අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අලුත් නීතිමය බලයක් ළඟදීම හිමිවන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එසේ අලුතින් ලැබෙන නීතිමය බලය වන්නේ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවලදී විවිධ සාක්ෂිකරුවන් විසින් හෙළිකරන තොරතුරු මත කෙළින්ම නඩු පැවරීමේ නීතිමය බලය කොමිසමට හිමිවීමය. ඒ අනුව අදාළ සාක්ෂිකරුවන් යළිත් කොමිසමට කැඳවීමට අවශ්‍යතාවක් නැත. එය වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඉක්මන් කරවීමකි.
අල්ලස් කොමිසමේ ‘‘දත්’’ සවිමත් නැතැයි යන්න වරින්වර නැඟෙන චෝදනාවකි. ඇල්ලුවාට හපන්න බැරි මට්ටමේ කොමිසමක් වශයෙන් කාලයක් තිස්සේ අල්ලස් කොමිසම නම් දරා සිටියේය. ඒ තත්ත්වය වෙනස්කොට අලුත් ‘‘දත් සෙට් එකක්’’ සවිකොට අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට වරින්වර බලයට පත්වෙන ආණ්ඩු පොරොන්දු වූ අවස්ථා අප්‍රමාණය. එහෙත් අප හැමදාමත් දුටුවේ බලයේ සිටින පක්ෂයේ අල්ලස් කාක්කන් අල්ලාගැනීමට තරම් කොමිසම කවදාවත් ශක්තිමත් නොකළ බවය. ඊට හේතුව සිතා ගැනීම පාඨක ඔබටම බාරකරමු.
දූෂණයට, වංචාවට එරෙහිව වඩාත්ම ක්‍රියාකාරී වන දේශපාලනඥයන් හැමවිටම සිටින්නේ විපක්ෂයේය. විපක්ෂයේ සිටින විට අල්ලසට එරෙහිව යුද ප්‍රකාශ කරන ඇතැම් දේශපාලනඥයන් බලයට පත්වූ පසුව අල්ලස හෝ දූෂණය වැරුද්දක් හැටියට දකින්නේම නැත. කොහොමහරි වැඩේ කරගන්න ඕනෑ යන න්‍යායට අනුගත වන මේ ඇතැම් දේශපාලනඥයන් තමන් අතට ලැබෙන අල්ලස දැඩි ලෝභයෙන් සාක්කුවට දාගනිද්දී ඔවුන්ට අල්ලස් හෝ දූෂණ කොමිසම ශක්තිමත් කළ යුතු කතා අමතක වෙයි. මේ ඇතැම් බලවතුන්ට අල්ලස් හැටියට ලබාගන්නට සල්ලි වැටෙන්නේ ලංකාවේ බැංකු ගිණුම්වලට නොවීම අල්ලස් දැලෙන් රිංගායෑමට අවස්ථාවක් ලැබීමකි. සාක්ෂිකරුවන් හෙළිකරන තොරතුරු මත කෙළින්ම නඩු පැවරීමට හැකිවන පරිදි නීති සැකසීම අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමක් වශයෙන් සැලකිය හැකි බව ඒ අනුව සඳහන් කළහැකිය.
අල්ලස් කොමිසමට වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක වීමට නම් එය නීතිමය වශයෙන් ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සමඟ පෙන්වා දිය යුතුය. උදාහරණයක් වශයෙන් නීතිමය බලතල කොතරම් ලබාදුන්නත් එය ක්‍රියාවේ යෙදවීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් පිරිසක් ලබා නොදෙයි නම් යුක්තිය ඉටුවීම පමාවීම වැළැක්විය නොහැක. එසේ වනවිට අවශ්‍ය වැටලීම් සිදුකිරීම් ද මඟහැරීයාමට ද ඉඩ තිබේ. එසේම නිසි පරිදි සාක්ෂි ගොනුකොට නඩු පැවැරීමද කලට වෙලාවට සිදු නොවේ. විශේෂයෙන් සාක්ෂිකරුවන් යළි නොකැඳවා කෙළින්ම නඩු පැවරීමට හැකි වන පරිදි නීතිය සංශෝධනය වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම ද අසීරු වනු ඇත. ඒ ගැනද අවධානය යොමු කිරීම අවශ්‍යම සාධකයකි.
මීට පෙර අල්ලස් කොමිසමට මෙවැනි බලයක් නොතිබීම හේතුවෙන් කොමිෂන් සභා වාර්තා පිළිබඳ විමර්ශනවලදී ඒවායේ සාක්ෂිකරුවන් නැවතත් කොමිසමට කැඳවීමට සිදුවී තිබිණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා අමතර කාලයක් මෙන්ම වියදමක් ද දැරීමට සිදුවන බවය. විමර්ශන කටයුතු ප්‍රමාද වීමට එයද ප්‍රධාන හේතුවක් වී තිබිණි. කොමිසම සඳහන් කර ඇත්තේ බැඳුම්කර වාර්තාව පිළිබඳ විමර්ශන ද මේ අනුව ඉදිරියේදී සක්‍රීය වනු ඇති බවය. මෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූත් කතාබහකට හේතුවූත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කෙරුණු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු නීතියේ ප්‍රමාදයක් නිසා අකර්මණ්‍ය විය යුතු නැත. අල්ලස් හෝ දූෂණ පනත යටතේ එහි වැරැදි සිදුවී ඇත්නම් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව අධිකරණ කටයුතු අප්‍රමාදව සිදුවීම අවශ්‍යය.
අල්ලස් පනත යටතේ වන පොදු වැරැදි හැටියට අප බොහෝ විට අසන්නේ දකින්නේ ළමයින් පාසල්වලට ඇතුළු කිරීමේදී, රථ වාහන වැරැදිවලදී සහ රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමේදී සිදුවන අල්ලස් ගැනීමය. ඊට වඩා මහා පරිමාණයෙන් සිදුවන අල්ලස් ගැනීම් අනාවරණය වෙන්නේ කලාතුරකිනි. කොමිසම එවැනි වංචනිකයන් කොටුකර ගැනීමට උත්සාහ දැරුවත් බලවත් ‘‘හස්ත’’ හේතුවෙන් ඒ පිළිබඳ කතා යටයයි. අල්ලස් දැලට වැඩි වශයෙන් හසුවන්නේ හාල්මැස්සන් බවටත් තෝරුන් මෝරුන් දැලෙන් ලිස්සා යන බවටත් පැතිර ඇති කතාවට පදනම එයයි.
එවැනි දියාරු තත්ත්වයක් ඇතිවීම වළක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව පණක් එන්නත් කෙරෙන බලය ලැබෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මේ පනතට මීට ඉහතදී අත්වූ ඉරණම අත්නොවනු ඇතැයි අපේක්ෂා කරමු. මීට ඉහතදී සිදුවූයේ පනත සම්මත කිරීම පසුවට කල්යාමකි. අල්ලස් කොමිසම පණගන්වන අලුත් සංශෝධන පනත අදම සම්මත කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලමු.
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල්ලස් කොමිසමට පණදෙන පනත අදම සම්මත කර දෙන්න