මහ මැතිවරණය එළැඹෙමින් තිබේ. තවත් සති තුනකට ආසන්න කාලයකින් මැතිවරණ දිනය උදාවෙයි. ඒ සඳහා අපේක්ෂකයෝ 7452 දෙනෙක් ඉදිරිපත් වී තරඟ වදිති. ඔවුන් අතර පක්ෂ 44 ක් නියෝජනය කරන්නෝද ස්වාධින අපේක්ෂකයෝ ද වෙති.
මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම්, ඉකුත් ජනාධිපතිවරණයේ දී, මැතිවරණය සඳහා අපේක්ෂකයන් වියදම් කරන මුදල් ගණනය කිරීමේ ක්‍රියාකාරකමක් ඉතිහාසයේ පළමු වතාවට ආරම්භ කළහ. මේ මැතිවරණයේ දී ද එම කටයුත්ත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කරගෙන යන අතර එය ජනාධිපතිවරණය තරම් පහසු නොවන්නේය. මන්ද ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් සිටියේ 35 දෙනෙක් පමණි. එහෙත් මේ මැතිවරණයේ දී අපේක්ෂකයෝ 7452 ක් සිටිති.
මේ නිසාම මෙවර මහ මැතිවරණයේදී පුළුල් මෙහෙයෙුමක් මේ වෙනුවෙන් කරන්නට මැතිවරණ නිරික්ෂණ සංවිධානවලට සිදුවනු ඇත. එය අභියෝගාත්මක වනු ඇත. වක්‍රකාර මැතිවරණ ප්‍රචාරවලින් පිරුණු මෙවර ප්‍රචාරණ යාන්ත්‍රණයේ අපහසුම කොටස වනු ඇත්තේ විවිධ පරිශීලකයන්ගේ හැඟීම් කුප්පවනසුළු (ගොසිප්) වෙබ් අඩවිවල පළවන පුවත් හා ලිපි මුදලට ලියන ලද ඒවාද නැද්ද යන්න සෙවීමයි.
වෙබ් අඩවියේ පළවන මේ තොරතුරු ඕපාදූප, කේලාම්, අපේක්ෂකයන්ගේ පෞද්ගලික තොරතුරු ආදිය වන අතර මඩ ප්‍රහාර ද අඩුවක් නැතිව එහි ඇත. එසේ ලියැවුණු පිටු දහස් ගණනක් සයිබර් අවකාශයේ සොයා ගත හැක. මේවා වේගයෙන් පැතිර යයි. වඩාත් ප්‍රශ්නකාරි වන්නේ මේවා ලියැවෙන්නේත්, පළවෙන්නේත් මුදලට ද නැද්ද යන්නයි. මුදල් නොවේ වුවත් කවර හෝ ප්‍රතිලාභයකට ද යන්න සොයාගැනීමට ඇති නොහැකියාවයි.
මේ නිසාම මෙවර මැතිවරණයේ දී අපේක්ෂක වියදම් පිළිබඳ සොයාබලන කණ්ඩායම්වලට බරපතල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
මැතිවරණ ප්‍රචාරණයේ දී මුදල් වියදම් කරන අපේක්ෂකයන් කවුද, වඩාත් වියදම් කර ඇත්තේ මොන පක්ෂය ද, වඩාත් වියදම් කර ඇත්තේ කවර අවස්ථාවල කවර අපේක්ෂකයන්ට ද, ආදි වශයෙන් තොරතුර එක්රැස් කිරීම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය මේ වනවිට කරගෙන යයි.
කෙසේ වෙතත් ප්‍රචාරණ වියදම් වැඩි වන්නේ මැතිවරණයට ආසන්න අවසන් මාසයේ දීය. නමුත් මෙවර මැතිවරණයේ දී අවසන් මාසය එළැඹ ඇතත් වියදම්කරන මුදල සීඝ්‍ර ලෙස වැඩිවී නැතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එසේ වියදම් කරන ප්‍රමාණය අඩුවී ඇත්තේ ඇයි දැයි පැහැදිලි නැත.
බොහෝ විට මැතිවරණ නීතිය ගැන නිසි හා නිරවුල් අවබෝධයක් අපේක්ෂකයින් වැඩි පිරිසකට නැත. මේ නිසා අපේක්ෂකයන් තවමත් කල් බලන්නේ විකල්ප ගැන විය හැක. මේ පිළිබඳ අදහස් දක්වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා මෙසේ පවසයි.
“මෙවර මහ මැතිවරණයේ දී අපේක්ෂකයින්ගේ වියදම් පිළිබඳ සොයා බැලීම පහසු එකක් නොවෙයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් අවහිර බොහෝ එනවා. සමාජ මාධ්‍යවල මෙම ප්‍රචාරණ පිටු කරගෙන යන්නන් සොයාගන්න බැහැ. සමහර පිටු කිහිපයක් කරගෙන යන්නේ එකම පුද්ගලයෙක්. ඔහු පක්ෂ කිහිපයක් වෙනුවෙන් එසේ පිටු කරගෙන යන අවස්ථා හමුවී තිබෙනවා”
“මේවායේ සමහර රජයේ නිලධාරින් හා මාණ්ඩලික නිලධාරින් පවා ඉන්නා බව අප සොයාගෙන තිබෙනවා. ඒවා පිළිබඳ මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරන්න අප සූදානම්”
ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු නිසා හොඳයි. සියලු දෙනාට සමබිමක් නිර්මාණය වන්නේ නැතිවීම තමයි ඒ ප්‍රශ්නය. සමහර පිරිස් දරණ පිරිවැය අසාමාන්‍යයි. සමහරු මිලියන ගණනින් වියදම් කරද්දී තවත් අය කෝටි ගණනින් වියදම් කරනවා.
නිවැරදිව අපක්ෂපාතිව මැතිවරණ පවත්වන්න නම් මේ වියදම් සීමා කරමින් නීතියක් ගෙන ආයුතුයි. එවැනි නීතියක් ඇති කරන්න නම් දත්ත අවශ්‍යයි. වරක් මැතිවරණ කොමසාරිස් නීති සකස් කළා. නමුත් එය සාර්ථක නොවුනේ දත්ත නොමැති වීම නිසයි. පවතින්නේ ඕපාදූප ලෙස පවතින තොරතුරු මිස සත්‍ය නිවැරදි දත්ත නොවෙයි.
අප මැතිවණවල දී අපේක්ෂකයින් වියදම් කරන මුදල සොයා අධ්‍යයනයක් කරන්න පටන් ගත්තේ 2018 දී. අපේ අරමුණ නිවැරදි ජනගත කිරීමක්.
පාර්ලිමේන්තුව නිවැරදි තැනක් කරන්න නම් මූලාශ්‍ර සොයන්න ඕන. නමුත් අපි ඔත්තු- සේවා සංවිධානයක් නොවෙයි නේ. අපට කළ හැක්කේ මේ තොරතුරු විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ සොයා බැලීමයි. ඒ සඳහා නව මාවතක් අප විවර කළා. මේ ඔස්සේ සොයාගන්නා තොරතුරු පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ හැකියි.
ඇත්තටම මෙසේ අප සොයා යායුතු නැහැ. හැම අපේක්ෂකයෙක්ම තමන් වියදම් කරන මුදල ජනතාවට කිවයුතුයි. තමන් තෝරාගන්නා අපේක්ෂකයා වියදම් කරන මුදල දැනගැනීම ජනතාවගේ අයිතියක්.
අපි උදාහරණයට ගනිමු ගුරුවරයෙක් ලෙස සේවය කළ අයෙක් මැතිවරණයකට ඉදිරිපත්වෙනවා කියා. ඔහු මැතිවරණයට ඉදිරිපත්වී කෝටි දෙකක් වියදම් කරනවා යැයි සිතමු. ඔහු මුදල් ලැබුණු මූලාශ්‍ර කිව යුතුයි. මේ මුදල් එන්නේ කොහෙන්ද කියා කිව යුතුයි. පාර්ලිමේන්තුව නිවැරදි තැනක් කරන්න නම් මූලාශ්‍ර සෙවිය යුතුයි. අපි රෝ වත් සී අයි ඒ වත් නොවෙයි.
නමුත් අපි මාවතක් විවර කළා. අල්ලස හා දූෂණයට එරෙහිව දැන් පැමිණිලි කළ හැකියි. මුලදි නම් අපි හිතුවේ කිසිවක් වෙන්නේ නැහැ කියලයි. නමුත් බොහෝ ප්‍රතිපල තිබෙනවා.
මේ සම්බන්ධව ලෝකයේ විශාල උනන්දුවක් තිබෙනවා. ජාත්‍යන්තරයේ පෙළගැස්වීමක් තිබෙනවා. නවදිල්ලි ප්‍රකාශනයට මැතිවරණ මූල්‍ය ප්‍රකාශන නීතියට අදාලව කටයුතු කරන හැටි ගැන ජාත්‍යන්තරයේ පෙළ ගැස්වීමක් තිබෙනවා.
අප මෙවර මැතිවරණයේ දී ප්‍රධාන ආයතන තුළ 40 දෙනෙක් ද ක්‍ෂේත්‍රය තුළ 100 දෙනෙක් ද කාර්යමණ්ඩලයේ 150 දෙනෙක් ද කටයුතු කරනවා. නමුත් අපට මේ අධ්‍යයනයේ දී සොයාගත හැකි වන්නේ මැතිවරණයේ දී වැයකරන මුදලින් 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් විතරයි. ඒක හරියට සාගරයේ පාවෙන අයිස් කන්දක මුදුන වගේ. අපට පේන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. අති විශාල කොටසක් පේන්නේ නැහැ. අපේක්ෂකයින් වැය කරන මුදලත් ඒ වගේ තමයි.
මුදල් වැයකර පළ කරන දැන්වීම් ප්‍රචාරක කටයුතු අපේ ගණනය කිරීම්වලට එක් වෙනවා. නමුත් සමහර අවස්ථාවල එසේ එකතු කර ගත නොහැකි ඒවා පවතිනවා. උදාහරණයක් ලෙස අපේක්ෂකයන් පවත්වන මත්පැන්සාදවලට වැය කළ මුදල අපට ගණනය කළ නොහැකියි.
උදාහරණයක් වශයෙන් මෙවර මැතිවරණයේ දී මත්පැන් සාද පැවැත්වූ අපේක්ෂකයන් ගැන වාර්තා වෙනවා. එවැනි ඒවා අපේ ගණනය කිරීම්වලට අසුවන්නේ නැහැ. ඒවගේම නොයෙක් ත්‍යාග පිරිනැමීම් ආදිය හොර රහසේ වෙනවා. ඒවා අසුවන්නේ නැහැ. සූක්ෂම අන්දමින් වියදම් කරන බොහෝ මුදල් අපට හඳුනාගත නොහැකි වෙනවා. ”
මැතිවරණයක සුජාත භාවයට හා තරඟ කරන සියලු අපේක්ෂකයන් වෙනුවෙන් සම තරඟ බිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් මැතිවරණයකදී වැය කරන මුදල් පාලනය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වේ. ඒ පිළිබඳව මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථාන පමණක් නොව අපේක්ෂකයන් ද ඒ ඒ දේශපාලන පක්ෂ ද එයින් ද නොනැවතී සමස්ත ජනතාවම මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.
සටහන - විනීතා එම් ගමගේ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසම පසුබිමක මැතිවරණයේ වියදම් සෙවීමේ අභියෝගය