IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අර්බුදයට විසඳුම හිරු එළිය

උද්ධමනය වැඩි කර ජනතාවට වධ දෙන අයුරින් විදුලි බිල වැඩි නොකර සියයට සීයක් පුනර්ජනනීය විදුලිය කරා රට යොමු කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින පුද්ගලයකු පිළිබඳ විදුලිබල මණ්ඩල වියතකුගෙන්ම අනාවරණය වෙයි. 

ඔහු විදුලි ඉංජිනේරුවෙකි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි බලශක්ති මිලදී ගැනීම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජනන යන්ත්‍ර කළමනාකරණ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තොරතුරු තාක්‍ෂණ යනාදි තනතුරු හොබවමින් ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු බවට ද පත්වූ ඔහුගේ ලංවිම සේවා කාලය අවුරුදු 36 කි. විදුලිය නොකපා, ගාස්තු වැඩි නොකර ඩීසල් සහ ගල් අඟුරු වැනි තාප බලාගාරවලට ආයුබෝවන් කිව හැකි ක්‍රමය ගැන අබේවික්‍රම මහතා මෙසේ හෙළි කරයි.

දැනට පවතින තෙල් මිල අනුව විදුලි බල මණ්ඩලයේ මූල්‍ය ශක්තිය රැක ගැනීම සඳහා විදුලි ගාස්තු දෙගුණ තෙගුණ කිරීම ප්‍රමාණවත් නොවේ. ඒ නිසා ලංවිම මූල්‍ය ශක්තිය රැක ගැනීමට සහ වර්ධනය කර ගැනීම සඳහා විසඳුම විය යුත්තේ විදුලි ගාස්තු වැඩි කිරීම නොවේ. ජනතාවටත් මණ්ඩලයටත් රාජ්‍ය භාණ්ඩාගාරයටත් දරාගත හැකි, බරක් නොවන නොයෙක් විසඳුම් ගැන මා මණ්ඩලයේ සිටිය දී පෙන්වා දුන්න ද ඒ කිසිවෙක් මට සවන් නොදුන්හ. 

රටට ජනතාවට බරක් නොවී සහනයක් ලැබෙන විසඳුම් හා පිළියම් ක්‍රියාත්මක නොකර අත්තනෝමතිකව විදුලි ගාස්තු වැඩි කිරීමෙන් රටේ පවතින කර්මාන්ත ශාලාවලට එල්ලවන්නේ මාරාන්තික ප්‍රහාරයකි. එසේම ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ යාමෙන් උද්ධමනය ද තවත් ඉහළ යයි. ශ්‍රී ලංකා මහ බැංකුව කියන හැටියට 2022 අගෝස්තු මාසයේ දී ලංකාවේ උද්ධමනය සියයට 64.3 කි. 2022 සැප්තැම්බර් මාසයේ දී එය සියයට 69.8 ක් දක්වා ඉහළ ගිය බව ද මහ බැංකුව කියයි. මේ ඔක්තෝබර් මාසයේ දී එය තවත් ඉහළ යනු නිසැකය. වැඩි කල් නොගොස් මුළු රටම මහා අගාධයකට වැටෙනු ද නියතය. 

මගේ අවබෝධය, දැනුම සහ සේවා පළපුරුද්ද අනුව මගේ නිගමනය සහ තක්සේරුව වන්නේ රට අගාධයට ඇද දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයත්, එහි සේවයේ නියුතු ඉංජිනේරුවොත් විදුලිබල ක්ෂේත්‍රය භාරව රාජකාරි කළ පරිපාලන නිලධාරීන් සේම මැති ඇමැතිවරුන්ද වගකිව යුතු බවය. ඒ සියල්ලෝ පයෙහි බරවායට පිටිකරෙහි බෙහෙත් බැන්ඳෝය. රටත් ජනතාවත් කබලෙන් ළිපට වැටීමට ඔවුහු ද මහා පරිමාණයෙන් සම්මාදම් වූහ. විදුලි බල මණ්ඩල පනත අනුව ලංවිම සාමාන්‍යාධිකාරි පත් කිරීම සම්බන්ධයෙන් බලතල තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාටය. එහෙත් මෑතක දී ඇතිවූ නීතිමය වෙනස්කම් මත තාවකාලික සාමාන්‍යාධිකාරිවරයකු පත් කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ. විෂය දැනුම හා ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳ මා සතු දැනුම, අවබෝධය සහ පුහුණුව මත මණ්ඩලය වැටී සිටින අගාධයෙන් ගොඩගත හැකිය.

ලංවිම පරිපාලනය කිරීමේ වගකීම මට පවරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටියේ එහෙයිනි. හිරු එළියෙන් විදුලිය නිපදවීමට ප්‍රමුඛතාවදී සීයට සීයක් පුනර්ජනනීය බලශක්ති වෙතට රට යොමු කිරීමේ හැකියාව සහ සම්පත් අපේ රට ඇතුළේම තිබෙන බව මගේ තක්සේරුවයි. මා ජනපතිගෙන් ඉහත ඉල්ලීම කළේ ඒ තක්සේරුව මතය. මගේ ඉල්ලීම ඉටු කළහොත් වැඩි කළ විදුලි බිල අඩු කරන බවට මට සහතික විය හැකිය.

මා ඒ සහතිකය දෙන්නේ කවර කරුණු මත පදනම්ව දැයි දැන් කියමි. ලංකාව සමකය ආසන්නයේ පවතින රටක් නිසා අවුරුද්ද පුරාම හිරුඑළිය හොඳින් වැටෙයි. සූර්ය බලය වෙනස්වන සුළු ශක්ති ප්‍රභවයක් වුවත් එය ස්ථාවර බලශක්ති ප්‍රභවයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය අයුරින් තාක්‍ෂණය දියුණුවී තිබේ. ඒ තාක්‍ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගෙන රටට අවශ්‍ය තරමට වඩා හිරු එළියෙන් විදුලිය නිපදවිය හැකිය. මෙතෙක් එය නොකරන්නේ විදුලිබල ක්ෂේත්‍රය භාරව ඉහළ පුටුවල සිටින නිලබලධාරීන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් මත සහ පටු අරමුණු මත බව මගේ තක්සේරුවයි. එහෙයින් මට වගකීම් පැවරෙන්නේ නම් මම හිරු එළියෙන් විදුලිය නිපදවීමට ප්‍රමුඛතාව දෙන්නෙමි. හිරු එළිය අසීමිත ශක්ති ප්‍රභවයකි. රටට වුවමනාවටත් වඩා ඉන් විදුලිය නිෂ්පාදනය කළ හැකිය. 

දෙවනුව මා කරන්නේ විදුලිය නිපදවීමත් වගා කිරීමත් අරමුණු කරගත් ඉලක්ක සහගත දෙමුහුම් (Hybrid) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. ඒ ව්‍යාපෘති සියල්ල හිරු එළියෙන් විදුලිය නිපදවීම අරමුණු කරගත් ඒවාය. ඒ ව්‍යාපෘතිවලින් විදුලිය නිපදවන අතර ආහාර ද නිෂ්පාදනය කළ හැකිය. ඒවායේ පළමුව දේශීය අවශ්‍යතා සඳහා වන ආහාරත් දෙවනුව අපනයනයට සුදුසු ආහාර භෝගත් වගා කිරීමට යෝජනා කරමි. එමගින් ඉදිරියේ දී එළඹෙතැයි කියන සාගතයට මුහුණ දීමටත් දැනට රට මුහුණ දී සිටින ඩොලර් හිඟයටත් පිළියම් ලබාගැනීම මගේ අරමුණයි. ඩොලර් ලැබෙන්නේ ඒ ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීමෙන් සහ ඒ දෙමුහුම් ව්‍යාපෘතිවල ආයෝජනය සඳහා විදේශිකයන් හෝ විදේශ රැකියා කරන ලාංකිකයන් සම්බන්ධ කර ගැනීමෙනි. මෙගාවොට් එක බැගින් විදුලිය නිපදවන ව්‍යාපෘති 10,000 කට මම බලපත්‍ර නිකුත් කරමි. ඒ ව්‍යාපෘති 10,000 සඳහා අවශ්‍ය වන්නේ හෙක්ටයාර් 20,000 කි. ඒ දෙමුහුම් ව්‍යාපෘති රට පුරාම ක්‍රියාත්මක කිරීමට යෝජනා කරමි.

ව්‍යාපෘතියක කොටස්වලින් සීයට 10ක් ඉඩම් හිමියාටත් තවත් කොටස් සීයට 20ක් ව්‍යාපෘතියට ප්‍රමුඛ වන ව්‍යවසායකයාටත් ඉතිරි කොටස් 70 ඩොලර් ආයෝජනය කළ හැකි විදෙස්ගත ලාංකිකයන්ට හෝ විදේශිකයන්ට පැවරීමටත් මම යෝජනා කරමි. ඒ ලාභාංශ ගෙවිය යුත්තේ රුපියල්වලිනි. විදේශිකයන් ලෙස මේ ව්‍යාපෘතිවලට සම්බන්ධ කරගත යුත්තේ ලංකාවේ සංචාරයට එන විදේශිකයන්ය. ඔවුන් ලංකාවට එන්නේ කා බී විනෝද වී ආපසු යාමට මිස ලංකාවේ දී මුදල් උපයා තම රටට රැගෙන යාමට නොවේ. එහෙයින් මා කියන දෙමුහුම් ව්‍යාපෘති සඳහා විදේශිකයන් පහසුවෙන් ආකර්ශනය කරගත හැකි බව මගේ තක්සේරුවයි. 

ඒ දෙමුහුම් ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට ලැබුණොත් ඉදිරියේ දී ඇතිවෙතැයි කියවෙන සාගතයටත්, දැනට පවතින සහ ඉදිරියටත් ඇතිවිය හැකි විදේශ විනිමය ප්‍රශ්නයටත් විසඳුම් ලැබෙයි. එමගින් ගැමි ආර්ථීකය පිබිදෙයි. අනවශ්‍ය ලෙස සල්ලි අච්චු ගැසීමට සිදු නොවෙයි. එහෙයින් උද්ධමනය ඉහළ යාම ද පාලනය වෙයි. සියල්ල එසේ සිදුවන්නේ මූලික ප්‍රශ්නය වන විදුලි අර්බුදයටත් විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයටත් පිළියම් ලැබෙනවාට අමතරවය. 

ඒ දෙමුහුම් ව්‍යාපෘති මගින් නිපදවන අතිරික්ත විදුලිය ආහාර පිසීමට, විද්‍යුත් වාහනවල බැටරි ආරෝපණය කිරීමට සහ ජල විදුලි ව්‍යාපෘති සඳහා අවශ්‍ය ජලය ඉහළ අවකාශයක ගබඩා කරගැනීමටත් (Pump Storage) යොදාගත හැකිය. ඉහළ අවකාශයක ජලය ගබඩා කිරීම සඳහා පෞද්ගලික ආයෝජන ද ලබාගත හැකිය. එමගින් ලංවිම හෝ රාජ්‍ය භාණ්ඩාගාරය මත බරක් නොපැටවෙයි. 

මගේ තෙවැනි යෝජනාව වාහන සහ වෙනත් බැටරි ආරෝපණය කිරීම සඳහා හිරු එළියෙන් නිපදවන විදුලිය යොදා ගැනීමය. ඉන්ධන ආනයනය සඳහා රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා කළ යුත්තේ විද්‍යුත් වාහන පාවිච්චිය සුලබ කිරීමය. ඒ වාහන ධාවනය කිරීමට බැටරි අවශ්‍යයය. ඒ බැටරි නිෂ්පාදනයට අවශ්‍ය මිනිරන් වැනි අමුද්‍රව්‍ය රැසක් රට ඇතුළේම පවතියි. රටේ පවතින ඒ අමුද්‍රව්‍යවලින් බැටරි නිපදවා ඒ බැටරි අපනයනය කරන පෞද්ගලික සමාගම් දැනටත් රටේ පවතී. මගේ යෝජනාවෙන් බැටරි නිෂ්පාදන කර්මාන්තය රටෙහි ප්‍රචලිත වෙයි. එමගින් රටට නව ආයෝජන එයි.

අලුතින් රැකියා බිහිවෙයි. ඒ බැටරි අපනයනයෙන් රටට ඩොලර් ලැබෙයි. දැනට ඉහළ මට්ටමක පවතින බැටරි මිල පහත වැටෙයි. පිට රටවලින් බැටරි ආනයනය කිරීම අවම කිරීමට හැකිවෙයි. එමගින් රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩුවෙයි. බැටරි නිෂ්පාදනය එතරම් මට්ටමකට දියුණු කළ හැකි කර්මාන්තයකි. එහෙයින් මා යෝජනා කරන දෙමුහුම් ව්‍යාපෘති මගින් රටෙහි කෘෂිකර්මාන්තයෙහිත් කාර්මික අංශයෙහිත් විප්ලවයක් කළ හැකි බව මගේ විශ්වාසයයි, තක්සේරුවයි. 

මා කරන හතරවැනි යෝජනාව දැන් කියමි. ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව නියඟ කාලවලදී විදුලිය නිපදවීමටත් ආහාර නිෂ්පාදනයටත් අවශ්‍ය තරම් ජලය නැතිවෙයි. එහෙත් වුවමනා වෙලාවට ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය තරම් ජලය ලැබෙන අන්දමට රටට වැසි වැසියි. ඒ ජලය ඉහළ අවකාශයක ගබඩා කරගැනීමට (Pump Storage) අවශ්‍ය තාක්‍ෂණය ද නූතන ලෝකයෙහි පවතියි. ඒ ජලය යළි යළිත් ප්‍රයෝජනයට ගනිමින් විදුලිය නිෂ්පාදනය කළ හැකිය. එහෙත් ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකර ඩීසල් විදුලිය මිලදී ගැනීමට පාර කැපීම මාෆියාවකි. ඒ මාෆියාවට දරදිය අදින්නෝ විදුලිබල මණ්ඩලයෙහි ද සිටිති. පරිපාලන සේවයෙහි සහ දේශපාලනයෙහි ද එවැන්නෝ අපමණය.

මගේ පස්වැනි යෝජනාව දැනට රජය සහ පෞද්ගලික අංශය සතුව පවතින ඩීසල් විදුලි ජනන යන්ත්‍ර, හිරු එළියෙන් නිපදවන විදුලියෙන් ආරෝපණය කරන බැටරි බලයෙන් මෝටරයක් කරකවා ඒ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාකරවීමය. මා මේ කියන්නේ හයිබ්‍රිඩ් වාහනවල දැනට පවතින ක්‍රමයට සමාන ක්‍රමයකි. රටෙහි දැනට පවතින ඩීසල් ජෙනරේටර් බැටරි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි පරිදි වෙනස් කළ හැකි බවට බොහෝ දෙනා කල්පනා නොකරති. ඒ දැනුම, අවබෝධය, පුහුණුව, පලපුරුද්ද සහ තාක්‍ෂණය දන්නා සහ ඒ තාක්‍ෂණය සතු ඇතැම් අය නිහඬව සිටින්නේ එවැනි කටයුතුවලට මෙරටෙහි අනුබලයක් දිරිගැන්වීමක් නොමැති නිසාය. රටේ දැනට පවතින ඩීසල් විදුලිජනක යන්ත්‍ර ඩීසල් සහ බැටරි බලයෙන් ක්‍රියාත්මක කරන දෙමුහුම් යන්ත්‍ර බවටද පත් කළ හැකිය. එය අවුරුදු තුනකින් නිමකළ හැකි ව්‍යාපෘතියක් බව මගේ තක්සේරුවයි. 

හිරු එළියෙන් නිපදවන විදුලියෙන් ආරෝපණය කරන බැටරි මගින් විදුලිය ලබාගැනීමේ ක්‍රමය වැඩිදියුණු සහ ව්‍යාප්ත කළහොත් බොහෝ ව්‍යාපාරිකයන් එවැනි බැටරි මිලදී ගනු නිසැකය. ඒ විදුලියෙන් තම ව්‍යාපාර කරගෙන යාමට හැකි බැවින් ඩීසල් සහ ගෑස් නොමැතිකම සහ විදුලි බිල ඉහළ යාමෙන් දැනට අඩපණවී සේම වැසී පවතින ව්‍යාපාරද යළි සක්‍රීය කළ හැකිය. එමගින් ව්‍යාපාරවලට නව පණක් ලැබෙයි. විශේෂයෙන් අවන්හල්, හෝටල් සහ සංචාරක කර්මාන්තයෙහි එමගින් නව පිබිදීමක් ඇතිවනු නිසැකය. දැනට ඇතැම් නිවාසවලද ඩීසල් ජෙනරේටර් පවතී. ඒ සියල්ලද දෙමුහුම් හෝ බැටරි බලයෙන් පමණක් ක්‍රියාත්මක කළ හැකි පරිදි වෙනස් කළ හැකිය. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඩීසල් පරිභෝජනය අවමවීමයි. එමගින් රටින් පිටට ගලා යන ඩොලර් ප්‍රමාණය මහා පරිමාණයෙන් අඩුවීමය. 

මා ඉතා පැහැදිලිව කෙටියෙන් කියන්නේ රටේ දැනට පවතින කළු වළා අතර රිදී රේඛා රැසක් තිබෙන බවය. වැටුණු වළෙන් ගොඩ ඒමට මාර්ග හා විසඳුම් රැසක් තිබෙන බවය. ඒ විසඳුම් ක්‍රියාත්මක නොකර සිටීම දේශද්‍රෝහී පිළිවෙතකි. තවදුරටත් පමා නොවිය යුතුය. මා කියන්නේ ද අරගල කළ තරුණ තරුණියන් ඉල්ලූ ‘‘සිස්ටම් චේන්ජ්’’ ගැනය.මා කියන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ‘‘සිස්ටම් චේන්ජ්’’ කළ යුතු බවය. එමගින් අපට රටට ගොඩ යා හැකි මාවත් රැසක් තිබෙන බවය. අපේ රට සමකය ආසන්නයෙහි පිහිටීම අපේත් රටේත් භාග්‍යයකි. එහෙත් දැනටත් අපි ඉන් ප්‍රයෝජන නොගනිමු. හිරු එළියෙන් විදුලිය නිපදවීම ප්‍රවර්ධනය කිරීමෙන් රටෙහි සමාජ ආර්ථික විප්ලවයක් කළ හැකිය. ඒ විප්ලවයට මුල පුරන්නට මට හැකියාව තිබේ. මගෙන් ප්‍රයෝජනයක් ගැනීම දේශප්‍රේමී පාලකයන්ගේ වගකීමකි.

වගකිවයුතු නිලබලධාරීන් කළ යුත්තේ මගෙන් වාර්තා නොඉල්ලා මා පිළිබඳව සොයා බලා වගකීම් පැවරීමය. විදුලිය නොකපා, වැඩි කළ විදුලි බිල අඩු කර ලංවිම මූල්‍යමය වශයෙන් ශක්තිමත් කළ හැකි තවත් යෝජනා ද මා සතුය. ඒවා වාර්තාවල සිරකර දැමීමට මා කැමැති නැත. හේතුව මෙතෙක් කලක් කළ යෝජනා ද වාර්තාවල සිරවීමය. රටට ආදරය කරන නිල බලධාරීන් සිටී නම් ඔවුනට තිබෙන්නේ තවත් මාස තුනක් පමණක් බව මම අවධාරණය කරමි. 

ඩීසල් සේම ගල් අඟුරු මිල ද දැන් ඉතා අධිකය. එසේම යම් දිනෙක මේ සම්පත් ක්‍ෂය වනුද නිසැකය. එසේම ඒවායෙන් විදුලිය නිපදවීමෙන් අපේ පරිසරයටද හානි වෙයි. රට සතු ඩොලර්ද රටින් පිටට ගලා යයි. හිරු එළියෙන් විදුලිය නිපදවීමෙන් ඒ කිසිවක් නොවෙයි. එමගින් රටෙහි වන්නේ සමාජාර්ථික විප්ලවයකි. ඒ සමාජාර්ථික විප්ලවයට තියෙන හොඳම සම්පත නොමිලේ ලැබෙන හිරු එළියයි.

කොයි කවුරුත් වඳින පුදන ඩීසල් ලීටරයකින් නිෂ්පාදනය කළ හැක්කේ විදුලි ඒකක හතරක් පමණකි. ඒ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් රුපියල් 130 ක් පමණ වැය වෙයි. එහෙත් මා කියන දෙමුහුම් යෝජනා ක්‍රියාත්මක කළොත් හිරු එළියෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැයවන්නේ රුපියල් 15 කට අඩු ගණනකි. සත්‍යය එය බැවින් විදුලි ගාස්තු ඉහළ නංවා ඩීසල් විදුලියම සරණ යාමෙන් රටත් ජනතාවත් අගාධයේ පතුළටම වැටෙයි. රටටත් ජනතාවටත් ඒ ඉරණම අත්වීමෙන් වැළැක්විය හැකි පුද්ගලයන්ගෙන් ඵල ප්‍රයෝජන ගැනීම දේශප්‍රේමී නිලධාරීන්ගේ වගකීමකි.

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරි විදුලි ඉංජිනේරු සුජීව අබේවික්‍රම

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

(***)



අදහස් (4)

අර්බුදයට විසඳුම හිරු එළිය

RMZ Saturday, 08 October 2022 12:11 PM

කෙටියෙන්ම, මම ඔහුත් සමග එකඟයි... සූර්ය බලය පාවිච්චි කිරීම ගැන. රජය මගින් පුද්ගලික ආයතන වලට මේ සඳහා අනුමැතිය ලබාදී උතුරේ නිවාස වලටත් භාවිතා කරන්නට අවස්ථාව දෙන්න...!

:       1       7

ganegoda Saturday, 08 October 2022 12:32 PM

අමුඩයක් ගහගෙන ගේ වටේ ගියාට කුඹුරු අස්වදින්නේ නැහැ නේද? අස්වැන්නක් ඕනෙනම් කුඹුරට බැහැලා ඒක අස්වද්දන්න...!!!

:       2       5

NHandasiri Tuesday, 11 October 2022 09:53 AM

Problem is the "SUN" doesn't give commission

:       0       3

M.H.Deeganatha Wednesday, 12 October 2022 09:48 PM

විදුලි අර්බුදයට පිලියම්, සොයායාමේදි ,නව සොයාගැනීම් අගය කලයුතුය. මේ සදහා කිසිවෙකුටවත් නොපෙනී සිදුවන විදුලි බලශක්ති හානීන් සදහා සරල උදා: නම් , incandicet bulb වෙනුවට මුලදී CFL ද , අනතුරුව LED ද වේ. මේ සියලුම නවෝත්පාදන ලන්කාවෙ කෙලිකාරයින්ගෙනම් නෙවෙයි. ඊටවඩා විදුලිය නිරපරාදෙ වැයවෙන ක්ශේස්ත්‍රය HVAC යයි. ඒ උත්පාදනය කරන විදුලියෙන් 40% ක්ම ඒ සදහා වැයවෙන බව නිසාමයි. ලංකාවේ වැඩ්ඩො නැද්ද ? නෑ ඉන්නව. නව නිර්මාණ මන්කොල්ලකන්නන් ට තව වසර 07 ක් ඉඩත් තියෙනව සොයාගෙන Patent ගන්න. 2009 -2029. වසර 20 කින් patent හිමිකම අවසන් වෙනවනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1417 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 8495 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 472 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 856 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 882 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 462 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site