බුදුරජාණන් වහන්සේගේ කාලයේ ධම්මාරාම නම් ස්වාමීන් වහන්සේ නමක් වාසය කළා. උන් වහන්සේ අප්‍රමාදීව වාසය කළ කෙනෙක්.
ඉතින් බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් ලෝක සත්වයාට හිත සුව පිණිස අපරිමිත සේවාවක යෙදී පිරිනිවන් පාන්නට සූදානම් වී මල්ල රට උපවත්තන සල් උයනේ සල් ගස් දෙකක් අතරත සැතපී සිටියා. මේ සංවේගජනක පුවත ඇසූ බොහෝ දෙනා කනගාටුවෙන් හඬමින්, කඳුළු සළමිනුයි හිටියේ. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ අසලට ම වී සිටියා.
එහෙත් මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ කඳුළු සළන්නේ ද නැති ව, හඬන්නේ ද නැති ව පසෙකට වී සන්සුන් ව භාවනා කරමින් සිටියා. ඒ දුටු අනෙකුත් ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සෙනෙහසක් නැති ආදර ගෞරවයක් නැති කෙනෙක් හැටියට සලකා දොස් කිව්වා. මේ සිද්ධිය පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි බුදුපියාණන් වහන්සේට ද අසන්නට ලැබුණා. ඒ පිළිබඳ කරුණු විමසූ බුදුරජාණන් වහන්සේ එම ස්වාමීන් වහන්සේට තමන් වහන්සේ වෙත පැමිණෙන ලෙස දැන්වූවා. එසේ පැමිණි පසු මේ කතාවෙහි ඇත්ත නැත්ත විමසුවා.
එවිට ධම්මාරාම ස්වාමීන් වහන්සෙ තථාගතයන් වහන්සේ තවත් ටික මොහොතකින් පිරිනිවන් පානා බැවින් ඊට කලින් තමන්ට විමුක්තිය ලබා ගෙන සසර දුකින් මිදෙන්නට අවශ්‍ය නිසා තමන් අප්‍රමාදී ව භාවනා කරන බවත් එසේ නොමැති ව තමන් තුළ තථාගතයන් වහන්සේ කෙරෙහි අල්ප මාත්‍ර වූත් අමනාපයක් අනාදරයක් නොමැති බවත් දැන්වූවා. එවිට බුදුපියාණන් වහන්සේ මෙම ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව පිළිබඳව අතිශයෙන් ම පැහැදී තුන් වතාවක් සාදු නාද දී එම ක්‍රියාව අනුමත කළා. එසේ ම මෙබඳු ප්‍රකාශයක් ද කළා.
නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පූජං කරොන්ති නාම. ධම්මානුධම්මපටිපජ්ජන්තා මං පූජෙන්ති නාම.
මලින් සුවඳින් මා පුදන්නෝ නියම ලෙසින් මා පුදන්නෝ නොවෙති. ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කරන්නෝ ම නියම ලෙසින් මා පුදන්නෝ වෙති
ධම්මපදට්ඨ කතාවෙහි ධම්මාරාම වස්තුවෙහි එන මෙම කතා පුවත වත්මන් සමාජයට කියා දෙනුයේ විශාල පාඩමක්. මෙකල මිනිසාගේ පැවැත්මට බලපාන අධ්‍යාපනය, සෞඛ්‍යය, පමණක් නොව සමාජසේවාමය කටයුතු පවා වාණිජකරණයට හසු වී ඇති බව පෙනෙනවා. ඒ සියල්ල මුදල් ඉපයීමේ මාර්ග හැටියට භාවිත වෙන බව දක්නට ලැබෙනවා. මිනිසුන් විසින් හදාගත් ආගම් දර්ශන මතවාද පවා මුදලට යටවී වාණිජකරණය වී ඇති බවක් පෙනෙනවා. සියලු වාණිජකරණයන්ට වඩා මිනිසාගේ ආධ්‍යාත්මික ගමනට මග පෙන්වන, සත්‍ය සොයා යන මාවත ලෙසින් දක්වන ආගම් වාණිජකරණයට හසුවීම ඒ ඒ ආගම් අදහන අයගේ ආධ්‍යාත්මික ගමනට ඇති කරන්නේ ද බලවත් බාධාවක්.
විවිධ වූ විෂම වූ ලෝකයක ජීවත් වෙන මිනිසා එකම මානව වර්ගයකට අයත් වුවත් පුද්ගල චරිතාංග, සිතිවිලි හා අදහස් වශයෙන් එකිනෙකාට වෙනස් ආකාරයකටයි හැසිරෙන්නේ. ඒ අනුව ලෝකයේ විවිධ මතධාරීන් පහළවීම ස්වභාවයක්. එසේ ම විවිධ ආගම් ලෝකයේ පහළවීම ද ස්වභාවයක්. ආගමික ඉතිහාසය දෙස බලනවිට මිනිසාට ආගමක් අවශ්‍ය වූයේ පරලොව ජීවිතය යහපත් කර ගන්නවාටත් වඩා මෙලොවදී, එදිනෙදා ජීවිතයේ දී පැමිණිය හැකි කරදර බාධා හිරිහැරවලින් මිනිසාට මිදෙන්නට වූ අවශ්‍යතාව නිසයි. පුදපූජා, බලිතොවිල්, ශාන්ති කර්මාදිය මෙන්ම විවිධ යාඥා විධි, දේශනා චාරිත්‍ර වාරිත්‍ර හා මුසුව පරම්පරාවෙන් පරම්පරාවට දීර්ඝ කාලයක් තිස්සේ පැවැත ගෙන පැමිණියේ ඒ මානව අවශ්‍යතා නිසයි. මිනිසාගේ මේ ලෝකයේ ජීවිතය සුවපත් කිරීමට සැකැසුණු විවිධ පුදපූජා ආමිසය හා බැඳී පවතින නිසා මෙකල බොහෝ දෙනා ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ ආමිස පූජාවලට පමණයි.
ගසක පැවැත්මට පොත්ත අවශ්‍යවන්නාසේම ආගමක පැවැත්මට ජනප්‍රිය භාවය ද අවශ්‍ය කරනවා. ඒ සඳහා පුදපූජා ආදිය අවශ්‍ය කරනවා. ඒ අනුව පුදපූජාදිය අනවශ්‍ය දෙයක් නොවන බව වටහා ගත හැකිය. එහෙත් මෙකල බොහෝ දෙනා ඇදහීමට මුල් තැන දී පිළිපැදීම මුළුමනින් ම අමතක කර ඇති සෙයක් පෙනෙනවා. එය ඔවුනගේ ආධ්‍යාත්මික සංවර්ධනයට විශාල පාඩුවක්. තම තමන්ගේ අාධ්‍යාත්මික දියුණුව ඇති වන්නේ මේ ධර්මය පිළිපදිනා ආකාරය මතයි.
ආගම් විවිධයි. එසේ වුවත් බොහෝ ආගම්වලින් උගන්වන්නේ මානව වර්ගයාගේ යහපතමයි. එසේ වූයේ නමුත් මෙකල බොහෝ ආගම්වල ඒ ඒ ශාස්තෘවරුන් නොකියූ දෙය කියූ දෙයක් ලෙසින් ද, කියූ දෙය නොකියූ දෙයක් දෙසින් ද දක්වමින් මූලික ආගමික ඉගැන්වීම් කණපිට පෙරළාගෙන ඒ ඒ ආගම් අතර පවා ගැටුම් ඇති කරන තත්වයකට ඒ ඒ ආගම්වල අනුගාමිකයන් පත් වී ඇති බව අවබෝධ කර ගත හැකිය. මේ තත්වය නිසා මනුෂ්‍ය ඝාතන පවා සිදු වෙන බව නොරහසකි. එහෙත් වාසනාවකට මෙන් බුදු දහම තුළ පවා ථේරවාද, මහායාන, වජ්‍රයාන වශයෙන් විවිධ බෙදීම් තිබුණත් ඒ බෙදීම් තුළ ගැටුම් ඇති කර ගන්නා තත්ත්වයක් නැහැ. ඒ අනුව අභ්‍යන්තර මතවාද නිසා මිනී මරා ගන්නේ නැති එක ම දහම බුදුදහමයි. ඒ ගැන සිතා අපට සතුටුවිය හැකිය. ලෝකයේ ජනගහන අනුපාතය අනුව බුදුදහම අදහන මිනිසුන්ගේ සංඛ්‍යාව මත බුදුදහම පස්වැනි ස්ථානයෙහි ලා සැලකෙන්නේ ද ඒ තත්ත්වය ඉතා ශීඝ්‍රයෙන් දියුණු වන්නේ ද බුදුදහම තුළ පවතින මේ සාමකාමී පරිසරය නිසයි.
අද අප අතර පවතින බොහෝ ආගම් ප්‍රචාරයට (PROPAGANDA) සහ ප්‍රදර්ශනයට (EXHIBITION) පමණක් සීමා වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ආගමක උපයෝගීතාව තිබෙන්නේ එය ප්‍රායෝගිකව පුරුදු කරන විටයි. බොහෝ ආගම් මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙන පල නොදරන, එසේත් නොමැති නම් අඩුවෙන් පල දරන ගස් බවට පත් වෙලයි තිබෙන්නේ. ආගම් එබඳු තත්ත්වයකට පත් ව ඇත්තේ ආගමේ ඇති අඩු පාඩුවක් නිසා හෝ ශාස්තෘවරයාගේ ඇති වැරැද්දක් නිසා නොව එය අදහන අයගේ දුර්වලකම් නිසයි.
වෙළඳපොළට කෘත්‍රිම (ඉමිටේෂන්) රත්‍රං පැමිණි විට වෙෙළඳ පොළේ ඇති නියම රත්‍රං ද හඳුනාගත නොහැක්කා සේ වාණිජකරණයට ලක් ව ඇති ලෝකයක නියම ධර්මය ද නිසි ලෙසින් හඳුනාගැනීම අපහසු කටයුත්තක් වෙලයි තිබෙන්නේ.
බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ වාසය කරන සමයෙහි ඉන්දියාවේ තිබුණේ ද එබඳු ම තත්ත්වයක්. විවිධ දෘෂ්ටිවාද, මතවාද, පුද්ගලවාද ආදී වශයෙන් බොහෝ වාද පැන නැගී තිබුණ නිසා එකල මිනිසුනට සත්‍ය කුමක් ද අසත්‍ය කුමක් දැයි සොයා ගැනීමට බොහෝ වෙහෙසෙන්නට සිදු වුණා. එකල කිං කුසල ගවේසී (කුසලය කුමක් ද?) කිං සච්ච ගවේසී (සත්‍යය නම් කුමක් ද?) වශයෙන් මිනිසුන් සත්‍යය සෙවූ බව සඳහන් වෙනවා. එබඳු පිරිසකගේ මානසිකත්වය අවබෝධ කරගත් නිසයි බුදුරජාණන් වහන්සේ කාලාම, බ්‍රහ්මජාල, අග්ගඤ්ඤ, තේවිජ්ජ වැනි සූත්‍ර දේශනා කළේ. ඒ තුළින් මිනිසුන්ට සත්‍යය වටහා ගැනීමට බුදුරජාණන් වහන්සේ උපකාර කළා.
ඕනෑම ආගමක් පවත්වා ගෙන යාමට එහි වගකීම් භාරගෙන කටයුතු කරනා පිරිසක් ද සිටිය යුතුයි. ඒ පිරිස අනිවාර්යයෙන් ම දැන උගත් පිරිසක් විය යුතුයි. ඒ වගකීම් දරා කටයුතු කරන පිරිස බුදුදහමෙහි පූජ්‍ය පක්ෂය නමින් හඳුන්වනවා. අනෙකුත් ආගම්වල නම් පූජක නාමයෙන් හඳුන්වනවා. ආගම දේශනා කිරීම, ආගමට හා එම ආගමට අයත් වන සංස්කෘතියට අදාළ පුදපූජා ශාන්ති කර්ම චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමත් පොදුවේ මේ පිරිසට අයත් කාර්යයන් වෙනවා. බුදුපියාණන් වහන්සේගේ සසුන් කෙතෙහි වන පූජ්‍ය පක්ෂය මේ තත්ත්වයෙන් වෙනස් වෙනවා. ඒ පූජ්‍ය පක්ෂය ධර්ම මාර්ගයෙහි තමන් ද ගමන් කරමින් අන් අයට ද මග පෙන්වා දෙනවා. පූජක පිරිස කරනුයේ දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා අතර සහ සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධීකරණය සිදු කිරීමයි. එහෙත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ කාර්ය භාරය ඊට වඩා වෙනස් එකක්. දේවාලවල කපුරාළලාගේ කාර්යභාරය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අදාළ එකක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ දුකින් පෙළෙන සත්වයා ඒ සාංසාරික දුක්වලින් මුදවනු පිණිසයි. බෞද්ධ භික්ෂූන් වහන්සේගේ ද කාර්යය විය යුත්තේ බහුජනහිතාය, බහුජනසුඛාය, ලෝකානුකම්පාය වශයෙන් බුදුරජාණන් වහන්සේ සිදු කළ ලෙසින් ම ලෝවැසියාගේ හිතසුව පිණිස නිවැරැදි ව ධර්මය කියා දී දුකෙන් මිදෙන මාවත පෙන්වා දීමයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා පූජ්‍ය පක්ෂයට අයත් වන්නේ ඒ නිසයි. ජනතාව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පූජනීයත්වයෙන් සැලකුවේ ඒ කැපවීම මනා ලෙස අවබෝධ කර ගෙනයි. ඒ ජනතා පූජනීයත්වයට පත් ස්වාමීන් වහන්සේලා එම පුදපූජාවනට නිසි සේ තමන්ගේ පැවැත්ම ද හදා ගත්තා. තමන් වහන්සේලා පිළිවෙත් දහම් පුරන ගමනේ ම තම දායකයන්ට නිසි මඟ පෙන්වා දුන්නා. තමන් වහන්සේලා දහමෙහි සුවය විඳින ගමනේ ම තම දායකයන්ට ද ඒ සුවය ලබා දෙන්නට කටයුතු කළා. මෙසේ පැවැතියත් කල් යාමේ දී මහජන අවශ්‍යතා ද නිසා පුදපූජා පිරිත් දේශනා ශාන්ති කර්ම වැනි දේවල් ආරම්භ කරන්නට ස්වාමීන් වහන්සේලාට සිදුවුණා. ඒ අනුව ප්‍රතිපත්තියට වඩා පුදපූජාවලටත්, උත්සව සහ සම්මාදම් කටයුතුවලටත් මුල් තැන ලැබුණා. බුදුදහම කියන්නේ අන්‍ය ආගම් මෙන් පුදපූජාවලටම පමණක් සීමාවුණ ආගමක් නොවෙයි. බුදුදහමෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් බෞද්ධ වූ අපේක්ෂා කරන පරම සුවය වන නිර්වාණය අවබෝධ කිරීමයි. බුදුදහමට ඇතුළත් ව ඇති පුදපූජා විධි ක්‍රමයන්ගෙන් ලෞකික වශයෙන් සුවයක් සළසා ගත හැකි වුවත් එහි හරය සොයන කෙනකුට මෙහි වන ප්‍රතිපදාව දෙසට තම නෙත් යොමු කළ යුතුම වෙනවා.
ගිහි බෞද්ධයන් නිරන්තරයෙන් තමන්ගේ ජීවිත අර්ථවත් කර ගැනීමට භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගත යුතුයි. එසේ වූයේ නමුත් උන් වහන්සේලා ඇසුරු කරද්දී ගින්දර ඇසුරු කරන්නාක් මෙන් පරිස්සම් විය යුතුයි. උන් වහන්සේලා ඇසුරු කරද්දී නිසි ගෞරවය ලැබෙන ලෙසට ඇසුරු කළ යුතුයි. බොහෝ දෙනා ස්වාමීන් වහන්සේලා සමඟ හිතවත් වූ පසු තිබුණු ගෞරවය අඩු කර ගන්නා බවක් දකින්නට ලැබෙනවා. තමන්ගේ ජීවිතයට දහම් ආලෝකය ලබා ගනු පිණිස මිස වෙනත් ද්‍රව්‍යාත්මක උදව් උපකාර පිණිස ස්වාමීන් වහන්සේලා ඇසුරු නොකළ යුතුයි. ආමිස දානයෙන් නිරන්තරයෙන් ම උදව් උපකාර කරන්නා වූ ගිහියනට ධර්මදානයෙන් උපකාර කරන්න යන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. (ගිහීනමුප කරොන්තානං නිච්චං ආමිසදානතෝ කරෝථ ධම්මදානේන තේසං පච්චුපකාරකං) ධර්මදානය කරන භික්ෂූන් වහන්සේලා තුළින් වෙනත් භෞතික දේ බලාපොරොත්තුවීම සුදුසු දෙයක් නොවේ. එක් විසි අනේසනයන්ගෙන් වෙන් ව වාසය කරන්නා වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් නොගැළපෙන දේ ඉල්ලා සිටීමෙන් උන් වහන්සේලා ද අපහසුතාවන්ට පත් වෙනවා. භික්ෂූන් වහන්සේලා ද එබඳු ඉල්ලීම් තුළින් තමන් වහන්සේලා අපහසුතාවලට පත්වන බව ගිහියන්ට පැවැසිය යුතු වෙනවා.
භික්ෂූන් වහන්සේලා කියන්නේ ශ්‍රද්ධාවන්ත දායකයන්ට නම් මහත් සම්පතක්. භික්ෂූන් වහන්සේලාගෙන් ලැබෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මේ ලෝකයේ වෙසෙන බොහෝ දෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. ගිහි සමාජයේ හිතවතුන් කෙතරම් සමීප ව සිටියත් ඇතැම් විට තමන්ගේ යහළුවා තමන්ට වඩා දියුණු වෙනවා දකින විට සිතෙහි හෝ අල්ප මාත්‍ර වශයෙන් හෝ නොසතුටක් ඇති විය හැකියි. එහෙත් ස්වාමීන් වහන්සේ නමක් කිසි දිනෙක තමන්ගේ දායකයන් දියුණු වෙනවා දකින්නට අකැමැති නැහැ. ඔවුනගේ දියුණුවේ දී සතුටු වෙනවා. ඒ කල්‍යාණමිත්‍රත්වයේ ස්වභාවයයි. ඒ නිසා එබඳු කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ නමකගේ ඇසුර සෑම ජීවිතයකට ම අවශ්‍යයි.
සැදැහැවත් අය ස්වාමීන් වහන්සේ නමකගේ දැකීම පවා මංගල කාරණයක් හැටියටයි සලකන්නේ. සමණානං ච දස්සනං ඒතං මංගලමුත්තමං යනුවෙන් මංගල සූත්‍රයේ සඳහන් කර ඇත්තේ ද එයයි. සදහම් මග පෙන්වා දෙමින් තමන් ඇසුරු කරන අයට දෙලොව දියුණුව පිණිස පමණක් නොව ලෝකෝත්තර සැනැසිල්ල වන නිවන පිණිස ද මග පෙන්වා දෙන සිල්වත් ගුණවත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලා මනා ලෙස ඇසුරු කරන ගමනේ උන් වහන්සේලා රැක ගැනීමත්, නිසි වූ පරිදි ඇසුරු කිරීමත් දායකයන්ගේ වගකීමක්. එසේ නොමැති ව කෝක නම් වැද්දා සෙයින් ශ්‍රමණයන් වහන්සේලා දැකීම පවා අප්‍රසන්න කාර්යයක් හැටියට සලකා ගෙන ශාසනය කෙරෙහි කිසිදු ගෞරවයකුත් නැතිව ස්වාමීන් වහන්සේලාට දොස් නගමින්, කටයුතු කිරීම බොහෝ පව් පිරෙන ක්‍රියාවකි. එබැවින් කෝක වැදි න්‍යායට අනුව කටයුතු කරන්නේ නැතිව සසුන් මගෙහි පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලාට නිසි ගෞරවය සැලසෙන සේ උන් වහන්සේලා අබියස කටයුතු කරන්නට හැම දෙනා ම සිතට ගත යුතු වෙනවා.
(***)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආගම් ඇදහීම හා පිළිපැදීම