IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


ආගම දේශපාලන අතකොළුවක්ද?

“අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ගේ අතකොළු  විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි” යැයි කාදිනල් තුමා පැවසූ බව ලංකාදීප ඔන්ලයිනය විසින් වාර්තා කර තිබුණේ පසු ගිය ඉරිදා ය. මෙය කදිම ප්‍රකාශයකි. දේශපාලනය සහ ආගම අතර මධ්‍යකාලීන යුගයේ පැවති සම්බන්ධය සහ ගැටුමට වඩා දෙයක් ඒ තුළ අන්තර්ගත වේ යන්න මගේ අදහස ය. කාදිනල් තුමා පවසන්නේ පල්ලිය ඉහළයි කියා නොව උන් වහන්සේලා අනුගමනය කරන සහ සමාජගත කළ යුතු සාමයේ සහ විමුක්තියේ දර්ශනය වර්තමාන බල-දේශපාලනයට වඩා උසස් යැයි කියා ය. ආගමික භූමිකා දරන්නන් අතර පවතින මත භේද, නින්දා කිරීම්, තර්ජනය කිරීම්, සහ බැන වැදීම් මෙන්ම බල-දේශපාලනය සහ ආගමික පාර්ශව අතර පවතින යාළුමිත්‍රකම් මෙන්ම ප්‍රතිවිරෝධතා බහුල පසුබිමක කාදිනල් තුමාගේ ප්‍රකාශය සංවාදයට භාජන විය ම යුත්තකි

1894 දී “මුල් ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය” නම් වූ සිය රචනාව තුළ ප්‍රෙඩ්රික් එංගල්ස් දක්වන අදහසක් කාදිනල් තුමාගේ ප්‍රකාශයට අලංකාරිකයක් ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එංගල්ස් ට අනුව “මුල් ක්‍රිස්තියානි ආගමෙහි ඉතිහාසයට සහ නූතන කම්කරු පංති ව්‍යාපාරයට පොදු වැදගත් කරුණු රැසක් ඇත. නූතන කම්කරු පන්ති ව්‍යාපාරය මෙන් ම  ක්‍රිස්තු ලබ්ධිය ද මුල් වකවානුවේ පීඩිත ජනතාවගේ ව්‍යාපාරයක් විය. එය ප්‍රථමයෙන් ම, පෙනී සිටියේ වහලු‍න් සහ වහල් භාවයෙන් නිදහස් කරනු ලැබුවන්ගේ ද, සියලු‍ අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ දුප්පත් ජනයාගේ ද, එසේම රෝමය විසින් යටත් කරගනු ලැබූ සහ විසුරුවා හරිනු ලැබූ ජනතාවන්ගේ ද ආගම වශයෙනි. ක්‍රිස්තු ලබ්දිය සහ කම්කරු සමාජවාදය යන දෙකම වහල් බැමිවලින් හා දුක්ඛිත භාවයෙන් අනාගත ගැලවීම ගැන දේශනා කරයි”. එංගල්ස්ගේ එකී ප්‍රකාශය මත පදනම්ව බලනවිට ක්‍රිස්තියානියට පෙර ආරම්භ වූ ජෛන ආගම, බුද්ධාගම සහ තවත් බොහෝ ආගම් ද මානව විමුක්තිය, සාමය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, අල්පේච්ඡතා, ප්‍රේමය වැනි මූලධර්ම අනුව යමින් දුකට පත් ජනයා ඉන් ගලවා ගැනීමට මැදිහත්වූ උසස් විමුක්ති ඥාන දර්ශනය, වැඩපිළිවෙළය. 

කාදිනල් තුමා කියන පරිදිම එවැනි ආගමික විමුක්ති දර්ශන සහ ඒවා අනුව කටයුතු කිරීම ඕනෑම රටක වර්තමාන බල-දේශපාලනයට වඩා ඉහළ ය, උසස් ය, ශ්‍රේෂ්ඨය. මධ්‍ය කාලීන යුගයේ පැවතියේ උසස් ආගමික දර්ශනය සහ දේශපාලනය අතර නොව රජු සහ  පල්ලිය අතර ගැටුම් ය. ඒවා බොහෝවිට බිහිසුණු යුද ගැටුම් ය. පාප් තුමා ඇතුළු පූජක පිරිස රජුට වඩා උසස් ය යන්න පිරිසකගේ මතය විය. රජු අන් හැමටම වඩා බලවත් ය ශ්‍රේෂ්ඨය යන්න අනිත් පිරිසේ මතය විය. අධ්‍යාත්මික නායකයෝ ද ආයුධ අතැතිව ලෞකික අරමුණු ඉටුකර ගැනීම සඳහා සටන් මෙහෙය වූහ. ලෞකික පාලකයෝ ද ඊට එරෙහිව අවි අමෝරා සටන් බිමට වන්නාහ. සටන් වැදි සහ නො වැදි ලක්ෂ ගණනක් ජනයා සතුරන් සහ මිථ්‍යදෘෂ්ටිකයන් යන ලේබල් යටතේ ඝාතනය වූහ. අධ්‍යාත්මික ලෞකික බේදයකින් තොරව සියලු‍ දෙනාම ලෞකික බලය සහ සැපය සඳහා ම දීර්ඝකාලීන අරගලවල නිරත වූහ. බිහිසුණු ලෙස මනුෂ්‍ය ඝාතන සිදු කළේ ය. විමුක්තිකාමී සහ නූතනවාදී ඇසකින් බලන විට ඒ ගැටුම් වලදී නම් රජුගේ පාර්ශවය ගැනීම එදා ට අනුව ප්‍රගතිශීලී ය. එහෙත් වර්තමානයේ දී නම් කාදිනල් තුමා මතු කරන අදහසේ පාර්ශවය ගැනීම ප්‍රගතිශීලී ය. මන්ද, උන් වහන්සේ  පවසා ඇත්තේ එතුමන්ලාගේ ආගමික දර්ශනය දේශපාලන බලවේගවලට සහ නායකයන්ට වඩා ඉහළ හෝ උසස් බවය. එතනදී අපට වඩාත් ප්‍රගතිශීලී පාර්ශවය ලෙස පෙනෙන්නේ දේශපාලන පාර්ශවය නොව කාදිනල් තුමන්ලා පවසන දර්ශනය සහිත ආගමික පාර්ශවය ය.

ක්‍රිස්තියානිය මානව දයාව, ප්‍රේමය, සාමය, සහ මානව විමුක්තිය ප්‍රමුඛ ආගමකි. එය ප්‍රධාන ආගම බවට පත් වී ඇති ලෝකයේ ප්‍රබල රටවල් ඒ දහමට පිටු පා අති බිහිසුණු මානව විරෝධී දෑ සිදුකරන්නේ කවර හේතුවක් නිසා ද යන්න ට සොයාගත යුත්තේ පිළිතුරු පමණක් නොවේ ය. එවැනි මානව විරෝධී දෑ සිදු නොවන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ද සොයා සකසා ගත යුතු ය. මා ඉහත ඇසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයක් කලකට පෙර බුද්ධාගම සහ භික්ෂුන් වහන්සේලා අරබයා අසා තිබුණේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියා ය. ඔහු 1992 දී ප්‍රකාශයට පත්කළ සිය Buddhism Betrayed? Religion, Politics, and Violence in Sri Lanka (බුදුදහම පාවාදුන්නාද? ශ්‍රී ලංකාවේ ආගම, දේශපාලනය සහ ප්‍රචණ්ඩත්වය) කෘතිය මගින් ප්‍රශ්න කර ඇත්තේ සම්ප්‍රදායික අහිංසාවාදී දහමක් වන බුදු දහමේ අනුගාමිකයන් වන බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රචණ්ඩ දේශපාලනයට යොමු වන්නේ මන්ද යන්න ය. අප දෙදෙනාම අසන ප්‍රශ්න සමහරෙකු ගේ කේන්තිය අවුස්සන සුළු ය. එබැවින් කාදිනල් තුමාගේ ප්‍රකාශය මත පදනම්ව මෙම සටහන ඉදිරියට ගෙන යෑම වඩාත් සුදුසු යැයි සිතමි. තවත් කරුණක් නම් මහාචාර්ය තම්බයියා ඇසූ ප්‍රශ්නය සාධාරණ යැයි කියන අය මා අසන ප්‍රශ්නය අසාධාරණ යැයි කියන්නට ඉඩ තිබෙන බවය.

1940 දශකයේ මැද කාලයේ ලංකාවේ දක්ෂිණාංශික නායකයන් මතු කළ තර්කයක් විය. එනම් භික්ෂුන්ට දේශපාලනය අකැප ය යන්න ය. ඒ තර්කය රැඩිකල් සමාජවාදී භික්ෂුන් ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වූ බවට ප්‍රබල සාක්ෂියක් ලෙස කැලණියේ තොරණ හන්දියේ දී වල්පොල රාහුල හිමි ඇතුළු තරුණ භික්ෂුන්ට මැර ප්‍රහාර එල්ල වීම දැක්විය හැක. එවකට කැලණිය ආසනය හෙබවූයේ ජේ.ආර්. ජයවර්ධන ය. වල්පොල රාහුල හිමි විසින් 1946 දී “භික්ෂුවකගේ උරුමය” කෘතිය එළිදක්වන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසය. එය මෙරට භික්ෂු දේශපාලනය බල-දේශපාලනයට වඩා ඉහළය යන්න න්‍යාය ගතකළ කෘතියක් ලෙස දැක්විය හැක.

කාදිනල් තුමාගේ ප්‍රකාශය උසස් එකක් වුවත් මේ වනවිට ක්‍රිස්තියානි ආගම, බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම ඇතුළු බොහෝ ආගමික සංස්ථා බල-දේශපාලනයේ උපකාරක නැතහොත් සහායක බලවේග බවට පත්ව තිබීම ප්‍රායෝගික තත්ත්වයකි. ඒ අනුව ආගම් මානව විමුක්තිය සඳහා නොව පාලක ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වන අකාරය පිළිබඳ දැක්විය හැකි උදාහරණ බොහෝය.  පාලන තන්ත්‍රවලින් අනුග්‍රහ ලබමින්, ඒ තන්ත්‍ර අර්ථයෙන් ධර්මයෙන් දෙන අවවාද අනුශාසනා පිළිපදිමින් කටයුතු කරන ආගමික පාර්ශව ලොව බොහෝ රටවල දකින්නට පුළුවන. ගැටලුව වන්නේ වඩා ශ්‍රේෂ්ඨ සහ උසස් විමුක්තිකාමී ආගමික දර්ශන සහ වැඩපිළිවෙළවල්වල අනුගාමිකයන්, සහ නායකයන් බවට පත්විය යුත්තන් සහ දේවල් බල-දේශපාලනයේ සහයක සහ යටහත් මෙවලම් බවට පත් වූයේ මන්ද යන්නය. එසේම එම යටහත්පහත් කම රටවල්වල පීඩිත ජනයාගේ ගැටලු‍වලට පිළිතුරු ලබා දීමේ වුවමනාව පාලකයන් වෙතින් පහව යන්න ට හේතු වූවා ද යන්නය. ඊට අනුබද්ධව ඇසිය යුතු අනෙක් ප්‍රශ්නය වන්නේ ආගම සහ බල-දේශපාලනය අතර ඇති මේ සේවාදායක-අනුග්‍රාහක සම්බන්ධය පිළිබඳ විධිමත්, නිදහස්, සහ දාර්ශනික ආගමික සංවාදයක් සමාජය තුළ නැත්තේ ඇයිද යන්න ය. එසේම වර්තමානය වනවිට ආගමික නායකයන්ගේ සහ ප්‍රකාශකයන්ගේ හඬට ඇහුම්කන් නොදෙන සමාජ තත්ත්වයක් වර්ධනය වී තිබීම විමුක්තිකාමී ආගමික දර්ශනයන්හි පැවැත්මට අහිතකර ආකාරයෙන් බලපාන්නේද යන්න ද විමසුමට ලක්විය යුත්තකි. 

ඒ අනුව කාදිනල් තුමා ගේ ප්‍රකාශය මාධ්‍ය කටගැස්මක් ලෙස නොව ඉහත කී ආකාරයේ පුළුල් සහ ගැඹුරු සංවාදයක් හෝ සම්භාෂණයක් සඳහා වූ නිමිත්තක් කරගත යුතු ය. එහි දී කාදිනල් තුමා ගේ ප්‍රකාශය, එනම් “අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ගේ අතකොළු  වියයුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි” යන්න සමාජ භාවිතාවක් බවට පත්කිරීමේ වගකීම සියලු‍ හරයාත්මක ආගමික නායකයන්ගේ වගකීමක් ය. සියලු‍ ආගම්වලට ඉහළින් ‘බල-ආගම, ධන-ආගම, සහ වෙළඳ-ආගම බලවත්ව වැජඹෙන පසුබිමක ඒ වගකීම ඉටු කිරීම හෝ ඊට මැදිහත් වීම පහසු නැත. ජය ගත යුතු අභියෝගය එය ය. එය ජයගත හොත් දේශපාලන බලය ආගමට ගැනීම නොව දේශපාලනයට විමුක්තිකාමී ආගමික දර්ශනය ගුරුකොට ගැනීම ට ඉගැන්වීම කළහැකි වනු ඇත. එනම් ආගමික නායකයන් දේශපාලන බලය අභ්‍යාස කිරීම නොව දේශපාලනය පොදු ජනතාවගේ විමුක්තිය සඳහා වන  මාර්ගයක් බවට පත් කිරීමට හැකිවනු ඇත. ඇතැම් විට මා  මේ මතුකරන අදහස ‘දුකට කියන කවි’ ලෙස කෙනකුට නම් කරන්නට සිතුනොත් එහි ද ඒ හැටි වැරැද්දක් නැත.

(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,
ධම්ම දිසානායක

 



අදහස් (3)

ආගම දේශපාලන අතකොළුවක්ද?

AB Saturday, 18 December 2021 12:45 AM

“අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ගේ අතකොළු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි” ලෝකයේ කිසිඳු රටක දේශපාලකයන් ,පුජ්‍ය පක්ෂය සමග හෝ පුජ්‍ය පක්ෂය දේශපාලකයන් පසුපස යාම නවත්වමු

:       3       6

Jude Saturday, 18 December 2021 07:57 AM

තමන්ගේ ආගම උලුප්පලා බුද්ධාගමට හීනියට පහර ගහලා. දැන් කොතනත් වෙන්නෙ ඕක තමයි. හැමෝම විචාර කරන්නෙ බුද්ධාගම. හොඳටම දන්නවනෙ මිනිස්සු අවි අරන් එන්නෙ නෑ කියල. ඔය කාටවත් වෙන අය මිනී මරන ඒවා විවේචනය කරන්න තරම් කොන්දක් නෑ. හැමෝම තැලෙන යකඩෙ උඩ පැන පැන තලනව.

:       6       20

Jagath Sunday, 19 December 2021 07:53 PM

ඇතැම් අය දේශපාලන අතකොළු වෙනකොට බුද්ධාගමට හීනියට නොවෙයි හොඳටම පහර වදිනවා. ඉස්සෙල්ලාම ගලබොඩලා වගේ අයව හොඳ බෞද්ධයින් කරන්න ඕනෑ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 700 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 972 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 210 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 151 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 714 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 148 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 317 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 863 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 806 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site