අල්කයිඩා නම ඇසූ පමණින් ලොවේ ඕනෑම වැසියකුට මර බිය ඇති වූ කාලයක් තිබිණි. වීඩියෝ කැමරා ඉදිරිපිට තමන් අල්ලාගත් සිරකරුවන්ගේ ගෙල කපමින් එය ප්‍රදර්ශනය කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදයකට පාර කැපුවේ එකී අල්කයිඩා සංවිධානයේ කෲරකම්ය. ලොව පුරා සිවිල් ජනතාව මෙන්ම ආරක්ෂක මර්මස්ථානද ඉලක්ක කරගනිමින් අල්කයිඩාව පැතිර වූ දරුණු ත්‍රස්තවාදයේ මංසලකුණු අතර 1998 වසරේදී අමෙරිකානු තානාපති කාර්යාලයක සිදුකළ බෝම්බ ප්‍රහාරයද සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සුනුවිසුනු කළ ගුවන් බෝම්බ ප්‍රහාරයද ඉහළින්ම කැපී පෙනෙයි. එම ප්‍රහාරත් සමඟ අල්කයිඩාව දරුණු ත්‍රස්ත සංවිධානයක් වශයෙන් ලොවේ සියලුම ජාත්‍යන්තර සංවිධාන මගින් නම් කරනු ලැබීය.
ඒ තරම් දරුණු ත්‍රස්ත සංවිධානයක් සමඟ හිතමිතුරුකම් හෝ ඕනෑම ආකාරයක සම්බන්ධකම් පැවැත්වීම යනු මහා අනතුරකට අතවැනීමක් බව සියලු පුරවැසියන් දැන සිටිය යුතුය.
එසේ දැන දැනම එම සංවිධානය සමඟ සබඳතා පවත්වන යම් කිසිවකු හඳුනාගත් සැණින් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. එය පොදුවේ මුළු රටටම සිදුකරන යහපතකි. අනාගතයේ සිදුවිය හැකි මහා විනාශයක් වළක්වා ගැනීමකි.
මේ කියන අල්කයිඩා සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික සැකකරුවන් 06 දෙනකු නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝගයක් ලබාදී තිබිණි. ඔවුන් 06 දෙනාට එරෙහි චෝදනාවට නිමිත්ත වී තිබුණේ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිරගත කර සිටින ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ දුරකතන සබඳතා පැවැත්වීමයි. ඒ අර්ථයෙන් ගත්කල මේ චූදිතයන් 06 දෙනා ශ්‍රී ලාංකික අල්කයිඩා සගයකු සහ ඔහුගේ ගෝලයන් වශයෙන් සැලකිය හැකිය. එහි ප්‍රධානම අනතුර මේ ගෝලබාලයන් 06 දෙනා මෙරට සිදුවූ ම්ලේච්ඡතම ත්‍රස්ත ප්‍රහාරයක් වශයෙන් සැලකෙන පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධ නඩුවේ චූදිතයන් හය දෙනකු වීමය.
එසේ වූ පමණින් මේ චූදිතයන් 06 දෙනා සදහටම දඟගෙයි සිටිය යුතු යැයි අපි නොකියමු. එහෙත් මෙවැනි සබඳතා පවත්වන අය එසේ කරන්නේ රටට ඇති ආදරය නිසා නොවන බවද කිව යුතුය. ඒ සමඟම පෙන්වා දිය යුත්තේ මේ 06 දෙනා පාස්කු ප්‍රහාරයේ චූදිතයන් වීම හේතුවෙන් ඉහත කී සබඳතාව අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට පවා හේතු විය හැකි බවය. 269ක් වූ මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි ගනිමින් තවත් 500ක පමණ පිරිසකට දරුණු තුවාල සිදුකළ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට ගෑවුණු කිසිදු චූදිතයකුට සමාවක් දිය යුතු නැත. එවැනි පුද්ගලයන් අල්කයිඩාවේ සගයන් හා සම්බන්ධ වනවිට එතැන මැවෙන්නේ භයානක චිත්‍රයකි. ඒ චිත්‍රයේ කෙළවර තවත් දරුණු ලේ වැගිරීමක් විය හැකිය.
කාලයකට පෙර කෲරතම ත්‍රස්තවාදයේ දරුණුම ගොදුරක් බවට පත්වුණු ශ්‍රී ලංකාව මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් විය යුතු බව ඉන්පසුව සිදුවූ පාස්කු ඉරු දින ප්‍රහාරය රටටම පෙන්වා දී තිබේ. පාස්කුදා ප්‍රහාරයේ සිදුවීමට වසර කිහිපයකට පෙර සිටම එහි පෙරනිමිති පහළ වෙමින් තිබිණි.
එහෙත් අපේ රටේ ඇතැම් බලධාරීන් ඒ පෙරනිමිති සම්බන්ධයෙන් දක්වා තිබුණේ උදාසීන ප්‍රතිචාරයකි. මේ බව පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ පසුවිමර්ශනවලදී හෙළිදරව් විය. වසර කිහිපයක සිට අළු යට ගිනිපුපුරු මෙන් වරින්වර දැල්වුණු මහා ප්‍රහාරයක ගිනි පුළිඟු අවුස්සා ඒ ගිනි නිවා දමනවා වෙනුවට සිදුවූයේ ඒ ගැන නෑසූ කන් ඇතිව සිටිමින් පාස්කුදා ප්‍රහාරය දක්වා එය රහසේම වර්ධනය වීමට ඉඩ හැරීමය. ඒ වැරැද්ද යළිත් සිදුවීමට ඉඩක් දියයුතු නැත.
රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එළියටත් බියවීමේ න්‍යාය අනුගමනය කළ යුතු යැයි අපි සිතමු. අතපසුවීම් යළිත් සිදුවීමට ඉඩක් නොතැබීම සියලු බලධාරීන්ගේ වගකීමය.
(***)
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්කයිඩා සංවිධානයේ ක්‍රියා සුළුවෙන් නොතකමු
Udara Hemachandra Friday, 20 October 2023 12:19 PM
ඔය පාස්කු ප්‍රහාරයේ මුල් ගැන මුලින්ම ඉන්දියාව කිව්වේ 2007....
රටවැසියා Friday, 20 October 2023 01:59 PM
ඉතාම වැදගත් විග්‍රහයක්... ලෝකයේ කොහේ ක්‍රියාත්මක වුණත් ඉස්ලාම් ත්‍රස්තවාදයට විරුද්ධ වෙමු! ආගමේ මුවාවෙන් එන ත්‍රස්තවාදය අතිශයින්ම භයානකයි!