IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අලුතෙන් කැසිනෝ දානවට මම විරුද්ධයි

 


 

කැසිනෝ පනතට පක්ෂව හෝ විපක්ෂව ඡුන්දය නොදී එය මග හැර ගිය ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉකුත්දා අපි හමුවීමු. කතාබහේ මාතෘකාව එයම විය. මේ ඒ කතාබහය.


 ප‍්‍රශ්නය:- ඔබ ඇත්තටම කැසිනෝවලට විරුද්ධද?
 පිළිතුර:- ඔව්. අනිවාර්යෙන්ම ඔව්.

 


 ප‍්‍රශ්නය:- එහෙනම් ඇයි ඔබ කැසිනෝ පනතට විරුද්ධව ඡන්දය නුදුන්නේ?
 පිළිතුර:-  කැසිනෝවලට විතරක් නොවෙයි තියෙන සෑම සූදුවකටම විරුද්ධයි. ඔය රේස් බයි රේස්වලටත් විරුද්ධයි. බූරුවා ගහනවාටත් විරුද්ධයි. හරියට බැලූවොත් ලොතරැයි කියන්නෙත් එක්තරා ආකාරයක සූදුවක්. ආගමික වශයෙන් බැලූවොත් සූදු සියල්ලම හොඳ නෑ. සදාචාරාත්මකව බැලූවත් සූදු සියල්ලම හොඳ නෑ. හැබැයි අපි හොඳයි කියන දේවල් විතරක් නොවෙයිනේ මේ ලෝකෙ තියෙන්නේ. අපි අකමැති දේවලූත් තියෙනවා.

 


 ප‍්‍රශ්නය:-  මගේ ප‍්‍රශ්නය වුණේ ආණ්ඩුව ගෙනාපු කැසිනෝ පනතට ඔබ විරුද්ධද, නැද්ද කියන එකයි.
 පිළිතුර:-   ආණ්ඩුව කැසිනෝ ගේන්නේ නෑ. කැසිනෝ ගේනවා නම් අලූතෙන් බලපත‍්‍ර දෙන්න  ඕනෑ. මේ ආණ්ඩුව කොහේවත් අලූතෙන් බලපත‍්‍ර දීලා නෑ. ඒ වගේම ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා. අලූතෙන් බලපත‍්‍ර දෙන්නෙත් නෑ කියලා. දැන් ඔය විවාදයට තුඩු දීලා තියෙන්නේ අලූතෙන් කැසිනෝ බලපත‍්‍ර දීමට අදාළ කාරණාවක් නොවෙයි. නව හෝටල් ව්‍යාපෘති තුනක් ඉදිවෙනවා. ඒවාට බදු සහන දෙනකොට මුල් ගැසට් එකේ තිබුණා  ඕවාටත් එක්ක බදු සහන දෙනවා කියලා. අන්න ඒක තමයි මේ විවාදයට ලක්වෙලා තියෙන්නේ. ඔබ හිතන්න කැසිනෝ නැති හෝටලයක් තියෙනවා. ඔය හෝටලයට හිතුණොත් හෙට දවසේ කැසිනෝ එකක් දාගන්න  ඕනා කියලා. ඒ අයට පුළුවන් මුදල් ගෙවලා බලපත‍්‍රයක් අරගෙන කැසිනෝ එක පටන් ගන්න. හැබැයි ආණ්ඩුවක් විදියට තීරණයක් අරගෙන තියෙනවා අලූතෙන් බලපත‍්‍ර දෙන්නේ නැහැ කියලා. ඒ නිසා බෑ. ඒක තමයි කැසිනෝ එකක් පටන් ගන්නා සාමාන්‍ය ක‍්‍රමය. මේ හෝටල්වල දැනට කැසිනෝ නැති වුණාට පස්සේ වෙන කාගේ හරි කැසිනෝ එකක් ගේන්න පුළුවන්. අලූතෙන් කැසිනෝ වැඩි කරලත් නෑ. රණසිංහ පේ‍්‍රමදාසගේ, චන්ද්‍රිකාගේ කාලේ ඇතිවෙච්ච කැසිනෝ තමයි අදටත් මේ රටේ තියෙන්නේ. එතකොට මේ ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක ඉන්නවා. අලූතෙන් බලපත‍්‍ර දෙන්නෙත් නෑ කියලා.

 


 ප‍්‍රශ්නය:- එහෙමනම් මොකක්ද මේ කැසිනෝ විරෝධය?
 පිළිතුර:- අලූතෙන් කැසිනෝ දානවා කියලා මේ ආණ්ඩුවට චෝදනා ආවේ කැසිනෝ සහිත නව හෝටල් සංකීර්ණයකට බදු සහන දෙන්න ගිය නිසයි. ආණ්ඩුව අලූතෙන් කැසිනෝ දාන්න යන්නේ නෑ. හැබැයි බදු සහන දෙන්න යනවා. බදු සහන දෙන්නේ අලූතෙන් දාන එකකට වෙන්නත් පුළුවන්. වෙන තැනක තියෙන දෙයක් මෙතැනට ගෙනැත් දැමීමෙන් වෙන්නත් පුළුවන්. ඒක තමයි මෙතැන විවාදයට බඳුන් වුණ ප‍්‍රශ්නය වුණේ. ඇමැති මණ්ඩලයට මුලින් ආව ගැසට් පත‍්‍රයේ ඔය කැසිනෝ තිබුණා. ඒකට ආව විරුද්ධත්වය හා ඒ අදහස් සැලකිල්ලට අරගෙන කැසිනෝ කියන එක ඉවත් කරන්න ඇමැති මණ්ඩලය තීරණය කළා. ඒ අනුව තමයි කැසිනෝ ඉවත් කරපු දෙවැනි ගැසට් නිවේදනය ආවේ. එතකොට මේ ගැසට් නිවේදනයෙන් අපට කෙළින්ම කියන්න බෑ කැසිනෝවලට බදු සහන දීමක් වෙනවා කියලා. හැබැයි අපි කියන්නේ මුලින් ගැසට් නිවේදනයේ කැසිනොත් එක්ක ආව නිසා රටේ සාමාන්‍ය ජනතාවට සැකයක් බියක් ජනිත වෙලා තියෙනවා. ඒක වෙනයි. කැසිනෝ වලට බදු සහන දෙන එක වෙනයි. දැනට කැසිනෝ කිහිපයක් තියෙනවානේ. එතකොට ඒවායින් බදු මුදල් ගන්නවනේ. අලූතෙන් හදන හෝටල් සංකීර්ණයක් ඇතුළට  ඕවායින් එකක් ආවොත් ඒක බදු සහනවලට ලක් වෙනවා නම් ඒක වැරදියි. අපේ විරුද්ධත්වය තියෙන්නේ ඔන්න  ඕකටයි. නැතිව විරුද්ධ වෙන්න කාරණයක් නෑ. අපි කියන්නේ බදු සහන දෙන ලැයිස්තුවේ කැසිනෝ තියෙන්න බෑ. ආණ්ඩුව කියනවා අලූත් ගැසට් නිවේදනයෙන් ඒක අයින් කරලා කියලා. හැබැයි ඒක පැහැදිලි නෑ. ඒ නිසා අපි ඒ ගැසට් එකට විැරද්ධව ඡන්දය දෙනවා වෙනුවට ඡුන්දය දීමෙන් වැළකී හිටියා. එය  කළේත් විරෝධය පෑමක් විදියටයි.

 


 ප‍්‍රශ්නය:- ඔබ විරුද්ධ වෙන්නේ කැසිනෝවලට බදු සහන දෙනවට මිසක් කැසිනෝවලට නොවෙයි.
 පිළිතුර:-  දැනට තියෙන කැසිනෝ වහන්න කවුරු හරි යෝජනාවක් ගේනවා නම් මම ඒකට පක්ෂව අත් දෙකම උස්සනවා. හැබැයි ඔය කැසිනෝ එකේ දැනට ඉන්නේ චීන්නුයි, ඉන්දියන් ජාතිකයොයි. ලාංකිකයන් ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඉතින් ඒ ගොල්ලේ කැසිනෝ ගැහුවට මට ඇති රුදාවක් නෑ. හැබැයි අලූතෙන් කැසිනෝ දානවා නම් මම විරුද්ධයි. ඒ වගේම අපි විරුද්ධයි අලූතෙන් බලපත‍්‍ර නොදෙන තත්ත්වයක් යටතේ අලූතෙන් ඉදි කෙරෙන හෝටල් සංකීර්ණයකට පරණ කැසිනෝවක් හරි ගෙනත් දාලා බදු සහන දෙනවට. කැසිනෝ ව්‍යාපාරයට බදු සහන දෙන්න  ඕනැ නෑ. ඒවාට පුළුවන් තරම් බදු ගහන්න  ඕනෑ. ඒවායින් රටට ගන්න තියෙන ආදායම ගන්න  ඕනෑ. කැසිනෝවලට විරුද්ධ  ඔය කවුරුවත් කියන්නේ නෑනේ දැන් තියෙන කැසිනෝ ඔක්කොම වහලා දාන්න කියලා. අපට වඩා විරුද්ධ අය ඉන්නවනේ කැසිනෝවලට. එහෙමනම් ඒ අය කියන්න එපැයි දැන් තියෙන කැසිනෝ ඔක්කොම වහලා දාන්න කියලා. එහෙම කියන්නේ නැහැනේ. අපි කියන්නේ කැසිනෝ යනු බදු සහන දිය යුතු ව්‍යාපෘති නොවේ කියලයි. අලූතෙන් බලපත‍්‍ර දෙන්නත් එපා. තියෙන ඒවා අලූත් හෝටල් කාමර ඇතුළට අරගෙන බදු සහන ලැබෙන ව්‍යාපෘති බවට පත් කරන්නත් එපා කියලයි. අපි ඒකට විරුද්ධයි. අපේ විරුද්ධත්වය තමයි අපි පළ කළේ.

 


 ප‍්‍රශ්නය:-  විරුද්ධ නම් විරුද්ධව ඡන්දය දෙන්න තිබුණා. ඇයි ඡන්දය දීමෙන් වැළකී හිටියේ?
 පිළිතුර:- මෙහෙමනේ. හැම එකකටම විරුද්ධව ඡුන්දය දුන්නොත් ඇත්තටම විරුද්ධව ඡුන්දය දිය යුතු මොහොතක මොකක්ද අපි කරන්නේ?  දැන් ජවිපෙත් හිටියනේ සන්ධාන ආණ්ඩුවේ. 2004 ඉඳන් අවුරුද්දක් විතර හිටියනේ. ඒ කාලය තුළ ආණ්ඩුව වැරදි කළේ නැද්ද? රහසින්වත් හොරකම් වුණේ නැද්ද? ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තේ නැද්ද? නුසුදුසු රටට අහිතකර ව්‍යාපෘතිවලට ණය ගත්තේ නැද්ද? නිලධාරී තන්ත‍්‍රයේ විවිධ ප‍්‍රශ්න තිබුණේ නැද්ද? සදාචාර මිණුම් දණ්ඩෙන් බැලූවම වැරැුදි බව පේන ප‍්‍රශ්න ඒ කාලේ තිබුණේ නැද්ද? සංස්කෘතික මිණුම් දණ්ඩෙන් බැලූවම ප‍්‍රශ්න මතුවුණේ නැද්ද? හැබැයි එහෙමයි කියලා ජවිපෙ මරාගෙන මැරෙන  සටන් කළාද? නෑ. සටන් කළේ මොකටද? සුනාමි සහන මණ්ඩලයට. අරවටත් සටනක් තියෙනවා. විරුද්ධත්වයක් තියෙනවා. හැබැයි ඒවා තීරණාත්මක සටනක් බවට පෙරළෙන්නේ නෑ. තීරණාත්මක සටන වුණේ  සුනාමි සහන මණ්ඩලයයි. අන්න ඒ වෙලාවේ ජවිපෙ එළියට බැස්සා. ඒ වෙලාවේ එළියට බහින්නේ කොහොමද ඊට වඩා පොඩි දෙයකට ඊට කලින් එළියට බැහැලා හිටියා නම්. ඒ නිසා දේශපාලනය කරන කොට විරුද්ධ විය යුතු ප‍්‍රමාණය, ස්වභාවය අපි තීන්දු කරගත යුතුයි. මේ කැසිනෝ ප‍්‍රශ්නය මත අපි ආණ්ඩුවෙන් එළියට බහින්න  ඕනෑ කියලා කවුරුවත් කියන්නේ නෑනේ. මහජනයා තුළ තිබෙන සාධාරණ විරෝධය අපි ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන පෙන්වනවා. විරුද්ධ වෙන්න  ඕනා තැනක් ආවොත් අපි විරුද්ධ වෙනවා. හැබැයි විරුද්ධ විය යුතු දෙයට විරුද්ධ වීමට ඉඩ තියාගන්න  ඕනෑ. වැළකී ඉඳලා විරුද්ධත්වය පා හැකි තැන්වලදී එහෙම කරනවා. මොකද අපි දෙන්නා මේකට විරුද්ධව ඡුන්දය දුන්නා කියලා මේක පරදින්නේ නැහැනේ. ඔන්න අපි  දෙන්නගේ ඡුන්ද දෙකෙන් පුළුවන් නම් ගැසට් නිවේදනය පරද්දවන්න කිසි සැකයක් නෑ අපි විරුද්ධව ඡුන්දය දෙනවා. විරුද්ධව ඡන්දය දිය යුතු තැන් අපට අනාගතයේදී මුණ ගැසෙයි. එහෙම වුණොත් ඒකට අපි සූදානම්. අපි හිතනවා අපි ගත්තේ සුදුසුම තීන්දුව කියලා.

 


 ප‍්‍රශ්නය:- ආණ්ඩුවේ ඉන්න  ඕනෑ නිසා විරුද්ධව ඡන්දය දෙන්නේ නැහැ සමාජයත් එක්ක තියෙන ගනුදෙනුව බේරගන්න ඡන්දය මග හැරලා යනවා. ඇත්තටම වුණේ ඒක නොවෙයිද?
 පිළිතුර:- අපි විශ්වාස කරන අපව විශ්වාස කරන ජන බලවේග අපට කියන්නේ නැහැනේ  ඕකට විරෝධය පළ කරලා ආණ්ඩුවෙන් එළියට බැහැපන් කියලා. අප පදනම් වෙන්නේ අප කෙරෙහි විශ්වාසය තබා බලාපොරොත්තු තබාගෙන සිටින ජන බලවේග මතනේ. ආණ්ඩුව පෙරළන්න බලන් ඉන්න අය කියන දේවල් අපට වැදගත් වෙන්නේ නැහැනේ. ඒ ගොල්ලෝ කැමැති වෙයි පිඟානක් බිම වැටිලා බිඳුණත් ඒකට කේන්ති ගිහින් අපි ආණ්ඩුවෙන් එළියට එනවා නම්. අපි වැඩ කරන්නේ ඒ ගොල්ලන්ට  ඕනෑ විදියට නොවෙයිනේ. අපි වැඩ කරන්නේ 2005 දී මේ ආණ්ඩුව හදන්න පෙළ ගැහිච්ච බලවේගයක් ඉන්නවා. ජාතික බලවේගය තියෙනවා. අන්න ඒ බලවේග කවදද කියන්නේ ”උඹලා හිටියා ඇති දැන් එළියට බැහැපල්ලා” කියලා. එදාට අපි බහිනවා. හැබැයි ඒක අපි කරන්නේ වික‍්‍රමසිංහ මහත්තයටවත් දිසානායක මහත්තයාටවත්, ෆොන්සේකා මහත්තයාටවත් සම්බන්ධන් මහත්තයාටවත් ගැලපෙන න්‍යාය පත‍්‍රයකට අනුව නොවෙයි. හැබැයි මේක අපි විශ්වාස කරන්නේ නැහැ මරාගෙන මැරිලා ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා සටන් කරන්න  ඕනෑ දෙයක් හැටියට. එහෙමනම් අපි සටන පටන් ගන්න තිබුණේ ක‍්‍රමෝපාධක සංවර්ධන පනත සංශෝධනය කළේත් මේ ආණ්ඩුව. ඒකෙන් තමයි කැසිනෝත් මේක ඇතුළට ආවේත්. ඒ සංශෝධන ආවේ. එහෙම නම් පනත සංශෝධනය කරන වෙලාවෙනේ මේ අය සටන් කළ යුතුව තිබුණේ. ඒ වෙලාවේ කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. ගැසට් එක එන්නේ ඒ පනත් සංශෝධනවලට අනුවනේ. ගැසට් නිවේදනය කියන්නේ කුඩා ප‍්‍රතිඵලයක්. ඒ පනත සංශෝධනය කරන වෙලාවෙනේ අපි කවුරුත් එළියට බහින්න  ඕනේ. මෙතැන තියෙන්නේ මේකට බදු සහන ලැබෙනවාද නැද්ද කියන කාරණය විතරයි. ආණ්ඩුව කියනවා දෙන්නේ නැහැ කියලා. හැබැයි සැකයක් තියෙනවා. ඒ නිසා අපි වැළකී හිටියා.

 


 ප‍්‍රශ්නය:-  පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට රටෙන් ඡන්ද අඩුවුණා. මේ වෙලාවේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ආණ්ඩුවේ ඡන්ද ලැබුණෙත් නෑ. මේ අසුබ ලකුණක් නොවෙයිද?
 පිළිතුර:- බස්නාහිර කියන්නේ යම් යම් විවේචනාත්මක මතවාදවලට වැඩිම බලපෑමක් තියෙන පළාතක්. දකුණත් ඒ වගේ තමයි. ඒ නිසා කාලයක් තිස්සේ ආණ්ඩුවට එරෙහිව එල්ල කරපු චෝදනා, එහෙම නැත්නම් ආණ්ඩුවේ ප‍්‍රතිරූපයට හානිකර සිදුවීම් පහුගිය කාලයේ සිදුවුණා. ඒවායේ බලපෑමේ ප‍්‍රතිඵලය තමයි ඔය ඔබ කියන හොඳම ඡුන්දයේ ප‍්‍රතිඵලයට සාපේක්ෂව ඡුන්දය අඩුයි කියලා කියන්නේ. කොහොම වුණත් ආණ්ඩුවේ ගමන පිළිබඳ කිසියම් අවවාදාත්මක ප‍්‍රතිඵලයක් මේ ඡුන්ද ප‍්‍රතිඵලවල තියෙනවා. බස්නාහිරෙන් හා දකුණෙත් ඒ අවවාදාත්මක පණිවිඩය ලැබිලා තියෙනවා. ආණ්ඩුව ඒ පණිවිඩය දකින්න  ඕනෑ. ආණ්ඩුවේ ගමන් මග පිළිබඳ සාකච්ඡාවක් ඇතිවෙන්න  ඕනෑ. ඒ අනුව පියවර ගන්න  ඕනෑ. හැබැයි එහෙම ගන්න බවක් නම් පේන්න නැහැ. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් මේ දෙන්න තුන් දෙනාටම පුළුවන් කියලා මේ ඔක්කොම කරන්න ඒක සම්පූර්ණ මිථ්‍යාවක්. මේක සාමූහික ව්‍යායාමයක් බවට පත් වෙන්න  ඕනෑ. මේක දෙතුන් දෙනෙකුගේ කි‍්‍රයාවලියක්  බවට පත්වෙලා වැඩක් නෑ.

 


 ප‍්‍රශ්නය:- ඔය ඔබ කියන දෙතුන් දෙනා කවුද?
 පිළිතුර:-  ඕක හඳුනා ගන්න බැරිද? මේ රටේ කවුරුත් හඳුනනවා. දෙතුන් දෙනා කියන්නේ කවුද කියලා. පොඩි ළමයිනුත් දන්නවා. ඉතින් ඒ නිසා දෙතුන් දෙනෙකුගේ පාලනයකට මේක ගොඩගන්න බෑ. යුද්ධය ජයග‍්‍රහණය කළේත් සාමූහික කි‍්‍රයාදාමයකින්. අද කළමනාකරණය  බිංදුවයි. උදාහරණයක් හැටියට විරුද්ධ පක්ෂය තුළ ඉදිරියේ එන ජනාධිපතිවරණය ගැන කතිකාවක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා නම් ලේසියෙන් හැම ඡන්දෙම දිනන්න පුළුවන් කියලා එහෙම තක්සේරු කරන එක වැරදියි. බඹරේ හැමදාම වැල්ලේ කැරකෙයි කියලා කාටවත් කියන්න බෑ. නමුත් ඒ ගැන කිසිම සාකච්ඡාවක් නෑ. ඒවා ගැන සාකච්ඡා කරන්න  ඕන. ඒවාට උපාය උපක‍්‍රම හදන්න  ඕනෑ. ජීනිවාවලින් එන අභියෝගය දේශපාලනිකව කළමනාකරණය වෙන්න  ඕනෑ. ඒක විදේශ අමාත්‍යාංශයට පමනක් සීමා වෙච්ච දෙයක් නොවෙයි. එවැනි විශාල භූමිකාවක් ආණ්ඩුවට තියෙනවා මැදිහත් වෙනවා නම් ආණ්ඩුව ඒකට අවතීර්ණ වෙන්නේ නෑ. දෙතුන් දෙනෙක් පාලනය කරනවා. ඒ දෙතුන් දෙනා හිතනවා හොඳට රට කෙරෙනවා කියලා.

 


 ප‍්‍රශ්නය:- විපක්ෂය කියන කතා දැන් ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් කියන්න පටන් අරගෙන.
 පිළිතුර:-  නෑ. මේවා විපක්ෂය කියන කතා නොවෙයි. විපක්ෂය බූත කතා ඉස්සර ඉඳන්ම කියනවනේ. මේවා අපි කියන කතා.

 


 ප‍්‍රශ්නය:- ප‍්‍රශ්න තියුණු වෙනකොට ආණ්ඩුව බාහු බලය තෝරාගෙන තිබෙන බව මත්තලදී, හම්බන්තොටදී අපි දැක්කා. ඔබ කොහොමද ඒක දකින්නේ.
 පිළිතුර:-  පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මැර කණ්ඩායමක් දම්මලා පිටකොටුවේදී පහර දීලා කිව්වා මගී ජනතාවයි පහර දුන්නේ කියලා. එදා අපි ඒකට විරුද්ධ වුණා. කවුරුත් දැනන් හිටියා ඒ මගියො නොවේ කියලා. පහුගිය දවස්වල මංගලගේ කුරුඳු පොලූ හමුදාව තමන්ගේම පක්ෂයේ කණ්ඩායමකට ගැහුවා. සිරිකොතට ගල් ගැහුවා. ඔය ඔක්කොම  කරලා කිව්වේ මහජනයා තමයි ගැහුවේ කියලා. මොනවා වුණත් මිනිසුන්ට තේරෙනවා කවුද ගැහුවේ කියලා. ඒ වගේ තමයි හම්බන්තොට නගරාධිපතිවරයා සෙල්ලම් පිස්තෝලයක් අරගෙන ආවම ඒ ආවේ කවුද කියලා කවුරුත් දන්නවා. මම හිතන්නේ නැහැ අපට දේශපාලනිකව එවැනි කි‍්‍රයාමාර්ග ගත යුතු තත්ත්වයට මේ ආණ්ඩුව වැටිලා කියලා. මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය තවමත් ශක්තිමත්ව රැකගෙන ඉන්නවා. ඒ නිසා ඒවගේ නුසුදුසු පියවර ගැනීමේ අවශ්‍යතාවයක් නෑ. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මම දන් නෑ කාගේ මෙහෙයවීමෙන් මේක වුණාද කියලා. සමහර විට  ඉතාම සුළු පිරිසකගේ කි‍්‍රයාමාර්ගයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒක සුදුසු නැති තත්ත්වයක්.

 


 ප‍්‍රශ්නය:- කොහොම නමුත් මේවා පරාභවයේ ලක්ෂණ.
 පිළිතුර:-  ඔව්, ආණ්ඩුව තීන්දු කරන්න  ඕනෑ අන්තර්ජාතිකව එන අභියෝගයක් තියෙනවා. ඒ වගේම රට ඇතුළේ හතුරු බලවේග විශාල මෙහෙයුමක නියැලෙනවා. මේ අයට මේවා පේන්නේ නැහැ. තේරෙන්නේ නෑ. සිංහල - මුස්ලිම් ගැටුමක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ පැත්තට රට පෙළගස්වමින් යනවා. එහෙම වුණොත් මොකද කරන්නේ කියලා ආණ්ඩුවට කතිකාවක් නෑ. දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරලා දීලා තිබෙනවා. මේවා ගැන හරි තක්සේරුවක් නෑ. එවෙලෙ එවෙලේ එන බෝලයට ගහන්න ගියාම හරි ප‍්‍රතිඵලය ලැබෙන්නේ නෑ. ඇත්තටම අපි කියන්නේ ඔබ සඳහන් කළා පරිදිම මතුවෙන අභියෝගවලට නිසියාකාරව මුහුණ දෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි.

 


 ප‍්‍රශ්නය:- ඔබටත් කිසියම් තීන්දුවක් ගන්න සිද්ධ වෙන පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා කියලද ඔබ කියන්නේ?
 පිළිතුර:-  මේ රටේ ජනතා බලවේග, මේ රටට ආදරය කරන බලවේග අපි විශ්වාස කරන, අපිව විශ්වාස කරන බලවේග මොන වෙලාවෙද කියන්නේ හරි තැනක් තියෙනවා  නම් එතැන හිටගන්න කියලා එතැන හිටගන්න අපි සූදානම්. ඒ ගැන දෙගිඩියාවක් නෑ. මේ ආණ්ඩුවත් එක්ක අපි මෙතෙක් ඉන්නෙත් මේ ආණ්ඩුව බෙදුම්වාදයට කත් අදින්නේ නැති හින්දා. මෝඩකම්වලින් ඇතිවන අහිතකර ප‍්‍රතිඵල තියෙනවා. මේ ආණ්ඩුව ජාතික සම්පත් විකුණාගෙන කන්නේ නැති හින්දා. ඒ වගේම රටේ ඒකීයභාවයට එරෙහිව එන අන්තර් ජාතික ප‍්‍රහාරයට ඉදිරිපිට දණ නොගසන හින්දා. මේ සාධක තුන තියෙන අතරෙම මේ ආණ්ඩුව තුළ තිබිය යුතු නැති සාධක තිබෙන බවත් අපි දන්නවා. ඒ මොක වුණත් මේ සාධක තුන අපට බලවත්ව බලපානවා. ඒ නිසා මේ සාධක තුන නොසලකා කටයුතු කරන්න අපට බෑ. ඒ සාධක තුනත් රැකෙන ආණ්ඩුව නොරකින සාධකත් රකින පෙළගැස්මක් අනාගතයේදී ගොඩ නැගෙයි. එසේ ගොඩනැගෙන කොට ඒ පෙළගැස්මත් සමග අපි ඉන්නවා.

 


 ප‍්‍රශ්නය:- ඒ බලවේග ආණ්ඩුවට එරෙහි බලවේගයක්ද?
 පිළිතුර:- ශ්‍රීලනිපය අපි ඔක්කොම ඉන්න බලවේගයක් වෙන්නත් පුළුවන්. කොහොමත් අලූත් දේශපාලන බලවේගයක් දැන් මේ රටට  ඕනෑ. ඊළඟ ජනාධිපතිවරණයේදී කවුරු දින්නත් දිනන්න  ඕනෑ නව දේශපාලන බලවේගයක් යටතේ. යුද්ධය ජයග‍්‍රහණය කළා. 2005 පරමාර්ථ ඉටුවුණා. අද තියෙන්නේ සමාජ ආර්ථික සංවර්ධනය අත්පත් කැර ගැනීමේ ගමන. සමගිය නිර්මාණය කිරීමේ ගමන. ඒ ගමනට අවශ්‍ය සියලූ පියවර මේ ආණ්ඩුවෙන් මේ කාලය තුළ සම්පූර්ණයෙන් අරගෙන තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඒකේ පීලි පැනීම් තියෙනවා. ඒ සකල පීලි පැනීම් නැති කරලා නිසියාකාරයෙන් ඒ ගමන යා හැකි පෙළගැස්මක් මේ රටට ඇති වෙන්න  ඕනෑ. ඒකේ ශ්‍රීලනිප අපි කවුරු කවුරු ඉන්නවද කියලා අපි දන්නේ නෑ. මේ කට්ටියම දැන් අලූත් අරමුණට සාපේක්ෂව හිටගන්න  ඕනෑ. 2005 දී හිටගන්නේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරදවන අරමුණ තුළ. අද ඒකේ යුදමය තර්ජනය ඉවරයි. දේශපාලන තර්ජනය ඉතිරිවෙලා තියෙනවා. අද හිටගන්න  ඕනෑ ඒ දේශපාලන තර්ජනයට සාපේක්ෂව. අන්තර් ජාතික ප‍්‍රහාරයට සාපේක්ෂව. ඒ වගේම සමාජ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයට  සාපේක්ෂව. එහෙම තැනකට අපි ජන බලවේගයක් ගොඩනගන්න  ඕනෑ. ඒකට මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න බලවේග වෙන්නත් පුළුවන්. පිටත ඉන්න බලවේග වෙන්නත් පුළුවන්. කවුරු වුණත් පුළුල්ව සමගියක් ගොඩනගන්න  ඕනෑ. ඒවාට අපි ආණ්ඩුව තුළ හිටියත් නැතත් පක්ෂයක් විදියට අපි මහන්සි වෙනවා.

 

 



අදහස් (0)

අලුතෙන් කැසිනෝ දානවට මම විරුද්ධයි

ද සිල්වා බෙර්ලින් Wednesday, 07 May 2014 02:47 PM

ඔබතුම කියන්නේ එකක් කරන්නේ එකක්. එක්කෝ මේවා කියන ඔබතුමාට පිස්සු නැත්නම් මේවා අහන අපට පිස්සු. මට තේරෙන විදිහට ඔබතුමා හදන්නේ හැමදාම කලා වගේ රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට මෙදා පාරත් උප්පර වැට්ටියක් යොදා ගන්න වගේ. හැමදාම ඔය පරණ තැටි වාදනය කළ නොහැකි බව තේරුම් ගන්න.(නදී)

:       0       0

ප්‍රියන්ක Thursday, 08 May 2014 06:29 PM

කියන ටික නම් නියමෙට කියලා තියෙනවා! (නි)

:       0       0

විජේබා Friday, 09 May 2014 02:51 PM

අවස්ථාවාදය කියන්නේ කන්න හිතුනම කබර ගොයත් තලගොයා කරගන්න න්‍යායට. (ස)

:       0       0

බන්දුල ‍ Thursday, 08 May 2014 07:36 PM

මෙයා කඩේ යන පාර පොඩ්ඩක් වෙනස් කරනවා. නමුත් එකම කඩේට තමයි යන්නේ. (නි)

:       0       0

පවන් Thursday, 08 May 2014 04:57 AM

ඔබ මීට උදවු කළොත් අපි එයද මතකයේ තබාගනිමු. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 07 May 2014 06:29 PM

අනේ මන්දා, මේවා අහන අපිටත් පිස්සු වගේ (නි)

:       0       0

නුවන්ග Wednesday, 07 May 2014 06:29 PM

ඒ කියන්නේ පරණ කැසිනෝ නම් කමක් නැහැ කියන එකද? (නි)

:       0       0

අචල Wednesday, 07 May 2014 06:29 PM

ඔහොම තමයි මහත්තයෝ ඉන්න ඕනෑ (නි)

:       0       0

ශානි Wednesday, 07 May 2014 06:29 PM

මේක බැලුවම ඕනෑ පොඩි ළමයෙකුට තේරෙනවා අගක් මුලක් නැති කතාවක් බව. ඔන්න ඔහොම තමයි අද දේශපාලනය කරන්නේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 07 May 2014 06:33 PM

කැසිනෝ සංකල්පය ජනතාවට පත්තියං වෙනතුරු අපවාද වලින් රජය රැක ගැනීමේ ව්‍යාපාරය ඔබතුමාට බාරයි. (නදී)

:       0       0

සචී Wednesday, 07 May 2014 07:17 PM

ශානි, මාත් හිතුවේ ඔය ටික (නි)

:       0       0

අචිනි Thursday, 08 May 2014 04:18 PM

මෙය යන්නේ කොහෙද මල්ලේ පොල් .... අනේ මන්ද ලංකාවේ ඇමතිවරු ? (ස)

:       0       0

පුෂ්පසිරි පැරිස් Tuesday, 13 May 2014 02:47 PM

ඔබ අලුත් ඒවා දමනවාට විරුද්ධ වුණත්, පරණ ඒවා ප්‍රතිසංස්කරණය කොට අධි පරිමාණයේ ඒවා කරනවාට විරුද්ධ නැද්ද? දැනට තිබෙන කැසිනෝ ඉවත් කරන්නට ඔබ හඬක් නඟනවාද? (නි)

:       0       0

දිල් Wednesday, 07 May 2014 09:09 PM

මෙයාට ඕන දේවල් ලබාගෙන ඉවරයි.දෙපිට කාට්ටුවා (නදී)

:       0       0

චමිල Saturday, 10 May 2014 10:20 PM

මෙයා හිතන්නේ මෙයාලට චන්දය දෙන අය වගේ අනිත් අයත් මෝඩයි කියල .මේවා කියවන අපිට ගහන්න ඕන . (ස)

:       0       0

සේන Monday, 12 May 2014 12:13 AM

අපිත් විරුද්ධයි තමයි (නි)

:       0       0

රන්ජන් ලාල් තිලකරත්න Sunday, 11 May 2014 04:34 PM

නවය පාස් කරලා මොකක්ද අනේ කරන්න පුළුවන් දේශපාලනේ අඩුම ගානේ දේශපලනවිද්‍යාවෙන් බිදක්වත් උසස්පෙළට හදාරන්නේ නැතිව.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 707 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39086 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site