ආණ්ඩුවට පරාළ ඇණයක් බවට පත්වෙමින් තිබූ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අර්බුදය ආණ්ඩුව මගින් ගනු ලැබූ ඒකපාර්ශ්වික තීන්දුවක් මගින් නිරාකරණය කෙරිණි. එය අවසානයමදැයි දැන්ම කිව නොහැක්කේ නැගෙනහිර ජැටියේ අර්බුදය ජාතික ගැටලුවක් පමණක් නොව ජාත්‍යන්තරය දක්වා විහිදී පැතිරී ගිය අර්බුදයක් බවට පත්වීම හේතුවෙනි. එසේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකින් තනි මතයට ශ්‍රී ලංකාව ඉවත්වීම ඉන්දියාව සහ ජපානය ජාත්‍යන්තරව දැඩි අපහසුතාවකට ඇද දැම්මේය. ඒ බව එම දෙරට විසින්ම මුලින්ම දක්වන ලද ප්‍රතිචාරවල පැහැදිලිව දකින්නට තිබිණි. පුදුම විය යුත්තේ එම දෙරට සිත්වේදනාවට පත් නොවුණා නම්ය.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ අසල්වැසි බලවතා වන අතර ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීනව සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යයි. එය පළුදු වූයේ ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රශ්නයට ඉන්දියාව ඍජුවම මැදිහත් වූ කාලයේදී පමණි. එම කාලයේදී ශ්‍රී ලංකාව තුළ දැඩි ඉන්දීය විරෝධී ආවේගාත්මක ආකල්පයක් වර්ධනය වූ අතර එහි නටබුන් තවමත් දකින්නට තිබෙන බව නැගෙනහිර ජැටියේ වෘත්තීය සමිති සටනට එක්වූ බලවේගවලින් පැහැදිලි විය. විවිධ සංවිධාන පමණක් නොව දැඩි මතධාරී භික්ෂූන් වහන්සේලා පිරිසකගේ සහායද වරාය වෘත්තීය සමිති සටනට හිමිවූයේ එහි බලපෑමද හේතුවෙනි. බිත්තියටම හේත්තුවන තත්ත්වයකදී ආණ්ඩුවකටද විකල්පයක් ඉතිරිවන්නේ ඉතා කලාතුරකිනි. ඉන්දියාවට නැගෙනහිර ජැටියේ සියයට49ක කොටස් හිමිකාරිත්වය අහිමිව ගියේ මේ පසුබිමේය.
ඉන්දියාව පමණක් නොව මේ ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරුවා වන ජපානයද අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය රටේ දැඩි කනස්සල්ල පළකර තිබිණි. ඉන් එහාට යමක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියත් ජපානය යනු ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ආයෝජන සහකරුවකු බව අමතක නොකළ යුතුය. එසේම ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලංකාවට අතිශය හිතවත් රාජ්‍යයකි. ඓතිහාසිකව දෙරට අතර බුදුදහමින් බැඳුණු ශක්තිමත් සබඳතාවක්ද තිබේ. නැගෙනහිර ජැටියේ අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගනු ලැබූ තීරණයෙන් අමාරුවේ වැටුණේ රටට එතරම් සමීප සබඳතා පවත්වන රටවල් දෙකක් වීම මෙහි වැදගත්ම සාධකයයි.
වරාය සේවකයන් මෙතරම් සටනක් දී රැකගත් නැගෙනහිර ජැටිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපේ රට සතුව තිබෙන ඉදිරි සැලැස්ම කුමක්ද යන්න මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණ වශයෙන් අපි දකිමු. සටන මෙහෙය වූ වරායේ වෘත්තීය සමිති දිගින් දිගටම ප්‍රකාශ කළේ ජාතික සම්පතක් වන නැගෙනහිර ජැටිය දියුණු කර ලාභදායී ලෙස පවත්වාගෙන යාමට තමන්ට හැකි බවය. එම ජැටියෙන් ඉදිරි කාලයේදී රටට ඩොලර් උල්පතක් පාදාගත හැකි බවය. එහෙත් වරාය හා සම්බන්ධ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ වෙනම තත්ත්වයකි.
දැනට අදාළ කරගත හැකි 2018 වරායේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ කොළඹ වරායේ සමස්ත ආදායමෙන් රුපියල් බිලියන 08ක ප්‍රමාණයක් ලැබෙන්නේ පෞද්ගලික කළමනාකරණයක් යටතේ පාලනය වන දකුණු ආසියා පර්යන්තයෙන් (සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්) සහ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත (කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්) බවය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පමණක් පාලනය වන ජය බහාලුම් පර්යන්තය ඉතා අකාර්යක්ෂම ඵලදායිතාවක් පෙන්නුම් කරන අතර එහි මෙහෙයුම්වල ලාභය ගණන් ගත හැකි මට්ටමක නැත. එම පර්යන්තයේ කාර්යක්ෂම සේවයක් සඳහා අවශ්‍ය වන්නේ සේවකයන් 3000ක් පමණක් වුවද මේ වනවිට එහි 10,000කට අධික සේවකයන් පිරිසක් සිටින බව මෑතකදී පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී වරාය අධිකාරියේ සභාපතිවරයාම ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය මේ රටේ බොහෝමයක් රජය සතු ආයතනවල පවතින තිත්ත ඇත්ත තත්ත්වය පෙන්නුම් කරයි. එය එක් උදාහරණයක් පමණි. නැගෙනහිර ජැටිය ඉන්දියාව සහ ජපානය සමග එක්වී ශ්‍රී ලංකාවට සියයට 51ක අයිතියක් තබාගෙන සංවර්ධනය කොට පවත්වාගෙන යාමට ගෙන තිබූ තීරණයේ දිගටම රුඳී සිටියා නම් එය රටට මහත් ඵලදායී වනු ඇති බව මේ සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙයි. පෞද්ගලික කළමනාකරණයක් යටතේ පවතින ආයතනයක සේවකයන්ට සියලු ප්‍රතිලාභ හිමිවන්නේ වැඩ කිරීම තුළින් පමණි. අතිරික්ත සේවකයන් නැතිවීම හේතුවෙන් ලාභ ඉපැදවීම අපහසු නොවේ. එපමණක් නොව නැගෙනහිර ජැටියේ ඉදිරි කාලය තුළදී කළ යුතු සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් බිලියන ගණන සොයාගැනීමටද වෘත්තීය සමිති සතුව පැහැදිලි වැඩපිළිවෙළක් ඇතැයි අපට පෙනීයන්නේ නැත. ජාත්‍යන්තර ගිවිසුමකින් තනි මතයට ඉවත්වීම, ශ්‍රී ලංකාව ආයෝජනයට අනතුරුදායක රටක් බවට පත්කර තිබීම හේතුවෙන් පාර්ශ්වකරුවකු සොයාගැනීම අතිශය දුෂ්කර වනු ඇත.
කොළඹ වරායේ දැනට ක්‍රියාත්මක පෞද්ගලික පර්යන්ත දෙක මගින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රමාණය රජය සතු ජය බහාලුම් පර්යන්තය මෙන් දෙගුණයක් බවද වරාය අධිකාරියේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. වරාය අධිකාරිය මගින් 9,000ක් වන සේවකයන් සඳහා වාර්ෂිකව ගෙවනු ලබන වැටුප රුපියල් බිලියන 20කට ආසන්නය. ඒ අනුව එක් සේවකයෙක් වසරකට මිලියන 2.2ක ආදායමක් ලබාගනී. තත්ත්වය එසේ වනවිට මුළු ලෝකයම එරෙහි වුවත් නැගෙනහිර ජැටිය රැකගන්න වරාය සේවකයන් එක්වීම ගැන පුදුම විය යුතුද? නැත.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසල්වැසි රටවල් අමනාපකර ගන්න එපා
විකුම් Thursday, 11 February 2021 06:52 AM
වරාය යනු එහි සේවකයන්ට සල්ලි උල්පතකි. තමාගෙන් පසු තම දරුවන්ට රැකියාව බාර දිය හැකි ආයතනයකි. එවන් තැනකට ආයෝජනයන් හෝ යාවත්කාලීන කිරීම් කිසිත් කළ නොහැක. මව්බිම වෙනුවෙන් කෙසේ වෙතත් තම දරුවන් ගේ අනාගත රැකියාව වෙනුවෙන් , ඔවුන් උස්මහත්ව පැමිණෙන තෙක් වරාය රැකගත යුතුව ඇත.
Raveendra Thursday, 11 February 2021 07:38 AM
පළමුව අසල්වැසි රටක් නොව කෙනෙකු තමන් සමග අමනාප වීම මනුෂයකුට එය මානසික වදයකි. එය මිලමුදල් වලින් පිරිමසා ගැනුමටද බැරිය. අප රටේ රජයේ සේවකයන් යනු "වංකකමේ ප්‍රතිමුර්තියන්ය." කතුවැකියෙහි සඳහන් කළ අදහසම අපද මීට පෙර සඳහන් කලේ මෙම ජැටිය පුද්ගලික අංශයකට නොදෙන බව තීරණය කිරීමත් සමගයි. මෙම සටනේදී ඉතාමත් ජනප්‍රිය මෙන්ම සිත් ඇදගන්නා සුළු ලෙස සියලුම වෘත්තිකයන්, වෘත්තිය සමිති, රතු චීත්තකාරයන්ද පෙරටුකොටගෙන උඩ පැන පැන කෑමොර දුන්නත් අදාල ජැටියේ සේවය කරන සේවකයන්ගේ වගකීම් යුතුකම් පිළිබඳව එකඳු දේශපාලකයෙක් හෝ වෘත්තීය සමිති නායකයෙක් හෝ එල්ලෙන්න වැලේ වැල් නැති රතු හැට්ටකාරයන් සඳහන් නොකිරීමම අප රටක් හැටියට පරාජය වීම මෙන්ම රටක් හැටියට ආපස්සට යාම පැහැදිලි ලෙස දැකීමට හැකිවීම ඉතාමත්ම කණගාටු දායකය. මේ මොහොතේත් ඒ පිළිබඳව "මුනිවත රැකීම" සියලු වෘත්තිය සමිති නායකයන්, වෘත්තිකයින් යයි කියාගන්න මෝඩ බූරුවන් සිටීම පුදුමයකි. වංක රටවැසියන් සිටින්නේ දිව්‍යලෝකයේද? එසේවුවත් වංක මිනිසුන් ඉන්න තැන දියුණුවක් නොමැති බව 8, 5 දන්නා ඕනෑම කෙනෙකුට තේරෙන පරම සත්‍යයකි.
Deepal Nirosh Thursday, 11 February 2021 08:04 AM
කවුරු කවුරුත් කල්පනා කරන්නේ “අපි වෙනුවෙන් රට“ කියලා පමණක් මිස “රට වෙනුවෙන් අපි“ කියලා නෙවෙයි.
RaveendraThursday, 11 February 2021 08:32 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.
lanka Thursday, 11 February 2021 11:27 AM
ඉන්දියාවෙන් අපට හොඳ දේ මෙන්ම අයහපත් දේත් ලැබුනා. උදාහරණයක් ලෙස, අපට බුදු සමය ලැබුනේ ඉන්දියාවෙන්. අනිත් අතට, දහස් ගණනක ජීවිත අහිමිවූ යුද්ධය 30 වසරක් ඇදී ගියේ ඉන්දියාවේ බලපෑමෙනි.
සෙනෙවිරත්න Thursday, 11 February 2021 01:11 PM
මෙතන රතු හැට්ටකාරයින්ට තිබෙන බලය කුමක්ද? ඔවුන්ට ඇත්තේ 3%කි.. ඔබ කුමන දේශපාලන මතයක් දැරුවත් රාජ්‍ය අංශ විනාශ වීමට වගකිව යුත්තෝ වසර 70ක් පාලනය කළ නිල් කොළ රජයන් නොවේද? ඔබ හිත හදා ගැනීමට රතු හැට්ටය ඇද ගනී. අනෙක සම්පත් විකුණා දැමීමට නොව පවරා ගැනීමට කියා බලයට පත්ව වැඩි කලක් නොමැත. මෙම ව්‍යවසනය යථාර්ථය සඟවා බොරු වීරකමක් මවා කළ නොහැකි දේ කළ හැකි වීරයෙක් ලෙස බලයට පත්ව කරන මේ බොරුව නොවේද?