”කැඩුනු අත්තටු රංගනය” (^Broken Wing Act) කුරුලූ ලෝකයේ එක් හැසිරීමකි. ඒ මව් කිරිල්ලිය තම පැටවුන් හට අනතුරක් කරන්නට යන මිනිසකුගේ අවධානය ඇය වෙත හරවාගෙන පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහාය. සමහර උකුස්සන් මිනිස් සමාජයේ සිදුවන පරිදිම සංවාසයට පෙර දෙදෙනා පාද පටලවාගෙන පේ‍්‍රම රංගනයේ යෙදෙන බව ඔබ අසා තිබේද? ඒවා සත්‍ය සිදුවීම්ය. අසිරිමත් කුරුලූ ලෝකයෙන් බිඳක් අද දින ඔබ හමුවේ තැබීමට මම කල්පනා කළෙමි. 1968 වසරේ ඔක්තෝබර් මස හාපුරා කියා වනජීවින් සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණු මා පුහුණුව සඳහා මුලින්ම යැවුනේ විල්පත්තු ජාතික උද්‍යානයටය. එහිදී මාස දෙකක පුහුණුවක් ලබාදීමෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා යාල වනෝදයානයට යැවිනි. යාලට ගොස් මාස දෙකක පුහුණුවක් ලබාදීමෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා යාල වනෝද්‍යානයට යැවිනි. යාලට ගොස් මාස දෙකක ඇවෑමෙන් මගේ ප‍්‍රධානියා වූයේ යාල වනෝද්‍යානයේ වැඩ බලන උද්‍යාන භාරකරු හැටියට සිටි ජෙස්මන්ඞ් වයිට් මහතාය. බරගර් ජාතිකයකුවන වයිට් මහතා රාජකාරි සඳහා වනෝද්‍යානය තුළට ගිය සෑම අවස්ථාවකම මාද රැගෙන යාම ඔහුගේ පුරුද්දක්ව පැවතින. එකල උද්‍යානය සතුව තිබුණේ එක් ජීප් රථයක් සහ ට‍්‍රැක්ටර් රථයක් පමණි. දිනය 1969 අප‍්‍රියල් 23යි. හිමිදිරි පාන්දර වයිට් මහතා මා අමතමින් ”විල්සන් සූදානම් වෙන්න උද්‍යානය තුළට යන්න. අපි අද යන්නේ මැණික් ගඟ මුහුදට වැටෙන තැන. ”පිළින්නාව” බලන්න. පයින් යන්නත් තිබෙනවා. අද රාත‍්‍රි අපි ඉන්නෙ එතැන. උදේ හත හමාරට පිටත් වෙමු” යයි කීය. නවකයකු වූ මාගේ ප‍්‍රීතිය නිම් හිම් නැත. ”නමුනුකුල” කඳුවැටියෙන් ආරම්භ වන මැණික් නදිය කඳුකරයේදී ”දුන්හිඳ ඇල්ල” නිමවා සෙල්ල කතරගම පසුකරමින් කතරගම පුරවරයේදී කඳසුරිඳුගේ නෙත්සිත් පිනවා මුහුදු මට්ටමේ පිහිටා ඇති යාල වනෝද්‍යානය වෙතින් ගලා යන්නේ නාරිලතාවක් ආකාරයෙනි. වනෝද්‍යානයේදී මැණික් ගඟ හරහා යාමට එකල පාලමක් තිබුණේ නැත. ජීප් රථයෙන් ගඟ අසලට පැමින අපි බිමට බැස්සෙමු. අනතුරුව රියැදුරු ඉතා සෙමින් රථය ගඟට බස්සවා වේගයෙන් ධාවනය කරමින් ජලය දෙබෑකරගෙන ඉදිරියට ගොස් ගෙඟ් අනෙක් ඉවුරට ගොඩ කළේය. මෙම ස්ථානය ”පරණ තොටුපොළයි” අප පාගමනින් ගඟ හරහා ගොස් වනෝද්‍යානයේ II කොටසට පිවිස ජීප් රථය එසේ තිබියදී වයිට් මහතාත් අප සමග සිටි වනජීවි නියාමකවරුන් දෙදෙනාත් මමත් පයින්ම ඉදිරියට එනම් ”යාලවෙල” දෙසට ගියෙමු. වයිට් මහතා යන්නේ ඉදිරියෙන්ය. යාර පණහක දුරක්වත් යාමට අපට නොහැකිවිය. අට දෙනකුගෙන් සමන්විත අලි රංචුවක එක් ඇතින්නක් කෑගසමින් අපට පහරදීමට හඹා එන්නට වූවාය. එකෙනෙහිම වයිට් මහතා බිමට පහත් වී ලී - මුගුරක් අතට ගෙන ඇතින්නියට දමා ගැසුවේ ”ඔහෙ හිටපිය පරට්ටි...යයි කියමින් ශබ්දයෙන් කෑගසමින් ඇයට බැන වදිමිනි. එය ඇතින්නියගේ ශරීරයේ නොවැදුනත් ඇය වහා නතරවූවාය. අනතුරුව අප දෙසට නෙත් යොමාගෙන පසුපසට ගොස් රංචුවට එකතුවී පලාගියේ පැරදුණු ආකාරයෙනි. ජීප් රථයෙන් සැතැපුම් හතරක් මගගෙවා අපි පිළින්නාවට පැමිනියෙමු. ”මෙතැන තමයි මැණික් ගඟ මුහුදට සම්බන්ධවන තැන” ඈත මුහුදේ ගල් පර්වතයක් මත පිහිටා ඇති ප‍්‍රදීපාගාරයක් දෙසට ඇඟිල්ල දිගුකරමින් අර තමයි මහා රාවණා කොටුව” ගේ‍්‍රට් බාසසස් රාත‍්‍රී කාලයේ නැව් වලට දිසාව දැනගැනීමට විදුලි එළිය නිකුත් කරන තැන” වයිට් මහතා මට කියා දෙයි. සැඩ රළපහරට මුහුදු ජලය මැණික් ගඟ මෝය කට තුලට ගලා යයි. මොහොතකින් එම ජලය නැවතත් මුහුදට ගලා එයි. මුහුදු ලිහිනියෝ ගුවන සිසාරමින් සිටිති. ඈතින් අලිරංචුවක කුංච නාද ශබ්දය වරින් වර අපට ඇසේ. වේලාව උදේ 9 පමණය. මෙම මනස්කාන්ත දර්ශනය විස්තර කිරීමට මට වචන නැත. මේ අතර අප සමග පැමිනි සේවකයින් දෙදෙනා සහ රියැදුරු තේපැන් සැදීමට ලිප ගිණි මොලවන ලද්දේ කාගේවත් උපදෙසකින් නොවේ. පිළින්නාවට නුදුරින් ඇති කාඩියාවල නියං සමයේ කුරුල්ලන් ඇතුළු වන සතුන් පිපාසය සංසිඳුවා ගන්නා ජලාශයකි. අප ඒ අසලට යනවාත් සමගම ජලය මතුපිට පිහිනා යමින් සිටි සේරුවෙක් (Whistiling Teal&) (තාරාවුන් විශේෂයකි) සහ ඇගේ පැටවුන් රංචුව ඈතට පිහිනා යන්නට වූහ. පැටවුන් දුටු මගේ කුතුහලය වැඩි වූයෙන් ජලය අසලටම කඩිනමින් ගියෙමි. එවිට පැටවුන් සමග සිටි මව් කිරිල්ලිය අහසට පියඹා ගොස් මට පෙනෙන තෙක් මානයේදී මහපොළොවට පහත්වූයේ හදිසියේ ඇගේ අත්තටුවක බිඳී ඇති බවක් විදහා දක්වමිනි. බිමට වැටුණු ඇය ඉක්බිතිව අත්තටුවත් නමාගෙන පියඹා යාමට නොහැකි සේ පැන පැන ඉවතට යන්නට වූයෙන් ඇය අල්ලාගැනීමට මම ඒ දෙසට දිවගියෙමි. එවිටම ඇය ඉතා හොඳින් ඉගිලී යන්නට වූවාය. ඇයගේ ”ව්‍යාජ” රංගනයට මම රැවටුනෙමි. ආපසු හැරුණු මට ජලාශයේ සේරු පැටවුන් නොමැති බව පෙනින. පියඹා යාමට තරම් නොහැකි එම පැටවුන් ජලාශයේම සැඟවුණු බව මට පසක් විය. මේ කුරුලූ ලෝකයේ හැසිරීමකි. මෙතෙක් වේලා මා දෙස බලා සිටි වයිට් මහතා ”රැවටුනා නේද...? ඕකට කියන්නේ ”කැඩුනු අත් තටු රංගනය” කියලයි. පැටවුන් අනතුරුවලින් ආරක්ෂා කරගන්න...කිරල්ලූ ඒ වගේම ”ප‍්‍රැටින්කෝල් ආදී කුරුලූ විශේෂ කීපයක් ඔය දේ කරනවා” මම සිතින් වයිට් මහතාට ස්තූතිවන්ත වීමි. කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සරත් කොටගම සහ අතුල විජේසිංහ මහතා විසින් රචිත ”සිරිලක කුරුල්ලෝ” නම් වූ අගනා ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. පෙර හෙළ දවස පටන්ම කුරුල්ලන් නැරඹීමෙන් මෙරැුටියන් ආශ්වාදයක් විඳගත් බව ලංකා ඉතිහාසයෙන් පෙනේ. අද ලොව පුරා ජනතාව අතර පතලවුණු විනෝදාංශයක් බවට කුරුල්ලන් නිරීක්‍ෂණය කිරීම පත්ව ඇත. ඒ ඔස්සේ සොබා දහමේ සුන්දර බව අත් විඳීමට සහ ඊට ගරු කිරීමට ජනතාව පෙළඹී ඇත. මේ අනුව අපේ දරුවන්ද එකී විනෝදාංශයට පෙළඹවීමෙන් ඔවුන්ගේ දැනුමද වැඩිවන බව මම විශ්වාස කරමි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසිරිමත් කුරුලු ලෝකය
ලසන්ත Thursday, 26 July 2012 09:52 AM
හරිම වැදගත් ඒ වගේම ආකර්ශනීය ලිපියක්.....(ස)
නිමල් Sunday, 26 August 2012 10:58 AM
කුරුල්ලන්ගේ චර්යා පුදුමයි
නජිත් Sunday, 26 August 2012 10:53 AM
අපේ සත්ව ලෝකය අපි සුරකිමු
නාලක Sunday, 26 August 2012 10:58 AM
කියවන්න කියලා මම කියනවා අනෙක් පාටකයන්ටත්
නාලක Sunday, 26 August 2012 10:53 AM
වටිනා ලිපියක්
කුමාර Monday, 23 July 2012 10:38 PM
මේ වගේ දේවල් අපිට හුගක් වැදගත්.විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයින්ට තවත් වැදගත්. (නි)
ලියනගේ Monday, 23 July 2012 11:31 AM
ඉතාමත් ප්‍රශංශනීයයි. මෙවැනි දේ ඉතාමත් අගය කළ යුතුයි. (නි)
ප්‍රියලත් Sunday, 22 July 2012 05:10 PM
මේ අපේ ලංකාව.... (ස)
susil jasingha Monday, 30 July 2012 09:02 PM
විශිෂ්ඨයි. හරිම වැදගත් තවත් මෙවැනි ලිපි ලියන්න (අ)
අජිත් Tuesday, 24 July 2012 09:51 AM
හරිම ලස්සනයි..... (ස)
මධු Monday, 30 July 2012 11:31 PM
ඉතාමත්ම වැදගත් ලිපියක්.. ඔබතුමාට හැකි නම් තව තවත් මේවන් සත්ව ලෝකය හා සබැදි ලිපි පළ කරන්න ලෙස ඉල්ලා සිටිමි...!! (නු)
ලෝපේස් Monday, 24 September 2012 03:24 PM
විශ්මිතයි (නි)
සනත් Monday, 23 July 2012 09:42 PM
ඇත්තටම විල්සන් අයියේ, ඔයාට ගොඩක් ස්තූතියි.මේ වගේ කුරුල්ලෝ ගැන තවත් විස්තර ලියන්න. (නි)