පවත්නා ක්‍රමයේ වෙනසක් සහිත අලුත් ආණ්ඩුවක් බිහිවණු ඇත යන්න ජනතා අපේක්ෂාවයි. රටම ගිනියම් කළ අරගලකාරී ඛේදවාචකයකින් පසුව රටේ ජනතාව බොහෝ කලක් ඉල්ලා සිටි ‘‘සිස්ටම් චේන්ජ්’’ එකකට ඉඩ ප්‍රස්ථාව සැලසී තිබේ. පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් ඉවත්වීමත් සමඟ ඉදිරියේ පත්වන නව ආණ්ඩුවක ප්‍රධාන කාර්යය වන්නේ වඩාත් විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය පාලනයක් ස්ථාපිත කොට නඩත්තු කිරීමයි.
ක්‍රමයේ වෙනස හෙවත් ‘‘සිස්ටම් චේන්ජ්’’ එක තවත් සම්ප්‍රදායික පාලනයක් නොවිය යුතුය. එය ජනතාවගේ හදවතට දැනෙන වෙනසක් නොවුවහොත් තවත් ටික කලකින් මෙයටත් වඩා බරපතළ අරගලයක අත්දැකීම් විඳින්නට සමාජයට සිදුවන බව නිරනුමානය. වසර 1971දීත් වසර 1987-1989 කාලයේදීත් මෙරට දේශපාලනය පදනම් කරගත් අරගල හටගත්තේය. මෙවර අරගලය එවැන්නක් නොවූවත් පවත්නා ක්‍රමය වෙනස් කිරීමට පෙර ආණ්ඩුව ඉවත්කර නව ආණ්ඩුවක් බලයට පත් කරගන්නට තරම් තරුණ අරගලය ප්‍රබල වූ බව පැහැදිලිය.
1971 දී සහ 1987 දී යුද අවිවලින් ආරම්භ කළ සටන මෙවර දියත් කළේ ‘‘ස්මාර්ට්’’ ජංගම දුරකතනය භාවිත කරමිනි. එය අරගලයේ ප්‍රබලම අවිය මෙන්ම මෙවලම බවට පත්විය. ඇතැම් විට ජංගම දුරකතනයෙන් ඉදිරිපත් වන ප්‍රකාශනවල නිරවද්‍යභාවයක් මෙන්ම ශික්ෂණයක් නැතැයිද තර්ක ගොඩනැගී තිබේ. මාධ්‍ය දොරටුපාලයන්ගෙන් තොරව කෙරෙන ස්වයං ප්‍රකාශන සම්බන්ධව එවන් චෝදනා මෙන්ම ඊට එරෙහි ප්‍රතිචෝදනා ද නැගෙයි. පවත්නා ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට කලෙක පටන් ඝෝෂා කරනු ලැබුවේ මෙරට සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම විද්වත් පර්ශද ගණනාවක් විසිනි. විශේෂයෙන්ම රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ සිදුවන ඉහවහා ගිය වංචා දූෂණවලට තිත තබා රටේ සම්පත් බහුතර ජනතාවගේ සුඛවිහරණයටත් ජාතික සංවර්ධනයටත් සාධාරණ ලෙස යොදවා ගැනීම අපේක්ෂිත ‘‘සිස්ටම් චේන්ජ්’’ එකෙහි ප්‍රධාන අංගයක් බව පැහැදිලිය. සම්පත් බෙදීයාමේ විෂම බව අප රටේ අතීත අරගලවලට බලපෑ ප්‍රධාන හේතුවක් බව අමතක කළ යුතු නැත.
එසේම යුක්තිය සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස තහවුරු වන, නීතියේ ආධිපත්‍යය සුරැකෙන සමාජයක් අලුත් වෙනස අපේක්ෂා කරන උදවිය බලාපොරොත්තු වෙති. විශේෂයෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ එක් පාර්ශ්වයක් විසින් ගනු ලබන තීන්දුවක් තවත් පාර්ශ්වයකට පරීක්ෂා කළ හැකිවන පරිදි නීති රීති සහ ක්‍රමසම්පාදනය විය යුතුය. එය පිළිගත් තුලන හා සංවරණ ක්‍රමවේදයයි.
1978 දී ආරම්භ වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න විධායක ජනාධිපති ක්‍රමයේ අමිහිරි අත්දැකීම් සහිත ශ්‍රී ලාංකික බහුතර සමාජය පිළිගනී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දමා පාර්ලිමේන්තුවට බලය පැවරීම මගින් වඩාත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් අභ්‍යාස කළ හැකි බව ඊට පක්ෂව මත දක්වන්නෝ පවසති. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ මතධාරීන් සඳහන් කරන්නේ ඉන්දියාව විසින් අපේ ව්‍යවස්ථාවට ගැට ගසන ලද පළාත් සභා ක්‍රමය පාලනය සහ හැසිරවීම උදෙසා විධායක ජනාධිපතිවරයකු අවශ්‍ය බවය. කලකට පෙර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි වර්ධරාජා පෙරුමාල් සිය පළාත් සභාව වෙනම ආණ්ඩුවක් බව ප්‍රකාශ කළ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල නොවන්නට සියල්ල අවුල් වීමට ඉඩ තිබූ බවට තර්ක නැගේ. විලියම් ගොපල්ලව යුගයේ මෙන්ම නාමමාත්‍ර ජනාධිපති ධුරයකට අද්‍යතනයේ පවත්නා සංකීර්ණ දේශපාලන ප්‍රශ්නවලට ප්‍රතිකාර කිරීම අපහසු බව විධායකයට පක්ෂව තර්ක කරන්නෝ පවසති. කෙසේ වෙතත් රටේ බහුතර ජනමතය වන්නේ ‘‘සිස්ටම් චේන්ජ්’’ එකක් කිරීමට පෙර බොහෝ අනුහස් සහිත බලවත් තනතුරක් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි.
වඩාත් නිරවුල් හා විනිවිද භාවයෙන් යුතු ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීම ස්වාධීන කොමිෂන් සභා ආදියේ බලතල උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වතාවාරණය සැලසීම ආදී කරුණුද ජනතාව අපේක්ෂා කරන ‘‘සිස්ටම් චේන්ජ්’’ එකට ඇතුළත් විය යුතු බව ප්‍රකාශිතය. එසේම රාජ්‍ය මූල්‍ය පාලනයේ බලය ඇති පාර්ලිමේන්තුවට ආණ්ඩුවේ ඕනෑම තීරණයක් ප්‍රශ්න කළ හැකි වාතාවරණයක් අවශ්‍යය. ඒ සඳහා මැති සබයේ නිතිපතා ක්‍රියාත්මක කරන විවිධ කොමිටි සහ කාරක සභා බලවත් සංවිධාන බවට පරිවර්තනය විය යුතුය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ මහ සභාව මෙන්ම ඊට අනුබද්ධ කාරක සභා සහ කොමිටි නිතිපතා රැස්වෙමින් ආණ්ඩුවේ කටයුතු හරිමඟ ගෙනයාමට විශාල මෙහෙවරක් ඉටු කරති. මෙරට මැති සබයේ ද එබඳු වැදගත් කාරක සභා ගණනාවක් ක්‍රියාත්මකය. රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාව ඉන් ප්‍රධානය. මෙයින් රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තු ගනුදෙනු සහ ක්‍රියාදාමයන් විමර්ශනයට ලක් කෙරේ.
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාව මගින් රජයට අයත් සියලුම සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතනවල ගනුදෙනු ආදිය ගැන සොයා බැලේ. කලෙක පටන් මෙම කටයුතු අදාළ කාරක සභා විසින් නිසි ලෙස ඉටුකර මැතිසබයට වාර්තා රැසක් සපයා තිබේ. එහෙත් එම වාර්තා පැවති ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරනු වෙනුවට හමස් පෙට්ටියට දමා තිබීම බොහෝ අනීතික ක්‍රියා නීතිගත වීමට බලපෑ සාධකයකි. මෙබඳු කාරක සභාවල තීන්දු තීරණ අනුව රජයේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක බලධරයෙක් කිසියම් වරදක් සිදුකර ඇත්නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය අධිකරණයට ගෙන ගොස් නෛතික විමර්ශනයකට බඳුන් කිරීමට හැකියාව තිබිය යුතුය. එලෙස කටයුතු සිදුවුවහොත් ආණ්ඩුවේ බොහෝ වංචා දූෂණ සහ වෙනත් පරිපාලනමය වැරදි නිවැරදි කර ගැනීම පහසුවෙයි. ජනතාව පවතින ක්‍රමය වෙනස් කොට ‘‘සිස්ටම් චේන්ජ්’’ එකක් ලබාදෙන ලෙස ආයාචනා කරන්නේ මෙබඳු රාජ්‍ය පාලනයක් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂාවෙනි.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් ආණ්ඩුවෙන් ක්‍රමයේ වෙනසක් ඕනෑ
සී.යූ Wednesday, 18 May 2022 12:09 PM
අපේ ගමේ බස්රථ ධාවනය වන ප්‍රධාන මාර්ගය තුළ අබලන් වූ ස්ථාන තුනක් මීට වසර 4 කට පමණ පෙර කොන්ක්‍රීට් දමා අළුත්වැඩියා කර ඇතත් මේවනවිට කොන්ක්‍රීට් තට්ටුව පුපුරා නැවත අබලන්වීමේ තත්ත්වයට පත්වෙමින් ඇත. මෙයට හේතුව වන්නේ කිසිඳු ප්‍රමිතියකින් තොරව කරන ලද ඉදිකිරීම නිසායි.. ඒවායේ ප්‍රමිතිය නියාමනයට කිසිඳු අයෙකු වගකීමක් ගන්නේ නැති නිසායි. ඒ සඳහා නව නීතිරීති රාජ්‍ය ඉංජිනේරු අංශයට අනිවාර්යයෙන්ම ඇතිකළ යුතුයි. මේ සඳහාද බලධාරීන්ගේ ඇස් ඇරේවා...!
Deepal Nirosh Thursday, 19 May 2022 03:29 PM
ලෝකයේ දියුණු නොදියුණු බොහෝ රටවල රාජ්‍ය සේවයේ නියුතු සංඛ්‍යාව ජනගහන අනුපාතිකව 1 : 250 සාමාන්‍ය අගයක්. එහෙත් අප රටේ එය 1 : 11 වැනි ඉතා ඉහළ අනුපාතයක්. නිෂ්පාදනයක කර්මාන්ත අවම කුඩා ආර්ථිකයක් සහිත අප වැනි රටකට මෙය දරාගන්න පුළුවන්ද? රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නගන්න නම් මෙන්න මේ තත්ත්වයට ප්‍රශස්ත පිළිතුරක් සොයා ගැනීම අත්‍යාවශ්‍යයි.