අලූගෝසු ඇබෑර්තුවට අලූතින් දෙදෙනෙක් අරන්. කොළ නැති ගහේ දළු ලියලන්නට ගෙන. දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ල ගැන හිතෙන විට එල්ලූම්ගහ පිළිබඳ මතකය යළි අවදි වෙන්නෙ නිතැතින්. මරණ දඬුවම, එල්ලූම්ගහ හා අලූගෝසුවා තරම් මෑත භාගය තුළ සමාජ කථිකාවට ලක්වූ වෙනත් මාතෘකාවක් නැති තරම්. ඒ කෙසේ වුවද මරණීය දණ්ඩනය කවදා කි‍්‍රයාත්මක වේදැයි කාටවත් කියන්නට බැරිය.
එනිසාම ”එල්ලූම්ගහ” කාලයෙන් කාලයට කරළියට එන මාතෘකාවක් පමණක් දැයි කෙනෙකුට සිතෙන්නටද බැරි නැත.
ඒ 37 වසරක් තිස්සේම එල්ලූම්ගහට යළි පණ ලැබී නැති නිසාය. මෙරටදි මරණීය දණ්ඩනය නියමවූවෙකු 1976 වසරින් පසු එල්ලා නොමැරුවද එල්ලා මැරීමේ නීතිය මෙරට නීති පොත්වලින් කටු ගා නැත.
ඒ නිසාම අකර්මන්‍යව ඇති මරණීය දණ්ඩනය කොයි මොහොතකදී වුවත් කි‍්‍රයාත්මක විය හැකිය.
අලූගෝසු තනතුර පුරප්පාඩු වූ විට ඊට තව බඳවා ගැනීම් කෙරෙන්නේත් එල්ලූම් ගහේ කි‍්‍රයාකාරිත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන්නේත් ඒ නිසාය. මේ සියල්ල අතරතුර අලූගෝසුවා පිළිබඳ ආන්දෝලනාත්මක පුවත් ද මැවෙන්නට පටන්ගෙන තිබේ.
ඒ අලූතින් බඳවාගෙන පුහුණුවක යොදවා සිටි අලූගෝසුවන් දෙදෙනා නිවාඩුවට ගෙදර ගොස් යළි නොපැමිණීමත් සමගය.
දැනට මෙරට එල්ලූම්ගස් ඇත්තේ වැලිකඩ හා බෝගම්බර යන බන්ධනාගාර දෙකේ පමණි. 1871 මැයි මස 21 වැනි දින ලංකාවේ පැරැුණිම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ශාලාවේ දකුණු පස පහළ මාලයේ ප‍්‍රථම පෝරකය ඉදිකෙරිණි.
වැලිකඩ බන්ධනාගාරයේ ඇති පෝරකයේ සිව් දෙනකු එකවර එල්ලා මරා දැමිය හැකිය.
බෝගම්බර බන්ධනාගාරයේ එම හැකියාව ඇත්තේ එක් පුද්ගලයෙකු එල්ලා මැරීම සඳහා පමණි. දැනට එම හිරගෙවල් දෙකේ මරණ දඬුවම බලාපොරොත්තුවෙන් සිටින සිරකරුවන් සංඛ්‍යාව 400 කට ආසන්න බවට බන්ධනාගාර වාර්තා අනුව හෙළිවී තිබේ.
කවදා මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේද යන්න අවිනිශ්චිත වුවද අධිකරණ නියෝගයෙන් මරණ දඬුවම නියමවී ඒ ගොඩට එකතුවන සංඛ්‍යාව නම් නතරවී නැත.
කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.
අලූගෝසුවා යන්න ”අල්ගෝස්” යන පෘතුගීසි භාෂාවෙන් බිඳී ආවකි.
මෙරට බන්ධනාගාර පද්ධතියේ ආරම්භක අලූගෝසුවා ලෙස සේවය කර ඇත්තේ බි‍්‍රතාන්‍ය ජාතික නාවිකයෙකි. ඔහු අතින් මෙරට බන්ධනාගාරයකදී පළමු වරට වරදකරුවෙකු එල්ලා මරා ඇත්තේ 1884 පෙබරවාරි 11 දාය. ඒ විල්සන් අප්පුහාමි නම්වූ මිනීමැරුම් චෝදනාවක වරදකරුවෙකි.
අලූගෝසු තනතුරට පත්වන ප‍්‍රථම ස්වදේශිකයා වන්නේ ඬේවිඞ් සිංඤෝය. වසර 40ක් අලූගෝසු තනතුර හොබවා ඇති මොහු 1976 ජුනි 23 දක්වා වනවිට එල්ලා මරා ඇති සංඛ්‍යාව 630 දෙනෙකු බවද සඳහන්වේ.
ඔහු අවසන්වරට පෝරකය වෙත රැුගෙන ගොස් ඇත්තේ චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවාය.
ඬේවිඞ් සිංඤෝ, පබ්ලිස් සිංඤෝ, ලූවිස් සිංඤෝ වශයෙන් පිය පුතු පරම්පරාවෙන් පැවත ආ අලූගෝසු තනතුර ඊළඟට භාර දෙන්නට ලූවිස් සිංඤෝට දරුවෙකු සිටියේ නැත.
එනිසාම අලූගෝසු තනතුර සඳහා රජයේ ගැසට් පත‍්‍රයේ ප‍්‍රසිද්ධකර සුදුස්සකු බඳවා ගනුයේ ඉතිහාසයේ ප‍්‍රථම වරටය. ඒ 1979 වසරේදීය.
එදා මෙම තනතුරට ජනතාව අතර කොතරම් උනන්දුවක් තිබී ඇද්දැයි පැහැදිලි වන්නේ අලූගෝසු තනතුර ඉල්ලා අයදුම්පත් 274ක්ම ලැබී තිබීමය.
ඒ වනවිටත් පබ්ලිස් සිංඤෝ ප‍්‍රධාන අලූගෝසු තනතුරේ සේවයේ යෙදී සිටි බැවින් අයදුම්පත් කැඳවා තිබුණේ සහායක තනතුර සඳහාය.
1979 වසරේදී ලූවිස් සිංඤෝගෙන් පසු රංජිත් විජේතුංග නමැත්තා ප‍්‍රධාන අලූගෝසු තනතුරට පත්වන්නේ එලෙසිනි.
විසිතුන් වසරක් අලූගෝසු තනතුරේ සිටි විජේතුංග 2001.5.2 වැනි දින සේවයෙන් සමුගන්නේ කිසිම මිනිසෙකු එල්ලා නොමරාය.
ඉන්පසු එම තනතුරට පත් වන්නේ 19 හැවිරිදි වියේ කොලූ ගැටයෙකුවූ ඔහුගේ පුත් සුමේධ විජේතුංග නමැත්තෙකි.
ඔහු සිය පියා යටතේ රුපියල් 145ක දෛනික වැටුපකට කෙටිකලක් සහායක අලූගෝසු තනතුර හොබවා පළපුරුදුකම් ඇති අයෙකි.
සුමේධ විජේතුංග තරුණයා ප‍්‍රධාන අලූගෝසු තනතුර භාර ගැනීමත් සමඟම සහායක අලූගෝසු තනතුර පුරප්පාඩු විය.
ඔහු ඒ වනවිට විවාහකයෙකු නොවීමද එම තනතුර පුරප්පාඩුවීමට ප‍්‍රධාන ලෙස බලපෑවේය.
එනිසාම 2005 වසරේදී ඒ සඳහා අයදුම්පත් කැඳවනු ලැබීය.
එහිදී තෝරාගත් පුද්ගලයකු ඉදිරිපත් කළ ඉටුකළ නොහැකි කොන්දේසි ගණනාවක් හේතුවෙන් එම බඳවා ගැනීම සිදු නොවීය.
2004 වසරේදී පාතාල අපරාධකරුවන් අතින් ඝාතනයට ලක්වූ සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුවරයාගේ සිද්ධියත් සමගම මරණ දඬුවම යළි පැනවිය යුතු බවට රටපුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිවිය.
අලූගෝසු තනතුර පිළිබඳ දැඩි උනන්දුවක් ජනතාව අතර හටගෙන තිබුණේද එනිසාය.
ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප‍්‍රධාන අලූගෝසු තනතුරට පත්වූ සුමේධ විජේතුංගට වසර 10 කට පසු උසස්වීමකට මග පෑදුණේද මේ අතරය.
ඒ අනුව, 2011 වසරේදී හෙතෙම බන්ධනාගාර නියාමක තනතුරට උසස්වීමක් ලැබීමත් සමගම ප‍්‍රධාන අලූගෝසු තනතුරද පුරප්පාඩු විය.
මෙම තනතුරු දෙක සඳහා රජයේ පිළිගත් බඳවා ගැනීමේ ප‍්‍රතිපත්තිය යටතේ පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදුවිය.
ඒ 2012 ජුලි 13 වනදාය.
පුවත්පත් දැන්වීමට අනුව ලැබුණු අයදුම්පත් 178 අතුරින් 167 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබුවේ ඊට මසකට පසුවය.
8 වැනි ශ්‍රේණිය සමත් වයස අවුරුදු 18x45 අතර වූවන්ගෙන් කැඳවනු ලැබූ මෙම අයදුම්පත් අතර විවිධ පුද්ගලයන්ගේ යෝජනාද වූහ.
විශ‍්‍රාම වැටුප් සහිත ස්ථිර රැුකියාවකට ඇති ඉල්ලූමට වඩා වැඩි දෙනෙකුට මෙහිදී උවමනා වූයේ එම තනතුර උපයෝගී කරගෙන තමන්ට හෝ තම පවුලට වින කළ පුද්ගලයින්ට මරණ දඬුවම දෙන්නටය.
සිය දියණියක ඝාතනය කිරීම හේතුවෙන් මරණ දඬුවම නියමවී සිටි පුද්ගලයෙකු ගේ ඉරණම විසඳීම සඳහා අලූගෝසු තනතුර තමාට දෙන්නැයි ඉල්ලූ වේයන්ගොඩ ප‍්‍රදේශයේ පියෙකුද ඒ අතර විය. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා දරන්නේ මෙබඳු අදහසකි.
”වධක තනතුරට බඳවා ගන්නා පුද්ගලයාට එල්ලූම් ගහේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ පුහුණුවක් මෙන්ම සිය රාජකාරිය සම්බන්ධයෙන් දැනුමක්ද ලබාදෙනවා. මෙහිදී ඔහු සිටිය යුත්තේ ඕනෑම මොහොතක සිය රාජකාරිය ඉටු කිරීමේ සූදානමිනුයි. ඒ මානසිකත්වයෙන් ඔහුට ගැලවෙන්නට බැහැ. ඒ නිසා මේ තනතුර යමෙක් හිතන තරම් පහසු නැහැ. මේක බැරෑරුම් තනතුරක්.
අලූගෝසු තනතුරේ හැටි එහෙමය.
කෙසේ වුවද මෙම තනතුර සම්බන්ධයෙන් මෙරට ජනතාවගේ ඇති ආකල්ප එදාට වඩා මෙදා කොතෙක් දුරට වෙනස්වී ඇද්දැයි සිතෙන්නේ ඒ පිළිබඳව පවතින ඉල්ලූම දුටුවිටය.
විධිමත් බඳවා ගැනීමේ පටිපාටියට අනුව අලූගෝසු තනතුරු සඳහා වූ සම්මුඛ පරීක්ෂණයේදී තේරුනු 5 දෙනාගෙන් ලබාගත් මානසික වෛද්‍ය වාර්තාවට අනුව අවසන් වටයට තෝරාගනු ලැබුවේ ගම්පහ හා මීගමුව ප‍්‍රදේශයේ විවාහක පුද්ගලයින් දෙදෙනෙකි.
ඒ අනුව ඉකුත් පෙබරවාරි 1 වනි දින සිට එම දෙදෙනා මාස එක හමාරක නේවාසික පුහුණුවක් සඳහා බන්ධනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානය වෙත අනුයුක්ත කරනු ලැබුවේ කලක් තිස්සේ පැවති අලූගෝසු පුරප්පාඩු දෙක සම්පූර්ණ කරමිනි.
සෙසු ආධුනික නියාමකවරුන්ගේ පුහුණු පාඨමාලාවක්ද ආරම්භවී තිබුණේ ඒ අතරතුරය.
අලූගෝසු තනතුරට බඳවාගත් දෙදෙනා කවුරුන්ද යන්න හෝ ඔවුන්ගේ වත ගොත ඇතුලූ අනන්‍යතාවය හෙළි නොවන අයුරින් එම ආධුනික නියාමක පුහුණු පාඨමාලාවට මොවුන් දෙදෙනා සම්බන්ධ කෙරුණේද ඉතා රහසිගතවය.
ඒ සමඟම දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග මෙන්ම අලූගෝසු රාජකාරිය පිළිබඳ න්‍යායාත්මක පුහුණුවද ආරම්භ විය.
ඊළඟ සති දෙකක කාලය සඳහා වැලිකඩ බන්ධනාගාරයේ පෝරකයේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ ප‍්‍රායෝගික පුහුණුව සඳහා රැගෙන යනු ලැබූ ඔවුන් දෙදෙනාට මිනිසෙකු එල්ලා මැරීමේදී දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග යටතේ කටයුතු කරන ආකාරය පිළිබඳව මනා දැනුමක් ලබාදීමට නියමිතව තිබුණි.
මෙම පුහුණුව පිළිබඳව මාධ්‍යයට තොරතුරු හෙළිවීම හේතුවෙන් එම පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරියෙකුට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට පවා සිදුවූයේද මේ අතරය.
කෙසේ වෙතත් මිනිසකුගේ බරට සමානව සකස් කළ වැලිකොට්ටයක් තබා එල්ලූම් ගහේ කි‍්‍රයාකාරිත්වය පමණක් නොව මිනිසකු එල්ලා මරා දැමීමේ සිට අවසන් කටයුතු සිදු කිරීම දක්වා අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත් පිළිබඳ මූලික අවබෝධය හා දැනුම දෙසතියක පුහුණුව අවසන් වූයේ ඉකුත් 22 වැනිදාය.
ඒ සමඟම මදකට පුහුණු පාඨමාලාවෙන් මිදී නිවසට යාමට ඔවුන් දෙදෙනාට වරම් හිමිවූයේ මානුෂික හේතුන් මතය.
ඒ ඉකුත් 22 වැනිදා සිට 25 දක්වා දින 3ක් වශයෙනි.
කෙසේ වෙතත් නියමිත දින ඉක්ම ගොස් සතියක් ගෙවී ගියද දෙදෙනා නැවත සේවයට වාර්තා කළේ නැත.
දෙදෙනාටම සේවය හැරයාමේ නියෝග නිකුත් වූයේ ඉන්පසුවය.
ඒ සමඟම මොවුන් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස් බුද්ධි අංශය වෙත දැනුම්දීමට පවා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සිදුවිය.
හරියටම දින 7 කට පසු එනම් ඉකුත් 4 වැනි දින ඔවුන් නැවත සේවයට රපෝර්තු කරනු ලැබුවේ අසනීපවූ බවට අභියාචනාවක්ද ඉදිරිපත් කරමිනි.
ඒ පිළිබඳව මෙතෙක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවසන් තීරණය ලැබී නැත.
එහෙත් ඔවුන් දෙදෙනා තව දුරටත් සේවය හැරගිය වුන් ලෙස සළකා කටයුතුකර ඇති බවක්ද දැන ගන්නට ඇත.
මේ දෙදෙනා අභියාචනයෙන් ඉදිරිපත් කර ඇති කරුණු පිළිගත හැකිද යන්න සළකා බලනවා.
නොදන්වා සේවයට නොපැමිණීම වරදක්. ඔවුන් මේ රැකියාවට සුදුසු පුද්ගලයින් නොවෙයි. ලැයිස්තුවේ ඊළඟට සිටින දෙදෙනෙකු බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.”
”මෙම තනතුරු නාමයේ කිසියම් වෙනසක් කාලීන වශයෙන් සිදුවිය යුත්තක්. ඒ සඳහා සුදුසු නාමයෝජනා කැඳවුවත් තවමත් තෝරාගත යුතු සුදුසු නමක් ලැබී නැහැ. සුදුසු නාම යෝජනාවක් ඉදිරියේදී සේවා ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා.
”අලූගෝසුවා” කියන්නේ අධිකරණයෙන් මරණ දඬුවම නියම කරන සිරකරුවන් එල්ලා මරණ තැනැත්තායි. සාමාන්‍ය ව්‍යවහාරයේ ඒ පුද්ගලයා අලූගෝසුවා ලෙස හැඳින්වූවාට බන්ධනාගාරයේ ඒ තනතුර සඳහන් වන්නේ ”වධක” ලෙසයි. එදා ඉංගී‍්‍රසින්ගෙන් ලැබුණු එම තනතුරු නාමය අදට සුදුසු නැති බව පිළිගන්නවා.”
”වධක තනතුරට බඳවා ගන්නා පුද්ගලයා යහපත් මානසික තත්ත්වයකින් සිටිය යුතුයි. සමහරු හිතනවා ඇති එල්ලූම් ගහ කි‍්‍රයාත්මක වෙන්නේ නැති නිසා මේ තනතුර එතරම් භාරදුර එකක් නොවන බව. ඒක වැරැදියි. හදිසියේවත් එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීමට තීරණය වුවහොත් ”වධක” තනතුරට බඳවා ගන්නා පුද්ගලයා තම රාජකාරිය ඉටු කිරීමට සූදානමින් සිටිය යුතු බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
ඒ වුණාට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසන්නේ අලූගෝසු තනතුර දැරීමට කවුරු නැති වුවද බන්ධනාගාර නියාමකවරුන් සියලූම දෙනාට ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදිය යුතු බවය.
මෙම රාජකාරියේ ස්වභාවය තනතුරු නාමය හා වත්මන් සමාජ ආකල්පයන් පිළිබඳව එම තනතුර දැරූ දැනට මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකු ලෙස කටයුතු කරන සුමේධ විජේතුංග දරන්නේ මෙබඳු අදහසකි.
ඇත්තටම අවුරුදු 19 වගේ වයසේදී ප‍්‍රධාන අලූගෝසු තනතුර බාරගත්තට මම ටිකක් සමාජයෙන් ඈත් වෙලා ඉන්න බැලූවා. මම ”අලූගෝසුවා” කියලා දැන ගත්තම සමහර අය මෙන්න මේ තමා ”අලූගෝසුවා” කියලා අනිත් අයට පෙන්වනවා. එතකොට හැමෝම වගේ බලන්නේ මහා දරදඬු අමුතු මිනිහෙක් දිහා බලන විදිහට. අලූගෝසුවා කියන්නෙත් හදවතක් තියෙන මිනිහෙක්. එය රාජකාරියක් පමණයි.
මරණ දඬුවම හෝ එල්ලූම් ගහ කවදා කි‍්‍රයාත්මක වන්නේ දැයි කාටවත් කිව නොහැකි වුවද අලූත් අලූගෝසුවන් දෙදෙනෙකු යළිත් සිය රාජකාරිය භාරගනු නියතය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලූගෝසුවන්ට මොකද වුනේ ?
අජිත් Wednesday, 13 March 2013 10:54 AM
බය උනාවත්ද (දී)
කමල් Thursday, 14 March 2013 01:30 PM
මේකට නියම සුදුස්සෙක් ඉන්නවා කැළණිය පැත්තේ. (නි)
නිත්‍යා Thursday, 14 March 2013 02:33 PM
කිසිදා අසා නොතිබුණු කරුණු රාශියක් දැනගැනීමට ලැබුණා (ස)