ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති බව පැහැදිලිය. සමස්ත රාජ්‍ය ණය ඉහළ යෑම ගත්විට 2019 දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86.8ක් දක්වා ණය පංගුව වැඩි වී තිබේ. එහි ණය බර රුපියල් බිලියන 13කි. ජපානයේ ණය සේවා අනුපාතිකය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1කි. ලංකාවේ එම අගය සියයට13කි. එනම් ලංකාවේ ණය සේවා අනුපාතිකය ඔරොත්තු නොදෙන තරම්ය.
නිදහසින් පසු ශේෂ පත්‍රය දෙස බැලූවිට පෙනෙන තත්ත්වයයි. මේ අර්බුදය උත්සන්න වීම කොරෝනා නිසා තවත් තීව්‍ර විය. කොරෝනා අර්බුදය තව වසරකින් අවසන් වුණත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට පැහැදිලි මානයක් අපට නොපෙනේ. ඇතැම්විට මේ ණය අර්බුදය 2030 දක්වා යා හැකිය. එහෙත් මා සිතන්නේ තවදුරටත් මෙම ගණන් හිලව් ඉදිරිපත් කිරීමකින් ඔබ්බට ගොස් පවතින සමාජ ආර්ථික දේහයේ වෙනස්කම් කරගත හැකි ආකාරයක් ගැන සාකච්ඡා කිරීමටය.
උදාහරණයක් හැටියට මෙපමණ ණය අර්බුදයක් තිබියදීත් දේශීය ගොවියා සිටින්නේ දිළිඳු යැයි කියන තැනය. මෙයින් ප්‍රශ්න කෙරෙන්නේ වාණිජ කෘෂිකර්මාන්තය ප්‍රමාණවත් පරිදි වර්ධනය වී තිබේද යන්නයි. ධීවරයාගේ තත්ත්වයත් මීට වෙනස් නැත. එසේ නම් කෘෂිකර්ම, ධීවර අංශවල ඇති වූ වර්ධනය ප්‍රමාණවත්ද? ද්විතීයික අංශයේ කාර්මික නිෂ්පාදන දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව තරම් නොවේ. දේශීය කාර්මික අංශය ආනයන අමුද්‍රව්‍ය මත ගොඩනැගී ඇති බව පෙනේ. මේ නිසා ණය අර්බුදය සමග ආනයන සීමා කිරීම සමග ඒ කර්මාන්ත කඩාවැටීමට ලක්විය හැකිය.
සැබැවින්ම අපේ ශ්‍රම බළකායේ තත්ත්වය හා එය රටේ ආර්ථික දේහයට කාර්යක්ෂම ඵලදායිතාවක් එක්කරන්නේද යන්නත් ප්‍රශ්නයකි. මේ වනවිට ලක්ෂ 15ක් පමණ රාජ්‍ය සේවකයෝ සිටිති.
එහෙත් රාජ්‍ය සේවය ගැන අද තිබෙන විවේචනය එය කාර්යක්ෂම හා ඵලදායී නොවන බවය. එක ග්‍රාම නිලධාරි වසමක උපාධිධාරින් ඇතුළුව හත් දෙනෙක් සිටිති. මෙපමණ පිරිසක් වසමකට යොදාත් සිදුව ඇති වෙනස කුමක්දැයි අප විමසා බැලිය යුතුය. එහිදී අපට මතුවන්නේ රැකියා ලබාදීමේදී ඵලදායක ලෙස යෙදවුම් කර තිබේද යන ප්‍රශ්නයයි. රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ගත් කල ඒවායේ වාර්ෂික අයවැය ලේඛන ගත්විට පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදමට වඩා වැඩිය. එතනම ඇත්තේ අසමතුලිතභාවයකි. වැඩිපුර පඩි ගෙවමින් නිලධාරීන් නඩත්තු කරති. අපේ දළ ජාතික නිෂ්පාදිතයට හෝ අපේ සමාජ සංස්කෘතියට එකතු කළ හැකි නිමවුම් එවිට නිවැරැදිව ලැබේද? ලංකාවේ දේශීය ආදායම් අපට අද ප්‍රමාණවත් නැත. අල්ලස දූෂණය ඉහවහා ගොස් රාජ්‍ය සේවය තුළ දේශපාලනීකරණය ඉහළ ගොස් ඇත්තේ එවැනි තත්ත්වයකය. රාජ්‍ය සේවයට කරන පත්කිරීමක් උසස් කිරීමක් මාරු කිරීමක් සියල්ල දේශපාලනයට යටය. මේ තුළ අප අපේක්ෂා කරන කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ලබාගත හැකිද?
එමෙන්ම රාජ්‍ය සුබසාධන ක්‍රියාවලිය ද මෙහිදී වැදගත් සාධකයකි. ලාංකික පුරවැසියන්ට අධ්‍යාපනය හා සෞඛ්‍ය නොමිලේ ලබා දේ. එහෙත් නිදහස් අධ්‍යාපනයෙන් අප අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබී තිබේද? සෞඛ්‍ය පහසුකම් ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත වී තිබුණත් එහි උපරිම ප්‍රතිඵල ජනතාවට ලැබී තිබේද? මේ අර්බුද ඇතිව තිබෙන්නේ ඇයි? ණය අර්බුදය සමග රටේ ජාතික ආදායම අඩු වූ විට ඒවාට වෙන් කළ හැකි මුදල් සීමා වීම තුළ එවැනි ප්‍රශ්න ඇතිවීම නොවැළැක්විය හැකිය.
නොමිලේ අධ්‍යාපනය ලබන සිසුවා අද පෞද්ගලික අධ්‍යාපන ආයතනවල සිරකරුවෙකි. 5 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් සඳහා පෞද්ගලික පන්තිවලට යෑමට සිදුව තිබේ. මේ පෞද්ගලික පන්තිවලට මාසිකව වැය කිරීමට සිදුවන මුදල අතිවිශාලය. මහජනයාගේ මාසික ආදායමින් පෞද්ගලික අධ්‍යාපනයට විශාල වැයක් දරයි. එවිට මහජන බදු මුදලින් නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදලට ඇති අර්ථය කුමක්ද? සෞඛ්‍ය සේවයේ තත්ත්වයත් එයමය. වෛද්‍යවරයාගෙන් නිවැරැදිව ප්‍රතිකාරයක් ලැබීමට මධ්‍යම පාංතිකයා අනිවාර්යෙන් යන්නේ පෞද්ගලික චැනල් සේවයටය. මේ අසමතුලිතතාවට විසඳුමක් සෙවීම මගහළ නොහැකි පැනයකි.
සමෘද්ධි වැඩපිළිවෙළ ආරම්භ වූයේම දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් හැටියටය. එහෙත් අද වනවිට සමෘද්ධි වැඩපිළිවෙළ සහමුලින්ම සහනාධාරයක් බවට පත්ව ඇත. සහනාධාරය ද ප්‍රමාණවත් නැත. එය එසේ වෙද්දී ඊට අමතරව දිළිඳු සහන, වැඩිහිටි සහන ආදී සහනාධාර ගොන්නක් ද මේ රටේ තිබේ. නැත්තේ ඵලදායිත්වයයි.
රටේ සියලු දේ දේශපාලනීකරණය වී ඇති බව අපට පිළිගැනීමට සිදුව තිබේ. රජයේ රැකියාවක් ලබාගැනීමේ සිට ස්ථාන මාරුවක්, පාරක් බෝක්කුවක් හැදීමේ සිට ක්‍රිකට් පිත්තක් ලබාගැනීම දක්වා දේශපාලනය අවශ්‍ය වී තිබේ. මේ පරිසරයෙහි රාජ්‍ය නිලධාරීන්ට පවා දේශපාලන ලේඛනවලට ප්‍රතිචාර දක්වන්නට සිදුවන තැනට පත්ව තිබේ. එසේ නොවුවහොත් නිලධාරියාට යහතින් එතැන රැකියාව කරගෙන සිටින්නට නොහැකිය. මේ කරුණ දෙස අප දේශපාලන විද්‍යාත්මකව බැලුවොත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී නියෝජිතයා මහජනයාට වගකිව යුතුය. එහෙත් ඒ වගකීම දෙස බැලූ විට නියෝජිතයන් සාධාරණත්වය විනිවිදභාවය අපක්ෂපාතීත්වය සැලකිල්ලට ගන්නවාද?
අනෙක් අතට මේ සියල්ලට වැයවන්නේ මහජන බදු මුදල්ය. මහජනතාවගේ බදු මුදල් අයථා ලෙස පාවිච්චි වෙනවා නම් එතැනදී අප අපේක්ෂා කරන ප්‍රතිලාභය මහජනයාට නොලැබේ. මේ තත්ත්වයෙහි දේශපාලන ප්‍රවේණිදාස ක්‍රමයක් අද මේ රටේ නිර්මාණය වී තිබේ යන විවේචනය අපට බැහැර කළ නොහැකිය. මේ තත්ත්වයන්ට යොමුවීම තුළ දේශපාලකයා තවදුරටත් විවේචනයට ලක්වීමත් දේශපාලනය අර්බුදයට යෑමක් වැළැක්විය නොහැකිය. එහෙත් මේ තත්ත්වයට එරෙහිව කතා කිරීමට ප්‍රසිද්ධියේ කරුණු දක්වන්නට මහජනයා වර්තමානය වනවිට සූදානම් බව පෙනේ.
මේ තත්ත්වය මෙලෙසින්ම පවත්වාගෙන යමින් මේ සමාජ ආර්ථික දේහය දියුණු කළ හැකිද? විසඳුම් සෙවිය යුතු උත්සන්නම අවස්ථාව මෙයයි. රටේ ආර්ථික සාමාජික සංස්කෘතික කඩාවැටීමට බලපෑ පවත්නා ශේෂ පත්‍රය ව්‍යුහාත්මකව වෙනස් කිරීමට කෙටිකාලීන දිගුකාලීන හා මධ්‍යකාලීන වශයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසිය යුතුය. අඩුම තරමින් ඊළඟට බලයට එන ආණ්ඩු ඉදිරි වසර විස්ස සඳහා මේ ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කිරීමට පොරොන්දු විය යුතුය. එතැනදී මේ සිදුවන විනාශය කඩාවැටීමට ලොකුම විසඳුම සකසා ගත හැකිය. මේ ප්‍රතිපත්ති රාමුව සැකසීමට දේශපාලකයන් නොවන ඒ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් ප්‍රායෝගික අත්දැකීම් ඇති පිරිස් සම්බන්ධ කරගත යුතුය. මෙය මනෝමූලික සිද්ධාන්තයක් නොවේ. ලොව දියුණු රටවල් අභ්‍යාස කළ ක්‍රමයකි. මේ සන්දර්භය තුළ මට ඉදිරිපත් කළ හැකි යෝජනාවලිය මෙසේ ස්ථාන ගත කළ හැකිය.
එහි පළමු අංගය වන්නේ දේශපාලනීකරණයට හා නිලධාරිවාදයට තිත තැබීමය. විශේෂයෙන්ම දේශපාලන පරිපාලන විද්‍යාවේ සංවරණය හා තුලනය ලෙස මෙය අපි සාකච්ඡා කරමු. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රාජ්‍යයේ ත්‍රිවිධ අංශය එමගින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකිවන ලෙස සකස් කළ හැකිය. ඒ සකස් කිරීම තුළ අද පවතින සමාජ ආර්ථික අර්බුදයට විසඳුම් සොයාගත හැකිය. ව්‍යවස්ථාදායකය යනු රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම දරන ආයතනයයි. එහෙත් අද පාර්ලිමේන්තුවේදී ඒ වගකීම ඒ ආකාරයෙන්ම ඉටු නොවේ.
මහජන නියෝජිතයා කරන්නේ වෙන වැඩය. ඉන් වෙනස්ව රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය මූල්‍යට සම්බන්ධ ව්‍යාපෘති සාධාරණව ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීමට පාර්ලිමේන්තුව ප්‍රශ්න කිරීමට තෝතැන්නක් විය යුතුය. අනෙක් අතට පාර්ලිමේන්තුව වනාහි නීති පනවන ආයතනයයි. එහෙත් නීතිය කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට පැමිණි විට අනාගතවාදී දෘෂ්ටියකින් සැබෑ විවාදයක් සිදුවන්නේද? ඒ පරිණතභාවය අපේ මහජන නියෝජිතයන් තුළ තිබෙනවාද?
අද අපේ මහජන නියෝජිතයා සිටින්නේ සමාජයේ පෙරගමන්කරුවෙක් යන න්‍යායට පසුපසිනි. මේ තත්ත්වයෙන් ඔවුන් මිදිය යුතුය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල අපි මේ තත්ත්වය දකිමු. තීරණාත්මක අවස්ථාවල ඇතැම් ඇමැතිවරුන් ඉල්ලා අස්වෙන්නේ මේ සංස්කෘතිය නිසාය.
එමෙන්ම විධායකය ද දේශපාලන විධායකය හා ස්ථාවර විධායකය යැයි කොටස් දෙකකි. දේශපාලන විධායකය නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල සාමාජිකයෝය. ස්ථාවර විධායකය නම් රාජ්‍ය සේවයයි. රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හරහා ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම දේශපාලන විධායකත්වය නායකත්වය දිය යුතුය. එමෙන්ම එකී රාජ්‍ය ප්‍රතිපත්ති විනිවිදභාවයෙන් සාධාරණ ලෙස දියත් කිරීමට පරිපාලන අවකාශය රාජ්‍ය නිලධාරීන්ට ලබාදිය යුතුය. එතැනදීත් අපට අවශ්‍ය වන්නේ සංවරණ හා තුලන සිද්ධාන්තයයි.
විශේෂයෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේදී සේවා අත්දැකීම් හා කුසලතා මත තනතුරු දිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. රාජ්‍ය සේවා කොමිසම ස්වාධීන කර එහි නිර්දේශවලට දේශපාලන විධායකයේ අනුමැතිය ලැබෙන ක්‍රමයක් එහිදී වැදගත්ය. එතැනදී නිලධාරිවාදයක් ගොඩනැගීමට පමණක් නොව නාස්තිය දූෂණයට ඇති ඉඩත් අඩු වේ. ඵලදායී රාජ්‍ය සේවයක් ගොඩනැගෙන්නේ එවිටය. අධිකරණය හා එහි කටයුතුවලදී ද අවශ්‍ය වන්නේ මේ සංවරණ හා තුලනයමයි.
රාජ්‍යයේ මේ ත්‍රිවිධ බල කේන්ද්‍රය එවැනි වැඩපිළිවෙළකින් ස්ථාපිත කළ විට මා යෝජනා කරන ව්‍යුහාත්මක වෙනසේ පාදම සකසා ගත හැකිය. මේ ව්‍යුහය තුළ අප අපේක්ෂා කරන වෙනස ඇතිවෙන්නේ කෙසේද යන්නත් රාජ්‍යයේ ත්‍රිවිධායතනවලින් පමණක් එය කළ හැකිද යන්නත් ඕනෑම කෙනකුට ඊළඟට මතුවන ගැටලුවයි. ඊට පිළිතුර ලැබෙන්නේ අප පෙර කතා කළ ප්‍රාථමික හා ද්විතීයික අංශ සඳහා වන යෝජනා අමාත්‍යාංශ මගින් සාකච්ඡා කර කෙටුම්පත් කිරීමකිනි. කෙටියෙන්ම කිවහොත් ඊට සිංගප්පූරු ආදර්ශය ගත හැකිය.
සිංගප්පූරුවේ ඕනෑම කෙටුම්පතක් මාස හයකට පෙර ජනතාවට ඉදිරිපත් කළ යුතුය. එවිට ඒ ගැන ඕනෑ තරම් විවේචන සංවාද සාකච්ඡා ඇති වී කෙටුම්පත සංශෝධනය වේ. එසේ ඉදිරිපත් වන කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ නැවත විවාදයට ලක් වූ විට ඒ ගැන උද්ඝෝෂණ විරෝධතා ඇතිවන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අපට මෙවැනි ජනතාවාදී ක්‍රම අභ්‍යාස කළ හැකිය.
අපි නිදහස් අධ්‍යාපනයෙන් ශාස්ත්‍රය හදාරා නිදහස් සෞඛ්‍යයෙන් පෝෂණය වූ දරුවෝය. මේ සේවා නිසා 1960-70 දශකවලදී ළදරු හා මාතෘ මරණ අනුපාතිකය අඩු වී ආයු අපේක්ෂාව වැඩි වූ අතර සාක්ෂරතාව ද ඉහළ ගියේය. ආසියාවේ දෙවැනි තැන යැයි අපි ආඩම්බර වීමු. එහෙත් අද වනවිට ඒ ප්‍රතිලාභ ඒ අයුරින්ම ලබනවාද? පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවීමෙන්ම පාසල බෝඩ් ලෑල්ලක් වී ඇති බව පැහැදිලිය. උසස් අධ්‍යාපනය ලැබිය හැකි සිසුන්ගෙන් සියයට17ක් පමණි විශ්වවිද්‍යාල වරම් ලබන්නේ. සෞඛ්‍ය ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත වුවත් එහි ප්‍රතිලාභ ග්‍රාමීය ජනයාට ලැබී තිබේද? මෙතැනදී අප අවධානය යොමුකළ යුතුම සමාජ සාධකයක් තිබේ.
වර්තමානය වනවිට ලංකාවේ සිටින්නේ 60 දශකයේ සිටි මධ්‍යම පංතිය නොවේ. පහළ හා ඉහළ වශයෙන් බෙදිය හැකි පුළුල් වූ මධ්‍යම පංතියකි. එහෙත් ඒ අයට පවා නොමිලේ පොත්, නිල ඇඳුම් දීමත් පොහොර, සමෘද්ධි ආදී අනෙකුත් සහනාධාර ලබා දේ. ග්‍රාමීය ඉඩම් හිමි ධනවතුන්ට පවා මේ සහන ලැබේ. මෙයින් සිදුවන්නේ රටේ ආර්ථික දේහය ගොඩනැගීමට තිබෙන ආදායම අපහරණය වීමයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 ආර්ථික සාමාජික සංඛ්‍යා දත්ත සංග්‍රහයට අනුව 2010 වනවිට මෙරට දුප්පත් පවුල් සංඛ්‍යාව සියයට7කි. 2016 දී එය සියයට 3.1ට අඩුව ඇත.
එමෙන්ම 2010 දී සියයට 3.8 ක් වූ නාගරික දුප්පත් පවුල් ගණන 2016 දී සියයට1.3ක් දක්වා අඩුව තිබේ. 2009-2010 සියයට7.5 ක් වූ ග්‍රාමීය දුප්පතුන් 2016 දී සියයට 1.8කි. වතු පවුල් 2016දී සියයට8.9කි. 2016 දී සියයට6.8කි. එමෙන්ම භූගෝලීයව බැලුවොත් බස්නාහිර පළාතේ 2009-2010 දී සියයට3ක් වූ දුප්පත් පවුල් ගණන 2016 දී සියයට 1.2කි. 2009-2010 කාලයේදී සියයට 12ක් වූ ඌව පළාතේ දුප්පත් පවුල් ගණන සියයට5.4 දක්වා 2016 දී පහළට බැස ඇත. දිස්ත්‍රික් වශයෙන් ගත් විට 2009-2010 මොණරාගල සියයට 13.9 ක් වූ දුප්පත් පවුල් ගණන 2016 දී සියයට4.4 දක්වා අඩු වී ඇත. 2009-2010 දී තොරතුරු නැති මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක 2016 දී දුප්පත් පවුල් පෙන්වන්නේ සියයට11.2 ක් හා සියයට15.2 ක් වශයෙනි.
මා මේ දත්ත අවධාරණය කළේ මේ සාකච්ඡාවේ හරයාත්මක තර්කය ගොඩනැගීමටය. එය නම් ලංකාවේ දුප්පත් පවුල් මෙතරම් අඩු වුණත් නිදහස් අධ්‍යාපන, සෞඛ්‍ය, සුබසාධන ප්‍රතිලාභ බෙදීයාමේදී දුප්පතුන්ට නිසියාකාර සැලකිල්ලක් දක්වා තිබේද යන්නයි. මා කියන්නේ මේ සුබසාධන කටයුතු හා නිදහස් සේවා අවශ්‍ය පුරවැසියන්ට ප්‍රමාණවත්ව ලැබෙන ක්‍රමයකි.
එමෙන්ම ප්‍රසාරණය වූ මධ්‍යම පංතියට ගුණාත්මක සේවා ලැබිය හැකි පරිදි පුළුල් විය යුතුය. මේ මගින් ඇත්ත වශයෙන්ම පුරවැසියන් තමාගේ අවශ්‍යතාවලට බර තැබීම ගැන ගැටලුවක් ඇති නොවේ. මේවා වචනයේ අර්ථයට සීමා නොකොට දේශීය විශ්වවිද්‍යාල පද්ධතියෙන් සමීක්ෂණයක් පරීක්ෂණයක් විශ්ලේෂණයක් කළ යුතුය. ස්ථාවර විධායකයට පැහැදිලිව එය කළ හැකිය. උදේ 8.30 සවස 4.15 ප්‍රතිපත්තියෙන් මිදී මේ අර්බුදයෙන් ගොඩ එන මගකට ස්ථාවර විධායකයට කටයුතු කළ හැකි අතර ඊට නායකත්වය දෙන දේශපාලන විධායකයක් මේ යෝජනාවලිය මගින් පහසුවෙන්ම ගොඩනැගිය හැකිය.
රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් වැඩිකර ඒ යෙදවුම් තුළින් ලැබෙන නිමවුම් රටේ ජාතික නිෂ්පාදනයට සමාජ හා සංස්කෘතික දේහයට ලැබෙන සේ මෙය කළ හැකිය. ලංකාව අද පවතින අර්බුදයෙන් ගොඩගැනීම සඳහා මෙවැනි පදනම් සහගත වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට සියලු දෙනාගේ ඇස් ඇරේවා යන්න අවසන අවධාරණ කරමි.
(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදයෙන් මිදෙන්න යෝජනාවක්
Raveendra Monday, 06 September 2021 11:34 AM
අප රටේ තිබුණු සහ දැනට පවතින තත්වය පිළිබඳව ඉතාමත්ම හොඳ විග්‍රහයක්. මේ හැම අර්බුදයක් දෙස අප සැම බලන්නේ අප උදේ සවස වැඳුම් පිදුම් කරන අපගේ මෝඩ දේශපාලන පක්ෂවල කෝණයන්ගෙන් වීම ඉතාමත්ම කණගාටුවකි. අද රටේ තිබෙන ඒ ඒ පක්ෂවල දේශපාලුවන්ගේ පරම අභිප්‍රාය පට්ටියේ බලය ලබාගැනීම පමණක් බවත්, රටේ දියුණුව ඒ ඒ හරකුන්ට අදාලම නැත... අප එසේ පවසන්නේ මෙවන් අවදානම් අවස්තාවකදීත් ඒ ඒ මූසල දේශපාලුවන් බලන්නේ වචනයකින් හෝ තම පක්ෂයට කැමැති බූරුවන්ගේ ඔළුගෙඩි ප්‍රමාණය වැඩිකර ගැනීමට බවත් කිව යුතුමයි..
Sriyani Monday, 06 September 2021 11:58 AM
බොහෝ දෙනා ආර්ථිකය නගාලීමට නොයෙක් ක්‍රම වේදයන් මාද්‍ය හරහා හඳුන්දෙවා දෙමින් සිටී. එනමුදු සාමාන්‍ය ජනයා සිටින්නේ නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය සේවා සියල්ල මෙලෙසම පවත්වා ගත යුතු යන මානසිකත්වයකය. මේ කොටසට විද්වතුන්යැයි හදුන්වන කොටසද අයත්ය. ඉහල හා ඉහල මධ්‍යම පන්තිකයනට සුළු ගෙවීම් හෝ කිරීමේ ප්‍රතිපතියක් ගෙන් ආ හොත් මෙහි දේශපාන විප්ලවයකට අර අදින බොහෝ දෙනා පෞද්ගලික හෝ විදේශීය අද්‍යාපනය හා සෞක්‍ය වරප්‍රසාද බුක්ති විධින්නන්ය. එහෙයින් ආර්ථිකය ගොඩ නගා ගැනීමේ ප්‍රතිපත්ති හඳුන්වා දීම ලංකාවේ රජයකට අතිදුෂ්කරය.
සමන් Monday, 06 September 2021 12:37 PM
පනත් කෙටුම්පත් මාස 6කට පෙර ජනතාවට ප්‍රසිද්ධ කර සංවාදයට භාජනය කළ යුතුයි යන්න හොඳ යෝජනාවකි. වෙනත් යෝජනා මෙහි නැත. විවිධ නිරික්ෂණ ඇත. මගේ යෝජනාව මෙසේය. උගතුන්, වෘත්තිකයින්, රට ගොඩනැගීම ගැන සංවාද කළ යුතුයි. විශ්ව විද්‍යාල ඒ් සඳහා පෙරමුණ ගත යුතුයි. නමුත් පාසල් හා විශ්ව විද්‍යාලවලින් ලැබෙන්නේ අනුකාරක අධ්‍යාපනයක් පමණි. මේ නිසා රටට ගැලපෙන යෝජනා සෑමවිටම ඉදිරිපත් නොවේ. මේ නිසා දේශීය ඥාණය සහිත විකල්ප දැනුම් පද්ධති පිළිබඳ අවබෝධය සහිත අය (NGO නොවේ.) සංවාදවලට සම්බන්ධ විය යුතුයි. එවැනි සංවාදයකදී පළමුව රටෙහි අනන්‍යතාවය කුමක්ද යන ප්‍රශ්නය සාකච්ඡා කළ යුතුයි. රටට ගැලපෙන ප්‍රතිපත්ති මාලාව සකස්කරගත හැක්කේ ඒ මගිනි. ඒ් අනුව ඉදිරි සැලසුම් නිර්මාණය කිරිමට පාර කැපේ. සංවාදය සඳහා සියළුම ආකාරයේ ජනමාධ්‍ය උපරිම දායකත්වය දිය යුතුයි.
RaveendraMonday, 06 September 2021 01:24 PM
ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. "පනත් කෙටුම්පත් මාස 6කට පෙර ජනතාවට ප්‍රසිද්ධ කර සංවාදයට භාජනය කළ යුතුයි යන්න හොඳ යෝජනාවකි. " මෙහිදී අප රටේ දේශපාලන සංස්කෘතිය අනුව නම් කිසිදාක සංවාදයන්ට භාජනය වීමක් නොව එක හෙළාම ඊට විරුද්ධව උද්ඝෝෂණ, වැඩවර්ජනවලට අහිංසක මහජනතාව පෙළ ගැස්සවීමට නම් විශේෂයෙන් බලය නොමැති දේශපාලුවන් සැමවිටම ක්‍රියා කිරීමයි. කෙසේවෙතත් නුදුරු අනාගතයේදී තමන් උපන් රටට අවංකව ආදරය කරන කිසිඳු දේශපාලන පක්ෂයක ගැත්තන් නොවෙන බුද්ධිමත් පුරවැසියන්ට මේවා ඉතාමත්ම පහසුවෙන් කළ හැකි බව අපගේ හැඟීමයි. අප කිසියම් හෝ පක්ෂයකට ගැති වෙනවා යනු "අනාගතයේදීත් චිරාත් කාලයක්" එකිනෙකා කා මරාගනිමින් දියුණු වෙමින් පවතින ශ්‍රී ලාංකිකයන් බවත් කිව යුතුමයි...