන් ගත වෙලාද?
කල්පනාවෙන් ඉන්න කුඩු නැති කරන්න නම් හොඳම ක‍්‍රමය කුඩු නොගහ ඉඳිමයි.
නම්ගම් මනඃකල්පිත බව සලකන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්ම කී දේ ඇහුවනම් මට මෙහෙම වෙන්නෙ නෑ
නිශා Monday, 27 July 2015 07:29 AM
අපේ කාලේ කොල්ලෙක් එක්ක කතා කලෙත් ලජ්ජාවෙන්. ලෝකේ වෙනස්වෙලා තියෙන හැටි දැක්කහම මට මගේ දුව ගැන දැනෙන බය වචනෙන් කියන්න බෑ. කොයිතරම් හොඳට හැදුවත් ලෝකෙට පුළුවන් අහිංසක දරු පැටව් දැහගන්න. (ම)
ප්‍රශීන් Saturday, 25 July 2015 04:15 AM
කෙල්ලෝ මොන තරම් මෝඩයිද මේ වගේ හිතුමතේ හැසිරෙන්න? මට තාමත් හිතාගන්න බැරි මේ තරම් සැප සම්පත් තිබුන තරුණ ජීවිතයක් කුඩු වලට පාතාලයට අන්තිමේදී මිනීමරුවෙක් දක්වා සාහසික වුනේ කොහොමද? නරක සමාජ ආශ්‍රය මොන තරම් භයානකද.(නදී)
මදූ Tuesday, 24 November 2015 07:20 AM
ඔබ පසු තැවෙනවා ඒක ඇත්ත, ඔබේ කතාව කියවලා දුකක් දැනුනා ඔබ ගැනත්, ඊට වඩා ඔබේ අම්මා ගැන මතක් වෙලා මට ඇඩුනා, ඔබ නිසා විනාශ වුණ කෙල්ලෝ ගැන දුකයි. දුකයි සහෝ කියන්න, ඔබලා මේ රටේ ඉපදෙන්න ඕන අය නෙවේ, වැරදිලා ඉපදුනු අය (අ)
වසීම් Friday, 31 July 2015 06:48 PM
ගොඩක් දේවල් තේරුම් යනකොට ප්‍රමාද වැඩියි (නි)
පිටිගල මිලානෝ Tuesday, 28 July 2015 07:56 AM
අපෝ ඔය පත්තිනි අම්මලා වගේ ගෙවල් අස්සෙම හැදෙන කෙල්ලෝ එලියට බැස්සම රවුම් ගහන්නේ කොල්ලෝ දුසිම් ගණන් එක්ක.(නදී)