දෝෂාභියෝගය හරහා දැන් ආණ්ඩුව පඹගාලක පැටලී රට මෙන්ම ජාත්‍යන්තරය තුළත් හිරවීමකට ලක්ව තිබේ. බලය යොදා අගවිනිසුරුවරිය ඉවත් කර ආණ්ඩුව ගැටලූව තවත් උග‍්‍ර කරගන්නවාද? පසුපසට අඩියක් තබා සමථයකට පත් කරගන්නවාද? රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතාගේ මතවාදයයි මේ.
ප‍්‍රශ්නය - 2013 ලැබූ නව වසර තුළ වත් ජනතාව අද විඳින අධික ජීවන බරින්, විරැකියාවෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, නීතියේ ස්වාධීන බව භුක්ති විඳීමට අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව සූදානම්ද? යුද්ධ කාලේ ජනතා ගැටලූ යුද්ධයෙන් වසා දැමූ ආණ්ඩුව යුද්ධය නිම නිසා දැන් නිදහස් පරිසරය රට තුළ ඇති කළ යුතුයි නේද?
පිළිතුර - ලැබූ 2013 නව වසරේ සාමය හා සෞභාග්‍යය උදාවේවායි පතනවා. ප‍්‍රාර්ථනා කළාටම සිදුවෙන්නේ නැහැ. සියලූ පාර්ශව ඒ වෙනුවෙන් කැපවෙල ක‍්‍රියා කළ යුතු වෙනවා. තම වගකීම් ඉටු නොකර අනුන්ගේ වගකීම් ඉටුවීම ගැන පමණක් බලා සිටීම සාධාරණ නැහැ. ජනතා අභිලාෂයන් ඉටු කිරීම තමයි ආණ්ඩුවේ ඉලක්කය වෙන්නේ. රට සංවර්ධනය කරන්න නම්, අපි ස්වයං පෝෂිත වන්නට නම් නිෂ්පාදනය වැඩි කරලා ජනතාවගේ ජීවන බර අඩු කරලා ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍යයි. ඒත් මේක පැය 24න් කරන්න අමාරුයි. වසර 30ක යුද්ධය නිමවෙලා වසර 03යි ගත වුණේ. සංවර්ධනය තුළිනුයි ජන ජීවිතය නගා සිටුවන්න වෙන්නේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්. ඞී. ජේ. සෙනෙවිරත්න |
අපි සංවර්ධන ක‍්‍රියාවලියට අත ගහලයි තියෙන්නෙ. කිසි කෙනකුට කියන්න බැහැ අපි යෝධ සංවර්ධනයකට අත ගහලා නැහැ කියලා. ආණ්ඩුව කළ ඒ සංවර්ධන ක‍්‍රියාවලිය ඉතා සාර්ථකයි. රටේ හැම පළාතකම යටිතල පහසුකම් දියුණුවෙලා තියෙන්නේ. දියුණු රටක පසුබිමක් අද තියෙන්නේ. ගම්වල දියුණුව කැපී පෙනෙනවා. මම රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනතාව නියෝජනය කරන නියෝජිතයෙක්. කුඩා තේවතු හිමියෝ අපේ දිසාවේ ඉන්නවා. මෑතක් වනතුරු තේ දළු කිලෝවකට ලැබුණෙ රු: 50යි. අද රු: 60-65 වගේ ඉහළ මිලක් ලැබෙනවා. ජනතාවට කියන තරම් අමාරු නැහැ. ජීවන බර ඉහළයි. සමහරුන්ට ආදායම් මදියි. ඒත් බහුතරයකට එහෙම නැහැ. හුඟ දෙනෙක් තමන්ට ලැබෙන දේ අඩු මුදලටත් තමා විකුණන දේ වැඩි මිලටත් දීමේ අසාධාරණ ආර්ථික රටාවකටයි කැමති. එහෙම බැහැ. රත්නපුර දිසාවේ මැණික් ගරන හා වෙළෙඳාම් කරන ලක්ෂ 02ක් විතර ඉන්නවා. අද නිල් මැණික් ක්රාත් එකක් රු දශ ලක්ෂයයි. යථාර්ථය ඒකයි. ජනතා ආදායම් හා රටේ ආර්ථිකයේ පරිවර්තනයක් වේගෙන යනවා. රටේ නිෂ්පාදනය අනුවයි මිලත් ඉහළ පහළ යන්නේ. ළඟදී ගංවතුර ආවා. එළවළු, අල, ලූනු මිල ඉහළ යන්න ඒක හේතුවක්. මීට කලිනුත් එළවළු මිල වැඩි වුණා. ඒත් පහළ ගියා. ඒක ස්වභාවයයි.
ප‍්‍රශ්නය - ඔබ ඇතුළු ආණ්ඩුව ජනතාව ෂේප් කර ගැනීමට විවිධ විග‍්‍රහ එළිදක්වතත් යථාර්ථය ඊට වෙනස් නැද්ද? රටේ සියයට එකක සුපිරි පන්තියට ගැටලූවක් නැහැ. පහළම ස්ථාවරයටත් අපේක්ෂා හා අවශ්‍යතා අඩුයි. ඒත් හැමදාම මෙන්ම මේ ආණ්ඩුව යටතේත් තැලී පොඩි වෙන මේ රටේ අති බහුතරයක් වූ මධ්‍යම පාන්තික ජනතාව ඔබ අමතක කරන්නේ ඇයි?
පිළිතුර - ඒ ප‍්‍රශ්නය ඉතා වැදගත්. එදා ඉඳලාම මධ්‍යම පන්තියයි තැලෙන්නේ. ඔවුන්ගේ අපේක්ෂාවල තරමට ආදායම නැහැ. ආර්ථිකය ශක්තිමත් නැහැ. ආණ්ඩුවකට ඔවුන් ගැන බලන්න වෙන්නේ ඒ පදනම තුළයි. ආණ්ඩුව ගන්නා බොහෝ තීන්දු තීරණ මධ්‍යම හා පහළම පන්ති ගැන හිතලයි ගන්නේ. අය වැයේ පවා අන්තර්ගත වුණේ ඒ පදනමයි. අයවැයෙන් සහන රැුසක් ලැබුණේ ඒ අය ඉලක්ක කරලයි. පොහොර සහනාධාරය දිගටම දෙනවා. වී කිලෝවක සහතික මිල රු: 28 සිට 32 දක්වා ඉහළ දැම්මා. රජයේ සේවකයන්ට රු: 1500ක් පඩි වැඩි කළා. 750 බැගින් දෙවරකට දෙනවා. විශ‍්‍රාමික අයටත් රු: 500ක පඩි වැඩි කළා.
ප‍්‍රශ්නය - ආණ්ඩුව පැත්තෙන් මොන විග‍්‍රහ එළිදුටුවත් අද රට තුළ පවතින අධික ජීවන බරට සාපේක්‍ෂව සොච්චම් සහන ප‍්‍රමාණවත් නැති බව කාගේත් අදහසයි. ආණ්ඩුව යටිතල නංවන බව පෙනුනත් ඒ සියල්ල කරන්නේ වාණිජ බැංකුවලින් අධික පොලියට ණය අරන්නේ ද? රටේ ආදායම රු: කෝටි එක්ලක්ෂ විසිහය දාහයි. ණය හා පොලී ගෙවන්නම කෝටි එක්ලක්ෂ විසිදාහක් යනවා. ණය වලින් දුවන රටක් හා ලබන සංවර්ධනය අවදානම් නැද්ද?
පිළිතුර - අපි වගේ රටවල්වලට ණය නොගෙන යන්න බැහැ. ණය නිවැරැුදිව හා ප‍්‍රතිලාභ ලැබෙන ලෙස යෙදවීමයි වැදගත් වෙන්නේ. යටිතලවලට වගේම නිෂ්පාදනය ඉහළ දාන ක්‍ෂේත‍්‍ර වලත් ආයෝජනය කරන්න අවධානය දක්වනවා නම් වැදගත් බව විශේෂඥ මතයයි. එ.ජා.ප. ආණ්ඩු කාලෙත් ණය අරන් තමයි මහවැලිය වගේ දේවල් හැදුවේ. ඒවා රටට විදුලිය හා කෘෂිකර්මය පැත්තෙන් ඉතා වැදගත් වෙනවා. එ.ජා.ප.ය ගත්ත ඒ ණය සමහර ඒවා ගෙවල ඉවරයි. සමහර ඒවා තාම ගෙවනවා. ආණ්ඩුවකට රටක් සංවර්ධනය නොකර ඉන්න බැහැ. ඒ රට දුප්පත් නම් ණය අරන් තමයි වැඩ කරන්න වෙන්නේ.
ප‍්‍රශ්නය - එදා ඒක පුද්ගල ණය බර ලක්ෂයකට අඩුවෙන් තිබියදී තමුන්නාන්සේලා රටයි ජනතාවයි උගස් කරන බවට චෝදනා කළත් අද ඒක පුද්ගල ණය බර රු: තුන්ලක්ෂ හතළිස් නවදාහයි නේද? තවත් භයානක වන්නේ එසේ ලබාගන්නා ණය වලින් 30%ක් විශාල ප‍්‍රමාණයක් ගසා කෑමට ලක්වීමයි?
පිළිතුර - ජනතා මුදල් ගසා කෑමකට ලක් වේ නම් ඒක රටක් ලෙස නරක තත්ත්වයක්. ඒත් ලෝක බැංකු වාර්තා අනුව අප‍්‍රිකානු රටවලට ලබා දෙන ණය වලින් 80%ක් ඒ දේශපාලකයෝ ගසා කනවා. ඒ රටවල බැරෑරුම්ම ප‍්‍රශ්නය එයයි. සාපේක්ෂව අපේ රටේ තත්ත්වය පිරිහිලා නැහැ. අපේ රට ලබාගන්නා ණය වලින් 30%ක් ගසා කනවා හෝ නාස්ති කරනවා කිව්වත් කවුරුත් පිළිගත යුතු දෙයක් තියෙනවා. එනම් ඒ ණය වලින් අති බහුතරයක් මුදල් රටේ සංවර්ධනයට යෙදවෙනවා. ඒක බැලූ බැල්මට පේනවා. අධිවේගී මාර්ග, වරායවල්, බලාගාර, පාලම්, මහා මාර්ග අපේ ඇස්පනාපිට දකින්න ලැබෙනවා.
ප‍්‍රශ්නය - ඒත් ඇතැම් ණය කන්දරාවල් අසාර්ථක ව්‍යාපෘතිවලටත් යොදවා තිබීම ජනතාව උගස් කිරීමක් නොවෙයිද? හම්බන්තොට වරායට නැව් එනවාද? නොරොච්චෝලේ විදුලි බලාගාරය මාසයකට වරක් කැඩෙනවා නේද?
පිළිතුර - හම්බන්තොට වරායේ ගලක් කියලා ආණ්ඩුවට ගහන්න මුලින් කිව්වා. දැන් කියනවා නැව් එන්නේ නැහැ කියලා. ඒ වරායට නැව් එනවා. අපේ රත්නපුර දිසාව හරහා අලූත් වාහන පටවාගත් ලොකු වාහන කීයක් දවසකට කොළඹට එනවාද? ඒ හම්බන්තොට වරායට එන නැව්වලින් බාන වාහනයි. විපක්ෂය මොනවා කිව්වත් අද රටේ දියුණුවක් තිබෙනවා. නොරොච්චෝලෙත් මුලදී ප‍්‍රශ්න ඇති වුණත් මින් පසුව එවැනි තත්ත්වයක් ඇති නොවේවි කියලා අපි හිතනවා.
2013ට අදාළව කතා කරනවා නම් හොඳ හා විශිෂ්ට පරිපාලනයක් රටට ලබා දීමට අපේ අමාත්‍යාංශය හරහා ක‍්‍රියා කරනවා. පරිපාලනය තුළ අද නිලධාරි හෝ කම්කරු හෝ අවශ්‍ය උපකරණවල හෝ ප‍්‍රවාහනයේ හා භෞතික සම්පත්වල හිඟයක් නැහැ. පසුගිය වසර තුන තුළ සියල්ල සම්පූර්ණ කළා. උතුරු නැගෙනහිර සිවිල් පරිපාලනයට අවශ්‍ය සියලූ දේ ලබා දී තිබෙනවා. පුහුණු අය තුළින් විධිමත් කාර්යක්ෂම සේවයක් අපේ අමාත්‍යාංශය තුළින් ලබාදෙනවා. අපේ අමාත්‍යාංශය පැත්තෙන් වගේම අනිත් හැම ක්ෂේත‍්‍රයක් හරහාම විධිමත් සේවයක් රටට ජනතාවට ලබා දීම 2013 දී සිදුවේවි පවතින සුළු වැරැදි හා අතපසුවීම් නිවැරදි කරගන්නත් බලාපොරොත්තු වෙනවා.
ප‍්‍රශ්නය - ඔබ ආණ්ඩුව තුළ සිටින ජ්‍යෙෂ්ඨ මහත්මා දේශපාලකයෙක් ලෙසත් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ලෙසත් ප‍්‍රකටයි. අග‍්‍රවිනිශ්චයකාරතුමියට එරෙහිව ගහෙන් ගෙඩි එනවා මෙන් පැමිණි දෝෂාභියෝගයේ ගලායාම හා එම පරීක්ෂණය ඉතා අසාධාරණ හා අසෝබන ලෙස සිදුවූ බවට රට මෙන්ම ලොව පුරාත් පවතින මතය ආණ්ඩුවට ඉතා අහිතකර නැද්ද?
පිළිතුර - හැම කාරණයකම දෙපැත්තක් තියෙනවා. දෝෂාභියෝගය ඇවිත් තියෙන්නේ මේ රටේ නීතිය පසිඳලීමේ යාන්ත‍්‍රණයේ ඉහළම තනතුර දරන අග‍්‍රවිනිශ්චයකාරතුමියට එරෙහිවයි. ඒ තනතුර දරන කෙනාට ඉතා ආදර්ශමත් ඉතා අපක්ෂපාතී ඉතා ප‍්‍රබුද්ධ ඉහළ මට්ටමක් තිබිය යුතුයි. ඒත් අද එළි වී ඇති කරුණු අනුව අග‍්‍රවිනිශ්චයකාර ධුරයට සරිලන ලෙස එතුමිය ක‍්‍රියා කොට තිබේද යන ප‍්‍රශ්නය පැනනගිනවා. තම තනතුර අන් අයගේ අවශ්‍යතා ඉටු කිරීමට ලාබ විදියට ලබාදීමේ වැඩපිළිවෙළක් සිදු වී තිබෙන බවට තහවුරු වී තිබෙනවා. එවැනි කෙනෙක් මේ ධුරයේ තබා ගැනීම නුසුදුසු බවයි ආණ්ඩුව හිතන්නේ.
ඒ නිසා මේ කාරණාවේදී ආණ්ඩුවක් ලෙස අපට වෙනත් පියවරක් ගන්න අපහසුයි. පවතින අර්බුදකාරී පසුබිම අවසන් කරන්නට පියවර ගත යුතුව තිබෙනවා.
මේ ප‍්‍රශ්නය හරහා දේශපාලන හා වෙනත් හේතු මත ආණ්ඩුවට පහර ගහන පිරිසකුත් ඉන්නවා. එතුමිය සිදු කළ දේවල් වැහෙන විදියට වෙනත් කරුණු ඉස්මතු කරලා වැරදිකරුවන් බේරලා ආණ්ඩුවට චෝදනා කිරීමයි කරන්නේ. දේශපාලන ලෙස ආණ්ඩුවට පහර දීලා දේශපාලන වාසි ගන්නයි හදන්නේ. ආණ්ඩු විරෝධී පක්ෂවල නීතිඥයෝ ඇතුළු සියලූදෙනා අද ඉන්නේ එතුමිය වටේයි. ඇය ආරක්ෂා කරගෙන මේ අය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ආණ්ඩුවේ ඉලක්ක පරාජය කරලා ආණ්ඩුව අපහසුතාවට හා අර්බුදයට යවන්නයි.
ප‍්‍රශ්නය - ආණ්ඩුවට එරෙහි නීතිඥයන් පමණක් නොව ආණ්ඩුවට පක්ෂ නීතිඥයනුත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අද පෙනී සිටින බව පෙනී යනවා. ඇයට චෝදනා තිබේ නම් ඒවා සාධාරණ ලෙස විභාග කළ යුතු වුවත් ඇයට යුක්තිය ඉටු නොවී අපහාස පවා කළ බවට රට තුළ පවතින මතය ගැන මොකද කියන්නේ? පිටු 1000ක ලියවිලිවලට පැය 24ට අඩු කාලයකින් ඇයගෙන් පිළිතුරු ඉල්ලීම අසෝබන නැද්ද?
පිළිතුර - මේ පරීක්ෂණ පැවැත් වූ ආකාරය ගැන විවිධ මත තිබෙනවා. ආණ්ඩුව ක‍්‍රියා කළේ රටේ ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝගවලට අනුකූලව හා පෙර පවතින පූර්වාදර්ශ අනුවයි. පැවැති පරීක්ෂණය සාධාරණව තිබුණේ නැහැ කියන මතයක් රට තුළ තිබෙනවා. ඒක දැඩි ලෙස ස්ථාපිත වුනේ එහෙම කළාටම වඩා විවිධ දේශපාලන බලවේග ආණ්ඩු විරෝධය පැතිරවීම සඳහායි මේකට විශාල ප‍්‍රචාරයක් ලබාදෙන්නේ. මම නීතිඥයෙකු ලෙස හිතන්නේ ඕනෑම පරීක්ෂණයක් සාධාරණව අපක්ෂපාතීව පැවැත්විය යුතු බවයි. මෙතැන දී එය එසේ නොවුණා කියන තැන ඉන්නේ ආණ්ඩු විරෝධීන්.
ප‍්‍රශ්නය - 2002 එ.ජා.ප. ආණ්ඩුව සරත් එන්. සිල්වාට එරෙහි දෝෂාභියෝගය විමර්ශනයට පොදුරාජ්‍ය මණ්ඩලයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරුන් ලවා ස්වාධීන පරීක්ෂණ කරන්නයි ගියේ. ලංකාව ඊට අදාළ ”හරාරේ සම්මුතියට” පවා අත්සන් කොට තිබියදී මේ ආණ්ඩුව පොදුරාජ්‍ය මණ්ඩලයේ නොව ලංකාවේ විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරුන් පවා පසෙකට විසිකොට මන්ත‍්‍රීවරුන් විනිශ්චයකාරවරුන් ලෙස පත් කිරීම ලංකාව එකඟ වූ ලෝක සම්මුති පවා කැඞීමක් නේද? ආණ්ඩුව කැකිල්ලේ තීන්දු දීලා ඇය කුරුසේ ඇණ ගැසීම සාධාරණද?
පිළිතුර - පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරුන්ට යන්න අමාරු නම් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරුන් ලවා පරීක්ෂණ කරලා නිගමනවලට ආවා නම් හොඳයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ අය ලවා කළා නම් ඒක වඩා හොඳයි. නමුත් එහෙම කරන්න නීතියෙන් බාධා තිබෙනවා. මොකද හරාරේ එකට ලංකාව අත්සන් කළාට ඒක තවම ලංකාවේ නීතිගත කරන්න කිසිම ආණ්ඩුවක් ක‍්‍රියා කරලා නැහැ.
ප‍්‍රශ්නය - හරාරේ සම්මුතිය නීතිගත නොකළා නම් ඊට වගකිව යුත්තේත් මේ ආණ්ඩුවයි. එ.ජා.ප. ආණ්ඩුව එදා එයනීතිගත කරන්න කලින් හිටපු ජනපතිනිය පාර්ලිමේන්තුවේ සැසිය කල් දැම්මා. පසුව විසුරුවා හැරියා නේද?
පිළිතුර - දෝෂාභියෝගය යනු හැම තිස්සේම එන දේවල් නොවන නිසා ඒ ගැන අතපසුවීම් සිදුවීම අරුමයක් නොවෙයි. ලංකාවේ නීතිගත වී ඇත්තේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ලෙස ඇති විධිවිධාන පමණයි. 78 ඒ වගන්තිය හරහායි දෝෂාභියෝග ගේන්නේ.
ප‍්‍රශ්නය - පොදුරාජ්‍ය මණ්ඩලය මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මේලනය පවා කියන්නේ ලංකාවේ 78 ඒ වගන්තිය මානව හිමිකම්වලට හා ස්වභාවික යුක්තියට පටහැනි බව නේද?
පිළිතුර - ඒත් එය සංශෝධනය නොවුණ නිසා තවදුරටත් අපට ක‍්‍රියා කරන්න වෙලා තියෙන්නේ පවතින ඒ පදනම තුළ යි. ඒකට සියලූ දේශපාලකයන් වගකිව යුතුයි.
ප‍්‍රශ්නය - දෝෂාභියෝගය ගැන පරීක්ෂණයක් කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ තේරීම් කාරක සභාවට නීතිමය බලයක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුවක් අභියාචනාධිකරණය හරහා ප‍්‍රකාශයට පත්වුණා. ඔබ මොකද කියන්නේ?
පිළිතුර - විමර්ශනයකින් පසුව කතානායකතුමා මේ ගැන නිල ප‍්‍රකාශයක් කරාවි. නමුත් අධිකරණ නියෝග උත්තරීතර පාර්ලිමේන්තුවට අදාළ නොවන බව පූර්ව නිගමන තිබෙනවා. මේ රටේ විපක්ෂනායක හා එ.ජා.ප.ය ඉන්නේත් ඒ පදනම තුළයි. ඒත් අධිකරණය පැත්තකටම කරලා යන්න අමාරුයි. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම තමන්ගේ සීමා අනුව සමබරව සහයෝගයෙන් එකට යායුතු වෙනවා.
ප‍්‍රශ්නය - හිටපු අගමැති රත්නසිරි මෙන්ම ආණ්ඩුව තුළ සිටින වමේ පක්ෂ කියන්නේ රට ආරාජික වීමට තිත තබා සියලූ දෙනා පස්සට අඩියක් තබා බුද්ධිමත්ව ක‍්‍රියා කළ යුතුයි කියලයි. ඒත් ආණ්ඩුවේ ඇතැමුන් එවැනි බුද්ධිමය විනයක් නැතිව වියරුවී හැසිරෙන තරම් මෙය ඒකාධිපතීත්වයකට යාමක් බවටත් විග‍්‍රහ පැවතීම ආණ්ඩුවට අවාසි සහගත නැද්ද?
පිළිතුර - ආණ්ඩුවට වාසිසහගත නෑ කියන එක මම ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් රත්නසිරි මහත්මයාගේ ප‍්‍රකාශයට මමත් එකඟයි. වමේ අයගේ වැදගත් මතත් අපි අවධානයට ගතයුතු වෙනවා. රටේ ප‍්‍රධාන කුලූනු තුනට මෙහෙම හැප්පිලා ඉදිරියට යන්න බෑ. ඒක ප‍්‍රඥාගෝචරත් නැහැ. එක්කෝ නීතිමය පසුබිම තුළ හෝ ”පුළුවන් නම්” රත්නසිරි මහතා අනුව මේ ප‍්‍රශ්නය ඉක්මනින් ඉවර නොකළහොත් රටට ඉතා හානිකර වේවි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව ක‍්‍රියා කළේ පුර්වාදර්ශ අනුවයි
සුමනා Tuesday, 15 January 2013 07:38 PM
හැබැයි සමහරුන්ගේ තනතුරු දුන් ආකාරය ගැන නම් අපිට පොඩි ගැටලුවක් තිබෙනවා. (නි)
අචිනි Tuesday, 08 January 2013 01:22 PM
ඒක ඇත්ත
තිලක් Thursday, 10 January 2013 03:59 AM
සාමාන්‍ය ජනතාවට සහන තව වැඩි කරන්න (දී)
අචිනි Wednesday, 09 January 2013 02:38 PM
අනේ මන්දා ඇත්තට කොහෙන් කෙලවර වෙයිද කියලා
ෂබ්දීන් Tuesday, 15 January 2013 07:06 AM
ඔය කිවුවේ.... (නි)
හිල්ම් Monday, 07 January 2013 08:52 PM
ඇත්ත ආණ්ඩුව හරි
ජයවර්ධන Tuesday, 08 January 2013 11:29 AM
ඇමැතිතුමනි ඔබ හරි ඔබට ජය!!!!! (ස)