සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ
මංගලගේ මංගල අය වැය, ස්මාර්ට් අය වැය කියන්නේ මොකක්ද? එය භයංකරයි කියන්නේ ඇයි. ව්‍යවසායකත්වය නගාසිටුවීම, බදුබර, ජනතාවට සහන දීම, බඩු මිල අඩු කිරීම යනාදිය පිළිබඳ එ.ජ.නි.ස. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය:- මංගලගේ මංගල අය වැය පිළිබඳ බන්දුලගේ කතාව මොකක්ද?
පිළිතුර:- කලින් සිටි මුදල් ඇමැතිගේ වැඩ උරුම කරගත්ත සිද්ද වෙච්ච ඒ නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිරකරුවකු ලෙස මෙවර අය වැය ඉදිරිපත්ව තිබෙනවා. සල්ලි අච්චු ගසන, ජනතාව මත අධික පීඩනයක් පැටවෙන, විජාතිකකරණයට පාර කැපෙන බොහොම හොඳ ස්මාර්ට් අය වැය ලේඛනයක් ඉදිරිපත්ව තිබෙනවා.
ප්‍රශ්නය:- බොහොම හොඳ ස්මාර්ට් අය වැයක් කියන්නේ මොකක්ද?
පිළිතුර:- බෙන්තර ගඟෙන් එහා උපන් කෙනෙක් ලෙස ඉතාම සූක්ෂමව ආණ්ඩුවත් විපක්ෂයත් ආගමික නායකවරු සියලු දෙනාත් අය වැය විවේචනයේදී ප්‍රධාන කරුණු හතරකට සීමා කිරීමට මුදල් ඇමැතිවරයා සමත්ව තිබෙනවා. බියර් බදු අඩු කිරීම, ජංගම දුරකථන ගාස්තු වැඩි කිරීම, ණය ගෙවීමේදී බැංකුවලින් බද්දක් අය කිරීම, මෝටර් වාහන බදු සංශෝධනය එම කරුණු හතරයි. සියලු මාධ්‍ය, හීලෑ විපක්ෂය, ඩීල් විපක්ෂය යනාදී සියලු දෙනා කතා කරන්නේ මේ පිළිබඳවයි. ඇත්තටම ඇතිවී තිබෙන මූලික ආර්ථික අර්බුදය සහ එයින් ගොඩඑන්න බැරිකමේ ප්‍රශ්න සියල්ලම මේ කරුණු හතරෙන් යට ගහන්න තරම් සියුම් උපාය මාර්ගික ඥානයක් මංගල ඇමැතිට තිබුණා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මුදල් ඇමැතිකමට අමතරව ජනමාධ්‍ය කැබිනට් ඇමැති ධුරයත් ඔහු දරනවා. ඒ නිසා මාධ්‍ය ආයතන සියල්ල විපක්ෂයේ සහයෝගයත් ඇතිව තමන් ඉලක්ක කළ කරුණු හතර වටා පමණක් කරකවන්න එතුමා සමර්ථ කමක් දක්වා තිබෙනවා. ඒ නිසා මේක ස්මාර්ට් අය වැයක්. මේ තත්ත්වය හේතුවෙන් මේ අය වැයේ තිබෙන කටුක බව භයංකර බව, යථාර්ථය සම්පූර්ණයෙන් සමාජයෙන් ගිලිහිලා.
ප්‍රශ්නය:- රට හදන්න ගෙනාපු අය වැයක් භයංකර එකක් ලෙස හඳුන්වන්නේ මොන පදනමකින්ද?
පිළිතුර:- යහපාලනය ඇවිත් වසර තුනක් සම්පූර්ණ වේගෙන එනවා. මේ කාලයේ ඉදිරිපත්වූ අය වැයවලින් හදා තිබූ රට විනාශ කළා මිසක් විනාශ වුණු රටක් ගොඩනගන්න කිසිම රටක් දායක නොවූ බව අය වැයට කලින් දිනයේ මම “අය වැය මිථ්‍යාව සහ යථාර්ථය” නමින් පොතක් නිකුත් කර ඔප්පු කළා. පාර්ලිමේන්තුව තුළ නොකෙරෙන බරපතළම හෙළිදරව්ව මම එමගින් කළා. පාර්ලිමේන්තුවේ අත්පුඩි ගසා දිව නවා විසිල් ගසා අති මහත් සංතෝෂයෙන් තුනෙන් දෙකෙන් සම්මත වු පෙර වසරේ අය වැයෙන් වෙන් කළ මුදලින් වියදම් නොකළ මුදල රුපියල් බිලියන 792 ක්. මුළු අය වැයෙන් පහෙන් එකක් පට්ටපල් බොරුවක්. මෙහෙම වුණේ කලින් වසරේ අයවැයේදී පමණයි. සියයට විස්සකින් බොරු සංඛ්‍යා ලේඛන අය වැයෙන් ඉදිරිපත් කර ලංකා පාර්ලිමේන්තුව වැඩියෙන්ම නොමග යවා තිබෙන්නේ කලින් වසරේදීයි.
කලින් වසරේ අධ්‍යාපනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 203 යි. හැබැයි වියදම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට දුන්නේ බිලියන 65 යි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වියදම් නොකර ඉතිරි මුදල රුපියල් බිලියන 138 යි. රුපියල් කෝටි 13,800 ක් රටේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් නොකරපු ලංකා ඉතිහාසයේ එකම ආණ්ඩුව බවට මේ ආණ්ඩුව වාර්තාවක් තබා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගතිය සියයට 32 යි. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ මුදලෙන් තුනෙන් එකක්වත් වියදම් කරල නැහැ. මේ අය වැයෙන් වැඩිම යෝජනා සංඛ්‍යාවක් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් මැද්දේ ඉදිරිපත් කළේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවො ඉන්න අය වගේම දරුවෙක් නැති දරුවන්ගේ වේදනාව තේරෙන්නේ නැති අයත් සතුටට පත්වුණා කාගෙ හෝ දරුවන්ට ඉහත කී යෝජනාවලින් සෙතක් සැලසේවි කියලා. මිලියන 64000 ක යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ සියයට 9.5 යි. සියයට අනූවක්ම අලුතෙන් කිව්ව යෝජනා එකක්වත් ක්‍රියාත්මක කර නැහැ. එක් එක් අය වැය යෝජනාවට අත්වූ ඉරණම ගැන මම මගේ පොතේ ලියා තිබෙනවා. ඒවා වැරදිනම් ඕන කෙනකුට මට අභියෝග කරන්න පුළුවන්. ඒව වැරදි නම් කූඨ ලේඛනයක්, මහජනතාව නොමග යැව්වා කියා ඕනෑම කෙනෙකුට මට එරෙහිව නඩු පවරන්න පුළුවන්. මෙහෙම බැලුවාම මේ අය වැයත් බොරුවක්.
ප්‍රශ්නය:- මම අහන්නේ ගිය අය වැය ගැන නෙමෙයි. මෙවර අය වැය පිළිබඳවයි.
පිළිතුර:- ගිය අය වැය ලේඛනයෙන් වු වැරැද්ද නිසා මේ අය වැය ලේඛනය හදන්න කලින් 2016 ජුනි මාසයේදී තුන්වැනිදා හිටපු මුදල් ඇමැතිවරයාට ගිවිසුමක් අත්සන් කරන්න සිදුවුණා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපට හිමි පංගුව මෙන් සියයට 185 ගුණයක ණයක් ඒ ගිවිසුම අනුව අපට ලැබෙනවා. ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක් මේ අනුව වසර තුනකට ලැබෙනවා. එය ලැබෙන්නේ අවුරුද්දකට වාරික දෙක බැගින් වාරික හයකින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමක් අත්සන් කරගෙන තිබෙන්නේ කවුරු මුදල් ඇමැති වුවත් ඔහු ඉටුකළ යුතු ප්‍රධාන කරුණු කීපයක් ඇතුළත් කරලයි. 2020 වන විට රාජ්‍ය අය වැය හිඟය සියයට තුනට අඩු කිරීම, මුදලේ අගය නිදහසේ තීරණය කෙරෙන නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් අනුගමනය කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම, රාජ්‍ය ණය පාලනය කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරණය හෝ ප්‍රතිසංවිධානය, වෙළෙඳාමට හා ආයෝජනයට හිතකර වාතාවරණයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යනාදිය කරන බවට පොරොන්දු වී අත්සන් තබල තමයි මූල්‍ය අරමුදලෙන් ණය මුදල ගත්තේ. මේ ණය වාරික දෙන්න කලින් මූල්‍ය අරමුදලේ ආර්ථික විශේෂඥ පිරිසක් ලංකාවට පැමිණෙනවා. මෙරට ආර්ථීකයේ ගෙන ඇති පියවර පිළිබඳ විමර්ශනයක් ඔවුන් කරනවා. හරියට වැඩ කරල නැති නම් ඒ අය එම මුදල දෙන්නේ නැහැ. රටේ උද්ඝෝෂණ, වර්ජන සියල්ල මැඩලා වැට් පනත සම්මත කළෙත් දේශීය ව්‍යාපාරවලට තිබූ සියලු සහන ඉවත් කර මූල්‍ය අරමුදල හදාදුන් දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් විනිමය පාලන පනත සංශෝධනය කළෙත් මූල්‍ය අරමුදලේ නියමයන් ඉදිරියේ දණ ගැසූ නිසයි. මූල්‍ය අරමුදල රාජ්‍ය මූල්‍යයට කරන බලපෑම දේශීය ව්‍යවසායකයන්ට හානිකර නිසා පෞද්ගලික අංශයට අහිතකර නිසා රටේ අනාගතයට අහිතකර නිසා ඒකාබද්ධ විපක්ෂය පමණයි මේවාට විරුද්ධව කටයුතු කළේ. මූල්‍ය අරමුදලේ සිරකරුවෙක් ලෙස මෙවර අය වැය ඉදිරිපත් කළ නිසා ජොකිය මාරු වුණාට අශ්වයා මාරුවී නැහැ.
ප්‍රශ්නය:- ලංකාවේ ව්‍යවසායකත්වය නගාසිටුවන්න එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා කටයුතු කර තිබෙන්නේ මූල්‍ය අරමුදලේ සිරකරුවෙක් වූ නිසාද?
පිළිතුර:- අවශ්‍යයෙන්ම ඔව්. ඕවා සුන්දර වචන වුණාට මෙච්චරකල් ස්වදේශිකයන්ට තිබුණු සියලු වරප්‍රසාද, සහන, අයිතිවාසිකම් අහෝසි කිරීම රටේ ජනතාවට නොතේරීම තමයි මෙතන තිබෙන ප්‍රශ්නය. නැව් බඩු මෙහෙයුම් ආනයන අපනයන ආර්ථිකයක විශාල වශයෙන් ඩොලර් උපදවන උල්පතක්. මේ නැව් සමාගම්වල නියෝජිත ආයතන තිබෙනවා. මේ නැව් නියෝජිත ආයතනවල අයිතිය ගත්විට විදේශිකයන්ට අයිති කරගන්න පුළුවන් එක් නියෝජිත ආයතනයක සියයට හතළිහයි. ස්වදේශිකයන්ට සියයට හැටක් අයිතියි. එහෙත් මෙවර අය වැයෙන් යෝජනා අනුව නැව් නියෝජිත ආයතනවල අයිතිය සියයට සියයක් අයිති කර ගන්න විදේශිකයන්ට පුළුවන්කම තිබෙනවා.
දේශීය පාවහන් වෙළෙඳ පොළක් තිබෙනවා. මේ වෙළෙඳ පොළේ 3,50,000 ක් ඍජුව රැකියා කරනවා. දේශීය පාවහන් අවශ්‍යතාවෙන් සියයට අනූවක් දේශීය කර්මාන්තවලින් දිගු කාලයක් තිස්සේ සපයනවා. එහෙත් මේ අය වැයෙන් කරන වෙළෙඳපොළ ලිහිල්කරණය යටතේ ඉන්දියාවේ තිබෙන පාවහන් නිෂ්පාදනය කරන දැවැන්තම සමාගම වන කේ.වී.සී. සමාගමට ලංකාවේ වෙළෙඳ පොළට පාවහන් සැපයීමට අවස්ථාව උදාකරමින් ආයෝජන මණ්ඩල අනුමැතිය දෙනවා. ඒ අනුව අනාගතයේදී මෙරට පාවහන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම විජාතිකකරණය වෙනවා. දෙපා අපේ පාවහන් ඉන්දියාවේ.
දේශීය කිරි ගොවීන් ලක්ෂ දහයක් සිටිනවා. මේ ලක්ෂ දහයම අනාථයි. එයට හේතුව දේශීය කිරිපිටි වෙළෙඳ පොළේ ඒකාධිකාරියක් එක්තරා තනි සමාගමකට සාදා දී තිබීමයි.
ලංකාවේ කිරි ගොවියා විනාශ කරන්න ඉඩ දෙන්නැති බව ජනාධිපතිතුමා දිගින් දිගටම පසුගිය දිනවල ප්‍රකාශ කළා. කිරි ගොවියා ආරක්ෂා කරන්න ඕන කියනවා. හැබැයි අය වැය ලේඛනයෙන් මුදල් ඇමැතිවරයා තුට්ටු දෙකට විදේශවලින් ආනයනය කරන කිරිපිටිවල බද්ද අඩු කළ බව ජනාධිපතිතුමා දන්නේ නැහැ. මේ නිසා වක්කඩ කැඩුවා වගේ කිරිපිටි ලංකාවට ආවා. දැන් යෝගට් නිපදවන අයත් දියර කිරි පාවිච්චි කරනවා වෙනුවට පිටි කිරි පාවිච්චි කරන තත්ත්වයට පත්වෙලා. ඒ එය වඩා ලාබදායී නිසයි. අපේ කිරි ගොවීන් කිරි කාණුවලට හලනවා. යටින් යන මේ මහා දැවැන්ත වැඩ පිළිවෙළ පිළිබඳ අවධානය වෙනතකට ගෙන යන දේයි වෙන්නේ. දැන් රටේ විපක්ෂයක් නෑ. ඒකයි ප්‍රශ්නය.
දිස්ත්‍රික්ක 20 ක නියඟය තිබෙනවා. මේ නියඟයෙන් ලක්ෂ 18 ක් අනාථ වී සිටින බව එජා සංවිධානය වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා. තුන් ලක්ෂයක් අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා. 1,29,000 කට ඩෙංගු වැළඳිලා. තුන්සියයක් ඩෙංගුවලින් මිය ගිහින්. මේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ වචනයක් වත් කතා වෙන්නේ නැහැ. හඬක් නගන්න බැරි මේ ජනයා වෙනුවෙන් අපි නගන හඬ මොකක්ද? මේ අය වැයෙන් අඩුම තරමින් මේ ජනතාවට මසකට රුපියල් 2000 බැගින් වෙන් කරන්න කියා ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි කිව්වා. ආපදා කළමනාකරණය යටතේ මේක කරන්න කියලයි අපි කිව්වේ. නියඟයෙන් පීඩාවට පත්ව ජීවත් වීමට අරගලයක් කරන මිනිස්සුන්ට මේ අය වැයෙන් ලබාදී තිබෙන සහනය මොකක්ද? බොරු ටිකක් නම් කියනවා.
ප්‍රශ්නය:- ජනතාවට බදු බර පටවන්නේ නැතිව ජනතාවට සහනදායී තත්ත්වයක් උදා කළ බව ඔබලා පිළිගන්නේ නැතිද?
පිළිතුර:- කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මොකද මම ආර්ථික විද්‍යාඥයෙක් නේ. මහින්ද රාජපක්ෂ යුගයට වඩා භාණ්ඩ හා සේවා මත පනවන බදු සියයට එකසිය එකකින් වැඩිවී තිබෙනවා. මේ බඩු මිල වැඩිවීමේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව වැට් සංශෝධනය බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. භාණ්ඩ මත බදු පනවන්න පනවන්න ඒ බදු භාණ්ඩයේ මිලට එකතු වෙනවා. එවිට අපි කැමැති වුවත් නැතත් වෙළෙඳ පොළේදී ඒ භාණ්ඩයේ මිල වැඩි වෙනවා. එනිසා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියාට පස්සෙ ලංකාවේ වැඩිම හාල් මිල, වැඩිම පොල් මිල, වැඩිම එළවළු, පලතුරු මිල, වැඩිම ලොකු ලූනු මිල වාර්තා කළේ පසුගිය මාසයේදීයි. උද්ධමනය අනුපාතය සියයට 8.9 ක් බවට පත්වුණා. මේ වගේ බදු පීඩනයක් ඇති කළාම ඇතිවෙන සහනය මොකක්ද? දහ අටට වැඩි සියලු දෙනාට බදු ලිපිගොනුවකුත් ලබන වසරේදී විවෘත වෙනවා. එතකොට පීඩනය තවත් වැඩිවීම වළක්වන්න බැහැ. මේ අය වැයේ පීඩාව දැනෙන්නේ ලබන වසරේදී.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා බෙන්තර ගඟෙන් එගොඩ උපන් කෙනෙකු ලෙසත් ජනමාධ්‍ය හැසිරවීම පිළිබඳ එතුමගෙ දිගුකාලීන පරිචයක් නිසා සියලු දෙනා අන්දල, රට අන්දල තමන්ගේ නම ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ඇමෙරිකා එක්සත් ජනපදයටත් වඩා ඉස්සරහට ගෙන ගොස් තිබෙනවා. ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම රටේ ව්‍යවසාය, කර්මාන්ත, ආයෝජකයෝ ආරක්ෂා කරනවා. ඒවා ලිහිල් කරන්නේ නැහැ. ඒක තමයි ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය. එහෙම කරන්නේ එරටට අහිමිවූ දේ ලබාගන්නයි. හැබැයි අපේ අය ලංකාවට හිමිවෙන්න තියෙන දේ විජාතිකයන්ට උරුමකර දෙනවා. ඒකයි වෙනස. මේ අය වැය ලේඛනයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් වෙනස්.
ප්‍රශ්නය:- අය වැයට පෙර දිනයේ බඩු මිල අඩුකර ජනතාවට සහන දුන්නු බව අමතකද?
පිළිතුර:- එහෙම නම් ජනතාව වීදි බැහැල ආණ්ඩුවට ප්‍රසාදය පළ කරන්න ඕනනේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නා කෙනෙක්ගෙන් විශ්‍රාමිකයෙක්ගෙන් අහල බලන්නකො ඒ අය ජීවත් වෙන අමාරුව. විශ්‍රාම වැටුප් විසමතා ඉවත් කරන්න කරන ඉල්ලීම් කොතරම්ද? ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ගේ පොලිය වාෂ්පවී යන හැටි ඒ අය කියනවා. ණය ගෙවා ගන්න බැරිව දිනපතා වසබී අයිස්ක්‍රීම් එකට වසා දමා තමන්ගේ දරුවන්ට කවා දරුවන්, අම්මලා මැරෙන රටක් බවට අද මේ රට පත්වෙලා. බැඳුම්කර හොරකමෙන් සිදුවූ බලපෑමෙන් වුණු පොලී අනුපාත ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුවක්. ඒක තමයි කටුක යථාර්ථය.
ප්‍රශ්නය:- මෙය අය වැයක් නොව රටේ ආර්ථික ප්‍රශ්නයට යෙදූ ප්‍රතිකර්මයක් බව පිළිගන්න සූදානම් නැතිද?
පිළිතුර:- සාමාන්‍යයෙන් පාසලකට ගිය මනුස්සයෙකුට සිතෙනවාට වඩා යමක් සිතන්න පුළුවන් පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දකින්න පුළුවන් සියලු දෙනාට කියන්න ඕන කරුණක් තිබෙනවා. ඒ මේක ප්‍රතිකර්මයක් නෙමෙයි ව්‍යසනයක් තිබුණු තත්ත්වයටත් වඩා ඛේදවාචකයක් බව පරිවර්තනය කරන අය වැයක් කියන එකයි. ඒ නිසා සමහර අය වැය යෝජනා ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරයාට බලපෑම් කිරීමෙන් කාරක සභා අවස්ථාව වනවිටත් වෙනස් කරගන්න සිදු වෙනවා. අධ්‍යාපන, කුඹුරු පනත, ඉඩම් අයිතිය පිළිබඳ පනත, කාර්යාල සහ සාප්පු සේවක පනත, නිවාස කුලී පිළිබඳ පනත ආදී ශ්‍රීලනිප ප්‍රමුඛ ප්‍රගතිශීලී ආණ්ඩු විශාල උද්ඝෝෂණ මැද්දේ ජනතාවට හිතසුව පිණිස සම්මත කරගත් නීති රැසක් ලබන වසරේදී උඩුයටිකුරු කර පුද්ගලීකරණයට හා විජාතිකකරණයට අවශ්‍ය පසුබිම සකසනවා. එජනිස හරහා ඡන්දය ලබාගෙන මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරු ජනාධිපතිවරයාට බලපෑම් කර ඉහත කී තත්ත්වය වෙනස් කරන්න කාරක සභා අවස්ථාවට පෙර මැදිහත් වෙන්න ඕන.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැයේ පීඩාව එන වසරේ දැනේවි
kumar (galf) Monday, 20 November 2017 11:33 AM
දවල් හීන දකින කෙනෙක් වගෙයි....
chathuri Tuesday, 21 November 2017 03:19 PM
අය වැය පීඩාව එන වසර එනකම් ඉන්න උවමනා නැහැ. එන හැම වසරේම උපදින දරුවා පවා මේ ප්‍රශ්නෙට මුණ දෙන්න වෙනවා ජිවිත කාලයටම අපිට.