IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අරගලයේ වේදිකාව වෙනස් වීම

‘ජනාධිපතිවරයා විසින් විභාග කටයුතු විදුහල්පතිවරුන්ට බාරදෙන ලෙස නියෝග කරන ලදී. ප‍්‍රශ්නයට පිළිතුර මෙයද? විදුහල්පතිවරුන්ගෙන් විභාග කටයුතු පළාත් විභාග දෙපාර්තමේන්තුවට ගත්තේ හේතු ගණනාවක් මතයි. එය අධ්‍යාපනයේ ඉදිරි පියවරකි. දැන් ජනාධිපති පවසන පරිදි සියල්ල විදුහල්පතිට පවරා ඇති හෙයින් ඇමැතිවරුන් නිදහස් වනු ඇත. ලේකම්වරු අධ්‍යක්‍ෂකවරු දුව දුව නිදහස් වෙති. ”ඇයි මෙහෙම දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්නේ? පාසල් වියේ දරුවෙකුගේ අධ්‍යාපනයේදී වසරක සිදුවන වරදක් නැවත නිවැරැදිකර ඒ දරුවාට ඒ වසර නැවත ලබාදිය නොහැක. අද ලෝකය දියුණුය. තාක්ෂණය දියුණුය. අධ්‍යාපන ක‍්‍රම හා උපක‍්‍රම ඉතා දියුණුය. වාර විභාග ප‍්‍රශ්න පත‍්‍රයක් නිවැරැදිව සකස් කිරීමට නොහැකි වීම හදපු එකාගේ ගොන්කමය. සෝදුපත් බැලූ එකාගේ මෝඩකම නැත්නම් නොසැලකිලිමත්කමය. විභාග ප‍්‍රශ්න පත‍්‍ර ටියුෂන් පන්තිවල ඉගැන්වීම හොරකමකි. ඊටත් වඩා ජාවාරමකි. ඒ වැරදි හදන්න හොරුන් වංචාකාරයින් එලවන්න. අපේ අධ්‍යාපනය නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙනියන්න.”

(මේ 2009.08.23 වැනිදා ජාතික පුවත්පතක පළවූවකි.)
  එදා මෙලෙස අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් තම නිදහස් මතය ”එම” පුවත්පතේ ”විමසා බලමු තීරුවට” ඉදිරිපත් කර තිබුණේ වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායකය. ඒ කාලේ අධ්‍යාපන ඇමතිවරයා සුසිල් පේ‍්‍රමජයන්තය. එදා එස්. බී. තම ප‍්‍රහාරාත්මක විග‍්‍රහය ඉදිරිපත් කළේ පාසල් වාර විභාග ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම කලාප අධ්‍යාපන කාර්යාලවලින් විදුහල්පතිවරුන්ට පැවරීමට රජය ගත් තීරණය බරපතළ ලෙස විවේචනය කරමින්ය. නිදහසේ කල්පනා කරන විට අධ්‍යාපනය සම්බන්ධයෙන්  ඕනෑම කෙනෙක් සංවේදීය. විශේෂයෙන්ම එස්. බී. වැනි දැන උගත්, නවීන ලෝකය සමඟ ජීවත් වන, පොතපත පරිශීලනය කරන කළමනාකරණය වැනි විෂයකට ගෞරව උපාධියක් ඇති දේශපාලනඥයෙක් නිදහසේ කල්පනා කරන විට මත පළ කරන්නේ මෙසේ ය : පාසලක වාර ප‍්‍රශ්න පත‍්‍රයක් සැකසීම කලාප අධ්‍යාපන කාර්යාලයක වගකීමෙන් මුදාහැර විදුහල්පතිවරුන්ට පැවරීම වුවද බරපතළ විවේචනාත්මක කාරණයක් සේ දකින්නේ ඒ නිසාය. මේ නිසා ඔහු ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන්නේ වගකීම්වලින් ඇමැතිවරුන් හා නිලධාරීන් නිදහස් වන මෙවන් තීන්දු ගන්නේ ඇයිද කියලාය. ඇයි මෙහෙම දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්නේ කියලාය. මේ වන විට මේ රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය වහා ගිනි ඇවිලෙන සුළු අර්බුදයක් බවට පත්ව තිබේ. එය වාර ප‍්‍රශ්න පත‍්‍රයක් හැදීමේ වගකීම විදුහල්පතිවරයකුට පවරනවා සේ සුළු කාරණයක් නොවේ. එදා ඒ සිදුවීම අදට සාපේක්‍ෂව පයිසයක් වත් වටින්නේ නැත. මේ වන විට පහේ ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍රයේ සිට විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රය දක්වාම දැවැන්ත අර්බුදයක් ගොඩ නැෙඟමින් පවතී. එහෙම නැත්නම් ගොඩ නංවා ඇත. වැස්සටවත් පාසලකට ගොඩ නොවැදුණු අයට කෙසේ වෙතත් අධ්‍යාපනයේ අවුලක් ඇත යන්න රටේ පොදු සමස්තයට ම දැන් දැනෙනවා වැනිය. එසේම වර්තමානයේ මේ රටේ අධ්‍යාපනය බාරව සිටින්නේද එස්. බී. දිසානායක හා බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන් දෙපළ බව අමුතුවෙන් කිවයුතු නැත. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ තේරීම නිවැරැදිය. අමාත්‍ය එස්. බී. විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ පෙරළිකාර චරිතයකි. එදවස ඔහු ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ නායකයාය. ජයවර්ධනපුර සරසවියේ සිසු සංගම් නායකයාය. එදා එස්. බී. ලා කළ සටන් දෙස බලන විට අද සටන් මොනවාද කියලත් කෙනෙකුට සිතිය හැකිය. අමාත්‍ය බන්දුල ගුණවර්ධනද සිසුන් ලක්ෂ ගණනක නැණ නුවණ පෑදු ගෞරව උපාධියක් ඇති සාමාන්‍ය පන්තියෙන් බිහි වූ ගුරුවරයෙකි. නායකයෙකි. ඔහු තවමත් සාකච්ඡාවල යෙදෙන විට පවා පන්තියක සිසු දරුවන්ට ඉගැන්වීමක යෙදෙන ගුරුවරයකු වැනිය. මෙවන් විෂයානුබද්ධ අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් පැවතීමම එක්තරා විධියකින් පුදුම සහගතය. පුදුම වුවත් සත්‍යයද එයමය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය, ඉසෙඞ්ස්කෝ ආරවුල, පහේ ශිෂ්‍යත්ව හා උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර අවුල සමස්ත ක්ෂේත‍්‍රයේම අවුල් ජාලයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් විවිධ විග‍්‍රහ ඇත. එසේ ම සමාජගත වෙමින් පවතින සත්‍යයක් ද ඇත. එය හොඳ නැත. ස්වාධීන බුද්ධිමතුන් පිරිසක් පිහිටුවාගෙන ඇති ”කිවිදා එකමුතුව” සඳහන් කරන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සාධාරණ බවයි. ”විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ තදබල වෘත්තීය කි‍්‍රයාමාර්ගය තුළ ගැබ්ව ඇත්තේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය ඉල්ලීම්ය. අවාසනාවකට රජය මෙම ප‍්‍රතිපත්ති සම්බන්ධ පැහැදිලි සංවාදයක් ඇතිකර අර්බුදය විසඳීම ජාතික වශයෙන් ප‍්‍රමුඛ කාර්යයක් සේ සලකා නැති බව  2012.08.20 වැනිදා ජාතික පුවත්පත් වාර්තාවකින් කියැවිණි. ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයේ විද්වතෙකු වූ ජයන්ත ධනපාල හා මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර වැනි අය මෙම ප‍්‍රකාශයට අත්සන් තබා ඇත. මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර කල්පනා කරන පරිදි, මෑත ඉතිහාසයේ තරම් විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රය දේශපාලනීකරණය වූ යුගයක් තවත් නැති තරම් ය. ඊට පිළිතුරු සපයන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ. ”ඉසෙඞ් අර්බුදය හරහා මතු වන්නේ අධ්‍යාපනය දේශපාලනීකරණය වීමේ ප‍්‍රතිඵලයකි. ඉසෙඞ් අවුල නිර්මාණය වන්නේ ඉතා පැහැදිලි ලෙස ස්ටාලින්ලා, ලෙනින්ලා, සහ ගුරු සංගම් හා වෙනත් දේශපාලන බලවේග විශාල බොරු සමාජ ගත කිරීමේ දැවැන්ත උපායක් යොදා ගැනීම හේතුවෙනි.” (21.08.2012 ලංකාදීප) මහාචාර්ය සාවිති‍්‍රලා සඳහන් කරණ දේශපාලනීකරණය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කල්පනා කරන පැත්ත නොවේ. ඔවුන් සඳහන් කරන්නේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ගැනය. අධ්‍යාපන ඇමැතිවරයාගේ මතය දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව වැඩකරණ වෘත්තීය සමිති ගැනය. මේ පාර්ශ්ව දෙකේම කල්පනාවේ සත්‍යයක් තිබෙන බව සමාජ ගත වෙමින් පවතී. මධ්‍යස්ථව බලන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තම වැටුප් ඉල්ලීමට වඩා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනු ලබන රජයේ ප‍්‍රතිපාදනය වැඩි කිරීමේ ඉල්ලීම සාර්ථකව සමාජගත කරමින් සිටින බව පෙනේ. බෝලය ඔවුන් ආණ්ඩුව පැත්තකට දමා ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමින් සිටී. ආණ්ඩුව ඊට එල්ලකරන ප‍්‍රහාරය ගැන දෙගිඩියාවක වාගේය. මේ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන තමන්ගේ වෘත්තීය ඉල්ලීම පරයා ජාතික තලයට පැමිණ තිබේ. මේ වන විට ඊට විවිධ වෘත්තීය සමිති හා කම්කරු සටන් මධ්‍යස්ථාන එක් වෙමින් සිටී. ආණ්ඩුවට මේ මුළු සමස්තයම ”දේශපාලන කුමන්ත‍්‍රණයකි.” සිසුන් හා වැඩ කරන ජනතාව පාරට ගැනීමේ උපක‍්‍රමයකි. කුමන්ත‍්‍රණයක් යැයි පවසමින් විශ්ව විද්‍යාල වැසීම පාරට බසින්නට සිටින අයට රුකුල්දීමක් සේ ආණ්ඩුවේ අය කල්පනා නොකරන්නේ මන්දැයි කියන්න දන්නේ නැත. ආචාර්යවරුන්ගේ වර්ජනයක් පැවැතිය ද වෙනදා ගස්යට බංකු උඩ ප‍්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදුණ ශිෂ්‍ය ප‍්‍රජාව දැන් විශ්ව විද්‍යාල වසා දැමූ තැන් සිට මහපාරේ ය. ඔවුන්ගේ අරමුණ අනියමින් ජනතාව පාරට ගැනීම නම් ප‍්‍රශ්නයට විසඳුමක් නොදී විශ්වවිද්‍යාල වසා දැමීමෙන් ඔය කියන කුමන්ත‍්‍රණයට රුකුල් දී තිබෙන්නේ කවරකුදැයි සිහි නුවණින් කල්පනාකරන කෙනකුට සිතාගත හැකිය. විශ්ව විද්‍යාල වසා දැමීමත් සමඟම ආචාර්යවරුන් කැඳවූ විරෝධතා රැලිය වෙනදාට වඩා සාර්ථක විය. ඊට විපක්ෂ දේශපාලන කණ්ඩායම් කැඳවා ගැනීමටද සංවිධායකයෝ සමත් වූහ. පෙරේදා පැවැති සිසු උද්ඝෝෂණය හා ඊට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර අබියස අර පාරට ගැනීමේ කාර්යය අනියමින් සිදු වන අතර අර්බුදය නොවිසඳී පවතී. මේ ආචාර්යවරුන්ගේ බහුතරය මේ ආණ්ඩුව බලයට පත් කිරීමට උදව් කළ අය බව අමුතුවෙන් කිවයුතු නැත. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනේ නායකයාය. උපන්ගෙයි වාමාංශිකයෙකි. එදා ”ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන් දේශපාලනයට ගොඩවැදී පැරණි වමෙන් දේශපාලන ආභාෂය ලත් නිර්මාල් තවමත් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිතවතෙකි. එමෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සමීපතම හිතවතෙකි. දැනටත් කොටාපාර සමඟ ඔහුගේ සබඳතා ඇතැයි කියවේ. මේවා එස්.බී.ලා කලින් සිටිය තැන්ය. දෙබරයක් ඇවිස්සුවත් ආණ්ඩුවකට මේ ක්ෂේත‍්‍රය අවුස්සාගත යුතු තැනක් නොවේ. වත්මන් රජයට අභියෝගයක් එල්ල කිරීමට තරම් ශක්තිමත් විපක්‍ෂයක් අපේ රටේ නොමැති බව ”උකුණු හිසක්” තරම්වත් මොළයක් නොමැති කෙනෙකුට වුවද පැහැදිලි වන සත්‍යයකි. මේ නිසාම ආණ්ඩුවක් දඩබ්බර විය යුතු නැත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නියඟින් පීඩා විඳින ගොවියන් අතරට ගොස් ඔවුන් හමුවන්නේ මේ දේශපාලනය ගැන දන්නා නිසාය. හැට පැන්න විපක්ෂ නායක කාරකාදීන්ට තවමත් පාසල් සිසුන් නංගිලා මල්ලිලාය. දුවේ පුතේ කියන්නවත් ඔවුන් ලෙන්ගතුවන පාටක්  නොපෙනේ. මේ නිසා පාසල් යන නංගිලා මල්ලිලාට එස්. එම්. එස්. එවන්න කියන ”තලැත්තෑනි බෝයිස්ලා” ගෙන් සමන්විත විපක්ෂය මඟහැර වෙනම ආණ්ඩු විරෝධී දේශපාලන සටන් මධ්‍යස්ථානයක් වෘත්තීය සමිති හරහා ගොඩ නැෙඟමින් තිබෙන බව පෙනේ. ඒ අයට ප‍්‍රශ්න පත‍්‍රයක කුඩා වරදක් වුවද මහ මෙරකි. අධ්‍යාපන ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු ගනයේ සිදුවීමකි. ආණ්ඩුව මේවා ගැන කල්පනා නොකරනවා වාගේය. අභියෝගය මතුවන්නේ වෙන තැනකිනි. සාම්ප‍්‍රදායික විපක්ෂය දිගු නින්දකය. ආණ්ඩුවට ඒ ගැන සතුටුය. ඒ ජොලියේ පසුවන ආණ්ඩුවට මේ මහ පොළොවේ ඇතිවෙමින් පවතින නව දේශපාලන අනතුර නොපෙනෙන ගානය. පිරිසක් පාරට පැමිණ යමක් ඉල්ලන බවක් පෙනේ. මෙය අරාබි වසන්තයේ දකුණු ආසියානු පෙර හුරුවක් දැයි කියන්න දන්නේ නැත. සරසවි ආචාර්යවරුන් වැනි බුද්ධිමතුන්ද දැන් එක්වෙමින් සිටින්නේ මේ නව ආණ්ඩු විරෝධී සටන් කලාපයටය. ඔවුන්ගෙන් බහුතරය තුළ මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුණු වාමාංශික අතීතයක් ඇති යූ.ඇන්.පී. විරෝධීන් ද සිටින බව පෙනේ. ඔවුහු යූ.ඇන්.පි.යට වඩා මේ රජයට බලපෑමක් එල්ල කිරීමේ නිලය දන්නා අයයි. නිලධාරීන්ගෙන් ලණුකමින් තම කීර්තිමත් අතීතය ස්වෝත්සාහයෙන්ම විනාශකර ගැනීමට සැරසෙන මේ ආණ්ඩුවේ නායකයන් මේ බව කල්පනා නොකර දඩබ්බර වීම කනගාටුදායකය. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිටින සමහරුන් උසාවියේ අණසකට පවා ගරු කිරීමක් නොදක්වා උසාවියෙන් සමාව ඉල්ලන ජාතියේ උද්ධච්ච අය බව අමුතුවෙන් කිව යුතු නැත. අමාත්‍යවරයා අර්බුදයට ලක්වන විට සමහර නිලධාරීන් මාධ්‍යයට තමත් දන්නා දේ කීමට වත් පැමිණෙන්නේ නැත. එ් අය සමඟ තීන්දු ගන්නා අයට දෙවියන්ගේ පිහිටය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ජනපි‍්‍රයත්වයෙන් මෙවන් ප‍්‍රශ්න නොවිසඳා දඩබ්බර ලෙස යටපත් කරගත හැකියැයි කල්පනා කිරීම කිසිසේත්ම  ප‍්‍රඥගෝචර වන්නේ නැත. අවසානයේ ජනතාව තීන්දුවකට එන්නේ දැන් මේ ආණ්ඩුවට යුද්ධය හැර වෙන කිසිවක් හරි හැටි කරගත නොහැකිය කියලාය. එය වැරදිය. එවැනි වැරදි මතයක් වුවද සමාජගතවීමේ ඉඩකඩක් පවතී. එය ජනාධිපති මහින්ද රාජපක්‍ෂටද දීර්ඝකාලීනව හොඳක් වන්නේ නැත.
වසන්තප‍්‍රිය රාමනායක
එස්.බී. දිසානායක බන්දුල ගුණවර්ධන නිර්මාල් රංජිත්



අදහස් (0)

අරගලයේ වේදිකාව වෙනස් වීම

ගාමිණී සේරසිංහ Saturday, 01 September 2012 12:00 AM

2/3ක බහුතරයක් ඇති රටක තනි මතයේ ක්‍රියාවල ප්‍රතිඵල.. රටේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙල නවත්තන්න නම්  ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි..!!(නු)

:       1       1

කුමුදු Saturday, 01 September 2012 12:56 AM

කිසිම විෂයක් හරියට කර ගැනීමට බැරි දුර්වල අය. මොන පක්ෂයේ හිටියත් වැඩක් නැහැ..!!(නු)

:       0       1

සුමනා Friday, 31 August 2012 04:36 PM

හැමදාමත් යුද්ධය දිනුවා දිනුවා කිය කියා හිටියොත් රට ආගාධයට යාවි. රටේ හොද විපක්ෂයක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       1

ප්‍රදීප් Saturday, 01 September 2012 10:53 AM

ලංකාවේ අධ්‍යාපනය නැති කරලා ඉන්න හැටි විතරක්. ඔය කාගෙවත් ළමයි ලංකාවේ නැහැ. ලංකාවේ අහිංසකළමයිගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. ඔබ තුමාලට පව් ඔය කරන වැඩ වලට (දී)

:       0       1

ඉෂාර Friday, 31 August 2012 11:12 PM

වටිනා කාලින විවරණයකි. වැරදිකරුවෝ කවරහුද යන්න දෙස් දෙවොල් තියනවාට වඩා වරද කොතැනද යන්න විමසිම වටි. අධ්‍යාපනයට සම්බන්ධ උසස් තනතුරු වලට උගත් පාලකයන් සිටීම සතුටට කරුණකි. නමුදු ඔවුන් උගත් තරමට බුද්ධිමත් ද යන්නද ගැටඵවකි. දම්වැලක එක් පුරුකක් බිදුනහොත් එහි අනෙක් කොටස් කෙතරම් ශක්තිමත් වුවද ඉන් පලක් නැත. නුතන අධ්‍යාපන ක්ෂෙත්‍රයද එසේය. යම් යම් කාර්යයන් කිරිමට එම කාර්යයන් සම්බන්දව විශේෂිත හැකියාවන් හා දක්ෂතා ඇති, දැන උගත් පුද්ගලයන් සිටිය යුතුය. ඹවුන් සිටිය යුතු තැන්වල වෙනත් විවිධ බලපුළුවන් කාරයන් සිටින්නේ නම් එය මෙවැනි අර්බුද සමුදායක හේතු සාධකය විය හැකි වන්නේය. මේ පිළිබදව මහාචාර්ය නලින්ද සිල්වා මහතා විසින් විශ්ලේෂණාත්මක අධ්‍යනයක් මෙම සබැදියේ ඇත.http://www1.kalaya.org/2012/08/2.html (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 569 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 762 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 129 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 385 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 549 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 922 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2003 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site