IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අවුල 19 ද

- මිලින්ද මොරගොඩ 

මෙරට පොදු ජනතාවට විසඳා ගත යුතු ප්‍රශ්න එමට තිබේ. කියන්නට කෙනෙක් නැත. ව්‍යවස්ථාදායකය හා විධායකය තමන්ගේ අභ්‍යන්තර අර්බුදවල පැටැලී සිටී. එම පසුබිම තුළ දේශපාලන නායකයෝ ද අසරණ වී සිටිති. මෑතක දී පැවැති ඡන්දයෙන් පසු පළාත් පාලන ආයතන ව්‍යුහය අවුලකය. පළාත් සභා ක්‍රමය ද බිඳ වැටෙමින් තිබේ. ජීවන වියදම දරාගත නොහැකිය. ගොවියාගේ නිෂ්පාදන අඩු මිලට විකිණෙන අතර භාණ්ඩ හා සේවා වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවන මිල ඉතා ඉහළය. අධ්‍යාපනය විධිමත් නැත. පොදු ප්‍රවාහනය අතිශය දුෂ්කර අත්දැකීමකි.

සෞඛ්‍ය පහසුකම නොමිලේ ලැබෙන බව ප්‍රකාශ වන නමුත් රජයේ රෝහලේ නිසි ප්‍රතිකාර නොලැබේ. රටේ මූල්‍ය තත්ත්වය අයහපත්ය. විනිමය අනුපාතික සහ පොලී අනුපාතික දිනෙන් දින දුර්වල වෙයි. රාජ්‍ය ආයතන අකාර්යක්ෂම අතර ඒවායේ බර ජනතාවට පැටවී තිබේ. බදු සංශෝධන මගින් උපයා ගන්නා ආදායම වැය කරන අන්දම ගැන රට තුළ කිසිම ප්‍රසාදයක් නැත. ජනතාව දුෂ්කර තැනක සිටිය දී මැති ඇමැතිවරු සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටිති. 

සාධාරණ සමාජයක් ගැන තිබුණ බලාපොරොත්තු කඩා වැටී තිබේ. ප්‍රතිපත්ති අංග විකල වී ඇත. නිසි නායකත්වයක් නැත. රාජ්‍ය පාලනයේ ව්‍යාකූලත්වය එයට වගකිව යුතුය. රාජ්‍ය සතු පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් ව ඇත. විධායක ජනාධිපති ක්‍රමය හා අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමය අතර පැහැදිලි මත බෙදීමක් නිර්මාණය වී තිබේ. ජනතාව සිය ඡන්දය පාවිච්චි කළේ  ප්‍රජාතන්ත්‍රවාදී පිරිසිදු පාලනයක් සඳහාය. දේශපාලනඥයෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇත්තාහ. දේශපාලන පක්ෂවල යම් යම් කොටස් එකතු වූ පමණින් එය ජාතික ආණ්ඩුවක් නොවේ. බලයට කැමැති දේශපාලනඥයන් පිරිසක් එකතු වී බහුතරය සේ පෙනී සිටින අතර ඇමැති මණ්ඩලයක් පත් කරගෙන ඇත. එය ජනතාව අපේක්ෂා කළ ක්‍රමය බව පෙන්වන්නට උත්සාහ කරයි. නිදහස් නිවහල් යුගයක් ප්‍රාර්ථනා කරන පුරවැසියන් ජීවත්වන රටක් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වූයේ කෙසේද?

ප්‍රජාතන්ත්‍රවාදය වටිනා ලක්ෂණ වලින් සමන්විතය. බහුතරයකගේ කැමැත්තෙන් තෝරා ගන්නා විධායක හා ව්‍යවස්ථාදායක නියෝජිතයන්ට රට පාලනය කිරීමේ වරම හිමිවෙයි. සුළු ජනතාවගේ පවා අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර පුරවැසියන්ට යුක්තිය ඉෂ්ට කිරීම අභිමතාර්ථය කර ගනී. අධිකරණය එකී බලය තුලනය කරන අතර ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාංග ආරක්ෂා කිරීමට වග බලා ගන්නා ආයතන වශයෙන් සැලකේ. වර්තමානයේ දී මාධ්‍ය වලින් දේශපාලනඥයන්ගේ රඟපෑම පෙන්වන අතර මාධ්‍ය, ආගමික හා සිවිල් සමාජ නායකයන් ගැන ජනතා විශ්වාසය බිඳ වැටී තිබේ. මෙකී ව්‍යාකූලත්වයට මුල දහ නමවැනි ව්‍යවස්ථා සංශෝධනය බව ඉතාමත් පැහැදිලිය. රට එකමුතු කර බලතල බෙදන සහ යහපාලනය ඇති කරන අරමුණකින් කරන ලද සංශෝධන රට අරාජික කර ඇත. වහාම නැවතත් ව්‍යවස්ථා සංශෝධනයකින් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ තහවුරු කර නොගතහොත් අනාගතයේ පවා මෙකී වියැවුලෙන් කිසිම ගැලවීමක් නැත. 

තුන්වැනි වතාවක් ජනාධිපති ධුරයට ඉඩ දෙන සංශෝධනය දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලදී. සංශෝධිත තත්ත්වය මගින් විධායක ජනාධිපති බලය හෑල්ලුවට ලක් කර තිබේ. එය සමාජ සංවර්ධන අභිලාෂ සාක්ෂාත් කිරීමේ දී ගැටලු මතු කර ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබුණ බලය අහෝසි කර තිබේ. අවශ්‍ය අවස්ථාවක අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැත. කැබිනට් මණ්ඩලයේ ව්‍යුහය සකස් කරන බලය ජනාධිපතිවරයාට තිබුණ ද අගමැතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බවට යම්කිසි සීමාවක් පනවා ඇත. කැබිනට් තනතුරු වලට පත්කරන පුද්ගලයන් යෝජනා කිරීමේ බලය අගමැතිවරයාට ලැබී තිබේ. අගමැති නම් කරන අය පත් නොකරන අභිමතය ජනාධිපතිවරයාට ඇත. අවශ්‍ය නම් අමාත්‍යංශ බලතල ගැසට් නොකිරීමේ බලය ද තිබේ. එය ජනාධිපති හා අගමැති අතර සහයෝගය නැති බව පෙන්වන එක අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. කිසියම් අවස්ථාවක අය වැය පරාජය වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබුණි. එය සංශෝධනය කර කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම දක්වා එය ලඝු කර ඇත. අය වැය පරාජය වූ ආණ්ඩුවකට අවස්ථා ගණනාවක් වුවත් කැබිනට් මණ්ඩලය වෙනස් කරමින් ඉදිරියට යා හැකිය. එහි අරමුණ කුමක්ද?

විශාල ධනයක් වියදම් කර රට පුරා ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගන්නා රටේ විධායක ජනාධිපතිවරයාට තීරණ ගැනීමට බලය නැත. ජනාධිපතිවරයාගේ තීරණ ගැනීමේ හැකියාව අලුත් සංශෝධන අනුව දුර්වල කර ඇත. පාර්ලිමේන්තුවට බලය පවරන බව ප්‍රකාශ වන නමුත් අමුතු බලයක් එහි නැත. හදිසි අවස්ථාවක දී රට ගැන තීරණයක් ගැනෙන්නේ කොතැනින්ද? ජනාධිපතිගේ තීරණ පාලනය කිරීමට අගමැතිට බලය ලැබී තිබේ. අගමැතිවරයාගේ තීරණවලට අවහිර කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත. එය මෑත කාලය තුළ ආර්ථික හා සමාජ තීරණවල දී ප්‍රත්‍යක්ෂ විය. ජනාධිපතිවරයා ගත් තීරණ පාර්ලිමේන්තුවේදී වෙනස් කරන ලද අතර අය වැය යෝජනා ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි බල රහිත කර තිබේ. එක නායකයෙක් තනි බලයක් සහිත පැවැත්මක් පැවැති රටක නායකයන් දෙදෙනෙකු එකිනෙකට වෙනස් ආකල්ප ඇතිව ක්‍රියා කිරීමේ දී මෙකී ව්‍යාකූල තත්ත්වය උද්ගතවීම වැළැක්විය නොහැකි බව වටහා ගත යුතුය. ජනාධිපති හා අගමැති අතර බල අරගලයක් ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කර ඇත. විපක්ෂය පවා සුළු කණ්ඩායමකට සීමා වී ඇති අතර විපක්ෂය පත් කරන්නේ ද ආණ්ඩුවේ වුවමනාවෙන්ය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ කාර්ය භාරය වැදගත්ය. එය ද සිදු නොවන තැනට පත්ව ඇත. 

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තවත් අවුලකි. ජනතාව පත්කරන මහජන නියෝජිතයන්ට වඩා බලය ඇති නිලධාරී පැලැන්තියක් බිහිකර තිබේ. එම නිලධාරීන් මෙතෙක් කල් මෙරට පාලනය කරන ලද රාජ්‍ය ආයතන ව්‍යුහය අභිබවා ඉදිරියට ගෙන ඇති අතර එයින් රාජ්‍ය ආයතන පද්ධතිය අක්‍රීය කර ඇත. මැතිවරණ පැවැත්වීම සඳහා ස්වාධින මැතිවරණ කොමිසමක් පත් කර ඇත. එම කොමිසමට ඡන්දයක් පැවැත්වීමට බලය නැත. දූෂණ හා වංචා සොයා බැලීමට පත් කරන ලද කොමිසමට මෑත වසර තුන තුළ විමර්ශන හතරකට වඩා මෙහෙයවා නැති බව වාර්තා වෙයි. ස්වාධීන පොලිස් කොමිසමක් පත් කර තිබේ. කොමිසමට එපිටින් සිදුවන දේ  පාලනය කරන්නට පොලිස්පතිවරයා අසමත්ය. රට තුළ අපරාධ ඉහළ ගොස් තිබේ. අපරාධ පාලනය කරන්නට හැකි ස්වාධීන පොලිස් සේවාවක් ඇති කරන අරමුණ සාර්ථක වී නැත. පොලිස්පතිවරයා අසාර්ථක නම් ඉවත් කිරීමට කිසිදු  විධි විධානයක් නැත.

රාජ්‍ය සේවා කොමිසම, මිල දී ගැනීම් සඳහා පත් කරන ලද කොමිසම තවත් පලක් නැති ආයතනයක් බවට පත්ව ඇත. යම් අවස්ථාවක දී මේවායේ නිලධාරීන් ඉවත් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුවට එයට ද බලය නැත. මෙවැනි ස්වාධීන කොමිෂන් පිහිටුවීමේ අරමුණ කුමක්ද? පටු නිලධාරීවාදයක් පමණක් බිහි කර තිබේ. ස්වාධීන කොමිෂන් ඇතිකරන ව්‍යස්ථා මණ්ඩලය නිර්දේශපාලනික එකක් විය යුතු බව මුලින් සඳහන් වූ නමුත් අද ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වූ එකකි. රට ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අත්දැකීම් නැති පිරිසක් මෙම ක්‍රම හදන අතර පවතින අසාර්ථකත්වයට එම පිරිස වගකිව යුතුය. එකතු නොවන දේශපාලන සංකල්ප දෙකක් පටු අරමුණකින් පරිවාස ආණ්ඩුවක් හැදූ අතර ස්වාධීන කොමිෂන් සභා එහි ප්‍රතිඵලයකි. ආයතනයක් දුර්වල වූ විට ඒ වෙනුවට තවත් ආයතන පිහිටුවා ඇත. දුර්වල පැති හඳුනාගෙන ඒවා ශක්තිමක් කළ යුතුව තිබුණි. ආයතන වලින් රට දියුණු කළ හැකි නම් අද ශ්‍රී ලංකාව ඉසුරුමත් රටකි. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයකි. එහි බලතල අණ පනත් මගින් පිහිටුවන විට පැහැදිලිව දක්වා තිබේ. එහි මුදල් මණ්ඩලය ස්වාධීනය.

මෑත කාලය තුළ ප්‍රශ්න කෙසේ වෙතත් ආසියාවේ හොඳම මහ බැංකු අතරින් එකකි. මහ බැංකුව පාලනය කිරීමට ස්වාධීන කොමිසමක් නැත. මහ බැංකුව හා අධිකරණය ක්‍රියාත්මක වන අන්දම සලකන විට අලුතින් පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභාවල අවශ්‍යතාව ගැන ගැටලුවක්  තිබේ. පරිවාස ආණ්ඩුව මගින් කරන ලද වෙනස්කම් රටට ඇති කරන ලද බලපෑමට නොදෙවෙනි තත්ත්වයක් වත්මන් ආණ්ඩුවේ දහ නම වැනි සංශෝධනයෙන් කර ඇත. නිලධාරීන් අධෛර්යයට පත් කරන, සමාජ අවශ්‍යතා තේරුම්ගෙන වැඩ කරන්නට ඉඩ නොදෙන, අකාර්යක්ෂම හා ඵලදායීතාවෙන් තොර ව්‍යුහයක් ගොඩනඟා තිබේ. ආණ්ඩු පාලනයේ අර්බුද තුරන් කිරීමට මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලද අතර එය ගම් මටට්මේ පාලන ඒකකය අඩපණ කර ඇත. ඡන්ද තියන්නට බැරි මැතිවරණ ක්‍රමයක් හදා තිබේ. පළාත් සභාව ද එම ඉරණමට ගොදුරු වෙමින් තිබේ. 

දහ නම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරන ලද මෙකී ස්වභාවය අහම්බයෙන් සිදුවූ දේ නොවේ. අදූරදර්ශී තීරණ වල ප්‍රතිඵලයකි. ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කළ විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් කරගත හැකි සංශෝධන වලට පමණක් සීමා කළේය. එවැනි සංශෝධනයක් කරන්නේ එක කණ්ඩායමකට නැවත බලයට එන්නට ඉඩ නොදෙන අරමුණ ඇතිවය. බමුණු කුලය බිඳ වැටෙයි යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රදළ පැලැන්තියේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට ව්‍යවස්ථා සංශෝධනය වහල් කරගෙන තිබේ. සිවිල් සමාජය ද එයට හවුල් කරගෙන ඇත. 

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන වලින් එකක් දෙකක් හැරෙන්නට සියලු සංශෝධන පටු අරමුණු ඇතිව කරන ලද බව සඳහන් කළ යුතුය. දහ හත්වන සංශෝධනය එවකට සිටි ජනාධිපති කොන් කිරීමට ගෙන එන ලද අතර තවත් සංශෝධනයක් විපක්ෂයේ සිට ආණ්ඩුවට පැති මාරු කරන්නට පමණක් ඉඩ දෙන එකක් විය. තවත් සංශෝධනයකින් ඡන්ද පෙත්සමකින් පරාජය වූ අය පාර්ලිමේන්තුවට පත් කරන්නට බලය දෙන එකකි. දහ නව වැනි සංශෝධනය ද ඒවාට නොදෙවෙනිය. ද්විත්ව පුරවැසි භාවයත් තිබීම නිසා රට තුළ දේශපාලන අයිතිය නැති කර තිබේ. අනාගතය හා පැවැත්ම අරමුණු කරගෙන දිග දැක්මක් ඇතිව ව්‍යවස්ථාව සංශෝධන කර නැත. 

මෙමගින් ප්‍රජාතන්ත්‍රවාදය දුබල කර තිබේ. එයින් ඇතිකරන ලද ප්‍රතිඵලය කුමක්ද? ආයෝජන සීමා කර තිබේ. ජාතික ආර්ථිකය හා ව්‍යවසාය අඩපණ කර ඇත. ජාත්‍යන්තරයේ පවතින වාසිදායක ස්වභාවය රටට අත් පත් කරගත නොහැකි වී තිබේ. එය අභාග්‍යයකි. මෑත කාලය තුළ ජගත් ප්‍රජාව වඩා විශ්වාසනීයත්වයෙන් ශ්‍රී ලංකාව දෙස බලා සිටියේය. ලෝකයේ තෙල් මිල අඩුම මටට්මට පත්විය. පොලී අනුපාත පහළම අගයක් ගත්තේය. සංචාරක කර්මාන්තයට වාසිදායක පසුබිමක් නිර්මාණය විය. එම අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නට අසමත් වූ වත්මන් ආණ්ඩුව එදිනෙදා ජීවත්වීමට නොහැකි ආර්ථික පරිසරයක් බිහිකර ඇති බව පැහැදිලිව පෙනේ. එය වත්මන් දේශපාලන ක්‍රමයෙහි ඍජු ප්‍රතිඵලයකි. යුද ගැටුම් අවසන් වූ පසු සාර්ථක අනාගතයක් ජනතාව අපේක්ෂා කළහ.

ආදායම දියුණු වී හොඳ පැවැත්මක් බලාපොරොත්තු වූහ. රැකීරක්ෂා බහුලවනු ඇතැයි සිතා සිටියහ. එහෙත් පටු තීරණ ගණනාවක් අවසානයේ බිහිකර ඇති විකෘති පාලන ක්‍රමය නඩත්තු කරනු හැරෙන්නට අන් තීරණයකට යා නොහැකි තත්ත්වයකට අද වනවිට රට පත් ව තිබේ. අරගල, වර්ජන සහ සංවර්ධනය අඩාලවීම සාමාන්‍ය දේ බවට පත්ව ඇත. අවසානයේ දී බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අපේක්ෂා භංගත්වයට පත්වූ ජනතාව පාලකයන්ට එරෙහිව නැඟී සිටීමය. එවැනි අවාසනාවන්ත අවස්ථා කිහිපයක් ඉතිහාසයට එක්ව තිබේ. එම අරගල අවසානයේ දී යමක් වෙනස් කළ යුතු යැයි ධෛර්යයෙන් නැඟී සිටින්නට හැකි දක්ෂ තරුණ පිරිසක් රටට අහිමි විය. සමාජය තුළ පවතින නායකත්ව හිස්තැන එහි ප්‍රතිඵලයකි. රටට නායකයෝ නැත. නිර්භීතව කතා කර මධ්‍යස්ථ හඬක් නැංවිය හැකි පිරිස මිහිදන් වී තිබේ. එය මර්දනයේ ප්‍රතිඵලයකි. උතුර හා දකුණ තරුණ නැඟිටීම් වල දී හඬ නඟා ප්‍රකාශ කළ අදහස් අද අමතක වී ඇත. බලය බෙදාහැරීම ගැන තිබුණ බලාපොරොත්තු බිඳ වැටී තිබේ. සංහිඳියා යාන්ත්‍රණය ප්‍රශ්නයක් වී ඇත. පළාත් සභා ක්‍රමය අසාර්ථක වී ඇත. මෙහි ප්‍රතිඵලයක් මගින් නැවතත් මහා විනාශයක් සිදුවිය යුතු නැත.
සර්ව ජන ඡන්ද බලය ලැබී වසර  අසූ හතකි. ශ්‍රී ලාංකේය ප්‍රජාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොඳ දැනුමක් තිබේ. ඡන්ද බලය ගැන අවබෝධයක් ඇත.

ගමේ මරණාධාර සමිතිය, ගොවි සමිතිය හෝ ණය දෙන සමිතියේ නිලධාරී මණ්ඩලය පත් කරගන්නට ගැටුම් ඇති කරගන්නේ නැත. ඒවාට පත්වන නිලධාරීන් පටු අරමුණු ඇතිව සමිතියේ බලය අල්ලන්නේ නැත. සාමාජික කැමැත්තට හිස නමති. දැන් ව්‍යවස්ථාව අනුව අතුරු මැතිවරණ නැත. අතුරු මැතිවරණයක දී ජනතා බලය දැකගත හැකි විය. ජනතාව නොසතුටට පත් වූ විට ආණ්ඩු පක්ෂය පරාජය කළේය. එම අනතුර දැන අවස්ථාවෝචිතව මහජන සේවය ඉටු කරන්නට ආණ්ඩු සමත් විය. එකල සේවය කළෝ අවංක මහජන සේවකයෝය. ඔවුහු ජන මතයට හිස නැමූහ. දේපළ පවා වියදම් කර ජනතාවට සේවය කළහ. අද දේශපාලනය ගෝත්‍රවාදී එකකි. බලය හා ධනය උපයන අරමුණ ඇතිව එන කණ්ඩායමක් එහි සිටී. පැවැත්ම විකෘති කරන ප්‍රධාන හේතුව එයයි. රටට නායකත්වයක් ලබා දිය නොහැකිය. අරමුණක් කරා රට මෙහෙයවන්නට නොහැකි මෙම ක්‍රමය තවදුරටත් නඩත්තු කළ යුතු නැත. 

පවතින අසාර්ථකත්වය අවසන් කරන සංශෝධන නියමානුකූලව ගෙන එන්නට වත්මන් ආණ්ඩුව වග බලා ගත යුතුය. එසේ නොකළහොත් ඉදිරි මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් බලයට පත් කරන්නේ ද පවතින ක්‍රමයේ දිගුවකි. ජනතාව විපතකින් විපතකට පත්වනු වැළැක්විය නොහැකිය. ව්‍යවස්ථාව තමන්ගේ බලය වෙනුවෙන් නොවන බව හිතන පරාර්ථකාමී පිරිසක් රටට අවශ්‍යය. ව්‍යවස්ථාවක් හදා එයින් තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවට සාධාරණ ක්‍රමයක් රටට ලබාදෙන නැවුම් දේශපාලනයක් රටට අවශ්‍යය. ඒ සඳහා තීරණ ගත හැකි බලවත් ආත්ම ශක්තියක් සහිත නායකයන් රටට වුවමනා කර තිබේ. බලහත්කාරයෙන් බලයේ ඉන්නට වෑයම් කරන පාලකයන්ට අතීතයෙන් පාඩම් ඉගෙනගත හැකිය.

ජාත්‍යන්තර අත්දැකීම් අධ්‍යයනය කළ හැකිය. විශාල චරිත වශයෙන් පෙනී සිටිමින්, විශාල මාධ්‍ය ප්‍රචාර වලින් නඩත්තු වූ නායකයන් අද ජනතාවට මතකයක් නැත. පොදු ජනතාවගේ දුක සැප සොයා රට ගොඩනඟන ලද නායකයෝ ජනතාවගේ හදවත්වල තැන්පත්වී සිටිති. පවතින ක්‍රමය වෙනස් කරන සැලසුම් වහාම සකස් කළ යුතුය. පවතින දුබලතා තේරුම් ගෙන පොදු අරමුණකින් ඒවා නිවැරැදි කිරීම සුදුසුම තත්ත්වයයි. අතිශය නොගැළපෙන, අනුචිත ක්‍රමය වෙනස් කරන බව ඉදිරි මහ මැතිවරණයක දී මහ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු එකම පොරොන්දුව බව ඉතාමත් පැහැදිලිය.



අදහස් (6)

අවුල 19 ද

sepala Wednesday, 09 May 2018 12:01 PM

වැඩේ දුරදිග යන්නේ 20ඒ ගෙනාවහම. ඔලුව කපලා කන්ද ඉතුරු කළාම. පළාත් සභා ඕනේ ඕනේ විදියට නටනකොට. රජයන් 3-4 බිහිවෙයි.

:       1       137

Gihan Sunday, 13 May 2018 04:10 PM

ඇත්තෙන්ම කියනවනම් අවුල ඔය මොකකවත් නෙමේ ඔහේ වගේ කාලකන්නි දේශපාලුවො. තමන්ගේ දේශපාලන මඩිය තර කර ගන්න ඕනෙම තුප්පහි වැඩ කරන උන් නිසා තමයි රටට මෙහෙම වුනේ.

:       15       10

Charith Sunday, 13 May 2018 04:12 PM

ආ මෙයා නේද අර පිරිත් ඇහෙනකොට කහනව කහනව වගේ දැනෙන නිසා ඒවට නඩු දාපු උත්තමය. ඒ වුනාට වෙන ආගමික අයගේ ඒවට විරුද්ධව මොකුත් නෑ.

:       0       13

W. Jayasundara Sunday, 13 May 2018 04:16 PM

පෙරහරේ අලි යනකොට පහල වෙච්ච සත්ත කරුණාව දළ කපා ගන්න මරණ අලි ගැනත් පහල වුණා නං අද වෙනකොට අලි 5ක් සද්ධන්ත කුලයේ අය ජීවතුන් අතර. පන්සලේ ඉන්නකොට දළ කපා ගන්න බෑ නේ. ඒකනේ.

:       0       20

Siripala Sunday, 13 May 2018 04:19 PM

හරීම තැන්පත් මිනිහා. ඒ වුනාට පිරිත් අහන්න අමාරුයි. අර ඇමරිකන් ජනාධිපතිගේ නෑ වෙච්ච නෝන යහතින් ඉන්නවද?

:       0       22

Thuhin Sunday, 13 May 2018 04:21 PM

වචන වලින් වැඩ ඕනේ නෑ. ඇත්තට කරල පෙන්නන්න. නැත්තන් පව් නොදී යන්න. තව අවුරුද්දයි තියෙන්නේ. මල වදේ.

:       3       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 402 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 144 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 435 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1076 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1554 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2122 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site