IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අවමගුල් උත්සව චාරිත්‍රත් වෙනසකට ගම්පහ තීරණය අගයමු

කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නීතිරීතීවලට පටහැනිව ජනතාව දිගින් දිගටම කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය කටයුත්තක්, මරණයක් සිදු වූ දිනට පසු දින අවසන් කටයුතු කළයුතු බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.

කොරෝනා වයිරසය චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වී වසරක් කල් ඉක්ම ගොස් තිබේ. ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත පළමු රෝගියා වාර්තා වී වසරකට ආසන්න වෙමින් තිබේ. මුළු රටේම කොරෝනා ආසාදිත සංඛ්‍යාව පනස්හතර දහසකට ආසන්නය. ඉන් 47215 දෙනකු සුවය ලැබූ බවට වාර්තාවීම සැනසුම් සුසුම් හෙළීමට හේතුවක් වුවද දිනපතා හඳුනා ගනු ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිගැස්සෙන සුළුය. මෙම තත්ත්වය අමතක කර කටයුතු කළ නොහැකිය. අනතුර අපගේ හිසට ඉහළින් ලඹ දෙමින් තිබෙන බව ඉතා පැහැදිලිය.

කරුණු කාරණා එපරිදි වුවද ඇතැමුන් කටයුතු කරන්නේ රටේ මෙබඳු මාරාන්තික වයිරසයක් ඇති බව නොදැන මෙන්ම, ඇතැම් බස් රථවල මගීන් ගමන් ගන්නා ආකාරයෙන් වුවද එය පැහැදිලි වේ. අප සෞඛ්‍ය රක්ෂිත පිළිවෙත්වලට අනුගතවිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ එසේ නියම කර ඇති නිසා නොව තමන්ගේ ජීවිතයත්, සමීපතම ආදරණීයන්ගේ ජීවිතත් ආරක්ෂාකර ගනු පිණිසය. යතුරු පැදියෙන් ගමන් කරන බොහෝ දෙනකු ‘‘හෙල්මටය’’ හෙවත් හිස් වැසුම පළඳින්නේ එමගින් තම ජීවිතය බේරා ගැනීමට නොව පොලීසියේ දඩ කොළයෙන් බේරීමටය. කොරෝනා මාරක වසංගතය ඉදිරිපිට අප බොහෝ දෙනකුගේ හැසිරීම ඒ හා සමානවේ. අපට දියුණු මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි පෙනෙන්නේ එහෙයිනි.

කොරෝනා මාරක වසංගතය හමුවේ අප කිසිවකුට කොරෝනා ඒමට පෙර තිබූ ජීවිතයට ගමන් කළ නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම පවතින තත්ත්වයට අනුරූපීව අපගේ චර්යාවන් හැඩගස්වාගත යුතු බවද එපමණටම සත්‍යයකි. එහෙත් ඇතැමකු එසේ නොකරන බව ඉතා පැහැදිලිය. එය නූගත්කම යැයි අර්ථ දැක්විය නොහැකිය. මන්දයත් මෙම වයිරසය හමුවේ කෙසේ හැසිරිය යුතු දැයි උවමනා ප්‍රමාණයටත් වඩා තොරතුරු සමාජගත කර තිබේ. එහෙත් සාමූහික විචාර බුද්ධියෙන් පිරිහුණු අවිචාරවත්, අශිෂ්ඨ, අශ්ලීල, උද්ධච්ඡ මිනිස්සු තමන්ට රිසිසේ හැසිරෙති. මුළු රටම රෝගී නරකාදියක ගිල්වීම තම එකම අරමුණ බව පෙන්වීමට මෙන් මෙම නීචයෝ හැසිරෙති.

ගම්පහ දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය කටයුත්තක්, මරණයක් සිදු වූ දිනට පසුදින අවසන් කළයුතු බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී තීරණය කරනු ලබන්නේ මෙම පරිසරය තුළය. රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ හා දිසාපති සුනිල් ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම සාකච්ඡාව පැවති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

සාමාන්‍ය මරණයක් සිදු වූ විට සෞඛ්‍ය අංශ මගින් දැනුම් දී ඇති උපරිමය 50 දෙනකු පමණක් සහභාගී විය යුතු බවට පනවා තිබෙන සීමාව නොසලකා හරිමින් විශාල පිරිසක් අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වන බව හා දින ගණනාවක් දේහය තබා ගන්නා බවට ජනතා නියෝජිතයන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු රටේම පවතින පොදු ස්වභාවය බවට පත්ව තිබේ. ‘‘ප්‍රශ්නය අනෙකාගේ වනවිට පිළිතුර ද‌ාර්ශනික’’ යැයි කියමනකි. එහෙයින් මරණගෙදරක අත්දැකීමක් නොලබන බොහෝ දෙනකුට මේ මොහොතේ බොහෝ දේ ප්‍රකාශ කළ හැකිය. ‘‘මරණයේ වේදනාව ජීවත්වන්නවුන්ට’’ බවටද කියමනකි. සද‌ාතනික සත්‍යයකි. එහෙත් එළැඹ ඇති ලෝක වසංගත තත්ත්වය හමුවේ බොහෝ කැපකිරීම්, පරිත්‍යාග කිරීමට අපට සිදු වේ. සියලු තීන්දු තීරණ ගත යුත්තේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

අවමංගල්‍ය කටයුතු බොහෝ ගරුගාම්භීරව පැවැත්වීම අපගේ සංස්කෘතියේම කොටසකි. දිවි ගමන නිමා කළ ආදරණීය සමීපතමයාට ඉහළම ගෞරව දැක්වීම අප සතු මනුශ්‍යත්වයේම කොටසකි. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අනුව කටයුතු කිරීමද පුරවැසි වගකීමකි. ජාති, ආගම්, කුලමල බේද නොසලකා මෙබඳු පොදු නීති ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු රටම ආවරණය වන පරිදි මෙම නීති ක්‍රියාත්මක කළ යුතු තරමට රටේ තත්ත්වය ඉතා භයානක බව අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (5)

අවමගුල් උත්සව චාරිත්‍රත් වෙනසකට ගම්පහ තීරණය අගයමු

sharm warn Thursday, 21 January 2021 09:00 AM

ඉතාම කාලෝචිත ලිපියක්.. ගම්පහ දෙන ආදර්ශය රටටම පොදු එකක් කරන්න. අවමගුලක් සංදර්ශනයක් කරගත යුතු නැහැ කියලා මිනිස්සු දැන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්..

:       1       22

hesa Thursday, 21 January 2021 08:37 PM

මුඛ ආවරණ රහිතව ඇතැම් පිරිස් එසේ කටයුතු කරන්නේ, මෙවැනි මාරාන්තික වයිරසයක් නැති බව සිතමින්ද..? ඇතැම් බස් රථවල මගීන් ගමන් ගන්නා ආකාරයෙන් වුවද එය පැහැදිලි වේ.. අඳින්නේ, යතුරු පැදි පදින විටද ගමන් යන කරන බොහෝ දෙනකු ‘‘හෙල්මටය’’ හෙවත් හිස් වැසුම පළඳින්නේත්, නීතියෙන්, දඩ කොළයෙන් බේරීමටය..

:       0       1

ruwan Friday, 22 January 2021 04:15 AM

රටේ පවතින කොරෝනා තත්වය තිබුණත්, නැතත් මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නීති ගෙන එමු...

:       0       3

lakvidu Friday, 22 January 2021 04:36 AM

අනර්ඝයි...!!!

:       0       4

sampath Sunday, 24 January 2021 04:29 PM

බස්වල මිනිස්සු වෙනදාටත් වඩා පැටවෙනවා... ඒක කවුද බලන්නේ මිනිස්සු කැමැත්තෙන් හිරවෙලා යනවා නෙවෙයි... කරන්න දෙයක් නැති කමටයි. අනෙක් සෑම තැනකමත් එහෙමයි. ඉඩ තිබ්බොත් කවුරු හරි අස්සෙන් එනවා. ඒවාට පාලනයක් අවශ්‍යයි මුලින්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 447 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 983 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 905 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 161 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 104 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 987 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16009 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site