ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ප‍්‍රකාශයට පත් කර ඇත. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් කලකිරීමෙන් සිටින බවද කියති. ඒ කලකිරුණු ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉකුත් සිකුරාදා එළියට ගියහ. ඔවුන්ගේ කලකිරීමට හේතු කවරේද මේ ඒ පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි.
"මෛත‍්‍රීපාල සිරිසේන වැනි ප‍්‍රබල චරිතයක් මෙවැනි ප‍්‍රබල තීරණයක් ගැනීමෙන් විපක්ෂයේ පරණ නායකත්වය පසුකරමින් නව දේශපාලන සාධකයක් රටේ මතුවීමට ඉඩකඩ තිබේග එය අලූත් විචල්‍යයක් නැතිනම් තීරණාත්මක විචල්‍යයක් වනු ඇතග මේ සියල්ල නිශ්චය වන්නේ ජනාධිපතිවරයා විසින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා අගමැතිධූරයට පත් කරන්නේ ද නැද්ද යන්න මතයග අද වඩාත්ම භයානක දේ වන්නේ විපක්ෂයේ නොව දිගටම ආණ්ඩු බලයේ රැුඳීමේ රජ පවුල්වාදයක් තිබීමයග මේ තත්ත්වය ඇතුළත රාජපක්ෂ පවුලට අයත් නොවන කිසිම ශී‍්‍රලනි පාක්ෂිකයකු අගමැතිධූරයට හෝ වෙනත් තනතුරකට පත් වී කවදා හෝ ජනාධිපති විය හැකි තත්ත්වයක් උදාවන්නට නොහැකි ආකාරයට පිටිය නිර්මාණය කරමින් තිබෙන බව පෙනේග" |
ශි‍්‍රලනිප මහ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රධාන කණ්ඩායමක් ඉකුත් සිකුරාදා ආණ්ඩුවෙන් ඉවතට ගියහ. මේ සමග කලකිරුණු මන්තී‍්‍රවරුන් විශාල පිරිසක් සිටින බවද කියති. අප සොයා බැලිය යුත්තේ ඒ කලකිරීමට හේතු කවරේද යන්න සහ එවැනි පක්ෂ මාරුවක් සිදුවේද එවැන්නක් සිදු වුවහොත් ඇයි එසේ සිදුවන්නේ යන්නය.
මේ කලකිරීමට බලපෑ හේතුව සරල එකකි. ජනාධිපතිවරයා ගැන කලකිරීමක් ශී‍්‍රලනිපය ඇතුළේ ඇතැයි මම නොසිතමි. එතුමාගේ ගති පැවැතුම් සහ උණුසුම් මිත‍්‍රශීලීභාවයත් ගැන ශී‍්‍රලනිපයෙ මැති ඇමැතිවරුන් අතර හොඳ මතයක් තිබේ. එහෙත් සමස්තයක් වශයෙන් ගත්කල සෑහෙන කලකිරීමක් ඇති වෙමින් තිබේ. ඊට බලපෑ හේතුව ජනාධිපතිවරයා නොව ඔහුගේ ජනපි‍්‍රයත්වය භාවිත කරමින් පශ්චාත් යුද සමයේ විශේෂයෙන්ම ගොඩනැගුණු රජ පවුල්වාදයයි. ඒ වනාහි එකම පවුලට අයත් පුද්ගලයන් රාජ්‍ය බලයේ අනිසි කොටසක් නැතිනම් ප‍්‍රතිශතයක් හොබවමින් තනතුරු හෙබවීමත් සංවර්ධන අරමුදල් සහ ආයෝජන අවස්ථා තීන්දු කිරීමේදී හා ලබාගැනීමේදී වැඩි ප‍්‍රතිශතයක් අයත් කරගෙන සිටීමත්ය.
මෙවැනි තත්ත්වයක් ලංකා දේශපාලනයේ දෙවතාවක් දක්නට ලැබිණි. නමුත් වඩාත්ම දරුණු ආකාරයට පවුල්වාදය ඇතිවී තිබෙන්නේ මෑත කාලීනවය. මුල් කාලයේදී සේනානායක පවුල එජාපය අයත් කරගෙන සිටි බවක් දක්නට ලැබිණි. එයට විරුද්ධව බණ්ඩාරනායක මහතා එජාපයෙන් වෙන්ව ගියේය. දෙවැනි අවස්ථාව ඇතිවුණේ ශී‍්‍රලනිප පාලන කාලයේදීය. එහිදී බණ්ඩාරනායක, රත්වත්තේ, ඔබේසේකර යන පවුල් කණ්ඩායම ශී‍්‍රලනිපයේ ආධිපත්‍ය දැරූහ. එහි ප‍්‍රතිඵලය වූයේ සමගි පෙරමුණු ආණ්ඩුව ඇතුළේ ගැටුම් ඇතිවීමය. බණ්ඩාරනායක පවුල්වාදයේ අවසන් ප‍්‍රතිඵලය වූයේ ශී‍්‍රලනිපය ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත් එජාපය පෙර නොවූවිරූ ආකාරයට ජනතා සහයෝගය ලබාගෙන 1977 ජන්දය ජයග‍්‍රහණය කිරීමත්ය.
දැන් තුන්වැනි පවුල්වාදයේ තුන්වැනි ජවනිකාව දක්නට ලැබේ. එනම් රාජපක්ෂ රජ පවුල් වාදයයි. වඩාත් දරුණු ආකාරයට රාජ්‍ය බලය හෙබවීමේදී සහ සම්පත් පාලනයේදී එක පවුලකට ආධිපත්‍ය හිමිවී තිබේ. බණ්ඩාරනායක පවුල්වාදයේ සහ රාජපක්ෂ රජ පවුල් වාදයේ ඇති වෙනස බණ්ඩාරනායක පවුල අනුගාමී වශයෙන් ඔවුන් උත්සාහ කළේ රාජ්‍ය බලය ශී‍්‍රලනිපයට සදහටම අයත් කරගෙන සිටීමය.
අද වඩාත්ම භයානක දේ වන්නේ විපක්ෂයේ නොව දිගටම ආණ්ඩු බලයේ රැුඳීමේ රජ පවුල්වාදයක් තිබීමය. මේ තත්ත්වය ඇතුළත රාජපක්ෂ පවුලට අයත් නොවන කිසිම ශී‍්‍රලනි පාක්ෂිකයකු අගමැතිධූරයට හෝ වෙනත් තනතුරකට පත් වී කවදා හෝ ජනාධිපති විය හැකි තත්ත්වයක් උදාවන්නට නොහැකි ආකාරයට පිටිය නිර්මාණය කරමින් තිබෙන බව පෙනේ.
දිමු ජයරත්න මහතා තවදුරටත් අගමැති ලෙස ඉන්නේ හුදෙක් සංක‍්‍රාන්තික මුරකරුවකුගේ කාර්යය රඟ පෑමටය.
ශී‍්‍රලනිපයේ ජ්‍යෙෂ්ඨයන් අතර විශාල නොසන්සුන්තාවක් තිබෙන බව නම් පැහැදිලිය. ඇමැතිකම් බෙදීයාමේදී වුවමනාවෙන්ම සිදුකර ඇත්තේ තමුන්ගේ බල ප‍්‍රදේශයේ ජනතාවට සැබෑ වැඩ කොටසක් කළ නොහැකි ආකාරයට කටයුතු කිරීමය. හේතුව ඇමැතිකම්වල ඇත්තේ පතුරු සහ පලූ පමණි. හොඳම කොටස ලබා දී ඇත්තේ රාජපක්ෂ පවුලට අයත් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පමණි. ඉතින් ඇමැතිකමක් ලබා හෝ ජාතික දේශපාලනයේ ඉහළට නැගීමට බැරි තත්ත්වයක් ඇතුළත ශී‍්‍රලනිපයේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් නොසන්සුන්තාවට පත්වීම පුදුමයට හේතුවක් නොවේ. මෙම ආකෘතිය දිගු කල් පැවැතිය නොහැකිය. හේතුව පවුලක් විසින් බලයේ සහ ධනයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබතියි ඕනෑම සමාජයක් සිතන්නට හෝ ප‍්‍රත්‍යක්ෂ කරගතහොත් ඒ සියලූ දෙනාම සිතින් සහ හදවතින් ඉවත් වීමට පටන් ගනිති.
අසහනයට පත් ඇමැතිවරුන්ගේ එම අසහනය සමනය කරන්නට ආණ්ඩුව කටයුතු නොකළහොත් ඇතිවිය හැකි තත්ත්වය කෙසේ විය හැකිද යන්න සම්බන්ධයෙන් මට දිය හැකි පිළිතුර වන්නේ එම අසහනයට පත් ඇමැතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් රටේ දේශපාලනය ගැන කරන තක්සේරුව අනුවය. එජාපයේ් නිශ්චිත නායකත්වයක් සහ අපේක්ෂකත්වයක් නොපවතින තාක්කල් ශී‍්‍රලනිපයේ අසහනයට පත් දේශපාලනඥයන් සිතා සිටිනු ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පහසුවෙන් ජන්දය දිනන බවය. නැතිනම් ජනාධිපතිවරයා සහ ප‍්‍රධාන විපක්ෂ අපේක්ෂකයා අතර පරතරය ඉතා විශාල බවත් තමුන් ශී‍්‍රලනිපයෙන් කැඞී වෙන් වුවහොත් එය තවතවත් අපහසු බවත්ය. එම අසහනය කෙසේ වෙතත් තමන්ගේ ඇත්ත දේශපාලන ජීවිතය ගැන දෙතුන් වතාවක් සිතන්නට ඔවුන්ට සිදුවනු ඇත. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන වැනි ප‍්‍රබල චරිතයක් මෙවැනි ප‍්‍රබල තීරණයක් ගැනීමෙන් විපක්ෂයේ පරණ නායකත්වය පසුකරමින් නව දේශපාලන සාධකයක් රටේ මතුවීමට ඉඩකඩ තිබේ. එය අලූත් විචල්‍යයක් නැතිනම් තීරණාත්මක විචල්‍යයක් වනු ඇත.
ක‍්‍රිස් නෝනිස් වැනි උගත් පුද්ගලයකුට අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයකු කළ පහරදීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධියක් විය.
අවසානයේ ක‍්‍රිස් නෝනිස් මහතා මහ කොමසාරිස් ධුරයෙන්ද ඉවත්විය. එම සිද්ධියට අදාළව ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන්නට විදේශ අමාත්‍යංශයට නොහැකිවීනම් මේ රටේ පුරවැසියන්ට පොදුවේ අත්වන තත්ත්වය කුමක්ද කියා සිතාගත නොහැකිය.
මෙම සිද්ධිය ආණ්ඩුව අභ්‍යන්තරයේ වර්තමානයේ ඇතිව තිබෙන අර්බුදයට අනියම් වශයෙන් හේතුවූ එක් සුළු සාධකයක් විය.
ඉන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රජයේ සැබෑ තත්ත්වය කුමක්ද කියා සැබෑ බල තුලනය කුමක්ද කියා සක්සුදක් සේ පැහැදිලි විය. සජින් වාස් වැනි පුද්ගලයකුට තිබූ වරප‍්‍රසාද සහ ආරක්‍ෂාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට නොතිබූ බවද පැහැදිලි විය.
එවැනි පුද්ගලයන් ඉහළට යන පාලනයක් තුළ තමන්ගේ සේවයට සිදුවන්නේ කුමක්ද කියා ශ්‍රී.ල.නි.පයේ මැති ඇමැතිවරු සිතන්නට පටන් ගත්හ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අද දේශපාලන අභියෝගයක් මතුවී තිබුණත් එතුමා ඉතිරි ජනාධිපතිවරණ ඡුන්දයෙන් දිනන්නටද පුළුවන. නමුත් මේ දේශපාලන අභියෝගය නිසා ජනපතිගේ මතවාදී ආදිපත්‍යයය නැවත සුවකළ නොහැකි ආකාරයට තුවාලවීමක් සිදුවිය හැකිය. එය මහින්ද රාජපක්‍ෂ කෙරෙහි තැබෙන ද්වේශයක් නිසා ඇතිවන්නක් නොවේ.
ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන්ට ඔවුන් සමඟ ප‍්‍රශ්නයක් නැත. ප‍්‍රශ්නය තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ වෙස්මුහුණක් ලෙස පලිහක් ලෙස භාවිතකරමින් ඔහු පිටුපස ඉදිවී තිබෙන රජ පවුල්වාදී බලඒකාධිකාරයයි.
අද එක් පැත්තකින් එක් පවුලක් කේන්ද්‍රීය වූ බල අධිකාරියක් තිබේ. අනිත් අතින් ඡුන්දයෙන් තෝරාගත් ආණ්ඩුවවක් තිබේ. මේ දෙක අතර පරස්පරයක් මතුව තිබේ. මේ තත්ත්වය තුළ මෛත‍්‍රී ගැන කතිකාව මතුවී තිබේ. යුද්ධයෙන් පසුව තම පවුලට රජ පවුල්වාදයක් ලෙසට මතුවන්නට ඉඩ නොදුන්නේ නම් අද ජනපතිට සැබෑ තරඟයකට මුහුණදීමට සිදුවන්නේ නැත.
අද ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන්ට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ තමුන්ට කවදාවත් නායකත්වයක් වන්න ඉඩ හසර නැති බවය. මෙවැනි බල ව්‍යුහයක් ඇතිවූ විට එහි ගතිකයන්ට එරෙහිව ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයක කැරලි ඇතිවේ. මේ කැරැල්ල කොතරම් සාර්ථක වෙයිද කීමට දැනට අපහසුය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කලකිරුණේ ඇයි?
චාමික Monday, 24 November 2014 09:58 AM
ඔව් දයාන්, ක‍්‍රිස් නෝනිස් වැනි උගත් පුද්ගලයකුට අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයකු කළ පහරදීමේ සිද්ධියට අදාළව ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන්නට විදේශ අමාත්‍යංශයට නොහැකිවී නම්, මේ රටේ පුරවැසියන්ට පොදුවේ අත්වන තත්ත්වය කුමක්ද කියා සිතාගත නොහැකියි. (නදී)
පවිදු Monday, 24 November 2014 10:45 AM
මේ පොදු අපේක්ෂකගේ කට්ටියට ඕනි රට හදන්නද නැත්තම් තමන් හැදෙන්නද? හැමෝම කියන්නේ අරක දුන්නේ නැහැ, මේක දුන්නේ නැහැ කියලා. ජනතාව වෙනුවෙන් කතා කරන කෙනෙක් නැහැ.. (හේ)
ධම්ම Tuesday, 25 November 2014 05:30 AM
කැළණියේ දේශපාලඥයෙකු විසින් කරන ලද විගඩම් වැඩ නිසා ද ජනතාව තුල රජය කෙරේ අප්‍රසාදයක් ඇතිවිය. නමුත් ඔහු සුරතල් කරමින් ඔඩොක්කුවේ තබා ගත්තා විනා සුළුවෙන් හෝ අවවාදයක්වත් දුන්නේ නැත. (නදී)