IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අසල්වැසියන්ගේ නින්ද කඩා මහ රෑ රබන් ගැසුවාට දඬුවම්

රබාන බෙරයක්ද එසේ නොමැති නම් තම්මැට්ටමක්ද, මහ රෑ කෙනෙකුගේ නින්ද කඩමින් රබානක් වාදනය කිරීම 1865 අංක 16 දරන ආඥා පනතේ 90 වන වගන්තිය උල්ලංඝණය කරමින් කෙනෙක් වරදක් සිදුකරයිද? රබානෙ ශබ්දෙත් බෙරේ ශබ්දෙත් වෙනස දක්වා මහ රෑ කෙනෙකු නින්දෙන් අවදි කිරීමට තවත් කෙනෙකුට අයිතියක් ඇත්ද?

  
මෙය 1911 වසරේ කුරුණෑගල පොලිස් අධිකරණයේ මූලික වශයෙන් විභාග කෙරුණ නඩුවකි. පොලිස් මහේස්ත්‍රාත් ඩබ්ලිව්.ඒ. වීරකෝන් මැතිඳුන් ඉදිරියේ නඩුව විභාගයට ගැනුණි. නඩුවට පාත්‍ර වූ සම්පූර්ණ සිද්ධිය මෙසේ විය. එදා 1911 වසරේ සිංහල අවුරුදු උත්සව දිනය විය. උත්සවශ්‍රීයෙන් ඉපැළුණු ගබෝ සිංඤෝ තවත් අය සමග ස්වකීය නිවස අසල රබන් ගැසීම ආරම්භ කළේය. ක්‍රමයෙන් රබන් වාදනය උත්සන්න වෙමින් රබන් හඬ දසත පැතිරෙන්නට විය. ඔහුගේ අසල්වැසියා වූයේ වීරතුංග නමැත්තෙකි. රබන් වාදන හඬින් අවදි වූ වීරතුංග මහතාට තවදුරටත් නිදාගත නොහැකිව ඔහු මේ බව පළාතේ පොලිස් ස්ථානයට පැමිණිලි කළේය. වහා ක්‍රියාත්මක වූ පොලිසිය ගබෝ සිංඤෝ සහ එවකට රබන් වාදනය කරමින් සිටි අයටද විරුද්ධව කුරුණෑගල පොලිස් උසාවියේ මේ නඩුව පැමිණිලි කළේය.

zdf
නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිලිකාර වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි මෝඩර් මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් සැල කර සිටියේ විත්තිකරුවන් රබානක් වාදනය කරමින් සිටි බවත් එය බලපත්‍රයක් නොමැතිව වාදනය කරන ලද්දේ නම් පොලිස් ආඥා පනතේ 90 වන වගන්තිය යටතේ දඬුවම් විඳීමට සිදුවන වරදක් සිදු කොට ඇති බවයි. ඔහු තවදුරටත් අවධාරණය කරමින් පවසා සිටියේ රබාන ඉහත කී වගන්තියේ සඳහන් වන පරිදි බෙරයක් බවය. එබැවින් විත්තිකරුවන් රබානක් ගසමින් සිටිය මුත් එය වගන්තිය ප්‍රකාර බෙරයක් බවය.


විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් පවසා සිටියේ අදාළ ආඥා පනතේ දක්වා ඇති අර්ථ දැක්වීම අනුව රබාන යන්න බෙරයක් නොවන බවය. දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම සවන්දීමෙන් පසුව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම වඩාත් අර්ථවත් බව පෙනී යන හෙයින් එය තමා පිළිගන්නා බව පොලිස් මහේස්ත්‍රාත්තුමා නිගමනය කළේය. ආඥා පනතේ අදාළ වගන්තියේ මෙසේ දැක්වෙන බව ගරු මහේස්ත්‍රාත්තුමා මෙසේ පැහැදිලි කළේය.

RASAWITHA_04.qxd
“බෙර හෝ තම්මැට්ටම් හෝ වෙනත් සංගීත භාණ්ඩයක් හෝ පාවිච්චි කිරීම අශ්වයන් බියපත් කිරීමට කටයුතු කරන සියලු දෙනා එසේ කිරීම සඳහා බලපත්‍රයක් ලබාගෙන නොමැති නම් වරදකට වරදකරුවන් වන්නේය.”


තවදුරටත් කරුණු දක්වමින් පොලිස් මහේස්ත්‍රාත්තුමා පෙන්වා දුන්නේ මෙහිලා වැදගත් වාක්‍ය ඛණ්ඩයක්වන්නේ “අශ්වයන් බියපත් කිරීම පිණිස උපයෝගී වන්නා වූ” යන්නය. තවදුරටත් කරුණු පෙන්වා දෙමින් ඔහු පැහැදිලි කර දුන්නේ මහමග ගමන් කරන හෝ රට තුළ ගමන් කරන හෝ පෙරහරවල් ආදියෙහි මෙසේ බෙර සහ තම්මැට්ටම් ආදිය වාදනය කොට ඒවායින් නගන හඬෙන් අශ්වයන් පළවා හැරීම කළ හැකි බවය. එය පෙරහරේ ගමන් කිරීමට පහසු වේ. දැනට පවත්වන ආගමික නැතහොත් චාරිත්‍රානුකූලව පමණක් වන පෙරහරවලදී පාවිච්චි කරනු ලබන එකම වාදනය වන්නේ බෙර නැතහොත් තම්මැට්ටම් වාදනයයි. “රබාන” මෙවන් ආගමික හෝ චාරිත්‍රානුකූලව පවත්වනු ලබන පෙරහර ආදියෙහි පාවිච්චි කරනු නොලබයි. රබාන උපයෝගී කරගනු ලබන්නේ නිවසක් තුළ සංගීතය සැපයීම සඳහාය. එබැවින් බෙරය හෝ තම්මැට්ටම හෝ රබානෙන් හෝ ඉඳුරාම නිකුත් වන හඬ වෙනස්ය. මේ කරුණු හේතුවෙන් මම තරයේ නිගමනය කරන්නේ ආඥා පනතේ බෙරය යනුවෙන් අදහස් කොට ඇත්තේ බෙරය මිස රබාන නොවන බවය. බෙරය සහ තම්මැට්ටම පාවිච්චි කරනු ලබන්නේ ආගමික සහ චාරිත්‍රානුකූලව පවත්වන පෙරහරවලදී ශබ්දය සැපයීමට වන අතර, එකී ශබ්දය හේතුවෙන් අශ්වයන් කුලප්පු විය හැකි බැවින් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතුය. එහෙත් රබාන පාවිච්චි කරනු ලබන්නේ නිවස තුළ සංගීතය ලබා ගැනීම පිණිස බවත්, ඒ සඳහා ලබා ගන්නා සංගීතය මඟින් අශ්ව කුලප්පුවීමක් නොවන බවත් ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවත්ය. මේ කරුණු සියල්ල සලකා බැලීමේදී නිවස තුළ රබානක් වාදනය කිරීම පිණිස පොලිස් ආඥා පනතේ 90 වන වගන්තිය ප්‍රකාර බලපත්‍රයක් අවශ්‍ය නොවන බවය. එබැවින් එම සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලද බව පොලිස් මහේස්ත්‍රාත්තුමා පැවසුවේය. පොලිස් මහේස්ත්‍රාතුමාගේ තීන්දුවට එරෙහිව පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළේය. එහිදී අභියාචනා පැමිණිලිකරු වෙනුවෙන් ග්ලැඞ්වින් කොක් මහතා පෙනී සිටි අතර, අභියාචනා පෙත්සම 1911 සැප්තැම්බර් මස 15 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ශ්‍රේණියර් මහතා ඉදිරියේ විභාගයට ගන්නා ලදී. 30_PAGE_4_RASA

නැවතත් ඔහු නඩුවේ කරුණු විස්තර කරමින් ශ්‍රේණියර් මහතා මෙසේ කරුණු විස්තර කළේය. මේ නඩුවේ වගඋත්තරකාර චූදිතයෝ සිංහල අලුත් අවුරුදු දිනයේ රාත්‍රි 11.00ට පමණ මහා මාර්ගය අසල රබානක් තබා ගනිමින් අසල්වාසීන්ගේ රාත්‍රි නින්ද කඩකරමින් ඔවුන් අවදි කරමින් රබානකට ගසමින් විනෝද විය. රබන් හfඬ් අධික ශබ්දය හේතුවෙන් නිදා ගැනීමට නොහැකිව අභියාචනා පෙත්සම්කරු අවදිව සිටියේය.


ශ්‍රේනියර් විනිශ්චයකාරතුමා පොලිස් මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුව තවදුරටත් විග්‍රහ කරමින් පෙන්වා දුන්නේ බෙරය නැතහොත් තම්මැට්ටම වාදනය කරමින් පෙරහරවල ශබ්දය පතුරුවන කෙනෙක් විසින් කරනු ලබන්නේ අශ්වයන් පළවා හැරීමය. නිවසක් තුළ රබාන වාදනය කරමින් කෙනෙක් සිදු කරන්නේ අසල් නිවෙස්වල නිදා සිටින අය අවදිකොට නැතහොත් ඔවුන්ට නිදා ගැනීමට ඉඩ නොදී කරදර කිරීමය. පළමුවෙන් මේ වෙනස සලකා බැලිය යුතු බව අභියාචනා විනිසුරුතුමා අවධාරණය කළේය. පොලිස් මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ පෙනී සිටි චූදිතයන් අතුරෙන් දෙදෙනකු වරද පිළිගෙන ඇත. ඔවුන් එක් අයෙකුට රුපියල් 10/- බැගින් ගෙවීමට නියම වී ඇත. නඩුව ඔහු ඉදිරියේ පවත්වාගෙන ගොස් ඇත්තේ 04 වන, 05 වන සහ 06 වන විත්තිරුවන්ට විරුද්ධවය. මේ නඩුව පවත්වාගෙන යා නොහැකි බව තමාට පෙනෙන බව ශ්‍රේණියර් මහතා ආරම්භයේදීම පැවසුවේය. පූර්ව නඩු ගණනාවකදී රබාන යනු බෙරයක් බවට තීන්දුකොට ඇති බව ඔහු පැවසුවේය. ඒ නඩුවල තීන්දුව ලබා දී ඇත්තේ රබාන බෙරයක් යන පදනම තහවුරු කරගනිමින් දී ඇති තීන්දුව තමා පිළිනොගන්නා බව ඔහු තවදුරටත් පැවසුවේය. ඒවා සුළු වෙනස්කම් බව ඔහු තවදුරටත් පැවසුවේය. මේ නඩුවේ වගඋත්තරකරුවන්ට විරුද්ධව ඇත්තේ බලවත් චෝදනාවකි. ඔවුන් විසින් කරනු ලැබ ඇති සංගීතමය ක්‍රියාවෙන් මහ රෑ ජාමය වනතෙක් පැමිණිලිකාර අභියාචකට නින්දයාමක් නැත.

ඔවුන්ට අවශ්‍ය නින්ද ඔවුන් විසින් නිසි වේලාවට නිසි අයුරින් ලබා ගැනීම වගඋත්තරකරුවන් විසින් වළකනු ලැබ ඇත. මම සලකා බලන්නේ ඔවුන් විසින් මෙවන් සංගීත රාත්‍රියක් පැවැත්වීමෙන් ඵලක් විය යුතුද යන්නය. විශේෂයෙන්ම අසල නිවසේ ලෙඩෙක් සිටියහොත් ඔවුන් රබන් ගසමින් ඔවුන්ගේ නින්ද කඩා වැළැක්වීම අපරාධයකි. උගත් පොලිස් මහේස්ත්‍රාත්තුමා සංගීත භාණ්ඩවල සුළු වෙනස්කම් දක්වමින් රබාන බෙරයක් බවට පවසමින් වැරැදි නිගමනයක් කරනු ලැබ ඇති බවය.


ආඥා පනතේ 90 වන වගන්තියේ දක්වා ඇත්තේ අශ්වයන් බියවන පරිදි රාත්‍රි කාලයේ බෙර වාදනය කිරීම පිණිස බලපත්‍රයක් ගත යුතු බවය. ඒවා පෙරහර ආදියට අවශ්‍ය වේ. මෙහිදී සිදු වී ඇත්තේ සිංහල අවුරුදු දින පාර අසල පිරිසක් රබන් වාදනය කිරීමය. මේ නඩුවේ චූදිතයන්ගේ උත්සාහය වී ඇත්තේ පනතට අනුව ඔවුන් රබානක් වාදනය කර ඇති මුත් බෙර වාදනයක් කර නැත. ඒ අනුව ආඥා පනත අනුව ඔවුන් වරදක් කර නොමැති බව චූදිතයන්ගේ තර්කය විය.


නඩුව විග්‍රහකොට කියවා බැලීමේදී වගඋත්තරකරුවන්ගේ සංගීතය ක්‍රියාව දරුණු තත්ත්වයක් පෙන්නුම් කරයි. මේ කරුණු සියල්ල සලකා බලා පොලිස් මහේස්ත්‍රාත්තුමා විත්තිකරුවන් නිදහස් කරමින් කරන ලද නියෝගය ඉවත් කළේය. එසේ චූදිතයන් එක් අයෙකුට රුපියල් 20/- බැගින් ගෙවීමට නියම කළේය. එකී දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් එක් එක් අයෙකුට සති දෙකක සිර දඬුවම් ගත කිරීමට නියම කළේය. මේ අයුරින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා කුරුණෑගල පොලිස් මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුව ඉවත දැමුවේය. එය 1865 වසරේ නඩු තීන්දුවකි.



අදහස් (0)

අසල්වැසියන්ගේ නින්ද කඩා මහ රෑ රබන් ගැසුවාට දඬුවම්

අජිත් Monday, 02 May 2016 01:07 PM

එනපොට හොද නැහැ කෙල්ල ගෙට ගනින් කිව්වලු!!! මේ කතා දැමීමෙන් යම් බලපෑමක් ඉදිරියේදී ඇතිවීමට විය හැකියි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 610 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 101 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 331 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 226 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 118 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site